සිහින සේයා

#සිහින_සේයා

"චූටි ඔයා ඔය කරන දග වැඩ නවත්තන්නෙ කවද්ද? කවද්ද ඔයා පොඩි ලමයෙක් නෙවෙයි කියල තේරුම් ගන්නෙ? බලන්න ඔයාගෙ වයසෙ අය කරන දේවලුයි ඔයා කරන දේවල් ගැනයි හිතල. හෙට අනිද්ද බදින්න නේද ඉන්නෙ?. ඔයාව නරක් කරන්නෙ අයියල දෙන්නගෙයි අප්පච්චිගෙයි හුරතලේ. ඉන්නකො ඔයාගෙ හපන්කම් මම සිනෙත් පුතා ආවම කියන්නම්"
අම්මගේ දෝස්මුරේ. බලමුකෝ මාව බේරගන්න ඉදිරිපත් වෙන්නෙ කවුද කියල අද. හා හරි අයියල දෙන්න ඉදිරිපත් වෙනව වගේ. ඔව් ඔව් ඒව යුතුකම්.
"අනේ අම්ම චූටි තාම පොඩියි නෙ. අම්ම උනත් චූටි කියල නංගිට කියන්නෙ එයා තාම පොඩි හින්ද නෙ. නැත්නම් අයියයි මටයි වගේ ලොකු පොඩි වගේ කියන්න තිබුන නෙ. නැද්ද ලොකූ?"
"ඒක නේන්නම් පොඩි. අම්මම වරද කරල අපේ පිට දානව නෙ. බලන්න අප්පච්චියි අපියි බොරුවට බැනුම් අහනවා. අනික අපි චූටිව හුරතල් කරන් නැතුව වෙන කවුරු හුරතල් කරන්නද?"
ඔව් ඔව් ඔහොම තමයි අයියල ඉන්න ඕන. සිනෙත් දන්නව මගේ දග වැඩ ඕව ගනන් ගන්න ඕන නෑ. ආං එනව අප්පච්චිත්.
"මොකද මේ වෙලා තියෙන්නෙ අම්මල පුතාල එකතු වෙලා මගෙ කෙලි පැටියට බනිනවද? මගෙ කෙලීගෙ මූන බැලුව ගමන් කියන්න පුලුවන්. කවුද පුතේ බැන්නෙ ඔයාට?"
දැන් නම් ඔක්කෝටම යකා නගින වෙලාව. ඔව් ඔව් මට තියෙන්නෙ නරබන්න.
"අප්පච්චි ඔයා දන්නව නෙ අපේ පන චූටි කියල. ඉතිං අපි බනිනවද?"
අයියල දෙන්න මාව බදාගත්තා. අම්මට නම් දැන් රතු කට්ටත් පනී වගේ.
"ඔව් ඔව් අප්පච්චිලා පුතාල හින්ද තමා චූටි මෙච්චර නරක් වෙලා තියෙන්නෙ. ඔයාල හින්ද තමයි මටවත් හදාගන්න බැරි. ඕන දෙයක් කර ගන්නයි තියෙන්නෙ. මම යනව යන්න."
"චූටි ඕක ගනන් ගන්න එපා"
මේ තමයි අපේ පවුලේ විදිය එයලා මට ගොඩක් ආදරෙයි. පවුලෙ බාලය වගේම එකම කෙල්ල උන මම ගෙදරදි අයියල වගේම කොල්ලෙක් වගේ දග කරා. පිටදි නම් දග නෑ. අයියල එක්කම හැදුනු නිසා මාත් කොල්ලෙක් වගේ තමයි හැදුනෙ ගොඩක් වෙලවට. ඒ වගේම ඇදුම් පැලදුම් උනත් කොල්ලෙක් වගේ. අම්ම හැමවෙලාවෙම ඒ ගැන දුක් උනත් ඒක මට දැනුනෙ නෑ මොකද මගේ පැත්තට අයියල වගේම අප්පච්චිත් හිටිය නිසා. ඒ වගේම සිනෙත් අපි යාලුවෙලා අවුරැදු 8ක් විතර. අපේ වාසනාවට අපි දෙන්නටම ගෙවල් වල ආශිර්වාදය ලැබුනා. ඉතිං මගේ ජිවිතේ ගොඩක් සතුටින් ගෙවුනා.

***********************************************
"කවි කොහෙද ඉන්නෙ බබා.?"
"තාම වැඩ සිනෙත්. ඔයා වැඩ ඉවරද?"
"ඔව් මන් ඔෆිස් එක ලගට එන්නම්. ඔයා වැඩ ඉවර කරල එන්න වස්තු."
"හරි බබා බුදු සරණයි."
"බුදු සරණයි."
මම ඉක්මනටම වැඩ ඉවර කරල සිනෙත් එක්ක ගෙදර ආව. මගේ ජිවිතේ මම ගොඩක් සතුටින් ගෙව්වා. මගේ ලෝකෙ උනේ අම්ම අප්පච්චි අයියල දෙන්න වගේම සිනෙත්. ඒක එයාලත් දැනගෙන හිටියා. එයාල හැමෝගෙම සතුට උනේ මන්. මගේ සතුට උනේ එයාල. දවස් ඉගිලිලා ගියේ හරියට හොරු අරන් යනව වගේ.

*********************************************
"කවි ඇයි මේ දවස් ගානක ඉදන් මූන අමුතු?" ඒ තමයි මගේ එකම වගෙම හොදම යාලුවා. නම දිනූෂි මම ආදරේට කියන්නෙ දිනු.
"දන්නෙ නෑ දිනූ. දැන් මාසයක් විතර වෙලේ ඉදන් ඔලුව රිදෙනව හරියට. වෙලාවකට කැරකිල්ලත් වගේ."
"ගෙදරට කිව්වද"
"නැහැ දිනු එයාල පොඩි දේටත් කලබල වෙනවා. එයාලට කිව්වෙ නෑ. බෙහෙත් ගත්තනෙ අඩුවෙයි."
"එතකොට සිනෙත්?"
"එයා ඊට වඩා අන්තයි දිනූ. පොඩි ලමයෙක් වගෙ කලබල වෙනවා. අඩුවෙයි."
"හ්ම්ම් පරිස්සමෙන් කවි"
දින සති ගෙවිල ගියත් අඩු උනේ නෑ. ඒත් ගෙදරටවත් සිනෙත්ටවත් ඒක දැන නොගන්න හැමවෙලාවෙම මම කටයුතු කරා. වෙනදා වගේම එයාල ඉස්සරහ දග කරා. සතුටින් හිටියා. ඒත් මගේ තත්ත්වය අඩු උනේ නම් නෑ. ඒ ගැන දැනගෙන හිටියෙ මගේ යාලුවා දිනූෂි විතරයි. එයා නම් මන් ගැන ගොඩක් බයෙන් හිටියෙ. එයා කිව්වෙම ගෙදරට කියමු කියල. ඒත් මට එයාලගෙ සතුට හිනාව නැති කරන්න හිතුනෙ නෑ. මන් හිතුවෙම මම අවාසනාවන්ත නෑ කියල. ඒත් ඒ හැමදේම අපි හිතන විදියටම වෙන් නෑ.

**********************************************
(මාසෙකට පසු)
"චූටි මොකද මේ කරල තියෙන්නෙ? අපි කොහොමද සිනෙත්ගෙ ගෙදරට මූන දෙන්නෙ? එයාල මේ කියන දේ ඇත්තද? අම්මා කියපු කිසි දෙයක් මන් විස්වාස කරේ නෑ. ඔයාට ගොඩක් ආදරේ කරා." ඒ අප්පච්චි.
"චූටි තමුසේ අපි දීපු නිදහසින් හරි ලස්සනට ඔය ප්‍රයෝජන අරන් තියෙන්නෙ අපි ඔයාව ගොඩක් විස්වාස කරා"මේ ලොකු.
"අපෙයි වරද ඔයාව හුරතල් කරපු එක. හැම වරදකටම සමාව දුන්න අපි. පොඩ්ඩක්වත් හිතුවෙ නැද්ද අපි ගැන අපේ ගවුරවේ ගැන. අපි දැන් කොහොමද මේක හැමෝටම කියන්නෙ? ආ චූටි කතා කරනවා" ඒ පොඩි.
"අපි ගැන අමතක කරන්න. ඔයාට මේ තරමට ආදරේ කරපු අර දරුවට ඔයා කොහොමද ද්‍රෝහි උනේ? මට හිතාගන්න බෑ ඔයා කොහොමද ඔහොම හැදුනෙ කියල. ඔයා අපේ මුනුවල දැලි ගාල ඉවරයි." ඒ අම්මා.
මට ඔයාලට ඇත්ත කියන්න බෑ අම්මේ මට සමාවෙන්න මට මේ ටික වචන වලට පෙරලන්න බෑ. එ නිසාම මන් හිතින් කිව්වා.
"අම්මා මන් හෙට නුවර යනවා. මට මාරු වීමක් ලැබිල. හෙට උදේම යනවා."
එයාලට වචනයක්වත් කතා කරන්න නොදි මේ ටික කියපු මන් කාමරේට ඇවිත් දොරවහගත්තා.මන් දන්නවා බබා දැන් ඔයා පිස්සෙක් වගෙ ඇති. ඒත් වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. මට සමාවෙන්න.
මන් උදේම ඇහැරුනා. සැහැල්ලු ඇදුම් ටිකක් විතරක් බෑග් එකට දා ගත්තු මන් ලේස්ති උනා. හැමෝම සාලෙ හිටියා මන් හැමෝටම වැන්දා ඒත් වෙනදා වගේ කවුරුවත් ඔලුව අතගෑවෙවත් උම්ම දුන්නෙවත් බුදු සරණයි කිව්වෙවත් නෑ. මන් දන්නවා ඒ හැමෝටම දරාගන්න බැරිව ඇති මේ වෙන දේවල්. අනික මන් නිසා එයාලට ලැජ්ජා වෙන්නත් උනා නෙ.
*************************************
(මාස දෙකකට පසු- වෙලාව උදේ 6.30.)

"නැන්දේ.. නැන්දේ.."
"ආ මේ දිනූ දූ නෙ. එන්න එන්න ඇයි මේ ඇස් වල කදුලු."
"නැන්දේ කාවින්ද්‍යා මේ ලිවුම ගෙදර හැමෝම ඉන්න තැන දෙන්න කිව්වා නැන්දට."
"අනේ එයා හොදින් නේද අපි එයා ගැන හෙව්වෙත් නෑ තුබුන තරහට. එයත් අපිට පනිවිඩයක් වත් එව්වෙ නෑ නෙ. ඒත් මන් හැමදාම පහන තියද්දි එයාව මතක් කරනවා. එන්න දුවේ ඉදගන්න"
"හරි නැන්දේ"
"මහත්තයා.., ලොකු.., පොඩි.., මෙන්න චුටි ලිවුමක් එවල දිනූෂි දුව අතේ. එන්න ඔක්කොම."
'හැමෝම ඇහුන ගමන් සාලෙට ආවෙ දුවගෙන. ඒත් තව ටිකකින් ඔයාලගේ බලාපොරොත්තු බිදෙනවා. ඒත් මේක තමයි කවිගෙ කැමැත්ත. නැන්දා ලිවුම කියවන්න ගත්තා. ඒ එක්කම සිනෙතුත් ආවෙ කවිගෙ දයිවය දෙවියන්ටත් සෙල්ලමක් උන නිසාද කියල මට හිතුනා. දැන් සිනෙත් හැම ඇත්තක්ම දැන ගනීවි.'
"සිනෙත් එන්න පුතා. අපේ චූටි ලිවුමක් එවල. පුතාටත් ඕන නම් අහන් ඉන්න" සිනෙතුත් වාඩි වෙලා අහන් ඉන්න කැමැත්ත පල කරා. දෙවියන්ගෙත් සෙල්ලම්.

"ආදරණීය අම්මේ , අප්පච්චි , ලොකු , පොඩි,

            මුලින්ම මම සමාව ඉල්ලන්න ඕන මේ හැමදේම ඔයාලගෙන් හැංගුවට. මීට මාස හතරකට කලින් මට ඔලුවෙ කැක්කුමක් තිබුන දරුනුවට. මන් බෙහෙත් ගත්තා කීප සැරයක්ම ඒ කිසිම දෙයක් ඔයාල දන්නෙ නෑ අඩුම ගානෙ සිනෙත්වත්. දිනූෂි ඒක දැනගත්තම ගොඩක් බය උනා. එයා කිව්වෙම ගෙදරට කියමු කියල. ඒත් මට හැමදේටම වඩා වටින්නෙ ඔයාලගේ හිනාව. ඔයාලගෙ හිනාව මේ පොඩි දේට නැති කරන්න මට හිතුනෙ නැ. ඉතිම් මන් දිගටම බෙහෙත් ගත්තා. ඒත් මගේ අවාසනාවට අඩු උනේ නෑ. දවසක් ඔෆිස් එකේදි මට කැස්සක් ආව ඒත් පිට උනේ ලේ. ඒ වෙලාවෙම මාව කලන්තෙ දාල වැටිලා දිනූෂි ඩොක්ටර් කෙනෙක් ගාවට මාව එක්ක ගිහින්. සිහිය එද්දි මගෙන් ලේ ගන්නවා. මම ඩොක්ටර් එක්ක කතා කරා. එයා එ වෙලාවෙ මට මුකුත්ම කිව්වෙ නෑ. බෙහෙත් වගයක් දුන්නා බොන්න. සතියකින් එන්න කියලත් කිව්වා. ඒත් එදායින් පස්සෙ කැස්ස එන හැමවෙලාවෙම ලේ ගියා. මම ඔයාලට ඒ හැමදේම හැංගුවා. මේ හැම්දේම දිනූෂි දැනගෙන හිටියා එයාට ඕන උනා මේක ඔයාලට වගේම සිනෙත්ටත් කියන්න. මම ඒක වැලැක්කුවා. ඒ ඔයාල මට කොච්චර ආදරේද කියල මම දන්නවා. ලෙඩේ මොකද්ද කියල දන්නෙ නැතුව මේ දේවල් ඔයාලට මට කියන්න හිත දුන්නෙ නෑ. මම හිතාගෙන හිටියෙ ඩොක්ටර් හමුවෙලා ඇවිත් ඔයාලට හැමදේම කියන්න. ඒත්.. අන්තිමට මම සතියකින් ඩොක්ටර් හමුවෙන්න ගියා. එදා වගේ මූසල දවසක් තවත් නෑ. ඩොක්ටර් කිව්වෙ මොනාද දන්නවද අම්මෙ?  "මට සමාවෙන්න පුතේ මට කියන්න තියෙන්නෙ හොද ආරංචියක් නෙවෙයි. ඔයාට තියෙන්නෙ මොලේ පිලිකාවක්. ඒකත් අන්තිම අදියරේ. ඔයාට අදම මහරගම නවතින්න වෙනවා. " දන්නවද අම්මේ මම ගොලු උනා. මම අහපු එකම ප්‍රශ්නෙ මට කොච්චර කල් ජීවත් වෙන්න පුලුවන්ද කියල. දෙවියො ඒකටත් සැහැසි වෙලා. මට ජීවත් වෙන්න මාස තුනකටත් වඩා අඩු කාලයක් දීල තිබුනෙ. ඩොක්ටර් මට latter එකක් දුන්න මහරගම රෝහල්ගත වෙද්දි දෙන්න කියල. මම ඒකත් අරන් ඔෆිස් එකට ඇවිත් ගොඩක් කල්පනා කරා. දිනූටත් කිව්වා සේරම අඩ අඩාම. මට ඔය මූනුවල සතුටත් අරන් වෙන ලෝකෙකට යන්න හිතුනෙ නෑ අම්මේ. ඉතිම් මන් දිනුයි දිනූගෙ අයියයි එක්ක එකතු වෙලා plan කරා ඔයාලගෙ වගේම සිනෙත්ගෙ හිතෙත් මට තියෙන ආදරේ නැති කරන්න. ඉතිං මන් කලින් ඉදන්ම සිනෙත් එක්ක රන්ඩු කරා. කෝල් මැසේජ් නොකර හිටියා. ඊට සතියකට විතර පස්සෙ සිනෙත් ඉස්සරහින් මායි දිනූගෙ අයියයි පෙම්වතුන් වගේ ගියා. එයා කැමති කර ගත්තෙත් බැගෑපත් වෙලා. කොහොම උනත් සිනෙත්ට මාව එපා කරවන්න ටික දවසක් මට රගපාන්න උනා. කොහොම හරි මම හිතපු දේ උනා. සිනෙත්ට වගේම ඔයාලටත් මාව එපා උනා. ඉතිං මන් මහරගම රෝහල් ගත වෙන්න ඕන නිසා නුවරට මාරු වීමක් ලැබුනා කියල ඔයාලට බොරු කලා. එදාම මම ඔෆිස් එකෙන් අස් උනා. මාව අදවෙනකම් බලාගත්තේ දිනූ.
                     මම ඉතුරු කරපු හැම සතේම ලොකු අයියගෙයි පොඩි අයියගෙයි බැංකු පොත්වල දැම්මා. මේ කිසි දෙයක් සිනෙත්ට දැන ගන්න තියන්න එපා.එයා පිස්සෙක් වෙයි. කාටවත්ම නොකියපු තව දෙයක් තියෙනවා. මම තමයි සදා සරණ ලමා නිවාසෙ සුබෝධගේ  බාරකරයා. මම මැඩම් එක්ක කතා කරා. පුලුවන් නම් ලොකූට හරි පොඩීට හරි එයාව බාර ගන්න කියන්න. මන් මැරෙන්නෙ ගොඩක් සතුටින් ඒ ඔයාල වගේ පවුලක් මට ලැබුන නිසා. දන්නවද අම්මේ මම ඔයා ආස කරපු විදියට මේ ටිකේම ජිවත් උනේ. ඉතිම් මට ආඩ්ම්බරයි. අම්ම මේක කියවද්දිත් මම මේ ලෝකෙ නෑ. හැම ආත්මෙකම ඔයාල මගේම වෙන්න. බුදු සරණයි ...! සමු ගන්න අවසරයි.******************************************

කවිගෙ ගෙදර අය මහරගමට එද්දිත් කවි මේ ලෝකෙ නෑ. කවිගෙ පන සිනෙත්ට පිස්සු හැදුනා. එයා තාමත් මානසික රෝහලේ එයාගෙ මැනික කවි එනකම් බලන් ඉන්නවා. සුබෝධගේ බාරකාරිත්වය පොඩී බාරගත්තා...

සැරසී ඔයා සුදු ඔසරියෙන්
යානවාද නුබ මා තනිකරන්
මෙහි ඉන්න බෑ තව තනිකම දරන්
එන්නම් ඉතිම් හැකි ඉක්මනින්........

කතෘ -: නදීශානිගෙ පන්හිදෙන්

(උපුටාගැනීමකි)

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment