මට පිස්සුද


####,,,,... මට පිස්සුද ....,,,,####

මට සමාවෙන්න සුභා,,මට සමාවෙන්න ..

ඇයි ? අසිත ඇයි අයියේ

,මට මට ඔයාට අයිස්ක්‍රීම්  එපා කියන්න තිබුනෙ
සුභා.
එහෙනම් ,එහෙනම් අදටත් ඔයා මං ලඟ,සුභා.

අඩන්න එපා අයියේ ,
මං ඔයා ලඟ අසිත, අයියේ .මං ඔයාව දාලා යන්නෑ  ඔයත් එක්කම හැම දාටම ඉන්නවා.

මං ..මං කොහොමද සුභා ඒ ..ඒ්.....ඒ දවස අමතක කරන්නෙ බෑ බෑ මට බෑ සුභා.

*************

ඇය සුභාෂිණි,මගේ ජීවිතේ වෙනස් කරපු,මගේ බිරිඳ,
මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා,⁣ගෙදරිනුත්,අත් හැරල හිටපු,මාව මිනිහෙක් කෙරුවේ එයා.
හරි අහම්බෙන් තමයි අපි හමුවුනේ.
එදා වැස්ස ☔  දවසක් ,මම මත්ද්‍රව්‍ය අරන් හිටිය නිසා ඇවිද ගන්නවත් බැරුව මඩ ගොඩක වැටිලා ඉද්දි තමයි ඇය මාව දකින්නේ.
ගොඩක් මිනිස්සු මට බැන බැන යද්දි
⁣සුභා මාව ගෙදරට ගිහින් දැම්මා.රෑ වුනු නිසා අම්මා සුභාව අපේ ගෙදර නවත්තගෙන...
මම හරියටම සුභාව දැක්කේ උදේ...

අම්මේ,අම්මෙ කව්ද ? අර කෙල්ල,අපේ ගෙදර මොනවද කරන්නෙ.

කව්ද,මං දන්නෙ කොහෙමද ?උඹත් එක්කනේ
රෑ ආවේ,

මාත් එක්ක,

ඔව්.

*********************
නංගී,

ඔව් අයියේ ,

ඔයා මාත් එක්කද ඊයෙ ගෙදර ආවෙ,

ඔව් අයියේ ,අයියා මඩ වලක හිටියේ(සිනාසෙමින්)මට හම්බ වෙලා ගෙදර එක්ක ආවේ,එහෙම හිට්යට මොකද අයියා පාර හරියටම කිව්වා .

සමාවෙන්න නංගී ,මං හින්දා කරදර උනාට,

ඕක මොකද්ද අයියේ,

නංගිව ගෙදරින්,හොයනවා ඇති,මං ⁣ඇරලවන්නම්,යමු.

ඇගේ මුහුණු අඳුරු වි ඇස් අගට කඳුලක් මෝදුවුනි,

ඇයි ඇයි,මේ අඬන්නෙ,ඇයි නංගී,

අයියේ,මං අනාතයෙක්,අම්මා තාත්තා පොඩි දවස්වලම මාව දාලා ගිහින්,ආච්චි අම්මා තමයි මාව බලා ගත්තේ,ආච්චි නැති වුනාට පස්සෙ මං නෑදෑ ගෙවල් කීපයක හිටියා,හැම තැනිම්ම කරදර,මම එහෙන් ආවා සදහටම ,ඒ ආපු දවසේ තමයි අයියා හම්බ වුනේ.
මට යන්න ඉන්න තැනක් නෑ අයියෙ,මං තව ටිකකින් යන්නම් ,

ඇයට යන්න දීලත් බැහැ,ඉන්න කියන්නත් බැහැ මට අම්මා දෙස බැලුනි.

දුවේ උඹ මෙහෙ නවත්ත ගන්න මගේ අකමැත්තක් නැහැ,ඒත් ඒත් තනිකඩ ,ලෝකේ නැති හැම ජරා ගොඩක්ම පාවිච්චි කරන එකෙක් ඉන්න ගෙදරක දුවට ඉන්න පුලුවන් වෙයිද,ඒ මදිවට කතා හැදෙයි.

එහෙම කියලා අම්මා බැලුවෙ,මගේ දිහා.මට ජීවිතේ පලවෙනි පාර පොලව පලන් යන්න තරමේ ලැජ්ජාවක් ආවේ.

උඹ කැමතිද මේ කෙල්ල මෙහෙ නවතිනවට.

මගෙ නම් අමැත්තක් නෑ අම්මේ,එත්

ඒත් මොකද්ද ?

මෙයාට කතා හැදෙයිද.?

අනේ ඒ ගැන උඹ කරදර වෙන්න එපා,මං ඒ ගැන බලා ගන්නම්.

ඒ කතාවටනම් ඇයගේ මුහුණට සිනාවක් කැන්දවිය.

මේ දුවගෙ නම මොකක්ද,,?

මම සුභාෂිණි අම්මේ......

*****************************

සුභා අපේ ගෙදර හිටියට මොකද මගේ ජීවන රටාවේ වෙනසක් නොවිනි,සෑම රැයකම මා ගෙදර පැමිනියේ අසිහියෙනි.
දිනක් උදෑසන ඇය හඬනු ඇසිනි,

නංගී ඇය මේ අඬන්නෙ,

මුකුත් නෑ,අයියේ,

මුකුත් නැත්තම් අඬන්නෙ.අම්මා මොනා හරි කිව්වද?

අනේ නැහැ,අම්මා මට මුකුත් කිව්වෙ නැහැ ,

එහෙනම් ඇයි මෙ අඬන්නේ,

කඩේ ගාවදි..........

ඔව් කඩේ ගාවදි මොකද වුනේ කියන්න,මට

මට ගැනුකෙනෙක් බැන්නා,

මොකක් ... මොකක් කියලද බැන්නෙ,..?

මට මට කුඩ්ඩගේ ගෑනි කිව්වා.

මට ඇයට කියන්නට වචන නැතිවුනි,

මට දුක මට බැනපු එකට නෙමෙයි,
අයියෙ,
ඔයාට කුඩ්ඩා කියපු එකට.

මට ඇය කෙරේ පළමු වතාවට ආදරයක් ඇතිවුනි.

*************************

මට මා ගැනම පිළිකුලක් ඇති විය,මා මත්ද්‍රව්‍ය වලට තිත තැබුවෙමි.

එය ලේසි කටයුත්තක් නොවුනේ මට සති දෙකක් පමන රොහල් ගත කර සිටීමටද සිදු වූ හෙයිනි.

නංගි, ඇයි මේ කඳුලු පුරවන්.

අයියා ගැන මට දුක හිතුනා.

ඇයි ඒ,

නෑ එදා මට අයියව හම්බ වුනේ නැත්තම් අද අයියට මෙහෙම රොහලේ ඉන්න ඔ්න නැහැනේ,

ඒක මොකක්ද නංගි,දැන් කාටවත් නංගිට බනින්න බෑ කුඩ්ඩගෙ....

ඇයි ඇයි  අයියෙ නැවැත්තුවෙ.කියන්න ,

නංගී කැමතිද...?

මොකටද අයියේ...?

මගේ ගෑනි වෙන්න...?
ඇගේ සිනා හඬට රොහලේ සිටිසැවොම පාහේ අප දෙස බැලුහ.ඇය මා බදා සිනා සෙන්න⁣ට විය

************************

අම්මගේ අශිර්වාද මැද අපි යුග දිවියට පා තැබුවෙමු.
එදා  එදා අපි ගෙදර එන දවස,ඇය අයිස්ක්‍රීම් ඉල්ලුවා

අසිතයියේ,අයිස්ක්‍රීම් එකක් කමු.

කමු,කමු,අර එහා පැත්තේ තියෙන්නේ යමු.
ඇය පාරට බැස්සෙ පොඩි එකෙක් වගේ,
හිතන්නටවත් වෙලාවක් නැහැ,මගෙ සුභා එතනමයි,

***********************

අසිතයියේ, කතාකරනවකෝ මොකෝ මේ ගොලු වෙලා,
ම් න් නැ,සුභා,මට මට එදා දවස මතක් වුනා
.
.
.
ඒ බං අර මිනිහට පිස්සුද,තනියම කතා කර කර
ඉන්නෙ,
නෑ බං කොල්ලා කතා කරන්නේ,එයාගේ නොනා එක්ක,

උඹටත් පිස්සු,

නෑ බං ඌට පිස්සු.

දැක්කද සුභා ,අර මිනිස්සු හිතන්නෙ මට පිස්සු කියලා.මට මෙහෙම හිටියා ඇති සුභා මම....මමත් එනවා ඔයාගේ ලෝකෙට.......

***************************

ඒ බං උඹ ඊයේ පිස්සුද කියලා අහපු ඩයල් එක මැරිලා,
න් නෑ ඒ කොහෙමද,,,?

කොච්චියට පැනලා.......

෴෴෴..නිමි..෴෴෴

,,,,,,,,,....දිලී........,,,,,,,,,

දිලීම උදයංග වික්‍රමසිංහ ..
2017.10.03......

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment