නික්ම යනතෙක්...
'ඕහ් මයි ගෝශ්.. නිරංග..නිරංග..'
මොන මගුලක්ද යකෝ මේ උදේ පාන්දර මේ ගෑනි..
'ම්හ්..'
'මේ මේ බලන්නකෝ.. ගෙට් අප් ගෙටප් .. ඉක්මනට ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න..'
මට නැගිට්ට නෙමෙයි නැගිට්ටුණා.. මොන හෙණයක්ද මේ.
'හෝව් හෝව්. . ඉන්න.. ජස්ට් රිලැක්ස්..ඕ කේ. හරි දැන් කියන්න කාටද මොකද වෙලා තියෙන්නේ..'
'මට අනේ.. මට..'
යකෝ මටත් වඩා හොඳට ඉන්න ගෑනිට මොකද ඩොක්ටර් කෙනෙක්.
'ඇයි.. ඔයාට මුකුත් ලෙඩක් නෑ නෙ..'
'ලෙඩක්.. ලෙඩක් වෙනවා තව කල් ගියා නම්.. බලන්න මට වීසා ගහන්නෙත් නැතිව යනවා.. දැන් දැනගත්ත නිසා හොඳයි. යමුකො..'
අම්මපා මේ ගෑනිව බැඳගත්ත මට පොල්ලක් අරන් ඉන්න තැනකින් ඇවිත් ගහපං චාමර.. මොන හත් ඉලව්වක් කියවනවද මංදා..
'කෙලින් කියනවකො මොකක්ද අවුල..'
'පොසිටිව් අනේ..'
'මොකක්..' අම්මපා මට එන කේන්තියට මේකි බැරල් එකක් වගේ හිටියෙ නැත්තං අල්ලලා ගහනව පොළවේ..
'මේ කියන රෙද්දක් තේරෙන්න කියනවා හරිද..'
'මම ප්‍රෙග්නන්ට්..'
'ආ.. නෑ. අඩේ මරුනෙ මගෙ බතලි..'
මම හිතේ සතුටට කෙල්ල උස්සගෙන කැරකුණේ කොන්ද කැඩෙන්න තරම් බර සර්වාංගෙටම දැනෙද්දි..
'තියනව මෝඩය..අපිට මේ ලමයා හදන්න බෑ. '
'මොකක්......'
මට එයාව අත ඇරුණා ද අත ඇරියා ද මන්දා. .
'
තමුසෙට පිස්සුද ඕයි. මේ මගේ ලමයා...'
මට යක්ශාවේශ වෙමින් පවතී.
'තමුසෙ ගෑනියෙද ඕයි කටක් ඇරලා ඕක කිව්වෙ... තමුසෙ හැදුවට වඩා හොඳයි මහ උන් එළදෙනක් හැදුවනං..'
මම මේ තරමට කවදාවත් කෝප වී නැත... ඇය විනාශ කරවන්නට යන්නේ මගේම ජීවිත කොටසක් නොවේද..
බදාගෙන ආදරේ කියපු ඇඟට වයිරෙන් අතක් තියන්න බැරි හින්දා මම බිත්තිය පුපුරන්න අත මිට මොලවලා ගහලා යන්න ගියා.
෴෴
පිරිමි අපි හැමදාම පරදිනවා ගෑනුන්ගෙ අම්මලගෙ ආධිපත්‍යය යට..
දුව ඉතාලියෙ රස්සාවකට යවාගන්න ආපු චාන්ස් එක නැති කර ගන්න බැරිලු..
ලමයි හදන්න කල් තියනවලු..
මාසෙට ලක්ශයක් විතර හම්බ කරන ස්තිර තැනක රස්සාවක් මම ගත්තොත් රට යවන්නෙ නැල්ලු..
ඇයි මේ රටේ කොම්පැනි බලාගෙන නෙ ඉන්නෙ මාව ගන්න. 😈😈
දුව සැප විඳින්න ඕනෙලු. කසාදයක් පස්සෙ විදවන්න දෙන්න බැලූ.
ඒ බණ කිව්වෙ මාමණ්ඩිගෙ අරක්කුයි...... නල්ල මලේ නැන්දම්මගෙ උද්දච්ච බයිට් එකයි..
උන්ගෙ දුවගෙ වාසනාවෙ නෙලුම පුප්පව ගන්න මගෙ දරු පැටියා හොර ඩොකෙක්ගෙ බෙහෙත් වලින් එළොව යැව්වා..
'තොපි දෙමව්පියොද' කියලා අහන්න තරම් මට උන් බලපොරොත්තු වෙන ස්ටේටස් නෑ.. මේක අස්සෙ ම ඉදන් ඕක ඇහුවොත් මගෙ ගෑනි දාලා යන්න වෙයි.
නපුංසකයෙක් වගේ දෙපරැන්දෙ අත්දෙක ගහගෙන ඔළුව නමං ඉඳල කාමරේට ගියෙ වන්ධ්‍ය කර්ණය කරපු දඩාවතේ යන බල්ලෙක් වගේ..
යද්දි මගෙ ගෑනි ඇද හදනව..
'ඔයාට තනියම ඉන්න වෙන්නෙ බබී.. මම අම්ම එක්ක නිදා ගන්නවා.. අම්මා කිව්වා තාම සනීප නැති නිසා එන්න කියලා..උම්මා...'
යකෝ මගෙ කසාද ගෑනි කියන්නෙ ලීස් කරලා ගත්තු වාහනයක් වගේ.. සල්ලි වියදම් කරල වාරිකේ ගෙව්වෙ නැත්නම් කම්පැනිය සත්තම දාල උස්සනවා.. මම හෙණ වැදුන ගහක් වගෙ ඇඳේ පත බැ උණා..
෴෴
ඇඟට හරිම සනීපයි.. හිත.. ඒක මොකටද..
අපි මේ පේරාදෙණි ළමා රෝහටල යන ගමන්..
දරුවා පෙන්නන.. එක කනක් නෑ මගෙ කොල්ල ගෙ ... ඉනෙන් පල්ලෙහා පණ නෑ.. කතා කරගන්නත් බෑ......... කතා නොකරම ඉන්නවනම් හොඳයි.. මගෙ පැටියා කතා කරන්න අමාරුවෙන් තතන තතන දගලද්දි මට මැරෙන්න හිතෙනවා..
එදා ලමයා ඇබෝට් වෙලා නැ.......... අන්තිමට ලමය හදන්න උනා රට්ටු ලමයෙක් හම්බෙන්න ඉන්න බව දැනගත්ත හින්දා..
වයිෆ් කොල්ලා පපුවට තද කරන් හූල්ල හූල්ලා ඉන්නවා.. මහ උන් දෙන්න ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ..
' ආ සදිල බබා.. කෝ බලමු......අපි නම් හිතුවෙම නෑ මෙයා ජීවත් වෙයි කියලා. ' නර්ස් කිව්වෙ ක්ලිනික් පොත පෙරලන ගමන්.
'මෙහෙම හරි ඉන්නවනෙ මිසී.. මට ඒ ඇති.. 'මගෙ දරැවගෙ අම්මා.. උණහපුළු කෙල්ලව ඉඹින්න හිතුණා..
ඒත්........එදා දරුවා ඕනෙ කියලා පරසක්වල ගහපු මම අද ඉ ල්ලන්නෙ වෙන දෙයක්..
'ඔයා ඉක්මනට මේ ලෝකෙන් යන්න පුතේ.. අපි නැති දාක ඔයාට මොනවා වෙයිද.... ........
මම ඉල්ලපු නිසා ආපු ඔයා ආපහු යන්න..
ගිහින් ආයෙම අපි අතරට එන්න.. මට උඹ විඳවනවා බලන් ඉන්න බෑ ..මේ තාත්තා නරුමයෙක් කියලා හිතන්න එපා පුතේ.. අපි වෙන් වෙන්න තව දුරයි කියන්නෙ උඹත් විඳවනවා.. උඹගැන හිතලා අපිත් විඳවනවා. මට සමාවෙයන් පුතේ..
නිමි
මල්කාන්ති රණතුංග
No comments:
Post a Comment