#දඟකාර_මිතුදම
කොහෙද යකෝ යන්නෙ,මං උඹව හැම තැනම හෙව්වා. බැරිම තැන තමයි මෙතනට අාවෙ.
හුලං ටිකක් වදින්න කියලා වැව් කණ්ඩියට අාවෙ. අැයි දැන් උඹ මාව හෙව්වෙ, මං එහෙම කිව්වෙ ගයියගෙ පිටට තට්ටුවක් දාන.ගමන්.
ඒ තමයි ගයියා. මගෙ බොක්කෙ ෆිට් එකක්..ගයියා කිව්වට උගෙ නම ගයාන් ජීවන්න. අපේ සෙට් එකේ ඉන්න විහිලුම ඩයල් එක..
හ්ම්ම් මෙහෙමයි අපේ සෙට් එකේ හත් දෙනයි. කොල්ලො 5යි කෙල්ලො 2යි. කරන කියන හැමදේම කලේ එකට.. එකෙක් වොශ් රූම් ගියත් අනිත් උන් ඒ ගැන දන්නවා. ඒ තරම් අපි ෆිට්..
අපේ ඉන්න ගෑනු ඩයල් එක තමයි 'ලයියා' උගෙ නම ලසිත් ඉඳුරංග. අැත්තටම කිවොත් ගෑනියෙක් වෙන්න ගිහින් පිරිමියෙක් උන එකෙක්..
එතකොට රබ්බඩයා. නමින් රොහාන් රන්දිම. උෟ තමා අපේ සෙට් එකේ මහතම එකා. කෑම වලින් තොර ජීවිතයක් උෟට තිබුනෙම නෑ..
එතකොට 'දිගා' අඩි 6"2ක් විතර උසයි. නමින් දීඝායු වර්ණකුල. පොඩි කාලෙ ඉදන්ම අපි උෟට දිගා කිව්ව නිසාද කොහෙද මූ පොල් ගහක් වෙලා තියෙන්නෙ.
එතොට අනිකා සඳුන්. සෙට් එකේ ඉන්න හැන්ඩියා. ඕනම කෙල්ලෙක්ව වශී කර ගන්න පුලුවන් ලස්සනක් සඳුන්ට තිබ්බෙ. (හැබැයි ඉතිං මේ වෙනකොටත් සඳුන් මගෙන් කැමැත්ත අහලා තිබ්බෙ. ඒත් මං වචනයක් දුන්නෙ නෑ තාම)
එතකොට මං සෙහන්සා වික්‍රමසිංහ. අපේ උන් කියන විදියට ටිකක් දඟකාර හැම වෙලේම කටර් එක වගේ කියෝන චරිතයක්.
එතකොට අනිකා ඒ තමා ඉටිං මගෙ අතිජාත බොක්කා,හොඳම යෙහෙළිය විමංසා රණවීර. හරිම අහිංසක නිහඬ චරිතයක් කිව්වොත් හරියටම හරි
මොකටද බං අැත්තටම මාව හෙව්වෙ.
නිකන් කම්මැලිකමට චැට් එකක් දාගන්න අාවෙ.
හ්ම් හ්ම් පට්ට කම්මැලියි ගෙදර ඉන්නත්. යමුකො කට්ටිය සෙට් වෙලා කොහේ හරි.
අහ් ඒකටත් එක්ක තමා මං මේ අාවෙ.
ඒ කිවෙවෙ මොකද්ද බං
දැන් සමනල වාරෙ හින්දා යමුද කට්ටියම සිරිපා කරුණා කරන්න.
අඩේ සිරාවටම මං අමතක උනා. අද හෙට උනත් කමක් නෑ යමන්.
අන්න ලයියෙ එනවා උගෙනුත් අහලා බලමු සෙන්සො.
උඹලා දෙන්නම මෙතනද??
ඔව් බං පොඩ්ඩක් ඉඳ ගනින්කො පොඩි දෙයක් කියන්න.
ඔන්න වාඩි උනා. දැන් කියහන් බලන්න පොඩි දේ ගැන.
මේකයි A/L ඉවර වෙලා නිකන් ගෙදර ඉන්න එකේ යමුද සිරිපා කරුණා කරන්න. මං එහෙම කියද්දි ලයියා එක පාරින් ඒ අදහසට එකඟ උනා.
හ්ම්ම් එහෙමනම් අරුන් ටිකත් එකක් කතා කරගෙන අද හෙටම දිනයක් දා ගමු.
ඒක හොදා බං. දැන් කට්ටියම මෙතන නෑනෙහ්..උන් එක්කත් කකා කරලා බලමු.
ටික වෙලාවක් කතා බහේ හිටපු අපි රෑ වීගෙන එන හින්දා ගෙවල් වලට ගියෙ සිරීපාද ගමන ස්ථිර කරගෙන.
කොහොමින් හරි රෑ වෙලා කට්ටියම කතා වෙලා තීරණය කලේ දෙසැම්බර් 11 වෙනිදාට ගමන යන්න.
තව දවස් හයක් තියෙනවා. දවසින් දවස ගෙවිලා ගිහින් ගමන යන දිනය උදා උනා. කට්ටියම ලෑස්ති වෙලා අපේ ගෙදරට එන්න තමයි කතා වෙලා තිබුණෙ. ඒ හින්දා කට්ටිය දවල් 2 වෙද්දි අපේ ගෙදරට සෙට් උනා.
මෙයාලා යන්න හදන්නෙ සතියක් විතර ඉඳලා එන්නද කොහෙද අප්පච්චි. අපේ මව්තුමිය එහෙම කිව්වෙ රබ්බඩයගෙ බෑග් එක දැකලා. අැත්තටම මූ මෙච්චර ලොකු බෑග් එකක් මොකට ගෙනත්ද. අපි හෙට එනවනෙහ්😂😂 පොල් ගෙඩි 10ක් විතර පුරෝපු සයිස් ඒ බෑග් එකනම්.
සේරම බඩු හරිද බං දිගෝ. ජර්සි එහෙම අර ගත්නෙහ්
ඔව් විමංසා මං සේරම වෑන් එකට දැම්මා බං.
ඒක නෙවෙයි කෑම ටික ගත්ත නේද. මතක් කරලා ඒක දා ගනින්
රබ්බඩයා කිව්ව විදියට අපි හැමෝටම හිනා ගියා
ගෙනියන බඩු ටික සේරම අහුරලා අපේ අම්මගෙනුයි අප්පච්චිගෙනුයි අාශිර්වාද අරන් අපි වෑන් එකට ගියා.
මං වාඩි උනේ පිටි පස්සෙම ශීට් එකේ දකුණෙ කෙළවරේ.
සඳුන් වම් කෙළවරේ.
අනිත් පස් දෙනා ඉස්සරහ ශීට් වල.
ලයියගෙ මාමා කෙනෙක් තමා නඩේගුරා උනේ. එයා driver uncle එක්ක ඉස්සරහ.
අපි ගියෙ හැටන් පැත්තෙන්. කුරුවිට පාර දුෂ්කරයි කියලා නඩේගුරු මාමා කිව්වෙ. කදු, වතු, දියපහරවල් අතරින් අපි රෑ 9.30 වෙනකොට සිරිපා කන්ඳ පාමුලට අාවා.
ඒ ගමනෙදි පරිසර උෂ්ණත්ව වෙනස තදින්ම දැනුණා.
හරියට සෙනඟ.කොහොම නඟින්නද මන්දා.. මට එහෙම නියවුනේ වාහන පාර්කින් එකේ තියෙන වාහන ටික දැකලමයි.
කටවහගනින් යකෝ. උඹේ කට ඉස්සර කරනවා එහෙම නෙවෙයි මං ගෙදරදි කියලනෙ එක්කන් අාවෙ. අැත්තටම කිව්වොත් ලයියා මට සිය ගමනක් විතර කිව්වා ගෙදරදි,නගින්න බැරි කතා කියන්නෙපා කියලා.
ඒ හින්දම මං ඉක්මනට කට පියා ගත්තා
අපි රෑට කන්න බත් මුල් අරන් අාවෙ. ඒවා කාලා 12.00ට විතර සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. අැත්තටම කිව්වොත් පට්ටම හීතලක් තිබුණෙ. මං හිතුවෙ මාව ගල් වෙයි කියලා.
සඳුන් ජර්සි දෙකක් පොරවන් හිටියෙ.මං වෙව්ල වෙව්ල ඉන්නවා දැකලා එක ජර්සියක් මට දුන්නා. මට දැන් දෙකයි😉
කොහෙෙමහරි මඟ දිගට ගිමන් හැර හැර අපි මුලු දුරෙන් භාගයක් විතර නැග්ගා. අනේ මට මහන්සියි අපි ට්කක් ඉඳලා යමුකො. විමංසා එහෙම කියද්දි අපිත් ඒ අදහසට එකඟ උනා.
අපි එතන තිබ්බ තේ කඩයක් ළඟ වාඩි උනා.
ඔහොම ඉන්න අපි කට්ටියටම තේ අරන් එන්නම්. එහෙම කියලා රබ්බඩයයි විමංසයි තේ ගේන්න ගියා.
නොදකින් බලහල්ලකො මේ චූටි කිරි කෝප්පෙ 80ක් කියාගෙන රබ්බඩයයි විමංසයි කිරි තේ 8ක් ගෙනාවා.
එහෙම කියන්නෙපා බං. බලපන් ඒ මිනස්සු කොච්චර පහළ ඉදන්ද බඩු අරන් එන්නෙ කඩවල් වලට. අර අර අර බලපන් අර මාමා ගෑස් ටැංකිය කර තියන් එන හැටි, කොච්චර දුකක්ද බලන්න
අැත්තටම සඳුන් එහෙම කියද්දි තමයි මටත් ඒක තේරුනේ. පව් ජීවත් වෙන්න මේ මිනිස්සු විඳින දුක..😞 අපි හැමෝම සඳුන්ගෙ කතාවට එකඟ උනා
.හා දැන් කට්ටියත් එක්ක නගිමු. මෙහෙම හිටියොත් ඉර සේවෙ බලන්න වෙන්‍නෑ. නඩේගුරු මාමා එහෙම කිව්වමයි අපි හැමෝටම ඉර සේවෙ මතක් උනේ.
විනාඩියක් දෙන්න මං කඩේට ගිහින් එන්නම් කියලා මං කඩේට ගිහින් වුචිංගම් ටිකක් අරන් එද්දි අපේ කව්රුත් පේන්න හිටියෙ නෑ. මං හතර වටේම බැලුවත් කවුරුත්ම පේන්න හිටියෙ නැති හින්දා මගෙ හිතට බයක් වගේම දුකක් කේන්තියක් අාවෙ අැස් වලට කඳුලුත් උනන ගමන්.
මුන් ටික කොහේ ගිහින්ද. මං කිව්වනෙ ටිකක් ඉන්න කියලා. මාව දාලා මුන් ගිහින්ද. අනේ දෙයියනේ...😭😭
කව්රුත්ම එනපාටක් නැති හින්දා මං හෙමින් හෙමින් ඉස්සරහට ගියා. මිනිස්සුත් වැඩියි අපෙ එකෙක් හිටියත් හොයා ගන්න බෑ. මං තනියෙන් හිත හිත ඉස්සරහට අැදුනෙ අපේ සෙට් එක අල්ල ගන්න හිතාන.
Min.20ක් වගේ ඔය විදියට මං තනියම ගියා. අපේ එකෙක් ඉස්සරහ ඉන්න පාටක් පේන්නවත්.නෑ. ලොකු අසරණකමක් දැනුනත් මං නැවතෙන්නැතුව ඉස්සරහටම ගියා.
හහ් හහ් හහ් හා😄😄😄
එකපාරටම ඒ බකල් හිනාව අැහිච්ච ගමන් පිටිපස්ස බැලුවෙ ඒක ගයියගෙ කියලා දන්න හින්දා.
කොහෙද යකෝ ගියෙ මාව දාලා
අපි...මේ අපි ඔයාව දාලා ගියා..
නැත්තෙ මොකෝ විමංසා උඹලා ඔක්කොම එකට මං තනියෙන්නෙහ්.
හා දැන් මේක කියපන් කව්ද දැන් ඉස්සරහින් ඉන්නෙ අපිද උඹද. එතකොට අපිද උඹව දාලා අාවෙ උඹද අපිව දාලා අාවෙ.
දිගා කියන්නෙ යන්නෙ මොකස්ද කියලා මට දැනිච්ච හින්දා මං කට වහ ගත්තා. මොකද මේ හරක්ට කියනවට වඩා හොඳයි මගෙ කට ගලක අතුල්ලගන්න එක.
පොඩි විහිලුවක්නෙ කලේ අපි කියාගෙන සඳුන් මගෙ ඉන වටේ අත දා ගත්තා.
හා හා උඹලා පස්සෙ ලව් කරපන් දැන් යමල්ලා කියාගෙන දිගා ඉස්සර උනා.
උඩ මලුවට ළං වෙනවත් එක්කම ඉර සේවෙ බලන්න අපිට පුලුවන් උනා. රත් පැහැයෙන් අහසෙ පැත්තක්ම දිලිසෙද්දි හැමෝගෙම අවධානෙ ගියෙ ඒ පැත්තට. අැත්තටම හරිම ලස්සනයි. උසට උසේ දිගා ඉන්න හින්දා මිනිස්සු අතරින් ඉර සේවෙ ලස්සන 4toes ටිකක් ගන්න අපිට පුලුවන් උනා.
උදෑසන 8.30 වගේ වෙද්දි අපි සෙට් එක උඩ මලුවට පැන ගත්කෙ පෝළිමේ ගිහින්නම් නෙවෙයි, පෝළිමේ අාවානම් තව පැය හතරකින්වත් එන්න වෙන්නෑ...
උඩ මලුව වැඳ ගත්ත අපි එහි තිබුණ විවේකාගාරයට අැතුලු උනේ අැත්තටම ගොඩක් මහන්සි නිසයි. කට්ටියම එහි විවේක ගද්දි මං එළියට අාවා.
මොකද සෙන්සො මෙතන කරන්නෙ
අහ් සඳුන් මං හුළං ටිකක් වදින්න කියලා එළියට අවෙ, මෙහ් ඒක නෙවෙයි අපි යද්දි කීය වෙයිද බං.
අනේ මන්දා ඒකනම් නාන්නත් එපැයි
ඔව් ඔව් කිතුල්ගලින් නාලා යමු අැඟේ මහන්සිය නිවෙන්න
හ්ම්ම්ම් ඒක නෙවෙයි එදා මං අහපු එකට තාමත් උත්තරයක් නැද්ද?
අනේ සඳුන් එතකොට අපේ යාලුකම?
ඉතිං යකූ අහල නැද්ද සැමියා බිරිඳගෙ හොඳම මිතුරා කියලා😂😂
ඒකත් අැත්ත තමයි.
හ්ම්ම් ඒ කියන්නෙ උඹ මට අාදරෙයිද සෙන්සො.
ඔව් මං අාදරෙයි😍😍
අැත්තටම මට අද ගොඩක් සතුටුයි මේ වගේ තැනකදි මගෙ අාදරේ මගෙම උන එකට. සඳුන් එහෙම කියාගෙන මගෙ උරහිසට අත දාලා මාව ළං කර ගත්තා.
පිස්සු කෙල්‍ලව මං හැමදාම මගෙ අැස් දෙක වගේ අාදරෙන් බලා ගන්නවා..
මාත් ගොඩාක් අාදරෙයි මහත්තයො😘
මෙහ් අරුන්ටනම් දැන්ම කියන්නෙපා අපි ඉඳලා හමාරයි
හරි මං කාටවත්ම කියන්නෑ..
හහ් හහ් හහ් හහහා දැක්කද දැක්කද මං උඹලට කිව්වෙ මේ love එක සෙට් වෙනවමයි කියලා. ඒ රබ්බඩයගෙ කටහඬ හින්දා මං ක්ෂණික සඳුන්ගෙන් අෑත් වෙනවත් එක්කම පිටිපස්ස බැලුවා.
දෙවියනේ මේ ගෝතයො පස් දෙනාම මෙතනනෙහ්. දැන් ඉතිං මුන්ට මොනවා හංගන්නද?ඔක්කොම බලන් ඉඳලනෙහ්. මදැයි මුන්ට හොරෙන් love කරන්න ගියා. කවදහරි අපිට හනිමුන් යන්න වෙන්නෙත් මුන් එක්කමයි කියාගෙන සඳුන් අාපහු මගෙ කර වට අත දාගෙන මාව ළඟට අරන් තුරුල් කර ගත්තා😍😘
කතෘ -: සිතු
උපුටා ගැනීමකි
ආස හිතෙනවා අප්පා..
ReplyDelete