මතක

#මතක

මම ඉෂාරා සිරිවර්ධන. ගාල්ලෙ විශාලම ෂොපින් කම්⁣ප්ලෙක්ස් එකක අයිතිකාරයෙක්ගෙ එකම දුව.

මට මතකයි එදා හරියටම ඉරිදා දවසක්. මම හිටියෙ accounting  වලට චන්දන සර්ගේ class යන ගමන්. ජුනි මාසෙ මුල වගේ. ඊට කලින් දවසෙ රෑ ඉදලම තද වැස්සක් තිබුන නිසාද කොහෙද හරිම පාලු පාටයි. කුඩේ යටට ඇකිලිලා මං ගියේ වෙනමම කල්පනාවක.

එදා පාලම ලඟට අමිරු අයියා ඇවිත් හිටියා. කවදාවත් එයා මගේ class එක ලඟට එන්නෙ නෑ . ඒත් එදා එයා ආවෙ ඇයි කියලා මම හොදටම දැනගෙන හිටියා. " පිස්සා තෙමීගෙන ඉන්නවා "මට ඔහු දකිද්දිම කියවිනි.

" සුද්දි......." අමිරු අයියා මට කතා කරන්නෙ සුද්දි කියලා. එයා එහෙම කතා කරද්දි මට දැනෙන හැඟීම කියාගන්න බෑ.

"සුද්දි, අද class යන්න ඕනි නෑ.  එන්න යන්න මට ටිකක් කතා කරන්න ඕන " එයා මගේ අතින් අල්ලගත්තා.

" මට බෑ අයියේ. පිස්සු හැදිලද ඔයාට"
මම ඒ අත හයියෙන් ගසලා දැම්මා.

" සුද්දි.... අද උඹ ආවෙ නැත්නම් මම හවස එනවා ගෙදර. දන්නවනේ... මං කිව්වොක් කිව්වා."
අමිරු අයියා මෙහෙම හැසිරෙනවා මං මීට කලින් දැකලා නෑ.

" මං එන්නම්, "
මට මතකයි කොළ පාට ත්‍රීවීල් එකක අයියා ඇවිත් තිබුනේ. අපි ඒකටම නැග්ගා. අද මං බෑ කිව්වා නම් අයියා හවස එනවා. ඒක මට සහතිකයි. යන්නෙ කොහෙද කියලවත් අහන්න ගියේ නෑ මම. වෙන දෙයක් වෙද්දෙන් නියලා මාත් ගියා. අයියා එක පාරක් මං දිහා බැලුවෙ නෑ. ඉස්සරහ බලාගෙනම ගියා. මම ඒ අත උඩින් මගේ අත තිබ්බා  එයා නොදැනුන ගානට ගියා. මාතර පාරෙ බීච් එකක් අයිනෙ තිබුන ගෙස්ට් හවුස් එකක් ඇතුලට අයියා මාවත් ඇදගෙන ගියා. මේ වෙද්දි මගේ පපුව වේගෙන් ගැහෙන්න පටන් අරගෙන.

" අනේ ඇයි අයියේ මේ...මේ වගේ තැනකට මාව එක්කන් ආවේ.... අනේ අපි යමුකෝ.... අනේ "
මට ඇඩුනා. ඒත් අයියා එක වචනයක් කතා කලේ නෑ . අදටත් මතකයි ඒ room එක number 09.

ඇතුලට ගිය ගමන් අයියා ඇදේ කොනක වාඩි වෙලා මං දිහාම බලාගෙන හිටියා. ගොඩාක් බය වෙලා හිටිය මගේ ඇස් වලින් කඳුලු කඩාගෙන වැටුනා. අමිරු අයියා ඇවිත් මාව එයාගෙ ඇගට තද කරගත්තා.

" උඹ හිතුවෙ මාව දාලා ගෙදරින් හොයලා දෙන එකාව බැදගෙන හයිබ්‍රිඩ් පවුලක් කන්නද ආ..... කියපන්.... කියපන් ඉතින්. " අමිරු අතකින් මගේ කම්මුල් තද කරගෙන ඇහුවෙ.

" මට රිදෙ..නවා මගේ අයියේ..."

"උඹට විතරද රිදෙන්නෙ, මට රිදෙන්නෙ නැද්ද... ගලවපන් ඇඳුම් ටික.... ගලවපන් ඉතින්"

" අනේ මට බෑ අයියේ.... අනේ ඇයි මට මෙහෙම කරන්නේ..."
මම කොයි තරම් ඇඩුවත් එක පාරක් අයියාගේ හිත සිනිදු වුනේ නෑ.

" ගලවපන් යකෝ.... උඹට සිංහල බැරිද..."
අපරාදෙ මං ආවෙ කියලා මට හිතුනා. කරන්න දෙයක් තිබුනෙ නෑ. මං එයා කිව්ව දේ කලා. අඩ අඩ මං එහෙම කලා.

" මෙන්න මං.... දැන් ඕන ඕක නේද... මේ ඉන්නනෙ මං දැන්... මගේ මේ දේවල්නේ ඕන ගන්නවා.... දෙයක් කියන්නම් අමිරු අයියේ... තමුසෙ මහ......"

" ඔව් මම තිරිසනෙක්, මම බල්ලෙක්. ආදරේ කරන එකීව මගේ කරගන්න පින නැති කාලක්න්නියෙක්. තව.... තව කියපන් මගේ සුද්දි....."
ඔහු හොදටම ඇඩුවා ඉකි ගගහා ඇඩුවා. මට මේ වෙන දේ තාමත් තේරුම් ගන්න බෑ .

" මගේ අයියේ.... ඔයා ඉල්ලුවා නම් මම හැමදේම ඔයාට දෙන්නෙ සතුටින් ඒත් ඇයි දෙයියනේ මෙහෙම කලේ...."
මට කියලා ගලවපු ඇදුම් අයියා මට ඇන්දුවා. අන්දලා මාව බදාගත්තා....

" මට මේවා ඕන නෑ මැණික. අදට ලව් කරලා අවුරුදු තුනක්. කවද්ද මං උබෙන් මේවා ඉල්ලුවේ. මට ඕන වුනේ මගෙ මැණික මටම රිදවගන්න. "

" ඇයි මගේ අයියේ මේ......"

" ඊයේ රෑ ඔයාලගේ තාත්තා අපේ ගෙදර අවා මැණික " මගේ ඇස් පේන්න නැති තාත්තවයි, අර අහිංසක අම්මවයි ඉස්සරහ මාව මරණවා කියලා තර්ජනය කලා. ඔයාට බඳින්න කෙනෙක් තීරණය කරලලු තියෙන්නේ. ලොකු සල්ලි කාරයෙක්ලු. මගේ අම්මයි තාත්තයි තවමත් වෙව්ලනවා සුද්දි"

" අනේ මගේ රත්තරනේ...... මාව අදම කොහේ හරි එක්ක යන්නකෝ මට බෑ මගේ අයියා නැතුව ඉන්න. එයාලා මගෙන් අයියව ඈත් කරයි... ම..මම කොහොමද ඔයා නැතිව ඉන්නේ. " මම කෑගගහ ඇඩුවෙමි.

" මගේ සුද්දි.... මැණික මේ අහන්නකෝ.... මට ආදරෙයි නේද... ම්...." මම හිස වැනුවෙමි.

" එහෙනම් මං කියන දේ කරන්න ඕනි.
මගේ අම්මයි තාත්තයි ගොඩාක් වයසයි මැණික. මට නංගියෙක් ඉන්නවා. ඒකි තාම පොඩී. උන්ට ඉන්නෙ මං විතරයි . මං නැති වුනොත් වුන්ට වෙන්නෙ පාරවල් ගානෙ හිඟාකන්න. එක එක වුන් මගේ නංගිගෙ ජීවිතේ කාවි........
අද මගේ අම්මා මගෙන් ඉල්ලීමක් කලා මගේ සුද්දියේ. ජීවිතේ පලවෙනි වතාවට දෙයක් ඉල්ලුවා.... මොනවද දන්නවද....."

" මගෙ රත්තරන් පුතේ මටයි තාත්තටයි නිදහසේ මැරෙන්න ඕන මහත්තයෝ..... අපි වෙුනුවෙන් හිත හදාගනින්. මේ දුප්පත් පැලට මන්දිර යා කරන්න බෑ රත්තරනේ"

" සමාවෙයන් සුද්දි..... මං අසරණයි. උඹව අරන් ලෝකෙන් හැංගෙන්න බැරි නෑ. එහෙම වුනොත් අර අහිංසකයෝ මැරිලා යාවි. අද මං උබේ ඉස්සරහට ආව අන්තිම දවස. අයෙ කවදාවත් එන්නේ නෑ. දවසක් හරි ආදරේ කලා නම් එක පොරොන්දුවක් වෙන්න මගේ ඔලුවෙ අත තියලා දිවුරන්න එයාව බැදලා සතුටින් ඉන්නවා කියලා." 

" ඒත් මගේ රත්තරනේ...." අමිරු එයාගෙ අතින් මගේ කට වැහුවා.

" පොරොන්දු වෙන්න මගෙ මැණිකේ.."
ජීවතේම නැති වෙලා යනවා නේද කියලා හිතෙද්දී දරාගන්න බෑ. මේ දුක කොහොමවත් දරාගන්න බෑ. කඳුලු මැද්දෙන් මං ඒ ඔලුවෙ අත තියලා දිවුරුවා.

" මං එයාව බඳින්නම්... ඒත්....ඒ...ත් සතුටින් ඉන්නවා කියලා පොරොන්දු වෙන්න මට බෑ මගෙ රත්තරනේ" එදා අපි ගොඩාක් වෙලා බදාගෙන ඇඩුවා.

" ඒක නෙවෙයි කෙල්ල උපන් ඇදුමට හරි හැඩයිනේ." ඇඩුම් මැද ඔහු හිනාවෙමින් කීවා මතකය.
....................................

කිව්වා වගේම එදයින් පස්සේ අයියා කවදාවත් මාව බලන්න ආවෙ නෑ. ඒත් ඒ ආදරේ කවදාවත් මගේ හිතින් අඩු වුනේ නෑ.
මගේ exam ඉවර වෙලා result එන්නත් කලින් ගෙදරින් මාව බන්දලා දුන්නා.
" ඔන්න මගේ පොරොන්දුව මං ඉෂ්ට කලා අමිරු අයියේ..."

මගේ wedding එක දවසේ කවුද ලොකු fresh roses bunch එකකුයි පෙන්ඩන්ට් එකකුයි, පංචායුධයකුයි එවලා තිබුණා. මම දැනගෙන හිටියා ඒ මගේ අමිරු අයියා කියලා. මං බැදලා ටික දවසකින් ආරංචි වුනා අයියා දැන් ගාල්ලෙ නෑ. බදුල්ල පැත්තේ ෆාම් හවුස් එකක් කරනවා කියලා. ⁣wedding එක දවසේ එව්වෙත් එයා ෆාම් හවුස්⁣ එකේ කොනක වවන රෝසස් වගයක්. දවසක් මට එයාගෙ නංගිගේ යාලුවෙක් හම්බවෙලා මේවා කිව්වේ.
...................................

බැදලා දවස් දෙකකින් මගේ මහත්තයා england ගියා. බිස්නස් වැඩ වගයකට කියලා. පස්සෙ මං දැනගත්තා එයා ගිහින් තියෙන්නේ ගෑනියෙකුත් එක්ක.
" ගෙදර ආවම නිදාගන්න එක ගෑණියෙක්. එලියට ගියාම තව එවුන්."
එක අතකට ඒකත් මට සහනයක්. එයා ගෙදර හිටිය නම් ඒක මට මානසික වදයක් . කවදාවත් එයා මට ආදරෙන් කතා කරලා නෑ . එයා එක්ක එකට නිදාගද්දි පවා එයා අසාමාන්‍ය විදියට මාව රිදවලා එයාගේ සතුට ගන්නවා. මැරෙන්න බැරි කමට මං ජීවත් වුනා. ඒ නිසයි මං එයා ගෙදර ඉන්නවටවත් අකමැති. මගේ හිත හැමදාම ගියේ පුරුදු පාරවල් දිගේ අමිරු අයියගේ මතකයට.
හැමදාම මම අමිරු අයියා ගැන මට හිතට එන හැමදේම ලිව්වා.
..........................................

දවසක් මම අමිරු අයියා ගැන ලියපු පොත එයා දැකලා. මැරයෝ දම්මලා අයියට ගස්සලා  එයා දවස් හතරක් hospital ඉදලා. මං මේවා දැන ගත්තතේතෙත් එයාගෙ නංගිගේ යාලුවගෙන්.

අදටත් කිසිම සතුටක් නැති, මගේ ජීවිතේ කාලකණ්ණි පවුල් ජීවිතයක් වෙලා ගෙවෙනවා. මං ප්‍රාර්ථනා කරනවා ඊලඟ ආත්මේ මගේ අමිරු අයියා මගේම වෙන්න කියලා.

****************************

- නාමික සැමියාට -

කලු වලා වෙන් මංගල යහන වසන,
අහස ගිඟුරුම් දෙමින් වහින,
මූසල හුලඟකින් මදු යහන සෙලවෙන
ජීවිතය අහිමිව ඉකිබිඳ හඩන
මම නුබේ අලුත් මනමාලිද......?

ඔහුට වුනු පොරොන්දුව නිසා,
ලෝකයක ඔල්වරසන් මැදින්,
ලෝකෙන්ම දුක සඟවමින්,
වෙසඟනන්ගේ රජුන් වන ඔබෙ
සිර මැදුරට කොටු කල
මමද නුබේ වහලිය........?

ජීවිතේ පුරාවට මං ඇහිදපු හීන,
කුඩු පට්ටම් කරපු,
කැලැල් වූ ප්‍රේමයක නටඹුන් තුරුලු කරන්,
අහිමිව ගිය පෙම්වතා වෙනුවෙන් ඉකිබිඳින
මම නුබේ පතිනියද.........?

ලොකෙ පුරාවට තවත් ගැහැණුන් සමඟ,
සුරාන්තය සොයන නුබ නිසා,
දවසින් දවස අපුල වෙන,
මගේම ජීවිතයතුල සිර වූ
සිරකාරි මමද.......?

මනඃකල්පිතයකි

කතෘ -: කෞෂි

(උපුටාගැනීමකි)

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment