සමා අයදිමි දහස් වරක්

(කෙටිකතාවක්..)
"....සමා අයදිමි දහස්වරක්...."

මං ගයාන්..
පේරෙ යුනියට ඇවිත් තාමත් අවුරුද්දයි..  මෙඩිකල් ෆැකල්ටියෙ ෆස්ට් ඉයර් බැජේ සුපිරිම වැඩ්ඩොන්ගෙන් එකෙක් තමා මම..
එතකොට මගෙ බොක්ක සාලිය.. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් අපේ යාලුකම අද වෙනකනුත් එහෙමමයි..

නිවාඩුවට කෑගල්ලෙ අපේ  ගමට ඇවිත් අද ආපහු පේරාදෙණියෙ යන්න සාලියයි මමයි බස් ස්ටෑන්ඩ් එකට ආවා..

එනකොටත් යන්න ඔන්න මෙන්න බස් එකක්.. වැඩි සෙනගත් පේන්න හිටියෙත් නෑ ෂීට් 3ක් වගේ ඉඩත් තිබුණා,  තවත් වලා ගියොත් උදේ ලෙක්චර් එක මිස් වෙන හන්දා නැග්ගා බස් එකට..

පිටිපස්ස දොරෙන් නැගලා බස් එකේ ඉස්සරහ බලද්දි ඉස්සරහ දොර ළඟම ෂීට් එකට පස්සහ ෂීට් එකේ ඉඩ තිබුණ හන්දා එතන්ට ගිහින් බෑග් දෙකත් උඩට දාලා ඉඳගත්තා.
අපිට ඉස්සරහින් ඒ කිව්වේ දොර ළඟම පළවෙනි ෂීට් එකේ ඉඳන් උන්නේ පට්ටම ලස්සන කෙල්ලෙකුයි ඒකිගෙ අම්ම කියන්න පුළුවන් ඩයල් එකකුයී..
ටිකක් වෙලා යනකොට අපිට තේරුම් ගියා ඒ කෙල්ලගෙ අම්මම තමා කියලා..

කෙල්ලනං ආය කියන්න වචන නෑ සීනී බෝලයක් වගේ.. කොණ්ඩෙ කඩලා දාලා බෙල්ලෙ පැත්තකින් ඉස්සරහට දාගෙන..
රතුපාට ගවුමක් ඇඳලා අත් දෙක උඩ ලස්සන පුංචි බෝ දෙකක් තිබුණා ඒ ගවුමේ..

බස් එක ටික ටික යන්න ගද්දී පැණි වැක්කෙරිලා ඉවරයක් නැති සාලිය පටන් ගත්තා කෙල්ලට ටෝක් කරන්න.. මේකට කෙල්ලෙක් දැක්කොත් ඇති ආය.. වැඩිය ඕන් නැහැ වැලක චීත්තයක් තිබ්බත් මූ එතන.. අම්මගෙ ඔලුව එහෙමෙහෙ වෙන්නේ කොයි වෙලාවෙද මූ කෙල්ලට වචනෙ දානවා..

මගක් එද්දි කෙල්ලගෙ අම්මා නිදී.. සාලියට පල්ලම ඉතින්.. ඒත් කෙල්ල නෙමේ උගෙ පැත්තට වත්  හැරුනේ.. මේ වෙද්දි බස් එකේ කට කපලම සෙනඟ.. උදේට වැඩට යන උන් වගේම ඉස්කෝල වලට යන අයත් මේ බස් එකේ තමා යන්නේ..
මාවනැල්ල ටවුන් එක කිට්ටුවෙද්දි මහලුකමේ අන්තෙටම ගියපු වයසක අම්මා කෙනෙක් නැග්ගා බස් එකට.. නැගලා අර කෙල්ල හිටපු ෂීට් එක ලඟ ඒ වයසක අම්මා වෙව්ල වෙව්ල හිටගත්තා.. ඇය බලාපොරොත්තු වෙන්නැත්තෙ මේ කෙල්ල ෂීට් එක දෙයි කියලා..
ඒත් ඒකි ඒ වයසක අම්මා දිහා බලලා අහක බලාගත්තා..
සාලියත් ඒ දිහා බලන් හිටියේ ගිනි පිටවෙන ඇස් දෙකෙන්.. අර අත්තම්මා හිටගෙන ඉන්න පන නැතුව තමන්ට රුකුලක් පතද්දී මං නැගිටලා ඒ වයසක අම්මට ඉඩ දීලා අර ගුණදහමක් දන්නැති කෙල්ලට ඇහෙන්නම හොඳ කුණුහරපෙකුත් කියාගෙන අපි හිටපු ෂීට් එක ළඟම හිටගත්තා..
මෙච්චර වෙලා ජනේලෙ ළඟ ඉඳගෙන අර චීස් බෝලෙ වගේ ඉන්න කෙල්ලට ලයින් දාපු සාලිය ඒකිට පළු යන්න බනින්න පටන් ගත්තා..
මමත් නිකන් හිටියෙ නෑ ඒකිට බනින එකමයි කරේ.. පැණියා උනාට සාලියටත් ඕවා පෙන්නන්න බෑ..

"මොකද යකෝ මුන්ගෙ කැඩිලා කොර වෙලාද ෂීට් එක දුන්නම මොනවා වෙනවද.. මේකිගෙ පු@# මුල් ඇදලද ඔච්චරටම,  නෙදකින් මුන් වගේ ගෑණු අම්මපා.. . . . ."

අහන් ඉන්න බැරි තරම් දේවල් කිය කියා ඒකිට බැන්නේ අර වයසක අම්මව දකිද්දි, ෂීට් එක අල්ලං වෙව්ල වෙව්ල බලන් හිටපු හැටි මතක් වෙද්දි හිතට ආපු කේන්තියට..
පිළිතලාවට කිට්ටු වෙනකන් ඒ බොරු පොෂ් හුළං කෑල්ලට සාලියයි මායි දන්න හරුප ඔක්කොම දාලා බැන්නත් කෙල්ල නිකමට අපි දිහාට හැරුන් නෑ ඒ තරං ඒකියේ ඉහට ගහලා..

පිළිමතලාවෙ BOC එක කිට්ටුවෙද්දි තද නින්දකට වැටිලා හිටපු අර  කෙල්ලගෙ අම්මා  ඇහැරිලා, කෙල්ල ඉඳන් ඉද්දිම ෂීට් එකෙන් නැගිටලා එහාපැත්තෙ අයගෙන් ටිකට් කඩ කඩා හිටපු කොන්දට මොකද්දෝ කිව්වා..

එතකොට කොන්දා බස් එකේ  ඩ්‍රයිවර්ගෙ ෂීට් එක ලඟ හරහට දාලා තිබුණ ක්ලචස් දෙකක් ඒ අම්මා අතට දුන්නා.. ඒත් ඒ අම්මා හොඳට පයගහලා හිටපු හන්දා සාලිය වගේම මමත් බැලුවේ ක්ලචස් මොකටද කියලා..

BOC එක ලඟ හෝල්ට් එකේ බස් එක නැවැත්තුවා.. ඒ අම්මා ක්ලචස් දෙක දොරට හේත්තු කරලා අර ඉඳගෙන හිටපු කෙල්ලව, අපි මෙච්චර වෙලා අමු කුණුහරපෙන් බැනපු කෙල්ලව, වාරු කරන් නැගිට්ටවලා ඒකිගෙ අත්වලට ක්ලචස් දෙක දුන්නා.. ඒ ලස්සන රතුපාට කොට ගවුමෙන් ඒකිගෙ දණහිස ගාවින් නැති කකුල් කොටේ අපි දැක්කේ එතකොට..
සත්තයි මගෙ පපුව පිච්චුනා.. බස් එකේ පඩි වලට ක්ලචස් තිය තියා බහින ගමන් ඒකි කඳුළු පිරිච්ච ඇස් වලින් මගෙ දිහා බැලුවා..
ඒ ඇස් දෛවය ගැන ලොකු කතාවක් කියනවා.. ජීවිතේ ගැන ගැඹුරක් දකින්න අපිට පෙන්නපු ඒ කෙල්ල හෝල්ට් එකෙන් ඈතට යන බස් එකත් එක්කම අපිට නොපෙනී ගියා.. කඳුළු කැට නලියන ඇස් දෙකෙන් මගෙ දිහා බලන් හිටපු සාලිය එහෙමම අත් වැටට ඔලුව ගහගද්දි,

ඇඟේ ලේ බිංඳුවක් නැති ගානට මගෙ ඇඟ පණ නැතිව යද්දි අත් වැටට වාරු කරන් මං ඒ හිස් වෙච්ච ෂීට් එකේ ඉන්ඳගත්තා.. ඔලුවට අත් දෙකම තියන් ඇඟිලි තුඩු වලින් කොණ්ඩෙම අවුල් කරගත්ත මං දරදඬු පිරිමි හිත උණුවෙලා  ඇස්වලින් ගලපු කඳුලක් අල්ලෙන් පිහිදගත්තේ දැනුන අසරණකමටමයී..
*
*
අද උඹ කොහේ කොතැනක ඉන්නවද කියන්න දන්නෑ නංගියේ.. කකුලක් නැතත් උඹ අදටත් මගෙ ජීවිතේ දැකපු ලස්සනම සුරංගනාවී..
උඹේ අසරණකම දැකලා අපේ ඇස් වලින් ගලපු කඳුළු පිහින්න උඹට එන්න බෑ.. ඒත් සත්තයි වරදක් උනා....දස දහස් වාරෙයක් සමාවෙයන් අපට...... . . . .

*********නිමි********

පසුව ලියමී..
ජීවිතයක යථාර්තය කිසිවිටක  මතුපිටින් නොදකින්න..

-සෞමි-

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment