~ හන්තාන මීදුම ~
# කෙටි කතාවකි #
මගේ නම තිසරි. තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක්. අම්මා ගුරුවරියක්. මට ගෙදර කිසිම අඩුපාඩුවක් තිබ්බේ නෑ. ඒත් මං හොඳට ඉගෙනගත්තා. මොකද පොඩි කාලේ ඉඳන් මම වෛද්‍යවරියක් වෙන්න හීන මැව්වා.
2011 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් කුරැණෑගල දිස්තික්කයේ 25 වෙනියා වෙලා මං පේරාදෙණිය වෛදය පීඨයට තේරී පත් වුණා.
පේරාදෙණිය සරසවියේ ලස්සන විස්තර කරන්න මට වචන නෑ. එදා මං ඒ බිමට අඩිය තියනකොට මට මගේ හදවත ගැහෙන හඬ ඇහුණා. සරසවියේ ගෙවුන ඒ අවුරුදු කීපය මගෙ මුළු ජීවිතයම වෙනස් කළා.
එහෙදි තමයි මට මනුර අයියාව මුණගැහුනේ. එයා පේරාදෙණිය විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් හිටියේ. මට වඩා අවුරුද්දක් වැඩිමහල්.
එයාගේ අම්මා ඒ වෙනකොටත් ජීවතුන් අතර හිටියේ නෑ. තාත්තා ගොවිතැන් කළේ. එයාලා ගොඩක් අමාරුවෙන් තමයි ජීවීතේ ගෙනගියේ.
මට එයාව හමුවුනේ අහම්බයකින් වගේ. දවසක් මං උදේම සරසවියේ ලස්සන බලන්න කියලා hostel එකේ ඉඳන් වැටිලා තියන චූටි අඩිපාරේ ඇවිදන් ගියා. එතකොට මං සරසවියට ගියපු අලුත වගේ. යන්තම් මීදුම තිබුණා එදා.
ටික දුරක් යනකොට පොඩි ගලක් උඩ කොල්ලෙක් ඉඳගෙන ඉන්නවා. මං එයා දිහා ඈත ඉඳන් බලන් හිටියා. සත්තයි එයා තරම් ලස්සන කොල්ලෙක් මං මගේ ජීවිත කාලෙට දැකලා තිබුණේ නෑ.
දෙවියො එයාට මොන දේ නුදුන්නත් කාටවත් දෙවනි නොවන ලස්සනක් දීලා තිබ්බා. එදා මටත් හොරෙන් මගේ හිත ගොඩක් දුර ගිහින්. මං ටික ටික එයා ඉන්න පැත්තට ගියා. එයා ඔළුව උස්සලා මං දිහා බලනකොට මං ගල්ගැහුනා වගේ දැනුණා.
"මොකද මේ උදේම ඇවිදින්නේ? තමුසෙට පිස්සුද තනියම ඇවිදින්න?"
එයා මට හොඳටම බනින්න පටන්ගත්තා. අලුත් අයට හැමවෙලේම හැමතැනම යන්න බෑ කියලා මං එදා දැනගත්තා.
එතකොට කවුරුත් මට තමුසෙ කියලා නෑ. මගේ ඇස්වලින් කඳුළු වැටුනේ මටත් නොදැනිමයි. අයියාටත් ඒ වෙලේ දුක හිතෙන්න ඇති.
එයා මට ළඟට ඇවිත් ඉඳගන්න කිව්වා. මාත් බයෙන් බයෙන් ළඟට ගිහින් ඉඳගත්තා. එදා එයා මට කැම්පස් ජීවිතේ ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. මට දැනුණේ එයා මගේම අයියා වගේ.
මේ විදිහට අපි හැමදාම මුණගැහුනා. ජීවිතේ කියන්නේ මොකක්ද කියලා මට කියලාදුන්නේ එයා. එයා ගැන හැමදේම එයා මට කිව්වා. මාත් හැමදේම කිව්වේ එයාට.
හැමදාම දවල්ට අපි කෑවේ එකට. මං මගේ බත්එකෙන් එයාට කවනවා. එයා ඒකට ගොඩක් ආසා කළා. ඒත් එයා මට ආදරෙයි කියලා තිබුණේ නෑ.
එයාගේ පස්සෙන් ලස්සන කෙල්ලෝ ගොඩක් ආවා. ඒත් එයා හිනාවෙලා එයාලගේ ආදරය ප්‍රතික්ෂේප කළා. එයා හැමදේටම ගියේ මාත් එක්ක. මාත් එයාගේ අතේ එල්ලිලා යන්න ආසාකළා. නුවර තියෙන ලස්සන හැමතැනක්ම එයා මට පෙන්නුවා.
අපි දෙන්නා හරිම සතුටින් කැම්පස් ජීවිතය ගත කළා. ඒත් මට out වෙන්න තව අවුරුදු දෙකක් තියෙනකොට එයා කැම්පස් out වෙලා රස්සාවක් කරන්න ගියා.
ඒ යනකොට එයා මට පරිස්සමින් ඉන්න කියලා නළලට හාදුවක් දුන්නා. එදා මං එයාව වැළඳගත්තේ කියාගන්න බැරි තරම් ආදරේකින්.
එදායින් පස්සේ මට අයියාව නැවත මුණගැහුනේ මාසෙකට විතර පස්සේ. එදා එයා මාව බලන්න එනවා කිව්වාම මට දැනුණ සතුට කියලා නිම කරන්න බෑ. එයා ගත්ත මුල්ම පඩියෙන් මට ලස්සන ගවුමක් අරන් ඇවිත් තිබුණා. මං එයාව බදාගෙන ඇඬුවේ සතුට දරාගන්න බැරුව.
මුල්ම වතාවට එදා තමයි එයා මට ආදරෙයි කිව්වේ. එදා එයා මාව එයාලගේ ගෙදර එක්කන් ගියා තාත්තාට මාව හඳුන්වලා දෙන්න.
අපි ගියේ කෝච්චියේ. මං එයාගේ උරහිසේ ඔළුව තියාගෙනයි ගියේ. ඒ දවස් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. එදා අයියාගේ තාත්තා අපිට කැමැත්ත දුන්නා.
ජීවිතේ අපි කැමති විදිහටම ගලාගෙන ගියා. ඒත් හැමදාම එහෙම වෙන්නේ නෑනේ. අපේ ගෙදරින් අපේ ආදරේට විරුද්ධ වුණා. පළමු වතාවට මං තාත්තා එක්ක තරහා වුණා.
ඒත් කවදාවත් තාත්තා අයියාට කැමැත්ත දුන්නේ නෑ. එයාට අපිව වෙන්කරන්න ඕනම දෙයක් කරන්න පුළුවන්කම තිබුණා. ඒත් අපි ආදරේ කරන එක නැවැත්තුවේ නෑ.
එක දවසක් අයියා මට වෙනදා අපි මුණගැහෙන තැනට එන්න කියලා call කළා. මමත් එයාව බලන්න ඉවසිල්ලක් නැති නිසාම ඉක්මණින් ගියා. ඒත් අයියා ඇවිත් හිටියේ නෑ. පැයකට විතර පස්සේ අයියාගේ යාළුවෙක්ගෙන් call එකක් ආවා අයියා hospital කියලා.
මම පුලුවන්තරම් ඉක්මනට hospital එකට ගියා. මං යනකොට අයියාගේ ඇඟේ හොඳටම ලේ. එයාට කවුදෝ ගහලා. මං එදා තරම් අඬපු දවසක් මගේ ජීවිතේ නෑ.
ඒක මගෙම තාත්තාගේ වැඩක් කියලා මට එදා වැටහුනා. මං මටත් වඩා මගේ අයියාට ආදරේ කළා. එයාගේ ජීවිතේ වටින නිසාම මං එයාගෙන් ඈත් වෙන්න තීරණය කළා.
අයියා හොඳවෙලා ගෙදර ආවම මං එයාව මුනගැහෙන්න ගියා. ගිහින් එයාට මාව දාලා යන්න කියලා බලකළා. මුලදි එයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කලත් මගේ කඳුලු දකින්න බැරිතැන එයා ඒකට එකඟවුනා.
එදා එයා මගෙ නළලට හාදුවක් දීලා "පරිස්සමින් ජීවත් වෙන්න මගේ නංගියෝ. ඔයා මගේ පණ. ආයේ මට ඔයාව තුරුල් කරන් ඇවිදින්න එන්න වෙන්නේ නෑ. ඔයාව බලාගන්න වෙන්නෙත් නෑ. හිටියට වඩා සතුටින් ඉන්න පණ" කියලා මට සමුදුන්නා.
මං එයාව නොදැක අදට අවුරුද්දක්. එයා මොකද කරන්නේ කියලාවත් මං දන්නේ නෑ. මං හෙව්වෙත් නෑ එයාට කරදරයක් වෙයි කියලා බයටම. ඒ ගෙවුනු අවුරුද්ද මං ජීවත් වුණේ මැරිමැරි වගේ.
තාත්තා මට ලොකු සල්ලිකාරයෙක්ගේ පුතෙක්ව බඳින්න තීන්දු කරලා.
ඒත් මනුර අයියා ඇර වෙන කෙනෙක් ගැන මට හිතන්න පුළුවන්කමක් තිබ්බේ නෑ.
එයාගේ තුරුලටවෙලා දැකපු හීනවල වෙන කෙනෙක්ට ඉන්න ඉඩ දෙන්න මට බෑ. ජීවිතේ දාලා යනවා ඇරෙන්න දැන් මට වෙන කරන්න දෙයක් නෑ.
ඊළඟ ආත්මේදීවත් මමත් අයියා වගේම දුප්පත් පවුලක ඉපදේවා!!! මතු උපදින හැම භවයකම ඔහු මගේම වේවා!!!
~ නිමි ~
(නිරා)
උපුටා ගැනීමකි
No comments:
Post a Comment