(කෙටි කතාව)
නුඹ සිහිනයක් බව දැන දැනම........
ආදරේ කළා මං නුඹට........
ඔව්.... සත්තකින්ම.......
මං මටත් වඩා ආදරේ කළා නුඹට.....
නුඹව මටවත්........
මං නුඹටවත්.....
අයිති වෙන්නේ නෑ....
මේ සසර පුරාවටම.......
ඒත්.........
මං අදරෙයි......
ආදරේ කළා මං නුඹට........
ඔව්.... සත්තකින්ම.......
මං මටත් වඩා ආදරේ කළා නුඹට.....
නුඹව මටවත්........
මං නුඹටවත්.....
අයිති වෙන්නේ නෑ....
මේ සසර පුරාවටම.......
ඒත්.........
මං අදරෙයි......
ඇය නිකිණී නෙතුසරා ගුණවර්ධන......... ටිකක් නෙමෙයි ගොඩක් දඟකාර, කටකාර කෙල්ලෙක්........ ඕනම කෙනෙක්ගේ හිත ඇදලා ගන්න පුළුවන් ලස්සන ගතිගුණ ගොඩක් තිබුණා......... නිකිණි කියන්නේ ටිකක් උස, කෙට්ටු ගෑණු ළමයෙක්...... ඒත් හරි අහිංසක ලස්සනක් කෙල්ලට තිබුණේ.......
මොකද බං උඹ ඔය කරන්නේ........ ඔහොම කරොත් නම් අද අපිට බිංදුව තමයි.........
කට්ටියත් එක්ක තව පැයකින් ප්‍රසන්ට් කරන්න තියෙන ඩ්‍රාමා එක ප්‍රැක්ටිස් කරනවා....... ඒ අතරේ නිකිණි සයිඩ් එකක් අල්ලගෙන ලොකු කල්පනාවක....
අනේ සොරි බං...... දන්නේ නැද්ද ඉතිං.......
මං මොනවද දන්නේ බං........
ඇය නමින් අනුෂි........ නිකිණිගේ හොඳම යාළුවා පන්තියේ ඉන්න......
කට්ටියත් එක්ක ගිහිල්ලා ඩ්‍රාමා එක ප්‍රැක්ටිස් කළේ පරදින්න තියෙන අකමැත්ත නිසාමයි..... නිකිණි කවදාවත් පරදින්න කැමති කෙනෙක් නෙමෙයි.........
නිකිණි මේ ඉන්නේ මාතර ප්‍රසිද්ධ ඉංග්‍රීසි පන්තියක........ සර් ක්ලාස් එකේ ළමයි කණ්ඩායම් පහකට බෙදලා ටොපික් එකක් දුන්නේ ඩ්‍රාමා එකක් කරන්න කියලා........ ඉතිං හැමෝම හෝ ගාලා සූදානම් වෙනවා........
ඒ අතරේ නිකිණිටත් හොරෙන්ම නිකිණි දිහා බලන් හිටපු කෙනෙක් ක්ලාස් එකේ හිටියා....... ඔහු නමින් සිතුමිණ නෙතුම් වීරකෝන්.......... නිකිණි ගැන හිතේ ලොකු ආදරයක් හංගගෙන නිකිණි දිහා බලලා හිත හදා ගනිපු කෙනෙක්........ සිතුමිණට නිකිණි ගැන තියෙන ආදරේ කියන්න ඕන වුනත් ඒකට චුට්ටක් භය හිතුනා.........
සිතුමිණ ආදරේ ගැන කටින් නොකිව්වට පුළුවන් හැම විදියටම නිකිණිට ඒක දැනෙන්න සැලැස්සුවේ නිකිණි ඒක තේරුම් ගනියි කියලා හිතලා...... ඒත් ඒ දේ කවදාවත් සිද්ද වුණේ නෑ......
කාලය ගෙවිලා ගිහිල්ලා ක්ලාස් එකත් ඉවර වුණා....... සිතුමිණගේ ආදරේ හිතේම තියාගෙන කල් ගෙවුවා මිසක් ඒ ගැන නිකිණිට කිව්වේ නෑ.....
ඒත් ඒ දෙන්නා ගොඩක් හොඳ යාළුවෝ වුණා........
අඩෝ උඹ කොහෙද මෙහේ.........
යාළුවෙක්ගේ ගෙදර ගියා බං.........
කවුද බං උඹට මෙහේ ඉන්න මං නොදන්න යාළුවා........
උඹ නිකිණිව දන්නවද..........?
ඇයි බං...... අර සුදු, උස කෙල්ලනේ.......
ඔව්... ඔව්.......
ඒකි මගේ ක්ලාස් මේට්නේ....
ඒ නිසල්........ නිකිණිගේ ක්ලාස් මේට් වගේම, සිතුමිණගේ හොඳම යාළුවෙක්........
අප්පටසිරි....... එහෙමද.....? මං දන්නේ නැහැනේ...... මං එහේ ගියා........ දන්නවනම් උඹවත් අරගෙන යනවා.......... අපරාදේ......
දැන් උඹ මොකටද එහේ පදින්නේ.......... මොකෝ කෙල්ලා ගැන හිතක් පහළ වෙලාවත්ද.........?
පිස්සුද බං....... ඒකී හරි හොඳයි....... යාළුවෙක් විතරයි බං........
අනේ පල.... පල.......... ඉඳපන්කෝ මං අහලා බලන්න.......... කතා කරන්නත් බැරි වුණා කාලෙකින්..... මං රෑ වෙන්න කෝල් එකක් ගන්නම්කෝ......
ඒකිට කොල්ලෙක් නැද්ද බං......
කලින් හිටියා.......... ඒක නෑ දැන්...... මං හිතන්නේ ගොඩක් කල් වෙනවා....... ඒ ගැන ඒකී වැඩිය කතා කරන්න කැමති නෑ බං...... ඒ නිසා ඒ ගැන මොකුත් අහන්නේ නෑ බං.......
උඹට හොඳටම ෂුවර් ද කොල්ලෙක් නෑ කියලා.......
ඔව් බං......... ඉන්නවනම් ඒකී කියනවා..... එහෙම බොරු නෑ....... දැන් කියපන් බලන්න උඹට මොකටද මේ දේවල් ඔච්චර කියලා.....
ඔව් බං....... මං ආදරෙයි ඒකිට..... ඒත්..
ඇයි ඒත්.......
ඒකී කැමති වෙන එකක් නෑ බං.........
බලමුකෝ...... මං අහලා බලන්නම්කෝ......
දෙන්නත් එක්ක තව ටිකක් වෙලා කතා කර කර ඉඳලා යන්න ගියේ...........
කාලය ගෙවිලා ගියාට සිතුමිණ කවදාවත් නිකිණිගෙන් ඒ ආදරේ ගැන ඇහුවේ නෑ....... හැබැයි දෙන්නා ගොඩක් හොඳ යාලුවෝ වගේ හිටියා......
ඔහොම කාලය ගෙවිලා යද්දී නිකිණිට බෝයි කෙනෙක් හමු වෙනවා......... ඒ වගේම සිතුමිණත් එන්ගේජ්මන්න්ට් එක ගන්නවා....... ඒත් එෆෙයාර් එකකින්.... ඔය දේවල් එක්ක නිකිණියි, සිතුමිණයි කතා බහ කරන්නේ අඩුවෙන්...... ඒත් සිතුමිණගේ හිතේ තියෙන ආදරේ පොඩ්ඩක්වත් වෙනස් වුණේ නෑ....... නිකිණි දකින වෙලාවට ඒ ආදරේ ආයේ වැඩි වුණ එක වුණො.......
නිකිණිගේ බෝයි නිකිණි එක්ක ගොඩක් කතා බහ කරන්නේ නෑ........ එයා රට හිටියේ..... ඒ නිසා නිකිණි ගොඩක් යාළුවෝ ආශ්‍රය කළා.. ඒ ගෑණු ළමයි, පිරිමි ළමයි කියලා වෙනසක් තිබුණේ නෑ.......... ඒත් කවදාවත් නිකිණි එයාගේ බෝයිට වරදක් කළේ නෑ....... නිකිණිගේ යාළුවෝ හැමෝම එයාගේ බෝයි ගැනත් දැනගෙන හිටියේ.......
කොහෙම වුණත් දෙන්නා අතර ප්‍රශ්ණ ගොඩක් තිබුණා.......... නිකිණිට ගොඩක් වෙනස්කම් වෙද්දී නිකිණි හැමදේම ඉවසගෙන හිටියේ හිතේ තියෙන ආදරේ නිසාමයි..... සමහර වෙලාවට හැමදෙයක්ම දමලා ගහලා යන්න හිතුන වාර අනන්තයි....
දවසක් නිකිණිට අහම්බෙන් වගේ සිතුමිණව හමු වෙනවා.......... සිතුමිණ ජොබ් එකට ගියේ නිසල්ගේ ගෙදර නැවතිලා.......
හායි නිකිණි............
හේයි..... සිතුමිණ....... කොහොමද.....?
හොඳින් ඉන්නවා...... ඔයා...........?
මං හැමදාම හොඳින් කියලා දන්නවනේ......... ඉතිං කොහොමද? මැරි කළාද........?
නිකිණි එහෙම ඇහුවේ අතේ තිබුණ රින් එක දැකලා...... සිතුමිණ අත දිහා බලලා ආයෙම නිකිණි දිහා බලලා කතා කළා.....
හ්මි........ එන්ගේජ්මන්ට් එක ගත්තා....... දැන් අවුරුද්දක් විතර වෙනවා....... ඔයා..........?
තවම නෑ සිතුමිණ..........
ඒ කියන්නේ බෝයි කෙනෙක් නෑ......
ඉන්නවා... රට ඉන්නේ....... එනකම් ඉන්න ඕන.......
ආ...... එහෙනම් හොඳයි........
මට බස් එක එනවා.... මං යන්නම්........
ඔය විදියට හමු වුණ දෙන්නා නිතර නිතර මැසේජ් කරන්න පටන් ගත්තා ආයෙම...... නිසල් නිකිණි දකින හැමදාම උඹේ පරණ ආරවන්තයා කිය කිය නිකිණිට විහිළු කරන්න ගත්තා සිතුමින ගැන කියලා...... ඒ වගේම තමයි නිසල් හැමදාම සිතුමිණට බැන්නා නිකිණිගෙන් ආදරේ ගැන ඇහුවේ නෑ කියලා..... නිසල් ඒ තරමටම කැමති වුණා සිතුමිණයි, නිකිණියි දෙන්නා එකතු වෙනවට......
නිසල් දැනගෙන හිටියේ ඒ වෙනකොට සිතුමිණ ඒ ගැන නිකිණිගෙන් ඇහුවා නම් නිකිණි කැමති වෙනවා කියලා....... නිසල් ඇත්තටම පසු තැවුණා සිතුමිණයි, නිකිණියි සෙට් කරලා දෙන්න බැරි වුණාට.........
නිකිණිත් බෝයි එක්ක පොඩි පොඩි අවුල් තිබුණ නිසා ටික ටික සිතුමිණ ගැන ටික ටික දැනෙන්න පටන් ගත්තා...... සිතුමිණ එන්ගේජ් වුණ ගර්ල් ගැන හැමදේම හොයලා බලලා කරා...... සමහර වෙලාවට නිකිණී කතා කර කර ඉන්න වෙලාවට ෆෝන් එක කට් කරලා ගර්ල්ට ගත්තේ ඒ ගැන නිකිණිටත් කියලා.... මේ වෙලාවට නිකිණිගේ හිත ගොඩක් රිදුනා.... ඒත් නිකිණි දැනගෙන හිටියේ සිතුමිණ එන්ගේජ් වෙලා කියලා....... ඒ වගේම මොන ප්‍රශ්ණයක් ගියත් තමන්ගේ බෝයි ලංකාවට එන්නේ තමන්ව මැරි කරන්න බලාගෙන කියලා නිකිණි දන්නවා......
ඒ මොන දේ වුණත් සිතුමිණයි, නිකිණියි ගොඩක් හිතවත් වුනා.... සමහර දවසට දෙන්නා රෑ දොළහා, එක වෙනකම් කතා කළා..... ඒත් ඒක සිතුමිණට ලොකු ප්‍රශ්ණයක් වුණා.......
මේ පොඩි දෙයක් අහන්නද.........?
මොකද්ද..........?
බෝයි කතා කරන්නේ නැද්ද........?
කතා කරනවා........
නිකිණි එහෙම කිව්වට නිකිණිගේ ඇස්වල කඳුළු පිරුණා.......... බෝයි ඉඳලා හිටලා තමයි නිකිණිට කෝල් එකක් දෙන්නේ..... ඒ ගත්තත් දෙන්නා හොඳටම රණ්ඩු වෙන එක කරන්නේ...... එ මොන දේ වුනත් නිකිණි එයාව දාලා යන්න සූදානම් වුණේ නෑ.. ඒ තරමට නිකිණි එයාට ආදරේ කළා...... දැන් මාස දෙකකටත් වැඩියි බෝයි නිකිණිට කතා කළේ නෑ...... නිකිණී සමහර වෙලාවට ගොඩක් අඬනවා තනියම...... නිසල් මේ දේවල් දැනගෙන හිටියේ........
කොයි වෙලාවටද........?
එහෙමයි කියලා නෑ..... එයාට පුළුවන් වෙලාවට ගන්නවා.........
මට නම් හිතෙන්නේ නෑ නිකිණි......... ඔයාට මං පැය විසි හතරෙම කතා කළත් ඔයා කතා කර කර ඉන්නවා......... බෝයි කෙනෙක් ඉන්නවනම් එහෙම කරන්න විදියක් නැහැනේ...... ඇත්තටම බෝයි කෙනෙක් ඉන්නවද........?
නිකිණී මොකුත් කිව්වේ නෑ..........
ඇයි සුදූ...... කියන්න මට ඇත්ත........
නිකිණිට ඇඬුනා.......
ඉන්නවා..... මං පණ වගේ ආදරේ කරන, ඒත් මට ලොකු ආදරයක් දෙන්නේ නැති කොල්ලෙක් ඉන්නේ..... මං දන්නේ නෑ සිතුමිණ....... මේ ගැන කතා කරන්න මට තේරෙන්නේ නෑ......
ඔයා අපිට නෙපෙන්නුවට ගොඩක් දුකින් නේද ඉන්නේ........
හ්ම්....... මට දැන් පුරුදු වෙලා සිතුමිණ... ඇස්වල කඳුළු තියාගෙන හිනාවෙන එක....... අවුරුදු ගාණක් මම ජීවත් වුණේ මෙහෙමයි.... දැන් ඒක මට හුරු වෙලා....ජීවිතේ ගැන මං ගොඩාක් ලොකු වැරදි තීරණයක් අරගෙන තියෙන්නේ....... මට දැන් ආයෙම හැරෙන්න බෑ,....... ඒ නිසා මං ඉවසගෙන ඉන්නවා......
නිකිණී හොඳටම ඇඬුවා.......
අඬන්න එපා සුදූ....... කියන දේ අහන්න....... ඇයි ඔයාට එයාව අතෑරලා දාන්න බැරි........
මං දන්නේ නෑ....... මං ආදරෙයි ගොඩක්........
එහෙමයි කියලා ඔහොම දුක් විඳින්න පුළුවන්ද.......? තේරුම් ගන්න ටිකක්.........
දැන් හැම දේකටම මං පරක්කු වැඩියි.........
ඇයි ඒ.......
ගෙවල් දෙකෙන්ම මේ ගැන දන්නවා...... ඒ නිසා මට දැන් කරන්න දෙයක් නෑ සිතුමිණ.....
ඉතිං ළමයෝ එහෙමයි කියලා මුළු ජීවිතෙන්ම වන්දි ගෙවන්න පුළුවන්ද..?
හැමදේම ඉවසන එක විතරයි මට තියෙන්නේ....... ඉස්සර ගෙදරින් මේකට කැමති වුණේ නෑ........ මගේ තනි තීරණේට මං එයාට කැමති වුණේ..... ඒ නිසා මට දැන් කටක් ඇරලා එයාලට මේ ගැන කියන්න බෑ,....... මේවා මගේ වැරදි......... තනියම විඳවන එක තමයි දැන් මට ඉතුරු........
එහෙමයි කියලා ළමයෝ ජීවිතෙන් වන්දි ගෙවන්න පුළුවන්ද.....?
මේක මං කරපු මොකක් හරි ලොකු පවක් වෙන්න ඇති...... ඒ නිසා ඒක මේ ආත්මෙන්ම ගෙවලා ඉවර කර ගන්න ඕන...... එන ආත්මෙවත් මට සැනසීමක් නැති වෙයි නැත්නම්.........
අනේ මන්දා...... ඔයාට නම් හොඳටම පිස්සූ....... නැත්නම් ඔහොම ඉඳියි ද.....?
හ්ම්.... අදද දන්නේ මට පිස්සු කියලා...........
නිකිණී හිනා වුණේ මේ කතාව මෙතනින් නවත්තන්න ඕන නිසාමයි.......
එදා ඉඳලා නිකිණි හැම දෙයක් ගැනම සිතුමිණ එක්ක කතා කළා........ හිතේ තියෙන හැම දුකක්ම සිතුමිණට කිව්වා....... සිතුමිණ පුළුවන් විදියට නිකිණිගේ හිත හදපු එක කළේ...... මේ දේ දැකපු නිසල් දෙන්නව අල්ලගෙන සෑහෙන්න බයිට් කළා..... ඒ වෙලාවට නිකිණිට නම් තරහයි... ඒත් සිතුමිණ ඒ දේට ගොඩක් කැමතියි.....
ඔය විදියට කාලය ගෙවිලා ගියා........ දවසක් සිතුමිණගේ යාළුවෙක් සිතුමිණට කිව්වා නිකිණිට ලස්සනට කවි ලියන්න පුළුවන් කියලා...... සිතුමිණ නිකිණිට කිව්වා තමන් ගැන හිතෙන දේ කවියකින් ලියලා දෙන්න කියලා...... නිකිණි කොච්චර බෑ කිව්වත් සිතුමිණ ඇහුවේ නෑ,.. අන්තිමට නිකිණි ගොඩ දවසකින් පොඩි කවියක් ලිව්වා...........
නුඹ කවියක්........
දුරින් හිඳ බලමින්.......
නුඹට පෙම් බැඳි නියාවට......
තවම මම විඳවමි......
දුරයි නුඹ. දුරයි මට.......
මේ සසර පුරාවටම........
එක්ව යන්නට නොහැක.....
ඉතිං.......
එපා වෙහෙසෙනු කිසිම දින......
සොයනන්ට නමක් අප බැඳීමට.....
දෙතැනක ඉඳ වෙන්ව යමු අපි...........
නාඳුනන්නන් ලෙසින්.....
සැබෑවටම එයයි අප පෙම........
නුඹට පෙම් බැඳි නියාවට......
තවම මම විඳවමි......
දුරයි නුඹ. දුරයි මට.......
මේ සසර පුරාවටම........
එක්ව යන්නට නොහැක.....
ඉතිං.......
එපා වෙහෙසෙනු කිසිම දින......
සොයනන්ට නමක් අප බැඳීමට.....
දෙතැනක ඉඳ වෙන්ව යමු අපි...........
නාඳුනන්නන් ලෙසින්.....
සැබෑවටම එයයි අප පෙම........
මේක දැකපු සිතුමිණට හිතා ගන්න බැරි වුණා.......
සිතුමිණ නිකිණිට කෝල් එකක් ගත්තේ කවිය කියවපු ගමන්මයි....... මේ වෙනකොටත් සිතුමිණ නිකිණිට ගොඩක් ආදරේ කළා....
සුදූ. මේ ඇත්තමද....?
මොකද්ද.....?
නිකිණි ඇහුවේ මොකුත්ම නොදන්න විදියට......
මේ කවිය....... මං ගැනද.........?
නෑ......
බොරු කියන්න එපා....... ආදරෙයි නේද මට.........
නෑ..... ඒක නිකන් හිතට ආපු වචන ටිකක් විතරයි......
බොරු කියන්න එපා..........
ඇත්ත කිව්වා කියලා වෙන්න දෙයක් නෑ සිතුමිණ........ ඒක නිකන් පද ටිකක් විතරයි.........
වෙන්න දෙයක් නැති වුණාට කමක් නෑ........ ඒත් මට ඇත්ත කියන්න........
මොන ඇත්තද........?
දන්නවද දෙයක්.........
මෙකද්ද සිතුමිණ.........
මං පිස්සුවෙන් වගේ ඔයාට ආදරේ කරපු කාලයක් තිබුණා කියලා ඔයා දන්නවද.........?
නිකිණිගේ හිත ගැස්සිලා ගියා........
නිසල් ඒකයි ඔයාට මාව අල්ලලා විහිලු කරන්නේ...... මං ඒ දේට හරි ආසයි........
ඇයි මට ඒ ගැන කිව්වේ නැත්තේ.......
හැම දෙයක්ම කියන්න ඕන නෑ සුදූ....... සමහර දේවල් තේරුම් ගන්න ඕන....... ඉස්සර මං ඔයාව බලන්න ගෙදරටත් ආවා....... ඒත් මං හිතුවේ ඔයාට බෝයි කෙනෙක් ඉන්නවා කියලා ඒ කාලේ..... ඒකයි මං ඒ ගැන ඇහුවේ නැත්තේ...... අදත් මං ඔයාට ආදරෙයි........
ඔයා වෙන කෙනෙක්ගේ සිතුමිණ..... මමත් එහෙමයි........ මං හැරුණත් ඔයාට ආයේ හැරෙන්න බෑ...... අපි මේ ගැන කතා නොකර ඉමු........
බෑ නිකිණී....... මට කතා කරන්න ඕන........... අපි මෙහෙම කතා කරමු........ ඒ දෙන්නටම වරදක් නොකර........ අපි ආදරේ කරමු.......
එපා..... මං මොකක් හරි ලොකු පවක් කරලා තියෙනවා ගිය ආත්මෙක...... ඒකයි මං අද මෙච්චර දුක් විඳින්නේ...... ආයෙම ඒ වරදම මට කරන්න බෑ....... ඒක ලොකු පවක්....... ඔයාට පණ වගේ ආදරේ කරන කෙනෙක් ඉන්නවා.......
කමක් නෑ........ මං එයාට වරදක් කරන්නේ නෑ........ අපි කතා කරලා ඉමු.....
මං දන්නේ නෑ.........
ඔයා දන්නවා...... ඔයා මට ආදරෙයි......
දන්නේ නෑ මං.......
හ්ම්....... කමක් නෑ..... මං දන්නවනේ මට ආදරෙයි කියලා......... ඒ ඇති.......
ඔය විදියට කාලය ගෙවිලා යද්දී නිකිණියි, සිතුමිණයි ගොඩක් ලං වුණා....... නිකිණිට එයාගේ බෝයිගෙන් නොලැබුණ ආදරේ සිතුමිණගෙන් ගොඩක් ලැබුණා.... නිකිණි ඒ ආදරේට ගොඩක් ආදරේ කළා......... ඒත් තමන් කරන්නේ ලොකු වරදක් කියලා නිකිණිට නොදැනුනා නෙමෙයි.........
ඔය අතරෙම තමයි හිටි ගමන් සිතුමිණගේ වෙඩින් එක ගන්න ප්ලෑන් කරන්නේ.........
දෙයක් කියන්නද සුදූ.........
මොකක්ද බබා.....
තව මාස දෙකකින් වෙඩින් එක ගමු කියනවා...........
ඉතිං.....
අනේ මට සමා වෙන්න......
සිතුමිණ හරි දුකින් කිව්වේ........
මට මොකද ඉතිං.......
සොරි...... ඒත් කරන්න දෙයක් නෑ සුදූ......
මට කමක් නෑ....... මට දුක නෑ........ ආදරේ කියන දේ මට අයිති නෑ කියලා මං දන්නවා........ ඒ නිසා මට දුක නෑ......
එහෙම කිව්වට නිකිණිට ගොඩක් දුක හිතුනා......... මොකද නිකිණිට එයාගේ බෝයිගෙන් නොලැබුණ ලොකු ආදරයක් සිතුමිණගෙන් ලැබුණ නිසා...... ආයෙම ඒ ආදරේ තමාට ලැබෙන්නේ නෑ කියලා නිකිණිට දැනුණා...... ඒත් අයිති නැති දේකට ආදරේ කරාම මේ දුක ලැබෙනවා කියලා නිකිණි දැනගෙන හිටියේ.......
ඒත් නිකිණිට ඒ දේට මූණ දෙන්න අමාරු වුණා..... ඒ නිසා නිකිණි නිතරම සිතුමිණ එක්ක රණ්ඩු වුණා......... සිතුමිණ වෙඩින් එකේ වැඩ ප්ලෑන් කරද්දී නිතරම නිකිණිගේ උදව් ඕන වුණා..... ඒත් නිකිණිට මේක ලොකු දුකක්.....
සුදු නෝනා මට සමා වෙන්න.....
ඇයි ඒ......?
ඔයා පවු....... දන්නේ නෑ සුදූ...... මං ආදරෙයි.... කවදාවත් ඒක නැති වෙන්නේ......
මං දන්නවා........ කමක් නෑ,...... ඔයාව කොහොමත් මට අයිති නෑ කියලා දැන දැනනේ මං ආදරේ කළේ...... මට ඒ නිසා දරා ගන්න පුළුවන් ඒ දේ......
නිකිණී කොච්චර කිව්වත් නිකිණිට සිතුමිණ වෙන කෙනෙක්ගේ වෙනවා බලන්න අමාරු වුණා......
නිකිණි ගොඩක් මානසිකව වැටුනා........ ඒත් සිතුමිනට නිකිණිගේ වෙන්නවත්, නිකිණිට සිතුමිණගේ වෙන්නවත් පුළුවන්කමක් තිබුණේ නෑ....... කොහොමහරි සිතුමිණට ඕන වුණා නිකිණිව වෙඩින් එකේ දවස් දෙකටම ගෙන්නව ගන්න....... නිකිණි අකමැත්තෙන් වුණත් ඒකට සහභාගීවෙන්න තීරනය කලේ සිතුමිණ පවු කියලා හිතුණ නිසාමයි.......
ඔයා නිසයි බබා මං හෙට එන්නේ...... ඒත්.......?
ඇයි සුදු නෝනා.......
නැහැ..... මං ගැන වැරදියට හිතන්න එපා.......... අපි මේ හැමදෙයක්ම මෙතනින් නවත්තමු......
එත්.......
මං කියන දේ අහන්න බබා....... හෙටින් පස්සේ ඔයා බැඳපු කෙනෙක්......... මං ඔයත් එක්ක ඉන්න එක ඔයාට කොහොම වෙතත් මට හොඳ නෑ බබා........ ඒක තේරුම් ගන්න........ මං ආදරෙයි ගොඩක්....... ඒත් ආදරේ කියන්නේ අයිති කර ගන්න එකම නෙමෙයි නේද......?
ඔව්......... අපි වැරදි කරන්නේ නැතුව ඉමු.........
බෑ බබා........... මේ හැමදේම මෙතනින් නවත්තමු.......... හෙට මං එනවා...... ඒත්....?
ඇයි මගින් නැවැත්තුවේ.........?
මට කොහෙමත් මගින් නවතින්න වෙනවනේ......... මං ඔයාලට සුබ පතනවා....... හෙට කතා නොකළට මගෙත් එක්ක තරහා වෙන්න එපා........ හෙට විතරක් නෙමෙයි......... හෙටින් පස්සේ කවමදාවත් කතා නොකලා කියලා මගෙත් එක්ක තරහා වෙන්න එපා..........
ඇයි සුදු නෝනා මේ.........
අපි බලමුකෝ මහත්තයෝ.......... මං තියන්නම් දැන්..........
හරි සුදු නෝනා........ බුදු සරණයි ඔයාට.........
ඔයාටත්........ හෙටින් පස්සේ උදාවෙන ජීවිතය ගොඩාක් ලස්සන වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්නම්........... බුදු සරණයි........
එහෙම කියලා නිකිණී කෝල් එක කට් කරලා ෆෝන් එක ඕෆ් කර ගත්තා........ කෙල්ලා හොඳටම ඇඬුවා........ ඒ ඇයිද කියන්න කෙල්ලටම හිතා ගන්න බැරි වුණා.......
කවදා හරි දවසක තමන්ටත් මේ තරම්ම ආදරයක් ලැබෙයි කියලා හිත හිතම දවස් දෙකම වෙඩින් එකට සහභාගී වුණා......... ඒත් නිකිණිට සිතුමිනගේ මූණවත් බලන්න බැරි වුණා...... ඒ තරමටම දුක හිතුණා.........
නිකිණී එදා හොටෙල් එකෙන් එළියට ආවේ ආයේ කවදාවත් සිතුමිණට ළං වෙන්නේ නෑ කියලා හිතාගෙනමයි.........
හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට.....
සිත මගේ බොළඳ වෙලා.........
අන්සතු හදකට පෙම් කළ වරදට.....
ලොව මට එරෙහි වෙලා.........
සිත මගේ බොළඳ වෙලා.........
අන්සතු හදකට පෙම් කළ වරදට.....
ලොව මට එරෙහි වෙලා.........
නිමි.........
ලියන්නේ සදලි අනුත්තරා

No comments:
Post a Comment