-රචකයා-
ඒ වරෙන් ක්‍රිකට් ගහන්න.අද සින්හල මැඩම් ඇවිල්ලා නෑ.
"මට බෑ බන්,අද ඇගට හරි නෑ.උබලා සෙල්ලම් කරපල්ලා"
නිශාන් එහෙම කිවුවෙ ඇත්තටම තිබ්බ ඇගේ අමරුවකටවත් ක්‍රිකට් වලට තිබ්බ අකමැත්තකටවත් නෙමේ.කාටවත් නොකීව ලොකු වේදනාවක් හිත අස්සෙන් නිශාන්ට රිදුම් දිදී තිබුනා. පාසල් කාලයේ පලවෙනි ආදරයේ පාඩම. "විරහව"
හැමෝම පිට්ටනියට ගියාට පස්සෙ පන්තොකාමරයේ මොකක්දෝ පාලුවක් උඩුදුවනවා නිශාන්ට දැනුනා.වටපිටේ කෞරුත්ම නැති තැන හිතේ හිරවෙච්ච වේදනාව ඉකියක් එක්ක පිටවෙන්න ගත්තේ එතකොට.ඩෙස් එකට ඔලුව තියාගෙන ඇස් තෙමෙන්න ඉඩ දෙනකොට කොහෙදෝ ඉදලා ආපු දිනුක පන්තියට ආවේ දුවගෙන.ඉකමනින්ම දිනුක දකින්න කලින් නිශාන් ඇස් පිහාගත්තා.
"පිරිමියා අඩන්න හොද නෑ"
පොඩි හිතට එහෙම හිතුනා. ආයෙමත් දිනුක ගියාට පස්සෙ සින්හල පොතේ පිටිපස්සෙම ටිටුව පෙරගත්තු නිශාන් නිල්පාට ජෙල් පෑන අතට ගත්තා. හිතට එන හැම අකුරක්ම ඒ පිටුවේ නිල්පාටින් දිගහැරුනා.
"මටම මම හිමි නැති කලක
උබට මන් හිමිවෙන්නේ කොහොමද
හිතට හිතවත් නොගැලපුනකොට
අපිට අපි ගැලපෙන්නේ කොහොමද
හිනි වැහිපොද හීන් සිරුවේ
මහතාලවට ඇදන්වැටුනම
කලින් දවසක නකල්ස් පාමුල
අපිට අපි මුනගැහුනා මතකද
එදා අහසේ වලාකුලු මැද
උබව සිත්තම් කරලා තිබුනා
අකීකරු හිරු අපිට නොකියා
සප්ත වර්නෙන් වර්න් නැගුවා
උබට ආයෙමත් එන්න නොකියමි
යනෙන මගකදි හමුවෙමු
මගෙන් වන්නැයි කියා නොයදිමි
දුරින් ඉද අපි හිනහෙමු "
නොගැලපෙන පේලි 16ක් අතරින් රචකයෙක් තම්න්ගේ පලවෙනි නිර්මානය එලිදක්වලා තිබුනා.
ඊට මාසෙකට විතර පස්සෙ ඉස්කොලේ නිර්මාන පුවරුවේ මේ අපුරු කවිය වැටිලා තිබුනා. "වෙනස් කෙනෙක්" කියන නිර්මාන කරුවෙකුගේ නාමය යටතේ පලවෙලා තිබුන මේ පද පේලිය දැක්කාම තමා නිශාන්ට දෙවියෝ සිහිවුනේ. ඒත් එක්කම සින්හල මැඩම් තමන්‍ට එන්න කියපු පනිවිඩේ ලැබුනාම ඒ බිය දෙගුන තෙගුන වුනා. තමන්ගේ ඇගම දහදියෙන් තෙට්වෙලා වගේ.නිශාන්ට දැනුනේ එහෙම.
"ආ නිශාන්,එන්න එන්න,මොකද බයවෙලා වගේ,වැරද්දක්වත් කරලද?"
සින්හල මැඩම් එහෙම ඇහුවේ හිනාවෙවි.එත් නිශාන්ට නිදහසට කාරනාවක් කියන්නවත් වචන ගලපගන්න බැරිවුනා.
"නිශාන් දැක්කද බෝර්ඩ් එකෙ කවියක් තිබුනා"
"ඕ ඕ ඔව් මිස්"
"ඒක ලිවුවේ කවුද කියලා දන්නවද?"
නිශාන් බිම බලාගත්තා.
"මොකක්ද ඒකේ තිබ්බ නම?"
"වෙනස් කෙනෙක්"
"හරියටම හරි නිශාන්,එහෙම ලියන්න සාමන්‍ය මිනිස්සුන්ට බෑ,ඒ අනිවාරයෙන්ම වෙනස් කෙනෙක්.තේරුනාද මම කියන දේ, බාශාව කියන්නේ සන්ස්කෘතියේ අඩිතාලම"
එදා සින්හල මිස් නිශාන්ට බැන්නේ නෑ පෙම් කවියක් ලිවුවට.එක ලොකු පන්නරයක් උනා අලුත ඉපදිච්ච රචකයෙක්ට.
ඊට අවුරුදු ගානකට පස්සෙ සමස්තලන්කා පාසල් සාහිත්‍ය තරගයකදී කලා විශයන් කරපු බහුතරයක් පරදවලා වානිජ කරපු සිසුවෙක් ගද්‍ය හා පද්‍ය කියන අන්ශ දෙකෙන්ම ප්‍රතමස්තානය දිනලා තිබුනා. "නිශාන් ධර්මවර්දන" එදා ඒ සම්මානය ගන්නවෙලාවේ සින්හල මිස් ආදරෙන් නිශාන්ගේ ඔලුව අතගෑවා. ඇය පැලකරපු බීජයක් මහා වෘක්ශයක් වෙලා තිබුනා.
ජිවිතේ මොකක්දෝ කරුමෙකට සරසවි යන්න ලකුනු මදිවෙච්ච නිශාන් පුන්චිකාලේ ඉදලා ආසාවෙන් හිටිය තාක්ශනය පැත්තෙන් රැකියාවකට යොමුවුනා. ඒ අතරෙන්ම ඉදලා හිටලා අතීතෙට එබිකම්කරන ගමන් පුන්චි පුන්චි නිර්මාන අඩුවෙන වේගයකින් නිර්මානය වුනා.
මේ අතරේ නිශාන්ගේ ජිවිතේට ආයෙමත් වසන්තය එන්න පටනරන් තිබුනා. සදුනි නිශාන්ගේ ජිවිතය ආපු දවසේ ඉදලම ඇය නිශාන්ව ආයෙමත් ලියන්න යොමුකලා.
"නිශාන්, අපි පොතක් ලියමු"
එකොමත් දවසක සදුනිගේ ඒ යෝජනාව ලොකුහයියක් වෙලා නිශාන්ට දැනුනා. නිශාන්ගේ ජිවිතේ ස්වර්නමය අවදිය පටන්ගත්තේ එහෙම. කාලයකට පස්සෙ "හන්තාන පාමුල" නමින් හරි අපුරු කතාවක් නිශාන් අකුරුකරලා තිබුනා. ලන්කාව පුරා ඉක්මනින්ම අලෙවිවෙලා ඉවරවෙන්න තරම් තරුන හිත් ඒ අකුරුවලට පිස්සු වැටෙනකොට නිශාන් අයෙමත් ලියන්න පටන් අරන් තිබුනා.
"නිශාන් දැන් ඔයාට මන් ගැන හොයන්නවත් වෙලාවක් නැත්ද?"
හයියක් වෙච්ච සදුනිම නිශාන්ට රිද්වන්න පටන්ගත්තෙ එහෙම.
"මම ඔයාට කිවුවා සදු,මම ලියන්න පටන්ගන්නවා කියන්නේ කුඩු ගහනවා වගෙ වෙනවා කියලා.මම මේකට ඇබ්බැහිවෙනවා.එකයි මම නොලියා හිටියෙ."
කොහොමින් කොහොම හරි අන්තිමට නිශානුයි සදුනියි වෙන්වෙන්නෙ නිශාන් තමන්ගෙ ජිවිතේ අකුරුවෙනුවෙන් කැපකරන්න තිරනය කරපු නිසාමයි.
"කියවන අය තව පොතක් බලාපොරොත්තුවෙනවා සදු,මට ටික කාලයක් දෙන්න,බාගෙට ලියලා නවත්ට්ගන එක තේරුමක් නෑ.ප්ලිස් තෙරුම්ගන්න බලන්න.මේ පොත ලිවුවට පස්සෙ මම ලියන එක නතර කරන්නම්."
"ශාන්,මේ අහන්න,දැන් ඇති ඕක.මම කෙල්ලෙක්,මම බලාපොරොත්තුවෙන්නේ මන් ගැන හොයන බලන කෙනෙක්ගේ ආදරයක් මිසක් මුලු දවසම පොතක් ලියන්න කැපකරන කෙනෙක් නෙමේ.ඔයා වෙනස් දැන්.අනික ඔයාගේ ඔය පොත් කියවන මිනිස්සු නෙමේ ඔයාට බැරිකාලෙක වතුර උගුරක් හරි දෙන්න ඉන්නෙ."
නිශාන් මොකුත් නොකියා බිම බලාගත්තා.නිහඩවම කරපු ඒ තොරාගැනීම හින්දම සදුනි නිශාන්ව අන්තිම වතාවට ඉම්බා.
"මම යන්නම් ශාන්."
ඊට අවුරුදු ගානක පස්සෙ දවසක නිශාන් උදේ නැගිටිනකොටම දැනුනේ අමුත්තක්.දකුනු අත හිරිවැටිලා.දැන් හරියයි දැන් හරියයි කියලා බලන්හිටියත් හරි නොගියම තැන නිශාන් දොස්තර කෙනෙක් හම්බෙන්න ගියා.
"මිස්ටර් නිශාන්,ඔයා මේක අහලා තිගැස්සෙන්න එපා. ඔයා එකම ඉරියවුවක මේ අත තියන් ඉන්න නිසා නහරවල පොඩි ප්‍රශ්නයක්.අපි ප්‍රතිකාරයක් කරමු.නමුත් මට මෙක ගැන ලොකු විශ්වාසයක්නම් තියන්න බෑ.
නිශාන්ට දැනුනේ තමන් වටේ තිබ්බ හැම දේම එක තත්පරෙන් කඩාවැටෙනවා වගේ.තව දුරටත් ලියන්න තරම් පුලුවන්කමක් නිශාන්ට තිබුනේ නෑ. ඒ වෙනකොට නිශාන් ආදරේ කරපු ගොඩක් මිනිස්සු නිශාන්ව අතහැරලා දාලා තිබුනා. කමක් නෑ,මගෙ පොත් කියවපු මිනිස්සු මට ඉන්නවනේ. නිශාන් එහෙම කියලා හිත හදාගන්න පටන්ගත්තා.
තව දුරටත් ලියන්න බැරිකම නිසාම නිශාන්ගේ කතාවේ ඊලග කොටස පිට නොවෙන බව පාටකයන් දැනගන්නවත් එක්කම ඔවුන්ගෙන් ලොකු විරෝදයක් නිශාන්ට එල්ලවෙන්න පටන්ගත්තා.තරුන හිත්වල ඉහලින්ම හිටිය රචකයෙක් වෙච්ච නිශාන්ට ඒ හිත්ම වයිරකරන්න පටන්ගත්තේ එහෙම.
හැමදේම තේරෙනකොට නිශාන් ගොඩක් පරක්කුවෙලා තිබුනා. සදුනි වෙන කෙනෙක් කසාද බැදලා වෙන රටකටත් ඒ වෙනකොට ගිහින් හිටියා. මේ ප්‍රශ්න මේ විදියට ටික ටික දරුනුවෙනකොට කායිකව වගේම මානසිකව ලෙඩවෙන්න පටන්ගත්තා.අන්තිමට ඉබාගාතේ යන පිස්සෙක් කියන තැනට ඔහුටවත් නොදැනිම ඔහු විතැන්වෙලා.
"හෙලෝ දර්මලතා මිස්ද?"
"ඔව් පුතෙ කවුද මේ"
"මිස් මම දිනුක,එදා මට මිස් හම්බෙලා ඇහුවේ නිශාන් ගැන"
"ඔව් පුතේ,නිශාන් හම්බුනාද?"
"ඔව් මැඩම්,මම මේ දැන් දැක්කා නුගගහලා ලග ස්ටැන්ඩ් එකෙ බස් හොල්ට් එක ඇතුලේ නිදාගෙන ඉන්නවා."
"දෙයියනේ,පුතේ මම දැන්ම එන්නම් පුතා එතකම් බලාගන්න,ආයෙමත් කොහෙවත් යයි."
"මිස් එන්න,මම ඉන්නම්,මම මනුස්සයා නැතිවෙන්න දෙන්නෙ නෑ ආයෙමත්"
පැයකට විතර පස්සෙ කවුදෝ නිශාන්ගේ ඔලුව අතගානවා දැනිලා නිශාන් ඇහැරිලා බැලුවා. බලපු ගමන්ම නොදාගෙන හිටිය නිශාන් දනගහලා ඒ කෙනාට බස් හොල්ට් එක ඇතුලෙම වැන්දා.
"සින්හල මැඩම්" නිශාන් එහෙම කිවුවේ වැදගෙනම.
"මගෙ පුතේ,උබට මේ අපරාදේ කලේ මම නේද?"
මිස් ඉකිගහන ගමන් එහෙම ඇහුවේ එදා නිශාන්ට තරවරවට්ටු කලානම් අද මෙහෙම වෙන්නෙ නෑ නේද කියන සිතුවිල්ල උඩ හින්දා වෙන්න ඇති.
ඊට මොහොතකට පස්සෙ සින්හල මැඩම්ගෙම කාර් එකෙ පිටිපස්සෙ නිශාන් යන්න පිටත්වුනා. දරුවෙක් මල්ලෙක් නොහිටිය ඒ උත්තරිතර ගුරුවරියත් , ගුරුවරයෙක්ම වූ ඇයගේ ස්වාමිපුරුශයත් ඒ මොහොතේ පටන් මේ පිස්සු හැදුනු රචකයට දෙමාපියන් වෙන්න පටන්ගත්තා. ඒ මිනිස්සු දෙන්නටත් ඉස්කොලේ කාලේ ඉදලම යාලුවෙක් වෙච්ච දිනුකටත් පින් සිද්දවෙන්න ටික කාලයකදි ආයෙමත් නිශාන් සනිපවුනා..
එතකොට රචනය, හැකිදාට ඔටුනුපලදලා බැරිදාට පාගලාදාපු මිනිස්සු වෙනුවෙන් ලියනඑකනම් නිශාන් නවත්තලා දැම්මා.
#අරෝශ්
Himesh Aroshana
උපුටා ගැනීමකි
No comments:
Post a Comment