🌹🌹🌹🌟 මන්දාකිණි 🌟 🌹🌹🌹
.... කෙටි කතාවකි ...
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තිබුණේ පුදුම කලබලකාරී වාතාවරණයකි.. පාසල් ළමයින්ගේ පිරි තිබුණු දුම්රියපොළ පාසල් ක්‍රීඩාපිටිය වගෙයි සිතමින්ම මන්දාකිණි ඉක්මනින් ගමනින් එළියට ආවේ බොරැල්ලට යන්න බස් එකක් ගන්නයි.. එකසිය හතලිස් හතර බස් නවතන තැනට යනවිටත් නවතා තිබුණු බසයේ තරමක් සෙනඟ සිටියා .. තවත් වෙලාව යන නිසා මන්දාකිණිත් කොහොම හරි බසයට නැග ගත්තේ සාරියේ පොට අතට අරගෙනමයි.. ඉඳගන්න ඉඩක් තිබුණු නැති නිසා ශීට් එකක් අල්ලගෙන මන්දාකිණි සිටගෙන සිටියා.. තවමත් සෙනඟ නඟින බැවින් මන්දාකිණි දුරකථනය අතට ගත්තේ ඇගේ මිතුරිය තශ්මා හට කෙටි පණිවිඩයක් යැවීමටයි..
" අයියෝ ට්‍රැෆික් නම් හවුවෙන්න එපා.. දැනටමත් දෙකයි වෙලාව .. මේ මොකද මේ එක පාරට බස් එක අදුරු වුණේ .. බුදු අම්මෝ.. මේ කවුද මේ මගේ එහා පැත්තේ ඉන්නේ .. ගෝඨයිම්බර වගේ.. මාර ඇඟක්නේ.. .. මන් නිකන් ශ්‍රී ලංකාව ඉස්සරහා හිටන් ඉන්නවා වගේ.. "
ළහිරු හිටියේ වෙනමම කල්පනාවක ඒ නිසා මන්දාකිණි සැරෙන් සැරේට ඔහු දිහා බලනවා දැක්කත් ඔහු ගනන් ගත්තේ නැහැ... මන්දාකිණි තමන් ලඟ ඉන්න යෝදයා දිහා බැලුවේ කීවෙනි පාරටද මන්දා..
" අම්බෝ .. මුගේ ලස්සන .. හැමදාම ජිම් යනවා ඇති .. අර චූටි කෙල්ල මන් දිහාද බලන් ඉන්නේ මූ දිහාද.. එ ළමයාගේ ඇස් වල කදුළුත් එක්ක .. මොකක්ද එතන වෙන්නේ . ම්ම්.. "
" මිස් කොහෙටද .. "
" බොරැල්ලට එකක්.. "
" සර් සල්ලි ගන්න.. කෝ ඔය ඔතනින් ඉස්සරහට යන්න.."
" සල්ලි ගන්නවා තමයි අයිසේ නිකන් යන් නෑනේ.. ආ .. "
" කොහෙටද මහත්තයා .. "
" මේක නවත්තන තැනකට .. ඉතුරු එපා "
මන්දාකිණි ඇස් බිමට යොමාගෙන කන් ළහිරුත් කොන්දොස්තරගෙත් කතාවට යොමු කරගෙන සිටියේ හිතින් ට්‍රැෆික් එකට බනිමිනි..
" අර පුංචි කෙල්ල ආයෙත් බලනවා.. මොකද වෙන්නේ එතන.. දෙවියනේ .. අර නාකි බල්ලා අර කෙල්ලට ඉන්න දෙන්නේ නෑ නේ.. හිටින් උඹට හොද වැඩක් කරන්න.. "
" එක්සියුස් මී අයියේ පොඩ්ඩක් එහාට වෙනවද.. "
" ඇයි .. "
" ඇයි අහන්නෙ මට ඉස්සරහට යන්න.. "
" ඉඩ නෑනේ .. ඔහොම ඉන්නවා .. මෙච්චර වෙලා වගෙ මගේ මූණේ ගිය ෆිල්ම් එක බල බල ඉන්නවා.. "
" අපෝ වැඩෙමයි.. මේ එහාට යනවද ටිකක්.. "
" ඇයි ගියේ නැත්තම්.. "
" ප්ලීස් .. මට හදිස්සියක් .. "
" මෙතන වොශ් රූම් නෑනේ.. "
" මේ හලෝ.. "
" හරි යන්න යන්න.. "
මන්දාකිණි හිටියේ ළහිරුට තමන් ඔහු දිහා බැලු බව දන්න නිසා දරාගත නොහැකි ලැජ්ජාවකිනි.. ඒ ලැජ්ජාව කේන්තියට පෙරලුනේ නාකි මනුස්සයෙක් පුංචි කෙල්ලක්ට අනවශ්‍ය විදියට හීන් නූලෙන් කරදර කරනු දැක්ක නිසයි.. ළහිරුත් මේ පැත්තට ඇහැගහගෙන හිටියේ මන්දාකිණිගේ ඇස් දෙක ඒ ගල් හිත හිරිවට්ටපු නිසයි..
" එක්සියුස් මී අන්කල්. "
" ආ.. ඇ.. ඇයි.. "
" අන්කල් බස් එකේ යනවද නැත්තම් මේ පොඩි කෙල්ලගේ ඇගේ යනවද .. "
" තමුසෙට පිස්සුද .. "
" මටද පිස්සු ඔහෙටද.. මේ පුංචි ළමයගේ ඇගේ නලියන්නේ.. "
" මේකේ සෙනඟ ඉන්නවා කියලා පේන්නේ නැද්ද .. ඇඟේ වදින්න නැතිව යන්න තමුසෙලා වාහනයක් ගන්නවලා.. "
" මේ අන්කල් අපි වාහනයක් ගත්තට තමුසෙගේ අමාරුව හොඳ වෙන් නෑනේ.. තමුසේ ගෑනියෙක් ගන්නවා.. එතකොට ඔය අමාරු හොඳ වෙයි.. අනි.. "
මන්දාකිණි කතාව නවත්තා පිටිපස්සට හැරුණේ තමන්ගේ අතින් ඇද්දේ කවුද කියලා බලන්නයි.. ඒ සැනින්ම ළහිරු මන්දාකිණිව පිටුපසට කර අර වයසක මනුස්සයාට කනට එකක් ගැහුවේ ලඟට එන කොන්දොස්තර දිහා බලමිනුයි..
" මල්ලී මුන් වගේ එවුන් ඉන්නකම් ලංකාවේ පොඩි එකෙක් තනියම පාරක යවන්න බෑ.. "
" ඒක ඇත්ත.. ගහන්න ඔන මුන්ට.. "
" පොලිසියට දෙමු.. "
" ඇදලා තව එකක් දෙන්න මල්ලී .. "
" ඒක ඇත්ත ඇන්ටි.. "
කට්ටිය නාකි මනුස්සයාට පාඩම් උගන්නන අතරේ ළහිරු මන්දාකිණිවත් ඇදගෙන මරදානෙන් බසයෙන් බැස්සා..
" මොකද කරන්නේ .. ඇයි මාව ඇදගෙන ආවේ.. "
" මේ චන්ඩි රැජින මට සද්දේ දාන්න එපා ඔහොම ඉන්නවා.. "
" හ්ම්ම්.. "
" අන්න බස් එකක් එනවා යමු.. "
කටවහගෙනම මන්දාකිණි ළහිරු එක්ක එකසිය හැත්‍ත හයේ බසයකට නැඟ ගත්තා.. බසයටම තිබුණු එකම අසුනෙන් දෙන්නත් එක්කම ඉදගත්තා..
" බොරැල්ලට දෙකක්.. "
" මන් ගන්නම් මට.. "
" අනේ මේ. ඔකේ කඩල ගොට්ටක් ගන්න.. "
ළහිරු කතා කරමින් සිටියදි ඔහුගේ ජංගම දුරකථනය නාද විය..
" හලෝ.. ඔව් ලොක්කා.. ඒක ෆිනිශ්.. හරි.. මන් එන්නම්.. "
" මේ චන්ඩි රැජින මන් මෙතනින් බහිනවා.. මේ නෝ එක මගේ.. කැමති නම් කෝල් එකක් දෙන්න.. ".
මන්දාකිණිට මුකුත් කියන්න ඉඩ නොතියාම ඇගේ දුරකථන ගත් ළහිරු ඔහුගේ අංකය දුරකථනයෙ සටහන් කර බැස ගියා..
" ඒ මොකක්ද දෙවියනේ ඒ වුණේ .. "
....................................................................
දින ගනන් මාස ගන්න ගියත් මන්දාකිණි ළහිරුට කතා කරේ නම් නැ.. ළහිරු හැමදාම ඔහුගේ යාළුවෙක් සමඟ මන්දාකිණි යන එන මඟ රැදි සිටියා.. සමහර දවසට ඇයව දැක ගත්ත ළහිරු සමහර දවසට ඇයට නොපෙනෙන්න ඇය පසුපසද ගියා..
" මචං ළහියා.. ඕක හරියන්නේ නෑ බන්.. "
" ඇයි.. "
" ඇයි අහන්නේ අපි මරණය අතේ තියන් ඉන්න පතාලේ එවුන්.. "
" ඉතින් .. ඇයි අපිට ආදරය කරන්න බැරිද.. "
" පිස්සු කියවන්න එපා ළහියා .. උඹට ඒකි ඕනනම් උස්සපන්.. "
" උඹට පිස්සුද .. මට ඕන එයාගේ ආදරේ.. "
" අන්න එනවා.. "
" උඹ පලයන් .. අද වැඩෙට ලෑස්ති වෙයන්.. මන් අද කතා කරනවා මෙයා එක්ක.. "
" හරි.. "
" හායි චන්ඩි රැජින .. "
" ඕ.. ඔයා.. "
" ම්ම්ම්.. මට ඔයා එක්ක කතා කරන්න ඕන.. "
" මොනාද .. "
" අපි මොනා හරි බොන ගමන් කතා කරමුද .. අතන පෙරේරා ඇන්ඩ් සන්ස් එකට යන්ද.. "
" යන්.. "
" ඉතින් කොහොමද මන්දාකිණි .. "
" ඔයා කොහොමද මගේ නම දන්නේ .. "
" හහහ් හා.. නිරේශා මන්දාකිණි අබේසිංහ .. "
" ඔයා කවුද .. කොහොමද මන් ගැන දන්නේ .. "
" ඒක වැඩක් නෑ බබී.. මන් ඔයාට ආදරෙයි .. ඉන්න මන් කන්න අරන් එන්නම් .. "
" ම්ම්ම් "
" ආ .. ඔන්න කන්න.. පෙරේරා ඇන්ඩ් සන්ස් එක දියුණු වෙන්නේ ඔයාම කේක් කාලා.. ඔන්න ඔයාගේ කේක් කෑල්ල.."
" ඔයා.. "
" ඔයා දන්නේ කොහොමද කියල නම් අහන්න යන්නේ .. ඒකට උත්තරේ.. මන් ආදරෙයි .. "
" මන් කොහොමද ඔයාට ආදරේ කරන්නේ .. මන් ඔයා ගැන දන්නේ නෑ.. "
" මන් දන්නවනේ .. හරි හරි.. මගේ නම ළහිරු .. ළහිරු අහිංසක .. හැබැයි මන් අහිංසක නම් නෑ.. "
" ඔව් මන් ඒක දන්නවා .. මට ඇහුනනේ එදා කෝල් එක .. "
මන්දාකිණිගේ කිව් දෙයින් ළහිරු බිබි උන්න කෝපි එකත් හිර වුණා ..
" අයියෝ ... ඉන්න මන් වතුර එකක් ගේන්න.. "
" එපා ඒක හරි.. "
" ඔයා කවුද ළහිරු අයියේ.. "
" මන්.. අපි හෙට හම්බෙමු මන්දාකිණි .. ඔයා දැන් යන්න.. කෝ එන්න.. "
ත්‍රීරෝද රථයක් නැවැත් වූ ළහිරු එයට මන්දාකිණට නඟින්න දී රියදුරා හට සල්ලිද දී ඔහුව පිටත් කරා..
....................................................................
පුරුදු තැනදීම අදත් ළහිරු හා මන්දාකිණි හමුවුණා..
" කියන්න අයියේ. .."
