රශ්මි

රශ්මි - කෙටිකතාවකි........
**************************

ඔයාගේ ඔපරේෂන් එකට කීයක් යනවා කිව්ව ද...

ඒකට ලක්ෂයක් විතර යනවා කිව්වා..

හ්ම්ම්ම්  .....ඉන්නකෝ කොහොම හරි මම ඒ සල්ලි හොයනවාමයි..

ඔයාට කරදර කරන්නත් බෑ මහත්තයෝ..... අපි බලමුකෝ... ඔය කිව්වට මාසයකින් මගෙ කකුල් දෙක පණ නැති වෙයි ද කියල...

දෙයක් වෙන්න කලින් අපි ඒ දේ නවත්වන එකයි වැදගත්...මම මාසයක් ඇතුළත ඔයාගේ ඔපරේෂන් එක කරන්න සල්ලි හොයලා දෙන්නම්කෝ...

මම නිසා ඔයා කරදර වෙන්න එපා...

ඔයා මට කවදාවත් කරදරයක් නෙවෙයි....

ඒත් ඔයාට මාව එපා වෙයි මෙහෙම ගියොත්...

අනේ මේ.. පිස්සු ද.... අහලා තියෙයි ද මෝඩියේ... ගහකට කවදාවත් මල බරයි කියලා... නැත්නම් මලකට පෙති බරයි කියලා....

මෝඩයෝ... එහෙම වෙන්නෙ නෑ කොහොමටත්... මොකද...ගහේ මල් පිපුණේ නැතොත් ගහ ලස්සන  නෑනේ.. අනික මලේ පෙති නැති වුණොත් මලක් කොහෙද ...

ආ.... ඒක තේරෙනව ද... ඒක තමයි මැට්ටියේ... ඔයා නැතොත් මගේ ජිවිතේ ලස්සන නෑ.... ඔයා නැත්නම් මේ මම කියන කෙනත් නෑ...

ඒත් මම අබ්බගාත වුණොත් ඔයා මාව දාලා යන්න හොදද.... මම ආස නෑ ඔයා දුක් විදිනවා බලන්න...

මැට්ටි ඔයා එක්ක ඉන්න එක තරම් මට මේ ලෝකේ වෙන කිසිම සතුටක් නෑ හොද ද....

මම හැමදාම ආදරෙයි මහත්තයෝ ....

රශ්මි තමාගේ පෙම්වතා වූ අකලංකගේ උරහිසේ හිස තියා ගෙන නිල්වලා ගග දෙස බලා සිටියා ය.

අකලංකගේ හා රශ්මිගේ ආදර කතාවට වසර හයකටත් වඩා පැරැණි ය.

රශ්මි හා අකලංක දෙදෙනාගේ ආදර කතාව පටන් ගන්නේ පාසලේ දී ය. දෙදෙනා ම උසස් පෙළ එකම විෂය ධාරාව හැදෑරූ අතර නමුත් සිටියේ පන්ති දෙකක ය. අකලංක කලා අංශයේ 13 - B පන්තියේ ය. රශ්මි සිටියේ කලා අංශයේ 13 - C පන්තියේ ය.

දෙදෙනාගේ පළමු හමුවීම සුන්දර නොවූ අතර කටුක අත්දැකීමක් විය.

තමුසෙ මහ බල්ලෙක් අකලංක....යැයි දිනක් අකලංකගේ පන්ති කාමරයට කඩා වැදුණා ය.

අකලංක යාළුවන් සමග ඩෙස් එකට තාලයට ගසමින් සිංදු කියමින් සිටියේ ය.

ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ ....
අචින්තයි...
පාරිශු.......

ගීතය අතරමග නවත්වන ලද අකලංක තමාට බැණ වදින්නේ කවුදැයි බැලුවා ය.

දුඹුරු පැහැති ඇස් ඇති කුඩා කොණ්ඩ කරල් දෙකක් බැද තිබූ ගැහැණු ළමයෙකු  ඇයගේ පුංචි රෝස පාට තොල් දෙක වේගයෙන් සොලවමින් තමාට බැණ වදින බව අකලංක දුටුවේ ය.

ඔහු නැගිට ඇය අසල ට ගියත් ඇයගේ මුවෙන් පිට වූ කිසිදු වචනයක් ඔහුට ඇසුණේ නැත. ඔහු බලා සිටියේ ඇයගේ පුංචි රෝස පාට දෙතොල් දෙස ය.

අකලංක පියවි සිහියට පැමිණියේ ඒ ගැහැණු ළමයාගේ දකුණු අත වේගයෙන් ඔහුගේ කම්මුල සිප ගත් විට ය.

මො....මො....කද... මට ගැහුවේ ඔයා... යැයි තමාගේ දකුණු කම්මුල අත ගාමින් අකලංක ඇසුවේ ය.

ගහලා මදි.. කරන වංචා වැඩ වලට..වංචාකාරයා ....

මම ...මම දන්න තරමින් එහෙම කරල නෑ....

මම ඔප්පු කළොත්...

හරි ඔප්පු කරන්නකෝ බලන්න  ....

භාග්‍යා ..... එන්නකෝ...

මේ කෙල්ලට බලාපොරොත්තු දිලා අතෑරලා දැම්මේ නෑ,කියලා ද කියන්නේ.....

නෑ,මම එහෙම කළා....

කරලා මදිවට ලැජ්ජා නැතිව කියනවත් එක්ක...

අපි මේක අපි තුන් දෙනා විතරක් ඉන්න තැනක කතා කරමු..

ඇයි බය ද...කට්ටිය දැන ගනී කියලා ....

යන්න බෑනේ...හරි මං විස්

දන්නවා ද ...මම ඒ ආදරය පටන් ගත්තේ නවත්වන්න නෙවෙයි.... ඒත් මම ආදරේ තමගේ ගරුත්වය ආරක්ෂා කරගෙන අංක එකට ඒ ගරුත්වය ගැන හිතන කෙනෙක්...

ඇයි මොකෝ වුණේ..

මම මෙයාට ෆිල්ම් එකක් බලන්න බොක්ස් යමු කිව්වා ...  එකපාරට හා කිව්වේ නැති නිසා මම හිතුව මගෙ කෙල්ලට තියෙන්න ඕනේ එකම සුදුසුකම එයාට තියෙනවා කියල.... 

ඒ මොකක් ද...

මා එක්ක  යාළුවූණාට ඒ කෙල්ල මට හාද්දක් වත් දෙන්න අකමැති වෙන්න ඕනේ... මට ඒව ඔනේ මැරි කරාට පස්සේ... එතකොටයි තමයි ඒ වගේ අගේ වැඩි වෙන්නේ..  අනික මං කැමැති නෑ මලක් කඩා ගෙන මගේ ම වෙන්න කලින් විනාශ කරන්න.. මොකද මම මැරුණත් මලට පොඩ්ඩක් වත් හානියක් වත් වෙන්න බෑ  ..

ඉතිං.... මෙයා ඔයාට ආදරේ නිසා එහෙම කළා නම්...

මම ආසා නෑ.... මම වෙනුවෙන්වත්... මගේ ආදරේ වෙනුවෙන් වත් ඒ දේ කරනවට... සොරි... ඒ මගෙ හැටි.... ඒ කැප කිරීම මැරි කරාට පස්සෙ කරන්න ඕනේ.....
ඔයා එක දිගටම අහපු නිසා මෙයා හා කියන්න ඇති.... 

මං සිය පාරක් ඇහුවත් බෑ කියන කෙල්ලෙක් මට ඕනේ...

අනික මට මෙයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න ඕනෙ නම් මම මෙයා හා කිව්වාම යන්න තිබ්බා..මට එහෙම ජරා වැඩ කරන්න උවමනාවක් නැති නිසා තමයි..ඒ ආදර කතාවට තිත තිබ්බේ....

ඒ අකලංකගේ හා රශ්මිගේ පළමු හමුවීමයි.ඉන් හරියට ම මාසයක් ගිය පසු දෙදෙනා ආදරවන්තයන් විය.

එතැන් පටන් අද දක්වා දෙදෙනාගේ ආදරය වැඩි වූවා මිස අඩු වූයේ නැත. රශ්මි උසස් පෙළ සමත් වී සරසවිය වරම ලබා ගත් අතර ඇය වසර හතරක් සරසවිය තුළ සිටිය ද අකලංකගේ ආදරය අමතක කර දමන්නට තරම් චපල වූයේ නැත.

අකලංකගේ මවගේ අභාවය උසස් පෙළ විභාගය පැවැත්වූ දවස් තුළ සිදු වූ නිසා උසස් පෙළ විභාගයට මුහුණ නොදුන් අතර පියාට බරක් නොවී ජීවත් වීමට සිතා ගත් ඔහු නිල්වලා ගගේ මාළු අල්ලා විකුණන්නට පටන් ගත්තේ ය.

පිස්සි උරහිසට හේත්තු වෙන්න එපා .... මම මේ මාළු විකුණලා ආපු ගමන් ඉන්නේ... මම ළග මාළු ගද යි...

අනේ ගෙම්බෝ .... මෝඩ කතා කරන්න එපා... ඔයාගේ මාළු ගදට වඩා ඔයාගේ ආදරේ සුවදයි...හොද ද...

අහස කළු කරා අපි යමු ද ගෙදර....

හ්ම්ම් ....යමුකෝ....

අකලංක මාළු පෙට්ටිය බැද තිබූ බයිසිකලයට රශ්මිව නංවා ගෙන හැකි ඉක්මනින් රශ්මිගේ නිවසට ගොස් ඇයව නිවසේ මිදුලෙන් බස්වා ඔහුගේ නිවසට ගියේ ය.

අකලංක බයිසිකලය නවත්වා නිවස ඉදිරියේ තිබූ රතු ඇන්තූරියම් මල් පෝච්චිය යට තිබූ යතුර ගෙන දොර විවෘත කළේ ය. අකලංක නිවසට ඇතුළු වනවා සමග ම වැහි බිංදු පොළොව සිප ගත්තේ ය. මුං ඇට සේ තිබූ වැහි බිංදු සැණින් දොඹ ගෙඩි තරම් වී පොළොව හාරා පතිත විය.

අකලංක දුරකථනය ගෙන රශ්මි අමතන ලැබුවේ ය.

වැස්ස එක දිගටම ගියොත් ගග උතුරන්න පුළුවන් .... හොද කල්පනාවෙන් ඉන්න... මම රෑට උයලා ම ගන්නම්...

හොදයි මහත්තයෝ .... එත් මේ ලෙඩ මාව මැරෙන එක හොදයි එක අතකට....

පිස්සි.... මෝඩ කතා නොකියා කල්පනාවෙන් ඉන්න..

බුදුසරණයි ඔයත් පරිස්සමෙන් මහත්තයෝ ....

බුදුසරණයි ඔයාටත්...

දුරකථනය විසන්ධි කළ අකලංක තමාගේ පියා පැමිණෙන්නට පෙර රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට සූදානම් වීම සදහා කුස්සියට ගියේ ය.

අකලංක එළවළු හට්ටිය තුළ තිබූ අල ගෙඩි දෙක තුනක් අතට ගෙන අල බැදුමක් සැදීමට සූදානම් වනවා සමග ම ඔහුගේ දුරකථනය නාද විය.

දුරකථනය අතට ගත් අකලංක එහි තිරය බැලූ විට Thaththa ලෙස සටහන් විය.

අකලංකගේ තාත්තා පෙදරේරුවකු වූ අතර මේ දවස් වල ඔහු ගාල්ල නගරයේ ගොඩනැගිල්ලක වැඩ කරනු ලැබී ය.

තාත්තේ කියන්න...

පුතේ... මෙහේ වැස්ස නිසා පාරවල් වැහිලා...මට අද ගෙදර එන්න බැරි වෙයි... හෙට උදේ එන්නම්...

හා තාත්තේ....

පුතේ මගෙ මැණික් කැටේ හොදට බලා ගන්න...පුළුවන් නම්...පුතා එහෙට යන්න....

හා තාත්තේ .....

බුදුසරණයි  .. පරිස්සමෙන් පුතේ..

දුරකථනය විසන්ධි කළ අකලංක නැවතත් දොර විවෘත කළ අතර වැස්සේ කිසිදු අඩුවක් නොවී එන්න එන්න ම දැඩි විය.

නැවත දොර වසා ගත් අකලංක කිසිත් නොකියා කාමරයේ ඇදෙහි හාන්සි වී රශ්මි ගේ දුරකථනය ට ඇමතුමක් ගත්තේ ය.

ඔබ අමතන දුරකථනය ආවරණ කලාපයෙන් බැහැර ව හෝ ක්‍රියා විරහිත කර ඇත.

අකලංක රශ්මිගේ දුරකථනය වැඩ නොකළ නිසා කලබල විය. පසුව ඉක්මනින් ම ධාරානිපාත වැස්සේ රශ්මිගේ නිවසට ළගා වූ අතර දණහිසක් පමණ ජලයෙහි බැස එහි යාමට වූ නිසා රශ්මිගේ නිවසට ළගා වනවිට අකලංක බොහෝ තෙත බරිත විය.

රශ්මිගේ නිවසට පැමිණ දොරට තට්ටු කරනවාත් සමග නැවතත් අකලංකගේ දුරකථනය නාද විය.

පුතා දුවට කරදරය නෑනේ...

නෑ මම මේ දැන් එහේ ඉන්නේ තාත්තේ .....

මමත් වැඩ පළට ආවා පුතේ..

මම උදේට ගන්නම්...

වැහි බිංදු එකින් එක අකලංකගේ සිරුරෙන් රශ්මිගේ නිවසෙහි බිම සිප ගද්දී දොර විවෘත විය.

පුතා මේ වැස්සේ මොකෝ..

රශ්මිගේ පෝන් එක වැඩ කළේ නෑ අම්මේ...එකයි බය වෙලා ආවේ....

රශ්මි සාලුවක් ගේනන්කෝ.... ඔව් පුතේ පෝන් එකේ බැටරි නෑ කිව්වා... ගොරවන නිසා චාජර් ගැහුවේ නෑ.....

ඔයා ආව ද මේ වැස්සේ.....ආ මෙන්න මේකෙන් පිහිද ගන්න....

තෙත බරිත හිස පිස දමා ගත් අකලංක නිවස තුළට පැමිණ ආහාර ගෙන සැවොම සමග නිදා ගත්තේ ය.

උදෑසන වැස්ස අඩු වුව ද මිදුලේ තිබූ ජල කද එන්න එන්නටම වැඩි විය.

අකලංක උදෑසන අවදි වී රශ්මිගේ නිවසේ සාලයේ තිබූ රූපවාහිනිය ක්‍රියාත්මක කළේ ය.

රත්නපුර දිස්ත්‍රික්කයේ නාය යෑමෙන් මේ වනවිට 8 ක් මිය ගොස් ඇති අතර අතුරුදහන් වූ ගණන 13 කි. එමෙන් ම ගංගා අවට සිටින සියලු ජනතාවට ගංවතුර තර්ජනයක් ඇති නිසා ආරක්ෂාකාරී තැන් වලට යන ලෙස රජය ඉල්ලා සිටිනවා..

මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් කෙනෙකුට ලක්ෂයක් ද... අවතැන් වූවන්ට අවශ්‍ය සියලු පහසුකම් ද හැකි ඉක්මනින් සපයන බව රජය වැඩි දුරටත් පවසයි......

නැවතත් රූපවාහිනිය ක්‍රියා විරහිත කර රශ්මිගේ නිවසේ අයට කතා කර වැස්ස නැවතත් අධික වන්නට පෙර නිවසට යන බව පවසා සියල්ලන්ගේ ම අකැමැත්තෙන් අකලංක ඔහුගේ නිවස බලා ගියේ ය.

අකලංකගේ පියාගේ දුරකථනයට කෙටි ඇමතුමක් ලැබුණි.

Thaththe rajayen thaththata rupiyal lashayak dei... eka rashita denna operation eka karaganna kiyala ...mama mehema kiwwa kiyala rashita kiyanna epa..thththata man godak aadrei.. bye..bs..tc..

එම ඇමතුම දුටු අකලංකගේ පියා ඔහුට  ඉක්මනින් ඇමතුමක් ලබා ගත්තේ ය.

ඔබ අමතන දුරකථනය ආවරණ කලාපයෙන් බැහැර ව හෝ ක්‍රියා විරහිත කර ඇත.

-------- නිමි --------

ලිව්වේ ආර් ජේ

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment