දසු: ආන්ටි අනූ ඉන්නව ද? මං දසුන්.
අම්: දසුන්.. ආ.. අනූගේ යාලුවද?
දසු: ආ.. ආ.. ඔව් ආන්ටි. එයා තමයි. මට අනූව හම්බෙන්න පුළුවන් ද?
අම්: අනේ පුතේ එයා මෙහේ නෑනේ.
දසු: ආ ඔව් ආන්ටි මං දන්නවා. අනු දැන් මැරි කරලත් ඇති. ඉස්කෝලේ යන වයසේ දරුවනුත් ඇති. හ්ම්.. මට අනූ ඉන්න තැනක ඇඩ්‍රස් එක දෙනවද?
අම්: හ්ම්... අනු ඉන්න තැන ඇඩ්‍රස් එක.... ම්.. එන්නකෝ පුතා ගේ ඇතුලට.
දසුන් ගේ ඇතුලට ගොඩවුනේය..
දසු: දෙයියනේ අනූ... ඔහුට ඉබේම කෑ ගැසුනේ සුදු මල්මාලය පලඳා ඇති රූපය දුටු විටය.
ආන්ටි මොකද වුනේ මගේ අනූට. කියන්නකෝ අනේ.. කියන්න. මං හිතුවේ එයා ගොඩක් සතුටින් ඇති කියලා. එදා මාත් එක්ක තරහ වෙලා ගියාට පස්සේ මං හිත හදා ගත්තේ එහෙම.
දසුන්ට මීට අවුරුදු දහයකට පෙර අතීතය සිහි විය.
අනූ: බබා... හෙට මගේ බර්ත් ඩේ එක.
දසු: ඉතිං
අනු: ඉතිං කියන්නේ මගේ බර්ත් ඩේ පාර්ටි එකට ඔයා එන්නම ඕනා. හොඳද?
දසු: පිස්සුද බබා. ඔය ලොකු ලොකු අය ඉන්න තැන් වලට අපි වගේ පොඩි අය ගැලපෙන්නේ නෑ.
අනු: හරි ඔයාට එන්න බෑනේ.ඕකේ කමක් නෑ. කොච්චර අය හිටියත් සෝබනේට, මේ අනාත කෙල්ලට ආදරේ කරන්න ඉන්නේ ඔයා විතරයි. ඔයාටත් බැරි නම් කමක් නැ.
දසු: හ්ම් හ්ම්.. හරි මං එන්නම්කෝ.
අනු: තෑනක්ස්. වචනෙට හරි එන්නම් කිව්වට.
දසු: මොනා කරන්නද ෂේප් වෙන්නත් එපැයි
අනු: අනේ යනවා යන්න
දසු: කෝ දෙන්න මට කිස් එකක්.
අනු: මට බෑ.
දසු: අපෝ මෙයාගේ ගනන්. මෙහාට එන්න මං ගනන් බස්සලා ගන්න. කියා දසුන් කෙල්ලව ලඟට ඇදගෙන මූන පුරා කිස් කරගෙන ගියේය.
අනු: බබා
දසු: ඕ..
අනු: අපි මැරි කරපුවම පුංචි ලස්සන කාර් එකක් ගමු.
දසු: මොකක් මැරි කරන්න..
අනු: ඇයි?
දසු: පිස්සුද බබා. මං මැරි කරන්න තව හිතලවත් නෑ
අනු: එතකොට අපේ අනාගතේ.
දසු: බබා.. මං මැරි කරන්නේ නෑ. ජීවිත කාලෙම තනියම ඉන්නවා.
අනු: එතකොට අපේ සම්බන්ඳේ පදනම
දසු: ඔයා මට ආදරෙයි. මං ඔයාට ආදරෙයි. එච්චරයි.
අනු: හ්ම්... එච්චරද..
දසු: බබා. ඔයා මට වඩා උගත්, වැදගත් පවුලක ලස්සන කෙල්ලෙක්. ඔයාට මට වඩා හොඳ කොල්ලෙක් ලැබෙයි. ඔයාට මට වගේ නෙමෙයි ලස්සන අනාගතයක් තියෙනවා. ඒක ගැන හිතන්න.
අනු: අයියේ මට ඔයාට වඩා හොඳ අය ඕනා නම් ඔයත් එක්ක යාලු වෙන්නේ නෑනේ. වෙන කෙනෙක් එක්ක යාලු වෙනවා. එත් මට ඕනේ ඔයාව. මං ආදරේ ඔයාට.
දසු: හ්ම්.. මං දන්නවා බබා. මට ඔයාට වඩා හොඳ කෙල්ලෙක් ආයේ ලැබෙන්නේ නෑ. එ්ත් මොන කරුමයක් ද මං දන්නේ නෑ. මං බඳින්නේ නෑ.
අනු: හ්ම්.. අයියේ.. මේකද ඔයාගේ අවසාන තීරනේ. හ්ම්.. ඕකේ.. දවසක කියා ගන්න බැරි දෙයක් හිතේ තියෙනවා වගේ, දරාගන්න බැරි පාලුවක් හිතට දැනෙනවා වගේ, මහා ලොකු හිස් බවක් ජීවිතේ තියෙනවා වගේ ෆීලින්ග් එකක් ඔය හිතටත් දැනේවි. එදාට මේ අනූව හොයන් එන්න. හැමදාමත් ඔයා වෙනුවෙන් ඉන්නම්. මං යනවා.. ඔයාට බුදු සරණයි.
දසු: ඔහොම නවතිනවා අනූ
දසු: එදා මගේ අත ගසා දාලා අනූ යන්න ගියාට පස්සේ, එයාගේ නම්බර්ස් වැඩ කෙරුවේ නෑ. මං හිතුවේ එයා එයාගේ ලෝකයේ සතුටින් ඇති කියලා. මං අනූව අමතක කරා. යාලුවොත් එක්ක පිස්සු නැටුවා. කෙල්ලන්ව බයිට් කෙරුවා. ෆුල් ආතල් එකේ ලයිෆ් එක මේ අවුරුදු දහය ගත කලා. අද එදාට වඩා මං ගාව ගොඩක් දේවල් තියෙනවා. ඒත් මොකද්ද ලොකු හිස් බවක් දැනෙනවා. එදා උන්නු අම්මා තාත්තා අද මං ගාව නෑ. සහෝදරයෝ තම තමන්ගේ කූඩු හදාගන්න මහන්සි වෙනවා. කියා ගන්න බැරි තනිකමක්.
අනූ.... එකපාරටම මට අනූ මතක් වුනා. මගේ රත්තරන් අහිංසක කෙල්ල. කෙල්ලෙක් මං එක්ක කතා කරනවටත් ඉරිසියා කරපු, මං ගැන හැම දේම හොයපු, මං රෑ වෙලා ගෙදර එනකම් ඇහැරන් ඉන්න ට්‍රයි කරත් මැට්ටි වගේ නිදාගත්තු, මගේ ජීවිතේ පලවෙනියට අම්මා ඇරෙන්න බත් කවපු ඒ කෙල්ල අනුත්තරා. එකපාරක් ඒ මූන බලන්න ඇත්නම් කියලා හිතුනා. දැන් කොහොමෙට ඇත්ද කෙල්ල මැරි කරලා දැන් අවුරුදු හතක අටක ලමයිනුත් ඇති. දැන් බැරල් එක වගේ මහත් වෙලාද දන්නෙත් නෑ. ඉස්සරත් සුදු බෝලේ වගේනේ හිටියේ. එහෙමයි මං දකින්න ආස කලේ කෙල්ලව.
ඒත් මං මොනාද මේ දකින්නේ ආන්ටි. කියන්න මට මේ දේවල් කොහොමද සිද්ද වුනේ.
අම්: එදා පුතත් එක්ක තරහ වෙලා අනූ එහෙම්ම ගෙදර එන්න බදුල්ල බස් එකට නැග්ගා. ඒ බස් අතරමඟ ඇක්සිඩන්ට් වුනා. අනු අයි සී යූ එකේ ඉද්දි මේ ගැන පුතාට දැනගන්න තියන්න එපා කියලා අන්තිම හුස්ම හෙලුවා.
දසු: මගේ මැට්ටි කෝ ඔයා.. මං හොයන් එන දවසට ඉන්නවා කිව්වා නේද මඟ බලන්. ඉතිං කෝ ඔයා. මගේ හිතුවක්කාර කමට මේකද මට දුන්න දඬුවම.. ආ.. මෙච්චර දඬුවමක් දෙන්න ඔයාගේ හිත හයිය වුනේ කොහොමද? කියනවා මට.. කියනවා උලමියේ..
අම්: පුතා මන් කියන දේ අහන්න. දැන් ඔහොම කෑ ගහලා වැඩක් නෑ,
දසු: බෑ ආන්ටි. මං මහ කාලකන්නියෙක්. මගේ අහිංසක කෙල්ලව මට රැක ගන්න බැරි වුනානේ.
අම්: පුතා. අනු අපිව දාලා ගියේ නෑ. අනු තාමත් අපිත් එක්ක ඉන්නවා. අපි දිහා බලන්..
෴නිමි෴
ඔබට ආදරය කරන අයගේ සතුට ගැන හිතනවා වගේම ඔවුන්ව තේරුම් ගන්න. සමහරවිට ඔවුන්ගේ සතුට ඇත්තේ ඔබ නොහිතන තැන් වල වෙන්න පුළුවන්. ඒ දේ ඔබට වැටහුනේ නැතිනම් ඔබට අතපසු වී ඇති දේවල් ඔබට දැනෙන කොට ජීවිතේ ආපහු හදාගන්න බැරි තරමට වෙනස් වෙලා ඇති.
- shani herath -
No comments:
Post a Comment