❤❤ප්‍රෙරේමය නම් කිමැයි මා දන්නවානම් සත්තයි එ ඔබ නිසාවේනි..💖💖
•••••• •••••••••••••••• ••••••••••••••••
නැගිටපන් කුම්බකරණයා....බලහන් දැන් වෙලාව කියද කියලා...."
ඇඳ රෙද්දෙන් ඇද චාමියාව දැකලා උදේ පාන්දරම යකා නැග්ගා..
මේන කරැමයක්ද මේ නිදාගන්න දිපන් චාමියා..."
මුටත් කෝහිද ඉන්න බැහැ ගෙදරට වෙලා මෙහේ උදේ පාන්දර ඇවිල්ලා තියාගෙන මට වද දෙනවා..
නැගිටපන් යකෝ තෝ අද කලාස් යන්නේ නැද්ද..."
අප්පාට සිරි අද අලුත් කලාස් නේද...ඇඳේ ඉඳගත්තා නෙවෙයි ඉන්දුනා..අද තමයි කම්පියුටර් ක්ලාස් යන්න තියෙන්නේ
අඩෝ අමතක වුනා බන්..."
මම චාමියා දිහා බලන් කිවා...
දැන්වත් නැඟිටපන් යකෝ තව පැයක් තියෙනවා.."
මේකාව මරලත් මදි ඇයි මේ යකා නැගිට්ටුවේ නිකන් විනාඩි 10ක් තියෙනවා වගේ...
උඹව මරලත් මදි චාමියා..."
ආ ඇයි අර..."
මගේ දිහා බලපු විදිහට හිනත් ගියා ඇස් දෙක ලොකු කරන්..
යකෝ තෝ කිද්දුවේ මේ දැන් කලාස් පටන් ගන්න වාගේනේ...."
එක කියපු ගමන් එ හැලපයා දාපු හිනාවනම් දිරවන්නේ නැතුව ගියා...
ඇයි තෝ හිනාවෙන්නේ.."
ඇයි බන් උදෙන්ම ගියොත් තමයි ලස්සන කැලි ටිකක් බලාගන්න පුළුවන් වෙන්නේ...ආ නැද්ද මං අහන්නේ.."
හුටා එකත් ඇත්ත නේ...
හම්මාට එකත් ඇත්ත හිටහන් මන් ඉක්මනට වොශ් එකක් දාන් එන්නම්.."
එසේ කියමින් මා බාත්රැම් එක දෙසට හැරැණා...
ආ චුටි නැගිට්ටාද...."
එසේ අසමින් අක්කා කාමරයට ආවා...
ඔව් ඇයි.."
එක තමයි මේ උදෙන්ම වහින්නේ..."
අපෝ මේකි එක කියපු කැත චාමියාටත් හිනා..
ඉතින් හොදෙයිනේ..."
මම කිවා
අනේ මේ උඹලා දෙන්නාගේ රණ්ඩු පස්සේ බලාගනින් ගිහින් ලැස්ති වෙයන් ගඳයා.."
බාත්රැම් එකට යන්න ගිය මම චාමියාගේ ලඟට ඇවිත් ඌට ගහන්න හැදුවා..
කවුද ඩෝ ගදයා.."
හරි හරි මම තමයි ගඳයා උඹ ගිහින් ඉක්මණට ලැස්තිවෙයන් මයි අම්‍මා ඉක්මනට යන්න ඕනේ අරැන් ටික ඇවිල්ලාත් ඇති මෙලාහකට.."
ඉන්න චාමි මල්ලි මම තේ අරන් එන්නම්..."
එසේ කියමින් අක්කා යන්න හැරැණා..
අක්කා මගේ තේකත් ගෙන්නකෝ උඩට.."
එසේ කියමින් මම වොෂ්රැම්
දෙසට හැරැණා..
පවුලේ බලයා මන් තාත්තා බිස්නස් කරන්නේ අශෝක රණවිර...අම්මා නිල්මිණි රණවිර අම්මාට ඉතින් සමාජ සේවය අර වැඩක්නම් නැහැ..අයියා නදිෂ මධුරංග බිස්නස් ඉගෙන ගන්න රට ගියා ..අක්කි පැතුමි ආකර්ෂා කැම හදනවා ඇරෙන්න වෙන ලොකයක් අක්කිට නැ...යසිත් තිලංක මම තමයි ඉතින් තාම e/l කරා විතරයි රිසල්ට් එනකම් ගෙදර ඉන්න බැරි කම්මැලි කමට ක්ලාස් එකක් හොයාගත්තේ...මේ වොෂ් එකක් දාලා එනකොට මේකා හොදට නිදි මගේ ඇදේ...චාමික මගේ හොදම යාළුවන්ගේ එකෙක් මු ගෙවල් ලඟම නිසා අනිත් උන්ට වඩා මු තමා ෆිට් එක...නිදාන් ඉන්න විදිහට කුපාඩියක් නොකරම බැ..එහෙම හිතමින් මම නාන කාමරයට ගිහින් සිග්නල් එක අරන් ආවා...සද්දේ නොකර හිමින් එක චාමිගේ අතේ ගාලා කෙන්දකින් උගේ නහය කිතිකැව්වා...චාමියා සිග්නල් ගාපු අතින් නහය කසන්න ගත්තා...මට එ වෙලාවේම හිර කරන් හිටිය හිනාව එලියට පැන්නා..එ සද්දේට චාමිය නැගිට්ටා...මම කරපු දේ දැකලා මිනිහාට අම්බාණකට තද වුනා..
මොක්කද හාල්පාරැවෝ තෝ කලේ...අපේ අක්කාගේ ක්‍රිම් උලාගෙන ලස්සන වෙලා ආවම තෝ කරපු කැත වැඩේ බලපන් ඉතින්..."
අඩෝ තෝ හිටිය විදිහට නොකරන්න ඉන්න බැරිවුනා බන්...
තෝ නම්...මම හොදන් එන්නම් දැන්වත් ලැස්තිවෙයන් අරන් ටික බලන් ඇති..."
එසේ කියමින් චාමික ගියා.........
කොහමහරි අපි දෙන්නා ක්ලාස් යනකොට 9.10යි...අපේ සෙට් එකම බස් හොල්ට් එකට වෙලා අපි එනකම් හිටියා..එකෙක්ගේ කකුල් දෙකට ලංකරලා බයික් එක නතර කලා..
ඇ බන් තොපිලා දෙන්නා මේච්චර වෙලා පෙල් ගැවද..හාල් ගැරැවාද..බලහන් දැන් වෙලාව කියද කියලා ...."
ගායන් චාමිගේ කරට අතදාන ගමන් ඇසුවා..
මුගැන කතා කරලා වැඩක් නැ උඹ දන්නවානේ මුව නැගිටිවන්න විදින දුක...අම්මාපා රවාණාව මම නැගිට්ටනවා නිදාගෙන ඉන්න තැන දන්නවානම් එච්චරටම අමාරැයි මුව නැගිට්ටවන්න..."
චාමියා කිවා...
හරි හරි බන් යමන් ක්ලාස් එක ඇතුලට..."
තිලිණ කිවා..
හිටපන් යකෝ බයික් එක පාර්ක් එකේ දාලා එනකම්.."
මම බයික් එක අරන් පාර්ක් එකට ගියා..මම බයික් එක පාර්ක් කරන්න හදපු තැනට ස්කුටර් එකක් එත් එක්කම පාර්ක් කලා..මැදැයි කලා..එයාට බහින්නත් බැ මට බහින්නත් බැ..
මේ මිස්ටර් ගන්නවාද බයික් එක පැත්තකට.."
හෙල්මට් එක ඇතුලෙන් ලස්සන සුවිට් වොයිස් එකක් එත් කියපු එකනම් මට දිරවන්නේම නැ ඇ යකෝ මේක යකාගේ අණ්ඩුවක්නේ මමනේ මුලින් පාර්ක් කලේ..
මේ මැඩම් මුලින් පාර්ක් කලේ මම හරිද මැඩම්ට ඕනේ නම් මැඩම්ගේ බයික් එක වෙන තැනකට පාර්ක් කරගන්නවා.."
මේ මිස්ටර් කතා කරන්න ඉගෙන ගන්නවා මුලින්.."
ආ මැඩම් මමද දැන් ඉගෙන ගන්න ඕනේ කතා කරන්න මම මේතනින් මගේ බයික් එක ගන්නේ නැ..ඔයාට ඕනේ නම් වෙන තැනකට බයික් එක පාර්ක් කරගන්න ඕං මන් ගියා.."
එසේ කියමින් බයික් එක උඩින් පැනලා වැඩ පාරක් දාලා..එතනින් ආවා..ශිට් කෙල්ලගේ මුහුණ බලාගන්න බැරි වුනානේ ලස්සන වෙයිස් එක...කල්පනා කර කර ක්ලාස් එක ලඟටම ආවා....
ආඩෝ යසියෝ උඹ කොහිද යන්නේ අපි මේහේ බන්..."
ජනිත්ගේ කතා කරන හඬ ඇහිලා ඔවුන් සිටි පැත්තට ගියා..
ඇ බන් බයික් එක පාරක් කරන්න ගිය උඹමද ආවේ නැතිනම් වෙන එකෙක්ද..බයික් එක පාර්ක් කරන්න පයින්ද ගියේ නැතිනම් ඉබ්බාගේ පිටේද...මෙච්චර වෙලා ගියේ..."
චාමික ඇහුවා..මුන්ට කියලත් බැ නොකියත් බැ..
මාර සින් එකක් වුනා බන්.."
ඈ...එ මොකක්ද බන්"
චාමියයි.ගායියයි එක පාරටම ඇහුවා..
මම ගියානේ බන් බයික් එක පාර්ක් කරන්න බයික් එක දාන කොටම ග්ර්ල් කෙනෙක් ස්කුටර් එකකින් ඇවිත් මං පාර්ක් කරපු තැනම පාර්ක් කරලා මට බහින්නත් බැහැ එකිට බහින්නත් බැ..මට කිව්වානේ බන් මිස්ටර් බයික් එක අයින් කරන්න කියලා..මන් කිව්වා මට බැ..තමුන්ට ඕනේ නම් අයින් කරගන්න කියලා වැඩ පාරක් දාලා බයික් එක උඩින් පැනලා ආවා...."
මුන් ටික කටත් ඇරන් සින් එක අහන් හිටියා..
ඇ බන් උඹ මාව හලලා ගියේ මේහෙම සින් එකක් වෙන නිසාද.."
චාමියා ඇසුවා..
ශිට් වැඩේ කියන්නේ වෙයිස් එක නම් ආයි කියලා වැඩක් නැ සුපිරිම සුපිරි දැක්කේ නම් නැ බන් මුහුණ හෙල්මට් එක නිසා වෙයිස් එක වගේමද එලද දන්නේ නැ මුහුණ.."
ආඩෝ කෙල්ලන්ව වෙයිස් එකෙන් මනින්න එපා බන්..මේ යමන් යමන් අන්න සර් කරයා ක්ලාස් එක පැත්තට ගියා.."
එසේ කියමින් තිලිණ ක්ලාස් එක පැත්තට යන්න හැරැණා..එත් එක්කම මාත් හැරැණා කෙහේ ඉදන් ආවාද මන්දා එක පාරටම කෙල්ලෙක් මගේ ඇඟේ හැප්පිලා වැටෙන්න ගියා..එ මොහොතම ඈ මගේ අතින් ඇල්ලුවෙත් මම ඈගේ අතින් ඇල්ලුවෙත් එකම මොහොතමයි.. මේ අර ගර්ල්මයි මට පාර්ක් එකෙදි සද්දේ දැම්මේ...ඇ මෙච්චර ලස්සනද හරියට සුරංගනාවියක් වාගේ...මේ දැන් අහසින් බැස්සා වගේ..එ ඇස් දිහාම මන් බලන් හිටියා..
මේ මිස්ටර් උඩ බලන්ද යන්නේ.."
මගේ අත අත්හරිමින් ඈ ඇසුවා..
ඔව්නේ..ඔයාත් උඩ බලන් අපු නිසා මාත් උඩ බැලුවා..."
මම කිවා
මෙච්චර ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෝ දැක්කාම උඩ බැලෙනවා තමයි..."
එත් එක්කම චාමියා කිව්වා..
පිස්සු..."
ඈ එසේ කියමින් ක්ලාස් එක ඇතුලට ගියා...
ඇ බන් මොකක්ද එ වුනේ මම හින්දි ෆිල්ම් එකක් දැක්කද නැතිනම් හැබැහින්ම වුනාද.."
ජනිත් එසේ ඇසුවා..
පොඩ්ඩක් මාව කොනිත්තපන් බන් මුලින්.."
එසේ අසමින් චාමියා ජනියාගේ දිහාට අත් දික් කලා..
ඌයියා..කොනිත්තනවා කියලා මෙහෙමත් කොනිත්තනවාද යකෝ අම්බානකට රිදුණා.."
උඹලා එනවාද නැද්ද පරක්කු වෙලා නැතිනම් මුල්ම දවසේ බැනුම් අහපන් මම යනවා.."
ගායියා ක්ලාස් එක පැත්තට ගියා..එ වෙච්ච දේ ගැන කතා කරමින් අපිත් ක්ලාස් එක පැත්තට ගියා..ඈ අපේ ක්ලාස් එකෙමයි...ක්ලාස් එක ඉවර වෙලා ගෙදර යන්න එළියට ආවා....
අද වත්තට එනවාද බන්..."
චාමියා ඇසුවා..
මන් එනවා උඹලා මොකද කියන්නේ.."
මම කිවා..
අපිත් එනවා බන්..''
උඹලාට පෙන්නන්න දෙයක් තියෙනවා..."
තිලා සාක්කුවෙන් ෆොන් එක අරන් කිවා...
එ මොකක්ද බන්.."
චාමියා ඇහුවා..
මේ බලහන් මරැ කපල් එකක් සුපිරියට මැච් වෙනවා.."
එසේ කියමින් ෆොන් එක දික් කලා...ඈ වැටෙන්න ගිහින් මගේ අතින් අල්ල ගත්ත මොහොතේ තිලා ෆොටෝ අරන් තියෙන්නේ....
ඇ උඹ කොහොමද බන් මේ සින් එක ෆොටෝ ගත්තේ සුපිරියටම ඇවිල්ලා..."
චාමියා කිවා...
උඹලා කටවල් ඇරන් බලන් හිටපු වෙලාවේ මම කැම් එක ඔන් කරලා ගත්තේ මම හිතුවේ නැ බන් එත් සුපිරියට ඇවිල්ලා...."
තිලා කිවා..
එ මට ඕක බුලුටුත් කරහන්..මම කිවා....
ඔන් කරහන්..මොන දේ වුනත් මරැ කෙල්ල බන් ආයි කතා කරලා වැඩක් බලහන්කෝ බන් හින්දි නිළියෝ පරාදයි.."
කතා කර කර පාර්ක් එකට ආවා ඇ බයික් එක වෙන තැනක පාර්ක් කරලාද කොහිද බයික් එක පෙන්න තිබ්බේ නැ..
අපි කැපුණා එහෙනම් හවසට වරෙන් පාර්ක් එකට චාමියා නැගහන්..."
මායි චාමියයි ගෙදර එන්න ආවා...චාමියාව බස්සලා ගෙදරට ගොඩ වුනා අම්මා සැටියට වෙලා පොත් වගයක් මර්ක් කර කර හිටියා..මම එනවා අම්මා දැක්කේ නැ...මම හිමින් ගිහින් ඇව බදාගත්තා..කොච්චර බිසි වුනාත් අම්මා අපි කැවදා බිව්වාද බලන්න අමතක කරන්නේ නැ..
ආ මගේ සුදු අම්මි...මොනාද මේ බරටම බිසි වෙලා.."
මම ඇ බාදාගෙන ඇසුවා..
යන්න චුටි එහාට දාඩිය ගඳයි...යන්න ගිහින් වොශ් එකක් දාලා එන්න කන්න..."
අම්මා කිවා..
මොක්කද අම්මි කරන්නේ.."
මේ දුප්පත් ලමයිට දෙන්න පොත් වගයක්...අද හවසට මොකක් හරි වැඩක්ද චුටි..."
අම්මා ඇහුවා...
නැ අම්මි..ඇයි.."
මම කිවා..
තාත්තිගේ යාළුවෙක් නුවර ඉඳන් මෙහේ පදිංචියට ඇවිත් හවසට මන් යන්න කියලා තනියම යන්නත් බැ සුදුට කුකරි ක්ලාස්..."
අම්මා කිවා..
හා අම්මි යමු කියටද යන්නේ.."
අරැන් ටිකට මොනවා හරි කියන්න බැරියැ..
4,5ට වගේ යන් චුටි...ඉක්මනින් ගිහින් එමු.."
අම්මා කිවා..
හා අම්මි...මම යනවා වෙශ් දාන්න...මගේ සුදු අම්මි වගේ කැම එක බෙදලා තියන්න යකෙක් කන්න බඩගිනියි..
අම්මාව කිස් කරලා මම කාමරේට ගියා..මම ගිහින් චාමියාට මැසේජ් කලා..
අඩෝ චාමියා මට අද එන්න වෙන්නේ නැ අම්මි එක්ක ගමනක් යනවා බන් හෙට සෙට් වෙමු...උඹලා සෙල්ලන් කරහන්"
මේකා මොනා කියයිද දන්නේ නැ..මැසේජ් එක දාලා..මම වොශ් එකක් දන්න ගියා
අඩෝ යසියෝ..උඹ නැතුව කවදාද බන් අපි සෙල්ලන් කලේ..එල එල උඹ පලයන් .රැට එන්නම් බන් උඹලාගේ ගෙවල් පැත්තේ.."
මම රිප්ලයි කරන්න ගියේ නැ..
චුටි යමුද.."
අම්මා කතා කරනවා ඇහුණා...
මේ එනවා අම්මි..."
මම ලැස්ති වෙලා පල්ලේහාට ගියා..
චුටි අද නලුවෙක් වගේ..."
අම්මා කිවා..
මගේ සුදු අම්මිත් නිළියක් වගේ.."
මම අම්මිව බාදාගෙන කිවා.අම්මාගේ කරට අත දාන් කාර් එක ලඟට ආවා..
අම්මි මොකේද යන්නේ...."
මම ඇහුවා..
මගේ කාර් එකේ යන්.."
අම්මා කිවා..මම ගිහින් කාර් එක ස්ටාට් කලා..
චුටි ඉස්සරහා ආර්පිකෝ එක ලඟින් නතර කරන්න..මම මොනවා හරි අරන් එන්නම් චුටිත් එනවාද...."
අම්මි යන්න මම ඉන්නම්.."
අම්මා ගියා..එ ගෙදරට යනකොට හතර පහුවෙලා..අපිව පිලිගන්න ඇන්ටි කෙනෙක් ආවා...
ආනේ නිල්මිණි..ඔයා...ඔයා කොහොමද දන්නේ අපි ආවා කියලා මන් එත් බැලුවා කවුද කියලා...."
එසේ කියමින් ගෙතුල සිටි ඇන්ටි කෙනෙක් අම්මාව දැකලා ඇවිත් වැලඳගත්තා..
මට ඊයේ අශෝක කිව්වේ ඔයාලා මෙහෙ පදිංචියට ආවා කියලා මේ දැනගත්ත ගමන් ආවේ..."
අම්මා කිවා..
යමු යමු ඇතුළට මේ පුතාද.."
ඔව් ලලිතා..මේ මගේ චුටි පුතා..යසිත්"
දැන් යස ඉලන්දාරියෙක් වෙලානේ.."
චුටි ඔයාට මතකද පොඩිකාලේ ලලිත නැන්දා නිතරම අපේ ගෙදර එනවා එයාගේ දුත් එක්ක එ අපුවාම මේ දෙන්නාගේ වලි බේරෙනවා ඇරෙන්න අපිට වෙන වැඩක් ඇත්තේම නැ.."
අම්මා කියන කොට ලවට මගේ මතක් වුනේ..
අම්මි මේ ලතා නැන්දාද.."
එක්වරම අම්මාලා දෙන්නාම හිනා වුනා..
අනේ මතකද පුතා ඉස්සරත් ලලිතා කියන්න බැරිව ලතා නැන්දා කියලාමයි කිව්වේ.."
ඉතින් ලලිතා කෝ දු.."
ආ දු කාමරේ ඉන්න මම අඩ ගහන්න.."
සුදු දු...පහන්යා.."
මේ එනවා අම්මා..."
එසේ කියමින් උඩතට්ටුවේ ඉදන් ඇ පල්ලේහාට ආවා..මම තුශ්නිම්භුත වුනා...මේ ඇයද..නැතිනම් ඇගේ ඡායාවක්ද..ඈ මා දැක එක්වරම දෑස් ගැස්සුණා එත් එය හඟවන්නේ නැතුව ඈ සිනහවෙමින් අපි අතරට ආවා..
දු තවත් ලස්සන වෙලානේ...එන්න දු මේතනට.."
අම්මගේ ලඟට ඈව අඬගැසුවා..ඈත් ඇවිත් මායි අම්මායි අතර මැදින් ඉඳගත්තා..
කොහොමද දු මාව මතකද.."
ඔව් ඇන්ටි..
එසේ කියමින් ඈ මා දිහා බැලුවා..එ ඇස්වලින් කිවේ වෙන දෙයක් මාවත් මතකයි වගේ.
එහෙනම් ඔයාලා කතා කර කර ඉන්න මම තේ හදන් එන්නම්..."
එසේ කියමින් ලලිත නැන්දා නැගිට්ටා..
ඉන්න ලලිතා මාත් එන්නම්..ඔයාලා කතා කර කර ඉන්න.."
අම්මාත් ඈ සමඟ ගියා..අපි දෙන්නා ටික මොහොතක් කතා නොකර හිටියා..
මාව මතකද...පහන්යා.."
නිහැඬියාව බිඳලන්න මම ඇසුවා..ඈ හිස හරවන් මා දෙස බැලුවා..
හ්ම්..."
එකද.මට උදේ සද්දේ දැම්මේ ආ.."
ආනේ එහෙම නැ .."
එහෙනම් කොහොමද.."
මුකුත් නැ.."
ඈ මා දෙසම බලා හිටියා..
පහන්යා..අපි එළියට යමු..."
අම්මලා කතා කරනවා අහන් ඉඳිවි කියලා හිතලයි එහෙම කිව්වේ මම කියනකම් බලන් හිටියා වගේ ඈ පුටුවෙන් නැඟිට්ටා
යමු.."
මා ඈ පසු පස වැටුණා..ඈ හිමින් මාත් සමඟම සමාන්තරව ගමන් කරා..
පහන්යා.."
එළියේ තිබුණු පුටුවක ඉදගනිමින් මා කිවා..
ඔයාට දෙයක් පෙන්නන්න තියෙනවා.."ඈ පුදුමයෙන් වගේ මා දිහා බැලුවා..මා ෆොන් එක අරන් තිලා ගත්ත පින්තුරය ඈට පෙන්නුවා..ඈ වශි වි පින්තුරය දෙස බලන් හිටියා..
මේ මේ....මේක කොයි වේලාවෙද ගත්තේ මේච්චර ලස්සනට..."
මගේ යාළුවෙක් ගත්තේ පහන්යා...මැචින් කපල් එකක් කියලා මට පෙන්නුවේ....මම හිතුවෙත් නැහැ..අපි දෙන්නාගේ පින්තුරයක් කියලා....."
ඇත්තට අපි මැචින් කපල් එකක්ද යසිත්.."
ඈ මගේ දිහා බැලුවා..මට වචන එන්නේ නැතුව ගොලු වුනා..
ඔයා දන්නවාද යසිත් මම මෙහෙ ආවේ ඇයි කියලා මගේ පොඩි කාලේ යාළුවා බලන්න.."
මොකක්ද පහන්යා.."
මම ආදරෙයි යසිත්..ඔයාගේ පින්තුරයක් මම දැක්ක දවසේ ඉඳන් මම ඔයාට ආදරේ කරන්නේ ගත්තේ..."
පහන්යා..."
ඉන්න යසිත් මම කියනකම්..අපි මේහින් ගියාට පස්සේ ඔයාව මතක් වුනා..යාළුවෙක් වත් ඇති කරන්න හිතුන් නැ ඔයා නිසා ඇයි කියන්න මම දන්නේ නැ..එත් කාලයක් යනකොට ඔයාව අමතක වුනා..ආයි ඔයා මගේ හිතට ආවා ඔයාව දැකලා ඔයාගේ අක්කාගේ බර්ත් ඩේ පාර්ටි එකට අපේ තාත්තිත් ආවා..ඔයා එක්ක තාත්ති ෆොටොස් අරන් මට පෙන්නුවා මේ තමා ඔයාගේ පරණ යාළුවෙක් කොයි වෙලේ බැලුවත් රණ්ඩු වෙච්ච ගමන් මට එ වේලේ කරන්ට් එකක් වැදුනා වගේ මගේ සිහින කුමරා ලැබුනා කියලා..මට එ වේලේ කතා කරන්න බැරිව ගොලු වුනා..තාත්ති ඇහුවා ඇයි කියලා මම තාත්තිට කිව්වා මේ මගේ සිහින කුමරා තාත්ති එයාව හෙව්වා හම්බ වුනේ අදයි කියලා..තාත්තිට මම නොකියන දෙයක් නැ.එහෙනම් ලැස්තිවෙන්න කොළඹ යන්න...ඔයාගේ සිහින කුමරාව ඔයාටම දෙන්න තාත්ති කිව්වේ එච්චරයි..අපි මෙහේ ආවා...."
ඈගේ හිතේ මම මේතරම්ම කාවැදිලාද මටම හිතාගන්න බැ මේ හිනයක්ද සැබෑවක්ද කියලා..
ඔයා යන ක්ලාස් එකටම මම ආවා..එත් උදේ ඔයාව දකින කොට මට හිතාගන්න බැරි වුනා වුනේ මොක්කද කියලා...එකයි එහෙම කතා කලේ..ඔයාගේ ඇඟේ වැදිලා මම වැටෙන කොට අල්ල ගත්තාම මගේ ඇඟේ විදුලියක් කොටුවා වගේයි..එ මෙහොත මට තාමත් හිනයක් වගේයි යසිත්..."
මටත් එහෙමම දැනුනා
කියන්න මට ආදරෙයිද..යසිත්.."
මම ඈව තුරැල් කරන් එ හිස සිප ගත්තා..
ආදරෙයි රත්තරනේ ගොඩක් ආදරෙයි....."
ඈ හඬමින් මට තුරැල් වුනා...
පහන්යා.."
හ්ම්..."
ඇත්තම කිව්වෙත් මට ඔයාව පොඩි කාලෙන් පස්සේ මතක් වුනේ නැ..අද ඔයාව බයික් එකෙදි දැක්කේ නැතිවුනාට කටහඬට මම වශි වුනා..පස්සේ ඔයා මගේ ඇගේ වැටිලා වැටෙන කොට මට තෙරෙන්නේ නැති හැඟිමක් හිතට දැනුණා..කවදාවත් කෙල්ලෙක් ගැන කිසිම හැඟිමක් නොදැණුන මේ හිතට ඔයාව දැණුනා..කෙල්ලෙක් ගැන කවදාවත් නොහිතපු මම ඔයා ගැන හිතුවා..අද දැක්කේ වුනාට කල්ප කාලයක් දන්න කෙනෙක් වගේ හැඟුණා..එ මොහොම මම ඔයා මගේමයි කියලා හිතුවා..මම ආදරෙයි පහන්යා ඔයාට..."
ඈ මා දිහා බැලුවා..එත් සමඟම අම්මාලා දෙන්නා එළියට ආවා..අපි දෙන්නා එත් එක්කම ඇත් වුනා..
අපි දෙන්නාම ඔය දෙන්නාගේ හොරේ බලන් හිටියේ...ලලිතා දුව මම අදම අරන් යනවා..."
අනේ බැහැ නිල්මිණි දුවව දෙන්නේ නැ.."
මමයි පහන්යයි මුහුණට මුහුණ බලාගත්තා..
ඇයි ලලිතා එ.."
මේ දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා විතරයිනේ කැමති දවසක බැදගන්නේ නැතැ..."
ඈ සිනාසෙමින් කිවා..පහන්යා අඬමින් මට තුරැල් වුනා..
පුතා මගේ කෙල්ලව හොදට බලාගන්න..මේ මගේ ඇස් දෙක..."
නැන්දා එසේ කිවා..
නැහැ නැන්දා දැන් මේ මගේ පණ වෙලා ඉවරයි..කවදාවත් කිසිම දුකක් මේ ඇස් දෙකට දෙන්නේ නැ......"
යමු දැන් දෙන්නාම තේ බොන්න.."
ඈගේ අතින් අල්ලන් මම ගේ ඇතුලට ගියා...සතුටු සමිච්චියේ යෙදිලා ගෙදර එනකොට 8ත් පහුවෙලා..ඈව දාලා එන්න බැරිකමත් ඇතිවුනාත් කරන්න දෙයක් නැ හිත එහේ දාලා මන් ආවා එනකොට සෙට් එකම අපේ ගෙදර ඇවිල්ලා..මුන් ටිකට අද වුන දේවල් කිව්වාම විශ්වාස කරන එකකුත් නැ..
ආඩෝ යසියෝ උඹ කොහිද යකෝ මකබැවුනේ...
වරෙන් බන් එළියට යමන් දෙයක් තියෙනවා කතා කරන්න..."
කට්ටියම මිදුලට ආවා..
උඹලා දන්නවාද බන් අද උදේ දැක්ක කෙල්ල කවුද කියලා.."
නැ බන් කවුද..."
චාමියා ඇහුවා..
උඹලට මතක අපේ ගෙදර ආව නිහාල් අංකල්..."
ඔව් අර රන්සිළු shop එකේ අයිතිකාරයා නේද.."
චාමික කිවා..කට්ටියම ෆුල් හොල්මන් වෙලා
ඔව් බන් එයා...එයාගේ දුව තමයි අර ගර්ල් එයගේ නම පහන්යා..."
අපි දෙන්නාට දෙන්නාට ආදරෙයි ලඟදිම මැරිකරනවා...
මොකක්ද උඹ කිව්වේ.."
චාමියා ඇහුවා.
ඇයි තොගේ කන් ඇහෙන්නේ නැද්ද..අපි දෙන්නා මැරි කරනවා........අපි ආදරේ කරන්නේ ගෙවල් වලින් කැමති වෙලා..අපේ ගෙදර අයත් කැමතියි..එයාලාගේ ගෙවල් වලිනුත්...
උඹලා හතරදෙනාම මගේ දෙවනි මනමාලයෝ බන්..."
අදනම් සිරාම සිරා #ලස්සන_දවසක්..."
එසේ කියමින් මා හතරදෙනාව වැළඳ ගත්තා....
💘මට ආදරේ දිලා මහා ගොඩක් සතුටුවෙන ඔයා දන්නේ නැ මැණික ඔය ආදරේ ලැබිලා මං සතුටු වෙන තරම්... 💘
°°°°°°°°°යසෝදරා උදාරි........
(උපුටා_ගැනීමකි)
Maanchu official-෴මාන්චු෴
No comments:
Post a Comment