අචිනි පමෝදා නිර්මාණයක් ...
කෙට් කතාවකි
මම සවින්දි
....................................
මම සවින්දි රත්නායක.පවුලෙ එකම දරුවා.මට ඕනෙ උනේ ඉගෙන ගෙන මෘදුකාංග ඉංජිනේරුවරියක් වෙන්න.මං පොතේම ඇතුලෙ ජීවත් උන කෙනෙක්.මට කවදාවත් ඕනෙ උනෙ නෑ..කෙල්ලෙක් කියලා ගෙදර දොරේ වැඩ කරන්න..මං උයන්න දන්නෙ නෑ..හරියට ඇදුමක් හෝදන්න දන්නෙ නෑ..එතකොට මට ඉස්කෝලේදිවත් යාලුවෙක් හිටියෙ නෑ..අදටත් මට යාලුවෙක් නෑ.හරියට මං කොල්ලෙක් වගෙයි හැදුනේ..
මං මගේ ටාගට් එකට ආවා.මං අද මෘදුකාංග ඉංජිනේරුවරියක් තමයි...මම අනිත් අය කියන දෙයක් අහන්න කැමති කෙනෙකු නෙවේ..ඒ නිසා මං උපාධිය ගත්තත් මට කවුරුවත් රස්සාවක් නම් දුන්නෙ නෑ.සමහර විට මං පන්ඩිත වැඩ් ඇති...ඒත් මං ගෙදරට වෙලා කාලය කා දමන්න කැමති කෙනෙකුත් නෙවේ..ඒ නිසා විවිධ විවිධ සොෆ්ට්වෙයා මං හැදුවා.....
දුවේ සවින්දි.....
මං දන්නවා අම්මා දැන් මට කතා කරන්නෙ මොකටද කියලා.
ඇයි අම්මෙ....
ඊයෙ කපු මහත්තයා ඇවිත් හොද යෝජනාවල් ටිකක් ගෙනැත් දුන්නා...මේ බලන්න පුතේ.මේ ෆොටෝ ටික..මෙන්න මේ කොල්ලා නම් දූට හොදට ගැලපෙනවා...
අනේ අම්මා....
මම සවින්දි අම්මා
සවින්දි....
සවින්දිගෙ ජීවිතේ යාලුවෝ හිටියෙත් නෑ...ඉන්නෙත් නෑ..ඒ වගේම කොල්ලෙක් හිටියෙත් නෑ සැමියෙක් එන්නෙත් නෑ....
එහෙම කියලා බෑ..අපි උඩරට හොද පෙලපතකින් පැවත එන මිනිස්සු..අපිට කියලා ගෞරවයක් තියෙන්න එපැයි.අවුරුදු විසි අටක ගෑනු ලමයෙක් ගෙදරට නාකි වෙන්න දෙන්න කියලද කියන්නෙ....
අනික අප්පච්චියි මායි දැන් හුගක් වයසයි..අපේ ජීවිත කොයි වෙලේ ද දන්නෙ නෑ..ඔයාට ඔහොම ඉන්න දෙන්න කියලද කියන්නේ..
අම්මා ප්ලීස් යන්න මෙතනින්.මට ඕනෙ මගුලක් නෑ..මට නිදහසේ මේ සොෆ්ට්වෙයා එක හදාගන්න ඕනෙ...
සොෆ්ට්ෆෙයාද සොෆ්ට්වෙයාද මං දන්නෙ නෑ..ඒ ලමයාගෙ කේන්දරත් හොදට ගැලපෙනවා.. අපි මේ ඉරිදට ඒ කොල්ලට මෙහෙට එන්න කියනවා ඔයාව බලන්න....කරුනාකරලා එදාට ඔයා ලෑස්ති වෙන්න..
එපා එපා සවින්දිට කොල්ලො ඕනෙ නෑ ජීවත් වෙන්න...
මං කෑගහද්දි...
ඒවා හරියන්නෙ නෑ..මෙච්චර කල් හොයපුවට කැමති උනේ නෑනෙ.දැන් එකට කැමති වෙන්න ඕනෙ....අම්මා මට බැනගෙන යන්න ගියා....
අයියෝ දෙයියනේ...මං ඔලුවෙ අත ගහන් කල්පනා කරා මොකක්ද ඊලගට කරන්නෙ කියලා....
ශික් කවුද මේ අපට ජීවත් වෙන්න කොල්ලෙක් ඕනෙමයි කියලා කියලා තියෙන මෝඩයා..මහ පුදුම කරදරයක්...ඔය මාව බලන්න එන්න ඉන්නෙ පනස් වෙනියද කොහෙද .ආපු අය කැමති උනේ අපේ ගෙදරයි..අම්මටයි,අප්පච්චිටයි තමයි..මට කවුරුවත් කැමති උනේ නෑ...
මං හරිම කෙට්ටු කෙල්ලෙක්...හුගක් සුදුත් නෑ.ඒත් මං කැතකුත් නෑ මං හිතන්නේ ..මට කවදාවත් ලස්සන වෙන්නෙ ක්‍රීම් ගාන්න,ෆේශල් දාන්න ඔනෙ උනෙ නෑ..ඇත්තටම කිව්වොත් මං කණ්නාඩ්යකින් මූන බලලා නෑ හරියට.... මනමාලයෙක් මාව බලන්න ආවම අම්මා මාව බලෙන්ම සාරි අන්දලා බලෙන්ම කණ්නාඩිය ලගට එක්ක ගිහින් මගේ කොන්ඩෙ පීරලා.මගෙ කෙල්ල හරිම හැඩයි කියනවා නම් මට අනන්තවත් ඇහිලා තියෙනවා...ඒත් අම්මා ඒම කියන වෙලාවටවත් මං කරේ හිතින් ජාව කෝඩ් එකක් ලියන එක...මට ඔය මනමාලයෝ අරහං...
දවස් ගෙවිලා මනමාලයා එන දවසත් උදා උනා....
සවින්දි පුතේ ලේස්ති වෙන්න..මං තාමත් කොට්ටෙ බදාගෙන නිදි..මං හීනෙනුත් කල්පනා කරන්නෙ ඊලඟට හදන්න යන සොෆ්ට්වෙයා එක මොකක්ද කියලා...අයිඩියා එකක් ආව විතරයි..
සවින්දි සවින්දි නැගිටින්න...
අයියෝ අම්මා මගේ අයිඩියා එකත් අමතක කරානෙ මගේ නින්ද කඩලා...
මොකක්..
නෑ නැ මුකුත් නෑ...
කෝ වොශ් දාගෙන එන්න..මං සාරිය අන්දන්න...
මං වොශ් රූම් එකේත් ශවර් එක යටට වෙලා මතක් කරේ මට හීනෙන් හදන්න හිතපු සොෆ්ට්වෙයා එක ගැන...
සවින්දි මොකද කරන්නෙ ලමයෝ දැන් ඔයා පැයක් තිස්සෙ බාත් රූම් එකේ....
මං එච්චර වෙලා ඉදියද මේක ඇතුලෙ.වෙන්න ඇති..මේ මනමාල කරදරේ නම් එපා වෙනවා.නිදහසේ මට සොෆ්ට්වෙයා එකක්වත් හදාගන්න නෑනෙ...
අම්මා ඉක්මනටම මට ඔසරියක් අන්දලා ලේස්ති කරා..
අන්න පුතේ ඒ මිනිසුන් ඇවිත්..මෙන්න බුලත් හෙප්පුව..මං එන්න කිව්වම එන්න හොදේ..මං යනවා එලියට...
අම්මා ගියානෙ මට මොකක්ද කිව්වෙ මට ඇහුනෙ නෑනේ.මං ඉදියෙ කෝඩින් මතක් කර කර නේ..
මං ටග්ගාලා ලැප් එක ඔන් කරලා ඒ කෝඩ් එක රන් කරලා බලන්න ඕනේ...
දුවේ එන්න..
සවින්දි මොකක්ද දරුවෝ කරන්නෙ..මං දැන් කීපාරක් කතා කරාද..ඔයාට ඇහෙන්නෙ නැද්ද..
අම්මා මගෙ ලගටම ඇවිත් ලැප් එක වැහුවා...
මොකක්ද අම්මා කරන්නෙ....
ඔයාගෙ කණ ඇහෙන්නෙ නැද්ද.මං කී පාරක් ඔයාට කතා කරාද..
මෙහෙ එනවා යන්න..අම්මා මාව අතින් ඇදගෙන ගියා.ඉස්සරහට ගිහින් හිනා වෙලා ඉන්න ඕනෙ...
නිල් පාට ශර්ට් එක ඇදලා ඉන්නෙ ඒ කොල්ලා..
මට නම් මේවා එපා වෙලා.අම්මා අප්පච්චි ඉන්න නිසා මං අකැමැති බව පෙන්වන්නත් බෑ.මූනුච්චාවට හිනා වෙලාම මට එපා වෙලා මේ මනමාලයොන්‍ට..මං මගේ හිතින් ම්මුනුවා....
හ්ම්ම් දුව නම් හරිම ලස්සනයි..අපේ පුතාට හොදට ගැලපෙනවා...
එහෙම කිව්වෙ ඒ කොල්ලගෙ අම්මා.අපේ අම්මටත් ඉතිං ඊට වඩා දෙයක් නෑ...
අපි එහෙනම් මේ දෙන්නට කතා කරන්න දීලා යමු නේද...
ඔව් ඒ අදහස හොදයි.එහෙම කිව්වෙ අපේ අප්පච්චි....
අයියෝ අලි මදිවට කොටි දැන් මේ කොල්ලා එක්කත් මට කතා කරන්න වෙනවා නේ..මං හිතින් මුමුනමින් බොරුවට හිනා උනා...
ඉතිං ඔයාගෙ නම මොකක්ද..
මං සවින්දි ..
ලස්සන නමක් නේ...
මොනවද ඔයා කරන්නෙ...
මං සොෆ්ට්වෙයා හදනවා...
ඉතිං ඔයා මං ගැන අහන්නෙ නැද්ද...
මං හිනා උනා...මට ඔයා ගැන දැනගන්න ඕනෙ නෑ..මං හිතින් මිමිනුවා...
ඒත් අප්පච්චලත් පේන මානෙ ඉන්න නිසා කතා නොකරත් බෑ කියලා හිත හිත ඉන්නකොටම...
පුතේ මොනවද දූ කියන්නෙ...
ඒ කොල්ලගෙ අම්මා...
මුකුත් නෑ අම්මා..
මෙයා හරිම ලැජ්ජයි කතා කරන්න ඒකයි...අපේ අම්මා ඇවිත් එහෙම කිව්වා..
දුවට උයන්න එහෙම පුලුවන් ද...
අපොයි පුලුවන්..මගෙ දුව රසට උයනවා...
අපේ අම්මා අමු කෙප්පයක් ඇරියා..
හ්ම්ම් ඒක හොදයි..මගෙ පුතාටත් උයන්න පුලුවන්..
ටික වෙලාවකට පස්සෙ
හ්ම්ම් එහෙනම් අපි යන්නම්.අපි කෝල් එකක් දෙන්නම්කෝ..
ඔව් ඒක හොදයි..
ඒ අය ගියපු සැනින් මං සාරිය ගලවලා විසී කරලා ගියේ සොෆ්ට්වෙයා එකේ ඉතිරි ටික හදන්න...
එදා හවසම ඒ කොල්ලගෙ ගෙදරින් කෝල් කරලා මට කැමතී කියල තිබුනා..
දුවේ සවින්දි...
ඇයි අම්මා දැන් දවසම කෑවානෙ මගෙන් තව මොනවද ....අප්පච්චිත් එනවානෙ.මං කියන්න හදපු එක ගිල ගත්තා..මොකද මං අප්පච්චිට ටිකක් බයයි...
සවින්දි ....
ඇයි අප්පච්චි...
අර ලමයා ඔයාට කැමතියිලු..ඔයා මොකද කියන්නේ...
මට නිකං යක්ශාරූඩ උනා වගේ.
මං සවින්දි මං ඔය මගුල් වලට කැමති නෑ...මං කතා කරන්නෙ අප්පච්චිට කියලවත් මට ගානක් නැති උනා..
දුව මොනවද මේ කියන්නෙ.අප්පච්චිට ඔහොමද කතා කරන්නෙ...
විමලා අද මං මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්නෙ.ඔයා පැත්තකට වෙලා ඉන්න..
උබ දැන් මේ යෝජනාවට කැමති නැද්ද...
නෑ නෑ මං කැමති නෑ.සවින්දිට කොල්ලෙක් ඕනෙ නෑ...
මේ මගුලට උබ...
අහ්..අනේ අප්පච්චි..
අප්පච්චි පපුවත් අල්ලගෙන කෑ ගැහුවා...
ඉන්න මං ඩොක්ටර්ට ඉක්මනටම කතා කරන්න...
අම්මා එතකන් අප්පච්චිගෙ දිව යට තියෙන පෙත්ත දෙන්න..
ඩොක්ටර් ඇවිත් අප්පච්චි බැලුවා..බලලා බෙහෙත් ලියලා දුන්නා.මේ බෙහෙත් ටික වෙලාවට දෙන්න...
මිසිස් රත්නායක පොඩ්ඩක් එලියට එන්නකෝ...
ඔව් ඩොක්ටර්...
මිස්ටර් රත්නායකට ඇවිත් තියෙන්නේ හාට් ඇටෑක් එකක්..මීට වඩා පරිස්සමි කරගන්න වෙයි මහත්තයාව..
හරි ඩොක්ටර් මං ඒ ගැන සැලකිලිමත් වෙන්නම්..
ඩොක්ටර් ගිය පසු අම්මා මගේ ලගට ඇවිත් අඩමින්..
දුවේ උබ නිසා තමයි අප්පච්චිට මෙහෙම උනේ..බලන්න අප්පච්චි ඉන්න විදිය.දැන්වත් මේ යෝජනාවට කැමති වෙන්න පුතේ..උබට අප්පච්චි මරාගන්නද ඕනෙ...
අම්මා මෙහෙම අඩල අඩලා යන්න ගියා..
කවදාවත් දුක් වෙන්නෙ නැති,අඩන්නෙ නැති සවින්දි අද අඩනවා...
මට අප්පච්චි වෙනුවෙන් මේ කසාදෙ කරන්න වෙනවා.කවදාවත් කසාද බදින්නෙ නෑ කියලා හිතපු සවින්දිට දැන් කසාද බදින්න වෙලා..
මං කසාදෙට කැමැත්ත දුන්නා..ඒත් මං ගෙදර වැඩක් කරන්න දන්නෙම නෑ..උයන්න දන්නෙත් නෑ...ඒකට මොකද කරන්නෙ තවම හිතාගන්න බෑ..මං ඒ කොල්ලට ඇත්ත කියනවා..
අපි දෙන්නා කසාද බැන්දා..මං ඒ කොල්ලට හැම ඇත්තක්ම කිව්වා...මං මේ හැම ඇත්තක්ම කිව්වෙ එයා මාව දාලා යාවි කියන බලාපොරොත්තුවෙන්.ඒත් ඒක එහෙම උනේ නෑ...
සවින්දි මං ඔයා කවුද කියලා තේරුම් ගත්තේ එදාමයි..ඒත් මට ඕනෙ උනා ඔයාව බදින්න..බලන්න මං ඔයාව වෙනස් කරනවා..
අපි බැදපු පලවෙනි දවසේ මගෙ කසාද සැමියා එහෙම කිව්වා...
අවුරුද්දක් ගත උනා...
මගෙ මහත්තයා කියපු කතාව ඇත්ත මං වෙනස් වෙලා..ගලක් වගේ තිබුනු මගේ හිත අද පොඩ් දේටත් සංවේදි වෙලා..කිසිම හැගීමක් නැති ලැප් එක එක්ක ජීවත් උනු මට දැන් තමයි දැනෙන්නේ ජීවිතේ මොන තරම් සුන්දරයිද තවත් කෙනෙක් ලග ඉන්න කොට කියලා...
කවදාවත් කණ්නාඩියක් ඉස්සරහට ගිහින් ලස්සන නොබලපු මං අද සාරියක් ඇදගෙන කණ්නාඩිය ඉස්සරහට ගිහින් මගේ ප්‍රතිරෑපෙ බැලුවා..
ඇත්තමයි මං කොච්චර ලස්සනද..මං මගේ මූණ අතගාන ගමන් හිතුවා...ඒත් එක්කම
මගේ මහත්තයා ඇවිත් මගේ ඉන වටා අතයවමින්..මගේ උර හිසට ඔලුව තියාගෙන කණ්නාඩිය දෙස බලමින්..ඔයා සාරිය ඇන්දම හරිම ලස්සනයි.හරියට සුරංගනාවියක් වගේ.මේ සුරංගනාවිට මේ කුමාරයා හොදට ගැලපෙනවා නේද පන ...
පන ...
හ්ම්ම් ඔයා මගේ පන තමයි...
මට මොකක්දෝ හැගීමක් හිතට දැනුනා..අයියෙ මට මොකක්දෝ දැනෙනවා මේ ලගකදි ඉදන්..
එහෙනම් කෙල්ලට ආදරේ ඇති වෙලාද කොහෙද...
ඒකට කියන්නෙ ආදරේ කියලද...
හ්ම්ම්..
ඇත්තටම මං කොහොම හිටිය කෙනෙක් ද,ලැප් එකෙන් තොර ජීවිතයක් මට තිබුනෙම නෑ..ඒත් අද මං,ඔයා කොහොමද මාව මෙහෙම වෙනස් කරේ අවුරුද්දක් ඇතුලත..මට හිතාගන්න බෑ..
ඒකට තමා ආදරේ කියන්නේ..මං ඔයා වෙනුවෙන් හුගක් ඉවසීමෙන් බලන් හිටියා..
ඇත්තමයි අපි කසාද බැන්දත් කවදාවත් එක කාමරේක හිටියේ නෑ..ගෙදර ඉව්වෙ එයා..ඒ වගේම මට ලොකු ආදරයක් දීලා මාව වෙනස් කරා..දැන් නම් මට ටිකක් උයන්නත් පුලුවන්..
මං හිතුවෙ මගේ ජීවිතේදී මගේ සැමියා මට මීට කලින් මුනගැහුන නම්,මං කොච්චර වාසනාවන්තද...මං පුංච් කාලෙ ඉදලම ආදරේ කියල දෙයක් දන්නෙවත් නෑ.ඒත් අද මට ඒ ආදරේ දැනෙනවා..මගේ කලින් ජීවිතේට වඩා කොච්චර සුන්දරයිද මේ ජීවිතේ කියලා මට හිතුනා
ආදරේ කියන්නෙත් එක බෙහෙතක් තමයි සවින්දි..
අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ආදරේ ලග තියෙනකොට..
හ්ම්ම් වෙන්න ඇති අද මට ජීවිතේ හරිම නිදහස් බවක් දැනෙනවා..මං සොෆ්ට්වෙයා හදද්දි,ඉගෙන ගද්දි තිබුන පීඩනය අද මට පොඩ්ඩක්වත් දැනෙන්නෙ නෑ...
කසාදේට වෛර කරපු මන් අද මේ ජීවිතේට හුගක් ආදරේ කරනවා.මගේ ජීවිතේ ලස්සන දුන්නේ ඔයා තමයි සංජය ....
හ්ම්ම් හරි හරි ..
සවින්දි ....
හ්ම්ම්...
සොෆ්ට්වෙයා එකක් හදමුද....
අනේ අයියේ ඔයා..මං අයියට විහිලුවට අතින් පපුවට ගහගෙන ගියා....
විහිලුවක් කරේ බබා...
මං ඒ දෑස් දෙස බලා....තෑන්ක්ස් ඔයාට......මාව වෙනස් කරාට...
හ්ම්ම් තෑන්ක්ස් සොරි ඒවා තහනම් ආදරේදි...
අහ් එහෙමද...හරි ආයි කියන්නෙ නෑ...
සවින්දි ඔයාට එක දෙයක් අමතක උනා...
ඒ මොකක්ද ......
අපේ අවුරුද්දක් පරණ හනිමුන් එක......
සවින්දි ලැජ්ජාවෙන් බිම බලා ගත්‍තා..
මොකද කෙල්ලට ලැජ්ජ හිතුනද..
හ්ම්ම් ....
ඔයාට මතකද අපි කසාද බැන්ද දවසෙ අපේ ප්‍රශ්න කතා කරපු එකමනෙ කරේ....
හ්ම්ම් ...ඔව් ඒක ඇත්ත...
ඔයා ආසයි නේද සවින්දි ට්‍රැවල් කරන්න...
හ්ම්ම් හුගක් ආසයි....
මං ටිකට්ස් බුක් කරා අපි හෙට සිංගපූ යමු..
සිංගපූ ශා ශෝයි නේ යමු අපි...
හ්ම්ම් එහෙනම් ඇදුම් පැක් කරගන්න යමු ඉක්මනටම....
හරි...
දෙදෙනාම ජීවිතේ තබන ඊලඟ පියවරට පිය නගන්න සූදානම් වීමට නික්ම ගියා.....
ආදරේ කියන වචන තුනට ගල් හිතක් උනත් මෙල්ල කරන්න පුලුවන් නේද..
නිමි..
උපුටා ගැනීමකි
No comments:
Post a Comment