😙Sසුන්දරයි මේ ආදරේ...😙
අද වෙනදට වඩා පැයකට කලින් සර් පංති ඉවර කරපු නිසා සර්ට පිං දිදී අපි යාලුවෝ සෙට් එක ටවුන් එක පැත්තට ආවේ බස් එකක් අල්ලගන්න.
ඒ එක්කම කෑකෝ ගසමින් වෙන්දා පුරුදු විදියටම කොලලෝ ටිකත් අදත් අපි පස්සෙන් වැටිලා...ඔයාලා හිතුවේ ඒ මම නිසා කියලද... ඔව් ඔයාලා හරි...ක්ලාස් යන කොල්ලෝ හැමෝම වගේ මට පිස්සු වැටිලා හිටියේ...ඇයි කියන්න මමම දන්නෙ නෑ...සමහර විට මම දග මල්ලක් නිසා වෙන්න ඇති....ඉතිං මාත් මගේ පස්සෙන් එන කොල්ලොන්ට නිකං ඉන්න දුන්නේ නෑ...උන්ව බයිට එකට ගත්තු වාර අනන්තයි...හැබැයි ඉතිං එහෙම කියලා මගේ හිත ගියේ ඔය කාටවත් නෙමේ....එකම එක කොල්ලෙකුට විතරයි. එයා යනුෂ්...... 😍 ඒත් කරුමෙ තමා....😕😕😕මොනවා කරන්නද....අනිත් හැම කොල්ලම මගේ පස්සෙන් එද්දි මම විතරක් එයාගේ පස්සෙන් ගියා...... එයා කොතනද මම එතන...... එයා යන ක්ලාස් හොයාගෙන එයාව බලන්න එයාගේ ක්ලාස් හැම එකටම ගියා....එයාට මාව වදයක් උනත් මට එයාව නොදැක ඉන්න බැරි උනා...
අද පංතිය හරිම බෝරිං...වෙනදනං බෝරිං වෙනකොට මම කරන්නේ යනුෂ් දිහා බලගෙන ඉන්න එක.වෙලාව යනව දැනෙන්නේ නෑ...ඒත් යනුෂ් අද පංති ආවේ නෑ....
"මොකෝ බං මුණ බෙරි වෙලා..."
"නෑ බං නිකං..."
"අනේ ඉබ්බියේ මට බොරු නොකර ඉදහං...අද යනුෂ් නෑනේ...ඒකනේ මේ "
"හ්ම්...ඉතිං උඹ දන්නවනං ඇයි බං අහන්නේ...."
මට දෙව්මි එක්ක කේන්තිත් ගියා...
"මට තෙරෙන්නේ නෑ බං.ඇයි ඌ විතරක් උඹට කැමති නැත්තේ කියලා...අනිත් කොල්ලෝ උඹේ පස්සෙන් වැටිලා....යන යන තැන ඉන්න දෙන්නේ නෑ...ඒත් ඇයි බං උගේ එච්චර ගනන්..."
"අනේ මංදා බං...වෙන් මොකක්ද ඉතිං...මගේ කරුමේ තමා..."
මං මෙච්චර එයාට ආදරේ කරද්දි ඇයි එයා මට අකමැති...මං කොච්චර එයා එක්ක කත කරන්න ට්‍රයි කලත් එයා කවදාවත් මට චාන්ස් එකක් දුන්නේ නෑ....මං ලගට ගියොත් එක්කෝ වෙන කොල්ලෙක් එක්ක කතාව නැතනම් එතනින් යනවා.
මායි දෙව්මියි කතා කර කර බස් හෝල්ට් එකට ආවා...ඒත් එක්කම අහස කලු කරගෙන කොහේදෝ තිබුන වැස්සක් කඩාගෙන වැටුනා...
දැන් යන්නේ කොහොමද කියලා වටපිට බල බල ඉද්දි මං දැකපු දෙයින් මම ගැස්සිලා ගියා....යනුෂ්....ඒ යනුෂ් නේද...?ලස්ස්න කෙල්ලෙගේ කුඩයක් යටින් දෙන්නත් එක්ක හිනාවෙවී එන්නේ එයා නේද...? මාත් එක්ක කවදාවත් කතා නොකරපු එයා ඒ කෙල්ලත් එක්ක හිනාවෙවී කතා කර කර එනවා....මට දැනුනේ පුදුම කේන්තියක්...
" තනූ......නෙතුකි එක්ක නේද ඒ යනුෂ් ඉන්නේ...?"
"නෙතුකි...?"
"ඔව් බං.අපේ ක්ලාස් එකේ ඉන්නේ...ඒත් ඒකි දන්නවා උඹ යනුෂ්ට ට්‍රයි කියලා..."
"දන්නවා නං මොන මගුලක්ද බං ඒකි එයා එක්ක කරන්නේ...හිටපංකෝ ...."
එහෙම කියල මං ගියේ ඒ දෙන්නා ඉන්න තැනට...
"මෙ හලෝ...තමුසේ යනුෂ් එක්ක ඉන්නේ තමුසේ දන්නේ නැද්ද යනුෂ් මගේ කියලා..."
"තනුදි....?"
නෙතුකි බයවෙලා මගේ දිහා බැලුවා....
"ඔව්.තනුදි තමයි....ඇයි අදුනගන්න බැරිද... මේ උඹ හොදටම දන්නවා මං යනුෂ්ට ආදරේ කරනවා කියලා...ඒ දැන දැනත් ඇයි උඹ එයා එක්ක ඉන්නේ..."
"ම...මං...ත..නුදි.. මේ යනුෂ්ට කුඩයක් නැති නිසා එයා එක්ක ආවේ...සො..රි "
"සොරි...?ඔයා මොකටද මේකිට සොරි කියන්නේ නෙතු...මට ඕන කෙනෙක් එක්ක මං එනවා.තමුසේ එන්න එපා මං ගැන හොයන්න"
ඒ සද්දෙන් මං ගැස්සිලා ගියා...හා හා පුරා කියලා යනුෂ් මා එක්ක කතා කල පලවෙනි වතාව.ඒත් ඒක කතාකිරිලක් නෙමේ බැනිල්ලක් ....
තරහෙන පුපුර පුපුර මා දිහා බලාගෙන ඉදලා ඒ එක්කම ආපු බස් එකට නෙතුකිවත් ඇදගෙන නැගලා ගියා.....
ඇස් දෙකෙන් කදුලු ගලගෙන යද්දි මං දෙව්මි එක්ක ගෙදර ගියා..
ගෙදර ගියත් මට මැවී මැවී පෙනුනේ යනුෂ් ගේ මූණ ....යනුෂ් ගැන හිත හිතම දන්නේම නැතුව මට නින්ද ගිහින්....උදේ පාන්දර මං නැගිට්ටේ අද නම් යනුෂ්ගෙන් මං අහනව කියලා හිතාගෙන.
උදෙන්ම ලේස්ති වෙලා පාරට ආවේ දෙව්මිවත් අල්ලගෙන යනුෂ්ව මුණගැහෙන්න හිතාගෙන.අද එයාට ක්‍රිකට් ප්‍රක්ටිස්...
අපි ග්‍රවුන්ඩ් එකට යද්දිත් එයා ඇවිත් හිටියේ නෑ...පැයක් විතර දෙන්නත් එක්ක ඉන්දෙද්දි යනුෂ් ඈතින් එනවා පෙනුනා....මං දුවල ගියේ එයාව නවත්තගන්න..
"යනුෂ්....ටිකක් ඉන්න..මට ඔයාත් එක්ක කතා කරන්න ඕනේ..."
මං දිහා නපුරු විදියට බලපු යනුෂ්..
"තමුසෙත් එක්ක මට කතාවක් නෑ...යනවා යන්න " කියලා යන්න ගියා..
"අනේ ඉන්න.....මට එකම එක විනාඩි පහක් දෙන්නකෝ..."
එහෙම කියලා මං බැගෑපත් වෙනකොට යන්න ගිය එයා ආපහු හැරුනා...
"හරි විනාඩි පහක් දෙන්නම්....කියන එකක් කියලා යනවා මෙතනින්...."
විනාඩි පහක් ඉල්ල්ලුවට මොනවද කියන්නේ කියල මට ඒ ඇස් දිහා බලාගෙන ඉද්දි අමතක උනා...මම වශී වෙලා වගේ ඒ ඇස් දිහා බලං හිටියා...
"කියනවා ඉතිං.මගේ කාලේ නොකා..."
"ම්...මේ..මේ.කයි....ඔ..යා දන්නවා නෙද මම ඔයාට ආදරේ කරනවා කියලා..."
"ඔයා...මෙ මට...?"
ඔහු කින්ඩියට වගේ ඇහුවා...
"ඔව්...මං දැන් අවුරුදු එකාහමාරක වගේ ඉදන් ඔයාට ආදරේ කරන්නේ....ඒත් ඔයා කවදාවත් මා එක්ක කතා කරලා හිනාවෙලා නෑ...."එහෙම කියද්දි මගේ කටහඩ කැඩිලා ගියා..
"අනේ මේ තනුදි...නිකං යනවා හලො බොරු නොකියා....තමුසේ රටේම ඉන්න කොල්ලෝ අල්ලෙ නටවලා දැන් එනවද මාවත් අල්ලගන්න...තමුසේ හිතාගෙන ඉන්නේ අනිත් කොල්ලෝ වගේ මමත් ඔහේගේ පස්සෙන් වැටිලා ඉන්න ඕන කියලද....අනිත් එක තමුසේ කෙල්ලෙක්ද හලෝ ආදරේ කරන්න.....බලනවකෝ තමුසෙගේ හැටි විතරක්....."
එයා එහෙම කියද්දි ඉබේටම මට බැලුනේ මගේ දිහා...ඇත්ත...මං කෙල්ලක් වගේ නෙමෙයි...අනිත් කෙල්ලොන්ගේ වගේ මගේ කොණ්ඩේ දිග නෑ...අනිත් කෙල්ලො වගේ ගවුම් ස්කර්ට් ඇන්දේ නෑ.....ඒත් මටත් තියෙන්නේ කෙල්ලෙක්ට තියෙන හිතක් නේද...ඇදුම් පැලදුම් බාහිර ස්වරූපයෙන්ද ආදරේ කරන්න ඕන.
"අනිත් එක තමයි තමුසේ වගේ කොල්ලොන්ව සෙල්ලමට ගන්න කෙල්ලෙක්ට මං කැමති
නෑ..අනික අපේ අම්මලා හොයන්නේ හොද වැදගත් කෙල්ලෙක් මිසක් තමුසේ වගේ දෙකයි පනහේ ඕන කොල්ලෙක් සෙල්ලමකට ගන්න පුලුවන් තුට්ටු දෙකේ කෙල්ලෙක් නෙමේ...."
"යනුෂ්...මොනවද දෙයියනේ මේ කියවන්නේ...මම කවද්ද කොල්ලොන්ව සෙල්ලමකට ගත්තේ...?"
"දැන් ඒවා මතක නැද්ද...මගෙන්ද අහන්නේ ඒවා...ඇයි මතක නැද්ද හිමාන්ව..."
"හිමාන්...?"
"ඔව්...හිමාන්...ඌට බොරුවට ලව් කරලා උගේ ජීවිතේ විනාස කරලා දැන් එනවද මෙතන හොද බබා වෙන්න..."
දෙයියනේ....හිමාන්ට අපි දීපු ලණුව එයා ඇත්තටම අරගෙනද....මගේ ඇස් දෙකට කදුලු පිරිනේ බලාඉන්දෙද්දි..මං ඒ දවස් වල කරපු දේවල් දැන් මගේ පස්සෙන් එන්න ඇවිත්...
"නෑ යනුෂ්...ඒක අපි විහිලුවට කලේ.....එ...එයාගෙන බේරෙන්නෙ බැරි උන නිසයි එයාට බොරුවට ලව් කරනවා කියලා කිව්වේ...හ්ග්...හග්.හ්...පස්සේ අපි එයාට ඇත්ත කිව්වා....මෙහෙම දෙයක් වෙයි කියලා අපි හිතුවේ නෑ....."
"ඒවා දැන් හිතලා වැඩක් නෑ තනුදි...ඒවා කරන්න කලින් හිතන්න ඕන...ඌට පිස්සු නොහැදුනා විතරයි....ඔයාට නම් මොකද ..ඔයාට ඉතිං කොල්ලේ නතින් නේ.."
යනුෂ් කියන දේවල් මට අහගෙන ඉන්න අමාරු උනා....මගේ අතීතේම මගේ අනාගතේ විනාශ කරලා...දුර දිග නොබලා කරපු ඒ දවස්වල කොල්ලන්ට කරපු දේවල් අද මටම පලදෙන්න අරං...
"ඉතිං තනුදි ඔයා හිතන්නේ ඔය වගේ කෙල්ලෙකට මම කැමත් වෙයි කියලද....අන්න ඒක නිසා ඔයා දැන් නම්බු පිටින් මගේ ජීවිතෙන් ඈත් වෙලා යනවද....මට මගේ පාඩුවේ ඉන්න දිලා....."
යනුෂ් එහෙම කියලා මගෙ දිහාවත් නොබල ය්න්න ගියා....
මම එහෙම්මම ඉදපු තැන ඉදගෙන ඇස් වලින් කදුලු බේරේද්දි එයා යන දිහා බලං හිටියා...
මම දෙව්මිවත් එතන දාලා අඩ අඩ ගෙදර ගියා...කාමරේට වෙලා අඩ අඩ ඉද්දි අම්මා කතා කරනවා ඇහුනා...
"තනු...පුතේ....මෙන්න දෙව්මි දූ ඇවිත්....."
"එන්න කියන්න අම්මේ..."කදුලු පිහිදා ගත් මම් ඇදෙන් වාඩි උනා...
"තනු....මොකද්ද බං ඒ කලේ....උඹ ඇයි බං මාව දාලා ආවේ...."
"මට දුකයි දෙව්...සොරි ඔයා දාලා ආවට " දෙව්මි බදාගෙන මම හොදටම හැඩිමී..
"හරි හරි බං ඒක කමක් නෑ....බලපං...උඹට මං ඒ දවස් වල කිව්වා කොල්ලොන්ව ඔහොම සෙල්ලමට ගන්න එපා කියලා...කෝ...කියන එකක් ඇහුවේ නෑනේ..."
"අනේ දෙව්...."
"මේ මං ගිහින් යනුෂ් එක්ක කතා කරන්නද...උඹ මෙහෙම අඩ අඩ ඉන්නවා බලං ඉන්න බෑ බං...මං දන්න දවසේ ඉදලම උඹ ලව් කරේ යනුෂ්ට විතරනේ...එයා එක දැනගන්න ඕන..."
"එපා බං..එයා මං වගේ කෙල්ලෙක්ට කැමති වෙන්නේ නැ....මං ඒක හොදටම දන්නවා..මං එයාට ගැලපෙන්නෙත් නෑ..."
"එතකොට උඹ යනුෂ්ව අමතක කරලා දානවද...?"
"මට බෑ එයාව අමතක කරන්න......"
"එහෙනං මොකද කරන්නෙ...උඹ කොහොමද එයාව දැක දැක මේ වගේ හූල්ල හූල්ල ඉන්නේ.."
"මං ආපහු ක්ලාස් එන්නේ නෑ දෙව්......."
"මොකක්..."
"ඔව් බං...මට බෑ ආපහු යනුෂ්ට කරදර කරන්න.."
"එතකොට එග්සෑම්...?"
"මංදා දෙව්..."
"උඹ හොදට හිතලා බලලා තීරණයක් ගනිං තනු.....මං යනවා...මට පරක්කු වෙනවා...අපේ අම්මා බලං ඇති..."
එදායින් පසු මම නැවත ක්ලාස් නොගියෙමි...තාත්තාට කියා ගෙදරට ටීචර්ස්ලා ගෙන්නගෙන ඉගෙන ගත්තෙමි. ආයේ කිසිදිනෙක යනුෂ්ව බැලීමට නොගියෙමි..දෙව්මි මාව බල්නට නිවසට ආවෙන් මට නිවසින් පිටවීමට අවශ්‍යතාවයක් නොවීය. එසේ දින සති මාස ගෙවි යමින් අවුරුදු පහක් ගෙවී ගියේය.දැන් මට අවුරුදු විසි හතරකි...මම කණ්නාඩිය ඉස්සරහට ගොස් මගේ හැඩ බැලිමි..දැන් මම කලින් ඉදපු තනුදි නොවේ...කලවා තෙක් දිග් වූ මගේ කොණ්ඩය දණහිස තෙක්
දිග වූ මල් වැටුනු ගවුමට මම ඇත්තටම සුන්දරව දිස් වුනි.මා දැන් පෙර මෙන් දග නොවීය.බොහෝ තැන්පත් වූ මා දැන් කිසිම පිරිමි ළමයෙකු නොහදුනන්නෙක් විය. එදායින් පසු කිසිම පිරිමි ළමයෙක් දිහා ඇහැක් ඇර බැලිමට මට උවමනාවක් නොවීය.
"පුතේ...තනුදි....."
තාත්ත කතා කලායින් කල්පනා ලෝකෙන් මෑත්ව මම සාලයට ගියෙමි.
"මට පුතා එක්ක ටිකක් කතා කරන්න ඕනේ....මෙහෙන් ඉදගන්නකෝ..."
"ඇයි තාත්තේ..."
"මෙකයි පුතෙ...දැන් ඔයාට වයස අවුරුදු විසි හතරක්....දැන් ඉතිං ගෙදර හිටියා ඇති නේද...?"
තාත්තා සිනාවෙමින් පවසද්දි අම්මාද ඇවිත් මා අසලින් ඉද ගත්තාය.
"ඔව් පුතේ...ඔයාව දැන් ගෙයින් පිට කරන්න කාලේ හරි....ඔයාගේ වයසත් හරි එකේ අපි කල්පනා කලේ හොද කෙනෙකුට ඔයාව බන්දලා දෙන්න..."
අම්මා එසේ කියද්දි මට සිහි වූයේ යනුෂ්වය. ඔහුව සිතින් අමතක කර සිටියද ඔහු මගේ සිත ඇතුලෙම මටත් හොරා ජීවත්ව ඇත.නමුත් එය කවදාවත් සිදු වන්නක් නොවීය...
"පුතේ ...ඔයා කැමති කෙනෙක් ඉන්නවද..."
"නෑ අම්මා...මගේ හිතේ එහෙම කෙනෙක් නෑ.." යනුෂ් ගැන සිතා සිටීම තේරුමක් නොවන බැවින් මම අම්මාට එසේ කීවෙමි.
"අපි හොද කෙනෙක් බැලුවා පුතේ....එයාට එන්න කියන්නද දවසක..."
"එන්න කියන්න ඕන නෑ අම්මේ...මං කැමතියි..."
"ඒත් පුතේ...දකින්නෙවත් නැතුව..."
"නෑ තාත්තේ ඔයාලා මට කවදාවත් නරකක් කරන්නේ නෑ කියල මං දන්නවා...ඉතිං තාත්තලා හොයපු කෙනාත් හොද ඇති කියලා මට හිතෙනවා "
"ඔව් පුතේ...එයා හරිම හොද ළමයෙක්...මගේ හොදම යාලුවෙක්ගේ පුතෙක්..මං එහෙනම් එයාට කියන්නම්කෝ ඔයා කැමතියි කියලා.."
එසේ සතියක් විතර ගෙවී ගියේය.හදිස්සියේම තාත්තාට පැමිණ පැවසූවේ ඔහුගේ යාලුවගේ ගෙදරින් මගේ විවාහය ඉක්මන් කරන බවයි..
"ඇයි තාත්තේ ඒ.?"
"නෑ පුතේ ...ඒ පුතාගේ කේන්දරේ අනුව අවුරුදු විසි පහ ලබන්න කලින් එයාව බන්දන්න ඕනලු.නැත්නම් තව අවුරුදු ගානකටම බදින්න වෙන්නේ නැලූ...මොකද කරන්නෙ පුතේ..."
"කමක් නෑ තාත්තේ...මම කැමතියි..."
"එත් තාම ඔයාලා දෙන්නට හරියට අදුනගන්නවත් උනේ නෑනේද...?"
"කමක් නෑ තාත්තේ ..කතා කරන විදියෙන් නම් එයා හරිම හොදයි වගේ...බැදලම අදුනගන්න පුලුවන්නේ..."මම සිනාසෙමින් කීවෙමි.
ඔහු තවමත් සිටින්නේ ඕස්ට්‍රේලියාවේය.එම නිසා අප දෙදෙනාට මුණ ගැසි කතා කරන්නට නොහැකි විය.නමුත් ෆෝන් එකෙන් කතා කර ඇත්තෙමු.තවත් සති දෙකකින් ඔහුගෙත් මගේත් විවාහය සිදු කිරීමට සියලු කටයුතු සූදානම් විය.
අනූපම ලංකාවට පැමිණීයෙන් මම ඔහුව මුණ ගැසීමට අවන්හලක් වෙත ගියෙමි. අද මා මේ ඔහු මුණ ගැසෙනා පලවෙනි වතාවය.ඇත්තටම මම බියට පත් වී සිටියෙමි. මෙ මා යනුෂ් මුණගැසීමෙන් පසු පිරිමි ළමයෙකු මුණ ගැසෙනා පලවෙනි වතාවය.
"ත....නු..දි......"
මගේ නම කියනු ඇසුනෙන මම හිස ඔසවා බැලීමි.
"ය....නුෂ්.."
මා මේ දකින්නේ සිහිනයක්ද...මගේ ඇස් ඉදිරිපිට මේ සිටින්නේ යනුෂ්ය. එදායින් පසු යනුෂ්ව දුටු පලමු වතාව් මෙය විය.අවුරුදු පහක ගත්වූවත් ඔහු නොවෙන්ස්ව සිටී...ඉස්සරට වඩා උසින් හා මහතින් වැඩි වී ඇත.ඒ කඩවසම් බව නම් තවත් වැඩි වී ඇති සෙයකි.ඔහු කවදාවත් නැතුව ඉතා පුදුමයෙන් මාදෙස බලා සිටින්නට විය.
"තනුදි ඔයා මෙහේ...?"
"ඔව්...යාලුවෙක් මුණගැහෙන්න ආවා...."
"ඔයා දැක්ක කල්...එදායින් පස්සේ අදයි දැක්කේ..ඔයා හරියට වෙනස් වෙලා තනුදි..."
මම සිනාසිමි...
"ඔයා අහිංසක වෙලා...ඇත්තමයි ඉස්සරටත් වඩා ලස්ස්න වෙලා.....දැක්කම ආස හිතෙන්න "
"ඔයා නම් ඒ වගේමයි..."
"ඇයි තනුදි ඔයා එක පාරටම හැංගිලා ගියේ....?එදා ඔයාට බැනලා මං ගෙදර ගියාට පස්සෙ මං ඒ ගැන ගොඩාක් පසු තැවුනා......මං දන්නවා ඔයා හිමාන්ට කරපු දේ වැරදියි තමයි.ඒත් ඒ ගැන කියල ඔයාට එහෙම බැනපු එකට මං දුක් වුනා තනු...මට ඔයාට ඒක හොදින් කියලා දෙන්න තිබුනා...."
"දැන් ඒක වෙලා ඉවරයි යනුෂ්...මං දැන් ඒවා අමතක කරලා ගොඩක් කල් "
" මාවත්...?"
යනුෂ් අහපු දෙයින් මම් ගැස්සිලා ගියා...
"අහ්...?"
"ඔව් තනු...මම ඊට පහුවෙනිදා ක්ලාස් ආවේ ඔයාගෙන සමාව ගන්න හිතාගෙන. මං බලං හිටියා ඔයා එයි කියලා....ඒත් ඊට පස්සෙ ඔයා ක්වදාවත්ම ආවේ නෑ තනු....මං හැම්දාකම බල්ං හිටියා ඔයා එයි කියලා..මට පිස්සු හැදුනේ නැති එක විතරයි තනු....ඒත් ඔයා ආවේ නෑ.... ඒ දවස්වල ඔයා කරදර කරපුවා මතක් වෙන්න ගත්තා මට ..නිතරම මගේ පස්සෙන් වැටි වැටි හිටපු හැටි..ක්ලාස් එකේදි මගේ දිහා බලගෙම ඉදපු හැටි මට නිතර නිතර මතක් වෙන්න ගත්තා... ඒ වෙනකොටත් මගේ හිත ඔයාට ආදරේ කරන්න පටන් ගෙන ඉවරයි තනු....මං ඔයා ගැන දෙව්මිගෙන් ඇහුව....එයා මට කිසිම දෙයක් කිව්වේ නෑ..ඔයාට කරදර කරන්න එපා කිව්වා..ඔයාගේ හිතහදාගන්න දෙන්න කිව්වා...මං ඔයාව හැම විදියකින්ම කන්ටැක් කරගන්න බැලුවා.වෙනදට මගේ එෆ් බී එකේ මට කරදරයක් වෙන්න චැට් කරපු ඔයා එදායින්පස්සේ එක මැස්ජ් එකක් වත් තියලා තිබුනේ නෑ..වයිබ වට්ස්ඇප් හැම එකෙන්ම මං ඔයාව කන්ට්‍රැක් කරගන්න බැලුවා.ෆෝන් එක වැඩ නෑ...ඔයාලගේ ගෙවල් හොයාගෙන එන්න හිතුනත් ගෙවල් තියෙන තැන දැනගෙන හිටියේ දෙව්මි විතරයි.එයාගෙන් ඇහුවට එයාගෙන් උත්තරයක් ගන්න එක ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ උනා..එය හිතුවේ මං ආපහු ඔයාට රිද්දන්න එන්න භදනවා කියලා.....ඔයාගේ කියලා මට මතකේ තියාගන්නවත් පොටෝ එකක් වත් තිබුනේ නෑ...ආපහු දෙව්මිට කරදර කරද්දි එයා කිව්වා ඔයා රට ගියා කියලා....කාලයක් මගේ පස්සෙන් පන්නපු ආදරේ සන්තකේටම මගේ කරගන්න බැරි උනා කියලා හිතෙන කොට මට මාවම පාලනය කරගෙන ඉන්න බැරි උනා තනු....... ඇත්තටම ඔයාව මතක් වෙලා මං මේ අවුරුදු පහේම කලේ අඩපු එක...ඒත් දැන් මට සතුටුයි...ඔයා දැන් හරි මට මුණගැහුන එකට...ඒත්.."
යනුෂ් කියන දේ මං අහගෙන හිටියේ ඇස් වල කදුලු පුරවගෙන...අනේ දෙයියනේ මට මේ ආදරේ ඒ කාලේ ලැබුනනං...
"යනුෂ්...ඔයා ඔය දේ මට ඒ කාලේ කිව්ව නම් මම තරම් සතුටු වෙන වෙන කෙල්ලෙක් නැති වෙයි...ඒත්...ඒත්...යනුෂ්...ඔයා දැන් පරක්කු වැඩියි..."
"පරක්කු වැඩී කියන්නේ තනු....?"
"ඔව් යනුෂ්...මගෙ වෙඩින් එකට වැඩි දවසක් නෑ....."
මං කිව්වෙ ඇස් වල කදුලු බේරෙද්දි....
"මො...නවා..."බලගෙන ඉද්දි එ ඇස් වලට කදුලු පිරුනා...
"දෙයියනේ...මං වගේ මෝඩයෙක්....ඇයි මං ඔයාව් තෙරුම් ගත්තේ නැත්තේ.." ඔහු කිව්වා නොව කියවුන....
"ඔයාට බැරිද මා එක්ක යන්න එන්න..."
යනුෂ් අහපු දෙයින් මන් ගැස්සුනා...මං තාමත් කලින් ඉදපු තනුදි නම් ආයේ දෙකක් නෑ මං යනුෂ් එක්ක යනවා.ඒත් මං දැන් ඒ තනුදිට වඩා වෙනස්....යනුෂ් ගැන හිතන්න කලින් මගේ අම්මා තාත්තා ගැන හිතන්න ඕන...
"බෑ යනුෂ්...මට අම්මලාගේ හිතට දුකක් දීලා ඒ දේ කරන්න බෑ...අපි දෙන්නා ආපහු මුණ ගැහුනේ නෑ වගේ ඉමු...මාව අමතක කරල දන්න යනුෂ්..."
"ඔයාව මට අමතක කරන්න පුලුවන් නම් මම මෙ අවුරුදු පහේම ඔයා ගැන හිතහිත දුක් විදිනවද තනු..."
"මං ගැන හිතන්න එපා.මං එදා ඉදපු තනුදිමයි කියලා මාව අමතක කරලා දන්න යනුෂ්..."
එසේ කියා ඔහුට තවත් දෙයක් කියන්නට ඉඩ නොදී මම එතනින් නැගිට එන්නට ආවෙමි.
අනුපමට කෝල් කර මට එන්නට විදියක් නැතැයිකියූ මම ගෙදර ආවෙමි.
යනුෂ්ව හිතේ තියාගෙන ඇඩූ කදුලින් දවස් දෙක ගෙවූ මම හෙට සිදුවීමට තියෙන මගෙ වෙඩින් එකට සුදානම් වුයෙමි.කොපමණ යනුෂ්ව අමතක කරන්නට හැදුවද ඔහු මසිතට වද දෙයි...
උදෑසන් දෙකට පමණ සැලෝන් එකට ගියේ මා උදෑසන හය වෙද්දි සුන්දර මනාලියක් සේ සැරසී උත්සව ශාලාවට පියනැගුවෙමි.එදා යනුෂ්ගේ මුණ ගැසීමත් සමග අනුපමව මුණ ගැසීමට නොහැකි වූ බැවින් අද මා පලමු වතාවට ඔහු දකින්නෙ මෙතන්දීය. ඇත්තටම මසිත හඩාවැටෙමින් සිටියි...මට අනුපමට ආදරය කල නොහැක.මා යනුෂ්ගේ පමණි..කෙසේ උවද දැන් මා පරක්කු වැඩිය. මා මෙන්ම යනුෂ්ද පරක්කු වැඩිය.මා වාහනයෙන් බැසිමට තැත් කලද මගේ ඇදුම නිසා මට බැහැගැනිමට අපහසු විය.
"අයියෝ මොකද මනමාලයා අහකබලාගෙන ඉන්නේ..ඉක්මනට මනමාලිව වාහනෙන් බස්සගන්නකෝ..."
කවුදෝ කියනු ඇසිනි.එසැනින් අතක් මවෙත දික් වුයේන් මම එදෙස බැලීමි....
"ය...නු...ෂ්..."
අහක බලාගෙන අත දික් කර සිටිනා යනුෂ් මම දුටුවෙමි.එසැනින් විදුලියක් සේ මවෙත බැලූ ඔහු විස්මයෙන් ඒ මේ අත බැලිය.
"ත...නුදි.......ඔයාද මනමා..ලි " යනුෂ් ගොත ගහහා අසන්නට විය.
"ඔව්..කෝ අනුපම්..." මමද විස්මිත වී සිටියෙමි...
"මේ ඉන්නේ දුව අනුපම තමයි...යනුෂ් අනුපම...ඔයාල මිට කලින් අදුනනවද....?"
"දෙයියෙනේ......ඔව්...මේ ඉන්නේ මං මෙච්චර කල් පිස්සුවෙන් වගේ ආදරේ කරපු මගේ තනු....."
යනුෂ් කෑ ගසමින් මා වඩාගත්තේ බලං ඉන්නන් සිනහවට පත් කරමින්.
"ඇත්තද පුතා....මෙයාද ඔයා ඉල්ල ඉල්ලා හිටියේ ඔයාගේ තනුදි...."
"ඔව් තාත්තේ....මං මෙයා නැතුව මොනතරම් දුකින්ද හිටියේ කියල ඔයාල දන්නවනේ "
"ඒකනේ පුතේ මං ඔයා ගාවටම මේ කෙල්ලව ගෙනත් දුන්නේ..."
"මොකක්...?"මාත් යනුෂ්නුත් එක සැරේ ඔහුගේ තාත්තා දෙස බැලුවෝය.
"ඔව් පුතා..ඔයාලා දෙන්නගේ ආදරේ අපි මුල ඉදන්ම දැනගෙන හිටියේ..ඒකයි ඔයාල නොහිතුව විදියට ඔයාලා දෙන්නවම අපි එකතු ක්ලේ..."
යනුෂ් දිහා ටිකක් වෙලා බලගෙන හිටය මම ඇස් වලින් කදුලු බේරෙද්දි යනුෂ්ගේ බෙල්ල බදාගතිමි.යනුෂ්ද නොපමාව මා වැලදගෙන අතෝරක් නැතුව මා සිප ගත්තේය.අම්මාත් තාත්තාත් සතුටු කදුලු පිසදානු මම දුටිමි.
"ඔයාට අනුපම කියලා නමක් තියෙනව කියලා මං දැනගෙන හිටියේ නෑනේ යනුෂ්..."
"ඒකනේ මැණික අපි දෙන්නා මෙච්චර පෝන් එකෙන කතා කරලත් අදුනගන්න බැරි උනේ...ඔයාටත් දහම්සා කියලා නමක් තියනවා කියලා මං දැනගෙන හිටියේ නෑ..."
එදායින් පස්සේ මට තනුදි කියලා කතා කලේ අම්මලා විතරයි.අනිත් හැමෝම මට කතා කලේ දහම්සා කියලා..."
"හරි මැනික දැන් එවා ඉවරයි...දැන් ඉත්ං මේ අවුරුදු පහටම හරියන්න මට ආදරේ ගොඩාක් ඕන...ගොඩාරියක්..."
"ඔයාට දෙකයි පනහේ කෙල්ලෙක්ගෙන ආදරේ ගන්න පුලුවන්ද දැන්..ආ...පැටියෝ..."
"සොරි පැටියෝ....මං දන්නවා එදා ඔයාගේ හිත හොදටම රිදුනා කියලා..ඒ වැරදි වලටත් එක්කම මං ඔයාට ආදරේ දෙන්නම්කෝ..."යනුෂ් මගේ හිස සිඹ කීවේය.
අද මා යනුෂ්ගේ විය.😍😍 අපි අපේම ලොවට පියනගද්දි අම්මලා ඈත සිට අත වනනු මම් දුටිමි.
මගේ පලමු නිර්මාරණය
තිසරි නදීෂා කුමාරසිරි
No comments:
Post a Comment