රෝන්ග් නම්බර්

"මේ හෙට එනවද"
නිමාෂට අදුරන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එකක්..
'කවුද යකෝ මේ.. අපේ එවුන් නම් මෙච්චර සංවරව එවන්නේ නෑ.. '

"ඔයා කවුද"

"මං ඉෂාරා.. ඇයි ඔයා ලග මගේ නම්බර් එක නැද්ද"

"නෑ නේ.. කොහෙද ඔයා"

"එහෙනම් Wrong number.. Bye.."

"Hey wait wait.. Man nimasha.. Mawanelle.."

"ohh.. Man kegalle.."

නිමාෂගෙත් ඉෂාරාගෙත් චැට් එක දිගටම ගියා.. ඇත්තටම නිමාෂගේ යාලුවෙක් තමා මේ පටලැවිල්ල කරලා තියෙන්නේ..

මෙහෙම දෙන්නාගේ චැට් එක දිගටම ගියත් දෙන්නට දෙන්නා කතා කරන්න නම් හම්බෙලා නෑ.. මොකක්මහරි නිසා ඒක නවතිනවා...

ඔහොම සති දෙකක් වගේ යනකොට දෙන්නට දෙන්නා නැතුවම බැරි වෙනවා.. රෑ එලිවෙනකන් චැට්.. ඔහොම ගීහින් දවසක් දෙන්නා හම්බවෙමු කියලා දවසයි තැනයි fix කරගෙන..

නිමාෂ කීවා වගේ 9ට ඒ තැනට ගියත් කෙල්ල නෑ.. කොල්ලටත් කම්මැලි නේ ලග හිටියලු කොල්ලෙක් ඌත් කෙල්ල එනකම් බලන් ඉන්න නිසා කතාවක් දාගෙන හිටීයා..

පැයක් වගේ ගීයත් කෙල්ල නැති නිසා කොල්ලා කෝල් කලා.. ටිකක් ඈතට ගියාම පෝන් එකක් රින්ග් වෙනවා ඇහෙනවලු ලග.. නිමාෂත් මාර හැපි එකේ පිටිපස්ස බැලුවේ කෙල්ල කියලා.. ඒත් නෑ අර අනිත් කොල්ලගෙ එක රින්ග් වෙන්නේ..

"හලෝ.."
නිමාෂ එහා පැත්තෙන් පිරිමි කටහඩක් ඇහෙනකොට රත් උනා..
"මේ ඉෂාරාගේ පෝන් එක නේද.."

"ඉෂාරා නෙමෙයි ඉෂාර.."

ඒක නම් ඇහූනේ නිමාෂට පිටිපස්සෙන්..
ඒ අර බෝයි.. නිමාෂත් ඉෂාරත් උඩ බිම් බලනවා මේ මොකද උනේ කියලා..

බලනකොට දෙන්නාම නම පටවගෙන.. නිමාෂ නිමාෂා කියලත් ඉෂාර ඉෂාරා කියලත් හිතාගෙන චැට් කරලා තියෙන්නේ..

"අඩේ.. මං සිරා කෙල්ලෙක් කියලා හිතලා ලස්සනට මැසේජ් කලේ.."

"ඔව් යකෝ මාත්.. වස ලැජ්ජාව බන්.."

"මේක අපි අතරේ විතරක් තිබුනදෙන් නේ.."

"අම්මේ ඔව්.. කවුරුහරි දැනගත්තොත් වහ කන්න වෙන්නේ.."

උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment