#බෙට් #කපල්.....
කෙටි කතාව......
---------------------------
" අනූ අර බලපන්කෝ අදත් අර හෝතම්බුවෝ සෙට් එක අපි ඉන්න ලයින් එකේම එහාපැත්තෙන් වාඩිගෙන...😏"
සහෙලි කියවන් ගියේ මගේ ජන්මාන්‍තර වෛරක්කාරයෝ සෙට් එක පෙන්නල...ඒ ටික දැක්කත් ඇති මගේ ඇගේ මාලු නටන්න😠😡...ඕ ශිට්...අද දවසත් ඉවරයි....ඒ සෙට් එකට අපිනම් කියන්නේ ' හැලයෝ සෙට් එක' කියල...ඇයි ඉතින් උන්ගේ කටවල් හැලකිඹුලෝ වගේනේ😃😃😃...කොයිවෙලෙත් අපේ අත්තමාගේ කබල් රේඩියෝව වගේ ඔන් වෙච්ච ගමන්මයි...හැල සෙට් එකේ ප්‍රදානියා සුරාජ්...එයානම් මාර හැන්ඩ්සම්..😍😍😍.බෝ පැල වගේ තීන අපේ හිතුත් හෙල්ලෙනවා ඉතිම් එයාව දැක්කම...හැබැයි ඉතින් ඒ වාචාල ටකරන් කට ඇරුනම කෙල්ලොන්ගේ බලාපොරොත්තු කොහේ හේදිලා යනවද දන් නෑ...ඒකනේ ඉතින් ඌ කොච්චර ලස්සන වුනත් කෙල්ලෙක් සෙට් වෙන් නැත්තේ...😂😂😂😂අපිත් එක්ක වලියක් නොදාගත්තොත් ඉතින් හැල සෙට් එකට කෑවේ නෑ වගේ තමා....
කෙමෙස්ට්‍රි සර් කාරය ක්ලාස් එකට ආපු නිසා අපි ටක් ගාල ක්ලාස් එකට එන්ටර් වුනා...
හැල සෙට් එකේ සුපුරුදු විසිල් එකෙන්ම අපිව පිලිගත්තා....
ක්ලාස් එකේ ඉන්න ගියාම තමා පස්ස කකියන්නේ...ඇයි අප්පා උදේ අටේ ඉදන් හවස හය වෙනකම් ...මොන කට්ටක්ද දෙයියනේ...😓
කෝම කෝම හරි ඔන්න අපි හොදට ඉගෙනගන්නවා අපි හොද ලමයිනේ....😉
සර් උගන්න උගන්න ඉද්දී හැල සෙට් එක කෑ ගහනවා...සර් කියන ඒව ඇහෙන්නෙත් නෑ...මම පොඩ්ඩක් රවල බැලුවා..😈 ඒත් මුන් ටික මේන් හිනා වෙනවා...මහ අණ්ඩ හිනාවක්..මට නම් ඇල්ලුවේ නෑ...
අපේ සර් කාරය හරි හැන්ඩියා...ඒ වගේම තාම කොල්ලා...කැම්පස් අවුට් වෙච්ච ගමන්නේ...ඒ නිසා සර්ට කෙල්ලොන්ගෙන් ඇති වෙන්න ලයින් වැටුනා...
සර් ඔන්න චිට් වලට උත්තර දෙන්නයි හදන්නේ...ලමයිටත් පිස්සු අප්පා මුන්ගේ වැඩේ පාඩම අහගන්නවට වඩා චිට් ලියන එක තමයි....තුන්වෙනි චිට් එක කියවද්දී සර්ගේ මූන ඇබුල් වුනා...ශුවර් එකට කුප්ප කතාවක් වෙන්න ඇති....
" අනූ....කියන්නේ කවුද...අනුත්තරා වීරක්කොඩි...😈ඔය ලමයා පොතකුත් අරන් ඉස්සරහට එනවා" සර් ඇහුවේ මුලු ක්ලාස් එකම තිගස්සවලා...ලමයි හැමෝම මීයට පිම්බා වගේ...
දෙයියනේ ඒ මොකක්ද මට කඩන් වැටුනු මරාලේ...😦😦😦😦මට ඇහුනේ හිචිස් ගාන සිහින් හිනා හඩක්...ශුවර් එකට මේක හැල සෙට් එකේ වැඩක්...හොදයි බලාගමුකෝ...මම තරහින් පුපුර පුපුර ඉස්සරහට ගියේ ගැහි ගැහි...මේ වෙලාවටනම් බොක්කෙන් බිත්‍තරත් තම්බගන්න තිබ්බා...මම සර් ගාවට ගියා නෙමෙයි පාවුනා..ලමයි හැමෝම තුස්නිම්බුතවෙලා ආරූඩ වෙලා ඇස් කන් ඔක්කොම ඇරගෙන කෙල බේරි බේරි බලන් ඉන්නවා...මෙතනම වැලලෙන්න තිබ්බනම් හොදයි කියල හිතුනේ මේව දකිද්දී..😭😭😭😭
" තමුන්ගේ පොත දෙනව මෙහාට...."
" අත් අකුරු එකමයි..තමුන් නේද මේක ලිව්වේ...ලැජ්ජාවක් නැද්ද ...කෙල්ලෙක් නේද..."
සර් කියවන් යද්දී මම ඔහේ බලන් හිටියේ සිදු වූ දේ හිතාගන්නවත් බැරුව..
" සර්...මම...මුකුත්..ලිව්වේ නෑ..."
" මේක ලිව්වේ ඔයා නෙමේද..."
සර් මට චිට් එක දුන්නා...මම ගැහෙන ඇගිලි වලින් ඒක විවර කලා...
...................
සර්.;
ඔයා හරිම හැන්ඩ්සම්...ඔයාව දැක්කම පිස්සු හැදෙනවා...අයි ලව් යූ සෝ මච්...මට සමාවෙන්න තවත් මේක හිතේ තියන් ඉන්න බැරි නිසයි කිව්වේ...ප්ලීස් ට්‍රස්ට් මී සර්..අයි රියලි ලව් යූ...ගුරු ගීතයේදිත් ලමයා ගුරුවරයට ලව් කරා...ඉතින් මේක ගැන අහිතක් හිතන්න එපා...ප්ලීස් මගෙ ආදරේ පිලිගන්න...මේක කියෝල මට කතා කලේ නැතොත් මම බෙල්ලෙ වැල දාගන්නවා ..සත්තමයි සර්...
මම සර්ගේ අනාගත වයිෆ් අනූ...
(අනුත්‍තරා වීරක්කොඩි..)
මට ලියුම කියෝල බකස් ගාල හිනාවක් ගියා...කවුද යකෝ මේ බොලද ලව් ටෝක් ලියල තීන්නේ...ඒකටත් මාව ගාවල...ලමයි හැමෝම මම හිනාවෙද්දී මගෙ දිහා පුදුමයෙන් කට ඇරන් බලන් ඉන්නවා...සර්ගෙනම් මූනත් එක්ක රතු වෙලා...
" සර් කොහොමද කියන්නේ මේක ලිව්වේ මම මයි කියල...සර් මේක ඔප්පු කරල පෙන්නන්න..."
මම කිව්වම සර්ගේ ඇස් උඩ ගියා...මගෙන් මේ වගේ රිඇක්ට් එකක්නම් සර් බලාපොරොත්තු වෙන් නැතුව ඇති....
" ඔය ලමයා දැන් ගිහින් වාඩි ගන්නවා...ආයේ මොනවහරි දෙයක් වුනොත් ඔය ලමය ගැන බලාගන්නම්."
සර් ඒක කිව්වේ ලැජ්ජාවටද කේන්තියටද කියල මටනම් තේරුන් නෑ...ඒත් මම හැල සෙට් එකට පාඩමක් උගන්නන්න හිතා ගත්‍තා...
ඉන්ටවල් දෙනකම් ඉදල මම ගියේ හැල සෙට් එක ඉස්සරහට....එලියේ හොදටම වැහැල යන්තන් පොද වැටෙනවා ඒත් මට ඒ ගැන ගානක් තිබ්බේ නෑ....
මම එතනට ගියාම සුරාජ් ඉස්සරහට ආවා..
" නංගී සර් කැමති නෑ කිව්වද..."
සුරාජ් ගේ වචන මගේ හිතේ තරහ දෙගුණ කලා....මම උපරිම හයිය අරන් සුරාජ්ව තල්ලු කරා..සුරාජ් මඩ වලේ වැටිලා මඩ නාගෙන මට බනිනවා...මුකුත් හිතන්නත් කලියෙන් පොත් ක්ලාස් එකේ තීද්දිම ගෙදර දුවල ආවා...බස් එකේ එන්න හොද වෙලාවට කලිසම් සාක්කුවේ රුපියල් විස්සක් තිබ්බා....අම්මා ජොබ් එකක් කරන නිසා ගෙදර කවුරුත් නෑ...නැත්තම් ඉතින් අහන ඒවට උතතර දීලම මැරෙනවා...
************
දවස් ගත වෙලා ගත්තා...අපේ ප්ලෑන් එක වුනේ හැල සෙට් එකෙන් පලිගන්න සුරාජ් එක්ක යාලු වෙන එක...මට තිබ්බේ සුරාජ් එක්ක යාලු වෙලා බූට තියන්න...කෙල්ලො මට කිව්වේ සතියෙන් යාලු වෙලා පෙන්නන්න කියලා...සහෙලි ගානේ අපිට දවස් තුනක්ම ලන්ච් එක රෙඩි වෙනව මම මේක වින් කලොත්....මම කොහොමහරි බෙට් එක ව්න් කරන්න ඕන...
එදා ඉස්කූල් ඇරිල යද්දී මෙන්න යකෝ හෝල්ට් එකේ සුරාජ් ඉන්නවා....මගෙ කකුල් දෙකත් ගැහෙන්න ගත්තා...මෙයාව යාලු කරගන්නත් ඕන...මම ඉතින් ගොඩක් ලස්සනයි😀...මොන කොල්ලද මට අකමැති😆...ඒත් ඉතින් මේ හැල රජාව යාලුකරගන්න ලොකු කට්ටක් කන්නම වෙයි...ඒකට තව දවස් තුනයි ඉතුරු..😕
මම හිමීට ඉස්සරහට ගියාම මෙන්න යකෝ මෙයත් ඉස්සරහට එනවා...
" සුරාජ් එදා වුනු දේට සමාවෙන්න .."
මම ෆුල් සෝක මූඩ් දාගෙන කිව්වා...මූව කොහොමහරි දැලේ දාගන්න එපැයි....
" ඒකට කමක් නෑ අනූ...මටත් සමාවෙන්න ..."
මේ මොකද යකෝ මේ ප්‍රතාපවත් හැල රජා සොරි කියන්නේ...මටනම් පුදුමයි....වෙන මගුලක් වෙන්න කියල මම මෙයාට කියල දාන්න ඕන....
" සුරාජ් මට ඔයාට දෙයක් කියන්න ඕන..."
මම කිව්වේ සුරාජ් ගේ ඇස් දිහා කෙලින්ම බලලා....ඇත්තටම ඒ ඇස් වල අමුතු මායාවක් තීනවා...ඒ ඇස් මෙච්චර ලගට දැක්කේ අද තමයි....වෙනද දකින නපුරු දඩබ්බර කොල්ල වෙනුවට මම දැක්කේ අහිංසක කොල්ලෙක්ව...
" කියන්න අනූ....අනූ..."
සුරාජ් මගේ උරහිසින් හෙල්ලුවම තමා මන් හීන ලෝකෙ ඉදල පෘථිවි තලේට ආවේ....
" අයි ලව් යූ...සුරාජ් ..."
මගේ කටින් ඒ වචන පිටවුනේ සුරාජ් බලන් ඉද්දිමයි....ඒ ඇස් පුදුමයෙන් ලොකු වුනා...ඒ මුවට හීන් හිනාවක් ආවා....මම ඒ හිනාව දිහා බලන් හිටියේ වශී වෙලා වගේ....
" ලව් යූ ටූ ...අනූ..."
සුරාජ් ගේ අනපේක්ෂිත පිලිතුරෙන් මාව එලොව ගිහින් මෙලොව ආවා...මේ වැඩේ මෙච්චර ලේසි වෙයි කියල මම කොහොමටවත් හිතුවේ නෑ...
ඔන්න එදා මන් බෙට් එක වින් කලා...මට අද ගොඩක් සතුටුයි....
ඒත් අනූ නොදන්න තවත් කතාවක් හැන්ගිලා තිබ්බා....සුරාජ් යාලුවොත් එක්ක බෙට් එකක් දාල තිබ්බා අනූව යාලු කරගන්න...සුරාජ් හිතුවෙත් නෑ එයාගේ බෙට් එක මෙච්චර ඉක්මනින් වින් කරන්න පුලුවන් වෙයි කියලා....
ඉතින් සුරාජ් හිටියෙත් ගොඩක් සතුටින්....
****************
බෙට් එකකින් ඇරබුනු අනූ සුරාජ් ආදර කතාව ඉදිරියට ගලාගෙන ගියා...දෙන්නම යාලුවන්ට පේන්න රගපෑමක් කලත් දෙන්නටත් නොදැනීම ඒ දෙන්නගේ හදවත් රහසේම යා වෙලා ගියා....
සුරාජ් දෙව්දුවක් බදු වූ අනූට ඇත්තටම ආදරේ කරන්න ගත්තා....අනූ ත් ඊට නොදෙවෙනි වෙන්න සුරාජ් ට ආදරේ කලා...ඒත් ඒ දෙන්නගෙම හිත් වලට බෙට් එක වදයක් වෙලා තිබ්බා..😓.හැමදාම ස්කූල් ඇරිල එද්දිත් ක්ලාස් වලදිත් හමුවෙලා අනූ සුරාජ් ආදරය තව තවත් දලු දැම්මා😍....නමුත් මේ දෙන්නම තමන්ගේ යාලුවෝ ඉදිරියේ ඇත්තට ආදරය කරනවා කියන එක පිලිගන්න අකමැති වුනා....
" සුරාජ් නෙක්ස්ට් සැටඩේ අපි අනූට බූට තියමු ඔන්න හරිනේ එහෙනම්...."
" දැම්මම..😦...තව ටිකක් ඉමු මචං...."
"මොකෝ බන් මූ පස්ස ගහන්නේ.....මොකෝ උබ සිරා ලව්ද....මටත් හිතුනා උබ කෙල්ල දිහා බැල්ම දාන විදිහට....😉"
" පිස්සු ද බන්.....එහෙම දෙයක් නෑ...තාම යාලු වෙලා මාසයයිනේ...ඒකයි....."
" ඒ වුනාට මේ සැටඩේ ඉවර කරමු....කෙල්ල උබට ඇත්තටම ආදරේනම් මොනව වුනත් පවු ඒකි..."
යාලුවෝන්ගේ කතා අහන් හිටිය සුරාජ් ගේ පපුව පිච්චිලා ගියා....මම කොහොමද අනු නැතුව ජීවත් වෙන්නේ 😓😓😓😓මට ඒක කරන්න බෑ.....ඒත් මට ඒක මුන්ට කියන්ත් බෑ....
***********
සෙනසුරාදා දිනයත් උදා වුනා...අනූ යාලුවෝ සෙට් එක එක්ක ක්ලාස් එකට හැරෙන පාලම ගාවින් යද්දී සුරාජ් ගේ යාලුවෝ සෙට් එක පාර අවහිර කලා....සුරාජ් ගේ ඇස් වල තිබ්බේ අසරණ බැල්මක්.....අනූ ඇයි අහන්න වගේ සුරාජ් දිහා බැලුවත් සුරාජ් ඒ දෑස් මග හැර බිම බලාගත්තා .....
" ආ...කෙල්ලො ටික....අපිට ඔයාගේ කැප්ටන් අනූට කියන්න වැදගත් දෙයක් තියෙනවා.😌..."
දමියා කෑ හගද්දී සුරාජ් ගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා.....
"මෙ හැලයෝ ටික අදත් නාට්ටියක් පෙන්නයි වගේ අනූ..."
සහෙලි කිව්වේ මගෙ අත මිරිකලා....මගේ හිතටත් කියාගන්න බැරි අමුත්තක් දැනුනත් ඒ මොකක්ද කියලමම් තේරුනේ නෑ...
" සුරාජ් ලොක්කා උඹම කියනවද 😂😂😂😂අපි කියන්නද....."
සුරාජ් මුවින් වචනයක්වත් පිට නොකර ඔහේ බලන් හිටියා.....
" මෙකයි නංගිලා සුරාජ් ඇත්තටම අනූට ආදරේ නෑ....බෙට් එකකට තමයි අනූට ලව් කිව්වේ ....ඔන්න අපිට ඔයාල ගැන අනුකම්පා හිතිලා අපි ඇත්ත කිව්වා....අනූ නගා ඔයාගේ සූටි හිත රිදුනට සොරි හොදේ..😂😂😂"
සුරාජ් ඇර යාලුවෝ ටික හිනාවෙද්දී අනූගේ යාලුවොත් මහ හඩින් හිනාවෙන්න ගත්තා .....කොල්ලොන්ටත් පුදුමයි ...😦😦😦😦😦මේ මොකද යකෝ....
" කවුද හලෝ තමුසෙලාගේ හැල රජාට ඇත්තට ලව් කලේ...අපේ අනුත් සුරාජ් ට කලේ බොරුවක් 😀😁😀"
" ඒ සිරාද......"
" ඔව් යකෝ ..."
" ඒකනම් මරු......"
" යකෝ අපි අපිටම රැවටිලා......"
😂😂😂😃😃😃😄😄😅😅😆
දෙගොල්ලන් ගේම හිනා හඩවල් මැද්දේ සුරාජ් හා අනූගේ හදවත් හඩා වැටුනා..
සුරාජ්ට මම ඇත්තටමයි ඔයාට ආදරේ කලේ...ඇයි රත්තරන් මාව රැවැට්ටුවේ.....ඔයාට මගේ ආදරේ ඔයාට දැනුනේ නැද්ද රත්තරන් ....ඔයා තමයි මගේ පන.....ඔයා නැතුව මම ආයෙත් කොහොම හිනාවෙන්නද.....කොහොම ජීවත් වෙන්නද.....
අනූ යාලුවන්ගෙන් ඈත් වෙලා ඔහේ පාරදිගේ ඇවිදන් ගියා....😔😔😔
*****
පරිසරයම අදුරු වෙලා සිහින් පොදක් ගලාගෙන ගියා.....සුරාජ් පොද වැස්සේම පිස්සෙක් වගේ ඇවිදන් ගියා.......අනූ ඔය අහිංසක ඇස් වලට මම කොච්චර ආදරේ කලාද .......ඔයාගේ ඇස් වල මම දැක්කේ අවංක ආදරයක්.......මේ හැමදේම ඔයාට තේරුම කරන්න ඕන වුනත් ඔයා මට බොරුවට ආදරේ කලානම් තවත් මොනව තේරුම් කරන්නද.....😓😓😓😓
හදවත රිදුම් දෙද්දී තමා ඉස්සරහින්ම ඇහුනු අලි පත නලාවට සුරාජ් දෑස් ඉස්සුවා.....දෙයියනේ අනූ.😓......සුරාජ් අඩියට දෙකට ඉදිරියට පැනලා අනූගේ බදින් අත දාල තමා දෙසට ඇදල ගත්‍තා .....අනූ එහෙමම ඇවිත් නැවතුනේ සුරාජ් ගේ පපුවේ......
" තව ඩිංගෙන් ටිපර් එකට යට වෙනවා...."
" ඉතින් මොකටද මාව බේරගත්තේ ..."
අනූ ඇහුවේ අඩලා රතු වුනු මූන හන්ගගෙන ...
" ආදරේ නිසා...."
සුරාජ් පැවසුවේ අවංක හඩින්......අනූගේ ඇස් දිගේ කදුලු රූටා ගියා ...
" ඇත්තටම ද..."
""ඔයාට හිතෙනවාද රත්තරන් බොරුවක් කියලා ....ඔයත් මට ආදරෙයි නේද බබා..."
"ඔව් සුරාජ් ......ගොඩාක් ආදරෙයි ...මට සමාවෙන්න බොරුවක් කරන්න හිතුවේ නෑ ..."
" මටත් සමාවෙන්න බබා.....ආදරෙයි රත්තරන් ...මහ ගොඩක් ...."
සුරාජ් ඔහුගේ උනුසුම් දෙතොල් අනුගේ දෙතොල් මත තැබුවේ පාර කියලත් අමතක වෙලා......
එකපාරට ඇසුනු විසිල් හඩ නිසා දෙන්නම වටපිට බැලුවා .....
උගුරට හොරා බෙහෙත් බොන්න හැදුවම ඔහොම වෙනෝ බන්.....අනූගෙයි සුරාජ් ගෙයි යාලුවෝ ඇති වෙන්නම දෙන්නව බයිට් කලා.....
"උබල බෙට් එක පරාදයි.....අපි දෙන්න දිනුම් නැද්ද අනූ......බෙට් කපල් එකේ වෙඩින් එකට උබල එන්නම ඕන....😉😉😉😉"
සුරාජ් කිව්වේ අනූගේ නලලේ සිය දෙතොල් තබමින්........
නිමි .....
රචනය...
#ශානි #එරන්දි
No comments:
Post a Comment