හිත රිදුනා

හිත රිදුනා (කෙටි කතාව)

සමින්ද....මේ අහන්නකෝ..........ජිවිතේ පළවෙනි වතාවට තාරූ මට සමින්ද කියලා නම කියලා කතා කලා....

කියන්න තාරූ..........

අහන්නකෝ ඔයා මේ දේ කිව්වා කියලා දුක් වෙන්න එපා.......

අනේ නෑ කියන්න මැණික...

ඔයා එකම ටී ශර්ට් එක හැමදාම අදිනකොට මට ලැජ්ජයි....අනික ඔයාගේ සෙරෙප්පු දෙකත් ගෙවිලා..............

මන් හිමින් බිම බලා ගත්තා....

තාරූ මට ටික කාලයක් දෙන්න වස්තූ..ප්ලිස්....මන් තැනකට එන්නම්.....

ඔයා තැනකට එද්දි මන් මැරිලා ඉදිවී.............අනේ නිකා ඉන්න.........ඒකට මගේ යාලුවොන්ගේ බෝයිෆෙරෙන්ඩ්ලා එයාලව කැමට එක්කන් යන්නේ රන්සර,ඉන් ඇන්ඩ් අවුට්.....ෆිල්ම්ස් බලන්න........ශිට් මට ඔයාව ඇතී වෙලා..ඔයා ඉතින් දන්නේ පන්සල් ගානේ යන්නනේ...ශිට් ලැජ්ජයි.

එයාලට් තියෙන්නේ කාර්..ඒකට ඔයාට බයික් එකක් වත් නෑ..

තා...........රූ............ම.න්.....මන්...

කට වහගෙන ඉන්න සමින්ද අයියා...ඔයා කියන්නේ ඔයා වගේ හිගන්නෙක් එක්ක ගිහින් මට දුක් විදින්න කියලද...
ම්ම්ම්ම්ම්ම්....

නෑ..රත්තරං නෑ..මන් ඔයාට දුක් විදින්න දෙන්නේ නෑ.........සත්තයි...

මෙන්න ගන්න ඔයා ඉතින් මෙච්චර කාලෙට කියලා අරන් දුන්න මාලේ..ඕකනේ ඔයාට අරන් දෙන්න පුලුවන් උනේ වටින දෙකට කියලා...........

මට එපා තාරූ..මට එපා..මන් දුන්න දේවල් ගන්නේ නෑ........

මේක ගන්නවා හලෝ....මට ලැජ්ජයි ඔක දාගෙන ඉන්න...ශිට්...ලගටවත් එන්න එපා.......හිගන්නා..................තාරූ මාව දාලා බස් එකෙන් බැහැලා ගියා...........

තාරූ ඔහොම ඉන්නකෝ.................ප්ලිස්..........මන් තාරූගේ පස්සෙන් දුවගෙන ගියා........ඒත් කෙල්ල නතර වුනේ නෑ............

මන් ජීවිතේ බින්දුවටම වැටුනා...තාරූ කියන්නේ මගේ අහින්සකි...ඔලේවල් යන්න ක්ලාස් පීස් හොයන්න මන් බදාම ඇනුවා.............ඒකිට ඒලෙවල් උගන්න ගන්න අම්මට හොරෙන් ඔයේ වැලි ගොඩ දැම්මා....මන් ඇදට වැටුනේ පිස්සුවෙන් වගේ.............

සුදු අයියේ............

ම්ම්ම්ම්ම්............

මන් දුප්පත් කියලා හිතුනොත් ඔයා මාව දාලා යනවාද.......

මට සල්ලි ඔනී නෑ අයියේ..............තාරූ මට තුරුල් උණේ ගොඩාක් ආදරෙන්.......

ඒ ඇති මගේ මැණික...ඔයා අපේ අම්මව බලා ගන්නකෝ...මන් ඔයාව රැජිනක් වගේ තියන්නේ...

හාකෝ..........මන් සල්ලි එකතු කරලා ගත්ත පුංචි රත්තරං මාලේ කෙල්ලගේ පාලු වෙච්චි කරට දැම්මා..මන් ගැස්සුනේ අම්මගේ කට හඩට...

මයේ පුතේ........බත් ටිකක් කාහන්කෝ...............

එපා අම්මේ............

අම්මගේ ඇස් වල කදුලු දැක්කම මගේ පපුව පැලිලා ගියා...

අම්මා කවන්නකෝ අම්මේ....අතේ කරගැට රිදෙනවා...මන් ඇදෙන් වාඩි වෙලා හිමීට ඇස් වල කදුලු පිහ දා ගත්තා..........

මාසයක් ගෙවිලා ගියත් මට තාරූව අමතක කරන්න බැරි වුණා.මන් කෙල්ලව බලන්න කියලා සිප්වින් එක ලගට ගිහින් හච් ආකෙඩ් එක ලග හිට ගත්ත...

යාලුවෝ රෑනත් එක්ක කිචි කිචි ගාගා ආපු තාරූ මගේ දිහා බලලා කින්ඩියට හිනා වුනා...ඒත් එක්කම ඉස්සරහින් ආපු බයික් එකට නැගලා ඒකී යන්න ගියේ මගේ දිහාවත් නොබලා....

අයියේ............ඒ තාරූගේ හොදම යාලුවා.......පහන්දි.........

කෙල්ල මහා ගොඩේ පාට.පුංචි මල් ගවුමක් ඇදගෙන..සෙරෙප්පු දෙකක් දාගෙන..

කියන්න නංගී..........

මට ඔයා එක්ක චුට්ටක් කතා කරන්න පුලුවන්ද........

අයියේ තාරූ ගොඩක් කල් ඉදලම ඒ බෝයි එක්ක යාලුයි..මට මේවා කලින් ඔයාට කියන්න ඔනී වුණා...ඔයාගෙන් ගන්න සල්ලි වලින් තමා එයා ඒ කොල්ලත් එක්ක ක්ලාස් කට් කරලා රවුම් ගහන්නේ........

දෙයියනේ තාරූ පහන්දි ගැන කියපුවා...

අයියේ.......

ම්ම්ම්ම්

පහන්දී ඩබල් ගේම් ගහනවා..පවු අනේ දුප්පත් කොල්ලෙක් අල්ලගෙන හොදට හුරගෙන කනවා..........

ඔය වගේ උන්ට හෙන ගහනවා තාරූ.....මන් කීවාම තාරූගේ මුහුණ ඇද උනු හැටි මට මැවුනා......

මන් ගෙදර ගියේ පිස්සෙක් වගේ........මෙච්චර රැවටීමක්.මගේ ජීවිතේට..........මන් මැරෙනවා.....ඔව් මන් මැරෙනවා............බෑ මගේ අම්මා........මන් හිතත් එක්ක සතියක් පොර බැද්දා....

අම්මේ මන් පහන් අයියාලා දිහාට ගිහින් එන්නම්......

අයියේ උදව්වක් කරපන්කෝ.......

කියපන් කොල්ලා.......

මචෝ උඹේ බට්ටා ලොරිය දීපන්කෝ.........උඹ කොළඹනේ ඉන්නේ..

අනේ කොල්ලෝ ගනින්කෝ බන්...මාත් නේ කාට හරි දෙන්න හිටියේ...

මන් පහන් අයියාට පින් දුන්නා....මන් නැගිටිනවා.....

පහුවදා ගේ ඉස්සරහාම මන් දවසම කට්ට කාලා පුංචි කඩයක් ගැහුවා.......

අම්මගේ රත්තරං බඩු දෙක තුන මන් උකස් කරලා ගත්ත සල්ලිත් අරන් දඹුලු ගියා...........එළවලු ගෙනාවා මන් හිතුවට වඩා බිස්නස් එක නැගල ගියා........

හ්ම්ම්ම්ම් මට තාරූ කියලා කෙනෙක් හිටියදවත් කියලා අමතක උණා මගේ ලොකේ.........

අවුරුදු පහක් ගෙවුනේ මටත් නොදැනිම..

මන් දැන් හිගන්නෙක් නෙවෙයි...එස් ඇන්ඩ් පී සුපර් මාකට් ජාලයේ අයිතිකාරයා......

මගේ වෙඩින්ග් එක ඉළග සතියේ...හ්ම්ම්ම් කෙල්ලට සාරියක් ගන්න ආවා....

කෙල්ලටයි අම්මටයි සාරි ගන්න සල්ලි දීලා මන් එළියට වෙලා හිටියේ මට ඇදුම් තෝරන වැඩ තේරෙන්නේ නැති නිසා......මොකද ඇදුමේ පුංචි වැරද්දක් හරි තිබ්බොත් තොරපු මට දෙවියන්ගේ පිහිටයි....

අම්මයි කෙල්ලයි එළියට

එන්න වෙලා ගියපු නිසා මන් ගියා ඇයි කියලා බලන්න...අම්මෝ මගේ එකීට පරණ යාලුවෙක් හම්බ වෙලා...

ඔයාගේ කරේ තියෙන මාලේ මට දැකලා පුරුදුයි අනේ.............

ඒමද. මගේ කෙල්ලගේ මැලවුනා....

මන් යන්නම් පහන්දි.....බබාව ගන්නත් ඔනී නර්සරියෙන්...

ඇයි බන් මහත්තයා කෝ.....

ඒවා කතා කරන්න එපා පහන්දී.......උඹ මොකෝ මෙහේ...

වෙඩින්ග් සාරි ගන්න ආවා බන්....

කෝ මහත්තයා කෙල්ල......තාරූ ඇහුවේ කුතුහලෙන්...

පිටිපස්සේ බලපන්....

ලොකූ බඩක් උස්සගේන  මගේ පැත්තට හැරුනේ තරූ.....

ස....මි...න්..ද අ..යි...යා....

පුතේ අපි යමුද....අම්මා මගේ අතින් අල්ල ගත්තා....

තාරූගේ ඇස් වල කදුලු මන් දැක්කා...ඒත් වැටිච්ච මගේ ජිවිතේ ගොඩ ගත්තේ පහන්දි......

අම්මලා යන්න මන් එන්නම්කෝ....මන් හිමින් තාරූ ගිය පැත්තට ගියා...

ඒකී පුටුවක් උඩට වෙලා හති අරිනවා.......

න.ංගී................ඒකී ගැස්සුනා...

මට සමාවෙන්න අයියා.

ඔයා මාව දාලා ගිය එක හොදයි...නැත්තන් මන් තාම හිගන්නෙක්....දන්නවද  අද මන් කොතනද ඉන්නේ කියලා ම්ම්ම්ම්.....අර ඉස්සරහා පේන සුපර් මාකට් එක මගේ....

කොලඹ පාරේ තියේන කාර් සේල් දෙකක් මගේ....ඒවා ලැබුනේ ඔයා නිසා.......පින් නංගී ඔයාට....පහන්දි ලැබුනේ ඔයා ගිය නිසා...............

හිත රිදුනා නේද රත්තනේ....එදා ඔයා හිගන්නා කියලා දාලා යද්දි මගේ හිතත් ඔමම රිදුනා....ඒ ඇස් හොදටම රතු වෙලා බිමට බර වෙලා තිබුනා...

සු...ද්..දෝ කෝ ඔයා....................මගේ ලග හති ඇරියේ පහන්දි.......................

මන් හිමින්  පහන්දිගේ ඇගිලි කොනක් අල්ලගෙන එන්න ආවේ මුලු සංසාරේම පහන්දි වගේ කෙල්ලෙක් මට ලැබෙන්න කියලා පතාගෙන...

නිමි.....

නිශාදි මධුමාලි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment