ඇය ආයේ ඇවිදින්

#ඇය_ආයේ_ඇවිදින්

මෙ මුලු ලොකෙම උනු ඔයා එ තරම් ඉක්මනටම මට නැති වෙයි කියලා හිතෙනෙකොටත් මගේ පපුව පිච්චිලා යන්නේ..මට විතරද.....
අම්මෝ එ වගෙ කාලයක් ආයේ කවදවත් එන්න නම් එපා.....

තනියම ඉන්න මට දැන් එ වගෙ දෙවල් හරි හුරුයි...කියලා හිතන්න කොහොමටවත් බෑ....

කොහොමද ඔයාට...එහෙම අහන්නේ මට ගෝඩාක් පන වගේ අදරේ කරපු හෙශන්‍යා සදමිණි....

මං නම් ගොඩක් හොදින් කියන්නත් බෑ .

ඇයි එහෙම කියන්නේ...

ඔයාව මං හොයපු වාර බොහොමයි...

එත් හිතුවෙ වත් නැති දවසක හම්බුනා...
එ ගැන මට ගොඩක් සතුටුයි...

ඔයා තාමත් පංසල් එනවද.

මං හිත හඩන හැම මොහොතකම පංසලට ඇවිත් මේ බොධ්න් වහන්සේ ලග තනියම ගොඩක් වෙලා ඉදලා පුරුදු වෙලා දැන් ගොඩක් වෙලාවට පංසලට එනවා...

එහෙමද......

තාමත් ඔය ඇස් එදා වගෙමයී....

හ්ම්ම්ම් එහෙමද...

ඔව් ඔය ඇස් දෙක ගොඩක් වටින ඇස් දෙකක් ගොඩක් හොදින් පරිස්සම් කරගන්න..

ඔයා එදා වගෙම ඉන්න්වා ...

හ්ම්ම්ම්....

ඔයා මාව එපා කියලා ගියපු දවස.....මතකද...
ඔයාට මතකද මං එදා කොයි තරම් කෑ ගහලා කිවුවොත් කිසිම දෙකට ගනන් නොගත් ඔයා ...ඔයාට මාව වදයක් වෙලා පාරේ මැද්දේ මට බැනගෙන බැනගෙන ගියපු හැටි ..
ඔයා දනනවද..මං කොයි තරම් ඔයාට අදරේ කලාද කියලා...ඔයා දන්නවද ඔයාගෙ ඉස්සරහා මං ඉන්න කොච්චර ආසද කියලා..
ඔයාට මතකද ඔයාට මං ඉස්සරලාම දුන්නු ටෙඩියා..
ඌව මං ගත්තෙ දවස් ගානක් එකතු කර ගත්ත සල්ලි වලින්...
එ ටෙඩියා තාමත් මට අදරෙයි එයා තාමත් මං ලග ඉන්න්වා ...
මතකද ඉස්සරලාම ඔයා මට හම්බුනු දවස...

හ්ම්ම්ම....

ඔයා එදා හිටපු කෙනා විදියට ලස්සනට තාමත් ඉන්න්වා ...

එත් නොගැලපෙන දෙවල් ගලපන්න හැදුවෙ මම...

මං හිතුවෙ එදා ඔයා මට අදරේ කිවුව දවසේ....
මට මේ ලොකෙම ලැබුනා කියලා...

මතකද එදා අපි පොසොන් එකට අනුරාධපුරයේ ගිහින් එනකොට...
එත් එ කලේ හරි පුදුමයි.ඔයාට තුරුල් වෙලා එදා මං bus එකෙ ආවේ මට ගෙදරට එනවා කියලාවත් මතක තිබුනේ නෑ....
මතකද තිසා වැව බන්ටෙකෙ දිගේ ගියා....එදා හවස 7 ට විතර ඇති මතකද ලස්සනට හද පායලා තිබුනා එදා රෑ....තිසා වැවේ තිබ්බ ආඩම්බරය ...එදා මුලු ලොකෙම එතන කියලයි මට නම් දැනුනේ.....
තිසා වැවේ හමන සුලගට ඔයාගේ ඔය ලස්සනට තිබුණු දිග කොන්ඩේ මුනට වැටෙනකොට අයින් කරපු වාර ගාන මතකද...එ වෙලාවේ උඩ මලුවේ පහන් වැටේ පත්තු කරපු පහන් ආලොකය ...තිසා වැවට වැටිලා තිසා වැවේ රැලි පෙරලෙනකොට ...එ දිහා අපි දෙන්නා කොයි තරම් වෙලා බලන් හිටියද...

එ දවස පුදුමා කාර දවසක්..
මතකද රුවන්වැලි සෑය ලග ඔයාගේ ඔඩොක්කුවෙ මං ඔලුව තියාගෙන හිටියා ඔයා මගේ ඔලුව අත ගානකොට මට නින්ද ගිහින් ...ටික වෙලාවකින් මං ඇහැරෙනකොට ඔයා මාව ඔයාගේ තුරුලට අරන් මගේ නලලේ ඉදන් ඔලුව අත ගානකොට මං පොඩි දරුවෙක් වගෙ නිදා ගත්තා...
මතකද කොයි තරම් කට්ටිය හිටියත් ඔයා කිසිම බයක් නැතිව ඔයා මගෙ අතින් අල්ලන් හිටියා....මතකද උඩ මලුවේ අපි දෙන්නා ගැට ගහපු පඩුර ....එ පඩුර ගැට ගහනකොට මං ඉල්ලුවේ එකම දෙයයි...එ තමා ඔයා හැර වෙන කිසිම කෙනෙක් මගේ හිතට එපා කියලා....
එ වගේම අදටත් එ හිත තාමත් ඔයාට අදරෙයි....එත් ඔයා පඩුර ගැට ගහනකොට හිතපු දෙ ඔයාට ලැබිලා ...
මං තනියම මං විතරක් ඔහේ කල්පනා කරනවා....
පොසොන් පොයවල් තුනකුත් ගෙවුනා තාමත් මං අද විතරක් තනියම අතිතයට යන්නේ ඔයා මට පැලෙන්න ආදරය..කරපු නිසා ...

මතකද ඔයාට මිහින්තලේ ගියපු දවස ..එදා රෑ හැම තැනකම වගේ නාද දුන්නේ.ලස්සන බොදු ගී...
දැනටමත් එ බොදු ගීත ඇහෙනකොට මට ඔයාව මතක් වෙන්නේ..
එ කලේ ආයේ එනවනම් කොයි තරම් නම් මේ ලොකේ ලස්සන වේයිද..
මතකද එදා රෑ මිහින්තලා ගල අර ඈතට පෙනෙනකොට. ඔයා මගේ අතින් අල්ලගෙන මගේ මූන දිහා බලාගෙන කියපු දෙවල්.
මතකද මිහින්තලා ගල මුදුනට ලන් වෙනකොට දැනේන හැගිම..එදා තිබුනේ පුදුම සුලගක් මතකද මං බොරුවට පල්ලෙහාට පනිනවා කිව්ව වෙලේ ඔයාගෙ ඇස් වල තිබුනු කදුලු..එ ඔයගෙ කදුලු ඇත්තම කදුලු. මතක නැද්ද එදා රෑ ඔයාට බඩගිනි කියලා අයේත් පල්ලෙහාට බහිනකොට මං ඔයාට බැනලා මගෙත් එක්ක තරහා වෙලා හිටියා..මතකද ඔයාට එ තරහා ඔයගෙ නිමුවේ අර අහම්බෙන් හම්බුනු දන්සලේ පොලිමේ අයියගෙයි අක්කාගෙයි චුටි බබා....
එයා ඔයගේ උකුලට දුන්නේ එ අක්කයි අයියායි ඉක්මනටම කෑම කලා යන්න ඔනේ කිව්වා රෑ උනාම බබාට සිතලයි කියලා..
ඔයාට තිබුණු බඩගින්න නැති උනේ එ චුටි එකාට තියන අදරේ නිසා...
මතකද එදා ඔයා කිව්වා අපිටත් මෙ වගෙ ඉන්න තිබ්බනම් කියලා...
එ වගේ කලයක් ආයේ කවදා එන්නද ..මතකද මහා රෑ බීම බීලා ඔයාට හෙම්බිරිස්සාවක්හැඩිලා ඔයාට මං හොට්ටි කියලා බැන්නා..ඔයා කොයි වෙලෙත් චුස් ගා ගත්ත ගමන් ..මහා රෑ සිතලේ ඔයා මට තුරුල් වෙලා ඉද්දි නහයෙන් එන හොටු මගෙ අතින් පිහදාලා මං ඈ ඈ කියනකොට ඔයා මගෙ මුනේ නහය ගනවා මගෙ මුනේම හොටු ඔයා මට හොට්ටා කියලා මගෙ මුන පිහදැම්මේ මට තිබුණු අදරේට ......එදා රෑ අහස හදත් එක්ක හිටියේ හරියට අපි දෙන්නා වගේ..

මෙ අහනකො අයියේ දැන් ඇති ඔය කියෙව්වා....
ඔයා එද උඩ මලුවේ පඩුර ගැට ගහනකොට ප්‍රාර්ථනා කරපු දේ හැමදේම එ විදිහටම සිද්ද උනා මගේ රත්තරන් අයියේ...
එදා මං මුලින්ම කැම්පස් එකට යන දවසේ මගේ අම්මට පොරොන්දුවක් උනා අම්මගේ ආසාව ඉස්ට කරනවා වගෙම මගේ ආසාවත් ඉස්ට කරලා දෙන්න කියලා ..අම්මට මෙ හැමදෙම කියලා මං ඔයවයි අම්මගෙන් ඉල්ලුවේ එතකොට මගේ අම්මා කිව්වේ මෙ හැම සම්බන්දයක්ම නතර කරලා කැම්පස් එකේ වැඩ ටික ඉවර කර ගත්ත ගමන් ඔයාගෙ තිරනයට මං ඉඩ දෙනවා කියලා...
මගේ අම්මයි කිව්වේ ඔයා මට ඇත්තටම අදරේ නම් අවංකයි නම් කවදා හරි මං එනකම් බලා ඉන්න්වා කියලා....

මගෙ රත්තරන් අයියා ප්‍රාර්ථනා කලේ ඔයව මට හැමදාම ඔනේ කියලා...

එත් මං ප්‍රාර්ථනා කලේ හැමදාමත් සතුටින් ඉන්න මගෙ ඉගිනිම් වැඩ ඉවර උනාම ඔයවම මට මිසක් වෙන කටවත් නෙමෙයි කියලා....
එ හැමදෙම අද ඉශ්ට වෙලා...
එදා මං කැම්පස් එකට යන දවසේ මහා පාර මැද්දේ බැනලා ගියේ ඔයාට මාව අමතක කර ගන්න බැරි වෙන්න විදිහක්...
ඔයා එ ගැන හිතලා මාව අමතක කලේ නෑ...මං ඔයාට තාමත් පන වගෙ අදරේ කරන්නේ ඔයගෙ ගති ගුන වලට...තමන්ගේ සහොදරයෙක් වගෙ මට අදරේ කරද්දි මං කොහොමද මෙ ඔයාව දාලා ජිවත් වෙන්න....

මෙ අහම්බෙන් හමු විමක් කියලා මගේ අයියා හිතුවෙ... ඔයාව මං අමතක කලා කියලාද

මං හැමදාම ඔයාට ගොඩක් ආදරයෙන් ඉන්න්වා මගෙ අම්මා තමයි මෙ ඔයාව හම්බෙන්න යන්න කිව්වේ...එයාගෙ එකම දුව මං එ උනාට එකම පුතා ඔයායි මගේ අයියේ ..යමු එන්න....

කො අත දෙන්න....
ඔයා තමා මගේ එකම වස්තුව.....

නිමි..

කතෘ -: චානක ඉමේෂ්

(උපුටාගැනීමකි)

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment