(කෙටි කතාව)
අපි මෙහෙම පටන් ගමු.අපි ගෑනු ලමයව දිනු කියලා හදුන්වමු. කොල්ලව නිපු කියලා හදුන්නමු.
දිනු කියන්නේ ගොඩක් දගකාර විසේකාර කටකාර කෙල්ලෙක්.මුලු ඉස්කෝලෙම හොල්ලන් හිටපු කෙල්ලෙක්.මේ කෙල්ලට ආදරය කියන හැගීමක් වත් හිතේ තිබ්බෙ නැති කෙල්ලෙක්.ඔහොම කාලය ගත වෙනකොට දහය වසරටත් ආවා.දිනූගේ දග වැඩ එන්න එන්නම වැඩි උනා.දවසක් දහයේ පන්තියට අලුත් පිරිමි ලමයෙක් අතුලත් උනා මෙතන ඉදන් තමයි කතාව පටන් ගන්නෙ
"කව්ද බන් අර කොල්ලා"
දිනූ කිව්වේ එයාගේ යාලුවා අමාට
"දිනූ මේ ලමයා ඇවිල්ලා ඉන්නේ ඔයාලගෙ පන්තියට මේ ලමයට පන්තිය පෙන්නන්න"
"බලපන්කො මේ පිනාටත් මාවම පෙව්නනෙ"
"හිමින් කතා කරපන් මෝඩියේ ඇහෙයි.ඔන්න ඕකාව එක්කන් වරෙන් ඉක්මනට"
දිනුයි එයාගෙ යාලුවයි දෙන්නම කොල්ලව පන්තියට එක්කන් ගියා.
"මෙන්න ඔයාගෙ පන්තිය"
"මම නිපුන් අදිකාරි.තෑන්ක්ස් මාව පන්තියට එක්කන් ආවට"
"හ්ම්ම්ම් හාකො හාකෝ"
"පව් බන් දිනූ ඒ කොල්ලා ටිකක් හොදට කතා කරපන්කො බලප්න්කො උබට ඌ කොච්චර හොදට කතා කරාද කියලා."
"අනේ පලයන් සචී යන්න.මට ඕවා අල්ලනේ නෑනේ"
ඔහොම ටික කාලයක් ගෙව්නා.නිපූගෙ හොදම යාලුව උනේ දිනූ.ඒ දෙන්නා අතරේ ගොඩක් රහස් තිබ්බා.ඒ දෙන්නා ගොඩක් හොද යාලුවො උනා.
"දිනූඌඌඋ"
"ම්ම්ම්ම්ම්ම්ම් කියන්න නිපූ"
"මට ඔයා එක්ක ටිකක් වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා."
දිනූ නිපුගෙ පැත්තට හැරුනා
"කෝ කියන්න්කෝ ඔයාගේ ඔය වැදගත් දේ."
"මේක අහලා මම එක්ක තරහ වෙන්න වත් අපි දෙන්න අතරෙ තියෙන යාලුකම නතර වෙන්නත් බෑ. තේරුනාද"
"හරි හරි බන් ඉස්සෙල්ලා කියපන්කෝ"
"මම මේක ගොඩක් කාලයක් හිතේ හිර කරගෙන හිටියේ දිනූ.මට මේක තවත් ඔයාගෙන් හන්ගන්න බෑ.දිනූ මම ඔයාට ආදරය කරනවා.ගොඩක් ගොඩක් ගොඩාආආආආඅක්..."
දිනූට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.
"මමත් ඔයාට නොකිව්වට ගොඩක් ආදරෙයි මගේ නිපූ'
දිනූට හිතින් කියවුනා
"ඔයා මට ආදරෙයි නේද මගේ දිනූ.කියන්නකෝ රත්තරන් ආදරෙයි නේද මට."
"ඔව් රත්තරං ආදරෙයි ගොඩක්.මමත් ඔයාට ආදරේ කරා මගේ නිපූ හිතින්.මට ඔයා ඒක පෙන්නන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ."
"මාව දාලා යන්නේ නෑ නේද මගේ මැණික කවදාවත්ම"
"නෑ මහත්තයෝ නෑ කවදාවත්ම මම මගෙ මහත්තයව තනි කරන්නේ නෑ.
ඔහොම දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් උනා.පාසලේ කාගෙත් රහසක් නොවිච් මේ ආදර කතාව හැමෝගෙම අවදානයත් සමග ගලා ගියා.
"මහත්තයෝ මට ආයේ ඔයා එක්ක ඉන්න ලැබෙන්නෙ නෑ කියලා මතක් වෙද්දි ගොඩක් දුකයි මහත්තයෝ.අදින් එක්සෑම් එකත් ඉවරයි."
"අදින් එක්සෑම් ඉවර උනාට අපි දෙන්නගෙ සම්බන්දෙ අදින් ඉවර වෙන්නේ නෑනෙ මගේ මැට්ටි.බොරුවට බය නොවී ඉන්න ඔයාව බලන්න මම සතියකට වතාවක් එනවමයි මගේ මැට්ටියෙ"
ඔන්න ඔහොම දින සති මාස ගන්න දෙන්නගේ ආදර කතාව ලස්සනට ගෙවෙනවා.
"මට ඔලුව ගොඩක් රිදෙනවා මගේ මහත්තයෝ කලන්තෙ ව"
දිනූට කියන්න පුලුවන් උනේ එච්චරයි
"අනේ මගේ පැටියෝ ඔයාට මේ මොකද්ද උනේ.අනේ ඇස් අරින්න රත්තරන් මාව බය කරන්න එපා."
නිපු දිනූව හොස්පිට්ල් එක්කන් ගියා.
"අනේ මගේ මහත්තයෝ මට මොකද්ද උනේ කියන්න ඇයි මෙ ඔයාගේ ඇස්වල කදුලු.මට මොකුත් වෙලා නෑ නේද රත්තරන් ."
"අනේ මගෙ මැණික මම ඔයාට කොහොමද කියන්නෙ ඔයාට කැන්සර් එකක් කියලා"
නිපූ දිනුට මොකත් නොකියා එයාව සැනසුවා.
"ඔයාට මොකුත් වෙලා නෑ මගෙ මැණික නිකන් ඔලුවෙ කැක්කුමක් විතරයි .
කෝ මගෙ මැට්ටි හිනා වෙන්න නිකන් බොරුවට බය වෙලා මෝඩි"
"අනේ විහිලු කරන්න එපා මහත්තයෝ "
දිනූව ටික දවසකින් මහරගම පිළිකා රෝහලට මාරු කලා
"ඇයි මගෙ මහත්තයෝ ඔයා මගෙන් හැමදේම හැන්ගුවෙ. ඇයි මට පිළිකාවක් කියලා නොකිව්වේ."
"අන්‍ර්‍ර් මගේ වස්තුවේ මම කැමති නෑ ඔයා ඒගැන දැනගෙන දුක් වෙනවට මගෙ වස්තුවෙ."
ටික දවසක් ඔහොම ගෙවෙද්දි දිනූට ගොඩක් අමාරු උනා
" මහත්තයො මාව දාලා යන්න එපා.මට ගොඩක් අමාරුයි මගේ මහත්තයො.මහෙ හුස්ම ටික යනකන් මගෙ ලගට වෙලා ඉන්න මගේ වස්තුවෙ"
"බෑ මගෙ මැණික බෑ ඔයාට මාව දාලා යන්න ඔහොම කියන්න එපා රත්තරන් ඔයාට මොකුත් වෙන්නෙ නැ බය නොවී ඉන්නකො."
"මාව තදින් අල්ල ගන්න මහත්තයෝ මට ගොඩක් අමාරුයි .මට ඔයාව දාලා යන්න බැ මගෙ රත්තරන් ආදරෙයි මම ගොඩක් .ඒත් මට යන්න වෙලා සතුටින් ඉන්න මගෙ මහත්තයෝ බුදු සරණයි."
දිනූට එච්චරයි කියන්න පුලුවන් උනේ.දිනූගේ අවසන් වචන ටික.නිපූ හයියෙන් කෑ ගැහුවා .
"දිනූ මැණික නැගිටින්න ඔයාට බැ ඔයාගෙ මහත්තයව දාලා යන්න නැගිටින්න දිනූ නැගිටින්න.ඔයාගේ මහත්තයා කා එක්කද ඉන්නෙ. කා එක්කද මම කතා කරන්නේ.මාව කවදාවත් තනි කරන්නෙ නෑ කියලා පොරොන්දු උනා නේද වස්තුවෙ නැගිටින්න "
දිනූ ආයේ කවදාවත් නිපූ ලගට ආවේ නෑ.ඒත් නිපූට මුලු ජීවිත කාලෙටම ජීවිත කාලෙටම ජීවත් වෙන්න මතකයන් රැසක් ඉතුරු කරාලා දිනූ යන්න ගියා.
-**කවී*-*
No comments:
Post a Comment