දෛවය

(පේජ් එකට යාළුවෙක් එවපු කතාවක් හොඳද බලන්නකෝ)

මම නිකිනි සූරියබන්ඩාර.ගිනුම්කරන ගුරුවරියක් ව්දියට සේවයකලේ
කොලබ පාසලක.අපේ ආදරේ ගැන තියා ඉගෙනීම ගැන කෑම බීම
ගැන උනත් තීරනය උනේ සූරියබන්ඩාර පෙලපතට ඕනි විදියට.
අම්මා අප්පච්චි අක්කා අයියා තමයි මගේ මුලු ලෝකෙම උනේ...
අපේ ගෙදර තරුන ආදරේට ඉඩක් තිබුනේ නැහැ..අක්කා ගෙදරින්
ආපු යෝජනාවකට ලොකු සල්ලි කාරයෙක්ව බැන්දා..අයියා නිශා
අක්කව බැන්දේ තාත්තගේ යාලුවගේ දුව නිසා...
ඔහොම ඉන්නකොට තමයි මට එයාව මුනගැහුනේ.. මම එයාව දකින්න ඕනි නිසා
හැමදාම කලින්ම පාසලට එනවා..ඔහු අලුතින් පත්වීම බාරගත්තු
සින්හල ගුරුතුමා..නමින් විහග...ඇත්තටම කුරුලු ඇස් දෙකක්
තමයි එයාට තිබ්බේ.. හැම කෙනා එක්කම ඉක්මනටම යාලු උන
විහග මාත් එක්ක නම් මූනක් බලලා කතා කලේ නෑ.
එයාගේ ඇස් වලට මම වශීවෙලා හිටියේ..පවී නම් කිව්වේ ඌ
උබට කැමති නැහැ කියලා. ඔව් මටත් එහෙම හිතුනා.මෙච්චර
හැඩකාරියක් වෙච්ච මට එයා කැමති නැහැ කියලා හිතනකොට තරහත් ආවා. 
ඔහොම ඉන්නකොට දිසානායක අන්කල්ගේ පුතාගෙන් මට යෝජනාවක්
ආවා.. අම්මලට එක පයින්ම ඒකට කැමති උනා.
ඒකපාර්ශවීය ආදරයක් තිබ්බ මට මේකට අකමැති වෙන්න ලොකු
හේතුවක් තිබ්බේ නැහැ.අදුරගන්න කාලයක් තියා වචන දෙක තුනක
කතා නොකරපු සමීර එක්ක විවාහ ගිවිසගැනීම ලබන සතියේ
පවත්වන්න අම්මලා තීරනය කලා. ඒකට හේතුව උනේ සමීර
ඇමරිකාවෙ යන්න තීරනය කරලා තිබුනේ.යන්න කලින් මේක
කරලා ඉවර කරන්නයි එයාලට ඕනි උනේ...
හිතට අමුතු හැගීමක්වත් ආවේ නැහැ.මම විවාහ ගිවිසගන්නවා
කියලා..පවී නම් කිව්වේ උබ ගැන මට දුකයි කියලා.. දුකක් නොදී
සැපම විතරක් හුරු කරපු අප්පච්චි දුකක් දෙන්නේ නැහැ කියලා
මට ලොකු විශ්වාසයක් තිබ්බා..ඉතින් මම මගේ අලුත් ජීවිතයට ඉඩ දුන්නා..
සුදු දූ ඔයාගේ ඉස්කෝලේ යාලුවන්ටත් ඉන්විටේශන් දෙන්න
එන්ගේජ්මන්ට් එකට එන්න කියලා..
හා අම්මී මම කියන්නම්..
"මොකෝ සුදූ මරන්න ඔන්න මෙන්න වගේ කතා කරන්නේ. අක්කා එහෙම ඇහුවා..
"කොච්චර හොද කොල්ලෙක්ද මෙයාට හම්බවෙලා තියෙන්නේ නේද අම්මා.."
අක්කා කොහොමද දන්නේ එයා හොදද නරකද කියලා..මම
එහෙම කියාගෙන කාර් එකට නැග්ගා
මගේ 26 වෙනි උපන්දිනයට අප්පච්චි අරන් දුන්න තෑග්ග ඒක..
මම ඉස්කෝලෙට අදත් ගියේ පටන්ගන්න පැය බාගයකටත් කලින්.
විහග ස්ටෆ් රූම් එකේ වාඩිවෙලා හිටියේ.මට දැක්ක ගමන් හිතුනේ විහග සමීරට වඩා
කොච්චර කඩවසම්ද කියලා...ලස්සන කඩවසම් සිරුරක් හිමිවෙලා
තිබ්බ විහගට කෙල්ලෙක් නම් ඇති කියලයි පවී නම් නිතරම
කිව්වේ.මම ඒක පිලිගන්න කොහොමත් කැමති වෙලා හිටියේ නැහැ.
කොහොමද නිකිනි මිස්..
කවදාවත් කතා නොකරපු විහග මාත් එක්ක කතා කලා..මට
උන්හිටි තැනුත් අමතක උනා.
නිකිනි මිස් අද ලස්සනයි..නිල් පාටට මිස් ගොඩාක් ලස්සනයි..
මෙච්චර කඩවසම් ඔහු මෙහෙම කතාකරනකොට මට පුදුම
හිතුනා.මම උත්තර දෙන්න කලින්ම පවී උත්තර දුන්නේ එතනට එනවත් එක්කමයි
නිකිනි හිතුවේ විහගට කතා කරන්න බෑ කියලා..විහග මා දිහා
බැලුවේ හරිම ආදරෙන්..යන්නම් මම ඇස් වලින් කිව්වා...
පවී අපි එන්ගේජ්මන්ට් ඉන්විටේශන් දෙන්න ඕනි.. දවල්ට දෙමු නේද?
පවී "හා" කිව්වා..
මොනා කිව්වත් කලත් ඒ කතා කරන ඇස් අමතක කරන්න දවල් වෙද්දිවත් බැරි උනා..
මමයි පවීයි ස්ටෆ් රූම් එකට ගියේ ඉන්විටේශන් කාඩ් දෙන්න..
විහගත් හිටියා වාඩිවෙලා.
කාඩ් දෙන්න ආවට විහගගේ මූන බලාගෙන ඒක කරන්න මොකක්ද වගේ.
අනේ පවී මට බෑ..
විකාර කරන්න එපා නිකී උබ එක්ක පොඩ්ඩක් කතා කලා
කියලා උබ හීන මවන්න එපා.. යමු අනේ.. පවී එහෙම කිව්වා.
මම හැමෝටම කාඩ් දුන්නා.එයාල ඇවිත් විස්තර අහනවා සුබ පතනවා
පුදුම අපහසුතාවයකින් මම හිටියේ.ඒකට හේතුව විහග.
මම අන්තිමට ගියේ විහග ලගට.විහගට කාඩ් එක දෙනකොට
ඇස්වල කදුලු පිරුනේ හේතුවක් නැතුවමයි...
විහග සුබ පතනවා වෙනුවට " මම ඔයාට කවියක් ලිව්වා දැන් ඒක දීලා වැඩක් නැහැ."
මම එක පාරටම විහග දිහා බැලුවා.ඒ ඇස්වල තිබ්බේ ආදරේද
පසුතැවීමක්ද කියන්න මට තේරුනේ නැහැ.
අනේ ඒක මට දෙන්න..මට කවුරුත් කවි ලියලා නැහැ..
විහග කවි කොලේ මට දුන්නා නෙමෙයි මම උදුරගත්තා
ආදරෙයි බෝනික්කී හැමදාමත්"
අන්තිමට කවිය ඉවර කරලා තිබ්බේ එහෙමයි..කවිය කීපාරක් කියෙව්වද
දන්නෑ.එත් විසිතිස් පාරක් කියෙව්වා කියලා නම් දන්නවා..
හෙට වෙනකන් ඉවසිල්ලක් තිබ්බේ නැහැ.
විවාහ ගිවිසගන්න ඉන්නේ කියලාවත් හිතන්න මගේ හිත
ඉඩ දුන්නෑ. ආදරේ මේ තරම් ලස්සනයි කියලා මම දැනන් හිටියෙත් නෑ.
පොඩි කොලයක "මාත් ගොඩාක් ආදරෙයි"
කවි ලියන්න දන්නේ නැති මම ලිව්වේ එච්චරයි.
උදෙන්ම විහගව බලන්න ගියපු මම එයා ස්ටාෆ් රෑම් එකේ පුටුවක
වාඩි වෙලාඉන්නවා දැක්කා..
කවිය ලස්සනයි. මටද ලිව්වේ.
මම ඇහුවා.
නැහැ පවී මිස්ට
විහග කිව්වා.
"මරනවා වෙන කෙල්ලොන්ට කවි ලිව්වොත්"
මම එහෙම කියලා මම ලිව්ව කොල කෑල්ල විහගට දුන්නේ
එයාගේ අතින් අල්ලන ගමන්..
එහෙම පටන් ගත්තු ආදරේ මගේ විවාහ ගිවිස ගැනීමෙන්  පස්සෙත්
තිබ්බා..ආදරේ පිරුනු මුනගැසීම් ආදරේ පිරුනු හාදු එක්ක
අපේ ආදරේට අවුරුද්දක් උනා...මගේ අනාගත සැමියාගෙන්
නොලැබුනු ආදරේ මම විහගගෙන් බලාපොරොත්තු උනා..ඒක
අඩුවක් නැතුව දෙන්න විහගට පුලුවන් උනා..
අපේ පලවෙනි ඇනිවසරි එක සමරන්න අපි කොහෙහරි එලියට
යන්න කතා කරගෙන තිබුනේ..හැමදාම මොනාහරි දෙයකින් පුදුම
කරපු විහග අදත් එහෙම කරයි කියලා මම දැනගෙන හිටියා..
සමීර තරම් සල්ලිකාරයෙක් නොවුන විහග මාව සතුටින් තියන්න
නොකරපු දෙයක් නැහැ.සල්ලි වලට කරන්න බැරි ගොඩාක් දේවල්
එයා කලා..සමීර ඇමරිකාවෙ ඉන්න නිසා මට ලොකු නිදහසකුත්
තිබුනා..කැලනි පන්සලට යන්න ඕනි කියලා මම විහගට කියලා
තිබුන නිසා එයා මාව එහෙට අරගෙන ගියා.රන් මුදුවක් එයාගේ
අතේ තිබුනා..මාව බදින්න කැමතිද කියලා විහග ඇහුවේ මාව
පුදුම කරලා කවදාවත් එයා මාව බදින්න ඕනී කිව්වේ නැහැ.
එහෙම කරන්න බැහැ කියලා එයා දැනගෙන හිටියා..අනිත්
ආදරවන්තයෝ විවාහය ගැන කතා කලාට අපි ඒ ගැන කතානොකලේ ඒ නිසයි.
"මට ඔයාව සමීරගෙ වෙනවා දකිනන් ඕනි නැහැ."ඔයා මගේ වෙන්න.
මගෙ ජීවිතේ ලස්සනම දවස අදයි කියලා මට හිතුනා.
"ඔයා කරන්නේ වැරදි වැඩක්.. සමීර වරදක් කරලා නැහැනේ ඔයාට" පවී කිව්වා.
"වරදක් තියා එයා මට ආදරේ කරන්නෙත් නැහැනේ.."
"ආදරේ හිතෙන්න එක දෙයක්වත් සමීර කලාද මේ අවුරුද්දටම"
මම එහෙම කියලා යන්න ගියා.පවී එක්ක තරහක් ආවේ එයා
සමීරගේ වරදක් දකින්නේ නැති නිසයි..
මම ගෙදර ගියේ මේ ප්‍රශ්න කොහොමද විසදන්නේ කියලා හිත හිත
"ඔයා අපේ පවුලට ලැජ්ජකලා. අක්කා කිව්වේ එච්චරයි..මට
තේරුනේ එතකොටයි මොනාමහරි වෙලා තියනවා කියලා.
මුලු ගෙදරම විහග ගැන දැනගෙන. කැනඩාවෙ හිටපු අයියටත් අක්කා
මේක කියලා තිබුනා..
අක්කා මේ ප්‍රශ්නේ වැඩි කලා කියලයි මට හිතුනේ උදව් කලා වෙනුවට..
විහගට මේක කියන්න ඕනි උනත් කියාගන්න බැරි උනා.උදේට
කියන්න හිතාගෙනම මම නිදාගත්තා.නින්ද ගියේ කීයටද දන්නෑ.
උදේ පාසලට යනකොටත් විහග මේ ගැන දැනගෙන..
අක්කා සමීරට මේ ගැන කියලා තිබුනා.සමීර විහගට කතාකරලා
ප්‍රශ්නේ ගොඩාක් දුර ගිහින් තිබුනේ අපේ ආදරේ වගේම...
"එන්න මාත්  එක්ක යන්න" විහග කිව්වා
මට හා කියන්න බැරි උනා...මම අඩාගෙනම කාර් එකට නැග්ගේ
ඒක කරන්න හිත හදාගන්න බැරි නිසා මිසක් විහගට ආදරේ නැතුව නෙමෙයි....
විහගට මම නැතුව ඉන්න බැහැ ඒක මම දැනගෙන හිටියා..
සමීර ලන්කාවට ආවා.. මම වෙඩින් එක ගන්න බැහැ කිය කියා
කිව්වට සමීර වෙඩින් එක ගන්න කැමති උනා.ඒකත් මේ
මාසෙම.ගෙදර කවුරුත් මගේ පැත්තට හිටියේ නැහැ.පවීට ගෙදර
එන්නත් තහනම් කලා..
අන්තිම පාරට විහගව දකින්න ගියේ හිතේ දුක හිරකරගෙන.
එයාට මම කොච්චර ආදරෙයිද
කියලා එයා දැනගෙන හිටියට එයා මාත් එක්ක තරහින් හිටියේ.
විහග මාව අතහරින්න..
මට එන්න වෙන්නැහැ ඔයා එක්ක.
මම කිව්වා
"ඔව් ඔයා ඕක කරයි කියලා මම දැනගෙන හිටියා..මම ඉන්නේ
නැහැ ඔයා අරුගේ වෙනවා බලාගෙන..''
විහග කිව්වා.අපි කොච්චර ඇඩුවද කොච්චර තුරුලු උනාද
කියලා මට මතක තිබුනේ නැහැ.විහග ඩුබායි ගියේ මගේ
වෙඩ්න් එකට දවස් තුනකට කලින්.එයා මට කිව්වෙවත් නැහැ.
කිව්වානම් මම යන්න දෙන්නේ නැහැ කියලා දන්න නිසා කිව්වේ
නැහැ කියලා පවී අතේ එවල තිබ්බ ලිවුමේ තිබුනා.
ආර්යන් පුතා...කම් හියර් බබා
අනේ පුතා කරදර කලා නේද?
මම ඇහුවා.
මගේ පුතා ආර්යන් අබිමාන.ගෙවුනු අවුරුදු 3 ට ජීවත් වෙන්න
ආසාව ඇතිකලේ ආර්යන්.පුතා එක්ක නෝලිමි එකට ගියේ
එයාට ඇදුන් ගන්න.පුතාගේ දැගලිල්ල එයාගේ තාත්තගේ
වගේමයි කියලා හිතුන වාර අනන්තයි..මම අතීතයට යන්න හදනකොටම
ඒකට කමක් නැහැ.
.ඔහු මගේ පැත්ත හැරෙමින් ඔහු අතේ සිටි ආර්යන්ව මගේ අතට දෙන්න සැරසුනා..
දෙයියනේ විහග.ඔයා ආවද...
පුතෙක් නේද?  ඔහු ඇසුවා
ඔව් ආර්යන්. මම කිව්වා
අපේ ආර්යන් නැහැ ඔයාගේ ආර්යන්
විහග එහෙම කියාගෙන යන්න හැදුවා..
යන්න එපා මම එහෙම කියලා විහගගේ අතින් අල්ලලා නවත්තගත්තා..
"ප්‍රශ්න ඇති වෙයි නිකී මට යන්න දෙන්න"
විහග කිව්වා..
මම කියන දේ අහලම යන්න විහග මම ඔයාව නවත්තන්නේ නැහැ
ඔයා ගියාම මම දැනගත්තා මම අම්මා කෙනෙක් වෙන්න යනවා
කියලා.. අපේ ආදරේට සීමාවල් තිබ්බා ඒත් අන්තිම හමුවීමෙදී
ඒ සීමාවල් නැති උනා ඔයාට මතකයි නේද? ඔයා ගිය තැන මම
දැනගෙන හිටියේ නැහැ.අම්මලා දරුවා නැති කරන්න
කිව්වා.. සමීර දරුවා එක්ක මාව බාරගන්න කැමති උනේ නැහැ.
මම අපේ ආදරේ අන්තිම මතකය එක්ක තනි උනා...ගෙදරින් මාව
අයින් කලා... පවී විතරයි ලග හිටියේ.
මට ඒක විතරයි කියන්න පුලුවන් උනේ.. විහග අපි දෙන්නව බදාගත්තේ අඩ අඩා.
මේ අපේ ආර්යන්..... ආයෙත් ඔයාලට අඩන්න වෙන්නෑ.
විහග කිව්වා..
ආයෙත් ජීවිතේ ලැබුනා කියලා මට හිතුනා...

නිමි.
කතාව ගයත්‍රීගෙන්,
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment