ආදරණීය කතාවක්
කෙටි කතාව
කලුම කලු ගැහිච්ච තන පුඩුව පුංචි මුවට ඇතුල් කරාන රෝස පාට ඇස් දෙකත් සීරුවට අඩවන් කරගෙන කිරි උරා බොන පුංචි එකා දිහා බැලුවේ සිතූ අපිරිමිත සෙනෙහසකින්
මීට අවුරුදු දෙකකට කලින් සිතූ ගත්ත තීරණේ ගැන සිතු අද ගොඩක් සතුටු වෙනවා
ඇය නමින් සිතූ ස්නේහා සමරවීර අවුරුදු විසි හතරක තරුණියක්.
ඉතින් ඇය පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙනෙක් හිටියා. ඒ අකිල සංජීව වීතානාරච්චි. දෙන්නගෙම කුළුදුල් ආදරේ. හරිම ආදරණීය විදියට ඒ ආදරේ ගලාගෙන ගියා. කායික සම්බන්දයකුත් දෙන්නා අතරම තිබුනේ කාලයක ඉදන්. සිතූ ගොඩක්ම අකිලව විශ්වාස කලා. ඒ වගේම අකිලත් කෙල්ලගේ විශ්වාසේ උපරිමෙන් රැක්කා. නැති වෙච්ච දේවල් ගැන මුලින් කෙල්ලට දුකක් තිබුනත් ඒ වා අකා මකා ගියේ අකිලත් මුලු හදින්ම කෙල්ලට ආදරේ කරන නිසා. අකිලගේ අතින් හොරයක් වංචාවක් කරන් නෑ කියන විශ්වාසේ සිතූග්‍රෙ හිතේ තිබුනා.
ඒක ඇත්තටම මෝඩ කමක් කියලා අපිට හිතුනත් ආදරේදි ඒක එහෙමයි.
දෙන්නගේ ආදරේට හරියටම අවුරුදු තුන පිරිලා දෙන්නම ගියේ කලුතර බෝධිය වදින්න.
මල් ආසන පිරිසිදු කරලා පිලිවෙලට ආසනේ උඩ මල් තැන්පත් කරන සිතූ දිහා කොල්ලා බලා හිටියේ හරි ආදරෙන්.
අකිලට ඕනේ උනේ පන්සලේ බංකුවකට වෙලා ඔහේ ඉන්න. ඒත් කෙල්ල කොල්ලවත් ඇදන් ගිහින් වතුර පුරෝපු කල ගෙඩියක් අතට දීලා වදින්න පුරුදු කලා.
ඒම තමයි ඉතින් ආදරේ කරද්දි. කම්මැලි කොල්ලන්ව හරියට හශන්න පුලුවනුත් විශේශ ආදරේකට විතරයි.
අකිල අයියා. හම්බේ හුග කාලෙකින්
ඇගට හිර ඩෙනිමකට අත් කපපු බ්ලවුස්එකක් ඇද ගත්ත කෙල්ලෙක් අකිලගේ කරේ එල්ලුනේ ඒ වෙලාවෙයි.
පන්සල කියලා ගානක් නෑ. අකිලත් මූණ ඉඹිනවා.
ඕහ් ගුඩ්නස් ශෙරීනාකවදද ලංකාවට ආවේ. කෙල්ල හැඩ වෙලා.
ඊයේ ආවා විතරයි අයියා. අද ආවා ඉතින් පන්සලට
ම්ම්ම් මේ සිතුමි. මම මැරි කරන්න ඉන්න ගර්ල්
අකිල කෙල්ලව පෙන්නලා ශෙරීනට අදුන්වලා දුන්නා
ඕහ් ආන්ටී කිවුවේ නෑනේ අයියාහ් ඒම දෙයක්. ඕහ් මේ එයාද.
කලින් හොදට සිංහල කතා කරපු කෙනා දැන් නොතේරෙන් සිංහල කතා කර විදියට සිතූට හිනා යන්න ආවත් කෙල්ල ආයාසයෙන් ඒක මැඩ ගත්තේ ඒකෙන් අකිලට හොද නැති නිසා.
ශෙරීනා සිතූගේ උඩ ඉදන් පහලට බැලුවේ අපුලෙන් වගේ.
ඕහ් මම ඒනම් යන්නම් අයියාහ්. මන් එන්නම්කෝ ආන්ටිව බලන්න.
ඔය විදියට තමයි ශෙනාරා සිතූගෙයි අකිලගේයි මැද්දට තුන් වැන්නෙක් වෙලා ආවේ. ශෙනාරව අකිල ප්‍රොපෝස් කලෙත් ඔය අතරෙයි.
සිතූ ඇවිලුනා. ඒ නිසාම සිතූ පරිස්සම් උනා. ඒත් දෙන්නටම කොතන හරි වැරදුනාද මන්දා. කෙල්ලගේ කුසට මාස දෙකක් පිරිලා.
සිතූට බය හිතුනා. ඒත් අකිල කෙල්ලත් එක්ක ඉන්න නිසාම සිතූට බය හිතුන් නෑ. සුභ ආරංචිය කියන්න සිතූ ගියේ කිරිබතකුත් උයන්
සිතූ කිය්පු දෙයින් අකිලට කිරිබත් කටකුත් ඉස්පොල්ලේ ගියා
මො මො මොකක් දරුවෙක්
ඔව් අපේ දරුවා
ඔයා ඔය ඇත්තද කියන්නේ. මේ අහන්න සිතූ. අපිට තාම වයස තියෙනවා. අනිත් එක ගෙදරින් හොදටම ප්‍රශ්න. මන් ගැන වැරදියට හිතන්න එපා. අපි දැනට මේක නැති කරමු. පස්සේ ප්‍රශ්න විසදුනාම අපිට මැරි කරලම දරුවෙක් ගැන හිතන්න පුලුවන්.
අකිලගේ වචන වලින් කෙල්ලගේ ඇස් බොද උනා. සිතූ ඇඩුවා. බෑම කිවුවා. ඒ වගේ පවුකාර වැඩක්. දෙවියනේ මට බෑ. මේ අපේ ආදරේ සංකේතය. මේක නැති කරන්නේ කෝමද දෙවියනේ.
අප් නෙමේ සිතූ ඒක කරන්නේ ඩොක්ටලා. මේ අහන්න මැණික. අපිට අනාගතේ හදාගන්න නම් මේක කරන්න වෙනවා.
සිතූට අමාරුවෙන් උනත්
අනකිලගේ තීරණ්ට ක්මති වෙන්න උනා.
ඒත් අකිලට යක්ශයා ආරූඩ උනේ ඩොක්ටර් කියපු කතාව ඇහුවට පස්සේ
සොරි මිස්ටර් අකිල.අපිට ඇබෝශන් එකකට යන්න බෑ. කල් ගිහින් වැඩී
අකිල එලියට ආවේ සිතූවත් ඇදගෙන
දන් මොන මගුලක්ද කරන්නේ
අපි බදිමු අකිල. වෙන කරන්න දෙයක් නෑනේ
මන් කොහොමද ඕයි තමුසෙව බදින්නේ.තමුසෙව බැන්දොත් මට ගෙදරින් කිසි දෙයක් ලැබෙන් නෑ. මට බෑ තමුසේ නිසා ඒ දේවල් නැති කර ගන්න.
අකිල කියවගෙන කියවගෙන ගියා
සිතූගේ ඇස් වලින් කදුලු බේරෙනවා
අ අනේ ඇයි අකිල ඔයා ඔහොම කතා කරන්නේ මේ ඔයාගේ දරුවානේ
සිතූ අඩාඩාම කියනවා
මට නම් දැන් ඒකත් විශ්වාස නෑ ඕයි. කවද දන්නේ තමුසේ වෙන උන් එක්කත් හැමිනු
අකිල වචන ආපස්සට ගත්තත් සිතූට ඒක හොදටම ඇහුනා
අත් දෙකෙන්ම මුහුන වහගෙන සිතූ ගෙදර දව්වා.
අකිලටත් කෙල්ලගෙන් ගැලවෙන්න ඕන නිසාම සිතූව නැවැත්තුවේ නෑ.
සිතූ බිත්තියට ඔලුව ගහගෙන ගහගෙන ගියෙ හිතේ වේදනාවට. අකිල එහෙම මිනිහෙක් කියලා සිතූ කවදාවත් හිතුවේ නෑ මුලු රෑම අඩලා තීරණයක් ගත්තා. සිතූ කුස අල්ලලා පොරොන්දුවක් දුන්නා. ඒ වගේ කෙනෙක්ට තාත්තේ කියන්න මන් ඔයාට ඉඩ දෙන් නෑ පුතේ. ඔව් සිතූ දරුවට උපත දෙන්නයි සූදානම පහුවදා සිතූ හැමදේම අම්මට කිවුවා. කේන්තිය නිමෙනකන් අම්මා කෙල්ලට ගැහුවා බැන්නා. ඒත් බඩින් වදාපු එකීව අතහැරියේ නෑ. වැදලා හරි අකිලව ගෙනත් දෙන්නම් කියලයි අම්ම කිවුවේ. ඒත් සිතූ තීරණයක් අරන් ඉවරයි.
ගම අතහැරලා දෙන්නම සිතූගේ නැන්දාගේ ගෙදර ගියා. නැන්දා හිටියෙත් තනියම. පුතා රට ගිහින්ලූ
කාලයත් යද්දි අකිල බැදපු ආරංචියත් සිතූට දැනගන්න ලැබුනා. ඇස් වලට කදුලු පිරුනත් නාඩා හිටියේ නූපන් දරුව නිසා. රට හිටපු. නැන්දගෙ පුතා කවීශුත් ගෙදර ආවෙ ඔය අතරෙ. රෝස මලක් වගේ දෝණියෙකුත් එයා එක්ක ආවා. කසාදෙ කටු ගාලා කියලයි අම්ම කිවුවේ. ඒවා සිතූට වැඩක් නෑ.
ආන්තී ඇයි ඔවාගේ බන්ඩිය ඔච්තල ඔකු වෙලා
පුංචි උනාට දෝණි කටකාරි
ආන්ටිගේ බන්ඩියේ මල්ලි බබෙක් ඉන්නවනෙ දූ
ආහ් තෝයිනේ. එතකොත කෝ තූති බබාගේ තාත්තියා
සිතූගේ උගුර හිරවුනා
දූ මාශි මේ එන්න. සොරි නංගා. පොඩ්ඩි ඔහේ කියෝනවා.
ඒකටකමක් නෑ අයියේ. මාස ගානක් ගතවුනා. එන්න එන්න කුස පිරෙන්න අරන්. දෝණිත් පුදුම විදියට සිතූට ලං වුනේ
එන්න එන්න කවීශ් අයියාගේ ඇස් සිතූ දිහාට හැරෙනවා සිතූට තේරුනා. තියෙන කරදර මදිවට තවත් කරදර දා ගන්න බැරි නිසා සිතූ අම්මත් එක්ක කාමරයක් කුලියට ගත්තා. එකතු කරපු සල්ලි නිසා පිරමැහුනා. දෝණි අඩද්දිමයි සිතූල ගෙදරින් ගියේ.
ඒත් පහුවදාම නැන්දා යෝජනාවක් ගෙනාව. කවී අයියාගේ කැමැත්තෙන්.
මට කාගෙවත් අනුකම්පාවක් එපා නැම්දේ. මට මෙහෙම හොදයි. දරුවා ඉන්නවා අම්මා ඉන්නවා. සිතූ නැන්දට කිවුවේ එහෙම. නැන්දා කවීශ්ට කියන්න ඇති එදා හවසම කවිශ් අයියා ගෙදර ආවා
සිතූ නංගි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. මට ඔයාට අනුකම්පා කරන්න බෑ නංගි මොකඩ මං ඔයාට ආදරේ කරනව. මගේ දුව ඔයාට අම්මි කියන්නද කියලා මගෙන් අහද්දි මටකියන්න හෙයක් නෑ. ඔයා එයාට අම්මා කෙනෙක් වෙලා. ඉතින් මට බැරිද ඔයාගෙ පුතාට තාත්තෙක් වෙන්න
මොන දේ කිවුවත් සිතූගේ තීරණේ වෙනසක් උනේ නෑ.
ඊටත් සති දෙකකට පස්සෙ සිතූ පිංවන්ත පුතු පැටියෙක් බිහිකලා.
දවස් දෙකකට පස්සේ දෙන්නවම ගෙදර එක්කන් ආවේ. දෝණි වගේම කවීශුත් පුතා ලගින් හෙල්ලෙන් නෑ
පුට්ජාගේ උප්පැන්නේ වාසගමදැක්කම නම් කෙල්ලට කේන්තී. සිතූ කෑ ගැහුවා
ඔයාට පුලුවන් උනාට ලමයට මිනිස්සු අවජාතක කතා කියනවා බලන් ඉන්න මට බෑ නංගි. පුතාට කවදා හරි වාසගමක් හම්බුනාම ඕක වෙනස් කර ගන්න කවීශ් කිවුවේ එහෙම
සිතුම් කවීශ දිසාසේකර
ඒ පුතාගේ නම. කවීශ් දිසාසේකර කවීශ් අයියගේ නම
කාලය ගෙවිලා ගියා. දැන් කොල්ලට මාස හයක් දගයෙක්
ඔය අතරෙයි අකිල සිතූව හොයන් ආවේ
සිතූ හිටියේ එලියේ පුතාව වඩන්
සිතූ මන් ඔයාව කොච්චර හෙවුවද.
අකිල ආවේ පුතාව අතට ගන්න
ඔ ඔ ඔයා මෙහේ ඇයි
සිතූ බය වෙලා
මේ මගේ පුතා නේද සිතූ
අල්ලන්න එපා මගේ දරුවව. ඔව් සිතූ නපුරු වෙලා. කාලයක් ආදරේ කරපු පිරිමි හිතට
ම මගේ දරුවා ඕනේ. අකිල කිවුවා
දරුවා මොන දරුවද. ඔයාගේ දරුවෝ මෙහේ නෑ
සිතූ ගත් කටටම කිවුවා. කෙල්ලව බයේ ගැහෙනවා
පිලීස් සිතූ. මට ඕනේ. ඔය මගේ පුතා. මගේ මූන කට. මට දැන් හැමදේම තියෙනවා. ඒත ශෙරීනට ලමයි හදන්න බෑ. ඉතින් මට මගේ කොල්ලා ඔනේ. මට ඔයාවත් ඕනේ. ශෙරීනව ඩිවෝස් කරන්නම්. අකිල කියෝනවා
සිතව තරහෙන් පුපුරනවා. මට ඔයා ගැන ලැජ්ජයි අකිල. වැටෙන්න පුලුවන් පහත් තැනටම ඔයා වැටිලා. ඔයා වගේ පහත් කෙනෙක්ගේ හෙවනැල්ලවත් මම මගේ පුතාට වැටෙන්න දෙන් නෑ
සිතූ තමුසෙට ඕනේ අප්පෙක් නැතුව මගේ ලමයව කාලකන්නි අවජාතකයෙක් කරන්නද. අකිල.කියවනවා
නෑ අකිල නෑ. ඔයත් එක්ක හිටියනම් තමයි අපි කාලකන්නි වෙන්නේ. මගේ පුතා අවජාතක නෑ. අර ඉන්නේ එයාගේ තාත්තා. ඒ වගේම මගේ කසාද සැමියා. සිතූ කෑ ගැහුවේ ඈත ඉන්න කවීශ්ව පෙන්නලා. ප්ලීස් අපිට පව් නොදී ඔයා යන්න දැන්
දවා අලු කරවන බැල්මක් හෙලපු අකිල වාහනේට නැගලා යන්න ගියා
තෑන්ක්ස් නංගී බොරුවට හරි මට වටිනාකමක් දුන්නට
නෑ අයියේ නෑ. ඔයයි අපිට වටිනාකමක් දුන්නේ. මට අද මෙහෙම කතා කරන්න පුලුවන් උනේ ඔයා නිසා. මාවයි පුතාවයි ඔයයි දුවයි ලගට ගන්න අයියේ
නෑ නංගි නෑ මටයි දුවටයි ආදරයක් නැතුව ඔයා එන්න එපා මන් පුතාට අඩුපාඩුවක් කරන් නෑ නංගි
ඒ කියන්නෙ පුතාට විතරයි ආදරේ මට නෑ
ස්තූ කියවනවා
ඉතින් ඔයත් දුවට විතරනේ ආදරේ. මට නෑනේ. කොල්ලගෙන් නෝක්කාඩු
නෑ දෙයියනේ නෑ. දුවට වගේම තාත්තටත් ආදරෙයි
කොල්ලට ඒක ඇහුවා. ඒත් කොල්ලා කට්ටයා. මොකක් මට ඇහුන් නෑනේ. කෝ ඇහෙන්න කියන්න.
මං ආදරෙයි කෙල්ල ගමටම ඇහෙන්න කෑ ගැහුවා
පහුවදාම කවීශ් සිතූවයි පුතාවයි නීතියෙන්ම අයිතිකර ගත්තා
නග්න පියවුර මුව තුලම තියන් සුවසේ නිදන පුංචි පුතාව ඒ ලගම ඉන්න දෝණිට ලං කරලා දෙන්නගෙම හිස සිම්ඹේ සිතූ හරිම
ආදරයෙන්
දෙන්නව නිදි කරවලා සිතූ තමන් ලගට එනකන් ආදරයෙන් බලන් ඉන්න දරුවන්ගේ තාත්තා ලගට ගිහින් සිතූ ඒ දෙපතුල් සිම්ඹෙත් පුදුමාකාර භක්තියකින්
.....නිමි.....
ලක්ශි මදුශ්කාගේ පන්හිදෙන්
උපුටා ගැනීමක්
No comments:
Post a Comment