උපුටා ගැනීමකි

*ට්‍රීං ට්‍රීං ට්‍රීං...උදේ පාන්දරම මොකාද මේ...*
*"මං ඇදෙන් නැගිට්ටෙ එහෙම කියාගෙන.."*
*හෙලෝ ගුඩ් මොර්නින්ග් කවුද මේ.."*
*ගුඩ් මොර්නින්ග් ..මේ අනුහස් අයියද..."*
*ස්වීට් වොයිස් එක එහා පැත්තෙන් ඇහෙනව...*
*හෙලෝ....*
*එයා ආයෙමත් කතාකරනව..*
*"අනුහස් මං එහෙම කෙනෙක් දන්නෙ නෑ ...උදේ පාන්දර මොලේ කොලොප්පන් කරනව..".*
*මං එහෙම කියල දැම්මෙ කේන්තියෙන්..*
*#අම්මෝ** මෙයාගෙ තියෙන සැර..."*
*ඒ කියපු විදියටනම් මට ටිකක් හිනා ගියා.."*
*ඕකේ ඕකේ..කියල එයා 4න් එක තිබ්බ...*
*ඒත් හිතට මොකද්දෝ උනා වගේ නුපූරුදු හැගීමක් දැනුන,*
*"මොන මගුලක්ද මේ .."මංඑහෙම හිතාගෙන ඇදෙන් බැස්සෙ වැඩට යන්න පරක්කු වෙන හින්ද..*
*ටක් ගාල වොශ් එකක් දාගෙන ඔෆිස් යන්න  පිටත් උනා..එත් හිතට මොකද්දෝ අමුත්තක් දැනෙනව ..*
*" ශික් නමවත් අහන්න බැරි උනානෙ..." *
*මගෙ හිත මටම කියනව..*
*ඔෆිස් ගියාට වැඩක් කරන්න හිතකුත් නෑ...*
*හිත හොයන්නෙම එයාව....ආයෙත් කතා කරන්නමයි හිතෙන්නෙ..*
*කොහොමහරි දවස් 2කට පස්සෙ මං ගත්ත කෝල් එකක්..*
*"හෙලෝ ගුඩ් මොර්නින්ග්...."*
*ගුඩ් මොර්නින්ග්..කවුද මේ....*
*"මමද...අනුහස් ...රෝන් නම්බර් එක.."*
*ආ ඔයාද ඉතින් ඇයි අද කෝල්  කරේ  මට බනින්නද...*
*ඔයා එහෙම අහද්දි මට පොඩ්ඩක් දුක හිතුන...*
*" අනේ නෑ මන් ඔයාගෙ නමවත් දන්නෙ නෑනෙ..එකයි..ඉතින් ඔයාගෙ නම කියන්නකො..."*
*හරි මගෙ නම කියන්න කලින් ඔයාගෙ නම කියන්නකෝ...*
*"අම්මෝ මෙයාගෙ ගනං ....මං එහෙම හිතුව විතරයි.."..*
*මංද....මගෙ නම දෙනෙත්... දෙනෙත් මිහිදුකුල.."..ඔයාගෙ නම කියන්නකො දැන්වත්..*
*මගෙ නම පූජා..පූජා දේවින්දි...යළුවෝ කියන්නෙ දේවි කියල...*
*" පූජා දේවින්දි...ලස්සනන නමක්..ඇත්තටම ලස්සනයි..."*
"දේවි...මාත් දේවි කියල කතාකරන්නද..කමක් නෑනෙ.."
අපෝ කමක් නෑ අනේ..
"දේවිගෙ ගම කොහෙද... ඔයා මොනද කරන්නෙ ..ඉගෙනගන්නවද..ජොබ් එකක් කරනවද.."..මන් ඇහුව..
අම්මෝ ප්‍රස්න පත්තරයක්....මං ඔය ඔක්කොටම උත්තර දෙන්න ඔනිද....
එයා අහන්නෙ පොඩි එකෙක් වගේ..ඇත්තටම එයාගෙ කටහඩ පොඩි ළමයෙක්ගෙ වගේමයි...හරිම ස්වීට්..""අනේ මංද ඔයා කැමති එකකට උත්තර දෙන්නකො..මං එහෙම කීවෙ ඇත්තටම එයාගෙ කටහඩ අහන්න තියෙන ආසාවට..."..
මං ඉන්නෙ දිගන..ස්කූල් ගිහින් ඉවරයි..ජොබ් එකක් කරන්නෙ නෑ ගෙදරට වෙලා ඉන්නව..
" එහෙමද..ජොබ් එකක් කරන්න අදහසක් නැද්ද.."
තියෙනව ඒත් ඩැඩීයවන්නෙ නෑ අනේ..කම්මලියි ගෙදරට වෙල ඉද්දිත් ඒත් මොනා කරන්නද..
"හ්ම්"
මොකෝ හ්ම් ගාන්නෙ බකමූන..
"ඉතින් ළමයෝ මං මොනා කියන්නද"
මොනාහරි කියන්නකෝ ඉතින්...
කොහොමහරි කාළය ගෙවෙද්දි අපි දෙන්න හොදම යාළුවො උනා ..එයාට මාවත් මට එයාවත් නැතිව බැරි තරමට..
ඒත් එක දෙයක් මට හැමදාම කිවුව..
අයිය ගොඩක් හොදයි ඇත්තට ඔයාවගේ කෙනෙක් ලබන ග්‍රල් ගොඩක් වාසනාවන්තයි...එයාට කවදාවත් දුකක් දෙන්න එපා කියල..එත් මං දන්නෙ නෑ  ඒ ඇයි කියල..මං කිවෙ මට තාම එහෙම කෙනෙක් නෑනෙ හිටියාම බැරියැ කියල...
ඒත් ටික දවසක ඉදන් එයා මගෙන් ඈත් වෙන්න හදනව වගේ දැනුන..
" දේවි ඇයි පැටියො ඔයා මාව මගාරින්නෙ...ඇයි මං ඔයාට මොනාද කරේ.." ඔයා කතා නොකර ඉද්දි මට ගොඩක් දුකයි..""ඔයා කතා නොකර මාව මගාරිනකොට මට ගොඩක් දුකයි දේවි.."
අනේ මං ඔයාව මගාරිනව නෙමෙයි අයියෙ..මේ දවස්වල ඩැඩී ගෙදර ඉන්නෙ ..ඒකයි කතා කරන්න බැරි උනේ..අනේ සොරි ඉතින්..දැන්වත් හිනාවෙන්නකෝ..බුම්මන් ඉන්නෙ නැතුව..
" ඔයා එහෙම කියල ඔයාම හිනාවෙනව..ඒත් ඒ හිනාවෙ මොකද්දෝ මට නොතෙර දෙයක් තියෙනව කියල මට දැනෙනව..ඒත් ඔයාගෙන් කොච්චර ඇහුවත් ඔයා කියන්නෙ නෑ..ඒත් දවසක් ඔයා කීව..." අයියෙ ඔයා මං ගැන මොනාද හිතන්නෙ..."
" අයි පැටියො එහෙම ඇහුවෙ..ඔයා දන්නෙ නෑ මං ඔයාට කොච්චර ආදරේද කියල.." ඇත්තටම මංවත් දන්නෙ නෑ මං දේවිට ආදරේ කරන්න අරන්..එයාගෙ කටහඩ අහන්නෙ නැතිව ඉන්න බැරි තරමටම..ඇත්තම කිවුවොත් මං දේවිට පිස්සු වැටිල හිටියෙ..ඒත් එයා කියපු දේ මට අදහ ගන්නවත් බෑ..මගෙ ඇගත් සීතල වෙලා ගියා..
අයියෙ ඔයා මට ආදරේ කරන්න එපා..ඔයා කිවුව..
" ඒත් ඒ ඇයි..."
අයියෙ ඔයා දන්නෙ නෑ මං අයියට ආදරේ තරම්...ඒත් අයියෙ කවදාවත් මට ඔයාගෙ වෙන්න බෑ අයියෙ..මං දන්නෙ මං අයියට මගෙ පණටත් වැඩිය ආදරෙයි කියල විතරයි..ඒත් මට කවදාවත් ඔයාගෙ වෙන්න බෑ..
" එහෙම කියල ඔයා ඇඩුව..ගොඩක් ඇඩුව..මං කොයිතරම් හේතු අහුවත් ඔයා කීවෙ නෑ..
ඔයා දන්නවද නන්ගි ඔයා එහෙම කියපු දවසෙ ඉදන් මන් කොයිතරම් හිතෙන් ඇඩුවද...
ඔයා වෙනද ගිරවි වගේ කියවන එක දැන් අඩුවෙලා ඔයාගෙ කතාව අඩුයි..
"ඇයි පටියො දැන් ඔයා වැඩිය කතා කරන්නෙ නැත්තෙ..මං ඇහුවෙ දරන්න බැරිම තැන.."..
නෑ අයියෙ ටිකක් සනීප නෑ වගේ මේ ටිකේ ඒකයි..
එහෙම කියල ඔයා හිනාඋනා..ඒත්  ඒ හිනාව වෙනද තරම් ලස්සන නෑ..
මං කොච්චර ඇහුවත් ඔයා හේතුවක් කීවෙත් නෑ..
කොහොමහරි ඔයා මාසයක් විතර කතාකරේ නෑ..මං කෝල්කරට 4න් වැඩකරන්නෙත් නෑ..
කොහොම හරි කාලය ගෙවුන..මට ආයෙත් කෝල් එකක් ආව අදුරන්නෙ නැති නොම්බරේකින්..
හෙලෝ...
"හෙලෝ...කව්ද මේ.."
මේ දෙනෙත් අයියද...
"ඔව් දෙනෙත් තමයි ඔයා කවුද...
අයියෙ මං සජිනි..පූජගෙ යාලුවෙක්..
මට ඔයාගෙ නම ඇහුනම හිතට ආපු සිතුවිලි..කියන්න වචන නෑ..
"ඔව් නන්ගි කියන්න..ඇයි දේවිට මාව අමතක වෙලා.."මං එහෙම කියද්දි මට ඇඩුන..
අයියෙ..ඔයා මේක අහල මොනා කරගනීද මට බයයි..
"මං මොකුත් කරගන්නෙ නැ කියන්නකො තටමන්නෙ නැතුව..
"අයියෙ............"
ඔව් කියන්න..
" අයියෙ.....දේවි........"
" ඇයි දේවිට මොකද උනේ කියන්නකො ප්ලීස්.."
අයියෙ දේවි........දේවි අපි හැමෝම දාල ගියා අයියෙ...දේවි නැති උනා..."මොකක්..."..ඔයා ..ඔයා මොනද මේ කියන්නෙ..."මට කෑගැහුන ..
ඔව් අයියෙ..දේවි අපි හැමෝම දාල ගියා...අදට සති 3ක් වෙනව.නැතිවෙල...දෙවි..අයියට ගොඩක් අදරේ කරා..ඒත් අයියට දුකක් දෙන්න බැරි හින්දයි අයියට කීවෙ නැත්තෙ..
"ඒත් ....ඒත් මගෙ දේවිට මොකද උනේ..."
ඔව් අයියෙ....දෙවිට පිළිකාවක් තිබුණ..එයා දැනගෙන හිටියා එයාට වැඩිකල් ජීවත්වෙන්න බැරි බව..ඒකයි ඔයාට බළාපොරොත්තු දුන්නෙ නැත්තෙ....එයා හැමද්හම හිතුවෙ අයියගෙ සතුට විතරයි අයියෙ.....
"ඒත් සජී..මං කොහොමද හිත රවට්ටගන්නෙ මගෙ දේවි මව දාල මේ ලෝකෙන් සදහටම යන්න ගිහින් කියල..මං කොහොමද පිළිගන්නෙ...ඔය බොරු නේද කියන්නෙ සජී.."..
අත්තටම මං ගොඩක් ඇඩුව ඒත් මං කොහොමද ඔයාගෙ කටහඩ අහන්නෙ නැතුව ජීවත්වෙන්නෙ....
ඒත් අයියෙ මොනා කරන්නද වෙන්න තිබුන දේ උනා...අයියෙ..
එදා ඉදන් මං හැසිරුනෙ පිස්සෙක් වගේ..
ඔයා දන්නෙ නැතුව ඇති මං ඔයාගෙ සොහොන හොයාගෙන ඇවිත් ගොඩක් ඇඩුව....දන්නවද රත්තරන් මට තාමත් හීනයක් වගේ.. මං කොහොමද විස්වාස කරන්නෙ..ඔයා මාව දාල නො එන ගමන් ගිහින් කියල......ඔයා මතු ආත්මෙවත් මගේ වෙලා උපදින්න ඔනි...හැමදාමත් ඔයා මගේ.....



මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද කතාවකි

උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment