රෝද තුනක් උඩ ජීවිතේ

රෝද  තුනක් උඩ ජීවිතේ....

"ලොකු පුතේ "
සුමනා තම දරුවට කතා කලේ හුගක් ආදරනීයව.රටේ හැමෝම ත්‍රීවිල් කාරයා කියල පහන්ට කතාකලත් ඒ විදියෙ පහත් විදියට කවදාවත් සුමනා තම පුතාට කතාකලේ නෑ.

සුමනා දන්නව පහන් කොච්චර මහන්සිවෙනවද කියල තාත්තාත් නැති ගෙදර නංගිගෙයි මල්ලිගෙයි වගකීම් කරට අරන් ජිවිතේ ගොඩ දාගන්න කොච්චර කට්ටක් කනවද කියල.

උදේට අම්ම හදන දෙයක් එහෙන් මෙහෙන් ගිලදාගන්න පහන් පාන්දර 5වෙනකොට පාර්ක් එකට ගියේ උදෙන්ම ගියයොතින් කීයක් හරි වඩිපුර හොයාගන්න පුලුවන් වෙන හින්දයි.

"මේ එනව අම්මා අදනම් පරක්කු වුනා අම්මා කකා ඉන්න වෙලාවක් නෑ ඩල්සි අක්කලට මහරගම යන්න 5 වෙද්දි එන්න කිව්ව."

"අනෙ පුතේ ඕවල කන්න දෙයක් තියේද දන්න් නෑ.හිටින්න මේ කිරිබත් ටික මං කවන්නම්."

අම්මාගෙ වදෙන් බේරෙන්න්ම බැරි තැන කිරිබත් ගුලි ටිකක් ගිලගෙන ගිලගෙන ගියා උගුර පිච්චිලා ඇස් දෙකෙන් කදුලු ගලන් ආවා.අම්මගෙත් ඇස්වල කදුලු.ඒ කිරිබත්වල උනට නෙමෙයි.පුතා විදින දුක මතක් වෙලා.

"ඇති අම්මා.මං දවල්ට එන්නම්කො  අම්මට කියලම බත් කවාගන්න."

පහන් වතුර වීදුරුවක් හිස් කරමින් අම්මට එහෙම කියල ත්‍රීවිලර් එකට ගොඩ උනේ තවත් හිටියොත් අම්ම කිරිබත් පිගානම ගිල්ලන බව දන්න හින්දයි.

දෙවියන් බුන්දුන් වැදල පහන් ත්‍රිවිලරය ස්ට්ටාට් කරගන්නවත් එක්කම හූනෙක් කෑගහන සද්දයක් ආවෙ සුමනාව බියගන්වමින්.

"අනේ පුතේ චුට්ටක් ඉදල යන්නකො."
"අනේ අම්මෙ දැනටමත් පැය කාලක් පරක්කු යි.අනිත් එක ඔය සත්තුන්ට පුලුවන්ද අම්ම අපේ ජීවිත වෙනස් කරන්න."

පුතා එහෙම කියල ගියත් සුමනගෙ හිතේ බයනම් අඩු උනේ නෑ.ඇය එහෙමම ගියේ බුදු රුව ලගට "මගෙ දරුවව රැක දෙන්න දෙවියනේ."

##############

පහන් ඩල්සිලව අරන් මහරගම ගිහින් එනකොට දවල් 1 විතර උනා.
ඔහු හැදුවෙ අම්මගෙ හිත හැදෙන්නත් එක්ක ඉක්මනින් කෑමට යන්න.
ඒත්

"අයියෙ බොරැල්ලට යන්න පුලුවන්ද "

පහන් හැමදාම උදෙට දකින්න බලාපොරොත්තු වෙන් ඉන්න ඒ රුව අද දවල් වෙලේ ඇවිත් කතාකරනකොට පහන්ට අදහ ගන්න බැරි වුනා...

"යමු නංගි නගින්න."
පහන්ට කැමත් අමතක වුනා ඇයව දැක්කාම.

"අද උදේ ගියෙ නැද්ද නංගි."

"නෑ"

ඇය කෙටි උත්තරයක් දීල කුඩා ලේන්සුවෙන් මුහුනෙ තිබූ දහදිය පිසිනව පහන් කන්නාඩියෙන් බලාගෙන.

ඇය ගුනසේන පොත් මැදුරෙ වැඩකරන කෙනෙක් කියල පහන්ට කලින් දිනක කියල තිබුන.ඇය ත්‍රීවීලර් එකෙන් ගිහින් හැමදාම බුක් ශොප් එක ලගින් බැහැල පහන් දිහා අමුතු හිනාවකුත් දා ගෙන ගියේ.

මේ බැල්මට පහන් ගොඩක් ආදරේ කලා.ඔහු ගේ හිතේ වගේම ඇයගේ හිතෙත් ඔහු හ්
ගැන තියනව කියල පහන්ට හිතුන.
ඒත් ඒ ගැන ඇයට කියන්න පහන්ට තිබුනෙ ලොකු බයක්.

"ඔයවගේ ලස්සන කෙල්ලෙක්ට කොල්ලෙක් නැතිවෙනවද බන්."

කෙල්ල ගැන පාර්ක් එකේ විමලෙ අයියට කිව්වාම විමලෙ අයිය කිව්වෙ එහෙම.

"රෝසපාට ගාන් ඉන්න මූනවල් වලින් අපිට පත්තිනි මෑනියො වගේ පෙනුනට උන්ගේ ඇග ඇතුලෙ කාලි අම්මල වගේ ගෑනු ඉන්ඩ පුලුවන්.අපේ ඇබෑනි ගැනත් මං හිතන් හිටියෙ එහෙමනෙ.දැං පේනවනෙ මං විදින දුක."

විමලෙ අයිය තව දුරටත් කිව්වෙ ගෑනු ගැන මෙලෝ හසරක් දන්නැති පහන්ට උපදෙසක් හැටියටයි.

"මං ඔයා එක්ක හුගක් දවස් ඉදං කතාකරනව කියල හිතන් හිටියෙ."

පහන් හැදුවෙ ඔහුගෙ ආදරේ ගැන ඇයට පොඩි ඉගියක් දෙන්න.ඒත්

"අයියෙ ටිකක් ඉක්මනින් යමුද මට පරක්කු උනා.'

ඇය දුන්නෙ එහෙම ප්‍රතිචාරයක්

පස්සෙ එයාගෙන් මේක අහනව එයා පරක්කු උනොත් මැනේජර් කෑගහනව ඇති.පහන් හිතුවෙ එහෙම.

ඒත් දවස් දෙක තුනක්ම බොරු හේතු හදන් බුක් ශොප් එකට ගියත් පහන්ට ඒ ගෑනු ලමයව දකින්න හම්බුන් නෑ.සමහරවිට කෑමට යන්ඩ ඇති.ස්ටෝර්ස් එකේද දන්නෑනෙ.පහන් එහෙම හිතල හිත හදාගත්ත.ඒ එක්කම ඇයගේ නම අසාගැනීමට නොහැකිවීම ගැන ඔහු දුක් වුනා.

ඒ ගැන මතක් වුනු ගමන් පහන් ඇයගෙ නම විමසුව.

"ම...මං සුවනි."

හරිම ලස්සන නමක්නෙ."
ඇයගේ පෙනුමෙත් නිවා සනසන ගුනයක් පිරී තියනව කියල පහන්ට හිතුන.

පහන් කොච්චර කතා කලත් ඇය වටපිට බලමින් දාදිය පිසමින් ගියා මිසක් ඔහුට පිලිවදන් දුන්නෑ.

ඒ ගැන පහන්ට දැනුනත් ඔහු ඒ ගැන සුවනිගෙන් ප්‍රශ්න කරන්න ගියෙ නෑ.

"සෝදිසි මෙහෙයුමක් ඉදිරියෙන් කරුනාකරල වාහනය නවත්තල පෝලිමේ ඉන්න."

හදිසියේම පොලිස් නිලදාරියෙක් පහන්ගෙ  ත්‍රීවිලර් එක නවත්තල  පහන්ට කිව්වා.

"ඔය මිස්  තියන බෑග් අරන් අර පෝලිමට යන්න.ඔයා ඔතන ඉන්න වාහනේ චෙක් කරන්න එනකන්"

නැවතත් පොලිස් නිලදාරියෙක් ඇවිත් පහන්ට කිව්ව.

"මොනව චෙක් කරනවද මන්ද කොටි කරදරෙත් ඉවරකරල අවුරුදු හතක් අටක් ගියාට පස්සෙත්."

පහන් එහෙම කිව්වෙ බයවෙල වගේ හිටපු සුවනි දැකලයි.

"ඔයා යන්න නංගි මං මෙතන ඉන්නම්.චෙක් කරල ඉවර උනාම ඉස්සරහ තියන මැයි ගහලග ඉන්න."

සුවනි පහන් කියපු දේ අහල අහින්සක විදියට පහන් දිහා බලල ගියා.

ඒ බැල්මත් එක්ක විනාඩි  5 ක් විතර සිහින ලෝකෙ හිටපු පහන් අවදි වුනෙ පොලිස් නිලදාරියගෙ හඩ ඇහිලයි.

"අයිසෙ මේ මොනවද මේ බෑග් එකේ."

පොලිස් නිලදාරියගෙ කෑගැහිල්ලට පහන්ව උඩ ගිහින් බිම වැටුන.

පහන් එතකොටයි දැක්කෙ සුවනි එයාගෙ බෑග් එක දාල ගිහින් කියල.

%%%%%%%%%%%%%%%%%

පහන්ට සිහිය ආවෙ සිවිල් පිට හිටි පොලිස් නිලදාරිය ගහපු වතුරපාර නිසා.

"දැංවත් කිය.පා...න් උබට කව්ද මේව දුන්නෙ."

එසේ කියමින් නිලදාරිය ඔහුට තරුවිසිවෙන කම්බුල් පාරක් දුන්න.
පහන්ගෙ ශරීරෙ ලේ නොගලපු තැනක් හොයාගන්න බැරි වුනා.පැය දෙකක වෙලේ ඉදන් පහන් හොදටම ගුටිකාලයි හිටියෙ.ඔහුගේ ලේවල රස ඔහුගේ දෙතොල්වලට ඔහුට දැනුන.

"මං ද..න්..නෑ...මහ..ත්..තයෝ.."

පහන් මෙතෙක් වෙලා කියපු දේ යලිත් කිව්ව.

"තෝ දන්නවද තොගෙ ත්‍රීවීලර් එකේ කෝටි 3 හෙරෝයින් තිබුනෙ.ඒත් ඒ ගැන තෝ දන්නෑලු."
නිලදාරිය නැවතත් තරහෙන් කෑගැහුව.

පහන්ට මේ උන දේ හිතාගන්න ත් බෑ.ත්‍රීවීලර් එකේ තිබුනු බෑග් එක දැකපුගමන් පොලිස් නිලදාරිය එක්ක සුවනිව හෙව්වත් ඇය හිටපු ලකුනක්වත් ඒ අවට හොයාගන්න බැරි වුනා.ඇයව හොයන් බුක් ශොප් එකට ගියත් එහෙම කෙනෙක් නෑ කියල එතනින් කිව්වාමයි පහන්ට සියල්ල පැහැදිලි වුනේ.

"ඇයි සුවනි මට මෙහෙම කලේ."
පහන් තමන්ගෙන්ම ඇහුව.
තමන් පනහා සමානව ආදර කරපු ත්‍රීවීලර් එක නිසා අද පහන් ලොකු අමාරුවක වැටිල.දැං කොහොමද මං මගෙ නංගිටයි මල්ලිටයි උගන්නන්නෙ.මං කොහොමද අම්මගෙ මූන බලන්නෙ.

පහන් හිතුවෙ එහෙම.ඇගේ වේදනාවට වඩා පහන්ගෙ හිතේ වේදනාව ඔහුට තදින්ම දැනුන.

"මගෙ යකා අවුස්සන් නැතුව දැංවත් කිය..පා...න්.."

නිලදාරිය බැටන් පොල්ල අරන් පහන්ට ගහන්න හැදුව විතරයි.

"සර් අර ගෑනු ලමය ඇවිත් බාර වෙලා"

ඒ වදන ඇහුනත් එක්කම පහන්ගෙ සිහිය ආපසු නැතු වුනා.

සිහිය එනකොට පහන් හිටියෙ අම්මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන්.

"අනේ මගෙ රත්තරනේ මොකක්ද මේ කරගත්තෙ."
අම්මගෙ ඇස් අඩල අඩලම රතුවෙලා ඉදිමිලා තිබුනා.

"සිහිය ආවද දැං මෙයාව ගෙනියන්න.ආයෙ හෙට පොලිසියට එන්න ඕන.අර ගෑනු ලමය ඇවිත් සේරම කියපු හින්දයි තමුන්ට මෙහෙම යන්න දෙන්න පුලුවන් උනේ."

කූඩූවේ සිටි සුවනිව පෙන්වමින් පොලිස් නිලදාරිය පහන්ට කිව්වා.

පහන් ඇගේ අමාරුවද නොතකමින් වේගයෙන් ඇය ලගට ගියා.

"මට සමාවෙන්න මහත්තයො .මං එහෙම නොකලනම් මාව ඒ මුදලාලිල්ස් මරනව."

"ඉතින් ඇයි ඔයා ආයෙ හැරිල ආවෙ."
"ඔයා මට කොච්චර ආදරේ කලාද ඒ තරමටම මාත් ඔයාට ආදරේ කලා.මගෙ වැරදි වලට ඔයාට දුකක් දෙන්න බැරි හින්දයි මං ආපහු ආවේ."ඇය ඉකිගසමින් කිව්වා.

ඇගේ තිබූ සියලු වේදනා නැතිවෙලා ගියා වගේ පහන්ට දැනුන."
"ඇයි වස්තුවේ ඔයා මේ වගේ අපරාද රස්සාවක් කලේ."
"ඒක මගෙ කරුමෙ මහත්තයො .
මට ගැලවීමක් නෑ."

"නෑ සුවනි මං ඔයාව ඒ නරකාදියෙන්මුදව ගන්නව "
පහන් එහෙම කිව්වාම සුවනි ආදරය උතුරන දෑසින් ඔහු දෙස බලා සිටිය.දෙන්නම හරි ලස්සනට හිනා වුනා.

කූඩුවේ ග්‍රීල් අතරින්  වුනත් සුවනිගෙ නිදහසේ බලාපොරොත්තුවේ දිලිසෙන දෑස් දෙස පහන් බලන් හිටියෙ ආදරෙ පිරුනු දෙනෙතින්.

ටනාකා රොද්‍රිගු

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment