අයැදිම් සමා.
කෙටි කතාව.
රා රෝස පැහැ ඔබමොබ පෙනෙන දුහුල් සාරි රෙද්දට ක්‍රීම්පාට සිහින් මල් වැල් වැටුණු අලංකාර බෝඩරයක් සහිත සාරිය ඇඟ දවටාගෙන මම කැඩපත ඉදිරියේ වාඩී වී හිදිමී. මගේ එක කුස උපන් සොහොයුරියද මා අභියස සිටින්නේ මගේ කේෂ කලාපය හැඩ ගන්නවමින්ය.
"මේධා... හරි නේද සේරම.. "ඒ කවදත් අපිට ආසා පුරුදු රළු මෙන්ම කළබලකාරී වූ අප මෑණියන්ගේ කටහඩය. මම නිහඬව මුණිවත රැක්කේ මා තවමත් පසුවන්නේ දෙගිඩියාවෙන් නිසාය. මේ සිදු වීමට යන දෙය පිළිබඳ මගේ සිත තුළ කැමැත්තක්, අකමැතක් හෝ කිසිම හැගීමක් නොමැත.
"මේධා... උබේ කණ ඇහුණද? තව ටිකකින් අර මිනිස්සු එයි."
" හරි අම්මේ අක්කා ලෑස්තී.. මම අක්කව එක්ක එන්නම්.."මගේ පීඩනය දැනුන නිසාදෝ මගේ වැඩිමහල් සොහොයුරිය මා වෙනුවෙන් ඉදිරිපත් වුවාය.
"මේධා... ඔහොම බුම්මගෙන හිටියට කමක් නෑ.. අර මිනිස්සු ඉස්සරහා.. හිනා වෙලා හොඳට හැසිරෙන්න ඕනේ... හරිද?" නැගණියගේ වදනින් තෘප්තිමත් නොවූ මැණියන් කෝපයෙන් මගේ මූණට කඩා පැන්නාය.
"මේධා උබ මේකට කැමති වෙන්නම ඕනේ.... නැත්තම් මම නරක ගෑනී කියන්න එපා... එනවා මෙතන තවත් අපිට අවනම්බු කරන්න .. හ්හ්.." පිරිසිදු සුදු පැහැ රෙදි කැබැල්ලකින් වැසූ බුලත් හෙප්පුව මගේ උකුළට විසි කළ අම්මා කෝපයෙන් එතැනින් පිටව ගියාය. විසිරෙන්නට ගිය බුලත් කොළ ටික නැවත සකස් කළ මම දෙනෙතට නැගෙන කඳුළු වලක්වා ගන්නට වෙහෙසුනෙමී.
"අඬන්න එපා.. මගේ අක්කේ... එ් අයියා හොදයි... අක්කාව හොඳින් බලා ගනී... අක්කා දුක් වෙන්න එපා"
"ලොකු නංගී ....යනවා කාමරෙන් එළියට.." මම නැගණියට බැන වැදුනේ තරහට නොවෙමී. හිතෙට දැනෙන දුක වේදනාව ඇයට පෙන්වීමට අකමැති නිසා වෙනී. මටත් වඩා ඉවසිලි වන්ත ඈ ... මට තනිවන්නට ඉඩ දී පිට වුයේ කෙස් වැටිය හකුළා රෝස පැහැ මලක් සහිත කටුව ගැසීමෙන් අනතුරුවය.
ඇගේ නික්මීමෙන් පසු කාමරය තුළ දැඩි හුදකලා බවක් ඇති විය. කැඩපත ඉදිරියේ වාඩී වූ මා කැඩපතින් පෙනෙන මගේම රුව දෙස බලමින්, ජීවිතය මා වරදා ගත් අයුරු සිහි කරමින් අතීතයට පිවිසුණි.
මම සිතු අයුරින් ඒ මගේ ජීවිතයේ ලස්සනම සමය ලෙසයි...පාසලේ මිතුරු මිතුරියන් සමඟ කෙලිදෙලෙන් ගෙවු ඒ සමයේ මගේ නව යෞවනයට පිවිසෙමින් තිබූ සිත තුළ තුල ආදර හැගීමක් පොපියන්න වූයේ සිතුම් අයියගේ නාමයෙනී. ඒ වන විට මගේ වයස වසර දාසයකී. ජීවිතයේ මුල්ම වරට දැනුන ඒ නැවුම් හැගීමට මම එක සිතිං ලෝභකම් කලෙමී.
සිතුම් අයියා නම් අප බාලිකා පාසලේ .. අපනශාලා හිමිකරුගේ එකම පුතුය. හොඳ රැකියාවක නියුතු ඔහු දිනක් ආපනශාලාවේ මුදල් අයකැමි ලෙස පැමිණ සිටියේ පියාගේ අසනීප තත්වය නිසාවෙනී. පාසලට අහම්බෙන් පැමිණ තිබු තරුණ පිරිමි රුව දැක ගැනීමට අප පංති වල ගැහැණු ළමුන් ඇඳුණේ බොරු හේතු සාදා ගනිමින් යැයි මට සිතුනි.
පෞද්ගලික අංශයක ලිපිකාරිණී තනතුරක සේවය කළ මගේ මෑණියනුත් ,මාසකට වතාවක් පමණ නිවසට පැමිණෙන පියානන්ගේත් කාර්ය බහුල ජීවිත නිසා අප ගැන සොයා බැලීමට ඔවුන්ට කාලයක් නොවීය. නිතර ආපනශාලාවෙන් උදේ දවල් ආහාරය ගෙන පුරුදු මම සුපුරුදු පරිදි ආපන ශාලාවට ගොඩ වැදුනෙමි. අනෙක් සිසුවියන්ගේ මුදල්වල ඉතුරු දෙමින් සිටි ඔහුගේ මුහුණ තිබුණේ මුදල් තිබූ ලාච්චුව තුලට නැඹුරු වීය.
"ඔයාට මොනවද නංගී.."එසේ පවසමින් මුහුණ උසවා බැලූ විට අපගේ දෙනෙත් මුල්ම වරට එකට හමු විය. විදුලි සැරයක් වැදුණා මෙන් ඒ බැල්ම මා සිරුර පුරා දිව යද්දී මම ඔහු දෙසම බලා වුන්නෙමි. ඔහුද සොයමින් සිටි අයෙකු මෙන් මා දෙස බලා වුන්නේය. ඒ අප මුලින්ම නෙත ගැටුණු මොහොතයි.
සිතුම් අයියා මහට ඉතුරු දීම පමා කරමින් මා එතෙන තව තවත් රඳව ගත්තේය. අවසානයේ ඔහු මා අතට, මා දුන් පනහේ නෝට්ටුව එලෙසම පෑවේ, හතරට නැවු සුදු කොළ කැබැල්ලක්ද සමගිනී. වෙදාට පිරිමි ළමයෙක් දුටු විට ඔහුව මගේ මිතුරියන් කාණ්ඩය සමඟ විහිළුවට ගන්නා මම, එදින කාටත් හොරා ඒ කොළ කැබැල්ල සඟවා ගත්තෙමි.
සිතුම් අයියා විසින් ඒ කොළ කැබැල්ලේ ලියා තිබූ අංකයට දින පහකට පසු ,මම ඇමතුමක් ගත්තේ්, තවත් හිත රැවටිය නොහැකි නිසාවෙමි. අම්මාත් තාත්තාත් නැති ගෙදර නිතරම වුන්නේ මමත් නැගණියන් දෙදෙනාත් පමණක් නිසා දිනෙන් දින අපගේ ඇමතුම් කාලය දිගු විය. එලෙස ඇරඹුණ අප ඇසුර...අප පෙම්වතුන් බවට පත් කර තිබුණි.
ඇමතුම් වලට සීමා නොවු අපි නිතරම හමු වුයේ මා හට නිවසින් ලැබී තිබුණ නිදහස මතය. අපි මොනවා කරනවා දැයි සොයා නොබැලු දෙමාපියන් මුදල් පසු පසම හඹා යද්දී... ඔවුන්ගෙන් නොලැබෙන ආදරය කරුණාව මට සිතුම් අයියාගෙන් ලැබුණි. සැමදා මගේ දුක සැප සොයා බලමින් මගේ ජීවිතයට සමීප වු සිතුම් අයියාව මම මගේ දෙමාපියන්ටත් වඩා වටිනා බව සිතුවෙමි. කෙමෙන් ඔහු මගේ උණුසුම පතත්දී, මමද ඒ උණුසුමට හරස් නොවුවේ, ඔහු කෙරේ වු දැඩි විශ්වාසය නිසාවෙන්ය... කුලුදුලේ විදි ඒ පහසට මම ද ඇබ්බැහි වුවා යැයි දැන් මට සිතෙයි.
විදින කලට සුමිහිරි ලෙස හැගුණු ඒ පහස කෙතරම් අමිහිරි දැයි මා හදුන ගත්තේ, තව දුරටත් කන්‍යාවක නොවූ මා සිතුම් අයියා මඟ හැරින බව දැනුන විටය. දුර පළාතක රැකියවකට යන බව පවසමින් ඔහු මට සති ගණන් ඇමතුම් ගැනීමද අත්හැරියේය. එලෙස ඔහු මඟහැරෙද්දී මගේ අසරණ කම තවත් වැඩි වුයේ මාස ශුද්දය පමා වීමත් සමගිනි... පොත පතිං ලද දැනුම අනුව මගේ සිත කීරි ගැසුනේ මා ගැබ් ගෙන ඇත්දැයි සිතමිනි . කෙනෙකුව වරදින්න යන්නේ සුළු මොහොතකි.. යම් වැරදී වල කටුක බව දැනෙන්නේද ප්‍රතිථල ආ පසුය.... වරද මිහිරී කියා පෙන්වන්නන්ද අමිහිරි කලට අප අැසුරේ නොවෙතී... එලෙස ආදරය සොයා ගිය මා අමිහිරි කාලයකට පිවිසියේ, මට උදෑසන වමනයට එනු මවුන් දැක මා වෛද්‍යවරයා වෙත යොමු කළ පසුය.
මෙතරම් කලකට අම්මා කියන වචනයේ අරුතවත් නොදැන සිටි මා ජීවිතේ මුල් වරට මෑණියන්ගේ නෙතින් කඳුළු වැටෙනු දුටුවෙමි. හැමදා මා හට රළු වු මැණියන් එදින මා හම ගසාවි යයැ මම බියෙන් වෙව්ලන්න වූවෙමී.
"මේධා... අර කට්ටය ආවා දුවේ.. යමු.." මැණියන්ගේ හඩින් පියවි සිහියට පැමිණි මම ඇයගේ උරහිස මත හිස හොවා ගත්තෙමි.
"මට... බෑ... අ..ම්මේ.. කවු...රු වත්.. බඳි...න්න."
"අපි මේ කට්ටියව බලලා ඉමු මේධා.. ඒ පිරිමි දරුවගෙත් මේ පළවෙනි කසාදේ නෙමෙයිනේ.. ඒ දරුවගේ වයිප් බබා හම්බෙදිදී නැති වෙලා... ඔයා ගැනත් හැමදේම ඒ මිනිස්සු දන්නවා. මගේ දුවට කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ." අම්මගේ ඉල්ලීම නැතහොත් බලකිරීම මත මම මනමාලයාගේ පිරිස ඉදිරියට ගියෙමී. මුහුණ බිමට නැඹුරු කර ගත් මම වෙව්ලන දෑතින් බුලත් හෙප්පුව මනමාලයා වෙත පෑවෙමී... අසුනෙන් නැගිට මගේ පිළිගැන්වීම බාර ගත් ඔහු මගේ මුහුණට එඹී බලා වාඩී විය. ඒ මොහොතේ මම හොරැහින් ඔහු දෙස බැලුවෙමි... දෙවියනේ... මේක හැබෑවක්ද? සිරුර පුරා සිහින් දා බිදු නැංවී සීතල විය. ඒ මොහොතෙහි මගේ නෙත තවත් දෙයක් නෙත ගැටුණී. ඒ අපි දෙදෙනා අසලම සිටගෙන නෙත් දල්වාගෙන බලා වුන් කුඩා දියණිනකී. ඇති වූ කම්පනය දරා ගත නොහැකී වු මම සිහි මුර්ජා වි ඇඳ වැටුනෙමී
"දුව... දුව... ඇයි මේ.... "නෙත් අරින කළ මට නැවතත් දැක ගන්නට ලැබුණේද ඔහුගේ් රුවම විය.. මොහොතක් වේදනාවෙන් බලාසිටි ඔහු
"මේධා.... නං...."
"නෑ සි...තු..ම්.. අයි..යේ.."
"දෙන්නා කලින් දන්නවද" මගේ මෑනියන් විමසුවේ අන් සියල්ලන් පුදුමයෙන් බලා සිටියදීය.
"මටත් මේ දුවව දැකලා පුරුදුයි..." සිතුම් අයියාගේ පියාණන්ද නෙත් සිහින් කරමින් මා දෙස බැලුවේය.
"නෑ අංක...ල් අපි.. හම්.. බෙලා නෑ .. මීට කලින් මම හිතන්නේ.. " සිතුම් අයියාට මට අවශ්‍ය දෙය වැටහුනා විය යුතුයි .ඔහු පුදුමයෙන් බලා සිටියේය. ඔහු නිසා වේදනා විඳි මම ඔහුට මෙලෙස සලකාවී, ආදරය කරාවී කියා ඔහු නොසිතුවා විය හැකිය... නමුත් එදා පාසල් බිමේ මා හදේ රැඳුන සෙනහස් හැගීම අදටත් මා සිතේ එලෙසම තැන්පත් වී තිබුණි.
"මේ දුවද සිතුම් අයියේ.. " මම ඇහුවේ සෙටිය මත වාඩී වී සිටි වසර සතරක් පමන සපිරුණු දියණියගේ අතකින් අල්ලා ළගට කර ගනිමිනි.
"හ්ම්ම්..." අපගේ පෙර හැඳුනුම් කමක් තිබෙන නිසා විවාහය සිදුවේය කියන බලාපොරොත්තුව පිට ඔවුන් සතුටු සාමිච්චියේ යෙදුනහ. තවමත් නුහුරු මා දෙස දෑස් විසල් කර බලා වුන් දියණිය උකුලට ගත් මම ඇගේ හිස ආදරයෙන් සිඹින් කල්පනාවකට පිවිසුනෙමි.
පාසල් යන සමයේ සිතුම් අයියා නිසා මා ගැබ් ගත් බව දැන ගත් දිනයට මට නැවතත් සිහි විය. එදින මගේ මෑණියන් හැසිරුණේ විශාල වියරුව කින්ය. දරුවෙක් බිහි කිරීමට තරම් වයසක් නොවු මා වෙනුවෙන් කුමක් කරම් දැයි අැයට සිතා ගත නොහැකී වන්නට ඇති. මා හට එවැන්නක් කළ පුද්දගලයා දැන ගැනීමට ඇය මට තරවටු කළාය. රැයක් දවලක් නැතුව වැළපුනා මිස මම කිසිත් පැවසුවේ නැත. සිදුවන අවමානය හමුවේ සියල්ල ලෝකයෙන් සඟවා ගන්නට වෙර දැරු මෑණියන් මගේ පව් කන්දට අත ගැසුවාය.. මුළු ලොවටම රහසින් දරුගැබ විනාශ කර දැමීමට අපි පෙළඹුඛෙමි. මම දන්නා තරමින් ලොව ගැහැණියක විදින විශාලම වේදනාව වූ දරුවෙකු මෙලොවට බිහිකරන වේදනාවටත් වඩා , ගබ්සාවෙන් මම ලැබුන වේදනාව දරුණු යැයි මා හට තවමත් හැගෙයි. සති ගණනක් විඳි වේදනාව අවසානයේ කළ ද ,පව් මෙලොවම පල දී දින ගනනක් වද විදිමින් විදවන්නට පහර වැදුනේ සිදු වූ දෙය පියාට සැල වීම නිසායි.
මාසයකට පමණ පසු විශාල රෝගයකට ගොදුරු වූ බව පවසා මෑණියන් මා වෙනත් පාසලකට ඇතුල් කළේය. අපි මුවින් නොකීවත් සත්‍ය පුවත ලැව් ගින්නක් මෙන් පාසල පුරා පැතිර තිබූ නිසායි. ජනප්‍රිය බාලිකා පාසලක ඉගෙන ගත් මා ගමේ කුඩා පාසලට ඇතුළු වුයේ ඒ අයුරිනුයි.
ඒ පාසල තුළ ,ඒ කාලය තුළ මා ලැබූ අවමාන මා දරගත් අයුරු මටද වටහා ගත නොහැකී. ගමේ පාසලටත් මගේ සිදුවීම රහසක් නොවු නිසා වැඩි පිරිස මා ඉදිරියේ සුහඳව කතා කර, පිට වු පසු අවලාද නගයි.. තවත් සමහරුන් ෂික් හෙන චාටර් චරිතයක් බං... නන්තාර වෙලා ඉන්නේ... ඔහොම හිටියට නාකි මිනිහෙකුටවත් පාඩුවේ ඉන්න දෙන්නෑ... බලකෝ ඇඟ ආරලා ඇවිත් තියෙන හැටී.. දැං දෙතුන් පාරක්ම ළමයි නැති කරාලු බං.. ඕකි අම්මත් හෙන.. වේ.. ද කොහෙද.. නැත්තම් ඕවට උල්පන්දම් දෙයිද? මා කළ වරදට අවසානයේ දඩුවම් ලැබුවේ මටත් වඩා මෑණියන්ය. මගේ ජීවිතයේ මා ගෙවු ඒ දුෂ්කර කාලය මට අමතක නොවෙයි. මම කරපු මෝඩ වැඩේට, අම්මලා රැවැට්ටුවට මම මෙහෙම විදවන්නම ඕනේ.. මම එදා එහෙස සිතා ලෝකයෙන් ලැබුණු ගැරහුම් වලට මුහුණ දුන්නෙමි.. ඉන් පසු මගේ දිවියට ළං වු සියල්ලන් මගෙන් පැතුවේ ආදරය නොව .යහනක ලබනා වු ආශ්වාදය පමණකී. ගිනිපෙනෙල්ලෙන් බැට කා මිනිහා කණාමැදිරි එළියටත් බියලු... එලෙසින් මම ද ඔවුන්ගේ ගැළවී වුන්නේ ,ඔවුන්ගෙද අපහාස වලට ලක් වෙමිණි.. උබට අරු එක්ක නම් පුළුවං අපි එක්ක තමා බැරි.. වේ... කමේ යන පට්ට බැ.... දිවියම බාර ගන්නට පොරොන්දු දුන් ඇතැමුන් කාරිය නොකෙරුණ වටි මා ඇමතු අයුරුයි. කෙසේ හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනයද ලබා විසි හයවන වියේ පසුවන මා වසර දහයක් විදෙව්වේ විනාඩී කීපයකට ලද අස්වැසිල්ලේ ප්‍රථිපලයයි.
මා ගැබ් ගත් බව දැන ගත් සිතුම් අයියා විදෙශ් ගත වූ බව මට දැන ගන්න ලැබිණි. මා මෙලෙස වෙිදනාවක තනි කර ගිය සිතුම් අයියාට මා අද දින සමාදුන්නේ ඇයිදැයිි කියා මම වත් නොදනිමී.
"එහෙනම් දෙන්නා ටිකක් තනියෙම කතා කරලා හොඳ තීරණයක් ගන්නකෝ.. "මගේ හිස අත ගෑ ඔවුන් එතැනින් දුරස් විය.
" බබා යමු.. තාත්තටයි නැන්දිටයි කතා කරන්න දීලා.. "
"එපා ආන්ටි බබා හිටපුදෙන්... " උපදින්නටත් පෙර මගේ කුස පිළිසිදුන දරුවා මරා ගත් මට වෙනත් දරුවෙකුගේ මව් වීමට හෝ වරම් ලැබේ යැයි මම නොසිතුවෙමි.. සිතුම් අයියාව පිළිගන්නවාද නැතිද යන්න නොදන්නවා වුණත් කුඩා දියණිය මොහොතට මා හඳ ගැබේ ලැඟුම් ගෙන තිබුණී.
"සොරි.... "
"අැයි... සි..තුම් අයියේ.. ආ.. යෙත් මගේ ජී.. විතේ ඉස්..සරහට ආ..වේ..." මම පැවසුවේ ඔහු දෙසවත් නොබලමිණි..
"මම දැනන් හිටියේ නෑ මේධා නංගියෝ... කරදරයක් වුණ ගෑ..
ණු ළමෙ...ක් කිව්වට .... ඒ මම නි..සා කර..දරේ වැ.ටුන ඔයා කියලා... "ඔහු කළකිරීමෙන් , පසුතැවීමෙන් පැවසුවේය.
"අපි දෙන්නගේ ලෙයින් හැදුන දරුවා... "
"එපා... ප්ලීස්... අවුරුදු දහයක්ම මම ඔය වේදනාව හිතිං විදෙව්වා... ප්ලීස්... ඇයි දෙවියනේ අපි ආයෙත් හම්බුණේ.. "සිතුම් අයියා හිස දෑතට තද කරගෙන සෙටියේ කොණක වාඩි වුවේය.. කිසිත් නොඳන්න පුංචී දියණිය බියෙන් හඬන්නට සැරසුණි.
"මම රට ගිහින් අවුරුදු හතරක්ම ගියාම තමා, ඔයා මම නිසා ප්‍රෙග්නට් වුණ බව දැන ගත්තේ.. එක දිගට මාසයක් ඔයාව දකින්වත් කතා කරන්නවත් නැති වෙද්දී මම ඔයාව හෙව්වා... දුරක කළ රස්සාව නිසා මට ඔයාව මගෑරුණා..මට කලින් මේ කතාව අපේ තාත්තට ආරංචී වෙලා තිබුණා.. මට සමාවෙන්න තාත්තගේ පෑලෑන් එකකට අහු වෙලා මං.. ශික්.. ආපහු මම එන්න හදද්දී ඔයා වෙන කෙනෙක් බදින්න යනවා කිව්වා.. මේ තරම් වේදනාවක් දුන්නු මට ඔයා වෛරකරනවා ඇති කියලා මම හිතුවා.. ඒ නිසා ඔයා අමාරුවෙන් හදා ගත්තූ ජීවිතේ ඉස්සරහට එන්න බය වුණා."
"මට මේ තර...ම් කල් ජීවි...තවක් තිබුණේ නෑ සිතු..ම් අයි...යේ..." මම කඳුළු පිස ලමින් කීවේ කුඩා දියණිය නැවත සිප ගනිමිණි.. මගේ දරුවත් ජීවත් වුණා නම් දැං අවුරුදු දහයක් නේද? මොන තරම් පව්කාර ජීවිතයක්ද මේක.. මගේ සිත කම්පා විය..
"මට සමාව දෙනවද මේධා නංගියෝ.. .. "
"ඒ පව්කාර කමට අද අපි දෙන්නම විදවනවා.. "
කිසිදා ඔහු මා හිතමතා රිදවා නැති බව දැන ගත් පසු මා සිත තුල සිරවු ආදරය නිදහස් විය. ඔහු නමින් උපන් එදා හැගීම නැවත අළුත් කරමින් මම ඔහුගේ දියණියට මෑණියන් වීමට සිතා ගත්තෙමී... මින් මතු මරනෙන් මිස මගෙන් දුරස් නොවන බවට ඔහු ද පොරොන්දු වුවේය. වසර දහයකට පසු මට සමීප වු ඒ හුරුපුරුදු උණුහුම සමඟ නලළත හාදුවක් තබා ඔහුසෙමින් කොදුරුණු මට ඇසුනේය.
"සමාවෙන්න මට"
සමාප්තයි.
සිතුවිලි ගැලපුම සඳු.
No comments:
Post a Comment