" මන් ඔයාට ගොඩක් ආදරෙයි මැණික.. "
" මුලින්ම ඔයා ගැන කියන්න මට.. ඔයා අන්ඩවඩ් එකේද.. "
" හ්ම්ම්ම් ඔව්.. උපතින් නම් නෙවේ.. දවසක් මගේ වෑන් එකේ මන් යාළුවෙක් එක්ක ගමනක් ගියා.. එන කොට ඌ මගින් බැස්සා .. ටිකක් දුර එනකොට කට්ටියක් වාහනය නවත්තන්න කිව්වා .. මාත් කාට හරි කරදරයක් කියලා වාහනය නැවැත්තුවා.. පස්සේ උන් මගේ ඔළුවට ප්‍රිස්ටල් එක තියලා.. වාහනයට බඩු වගයක් දැම්මා.. ඒකේ තිබ්නේ ගන් කඩු පිහි ඒ වගේ දේවල් .. පස්සේ උනුත් නැඟ්ගා.. උන්ට ඕන තැනට මන් ගියා.. පස්සේ මගේ නම්බර් එක ගත්තා .. කාට හරි කිව්වොත් ගෙදර අයව මරණවා කිව්වා.. ඉතින් එදා ඉදන් අද වෙනකම් ඒ බයට ඉන්නවා පැංචී.. කලින් ඩ්‍රයිවර්ට හිටපු මම දැන් මිතුන් ලොක්කගේ දකුණු අත වෙලා.. මන් වැරදි පැංචී .. ඒත් මන් මොනා කරන්නද .. මන් ඔයාට ආදරය කරන්න එපාද .. "
" හ්ම්ම් කෝ එන්න ඔය කදුළු පිහදාන්න මන්.. මාත් ඔයාට ආදරෙයි අයියේ .. හැබැයි ඔයා ඕක නවත්තන්න ඕන.. "
" ඒත් පැංචී .. මන් එතනින් අයින් වුනොත් උන් අනිවා මාව මරණවා.. "
" නෑ එහෙම වෙන් නෑ.. ඔයා ඔතනින් අයින් වෙන්න ඇයියේ .. ඇවිත් අපේ ගෙදරින් අහන්න.. අපි බැඳලා රටකට යමු.. "
" හාකෝ.. මගේ පැංචී .. මන් ඔයාට ගොඩක් ආදරෙයි .. "
" මාත්.. කෝ මට පොරොන්දු වෙන්න එනම්.. "
" සත්තයි පැංචී.. "
" යමු.."
" අද ඔයත් එනවද වීල් එකේ යන්න.. "
" හා යමු.. "
දෙන්නත් එක්කම වීල් එකට නැග්ගේ හීන ගොඩක් එකතු කරමිනි..
" ඇයි පැංචී.. "
" මන් මෙතනින් ඔළුව තියා ගන්නද.. "
" එන්න මැණික .. අපි කරන්න දෙයක් නැතුවට වැරදි කරත් අනෙක් එවුන්ගේ වගේම අපේ පපුවත් රස්නෙයි .. "
" ඔයා මගේ විතරයි නේද අයියේ.. "
" ඔව් පැට්ටෝ.. ඇයි මේ අඬන්නේ.. කෝ.. "
" අනේ මට මෙහෙම පපුවට වෙලා ඉන්න දෙන්න අයියේ.. "
ළහිරු මන්දාකිණිව තව තවත් තමන්ගේ පපුවට තුරුළු කරගෙන ඒ හිස සිම්බේ ආදරය කදුලක් වෙලා ඇස් වලින් වැටෙද්දී..
....................................................................
" ඇයි අයියේ .. ඇයි මට මෙහෙම කරේ ... ආදරේ කරන්න පටන් අරන් මාස තුනයි .. එදා හම්බුනත් හරි තාම කතා කරෙත් නෑ.. ඔයා බොරුවක්ද කරේ.. ඔයගේ ෆොටෝ එක තියන් මට අඬන්න සිද්ද කලේ ඇයි අයියේ .. "
ළහිරුගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතුව මන්දාකිණි හිටියේ උමතුවෙනි.. වැඩටත් නොයා ගෙදරට වී අඬමින් සිටි දුව දිහා බලන් හිටපු අම්මා තාත්තාත් සුසුම් හලනවා අහගෙන තව තවත් මන්දාකිණි හඬා වැටුණා .. ඒ අතරේ ඇයගේ දුරකථනය නාද වුණා ..
" හලෝ මන්දාකිණි .. "
" ඔව්.. "
" මන් බටයා.. ළහිරුගෙ යාළුවා .. "
" අනේ අයියේ .. මගේ ළහිරු කෝ.. "
" නංගී .. පැටියෝ.. ජීවිතය කියන්නේ අවිස්වාසයේ සංකේතය.. මට ගොඩක් වෙලා කතා කරන්න බෑ.. මෙච්චර දවස් කතා නොකරෙත් ඔයාගේ ආරක්ෂාවට.. එදා ඔයාව හම්බෙලා ළහිරු ආවේ ගොඩක් සතුටින් .. එයා ඇවිත් මිතුන් ලොක්කට කිව්වා එයාට ආයේ මේ වැඩ කරන්න බෑ කියලා.. ඌ ගන් එකත් තියලා යන්න හදද්දී ලොක්කා ළහිරුට වෙඩි තිබ්බා නංගි.. එකක් නෙවේ මැරිලා වැටෙන කම්ම වෙඩි තිබ්බා.. "
" නෑ ඒක වෙන්න බෑ.. ඔයාට පිස්සු ද.. "
" තේරුම් ගන්න පැංචී .. මන් ඔයාට ෆොටෝ වගයක් එවන්නම්.. "
" නෑ නෑ මේ ඔක්කොම .. "
" හලෝ හලෝ.. "
" දුව.. දුව.. "
" දුවගේ අම්මා... ඉක්මනට වතුර එකක් ගේන්න .. "
....................................................................
" මන් ඔයාට ගොඩක් ආදරේ කලා අයියේ.. ඔයාව මට නැති උනේ මගේ වරදින්.. මමයි ඔයාට ඔකෙන් අයින් වෙන්න කිව්වේ.. මට සමවෙන්න රත්තරං .. මට මැරෙන්න පුලුවන් .. ඒත් මන් එහෙම දෙයක් කරගත්තොත් මැරිලා ඉන්න ඔයාටත් සැනසීමක් නෑ.. ඒ නිසා මේක තමයි හොඳම තීරණය .. ජීවිතේ හැමදේම අනිත්‍යයි.. ඔයාගේ මගේ ජීවිත වගේම හැමදේම .. "
මාස දෙකකට විතර පස්සේ ෆොටෝ ටිකත් අරන් බටයා ආවේ මන්දාකිණිව බලන්න හිතාගෙනයි .. නමුත් ආරංචි වුණ දෙයින් බටයා හොදටම අවුල් වුණා .. මන්දාකිණිගේ අම්මත් තාත්තත් එක්කම බටයත් මන්දාකිණිව බලන්නට ආවා.
පෙර දිනයක එහාට මෙහට පද්දන ගස්සන උරහිස තෙක් වුණ කෙටි කොන්ඩය බූ ගා.. සිවුරක් පොරවගෙන සංසුන් ගමනින් වඬින උත්පලා තෙරණිය දුටු බටයා නොහිතාම දණගසා ගෙනම බිමට කඩන් වැටුණා ..
" සුවපත් වේවා . "
" දූ.. නෑ සිල් මෑණියනි.. මේ ළමයා.. "
" මන් දන්නවා .. මෑණියනි.. දැන් මට ඒ ගැන කතා කරන්න ඕන නෑ. උපාසක මහත්තයා .. කට්ටිය ම වාඩි වුණානම් බණ පදයක් අහන්න..
" අපි ගිහින් එන්නම් අපේ සිල් මැණියනි.. "
" නැවත ඒමක් ප්‍රාර්ථනා කරන්න එපා උපාසක මහත්තයා .. මේ සසර ගමන් ඉක්මනින් ඉවර කරගන්න.. "
එසේ පවසා උත්පලා තෙරණිය ඔවුන් සිටියදිම තම කුටිය දෙසට වැඩියා..
" උඹ වාසනාවන්තයි ළහිරු .. මේ ආදරය දවසකට හරි අයිති කරගන්න ලැබුණාට .. උඹටත් මේ පින් මැණියන් දේශනා කර ලෙසම අනුමෝදන් වෙවා මිත්‍රයා.. "
නිමි ...
** Ishu **
ගේ ගෙත්තමක්...
No comments:
Post a Comment