හදවතින් විදගන්න

💗💗💗💗💗💗💗💗කෙටි කතාවක්💗💗💗💗💗💗💗💗

හදවතින් විඳගන්න........කඳුළු කතාවක්

-----------------------------------------------------------

මිස්ටර් කවීජ අපිට කියන්න මේ ජයග්‍රහණයේ පිටිපස්සේ ඉන්නේ කව්ද???.

කවීජ ඇයි නිශ්ශබ්ද???.

"ස්ටේජ් එකෙන් එවෝඩ් එක අරගෙන බහින්නත් කලින්  මීඩියා මාව ව⁣ට කරගෙන දාහක් ප්‍රශ්න අහනකොට සත්තකින්ම මං හැමදාම ගොළු වුනා. මම කවීජ ලෝකෙට නම් මං ස්ටාර් කෙනෙක්.මට මේ වගේ ලංකාවේ ලොකු තැනකට එන්න ලොකු හීනයක් තිබුනේ නැති වුනාට මං පණටත් වඩා ආදරේ කරපු සශිනි එයාට නම් ලොකු හීනයක් තිබුනා ඒක හැබෑ කරවන්න ඒත් අදටත් මං ස්ටේජ් එකට නගින වාරයක් ගානෙම පිච්චෙනවා කෙල්ලේ හැමදාම හිතින් හූල්ලලා"
  
            
                                         ***වසර තුනකට පෙර***

අව් පිස්සා මෝඩයා මැට්ටා උගුඩුවා.

මේකද මී හරකියේ සත්තු වත්තම කියලා අමතන්නේ.

ඉතින් කොන්ඩේ අල්ලන්න එපා දන්නවානේ මං ආස නෑ කියලා.

"එදා ඉඳන් සශිනි ආස කලේ නෑ තව කෙනෙක් එයාගේ කොණ්ඩේ අල්ලනවාට.මහ ගොඩක් එයාට කොණ්ඩේ තිබුණේ නෑ. දහය වසරේ ඉඳන් මගේ හොඳම යාළුවා උනේ සශිනි කෙල්ලට හරි දාංගලේ මගේ පිස්සු වැඩ වලට නිටගයමෙට මැච් වුනා. දවසක්"

කවියෝ.....

ඕහ්.

කොල්ලෙක් මට නම්බර් එකක් දුන්නා නේ.

න්...නෑ සිරාවට. කෝ කෝ කතා කරලා බලමු.

ඒ පිස්සා මෝඩයෝ දන්නවා ද කව්ද දුන්නේ කියලා.

නෑ.

අර හන්දියේ සුරංග අයියා.

මොකක්.

ඔව් අනේ.

ඉතින් හොඳයිනේ ඌ ලස්සන කොල්ලා නේ කතා කරලා බලනවාකෝ.

හම්ම්.

"කෙල්ල එදා ඉඳන් සතියක් විතර ඌ එක්ක ෆෝන් එකෙන් කතා බහ කරා. එතකොටයි කෙල්ල මගෙන් හුඟක් ඈත් වෙනවා කියලා දැනුාන්"

සශි.

ම්ම්ම්.

මොකද දැන් මාව අමතකද???

අනේ නෑ සූටියෝ.

හා හා මේ බටර් එපා.

බටර් නෙවෙයි බබෝ මං මේ දොලට යන්න හැදුවේ රෙදි ටිකක් තියනවා හෝදන්න.

මාත් එන්නද.

ඒ පිස්සා ගෑනු ළමයි නාන තැන් වලට එන්නේ නෑ.

කමක් නෑ ඔයානේ.

එපා එපා ලොකු මාමා වත් දැක්කොත් වසලා හමාරයි.

හා එහෙනම් ගිහින් එනවාකෝ.

"ඒත් මට ඉවසිල්ලක් නැතිව මමත් ටික වෙලාවකින් දොල⁣⁣ට ගියා.ආරාමෙයි කැලෙයි අයිනෙන් ගලාගෙන යන දොලට මිනිස්සු එන්නේ කලාතුරකින් මං ගස් ගල් උඩින් පැනලා යනකොට කෙල්ල හිටියේ දිය රෙද්ද පිටින්"

මං කිව්වා නේද මෝඩස් එන්න එපා කියලා. යන්න යන්න.

ඒ මොකද දැන් මාව එපා වෙලා සුරංග අයියා ලොකු වෙලාද සුදූ.

"කෙල්ල ඉටි රෑපේ වගේ ලස්සනයි සුදුයි කොහොමත් එයාට කතා කලේ හුඟක් අය සුදූ කියලාමයි. ඒ නිසාම කෙල්ල වටේ හුඟක් කොල්ලෝ කැරකුනත් මං වගේ යාළුවෝ විදිහට ලං වෙන්න වත් කාටවත් බැරි වුනා"

මොකද කවී වෙලා තියෙන්නේ ඒ මනුස්සයා එක්ක මං මැසේජ් කලා තමයි ඒත් දීග කෑවේ නෑ නේ.

ඔව් ඉතින් දීග ගියා වගේ තමයි ඔයාත් අනේ මන්දා හරි හරි මං යන්නම් සුදූ.

" මං අනිත් අතට හැරැනේ තරහෙන්ම ඒත්"

ඔහොම ඉන්නවා.

ඇයි මොකද.

ඔයා තරහෙන් ඉන්නේ කවී.

ඊට වඩා දැන් ඔයා තරහෙන් වගේ ඉන්නේ.

ඔව් තරහෙන් තමයි.

ඇයි.

ඇයි මාව තේරැම් ගන්නේ නැත්තේ.

"ඒ මොහොත නම් හරිම ආදරනීයයි ජීවිතේ පලවෙනි වතාවට මට දැනුනා. මං මේ තරම් වද වෙන්නේ මේ පිස්සිට ආදරේ නිසා කියලා. ඒත් මං ඒක කියන්න නම් බය වුනා"

නෑ...නෑ මොකුත් ඕනි නෑ මං යනවා මගුල

අනේ කවී ඉන්න.ආව් අහ්

"මං අනිත් අත හැරිලා අඩි දෙකක් තුනක් තියන්න ඇති ⁣මගේ පස්සෙන් දුවගෙන  ආපු කෙල්ල කකුල ලිස්සලා වැටිලා මං පිටිපස්ස හැරෙනකොට කෙල්ලගේ දිය රෙද්ද කැඩිලා මුළු ඇඟම දැක්කා මං එහෙම්මම බිම බලා ගත්තේ වෙන කරන්න දෙයක් නැති හින්දා. කෙල්ල ඉක්මනට රෙද්ද ඇඳගත්තාහම මං කෙල්ල ලඟට ගියා"

මළ විසේ නේ ඉතින් වැටෙන්නේ නැතිවෑ.

අනේ බනින්න එපා කවී මට රිදෙනවා මේ කකුල තුවාල වෙලා ලේත් එනවා අනේ කවී.

"එතකොටයි දැක්කේ ඇත්තටම කෙල්ලගේ කකුලෙන් හුඟක් ලේ ගලනවා"

දැන් මොකද කරන්නේ.

බොහත් දාන්න අනේ මට රිදෙනවා කවී.

හරි අපි යමු.

මෙහෙම.

දැන් ඉතින් සේරම දැක්කානේ තව මෙනවා දකින්නද????

ඌරා මැට්ටා පිස්සා වඩා ගන්නවා මාව

"මං කෙල්ලව අත් දෙකට උස්සලා ගත්තාහම කෙල්ල මගේ කර වටෙන් අත් දෙක දාලා හයියෙන් අල්ල ගත්තා"

අනේ මාව වට්ටලා ආයේ කොන්ද කඩන්න එපා කවී රදෙනෝ කකුල ම්ම්හ්

දැඟලුවොත් ගලක් උඩටම අත අරනවා.

"ඒ මං කෙල්ල එක්ක එච්චර ලඟන් හිටිය පලවෙනි දවස එදා ඉඳන් දවසින් දවස මං කෙල්ලට හුඟක් ආදරේ කලා හැබැයි හිතින් විතරයි කෙල්ල සුරංග එක්ක ටිකින් ටික සෙට් වුනා"

කවී

ආහ්.

සින්දුවක් කියන්නකෝ.

මට බෑ.

අනේ පැටී කියන්නකෝ ඔයා ඉතින් අගේ කරනවා නේ

බෑ බෑ.

කවී ප්ලීස් සුදූ ගේ ආසාව ඉෂ්ට කරන්න බෑ ද.

"අද වගේ මතකයි කෙල්ලේ එදා උඹ මූනත් ඇල කරලා සත්තය් මේ හිත හොරකම් කලා සදහටම"

හම් කියන්නම්

"මට පුළුවන් විදිහට සින්දුවක් මං කිව්වේ කෙල්ල ලඟ ගිටාර් එකත් ප්ලේයි කරලා. සශිනි වශී වෙලා වගේ මගේ දිහාම බලාගෙන හිටියා"

ඒ මැට්ටි කියලා ඉවරයි අහගෙනද හිටියේ.

ආහ්...හම්

මොකද මේ.

"මං එහෙම ඇහුවේ කෙල්ල මට හංගපු කඳුළු ඒ ඇස් පිහාටු අගහිසින් මං දැකපු නිසා"

ඇයි සුදූ මේ ඇස් වල කඳුළු.

මට පොරොන්දු වෙන්න කවී.

මොනවද ළමයෝ.

දවසක ඔයා මේ ලංකාවේ හොඳ සින්ගර් කෙනෙක් වෙනවා කියලා

හික්ස් අපෝ ඕකද???? හම් හ්ම් බලමුකො ඒවා යතා කාලෙදි.

"එදා කෙල්ල මට හුඟක් අවවාද දුන්නා මං ඒ දේවල් ඒ තරම් ලොකුවට හිත⁣ට නම් ගත්තේ නෑ ටික දවසක් ගෙවිලා යනකොට මාව හම්බවෙන්න සුරංග අයියා ආවා"

ඒ මචං කොල්ලෝ පොඩ්ඩක් වරෙන්කෝ.

ආහ් ඇයි අයියේ.

කෙල්ලේ මං මේ ආවේ පොඩි උදව්වක් ඉල්ලගෙන.

මොකක්ද අයියේ කියන්න ඕනි එකක්.

මචං උඹ දන්නවානේ සශිනි එක්ක මං සෙට් වෙලා ඉන්නේ.

ඔව් ඔව් ඇයි ඒකි කේස් එකක් දැම්මා ද???

නෑ නෑ එහෙ එකක් නෙවෙයි මේ.....ටිකක් ඒකගෙන් ඈත් වෙලා ඉන්නවාද කොල්ලෝ දන්නවා නේ මේ ගම් වල මිනිස්සු නැත් නම් උඹලා දෙන්නාටත් පදයක් හදයි.

"අව්රැදු දෙකක් තිස්සේ මගේ යාළු කමයි මාස ගානක ඉඳන් හිතින් හූල්ලපු ආදරේ ඒ විදිහට මට මරලා දාන්න වුනා. මං වත් ශෂිනි වත් එදා ඉඳන් කතා කලේ වත් හම්බ වුනේවත් නෑ. මග තොටකදි වුනත් සශිනි මාව දැක්කාහම නොදැක්ක ගානට ගියා. මේක නම් මට අදහන්නත් බැරි දෙයක් වුනා. ඒත් මාස හයක්ම ඔය විදිහට ගෙවිලා යනකෙට මං ඉස්කෝලේ එහෙමත් අවුට්වෙලා පොඩි ජොබ් කට්ටක් හොයාගත්තා. බෑන්ක් එකක. අපි පොඩියට බෑන්ඩ් එකකුත් කරගෙන ගියා. රෑට සමහර දවස් වල අපිට ෂෝ එහෙමත් වැටුනා. ටික දවසකින් මං ලස්සන බයික් එකත් එහෙමත් ගත්තා.ඔය විදිහට කෙච්චර ජීවිතේ කාර්යබහුල උනත් එක මොහෙතක් මට සශිනි ව අමතක වුනේ නෑ එදා වගේම මං කෙල්ල දිහා බල බල හිතන් හීල්ලුවා විතරයි දවසක් මට පරණ යාළුවෙක් හම්බුනා"

හම්මාට කවිජයා.

ඒ විදුර දැක්ක කල් බං.

ඉතින් ඉතින්.

උඹලා දැන් දියුනු වෙලා බලහන්කෝ මහත්තුරැනේ.

එහෙම තමයි බං හැමදාම එකම විදිහට ඉඳලා බෑ නේ.

ඒක නෙවෙයි සිද්දිය මචං.

ඇයි.

අර ඉස්සෙල්ලා උඹ එක්ක හිටියේ නැට්ට වගේ කෙල්ලෙක් බං. කව්ද මේ.

සශිනි ද???

අන්න හරි.ඒකි තමයි.

ඉතින් ඇයි.

අප්පා ඒක දැන් වටේම යනවා නේ බං ලොල් වෙලා තියෙන්නේ.

"මුළු ආත්මෙටම මං ඔයාව පිරිසිදුව තුරැළු කරගත්තාට මෙහෙම අපිරිසිදු දේවල් නම් කවමදාකවත් බලාපොරොත්තු උනේ නෑ සුදූ. එත් මං ඒ දෙවල් විශ්වාස කලේ නෑ.දවසක් උදේම මං ඔෆිස් යනකොට සශිනි පාර දිගේ දුවගෙන ආවේ කොණ්ඩෙත් කඩාගෙන අඬ අඬ මං බයික් එක අයින් කරලා නැවැත්තලා හෙල්මට් එකත් බයික් එකෙන් තියලා කෙල්ල පස්සේ ගියා . ටවුම මැද නිසා මිනිස්සු හුඟක් එහා මෙහා යනවා. ඒත් මං කෙල්ල පස්සෙන්ම දිවිවා"

සශිනී සශිනී...

"කෙල්ල එක පාරක් හැරිලා බලලා මගේ දහා තවත් හයියෙන් ඉස්සරහට අඩි දෙක තුනයි තිබ්වේ ඉස්සරහින් ආපු කන්ටේනර් එකේ වැදුනු කෙල්ල විසි වෙලා පාර අයිනෙත් වැටුනා"

සුදූ...සුදු...දෙයියනේ මොකද මේ කරගත්තේ

ක.....වී...

"කෙල්ලගේ ඔළුව පිටි පස්සෙන් ගැලවිලා ගිය මස් ගුලි කෑල්ලක් පාරේ වැටිලා තියනවා දැක්කාහම මං කෙල්ලව හයියෙන් ලං කරගෙන බදාගෙන ඇඬුවා"

සුදූ.....ඇයි සුදු....... මේ මාව දාලා යන්න එපා රත්තරනේ මං.......

දන්...නවා මගේ ......සු..දු මහත්තයෝ ඒත් මේ පව්කාරිට තවත් නම් සමාවක් නෑ වස්තුවේ.

අනේ සුදූ එපා රත්තරං ඔයාට මොකුත් වෙන්නේ නෑ එන්න අපි යමු හොස්පිටල්.

එපා මගේ මහත්තයෝ මට ඔයා ලඟ ඇස් දෙක පියාගන්න දෙන්න.

"පාර මැද්දේ දෙනෝදාහක් වට වෙලා බලාගෙන හිටිලා මං කෙල්ලව තුරැළු කරගෙන හොඳටම ඇඬුවා"

කවී..... එක පාරක් කියන්න මට ආදරේ කලා නේද.

ඔව් මගේ සුදූ......මගේ පණ මාව දාලා යන්න එපා.

මට සමාවෙන්න සුදු මහත්තයෝ ඔයාව මං අමතක කරලා ගියේ..........එතකොටත් සුරංග අයියා මාව අනාත කරලයි තිබුනේ.

අනේ රත්තරනේ.

මගේ ඔළුව රිදෙනවා පිස්සෝ ටිකක් අත ගානවාකෝ ඌරෝ.

අනේ මං ආදරෙයි සුදූ යන්න එපා සුදූ යන්න එපා රත්තරනේ

"කෙල්ල ටික වෙලාවකින් මගේ ඔඩොක්කුවෙම ඇස් පියා ගත්තා ලොකෙම දෙදරලා යන්න මං මගේ දුක කිව්වත් මගේ සුදූ ආයේ ඇස් ඇරලා බැලුවේ නෑ.එදා ඉඳන් කැපවුනු එයාගේ හීන මං අද එළි කරනකොට එයා මගේ ලඟ නෑ හැබහින් නැති වුනත් අස් දෙක පියා ගන්න වාරයක් පාසාම ඔයා මගේ ලඟම ඉන්නවා කියලා මං හැමදාම දන්නවා කෙල්ලේ"

                                            🌷🌷🌷🌷නිමි🌷🌷🌷🌷

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

පිරිසිදු හදවතක් නොයිඳුල් ස්නේහයක් හැමෝටම ලබන්න බෑ යාළුවනේ. ජීවිතේ අපි හුඟක් ආදරේ කරන අයම තමයි අපිට ගොඩක් දුක් ඉතිරි කරලා යන්නේ. සතුටින් හිනා වෙලා ඉන්න බුදුසරණයි

පුබුදු ජීවන්ත

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment