‍යශෝදා කලුවැල්ලගේ පන්හිදෙන්

#කෙටි_කතාව

"ඒ අපෝ අම්මා වගේම නැතෑ දුවත්.යසිකා මෙහෙ එනවා ගෙට.ආයි අරකි එක්ක කතා කරලා ත්යෙනවා දැක්කොත් කඩනවා මං හතරහංදි." 😒👿

මං  පාර දිගේ ඉක්මනින් අඩිය තියා ගෙදරට යන්න තිබෙන පාරට හැරුනි. මේ සියලු කතා නැගෙන්නේ මාද දරැවෙකු ලෙස නොසලකා මුළු සමාජයටම ඇසෙන්නට හඩ නගා මාව වචනෙන්  තලා පෙලනා තවත් එක් මවකගේ මුවෙනි.  🤕

මගේ අම්මා.., ඔව් මගේ රත්තරං අම්මා වයස අවුරුදු 16ක් තරම් වූ යෞවන වියේදී පාපතරයෙකු අතින් කෙලෙසී ගැහැනියක් වූවාය . වරක් නොව දෙවරක් !! පලමු වතාවේදී ඇය කී දේ විශ්වාස කරන්නට එදා කවුරුත් නොසිතූහ. ඒ වෙනුවට ඇයට ⁣ගුටි බැට උරුම වුනි. සියල්ල සිතුවේ ඇය මගේ සීයා.. එනම් ඇගේ පියාගේ වියෝවෙන් පිස්සුවෙන් කියවනවා කියාය. අවසානයේ ඇගේම මස්සිනා අතින් ඇය දෙවන වරටත් අනාථ වූවාය.
මා ඇගේ කුසට ආවේ ඒ පාපතරයා නිසාය. 😭😭

"ඕග්ක්..ඕග්..."
"නයනා...උඹ මොකද මේ උදේ පාන්දර බිම බදන්" 😈😫
"අනේ නැන්දේ.මට අප්පිරියයි .මට ඔලුවත් රිදෙනවා. " 😣
"උඹට උදේක නැගිට්ටොත් කොහෙ හරි ලෙඩක්.පලයං ගිහිං අර රෙදි ටික හොදලා දාපං." 😫
"අනේ නැන්දේ ..මං හවසට බේත් ටිකක් අරගන්න සල්ලි ටිකක් දෙනවාද.."
"කොහෙ තියෙන සල්ලියක්ද.පලයං.. උඹට ඕන නං ගිහිං ඉස්පිරිතාලෙන් අරං වරෙන්."

සියලු වැඩ පල ඇගේ දෑතින් වූවද උරුම වූයේ කටුක ගැරහිලි විතරමය.

නයනා ගේ දෙලෝ රත්වූයේ ඇය මසක දරුගැබක් දරනා බව අසන්නට වීමෙනි.ගෙදර.ආවේ තෝන්තුවීය.😵😵

"නයනා.ඇයි කෙල්ලෙ ඔයා නැන්දාගෙන්.සල්ලි ඉල්ලුවේ.මං දෙනවානේ ඉල්ලුවානං.." නයනාගේ උස් පහත්වෙන ලය දෙස කෑදර බැල්මක් හෙලූ විජිත් කීවේ රත්වූ දෑසින් ඇගේ සිරුර නිරුවත් කරමිනි.

"පලයං යන්න වනචරයා." නයනා තමන්ගේ උරහිසට වැටුන අත ගසා දමමින් ඇය අහකට පැන්නාය.

"උඹට මං.." විජිත් ඇගේ කෙස්වල්ලෙන් ඇද්දේය.
"අනේ නැන්දේ...."
"මොකද මේ බෙරිහං දෙන්නේ..." විමලා ගෙට ගොඩ වුනේ කෑ ගහගෙන.ඇය දුටු විජිත් නයනාව අතහැරියේ⁣ය.

" අනේ නැන්දේ.  මට අයියා කරදර කලා.. මං ... මං අම්මා කෙනෙක් වෙන්න යන්...." ඇයට කියා නිම කරන්න නොලැබුනේ කන හරහා වැදුන කම්බුල් පාරකිනි.

"උඹ දඩාවතේ ගිහිං බඩ වෙලා ඇවිත් මගේ කොල්ලව ගාවගන්න හදනවද. නැතිකරපං ඕක.නැත්තං පලයං මෙහෙං "

නයනා ගේ ලෝකය උඩුයටිකුරු වුනේ එදායි. කෙසේ නං එය කරන්නද. පාපතරයෙකු නිසා තමන්ට මෙලෙස වූ බව සැබෑය .එය තමාගේත් පව් පඩිසන් දීමකි.. නමුත් කුසට ආ දරුවා නැතිකරන්නට ඉඩ දී තව පව් පුරවා ගන්නට ඇය අකමැති වූවාය.

"උඹ කොහෙද යන්නෙ."
"මං යනවා මගේ ගෙදරට " නයනා තිබුන රෙදි කෑලි ටිකත් එකතු කරං පාරට බැස්සෙ තාත්තගෙ වියොවෙන් පස්සෙ කැලෑවට ගිය ගෙදෙට්ට යන්නය.

සෙමෙන් සෙමෙන් තාත්තෙකු නැති දරුවා මෝරන කුස ලෝකයට පෙනෙද්දී ඇය අතන මෙතන බැලමෙහෙවරකම් කර සල්ලි ඉතුරු කලාය. කුඩා සිගිත්තියක් මෙලොව දකිද්දී ඇය ගාමන්ට් එකක රැකියාවට ගියේ අසල නිවසක වයසක කාරුණික මහලු කාන්තාවක් අසල තබාය.

ඇගේ පස්සෙන් පිරිමි ආවා නැතිව  නොවේ. දරුවෙක් සමග තනිවූ ගැහැනියක් පසුපස පිරිමි එන්නේ ආදරේට නොවන බව ඇය හොදින්ම දැන සිටියාය. ඇය වරදකාරීය නොවන බව දැන දැනත් ලෝකයා නං ගැරහිලි නතර කලේ නැත. මං කෙමෙන් කෙමෙන් ලොකු වෙද්දී මටද ඒවා අහන්නට වුනි.
කොයි තරම් පුංචි හිත රිදුනත් මං ඒවා දරා ගත්තෙමි. කිසිම දිනක අම්මා හා රන්ඩු නොවූවෙමි. මට රන්ඩු වෙන්නට අයිතියක් නැත. පියෙකු නැතිව නොයේකුත් කතා අහද්දි ඇය මාව වැදුවාය. මට එය ප්‍රමාණවත් විය.
මා කුඩා කාලයේ බලා ගත් ආච්චීද කීවේ කවදාක්වත් ⁣⁣මිනිස්සු හිත රිදෙන්න කියන කතා හිතට ගෙන හදවත පාරනොගන්න කියාය.

මට අවුරුදු  16ක් වෙද්දී ඇයට තිස් තුනක් වත් නැත. මං උසස් ⁣පෙල කලා අංශයට යොමු වුනෙමි..මගේ අරමුණ වූයේ  නීතිඥවරියක් වීමය.
මගේ අරමුණ සඵල කරමින් මා නීති පීඨයට තේරුනි. අම්මා එදා ඇඩුවේ පිස්සියක් ලෙසය . ඇය ජීවිත කාලය පුරාවට සතුටට මෙතරම් හැඩූ දිනයක් මා නොදැක්කෙමි. අතීතයේ එදා ඇය අසරණ වූ තරමක් නං.. !!!

❣️....❣️

"ස්වාමීනී.. පරික්ෂන කටයුතු අනුව ⁣වෛද්‍යවාර්ථා වලින් වගේම කට උත්තර වලින් සනාථ වුනා විත්තිකරු  අතින්  2014 අප්‍රේල් විසි තුන් වෙනිදා රංගනි වීරසුරීය යන අයට අතවර කල බවට සහ මීට ⁣අවුරුදු තිස් අටකට කලිං සාක්ෂි නොමැති නිසා කල් දැමූ නඩුවක් වන කැන්දහේනලාගේ නායනා යන අය දෙවතාවක් අතවරයට ලක්වූ බව. මේ ඒ වාර්තා .ස්තූතියි ."

මං විසින් මෙහෙය වන්නට ලැබුන දෙවෙන නඩුව මෙයයි. ඒයට දෛවෝපගත ලෙස දූෂකයා වූයේ මගේ මවගේ ජීවිතය කාලකණ්ණි කල පුද්ගලයාය. තිරිසන් ගති ඇති ඔහු තවත් ජීවිතයක් කාලකණ්ණි කලේය.නඩුකාරවරයා සියලු වාර්ථා කියවා තීන්දුව  සභාවට පත් කලේය.

" අල්ගමගේ විජිත් වන  අය  මෙම නඩුවේදී වැරදිකරුවන් වන බවටත් .ලිංගික උඅඩත්තේට්ටම් ,බලහත්කාරකම් සහ කාන්තාවක් දෙදෙනෙකු දූෂනය  කිරිමෙි වරදට *********** වගන්තිය යටතේ මරණ දණ්ඩනයට යටත් කිරීමේ නියෝග නිකුත් කරනු ලැබේ"  නිහඩ උසාවිය තුල අවසන් තීන්දුව ප්‍රකාශ කරනු ලැබීය.⚖⚖⚖

"අනේ.. දෙයියනේ මගේ පුතා...අනේ...." 😭😭

එදා තම ඤාති දියනියව දෙවරක්ම අතවරයට ලක්වුන බව අසා ඇයටම තලා පෙලු නැන්දා අද කරන්නට දෙයක් නැතිව නීතියේන් යුක්තිය ඉටු කරෙන් අඩා වැටෙනු දුටු නයනා ඉවත බලා ගත්තාය. එදා ඔහුගේ වරද නිවැරැදි කලා නම් අද තවත් යුවතියක් සමාජයෙන් කොන් නොවන්නට ඉඩ නොතිබුනා නොවේද..

මාංචු දැමු දෑත් වලින් උසාවි භුමියෙන් විජිත්ව රැගෙන යද්දී  ඔහු බෙහෙවින් බියට පත්ව ඇති බවක් දක්නට ලැබුනි.

"කාලකණ්නි..ඕකුන්ට ඔහොම තමා වෙන්න ඕනා. පව් වැඩ කරද්දි බය නෑ .ඒත් දඩුවම් ලැබෙද්දි තමා බය "

අහල පහල මිනිසුන් ඔහු දැක බැන වදින්නට විය .

මං උසාවි භූමියෙන් පිටතට පැමින අම්මා කොහෙදැයි බැලුවෙමි.ඇය තවත් කාන්තාවක් හා කතාවක යෙදී හිදී.

" අනේ.. නෝනා. පිං සිද්ධවෙනවා. නඩු ගාස්තුවක් වත් නැතුව මයේ කෙලී වෙනුවෙන් කතා කලාට " මං අම්මා වෙතට යද්දී රංගනි  ගේ මව මා වෙතට ඇවිත් වැද වැටුනාය.

"අනේ නැගිටින්න අම්මේ.දැං මට පිං දීලා ඔහොම වදිනකොට මට පව්. රංගිකා. මේ වුන දේ ආයි හදන්න බැරි බව ඇත්ත.ඒත් ඉගෙනීම් කටයුතු නතර කරන්න එපා.ලෝකේ මොනා කිව්වත් එ්වා නතර කරන්න පුලුවන් හොද⁣ට  ඉගෙන ගෙන තැනකට ආවොත් "

"මං යනවා මිස්. පිං මිස්. මාත් කවදා හරි මිස් වගේ වෙනවා "ඇය මගේ අත් අල්ලාගෙන හැඩුවාය. 😭😭

" යන්න. ආයිමත් අපි මේ භූමියේ දිම හම්බෙමු දවසක" මං හිනා වෙලා කිව්වා.එයාලා යන්න ගියා.😇

අම්මා මං දිහාට එනවා හිනා වෙවී.

"ඇයි අම්මේ.. "
"නැහැ දුවේ .. මට නින්දා කරපු මිනිස්සුන්ගෙ කටින්ම අද මටයි දුවටයි හොද කියනවා " අම්මාගේ මූණ සතුටින් . ❤️❤️

" ම්... මිනිස්සු කතා කියද්දී අම්මා මාව හොදට හැදුවා.අම්මා ලේසියෙන් හම්බ නොකර දුක් විදලා හම්බ කලා..ඒක ලෝකේ පිලිගන්න අකමැති වුනා අම්මා තනියෙන් නැගිටපු ගැහැනියක් නිසා.අද හැමෝමටම අගය කරන්න වුනා අකමැත්තෙන් හරි. ආදරෙයි අම්මේ...." මං අම්මගේ අතින් අල්ල ගත්තා. ❤️❤️❤️

" මට සතුටුයි පුතේ .. මගේ පුතාට වැරදුන් නෑනේ "

අපි ගෙදර යන්න කලිං පන්සලට ගියා. වැදලා හිතින් මරණ මංචකයේ සිටින මගෙත් අම්මාගෙත් ජීවිත විදින්නම ඕන කාලේ විදවන්න සලස්වපු  මනුස්සයාට මේ වගේ පාපකාරී දේ මතු භව වලදී කරන්න නැවත නොලැබේවා කියලා. 

ජීවිතේ වැරදුන හෝ වරද්ද ගත් අය අපේ සමාජේ එමටයි. අත දෙන්න ඒ අයට නැගිටින්න .. ජීවිත නැති කරගන්න තැනට පත් නොකර ජීවිතේ ආයෙත් හදා ගන්න.මොකද මේ ලෝකේ ගොඩක් ඉන්නේ විදවන අය විදින අයට වඩා. 🙂
❣️❣️❣️❣️❣️❣️❣

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment