තාරුකා සිහිනය
******කෙටි කතාව******
පුංචි දවස්වල නින්දට යද්දී,
පීතූ පාදං නමා මහං කියලා...
වැන්ද දෙපා යලි අදත් වඳින්නම්...
මංගල ගමනට යන්න අවසරයි..
පියාණනී....
ස්ටේජ් එක පැත්තෙන් ඇහුණු සිංදුව නිසා ඇස්වල පුරෝගෙන හිටපු කඳුළු එක සැරේටම ඇස්වලින් කඩන් වැටුනා....
මල් බෝණික්කන් චූටී පැටව් ටික..
පුංචි ගවුම් පොඩි අද තනි වෙනවා...
පියානණේ නුඹේ පුංචි කුමාරිය...
ඉරණම් ගමනක් යන්නට යනවා...
තරූගේ ඇස් වල කඳුළු අලුත් වුණේ අහිංසක අප්පච්චිව දැකලා.... අප්පච්චිගේ එකම හීනේ අද සැබෑ වෙලා තියෙන්නේ.... ඒත් හිතට කියා ගන්න බැරි තරම් ලොකු දුකක් දැනෙනවා....
පියාණනේ නුඹේ පුංචි කුමාරිය...
පුංචි මනාලිය වී යන දවසේ...
එපා හඬන්නට.. එපා හඬන්නට...
පුංචි මුණුපුරෙක් කැන්දම් එන්නම්..
මා හෙට දවසේ...
අම්මත් නොමැති තරූයි, මල්ලියි හදන්න තම පියා කෙතරම් කැපකිරීම් කළා ද යන්න තරූට එකින් එක මැවිලා පෙනුනා... තමන්ට කෙතරම් වැඩ - රාජකාරී තිබුණ ද තම දියණියටත්, පුතණුවන්ටත් තමන්ගෙන් වෙන්න ඕන හැම යුතුකමක්ම අමරවීර ඉටු කරන්නට විය....
තරූ මේ හැමදෙයක්ම මතක් කළේ මංගල සභාව අවසානයේ තම පියාණන්ට සමු දෙන්න ළඟට ගහිල්ලා....
අනේ අප්පච්චි.....
තාරුකා තම පියාගේ දෙපා පාමුළ වැටුනේ අඬාගෙනමයි....
ඇයි සුදු දෝණි මේ....? නැගිටින්න මැණික...
එහෙම කියපු අමරවීර තම දියණියව උරහිසින් අල්ලලා නැගිට්ටෙව්වා... එහෙමම තම දියණියව පපුවට තුරුල් කර ගත්තේ පුංචි දරුවෙක් වගේ... බලන් හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු පිරිලා තිබුණා...
මගේ දෝණි දැන් නාඩා ඉන්න මැණික... අද සතුටු දවසක්.... අඬලා ඒ සතුට නැති කර ගන්න එපා මැණික....
අප්පච්චි එහෙම කියද්දි තාරුකාගේ ඇස්වල කඳුළු තවත් අලුත් වුණා...
මල්ලිත් ඇවිල්ලා අක්කව තුරුල් කරගෙන ගොඩක් ඇඬුවා.... අභිමාන්ට හිතා ගන්න බැරි වුණා... මෙච්චර ආදරයක් මේ තුන්දෙනා අතර තිබුණ ද කියලා.... හැමෝටම සමු දීලා තාරුකා අභිමාන් එක්ක මංගල රථයට නැග්ගේ අවුරුදු 24ක් තමන් ජීවත් වූ කැදැල්ලට සමු දීලා.... අද ඉඳලා තවත් ගෙදරකට දුවෙක් වෙන්න වෙනවා කියලා තාරුකාට අප්පච්චි කියලා දුන් අයුරු සිහියට ආවේ නැවතත් ඇස් අග කඳුළු නලියද්දිමයි...
දැන් ඇඬුවා ඇති මැණික... අපි ඉක්මණට තාත්තව බලන්න යමු ආයෙම...
එහෙම කියපු අභිමාන් තාරුකාව තමන්ගේ උරතලයට වාරු කර ගත්තා.....
********************
අප්පච්චි අපි ගෙට යමු......
යමු සුදු මහත්තයා....
එහෙම කියපු අමරවීර ඇස්වල දඟකරපු කඳුළු පිහද ගත්තේ තම පුතනුවන් දකී යැයි භියෙන් මෙන් ය.... තමන් අසුන්ගෙන සිටි අසුන මතින් නැගී සිටි ඔහු තම පුතනුවන් පිටුපසින් කෑම කාමරය වෙත පිය නගන්නට විය... මුළු ගෙයම පාලු වී ඇති බවක් ඔවුන් දෙදෙනාටම දැනෙන්නට විය....
උයන්න කම්මැලි හිතුනා අප්පච්චි... ඒ නිසා හංදියට ගිහින් ඉඳි ආප්ප ගෙනාවා.....
කුඩා කල පටන් දරුවනට ගෙදර දෙර වැඩ හුරු කිරීමට අමරවීර පුරුදු වූයේ මව නැති අඩු පාඩුව පිරි මැසීමට මෙනි... පාසල් ගමන අවසන් වූ පසු තාරුකා මෙන්ම තාරුක ද මුළුතැන් ගෙයි වැඩ කටයුතු සිදුකලේ ස්ව කැමැත්තෙනි... වැඩට සිටි සිරිය අම්මා තම දියණිය වෙත යාමෙන් පසු දියණිය සහ පුතනුවන් ගෙදර වැඩ සහයෝගයෙන් සිදු කරන්නට විය....
හ්ම්..... කමක් නැහැ සුදු මහත්තයා... මේ හොඳටම ඇති....
තාරුකගේ දුරකතකය නාද වනු ඇසුනේ කෑම බෙදා ගන්නා අතරතුරදි ය....
අප්පච්චි..... අක්කා.....
හෙලෝ ලොකූ.....
කාලද ඉන්නේ මල්ලෝ...... ?
කන්න හදන්නේ.... කෝ අයියා.... ලොකූ කාලද..?
අයියා වොෂ් දාන්න ගියා.... තව ටිකකින් කන්නම්.... මොනවද රෑට කන්නේ....
තමුසෙත් නැති නිසා අපි දෙන්නා අද රයිස් එකක් දැම්මා...
ඇයි මං නැති නිසා....?
නෑ... නෑ... තමුසේ ගිය සතුටට අපි රයිස් දැම්මා...... අද ඉඳලා අපිට කනක් ඇහිලා ඉන්න පුලුවන්නේ....
එහෙම කියද්දි තාරුකගේ ඇස් වලට කඳුළු ආවා...... අක්කට දුක හිතෙන නිසා කඳුළු වලට එළියට එන්න දුන්නේ නෑ...
එහෙමද.....?
හ්ම්.... ඔව්නේ......
තාරුක නොහිතපු වෙලාවක තම සොයුරිය ඉකි ගසමින් හඬන්නට විය....
අනේ ලොකූ..... ඇයි....? මං විහිලුවක් කලේ.... මේ මල්ලිට තමුසේ අම්මා කෙනෙක් කියලා දන්නවනේ... දැන් අඩන්නේ නැතුව ඉන්න...
දන්න කියන වචන සිය සහස් ගනනක් කියලා ලෙකූගේ හිත හදන්න මල්ලි උත්සහ කළේ.... පරය භගයක් පමණ දුරකතනයේ රැඳි වුන් ඔවුන් දෙදෙනා දුටු පියාණන්ට ලොකු සතුටක් දැනුනේ ඔවුන්ගේ සහෝදර ප්‍රේමය දුටු බැවිනි....
*************************
දුකින් නේ ද ගොඩක්.....
හ්ම්.... අප්පච්චියි, මල්ලියි පව්... රෑට උයන්න කම්මැලියි කියලා ඉඳිආප්ප ගෙනත් කාලා.... ඉස්සර ඉඳන් හැම දෙයක්ම කරලා දුන්නේ මමනේ.... දැන් ගොඩක් පාලු ඇති.....
එහෙම තමයි තාරූ.... ගෑණු ළමයෙක් වුණාම මැරි කරලා මහත්තයගේ ළඟට යන්න වෙනවා... ඒ අම්මව, තාත්තව, සහෝදර සහෝදරියන්ව අමතක කරලා නෙමෙයි... නිතර එයාලට කතා කරලා, බලන්න ගිහින් ඉද්දී ඔය දේවල් හරි යනවා... තේරුණාද ළමයට.....
තාරූ කිසිවක් නොකිය සිනහවක් නගා ගන්නට උත්සහ කළේ මෙවැනි දිනයක හඩා වැටීම උචිත නොවන බව දන්නා නිසාවෙනි...
දැන් අැති මැණික ඇඬුවා... අපි නිදා ගමු.... හරිම මහන්සියි.... උදේ කීයට නැගිටපු ගමන් ද....?
එසේ පැවසූ ඔහු සයනය මත වැතිර ගන්නට විය... තාරුකා ද ඔහු අසලින්ම වැතිරෙන්නට වූයේ උදෑසන පටන් ගතට මෙන්ම සිතටද දැණුනු කාන්සිය නිසාවෙනි.... අභිමාන්ගේ අතක් ඇයගේ ඉනවටා යවා තුරුලු කර ගන්නට විය....
අද ගොඩක් මහන්සියි මැණික..... තරහා නැහැනේ.....
එසේ පැවසූ අභිමාන් ඇයට තුරුල් වී නිදියන්නට විය.... හෝම් කමින් එකට තව දින හතරක් ඇත.... මෙහ දින හතර කෙසේ ගෙවා දමනවා දැයි ඇයට සිතා ගත නොහැකිය....
තාරුකා වෙත තවම නිදි දෙව්දුව ලං වූයේ නැත... ඇය අවුරුදු අටක අතීතයට දිව යන්නට විය.....
සෙව්මිනී තාරුකා අමරවීර.... අම්මා නොමැති පවුලක අප්පච්චි සහ සොහොයුරා සමඟ දිවි ගෙවන්නට විය... ව්‍යාපාර ලෝකයේ යම්කිසි නමක් දිනාගෙන සිටි අමරවීර තම දියණියට සහ පුතනුවන්ට කිසිදු අඩු පාඩුවක් නොවන්නට වග බලා ගන්නට විය....
අභිමාන් සංකල්ප එදිරිවීර යනු අමරවීරගේ ව්‍යාපාරික හවුල්කරුවකු වන නිහාල් එදිරිවීරගේ එකම පුතනුවන් විය... කුඩා කල පටන් ඔවුන් හඳුනන අය වුව ද කෙදිනකවත් අභිමාන් තරුකා තම බිරිඳ කර ගැනීමට හෝ තාරුකා අභිමාන්ව තම ස්වාමීපුරුෂයා කර ගැනීමට සිහිනෙකින්වත් නොසිතන්නට විය...
පාසල් යන සමයේ ඇරඹි ප්‍රේමයක් තාරුකා සතු වුව ද තම පියාගේ ඉල්ලීම හේතුවෙන් ඔහුට සමු දීමට සිදු විය... එම තීරණය ගැනීමට තාරුකා අපමණ වෙහෙසක් දරන්නට විය.... තාරුකා තම පාසල් ප්‍රේමය වන අහස් ගඟුලැල් දිසාසේකරව තම ජීවිතයෙන් ඈත් කළේ කුඩා කළ පටන් තමා වෙනුවෙන් කැප වී සිටී පියාණන් නිසාය.... නමුත් ඇයට ඒ සියළු මතකයන්ගෙන් ඈත් වන්නට නොහැකි විය....
නමුදු දැන් තමන් අභිමාන්ගේ බිරිඳ මිස අහස්ගේ පෙම්වතිය නොවෙයි.... එබැවින් ඒ සියල්ල අමතක කර දමා හෙට දින සිට අලුත් ජීවිතයට හුරු විට යුතුය...
කල්පනා ලෝකයක ගිලී සිටි ඇය වෙත නිදි දෙව්දුව ළඟා වූයේ බොහෝ වේලාවක් ගත.
වීමෙන් අනතුරුව ය......
ඇයට උදෑසන අවදි වන විට තරමක් දවල් වී තිබුණි..... තවම අනික් පසට හැරී නිදියන අභිමාන් දුටු ඇය ඒ මුහුණ දෙස ස්වල්ප වේලාවක් බලා සිට වොෂ්රෑම් එක දෙසට පිය නගන්නට විය..... උදෑසනින්ම නා ගත් ඇය නැවත කාමරයට පැමිණෙන විට අභිමාන් අවදි වී දුරකතනය දෙස බලා සිනාසෙමින් සිටින්න ආකාරය දැක ගත හැකි විය....
මං ටී ඕඩර් කරන්න ද...?
ඇසුනු කටහඬ නිසා මදක් ගැස්සී තාරුකා දෙස බැලූ ඔහු ආයාසයෙන් සිනහවක් මවා ගන්නට විය....
මං කෝල් කලා... තව ටිකකින් ගෙනෙයි.. ඇයි උදේම නෑවේ....
හිතුනා....
අභිමාන් ඇය දෙස බලා සිනා සී වොෂ් රූම් එක දෙසට පිය නගන්නට විය... එදින අභිමාන්ට අවශ්‍ය ආකාරයට අනුරාගීව ගලා ගිය අතර, එදින රාත්‍රියේ තාරුකාව නීතියෙන් මෙන්ම ගතින් ද අභිමාන්ගේ වූයේ අඹු-සැමි බැඳීම ශක්තිමත් කරමිනි.....
උදෑසන අවදි වූ තාරුකා බෙඩ් ශීට් එක ඇඟ දවටා ගනිමින් බාත්රූම් එකට ගොස් රිසි සේ නා ගන්නට විය.. ඇය නැවත කාමරයට පැමිණෙන විට අභිමාන් තම අත මත සුදු රෙදි කඩක් තපබා ගෙන තමා දෙස වියරු බැල්මක් හෙලා සිටින ආකාරය දැක ගත හැකි විය....
අැයි මහත්තයා මේ.....?
ඇයි....? තමුසේ මීට කලින් කා එක්ක ද හිටියේ.... බලනවා මං තමුසෙව රතු පාවඩ මතින් අරන් යන්න හිටියේ... ඒත්.. තමුසේ.... තමුසේ.... එක එකා එක්ක ලැගලා ඇවිත් මෙතන මගේ ඇඟේ එල්ලුනා....
අනේ එහෙම නෑ අභිමාන්....
උඹේ ඔය කටින් මගේ නමවත් කියන්න එපා.... පලයන් යන්න මෙතනින්.... පලයන් මගේ දෑහට නොපෙනී.....
අභිමාන් වියරුවෙන් කෑ ගසන්නට විය.... ඔහු දුරකතනය අතට ගෙන එය කනට තියා ගන්නට විය....
හෙලෝ අම්මා.... දැම්මම හොටෙල් එකට එන්න....අමරවීර අන්කල්වත් එක්කගෙනම එන්න...
එසේ පැවසූ අභිමාන් දුරකතනය විසන්දි කර තම අත මත තිබු සුදු රෙදි කඩින් ඇයගේ මුහුණට දමා ගසන්නට විය.... ඉන් පසු තාරුකා දෙසවත් නොබලා බාත්රූම් එක දෙසට පිය නගන්නට විය...
අනේ ඇයි දෙයියනේ මට මෙහෙම වුණේ.... අනේ මට සමා වෙන්න මගේ අප්පච්චි... මං අප්පච්චිට මොනවද කියන්නේ....
ඇය වුන් තැනම බිම සුදු පිරුවට මුහුණට තබාගෙන හඬන්නට විය...... නැවත කාමරයට පැමිණි අභිමාන් සයනය මත වාඩි වූයේ නැවත දුරකතනය අතට ගනිමිනි.... ඒ සමඟම දොරට තට්ටු කරන හඬ ඇසීමෙන් ඔහු දොර අරින්නට විය....
ඇයි පුතා හදිස්සියෙම එන්න කිව්වේ....?
එසේ අසමින් අභිමාන්ගේ මව, පියා සමඟින් තාරුකාගේ පියා සහ සොහොයුරා ද කාමරයට පැමිණෙන්නට විය.... ඔවුන් බිම වාඩි වී ඉකි ගසා හඩනා තාරුකාව දැක පුදුම වන්නට විය...
දෝණි..... නැගිටින්න මැණික.... ඇයි මේ...?
ඇය තම පියාගේ පපුව මත හිස සඟවාගෙව අඬන්නට විය....
ඇයි පුතා මේ මගේ කෙල්ලා අඬන්නේ.... මොකද වුණේ....?
අහගන්න දෝණි නැන්දගෙන්ම මොකද වුණේ කියලා... කොහොමත් කටක් ඇරලා කියන්න බැරුව ඇති.... ලැජ්ජ ඇතිනේ... එක එකා එක්ක රෝන්දේ ගහලා මෙතන මගේ කරේ එල්ලුනා.....
පුතා.. .
තම පියාගේ කටහඬින් ඔහු කතාව නවතා දමන්නට විය...
විකාර කියවන්නේ නැතුව මොකද වුණේ කියනවා....
වුණේ ද.....? අන්න තාරුකාගේ පිරිසිදුකම.... ඔය තියෙන රෙද්දෙන් බලා ගන්න පුලුවන්...
අභිමාන්ගේ මව එම රෙදිකඩ අතට ගෙන දිගහරින්නට විය.....
මිස්ටර් අමරවීර....?
වචනයක්වත් කතා කරන්න එපා මිසිස් එදිරිවීර..... මගේ කෙල්ලා ගැන මං දන්නවා... දේණිව මට බර වැඩි නෑ... අපි යමු දෝණී....
එසේ පවසමින් ඔවුන් පිටත්ව යන්නට විය.... ගෙදර පැමිණි වෙලාවෙහි පටන් ඇය නොකා, නොබී ඇඳටමවී සිටින විට පියා සහ සොහොයුරා හැකි සෑම ආකාරයකින්ම ඇයගේ සිත හදන්නට විය ....
කාලය ගෙවී දෙමසක් ඉක්මවීමටත් පෙර අභිමාන් ව්‍යාපාර ලෝකයේ නම දරා සිටි තවත් දැවැන්තයකුගේ දියණියක්ව විවාහ කර ගන්නට විය..... තාරුකා ඒ බව දැන ගත්ත ද දැන් ඇයට හැඬීමට කඳුළු ඉතිරි වී නොමැත..... උදෑසන තේ සෑදීමට ගිය ඇයට ඕක්කාර ගතියක් පැමිණියෙන් සින්ක් එක වෙත දිව යන්නට විය... අත තබූ වීදුරු කෝප්පය බිම වැටුනේ සද්දයක් ද සමඟිනි...
ඇයි ලොකූ.... ? මොකද....?
ඇසුනු ශබ්ධය නිසාවෙන් එතැනට පැමිණි තාරුක විමසන්නට වූවත් ඇයට පිළිතුරු දීමට නොහැකි විය.... ඇය සිහිසුන් වූයේ එවිටමය....
තම පියාණන් සමඟ තාරුක සොයුරියව කාමරයට රැඟෙන ගියේ ඩොක්ටර් කාරියවසම්ට දුරකතන ඇමතුමක් ලබා දීමෙන් අනතුරුවය....
ඩොක්ටර් මගේ දෝණිට මොකද...?
අමරවීරගේ දෑස් කඳුළින් තෙත් වී ඇති ආකාරය දුටු වෛද්‍යවරයා සිනා සෙන්නට විය....
ඔන්න මිස්ටර් අමරවීර සීයා කෙනෙක් වෙන්න යන්නේ.... දෝණි නැන්දව චුට්ටක් පරිස්සම් කර ගන්න.... ඇඟ ටිකක් දුර්වලයි.... මේ විටමින් ටික දෙන්න...තව ටික දවසක් යනකම් වොමිට් වෙයි.... ඒක එච්චර හින්න එපා... කන්න කැමතියි කියන දෙයක් හදලා දෙන්න....
අමරවීර මහතාගේ උරහිසට අත තබා වෛද්‍යවරයා පැවසුවේ මේ වන විට සිදු වී ඇති සෑම දෙයක්ම දන්නා නිසාවෙනි.....
තම සොහොයුරිය දෙස බැලූ තාරුක ඇය ළඟට දිව ගොස් ඇගේ නලලත සිප ගන්නට විය...
අවේ අප්පච්චි........
මට මේ දරුවත් දෝණිව වගේම බරක් නෑ... මට බලා ගන්න පුලුවන්....
මං වරදක් කලේ නෑ අප්පච්චි..... මං කවදාවත් අප්පච්චිගේ මූණේ දැලි ගෑවේ නෑ අප්පච්චි.....
නාඬා ඉන්න දෝණි... මම දන්නවා ඒක.....
අමරවීර සහ තාරුක ඇය වෙනුවෙන් ඉටු විය යුතු සෑම යුතුකමක්ම නොපිරිහෙලා ඉටු කරන්නට විය.... දැන් ඇය මාස පහක ගැබිණියකි.... පියා සහ සොහොයුරා විසින් සිදු කරන මේ කැපවීම දුටු ඇය දෑස් මතට පැමිණි කඳුළු පිසදා ගන්නට විය....
ලොකූ...... පරක්කුයි....දැන් යමු......
එනවා... චුට්ටක් ඉන්න......
අම්මේ මේකිගේ හැඩ.... එන්න එන්නම ලස්සන වෙනවනේ......
යනවා යන්න.... මං කොහොමත් ලස්සනයි තමයි....
යන අතර මග ඇය වාහනය නවතා ආප්ප අරන් දෙන ලෙස සොහොයුරාට වද දෙන්නට වූයේ කුඩා ළදැරියක සේය....
යං.... ඇතුළට ගිහින් කාලා එමු.....
එසේ පැවසූ ඔහු තාරුකාගේ අතින් අල්ලා ගෙන කුඩා ආප්ප කඩය වෙත පිය නගන්නට විය.....
අයියේ අපිට බිත්තර ආප්ප පහකුයි, ප්ලේන් ආප්ප දහයකුයි එවන්න... උණුවෙන් ඕන....
එසේ පැවසූ තාරුක, තාරකා සමඟින් කුඩා මේසයක් අසළ අසුන් ගන්නට විය....
අහස්....?
කවුද අක්කා....?
දන්න යාලුවෙක්....
චුට්ටක් ඉන්න....
තම සොහොයුරාට එපා යැයි පැවසීමට අවශ්‍ය වුවත් කටින් වචන පිට වූයේ නැත... ඒ වන විට තාරුක අහස්ව තමා සිටින ස්ථානයට කැඳවාගෙන පැමිණ අවසන්ය... ඇයටත් නොදැනීම ඇයගේ නෙතින් කඳුළු වැගිරෙන්නට විය...
තාරූ... ඇයි අඬන්නේ....
මොකුත් නෑ අහස්...මේ සම්බල හරිම සැරයි...
අහස් කිසිවක් නොපවසා සිනාසෙන්නට උත්සහ කරන්නට විය...
මේ....?
ආ....මේ මගේ මල්ලි.. තාරුක.... තාරුක මේ අහස්... මගේ යාලුවෙක්....
එතකොට හස්බන්ඩ්....?
එයා පොඩි වැඩකට රට ගියා... අද මල්ලි එක්ක ක්ලිනික් යන්න ආවා ඒ නිසා....
හ්ම්...සතුටුයි මෙහෙම හරි දැක්කට.... මං හිතුවේ කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ කියලා.... මහත්තයත් එක්ක සතුටින් ඉන්න... මං යන්නම් තාරූ....
ඇය මවා ගත් සිනහවකින් යුතුව හිස වැනීය...
අපිත් යමු... කෑවා ඇති....
හ්ම්...
නැවත ගෙදර පැමිණි පසු තාරුක සිය සොයුරියගේ මුහුණේ අමුතු එළියක් දකින්නට විය..
කවුද ලොකූ උදේ හමු වුනේ....?
යාලුවෙක්...
බොරු කියන්න එපා....
ඇත්ත බං... මං මොකටද බොරු කියන්නේ....
නෑ.. ඊට වඩා විශේෂ කෙනෙක්... මට හිතෙනවා...
හ්ම්.... ඔව් මල්ලා... ඒ අහස්... මං පණ වගේ ආදරේ කරපු අහස්.. අප්පච්චිගේ ඉල්ලීම නිසයි මං එයාව අතෑරලා අභිමාන් ළඟට ගියේ....
ඒත්....
ඒවා කතා කරලා වැඩක් නෑ මල්ලි... දැන් හැම දෙයක්ම වෙලා ඉවරයි.... අපි දෙන්නා ගොඩක් ආදරේ කලා.. ඒත් එයාගෙන් මට වරදක් වෙලා නෑ අභිමාන් කිවුවා වගේ... මාව ගොඩක් ආරක්ෂා කළා....
තාරුකාට නිතරම අහස්ව මතක් වූව ද, ඇය ඒ සියල්ල අමතක කර තව දින කිහිපයකින් මෙලොව එළිය දැකීමට බලා සිටින පුතණුවන් පිළිබඳ සිතන්නට විය....
අම්මෝ වෙලාවට ෙඉාක්ටර් කාරියවසම් ෆැමිලි ඩොක්ටර් වුණේ.... බලනවකෝ ඉන්න සෙනග....
හ්ම්.... කරදරයි මං නිසා.... නේද...?
පිස්සුද බං අක්කේ... මං ආසාවෙන් හැමදේම කරන්නේ..... බලන්නකෝ කොලු පැටියා මාමට තමයි වැඩිපුර ආදරේ වෙන්නේ...
දෙදෙනා සිනා සෙමින් තම අංකය පැමිණෙනතුරු බලා සිටින්නට විය... තාරුකාට කිසිවෙකු තසා දෙස බලා සිටින ආකාරයක් දැනෙන්නට වූවෙන් එදෙස බලන්නට විය... ඇය දුටු දසුනින් තම මොහොයුරාගේ අත දැඩිව අල්ලන්නට විය....
ඇයි.. අමාරුයිද ලොකූ.....?
නැහැ... අභිමාන්...
අභිමාන් ඔවුන්ව නොදුටුව ලෙස අහක බලා ගත් බැවින් ඔවුන් දෙදෙනාද තමා පැමිණි කාර්යය සිදු කර ආපසු යන්නට විය...
****************-
මොකද මල්ලි මේ කලබලේ....?
හුරු පුරුදු කටහඬක් බැවින් තාරුක හිස ඔසවා බලන්නට විය...
ආ... අහස් අයියා නේද....?
අහස් සිනාසෙන්නට විය....
අක්කට පුතෙක් ඉන්නවා... අද ඩිස්චාර්ජ් කරනවා... එක්ක යන්න ආවේ...
සුබ පැතුවා කියන්න.....
අයියා කැමතිනම් යමු බලන්න.....
හස්බන්ඩ් මොනවා හිතයිද දන්නේ නැහැනේ මල්ලි.... මං සුබ පැතුවා කියන්නකෝ.. ඒ ඇති....
අයියා ආවේ නෑ.. අපි යමු.... අවුලක් වෙන් නෑ....
දෙදෙනා යන විට තාරුකා තම පුතනුවන්ට කිරි දෙන ගමන්ය... දුටු දසුනින් ඇය තිගැස්සී ගියා ය....
අහස්...?
මල්ලි කිව්වා දරුවා ලැබුණා කියලා...බලන්න ආස නිසා එන්න හිතුනා....
තැන්කිව් අහස්....
මං යන්නම් එහෙනම්....
ලොකූ මං මේ ටික පුරවගෙන එන්නම්... අද ගෙදර යන්න පුලුවන්ලු.....
මාත් එන්නද මල්ලි...
යමු අයියා...
තාරුක පුරවන ඇප්ලිකේෂන් එක දෙස බලා සිටි ඔහු එම කොලය උදුරා ගන්නට විය.. එමි පියාගේ නම හිස්ව තිබූ අතර,සර්නේම් එක වූයේ අමරවීර යන්නයි...
මල්ලි මේ....?
තාරුක දිගු සුසුමක් හෙලන්නට විය.....
ඇයි මල්ලි.... කෝ අක්කගේ මහත්තයා.... මොකද වුණේ....?
තාරුක එදින සිදු වූ සියල්ලක්ම අහස්ට පවසන්නට විය....
මූ මහ තිරිසනෙක් මල්ලි.... තාරුකා යාලු වෙලා හිටියේ මගෙත් එක්ක... මගෙන් චූටි වරදක්වත් තාරුකාට වෙලා නෑ.... ඒත් ඇයි එහෙම දෙයක් වුණේ....
ඒක අපේ වෙලාව වෙන්න ඇති අයියා....
අහස් අසළ තිබූ බිත්තියට හේත්තු විය.... අත තිබූ ඇප්ලිකේෂන් එක ගුලි කලේ හිතට නැගුණු වේදනාව පිට කිරීමටය....
අයියේ අක්කා කෝල් කරනවා.. මං ගිහිල්ලා එන්නම්.... චුට්ටක් ඉන්න....
මල්ලි යං... මං මේක පුරවගෙන එන්නම්....
අහස් උප්පැන්නය සකස් කරගෙන කාමරයට පැමිණෙන විට ඔවුන් ගෙදර යාමට සූදානම් වී සිිටින්නට විය...
මෙන්න මල්ලි.... විශාල එන්විලොප් එකක් තාරුක අත තැබූ ඔහු ඉන් පිටත්ව ගියේ නැවත වාරයක් තාරුකාට සුබ පැතීමෙන් අනතුරුවය...
***********************
දරුවා නිසා මුළු නිවසම පිරී ඇති ආකාරය දැක ගත හැකි විය...
දෝණි මට චුට්ටක් කතා කරන්න ඕන..
ඇයි අප්පච්චි...?
දෝණිට මගේ අතින් ලොකු වරදක් වුණේ..... මං කැමතියි ඒක හදා ගන්න...
මට තේරුන් නෑ අප්පච්චි...
අහස් ළමයා ඇවිත් මගෙත් එක්ක කතා කළා.... එයා කැමතියි මේ දරුවා භාර ගන්න... දෝණි කැමති නම්....?
එපා අප්පච්චි... මට දරුවා බර වැඩි නෑ....
ඒ්ත් දෝණි...?
දරුවගේ අප්පච්චිගේ නම තියෙන විදියටම හිස්ව තිබුණදෙන්..... ඒකට කමක් නෑ....
ඒක හිස් නෑ පුතේ....
අප්පච්චි.....
ඔයා බර්ත් සර්ටිෆිකෙට් එක අරන් බලන්න....
අහස් නිම්නාද සමරවික්‍රම....
අප්පච්චි මේ....
ඔව් පුතේ... එදා හොස්පිට්ල් එකේදිම තමයි ඒ දරුවා ඕක පුරවලා දීලා තියෙන්නේ.....
තාරුකාගේ ඇස්වලින් කඳුළු පිට වන්නට විය...
අඬන්න එපා මැණික.....
පිටුපසින් පැමිණි අහස් ඇයව ඔහුගේ පපුවට තුරුලු කර ගන්නට විය....
ඒත් අහස්....?
මං එදා වගේම ආදරෙයි මැණික.... අපි මේ දරුවා විතරක් හදා ගමු.... වෙන දරුවෝ ඕන නෑ මට.... මට ඕන ඔයාගේ සතුට විතරයි මැණික.....
ඇය අප්පච්චි දෙස සහ තාරුක දෙස බලන්නට විය....
අපි අදම මැරි කරමු.... එතකොට හරි...
අන්න පුතා අඬනවා......
දෙදෙනාම දරුවා සිටි කාමරයට පැමිණෙන්නට විය....
ඔවුන් දෙදෙනා විවාහ වී පුතාව ආදරයෙන් රැක බලා ගන්නට විය....
අහස්... අර...?
අභිමාන් නේද...?
කොහොමද මිස්ටර් අභිමාන්....
තාරුකා අත සිටින පුතා දුටු විට අභිමානගේ දෑස් කඳුළින් තෙත් විය.... තමා කුඩා කාලයේ සිටි අයුරු ඔහු පුතාගෙන් දකින්නට විය.....
තාරුකා මේ දරුවා....
සඳරැස් දීමන්ත සමරවික්‍රම... අපි දෙන්නගේ පුතා මිස්ටර් අභිමාන්....
අහස් පැවසුවේ තාරුකාව ඉන වටා අත යවමින් තමා වෙත තුරුල් කර ගන්නා ගමන් ය.....
සට සමා වෙන්න තාරුකා... එදා ඔයාට දීපු ගින්දර තමයි අද මේ මගේ පිටින් යන්නේ.... මං දන්නවා මේ මගේ දරුවා.... මගේ ලේ... ඒත් මට අයිතිවාසිකම් කියන්න බෑ.... මං එදා ඔයාට දීපු ගින්දරෙන් පිච්චෙන්නේ මං අද....
කෝ වයිෆ්....?
එයා මාව දාලා ගියා..... සේරම වුණේ මගේ නොසැලකිලිමත්කම නිසා.... එයාට බබාලා නෑ.... මං හැමදාම රණ්ඩු වෙනවා කියලා එයා ගියා.... මට සමාවෙන්න තාරුකා... මට සමා වෙන්න...
මට මගේ ආදරේ ලැබුණා අභිමාන්..... එ් නිසා මං සතුටින්... මට ඒ ඇතිි............
නිමි.....
සමනල හදවත....
උපුටා ගැනීමකි
No comments:
Post a Comment