මේ කතාව මට එව්වේ තරින්දි රාජතේව නංගි..
බලන්නකෝ හොදයිද කියලා
මම විහගි ...
ඇත්තටම විහගි කියන්නෙ අන්ධ කෙල්ලෙක් ... ගොඩක් අය කියන්නේ දෙවියො මට ගොඩක් ලස්සන රූපයක් දීලා මට මේ ලෝකේ වටිනම වස්තුව අරගෙන කියලයි... මොකද මගෙ අම්මයි තාත්තායි කාර් ඇක්සිඩන්ට් එකකින් නැති උනා.. ඒ දෙන්න යන්කොට මගේ ඇස් දෙකත් අරන් ගිහිල්ලා.. එදා ඉදන් මම මේ ලෝකේ තනිඋනා විතරක් නෙමෙ.. එදාඉන් පස්සෙ මේ ලෝකේ එලිය දකින්නත් බැරි උනා.. මගේ තනියට හිටියේ මගේ අච්චි අම්මා විතරයි .. අන්ධ මගෙ ඔක්කොම වැඩ කලේ අච්චි අම්මා යි..
එදාඉන් පස්සෙ මම මේ ලෝකේ වෙන දේවල් දැනගත්තේ සුපුන් අයියගේ ඇස් දෙකෙන් ..... අන්ධ කෙල්ල කියල ගමේ අය විහිලු කරද්දී සුපුන් අයිය මාව අතින් අල්ලාගෙන ගම පුරාම එකකන් යනව.. අන්ධ උනාට සුපුන් අයියගේ ඇස් වලින් මුලු ගමේම ලස්සන මම දැක්ක.. අම්මාල නැති උනාට පස්සෙ අපිට එදා වේල කන්නවත් සල්ලි තිබ්බෙ නෑ.. ගල් වලේ වැඩ කරල තම අච්චි මට කන්න දෙන්නෙ.. අච්චි ගැන මට ගොඩක් දුකයි ..එත් අන්ධ මම මොනා කරන්නද😢 මට පුලුවන් එකම දේ ඇස් වල කදුලු පුරවන් අඩන එක විතරයි .. සුපුන් අයියත් නැත්තං මම මේ කරුවලේ තනි වෙනව... සුපුන් අයියගේ අම්මලා මාත් එක්ක අයිය ඉන්නව්ට කැමැති නෑ... කාලකන්නි කෙල්ල කියල බනිනව... 😔 සුපුන් අයියට හොදට ඉගෙන ගන්න පුලුවන් .. ඉස්කෝලේ කියල දෙන ඒව මටත් කියල දෙනව.. මගෙ ඇස් දෙක සනීප කරන්න පුලුවන් උනත් අච්චි අම්මට සනීප කරන්න තරම් සල්ලි නෑ... අපේ අච්චි අම්මා කියන විදියට සුපුන් අයිය ගොඩක් ලස්සන කෙනෙක්ලු.. අනේ මටත් බලන්න තිබ්බනම්..😔 .
සුපුන් අයිය හැමදාම කියනව මගෙ ඇස් දෙක කොහොම හරි සනීප කරනව කියල.. එයා මගෙම අයිය ව්ගේ අසරණ මාව බලාගන්නෙ... ගමේ අය කොච්චර අනම් මන්ම් කිව්ව්ත් සුපුන් අයිය විතරයි මට හොදට සැලකුවේ... හැම පෝයටම අයිය මාව පන්සල් එක්කන් යනව.. මගෙ අත් දෙකෙන් අල්ලලා බෝධිය නාවනව.. ඒ වෙලාවට මට කියා ගන්න බැරි තරම් ආදරයක් හිතට එනව.. එක දවසක් මාත් එකක් පන්සලට ගිය වෙලාවෙ අපේ නෑදෑයෙක් වෙන සදලි සුපුන් අයියට අමුතු කතාවක් කිය්න්ව මට ඇහුන..
"ලැජ්ජ නැද්ද සුපුන් අයියේ මේ අන්ධ කෙල්ල එක්ක එහෙ මෙහෙ අවිදින්නෙ.. ඔයාට කියලත් නම්බුවක් නැද්ද ."
ඒ වෙලාවේ මට කෑගහල අඩන්න හිතුන.. නොදැනීම මගෙ ඇස් වලින් කදුලු අවා.. ඒ වෙලාවෙ අයිය ඇවිල්ලා මගේ කදුලු පිහ දාලා
" අඩන්න එපා විහගි නන්ගා.. කව්රු මොනව කිව්ව්ත් මම ඔයාව දාල කොහෙවත් යන්නෑ.. මෙච්චර දවසක් මට කියා ගන්න බැරුව හිටියේ.. නන්ගා... මම ඔයාට ආදරෙයි.. කවදාවත් මම ඔයාව තනි කරන්නෑ කියල පොරොන්දු වෙනවා.."
මට ඒ වෙලාවේ එක දෙයක් විතරයි කියන්න පුලුවන් උනේ.
" ඒත් අයිය මේ අන්ධ කෙල්ල."
ඉතුරු ටික කියන්න් කලින් අයිය මගෙ කට වැහුව.. චූටි කාලේ ඉදන්ම මට ලෝකේ පෙන්නපු සුපුන් අයියව ප්‍රතික්ෂේප කරන්න තරම් හයියක් මට තිබ්බෙ නෑ... ඒ තම්ම මාත් අයියට ආදරේ කල... මේ විදියට අපි දෙන්නගේ ආදරේ දවසින් දවස වැඩි උනා.. අසරණ මාගෙන් ඕනේ දෙය්ක් ගන්න පුලුවන් කමක් තිබ්බත් අයිය මම ගැන කිසිම අහිතක් හිතුවෙ නෑ.. මට ගොඩක් ආදරෙන් සැලකුව.. සුපුන් අයිය හොදට ඉගෙන ගෙන හොද ජොබ් එකකුත් කල...
ඒත් ටික දවසක ඉදන් මාව මගහැරිය .. මට ඉවසන් ඉන්න බැරි උනා.. දවස් ගනන් සති ගනන් මව බලන්න අවේ නෑ.. ඒත් එක දවස්ක ආච්චි අම්මා එක්ක මාව තව අයිය කෙනෙක් කොලබ එක්ක්න් ගිය.. එයා කිව්ව විදියට මගේ ඇස් දෙක සනීප කරන්න තමා... දවස් දෙකකට පස්සෙ මම ආයි මේ ලෝකේ එලිය දැක්ක.. ඔක්කොටම කලින් මම මගෙ අයියව හෙව්ව..ඒත් එයා හිටියේ නෑ.. පස්සෙ මම අඩ අඩා අනිත් අයියගෙන් ඇහුව කෝ මගේ සුපුන් අයිය කියල... ඒයා ඒ කිවව දේ අදහා ගන්න බැරි උනා.. ඇයි දෙවියො මට දෙයක් දීලා තව දෙයක් ගන්නෙ..😭😭 සුපුන් අයියට පිලිකාවක් 😭 දෙවියනේ ... ඒකයි එයා මාව මග හැරලා තියෙන්නෙ.. අවුරුදු ගානක් ඒයා එකතු කරපු සල්ලි වලින් මගේ ඇස් දෙක සනීප කරල් තියෙන්නෙ මගේ අයිය .. අනේ දෙවියනේ මම මගේ අයිය ව බලන්න මහරගම ඉස්පිරිතාලෙ ගිය.. ඒ වෙනකොටත් අයියට ගොඩාක් අමරුයි... මම මහ කාලකන්නි කෙල්ලෙක් ඇස් පෙනුනට මට මගේ අයිය ව හරියට බලාගන්න බැරි උනානේ... ගොඩක් අමාරුවෙන් උනත් අයිය ගොඩක් සතුටින් මාත් එක්ක හිනා උනා...
😢... ඒ මගෙ අයියගේ මම දැකපු පලවෙනි සහ අන්තිම හිනාවයි.... 😢😭😭😭😭 මම තරම් අවාසනාවන්ත කෙනෙක් මේ ලෝකෙවත් නැතුව ඇති .. මම හැමදාම මටම වෛර කරනව... ආච්චි අම්මත් නැති උනාට පස්සෙ මම මෙහෙණියක් විදියට සසුන් ගත උනා.. මේ ජීවිතතේ අනිත්‍ය ගැන මට දැන් හොදටම වැටහිලා තියෙන්නෙ ..😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔...
No comments:
Post a Comment