මගේ නොවනා පෙම් රාජිනි


#මාගේ_නොවනා_පෙම්_රාජිනී...👇👇

මනීෂ උබට හිතෙන්නෙ නැද්ද බන් අපි දෙන්නා මේ ලෝකෙ ඉන්න කාලමකන්නි දෙන්නා කියලා...

"තූක් නොදකින්..."

ඇයි උබ කෙල ගැහුවේ... ආ... ඇයි දැන් උබ කෙල ගැහුවේ...

"ඇයි බන්... උබ ඒක කිව්වේ මාවත් ගාවලානේ... අන්න ලෝකේ ඉන්න හොදම කාලකන්නියා උබ කිව්වානම් මන් ඒක පිලිගන්නවා..."

අනේ උබ සුදනා... ඉන්න තැනක් නෑ යන්න එන්න තැනක් නෑ... කරන්න හරි හමන් රස්සාවක් නෑ... කොච්චර පාරේ සින්දු කිය කිය ඉන්නද උබ හිතන් ඉන්නේ...

"අන්න උබට වැරදුනා දේව්... ලොකු ලොකු අය ලෝකෙට බිහි වෙන්නෙත් මහ පාරෙන් තමයී... දැන් බලපන් මේ ලෝකේ වෙනස් කරපු මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනයිද ස්කෝලෙකටවත් ගිහින් තියෙන්නේ..."

උබ හිතන් ඉන්නේ අපි මේ චිත්‍ර පටියක් රගපාන්න ඇවිල්ලා ඉන්නවා කියලද... උබෙ ඔය ගිටාර් කට්ටත් අරගෙන උබ ලොකු තැනකට යයී... මේක සැබෑ ජීවිතේ බන්... මේක අපේ ජීවිතේ... මෙව්වා වෙනස් කරන්න පුලුවන් ඉතින් දෙවියන්ටම තමයී...

"එහෙම හිතන්න එපා දේව්... දෙවියෝ කියල කෙනෙක් ඉන්නවද නැද්ද කියන එක වැඩක් නෑ... අපේ ජීවිතෙ වෙනස් කර ගන්ඩ ඕන අපිමයි බන්..."

අතේ සත පහ නැතුව අපි කොහොමද බන් ජිවිතෙ වෙනස් කර ගන්නේ...

"උබ කියන කතාවත් එක අතකට හරි බන්.. උබයි මායි දැන් කොච්චර කල්ද මේ රස්සාවට බැහැලා දවසේ ආදායම විතරයිනේ... අනික අපි කියන සින්දූ අහන්නෙ කවුද බන්... කෝච්චියෙ යන මිනිස්සූයී පාරේ ඉන්න අපි වගේම හිගන්නෝ ටිකයී... ඒත් දවසකට කන්ඩ බොන්ඩ ගාන හොයා ගන්නේ පුදුම දහ දුකක් විදල..."

අනේ මන්ද බන්... රටේ ජනප්‍රිය වෙනවා කියන එකත් බලන් යද්දී මාරම අමාරු වැඩක් නේද...?

"අපි වගෙ කොල්ලන්ට ඉතින් ඕක අමාරු වැඩක් තමයි... ඒත් ඉතින් උපදිනකොට ජනප්‍රියකම උරුම කරන් ඉපදෙන උනුත් ඉන්නවනෙ බන්... බලපන් දැන් ඔය සනුක, නදීමාල්, තව කවුද ඔය සෙට් එකේ ඉන්නේ අර ජැකාගේ පුතා...?"

ආ සජිත දනුද්දර...

"ආ... ඔව් ඔව්... උන් එහෙම බන් ඉපදෙනකොටම ජනප්‍රියකම අරන් ඉපදෙන්නේ... ඇයි ඉතින් උන්ගේ තාත්තලාත් පෙසිද්ද මනුස්සයොනේ බන් උන්ට කිසි මහන්සියක් වෙන්න ඕන නෑ... හැබැයි අපි සතුටු වෙන්ඩ ඕන වැඩක් කරන්ඩ පුලුවන් සෙට් එකක් ඕම ඉපදුනු එක ගැන නැත්නම් වැඩකටම නැති පජාතයෝ ඔය වගේ අයට ජාතක උනානම් ලංකාවේ කලාව කියන එක ඉවරටම ඉවරයී..."

ඔව් නේද බන්... මොනා කරන්ඩද අපිට උරුම වෙච්ච පේමන්ට් එකයි කෝච්චි පෙට්ටියී තමා...

"කියව කියව ඉදලා අද රෑට බඩගින්නේ ඉන්නද උබට ඕන... යමන් මොකක් හරි රෝලක් ගහල බඩගෝස්තරේ රැක ගමු..."

______________________________________________

"මාගේ පහසේ උනුසුම් සුවදින් සැනසිලා
ගෙවුනු කාලේ පැතුව පැතුමන් බොද වෙලා...
සිහින ලෝකේ තනිවෙලා දෑස් තවමත් හොයනවා
මා සිත්තම් කල රූපේ... හදේ...

හැදූ පෙම් මාලිගා නිමා වී යයි මෙදා
ලොවම මාගෙ අදුරු වීලා සදා....
මියෙන දා එනතුරා ආදරෙයී මා සදා
මාගේ නොවනා පෙම් රාජිණී..."

මම අලුතෙන්ම ලියපු සින්දුවක් පාරේ බංකුවක් උඩ ඉදගෙන ලස්සනට කියද්දී එතනට මිනිස්සූ වට උනා...

"දෙව්මින... කැප් එක ගලවලා යමන්... කීයක් හරි එකතු වෙයී..."

අඩෝ මේ සින්දුවනම් පට්ට මනියෝ... මිනිස්සූ ඒක අහගෙන ඉන්නවා

"උබට මම කිව්ව වැඩේ කරහන්..."

මම දිගටම සින්දුව කිව්වා... සෙනග අස්සෙන් මන් දෙයක් දැක්කා... ඔව් ඒ තමා එයා... ඇස් දෙක පුංචී කරගෙන මගේ දිහා හිනා වෙවී බලන් ඉන්නවා...
මන් සින්දුව කියල ඉවර වෙලා හිටපු ඔක්කොම සෙනග එතනින් යන්න ගියත් ඒ කෙල්ල එතනින් යන්න ගියේ නෑ... එයා ආවේ මගේ පැත්තට...

"ඔයා ලස්සනට සින්දූ කියනවා...මන් හරිම ආසයී ඒ සින්දුවට..."

හී... ස්තූතියි...

මගේ ඉස්සරහා දැන් හිටගෙන ඉන්නේ මේ ලෝකේ ලස්සනම කෙල්ලද කියලත් මට හිතෙනවා... පලවෙනි හැගීම කියල එකකුත් තියෙනවානේ... අන්න ඒ පලවෙනි හැගීමෙම තියෙන්නේ ඒ කෙල්ලට ආදරයක්... අයියෝ... මොනවද මම මේ හිතන්නේ... මන් වගේ රෝඩ් කුමාරයෙක්ට කැමති වෙයිද මේ වගේ කුමාරියක්... බලපන් උබේ හැටී... හරියට ඇදුමක්වත් ඇදගෙන ඉන්නවද උබ... උබලට මේ වගේ කෙල්ලන්ව අයිති නෑ... මන් මගෙ හිත එක්ක ලොකු සටනක් කරා....

"ස්...ස්... මොනවද කල්පනා කරන්නේ..."

ම්ම්හ්හ්... නෑ නෑ මොනවත් නෑ...

"ඔයා ලස්සනට කියනවා මම ආසයී ඒ සින්දුවට... මම එහෙනම් යන්නම්...."

පොඩ්ඩක් ඉන්න කියල කියන්න ඕන උනත් මට ඒකට හයියක් තිබුනෙ නෑ  එයා මට අතත් වනාගෙන කාර් එකක නැගලා යන්න ගියා... මට එයාට අත වනන්නවත් බැරි උනා....

.............

%තටස්...$%#

"මොකද යකෝ ඔලුවට ගැහුවේ..."

හරි හරි ඒකී ගියා දැන් පියවී සිහියට වරෙන් මනී... උබ කොහෙද හිටියේ ඉතියෝපියාවෙද සෝමාලියාවෙද..."

"උබේ රෙද්ද අස්සේ හිටියේ..."

අම්මද බොල මුගෙ රස් එක...ඇයි මොකද පේම කිරිල්ලී පෙම් පණිවිඩයක්වත් දීලා යන්න ගියාද...

"පිස්සුද බන්... එකී ආවා... සින්දුව ලස්සනයි කිව්වා... යන්නම් කියල ගියා..."
උබ ඒකිගේ නමවත් අහ ගත්තේ නැද්ද...

"නම අහන්න මන් ඒකී එක්ක කතා කරන්න එපැයී..."

ආ ඔව්නේ උබ අනිමිස ලෝචන පූජාවට සම වැදිලනේ හිටියේ...

"අනේ මෙ උබ මගෙන් මොකුත් නාහා ඉදහන්... විකාර කියවන්නෙ නැතුව රෑට කන්න මොනවා හරි අරගෙන වරෙන්..."

හරි හරි සාමුල් නානා... අපි නොදී ඉන්නෙ නෑනේ... ලැබුනු ගමන් මේ මාසේ කුලිය දෙන්නම්...

"මල්ලියා හැමදාම දෙනවා දෙනවා කියනවා යේක හැමදාම මේක කොරන්ඩ බෑ... මට හරියට වචනයක් දෙම්ඩ..."

දේව් ඕකව ඇදලා අරන් නමලා ගනින්කෝ හැමදාම දෙනවා කියනවා අපි ඌට දෙන්නම නෑලුනේ... අද දෙමූ එපා කියනකන්...

"කට වහන් ඉදහන් මූව ශේප් කරල යවනකන්...

මොකක්ද සාමුල් නානා තාම මාසේ ඉවරත් නෑනේ... අද 28යී නේ.. ලබන මාසේ පස්වෙනි ඉරිදට ඔක්කොම සල්ලි ටික දෙනවා...." 

"හැබැයී මල්ලිලා මේ සාමුල් නානට බොරුව විතරක් කරන්ඩ හදන්ඩ එපා.. වචනේනම් වචනේ හරියෑ..."

හරී සාමුල් නානා.. අපි එදාට අනිවරෙන් දෙන්නම්...

දේව් ඒ කියන්නෙ අපි මේ සතියට බර ගානක් හොයන්න ඕනනේ බන්... මූ අපිට කන්ඩ අදින්ඩ දෙන්නෙත් නෑ... ඉන්ඩ විතරයි දෙන්නේ... ඇත්තමයි ඕකගේ කපලා තිබ්බෙ නැත්නම් මම කපනවා අල්ලලා....

"මන් උබට හැමදාම කියනවා පාරේ සින්දූ කියල අපිට ගොඩ යන්න බෑ කියලා... කො ඉතින් උබ අහනවද..."

මේ මේ මේ... සංගීතෙට මොකවත් කියන්ඩ එපා... උබට ඕනනන් උබ පලයන් මන් එන්නේ නෑ...අනික මේ හදිස්සියේ උබට රස්සා දෙන්ඩ කවුද ඉන්නේ....

"ආ ඇති ඇති නවත්තහන්... තෝව දාලා මන් යන්නෙත් නෑ දැන් හරිනේ..."

එහෙනම් ලැස්ති වෙලා වරෙන් පුරුදු විදිහට අදත් පාරට බහිමූ...

එහෙම කිව්වට මන් අද පරට බහින්නෙ නම් පුරුදු විදිහට නෙවෙයී... මන් අද පාරට බහින්නේ අර කෙල්ලව දකින්න තියෙන උවමනාවට... අද නම් කොහොම හරි එයා එක්ක කතා කරනවාමයී...

___________________++++++__________________

අදත් සුපුරුදු විදිහටම ටව්මේ තැනින් තැනට ගිහිල්ලා සින්දු කිව්වා... ඒත් ඊයේ දැකපු කෙල්ලව අද කොහෙදිවත් දැක්කෙ නැ දැන් හුගක් හවස් වීගෙනත් එනවා.. අනේ අද එයා එන්නෙ නැති වෙයිද...

"මාගේ පහසේ...උනුසුම් සුවදින් සැනසිලා..."

මම ඊයේ කියපු සින්දුව කිය කිය ඊයේ හිටිය තැනටම වෙලා හිටිය... එක පාරටම ආව සුදු පාට කා එකක් මගෙ ඉස්සරහින් නැවැත්තුවා

"නගින්න..."

මොකක්ද....?

"මන් කිව්වේ වාහනේට නගින්න කියලා.."

මට මොකුත් හිතා ගන්න බෑ අර කෙල්ල ඇවිල්ලා මට එයාගේ කා එකට නගින්න කියනවා... මන් එක පාරම දේව් දිහා බැලුවා... නැගපන් නැගපන් කියනවා වගේ දේවා මට ඔලුවෙන් ඉගි කරා...

"මොනවද හිතන්නේ... ඔයාව මරන්න එක්කගෙන යන්නෙ නෑ... ඇවිල්ලා වාඩි වෙන්න..."

මන් කා එකේ දොර ඇරගෙන පිටිපස්සෙන් වාඩි වුනා... එයා මොකුත් නොකියා හීමීට හිනාවක් දාලා කා එක එලවන්න පටන් ගත්තා...

"ඔයාගේ නම මොකක්ද...?"

මමද... මම මනීෂ...

"Ohhh.... nice Name... මම රූෂී...."

එයා මොන මොනවද කිව්වා... මන් එතකොටත් හිටියේ හීන ලෝකෙක... එක පාරටම කා එක බිල්ඩින් එකක් ලග නැවතුනා... එතන ස්ටූඩියෝ එකක් ඒකේ නම ස්ටූඩියෝ රූෂී

"බහින්න..." 

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

"ලමයෝ මම කිව්වේ බහින්න කියලා..."

ම්ම්හ්හ් හරී....

මම බැස්සට පස්සේ එයා මාව ස්ටූඩියෝ එක ඇතුලට එක්කන් ගියා... ස්ටූඩියෝ එක ඇතුලේ සුදු ලස්සන මහත්තයෙක් ඉදගෙන හිටියා මහත්තයෙක් කිව්වට වයස 27ක විතර කොල්ලෙක්... රූෂී ගිය ගමන් එ කොල්ලගේ කරේ එල්ලුනා...

"රෂිත්... මෙයා ගැන තමා මන් ඔයාට ඊයේ කිවේ..."

"Ohhhhh.... මේ boy ගැනද කිව්වේ...?"

"හ්ම්ම්ම් මේ මනීෂ... මනීෂ එතකොට මේ රෂිත් මගෙ Boy friend..."

ඒ වචන ටික ඇහෙද්දී මට දරා ගන්න බැරි විදිහට දුකක් ආවා... ඇස් වලට කදුලු පිරුනා ඒත් මෙතන අඩන්න බැරි නිසා හිනා වෙලා ඉන්න සිද්ද උනා...

"හායී මනීෂ... මට රූෂි කිව්වා ඔයා ලස්සන සින්දුවක් කිය කිය හිටියා කියලා ඔයා කැමතිනම් අපි ඒකට මියුසික් කරලා එලියට දාමූ... මොකද ඔයා කියන්නේ..."

"එයා මොකට අකමැති වෙන්නද... ඔයා කැමතියි නේද මනීෂ..."

කතා කර ගන්න බැරි තරමට දුකක් තිබුනත් මට හොද අවස්තාවක් ලැබිලා තියෙන නිසා මට කියන්න පුලුවන් එකම වචනේ උනේ... හ්ම්ම්ම්ම් කියල විතරයී....

        
                 ::::::: නිමී :::::::

ඔයාලටත් ඒ සින්දුව අහන්න පුලුවන් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න යාලුවනේ...😘

http://www.hirufm.lk/music/song-details-3761-mage-pahase-janith-perera.html

http://www.hirufm.lk/music/song-details-3761-mage-pahase-janith-perera.html
Sa na
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment