නිරූපිකාවගේන් සිහිනය

#කෙටි_කතාව. #නිරූපිකාවකගේ_සිහිනය

"චූටි.. හොදට  ඉගන ගන්න ඔනා හරිද. මං වෙලාව තියෙන කොට ඇවිත් බලලා යන්නම්කො.ආ .. මේක තියාගන්න මොනාට හරි ඕන වුනොත් ගන්න.. " තුසර කුමාරි ගේ අතට රැපියල් දාහක් දීලා  බෝඩිමෙන් නික්මිලා ගියා.

"ආව්.. ආව්.. කෙල්ලගේ මූනේ පැණි පාට... "

"පැණි නෙවේ බං . පෙම් පාට !! පෙම් පාට ! "

ලින්ඩාත් නයෝමිත් කුමාරි වට කරන් විහිලු කරන්නට වූහ.

ලින්ඩා කොළඹ එක්තරා මෝස්තර නිරෑපින ආයතනයක කලමණාකාරියකි. නයෝමි ගැන පවසන්නට කුමාරි දැනන් හිටියේ නැත. ලින්ඩා සතු තට්ටු නිවාසයේ කුලියට දීමට ඇති මහලේ කාමර දෙකක නයෝමිත් කුමාරිත් ලැගුම් ගත්හ. කුමාරී උසස් පෙල වෙනුවෙන් මොනරාගල සිට කොළඹ පාසලකට ආ යුවතියකි.

තැන නැත පිලිවෙලක් නැතිව ඔහේ දමා ඇති සංකර ඇදුම් දෙස කුමාරී බැලුවේ පුදුමයෙනී.

"මොකද කෙල්ලේ.... " කුමාරි පුදුමයෙන් හිටන් ඉන්නවා දුටු ලින්ඩා පැමිණි ඇගේ අතින් අල්ලා ගත්තා.

"යං.. යං.. බය වෙන්න එපා. නයෝ ගේ ඩ්රෙසස් මේ.. මේ තියෙන්නේ ඔයාගෙ රෑම් එක. බ්රෙක් ෆස්ට් ඩිනර් මෙහෙන් ලැබෙනවා. දැං වොෂ් එකක් දාගෙන පල්ලෙහාට එන්න ඔයා .. අපි පුංචි වෙල්කම් එකක් දෙන්න යන්නේ ඔයාට" එක හුස්මට ලින්ඩා සිංහලයි , ඉංග්‍රීසි කලවමේ කියන් ගිය ටික කුමාරි ඔලුවට දා ගන්න උත්සාහ කලා...

වෙනදාට  සීතල වතුරින් පැයක් එකහමාරක් වුවද නා කියා ගන්නට හැකි දොල ලිද නැති අඩුපාඩුව කුමාරිට තදින් දැනුනි.  ගමේ ඉද්දී නොමිලේ ලැබුන හැම දේකටම මෙහෙදී මිලක් ගෙවන්නට සිදුව ඇත.

දිගුවට මැසූ චීත්ත ගවුම ඇද කොණ්ඩය දිග හැර කුමාරී පහලට ගියේ ලින්ඩා කී අරුම පුදුම දේ කුමක්දැයි බලන්නටය. අරුමෝසම් ගෘහ භාණ්ඩද , දිලිසෙන පොලව සුදු පැහැ බිත්ති ..තමා එන දිහා බලා හිදිනා සුන්දර යුවතියන් දෙදෙනා .... මේ සියල්ල එක්ව කැටි කල විට තමා පොලවෙන් අහසට ගියා වැනි හැගුමකි ඇයට දැනුනේ.

"එන්න එන්න ඒන්ජල්... වාව් ලස්සන දිග කොණ්ඩයක්නේ තියෙන්නේ ... මොනාද බොන්නේ.. වයින්..ෂැම්පේන්???"

"ඒ මොනාද . මට හොද වතුර වීදුරුවක් හොදයි ලින්ඩා අක්කේ"

ලින්ඩාත් නයෝමිත් මූනට මූන බලං සිනා සුනහ.

"මේ ලමයා... මෙහෙ අක්කෙ බක්කේ කෑලි නෑ.. මට ලින්ඩා කියන්න . ජස්ට් ලින්ඩා . එතකොට මෙයාට නයෝමි.. ඕකේ ? " ලින්ඩා කුමාරිට වතුර වීදුරුවක් පිරි නමමින් පැවසුවාය.

"බඩගිනීද ඔයාට .."  සගරාවක් පෙරලමින් සිටි නයෝමි බිම බලාගෙන ඉන්න කුමාරි දිහා බලං ඇහුවා .

"ම්... ඔව් නයෝමි..." ඉතා අපහසුවෙන් කුමාරි ඇගේ නමින් ඇමතුවේ මීට පෙර වැඩිහිටි කෙනෙක්ට නමින් අමතා නැති නිසාය.

අමුතු ආකාරයකට සාදා ඇති කුකුළු මස් වෑංජනයත් බතත් පපඩමකුත් පිගානට බෙදා ගත් කුමාරි ඉන්මනින් කා නින්දට යන්න නැගිට ගියේ තුසාර හා මතකයන් සමග හීන දකින්නටය.

❣️.......❣️

දින සති මාස ගෙවුනේ නොදැනීය. කුමාරි පෙර මෙන් කුලෑටි කෙල්ලක් නොවූවාය .

ඉද හිට මත්පැන් පානයට ඇය පෙලඹුනාය. නමුත් තුසර ට ඒ පිලිඹද කෙලෙසකටවත් දැනගන්න ඉඩ නොතැබුවාය.

"ෂිට්.... මේකි මාව කෑවා .. " ලින්ඩා දිනක් කෑ ගසමින් ආලින්දයට ඇවිද ආවේ බෑගයද විසි කරදමමින්. නයෝමිත් කුමාරිත් තිගැස්සී ලින්ඩා දෙස බැලුහ.

"හෙලෝ.. සොරී මිස්ටර් ෆර්නැන්ඩෝ .මං වෙන කෙනෙක්ව බලන්නං ..  රයිට්.. තෑන්ක්යූ ."

ලින්ඩා හිස කෙස් ඇද ගනිමින් වියරුවෙන් එහෙ මෙහෙ ඇවිදිද්දී අනිත් දෙදෙනා කිසිත් නාහා බලන් සිටියහ.

“හෙලෝ නතාලි.. ආර් යූ බිසී ටුමෝරෝ... ඔහ්.... කමන් නෑ . මං පස්සෙ ගන්නම්. "

මෙලෙස ලින්ඩා කිහිප දෙනෙකුටම ගත්තාට වැඩක් නොවූ බව බලා ඉන්නා දෙදෙනාටම වැටහුණි .

කුමාරිට එතැන හිදීම අපහසු නිසා නැගිට පිය ගැටපෙල නැග්ගාය.

"කුමාරී...."
"ආහ්.   "
"මට බෑ නොකියා හෙල්ප් එකක් කරන්න . ප්ලීස්."
කුමාරි ලින්ඩා දෙස බැලුවේ විමතියෙනි.

"හෙට ෆොටෝ ෂූට් එකක් තියෙනවා. ඔයා ඒකට මොඩෙල් කෙනෙක් වෙන්න ඕනා."
ලින්ඩා කී දේ කුමාරි ට තේරුනද ඇය විශ්මයෙන් ගල් ගැසී බලා සිටියාය.

"මං.... කොහොමද????"

"බය වෙන්න එපා. මං හිතන්නේ ඇදුම් ඔක්කොම ඔයාට ගානට ගැලපෙයි. කැමරාමන් කියන විදියට ඉන්න තියෙන්නේ  ප්ලීස්. මං වෙනුවෙන් "

ලින්ඩා ට හා කියලාත් බැරිය. ඇයට තුසර ගැන බියය. නමුත් බෑ කියාත් බැරිය . ලින්ඩා මෙලෙස උපකාරයක් ඉල්ලන්නේ පලමු වතාවටය.
වෙන දෙයක් වෙන්න පසුවට මූන දෙන්න ඇය හිත හදා ගත්තාය.

"හරි ලින්ඩා ."

"තෑන්ක් යූ සුදූ....". ලින්ඩා පැමින කුමාරිව වැලද ගත්තේ සැබෑවටම කෘතගුණවය.

පහුවදා එලිවන තුරු කුමාරිට නින්දක් නොතිබිණි . සිදුවන්නට යන දේ ගැන ඇය සිටියේ සෑහෙන නොසන්සුන්වය.

"කුමාරි. මං එන්නනද.."
පිටත දොර ලගින් ලින්ඩාය.

"එන්න ලින්ඩා ."කුමාරි නැගිට ඇද මත හිද ගත්තාය.

"ආ... යද්දි මේක අදින්න . එහෙ ගිහිං මාරු කරන්න වෙනවා. බය වෙන්න එපා. මං ලගින් ඉන්නවා .ඕකේ. දැං ලෑස්ති වෙන්න. "

දිගු සිල්ක් නිල් පැහැ කෙටි ගවුම් අතට ගෙන කුමාරි හැඩ බැලුවාය.. එය ඉතාමත් අලංකාරය . කුමාරි ගවුම ඇද පහලට ගියාය.

❣️........❣️

"නියමයි.... " කැමරාකරු පැය දෙකක් තිස්සේ කුමාරිගේ ඉරියව් රෑප ගත කර පැවසීය .

"ලින්ඩා.. මේ ගර්ල් අලුත් ද ෆීල්ඩ් එකට. මොනා වුනත් කලිං කතා කරපු කෙනාට වඩා මෙයා එක්ක වැඩ ලේසී. මේ බලන්න .මේ ෆොටෝ ටික පර්ෆෙක්ට්."
ලින්ඩාගේ මූන බැබලුණා .

"මොකද්ද ගර්ල් ගෙ නම."

"රෝස්... ආහ්... රොස්මරී.... අපි කියන්නේ රෝස් කියලා."  කුමාරි ට කතා කරන්න ඉඩ නොදී ලින්ඩා පැන කීවාය.

කුමාරි ඒ පිලිබඳ ⁣සිතන්න නොගියාය. ඇය සිටියේ අලුත් අත්දැකීම පිලිබඳව සතුටින් ඉපිලෙමිනි. මසක් ඇතුලත ඇයට පත්තර කිහිපයක මුල් කවර වලටත් මනාලියන් හැඩගැන්වීම් වලට තරගකාරිනියක් ලෙස ඉදිරිපත් වන්නටත් ඉඩ ලැබුනි. කලිං අධ්‍යාපන කටයුතු වලට තිබුන උනන්දුව කෙමෙන් කෙමෙන් ඇගේ සිතෙන් වියැකී යමින් තිබුනි.

දිනක් ඇය උත්සවයකට ගොස් නවාතැනට යද්දී තුසර ඇවිත් සිටියේය. කුමාරි ඇද සිටි කෙටි සාය දෙස බැලූ තුසර නැගිට්ටේය. කුමාරි බිය වුවද අගවන්න නොගියාය.

"කුමාරි මොකද මේ. මෙහෙම දකින්නද මං ඔයාව ගෙනත් උගන්නන්න හැදුවේ.."

"මොකද්ද දැං වැරැද්ද?". කුමාරී පෙරලා ඇසුවාය.

"වැරැද්ද?? මොනාද මේ ඇදුම්. කොණ්ඩය කපලා... මං උගන්නන්න වියදම් කරන්නේ මේවා දකින්න නෙවෙයි.කෝ ඉස්සර හිටපු කෙල්ල . අපි ගමට යං කුමාරී . මේවා එපා. "

"විකාරද. මං කොහෙවත් යන්නෑ. මං ආස විදියට මට අදින්න ඕනා. අනික ඉගෙන ගෙන ඉවර  වෙන්න කලිං මං සල්ලි හම්බ කරන්න රස්සාවක් කරනවා . මගේ ලස්සන නිසා. මට දැං ඔයා වියදම් කරන්නත් එපා. මට පුළුවන් මගේ වියදම් ගැන බලා ගන්න .අනික මං දඅං රොස්මරී..කුමාරි නෙවේ.". කුමාරි කීවේ තදින්ය.

"කුමාරී......" තුසර ට ඉන්න තැන ද අමතක වූයේ තමා පන මෙන් ආදරේ කරන කෙල්ල වෙනස්ව ඇති දරා ගත නොහැකිවය. ඇදුමින් පමනක් නොව ඇය සිතුවිලි වලින් ද බොහෝ වෙනස්ව ඇත.

"මට කෑ ගහන්න එපා. හරිද . මේ ගම නෙවේ.. කරුනා කරලා යනවා දැං" අහේතුකව හට ගත් කෝපය දිග හැර දමමින් කුමාරී තුසරට බැන වැදුනාය.

තුසරට දැනුනේ දරා ගත නොහැකි දුකකි. නමුත් ඇයට තව කියා පලක් නැත.

"මං යනවා කුමාරී. යන්නම යනවා. ඔයාට දවසක් එයි තේ⁣රෙන. අහස් මාලිගා වල හැමදාම ඉන්න බෑ කියලා. පාට පාට තිරුවානා ඇහිදිද්දි ඔයා විසි කරපු මැණික ගැන කවදා හරි තේරෙයි. මං යනවා. " තුසර නොපෙනී යනතුරු බලා හිදි කුමාරි කාමරයට ගිහිං රිසි සේ ඇඩුවාය. අඩා සිත සැහැල්ලු කර ගන්නට අලුතින් ලැබුන මත්පැන් බෝලය ගෙන රසවින්දාය.

ඉතිං රෝස් නැතහොත් කුමාරී මියගොස් රෝස්මරී ඉපැදෙද්දී ඇය තම ප්‍රසිද්ධිය තකා බොහෝ කැපකිරීම් කලාය.රංගනයටද දායක වන්කට වරම් ලැබුනාය. තත්වය රැකගන්නට ඇයට ගැහැනියක් වන්නටද වූයේ රංගනය වෙනුවෙන් අධ්‍යක්ෂක වරයා සතුටු කරන්න ගොසිනි. නමුත් අවසානයේ විදින්න ලැබෙනා පිලිගැනීම්, නම්බුව , ප්‍රසිද්ධිය තකා ඇය මේ සියල්ල කැප කරන්න සූදානම්ව සිටියාය.

තුසර යුධ පුහුණුවක් වෙනුවෙන් පිටරට ගියේය. හෙතම මේජර්වරයෙකු ලෙස උසස් වීම් ලැබ කොළඹට ආවේය. විටින් විට වේදනා බර මතකය අලුත් කරමින් කුමාරී රංගනයන් දායක වන දෑ රෑපවාහිනියේ පෙන්වද්දී හෙතම නිහඩවම නැගිට එලියට ගියේය.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

"රෝස් ගේ අලුත්ම හොට් වීඩියෝ එක බලන්න ⁣මෙතැනින්"

දිනක් මුහුනු පොතේ සැරිසරදිදී තුසරගේ නෙතු රැදුනේ කුමාරිගේ රැව සහිත වීඩියෝවක ලින්ක් එකකි. ගොසිප්කාරයන්ට මඩ ගහනවා නං ඊට වඩා දෙයක් නෑ . එය විවෘත කර බලන්න සිත් නොදුන් නිසා තිසර තිරය වසා දමා බඩු වගයක් ගන්න ෆුඩ් සිටියට ගියේය.

"ෂුහ්... මාර ඇග බං.වීඩියෝ එක දකිද්දි මයිල් කෙලින් වෙනවා.." කොල්ලන් කිහිපයක්  ඈත මුදල් කවුන්ටරය දෙස බලමින් කතා කරයි. තුසර අවැසි දෑ ගෙන පෝලිමට එකතු වූයේ මිල ගෙවන්නටය.

"ඒ අක්කේ ... අපිටත් සැපක් දෙනවද....." තුසර බැලුවේ නොසන්ඩාල කොල්ලන් සිනා සෙමින් බලා ඉන්න කෙල්ල  දෙසය.

"දෙයියනේ..... කුමාරි"  එසේ නම් ඒ සියල්ල ඇත්තක්ද... කුමාරි දඩිබිඩිගා ගොස් වාහනයේ නැගී ඉගිල්ලි ගියායා.
වසර හතක් ගෙවී ගියේ නොදැනීය. තුසර අවුරුදු හතරකට පෙර විවාහ විය. ඇය සාමාන්‍ය යුවතියකි. ඔවුන් ගේ කැදැල්ලට සතුට පුරවමින් පුංචි දියණියක් එකතු වුනා .

"තාත්තී..... මාව අඩාගන්නකෝ." තුසර පුංචි කෙලි පැටියා වඩාගෙන පාර පනින්න සූදානම් වෙද්දී තම නම කියා කවුරුන් හෝ අමතනු ඇසුනි.

"තුසර" ඔහු හැරී බලද්දී සිටියේ අවුකණ්නාඩි පැලද ඔහු දෙස බලා ඉන්න විරූපී වී ගිය ගැහැනියකි. ඇයව හදුනා ගන්න ඉතිං ඔහුට තත්පර කිහිපයක් ගතවුනි.

"කුමාරි ඔයා....."

"ඔව් මං කුමාරි තුසර . මේ ඔයාගෙ දූ පැටියද . පැංචිය දෙස බලා සිනා සෙද්දී ඇය බිය⁣ට පත්ව හඩන්නට වූවාය.

"මොකද මේ කුමාරි . "

"මාව ඇක්සිඩන්ට් වුනා මැලේෂියා වලදි. මං රෑපයට තන්හාවේ ,මුදලට තන්හාවේ වටින හැමදේටම පයිං ගැහුව . අද මට තේරෙද්දී මට කවුරුත් නෑ. අඩු තරමේ රස්සාවක් වත් මට දෙන්නෙ නෑ මගේ මූන නිසා" කුමාරී කීවේ අඩා වැලපෙමින්ය.

"මගෙන් මොනාවත් කරන්න පුළුවන් උදව්වක් තියෙනවද කුමාරිට ?"

"පුලුවන් නං මට අනාත නිවාසෙකට යන්න විදියක් කියන්න .පිං සිද්ද වෙයි."

"ම්..හරි. මං කියන්නම්. දැං ඔයාට ඉන්න තියෙන තැනට යන්න .මේ මගේ වයිෆ් ගේ අංකය . මං ඔයා ගැන කියලා තියෙනවා .අපි පුළුවන් උදව්වක් කරන්නම්කෝ" තුසර අව් කාස්ටකේ පයිං යන කුමාරී දෙස බලා සිටියේ අනුකම්පාවෙනි.

"කුමාරි.. ඔයාගේ පින්තාරු වලට ගොඩක් අය කැමතී වගේ. අපිට තව දහයක් දොලහක් ඇදලා පාටකරලා එවන්න. හෙට චෙක් එක දෙන්නම්....."

කුමාරි හට අනාත නිවාසයකට යන්න සිදුවූයේ නැත. ඇය ස්වේච්ඡාවෙන්ම පුනරුත්ථාපන කදවුරකට ගියාය. ඒ තුසරගේ මග පෙන්වීම යටතේය . ඇය කුඩා කල පටන් දක්ෂතා දැක්වූ අංශයක් ඔස්සේ ජීවිතය නැවත ගොඩ නගා ගන්න උත්සාහ දැරුවාය.

ඉන් වසර පහකට පමණ පසු ඇය ජීවිතයෙන් සමුගත්තේ හෘදාබාධයක් වැලදීය.

එහෙන් මෙහෙන් තොරතුරු සොයා ගත් පත්තර වාර්තා කරුවෝ මෙසේ ශීර්ෂ පාඨ වල සදහන් කර තිබුනි

#රෝස්මරී_පුනරුත්තාපන_කදවුරක්_තුල_අවසන්ගමන්_යයි.

#කැලේ_කුමාරී_රෝස්මරී_වූ_හැටි

#සරාගී_රෝස්_කාත්කවුරුවත්_නැතිව_අවසන්_ගමන්_ගිය_හැටි.

මැරුන විට කුණුවන දුගද හමනා
කය වෙනුවෙන් උදම් වී ,අහංකාරවී සත්‍ය යම්තාක් දුරකට වටහා ගන්නා අවධියේදී බොහෝ දේ ඔබ හැර ගොසිනි.

මිනිසත්කම,දයාව,විශ්වාසය සහ සැනසුම ඒ නැතිවූ දෑ අතර තිබිය හැක.
‍යශෝධා කලුවැල්ල

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment