කෙටි කතාව
වෙලාව පාන්දර 4යි.හැමදාමත් පුරුද්දට වගේ ඇහැරෙනවා.පුතු පැටියා පපුවට තුරුලු වෙලා සැප නින්දක..හීනෙන් හිනා වෙවී නිදාගන ඉන්න පුංචි පුතාගේ ලොකේ ලස්සනටම හදන එක තමයි ඇයගේ එකම හීනේ..කොයිතරම් හිත හදාගන්න හැදුවත් හිත අතීතයට යන එක නම් නවත්වන්නම බෑ.
ඇය නෙතුෂි සත්සරා.වයස 24යි.අම්මගෙයි අයියාගෙයි රැකවරණය මැද්දෙ හරි සුංදරව සැහැල්ලුවෙන් ජීවත් වුන පුංචි කෙල්ලෙක් නෙතුෂි කියන්නේ.නෙතුෂි අම්මයි අයියයි කියන දේ අහගන හොඳට ඉගනගත්ත ගෑනු ළමයෙක්..උසස්පෙළ කරන කාලෙදි නෙතුෂි ගැන හරි උනන්දුවෙන් හිටිය කෙනෙක් හිටියා ඒ තමයි අනුහස්.අනුහස් පුංචියට රෙදි බිස්නස් එකක් කරපු ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක්. හැමදාම කෙල්ල යන එන මග කැරකි කැරකි කැමැත්ත ඉල්ලුවා.අනුහස් කඩවසම් පිරිමි ළමයෙක් නෙතුෂිගෙ හිතෙත් අනුහස් ගැන ටික ටික ආදරේ හිතෙන්න පටන් අරගනයි තිබුනේ.ඒත් නෙතුෂි ඕනම තීරනයක් ගත්තෙ ගෙදරින් අහලා.
එදත් අනුහස් මොටර්සයිකල් එකේ ඇවිත් නෙතුෂි එන මග රැකගෙන හිටියා.මේ වෙලාවට තමයි කෙල්ල පන්ති ඉවර වෙලා එන්නේ.
"නෙතු....."
අනුහස්ව පහුකරලා යන්න යද්දිම කොල්ලා ඇයට කතා කළා.ඇය එහෙම්ම නතර වුනා..
"කියන්න අයියේ..."
"මට.... ඔයාට ටිකක් කතා කරන්න ඕන...."
"මං.. අහගන ඉන්නේ..."
"...එහෙම නෙවෙයි නෙතු තනියම කතා කරන්න ඔ්න....ඔයා දන්නවා මෙච්චර කල් පස්සෙන් ආවේ නිකං නෙවෙයි කියලා..""මං.... මං ඔයාට ගොඩක් ආදරේ කරනවා නෙතු..."
බිම බලාගන හිටපු කෙල්ල ඇස් උස්සලා කොල්ලා දිහා බලනවා..
අනුහස් උත්තරයක් බලාපොරොත්තුවෙන් නෙතු දිහාම බලන් ඉන්නවා...
".....අයියේ... මට ඉන්නේ මගේ අම්මයි ... අයියයි විතරයි එයාලා කැමති දේකට තමයි මට කැමති වෙන්න වෙන්නේ.අයියා මට ආදරෙයි නම් ගෙදරින් ඇවිත් අහන්න.."
අනුහස් ටික දවසකින් ඇවිත් නෙතුෂිගෙ අම්මවයි අයියාවයි හම්බ වුනා..අනුහස්ට අකැමැති වෙන්න හේතුවක් තිබුනේ නැ.නෙතුෂිගෙ අයියාටත් දැන් වයස 29යි.නෙතුෂි පිළිවෙලක් කරනකම් ඔහුට කසාදය ගැන හිතන්න බැරි වෙලයි තිබුනේ.ඔහු බඳින්න ඉන්න ගෑනු ළමයා නිතරම ඒ ගැන අහලා රණ්ඩු කරන වෙලාවලුත් තිබුනා.නෙතුෂිගෙ විභාග කටයුතු මාස 2කින් ඉවර වෙනවා.ඊට පස්සේ කෙල්ලව තමා ලඟට ගන්නයි අනුහස් සැලසුම් කළේ.
කාලය ගෙවිලා ගියා හරිම ඉක්මනට නෙතුෂිගෙත් අනුහස්ගෙත් විවාහය සිද්ධ වුනා.වෙලාවකට හැමදේම සිද්ධ වුනා ඉක්මන් වැඩිද කියලත් කෙල්ලට හිතුනා..ඒත් ජීවිතේ හරි ලස්සනට ගෙවුනා.අනුහස් හැමදාම රෙදි ෂෝප් එකේ වැඩ.හවස් වෙද්දි ඔහු එනකම් නෙතුෂි මග බලාගන ඉන්නෙ හරිම ආසාවෙන්.සමහරදාට අනුහස්ව පුදුම කරන්න ඔහු ආසම කෑමක් එහෙම කෙල්ල හදලා තියනවා.දෙන්නා හරිම ආදරෙන් ජීවත් වුනා ..ඒ ආදරේ තවත් වැඩි වෙන්න වගේ නෙතුෂිට දරුවෙක් ලැබෙන්න ආවෙත් මේ කාලෙදිමයි.නෙතුෂිටත් අනුහස්ටත් හරිම සතුටුයි.
වෙනදට වඩා අනුහස්ගෙ ආදරේ නෙතුෂි ගොඩක් බලාපොරොත්තු වුනා.කාලය ඉක්මනින් ගෙවිලා ගියා.නෙතුෂිට හරිම ලස්සන පුංචි පුතු පැටියෙක් ලැබුනා.අනුහස් වෙනදට හවස 5 වෙද්දි ගෙදර එනවා ඒත් දැන් රෑ 8 ට 9ය වෙනකම්ම ෂොප් එකේ වැඩ.ඒ ආවත් කාලා නිදා ගන්නවා.
නෙතුෂි දවස තිස්සෙම පුතා එක්ක ඔට්ටු වෙලා ගෙදර වැඩත් කරගෙන මහන්සි වෙනවා..අනුහස් ඇවිත් හිත නිවෙන්න එක වචනයක් කතා කරන්නෙ නෑ.
ඕන තරම් දුක් විඳින්න පුළුවන් ආදරෙන් ඉන්නවා නම්.එ්ත් අනුහස් එන්න එන්නම වෙනස් වෙනවා.අනුහස්ගෙන් ඒ ගැන ඇහුවම කියන්නේ දැන් දැන් බිස්නස් වැඩ වැඩි කියලා.මේ අතරේ ෂොප් එකේ වැඩට තව ළමයි 2කුත් ගන්නවා.
පුතාගේ අනාගතේ ගැන හිතලා අනුහස් මේ විදියට වෙනස් වෙලා වැඩියෙන් වැඩ කරනවා ඇති කියලා නෙතුෂි හිත හදාගත්තා.
එක දවසක උදේ ඉඳන්ම පුතාගේ ඇඟ රස්නෙයි.නෙතුෂිගෙ අතේ ඒ වෙලාවෙ සල්ලි තිබුනෙත් නෑ.
අනුහස්ට call ගත්තට phone එක answer කරන්නෙත් නෑ.නෙතුෂි පුතාවත් ලෑස්ති කරගෙන ෂොප් එකට ගියා
.දොර බාගෙට වහලයි තිබුනේ ඒකත් ඇරගෙන නෙතුෂි ඇතුලටම ගියා.. ඇතුලේ තියන කාමරේ කව්දො මුමණන සද්දයක් අහෙනවා.නෙතුෂිගෙ ඇඟ වෙව්ලන්න පටන් ගත්තා.පුතාවත් තව පපුවට තුරුලු කරගෙන නෙතුෂි වහලා තිබුන දොර ඇරියා.. නෙතුෂි දැක්කේ කොහෙත්ම දකින්න පුළුවන් දෙයක් නෙවෙයි..අනුහස් කඩේ වැඩ කරන කෙල්ලෙක් එක්කයි ඇතුලේ හිටියේ..තමන් වැඩිපුරම ආදරේ කරන වැඩිපුරම විශ්වාස කරන කෙනා එහෙම ඉන්නවා දැක්කම දැනෙන හැඟිම විස්තර කරන්න හරිම අමාරුයි..අනුහස් කරගන්න දෙයක් නැතිව බලාගන හිටියා.නෙතුෂි තව මොහොතක් වත් එතන රැඳෙන්නෙ නැතුව ගෙදර දිව්වා.අතට අහුවුන ඇගේ රෙදි ටිකයි පුතාගේ බඩු ටිකය ලෑස්ති කරගෙන පිස්සියෙක් වගේ අඬ අඬාම අම්මගේ ගෙදර යන්න පිටත් වුනා.
එදා ඒ ආව ගමන නෙතුෂි තාම පුතා එක්ක මහ ගෙදර.අනුහස් පුතාව බලන්නවත් ආවේ නෑ.නෙතුෂි පුතා නිසයි ජීවත් වුනේ.පුතාට අතරමං වෙන්න දෙන්න බෑ එයාට හොඳ තාත්තෙක් නැති වුනාට හොඳ අම්මෙක් ඉන්නවා.පුතා වෙනුවෙන් ජීවිතේ එක්ක සටන් කරන්න නෙතුෂි හිත හදාගත්තා.ඒත් පුතාව ගෙදර දාලා රස්සාවකට යන්නත් බෑ.අම්මයි අයියයි තමන් ගැන වද වෙන බවත් ඇය දන්නවා.අයියට දැන් ඉස්සර තරම් ගෙදර ගැන හොයන්නත් බෑ.එයත් විවාහ වෙලා වෙනමයි ජීවත් වුනේ.
දවසක් නෙතුෂිගෙ අයියා එක්ක අයියාගේ හොඳම යාළුවා පැහැසර ආවා.ඉස්සර ඉඳන්ම ඔහු නිතර නිතර ගෙදර ආවා ගියා.නෙතුෂි පුතාවත් අරන් මිඳුලට ගියා.පැහැසර පුතාව ඉල්ලගෙන වඩාගත්තා
පුතත් පැහැසර එක්ක හිනා වෙවී හුරතල් වෙනවා.අනේ අනුහස් කවදාවත් පුතා එක්ක මෙහෙම කාලේ ගත කලේ නෑනේ කියලා නෙතුෂිට හිතුනා.එදාට පස්සේ ගොඩක් දවස් වලට පැහැසර ගෙදර ආවා
ඒ පුතා එක්ක සෙල්ලම් කරන්න..පැහැසර වගේම පුතත් ඔහු එනකම් මග බලාගනයි හිටියෙ.
කාලය හිමින් ගෙවිලා වනවා පුතාට දැන් අවුරුද්දක්.බැංකු පොතේ තිබුන සල්ලිත් තව ටිකයි තියෙන්නේ.අම්මා කඩේට හදලා දාන කඩයප්පං වලින්ම හැමදාම ජීවිතේ ගැට ගහන්න බෑ.පුතාටත් දැන් වියදම් වැඩිවෙනවා ඉස්සරහට..
නිතරම පුතා බලන්න එන යන පැහැසර නෙතුෂි එක්කත් ගොඩක් හිතවත් වුනා.ඒත් නෙතුෂි හරි පරිස්සමෙන් තමයි පැහැසර ඇසුරු කළේ මොකද තමන් දරුවෙක් එක්ක තනිවුන ගෑනියෙක් නිසා කතා හැදෙන්න තියන ඉඩ කඩ වැඩි නිසයි.
දවසක් පැහැසර නෙතුෂිගෙන් අහනවා අනාගතේ මොනවද කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා.පුතාවත් බලාගන ජීවත්වෙන්න නම් මොනවම හරි කරන්න ඔ්න කියලා නෙතුෂිත් දන්නවා ඒත් පුතා එක්ක රස්සාවක් කරන්නත් බෑ.කරන්න දෙයක් හිතාගන්න බැරිවයි අැය ඉන්නේ.
මෙහෙම හිතන වෙලාවෙ තමයි පැහැසර නෙතුෂිට අපුරු යෝජනාවක් කරන්නෙ.පැහැසර අහනවා නෙතුෂිගෙන් රසට කෑම හදන්න පුලුවන්ද නේද කියලා.. නෙතුෂිට ඒ දේවල් හොඳට පුලුවන් අම්මා ඒ දේවල් ඇයට පුරුදු කරලයි තිබුනේ පුංචි කාලෙ ඉඳලම..
පැහැසරගේ office එකේ දවල් කෑම ගන්න හරි හැටි තැනක් නෑ.කෑම තිබුනත් ඒවා කන්න පුලුවන් තත්වෙක තිබුනෙත් නෑ.ඉතින් පැහැසර නෙතුෂිට යෝජනා කරනවා office එකට දවල් කෑම හදන්න කියලා.කට්ටියත් ටිකක් වැඩිපුර ඉන්න නිසා වැඩේ හොඳට කෙරුවොත් ලාබයක් තියාගන ගෙදර ඉඳන්ම නෙතුෂිට කරන්න පුලුවන් කියලා පැහැසර තේරුම් කළා.කිසිම අරමුණක් නැතිව හිටපු නෙතුෂිට මේක ලොකු දෙයක් වුනා.
එදා ඉරිදා දවසක් පැහැසර නෙතුෂි එක්ක මාකට් ගිහින් අවශ්‍ය බඩු අරන් ආවා.පහුවදා ඉඳලා නෙතුෂි අම්මත් එක්ක කෑම හදන වැඩේ පටන් ගත්තා.පුතාව නිදි කරවලා අම්මයි නෙතුෂියි කෑම ටික ලෑස්ති කළා.පළවෙනිම දවස නිසා පැහැසර ආවා නෙතුෂි එක්ක කෑම අරන් යන්න.මෙහෙම ටික දවසක් ගත වුනා..office එකේ ගොඩක් දෙනෙක් දැන් කෑම ගන්නේ නෙතුෂිගෙන්.
කෑම හොඳ තත්වයෙන් තියන නිසා නෙතුෂිගෙ කෑම වලට ලොකු ඉල්ලුමක් තිබුනා.මේ අතරෙදි වටේ පිටේ අනික් office වලිනුත් නෙතුෂිට කෑම oders ලැබුනා.අම්මටයි නෙතුෂිටයි විතරක් තනියම කෑම උයන්න අමාරු නිසා කෑම උයන්න වෙනම දෙන්නෙක් ගන්තා.දැන් නෙතුෂිගෙ අධීක්ෂණය යටතේ තමයි කෑම හදන්නේ..
හිටපු තත්වෙ අනුව දැන් නෙතුෂිට යම් දෙයක් කරගන්න පුලුවන් මට්ටමට ඇවිල්ලයි තිබුනේ.මේ හැම දෙයක්ම පැහැසර නිසා කියලා කෙල්ල දන්නවා.එදා අර විදියට ඔහේ හිටපු කෙල්ලගෙ ඔලුවට මෙහෙම අදහසක් දීලා හිතට ශක්තියක් වුනේ පැහැසර..නෙතුෂි නිතරම පැහැසරට ඒ ගැන කියලා පින් දෙනවා.මේ වෙනකම්ම පැහැසර ඇය සමඟ හෙවනැල්ල වගේ ලඟින්ම හිටියා.නෙතුෂිගෙ අම්මයි අයියයි ගොඩක් සතුටු වුනා නෙතුෂිගෙ දියුණුව දැකලා.මානසිකව වැටිලා අසරණ වෙලා හිටිය කෙල්ලට පිළිසරනක් වුන එකට ඒ දෙන්නත් නිතරම ස්තුති කළා.
කෑම oder වැඩිපුර ලැබෙන නිසා උයන්න තව කට්ටිය ගන්න වුනා.පැහැසරගේ යෝජනාවකට අනුව නෙතුෂි හන්දියේ පුංචියට කෑම කඩයක් පටන් ගන්නවා.බලාගන ඉද්දි ඒක දියුණු වෙන්න පටන් ගත්තා.නෙතුෂිට විතරක් තනියම හැමදේම පාලනය කරගන්න බැරි තත්වයක් තිබුන නිසා නෙතුෂිගෙ බල කිරිල්ලට පැහැසර job එකෙන් අයින් වෙලා නෙතුෂි එක්ක වැඩ කරන්න පටන් ගත්තා.
මෙහෙම කාලයක් ගෙව්නා.පුංචි පුතා දැන් ටික ටික බහ තෝරන වයස.. පැහැසරට පුතා නැතුවම බෑ.හැමදාම හවසට පුතා බලලා තමයි ඔහු ගෙදර යන්නේ.නෙතුෂිටත් ඕනම දේකට පැහැසර නැතුවම බැරි තත්වයක් තිබුනේ.
මේ අතරෙදි පැහැසරගේ තවත් යෝජනාවකට අනුව පුංචියට තිබුන කෑම කඩේ හොටෙල් එකක් දක්වා ගොඩ නැගෙනවා..
එ් දවස නෙතුෂිගෙ ජීවිතේ ගොඩක් ලස්සන දවසක්.ඇය කවදාවත්ම හිතුවෙ නෑ අන්ත අසරණ වෙලා පුංචි දුකක්වත් දරන්න බැරිව හිටපු ඇය මේ තරම් ජයග්‍රහණයක් ලබයි කියලා..හැබැයි ඒ හැමදේම පැහැසර හෙවනැල්ලක් වගේ ලඟින්ම හිටපු නිසා බව ඇය අමතක කළේ නෑ.
පුංචි පුතාගේ උපන් දිනය දවසේ පැහැසරත් පුතත් නෙතුෂිත් මුහුදු වෙරළට යනවා.පුතා වෙරළේ ඉඳගන වැලි වලින් සෙල්ලම් කරනවා.. පැහැසර ඈත මුහුද දිහා බලන් කල්පනා කරන නෙතුෂි දිහා බලනවා."....නංගි මොනවද හිතන්නේ.... ම්ම්ම්ම්.."
"...මොනවත් නෑ අයියේ මං දැන් ගොඩක් සතුටෙන්...."
"...ඒකම තමයි මටත් ඔින..." නෙතුෂි දිහා බලලා පැහැසර කියනවා..නෙතුෂි පැහැසරගේ ඇස් දිහා බලනවා.හැමදාම නොදැක්කා වගේ හිටියට අදත් ඒ ඇස් දෙකේ තියෙන්නේ ලොකු ලෙන්ගතුකමක්
"...දැන් නංගි ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ..."
"...මං අයියේ මගේ පුතා එක්ක අපේ ලොකයක් හදාගන ලස්සනට ජීවත් වෙනවා.."
නෙතුෂිගෙ ඒ උත්තරේට නම් පැහැසරට ලොකු දුකක් දැනුනා
"....එතකොට.... ඒ පුංචි ලෝකෙ කොනකවත් මං නැද්ද...... නෙතු....." පැහැසර හිමීට ඇහුවා.එතකොට නම් නෙතුෂිගෙ ඇස් වල කඳුළුත් පිරැනා.
අනේ!...මං වගේ කෙනෙක්......." එච්චරයි නෙතුෂි කිව්වේ පැහැසර ඒ කියන්න ගිය දේ නැවැත්තුවා..
".....කාට නැතත් මට ඔයාව ගොඩක් වටිනවා රත්තරං පුතා එක්ක අපි ලස්සන ලෝකයක් හදාගමු......"
නෙතුෂි එහෙම්මම පැහැසරගේ උරහිසට බර වුනා..
ඉතින් ජීවිතේ නොහිතන විදියට මොන ගැටළු ආවත් වැරදි සිද්ධ වුනත් ඒවා හදාගෙන අපිට ජීවිතේ ජය ගන්න පුළුවන්..ආත්ම ශක්තියෙන් මුණ දෙන්නයි ඕන...
Write by dahamsa.
උපුටා ගැනීමක්
No comments:
Post a Comment