මලවුන් සමග

################

මළවුන් සමඟ (කෙටිකතාව)

#####################

නවෝදී...නවෝදී.... අම්මපා කෝ මේ කෙල්ල...

වෙලාවට ගමනක් යන්න බැහැනේ මේ පිස්සිත් එක්ක...

නහුතෙටම තද වෙච්ච දේවක අත් දෙක ඉනට තියාගෙන නොරිස්සුමෙන් මිදුලේ එහාට මෙහාට ඇවිද්ද‍ේ ගේ දිහා බලාගෙනමයි...

අම්ම‍ේහ්... මේ එනවෝ..මේ එනවෝ... කඩාගෙන බිදගෙන දොරත් වහගෙන දුවගෙන ආපු නවෝදී එල්ලගෙන ආපු බෑග් කීපයක් කාර් එකේ පිටිපස්ස‍ේ දොර ඇරලා සීට් එකට දැම්මා...

දේවක තරහෙන්ම මුකුත් නොකියා වාහනේට ඇතුල් වෙලා කාර් එක ස්ටාට් කරගත්තා...

කෝ බලන්න මෙයාගේ මූණ... මෙන්න වැඩක්... බෙරි වෙච්ච දූරියන් මදුලක් වගේ... නවෝදී කෝල සිතින් දේවකගේ කම්බුල් මිරිකුවේ දුවගෙන ඇවිත් දේවකගේ පැත්ත‍ේ ජනේලයට බර වෙලා....

හා..හා... දැන්වත් නගිනවා ඇවිත්... ඒ මිනිස්සු බලාගෙන ඇති අපි එනකල්...

දේවකගේ ගෝරනාඩුව මැද්ද‍ේ ආපහු කාර් එක වටේට දුවගෙන ගිහින් නවෝදී රථයට ඇතුල් වුනා...

මුණු මුණු ගාමින් නවෝදිට නොඇසෙන සේ මොනාද කොදුරමින් දේවක කාර් එක එලියට අරගෙන හරවා නවත්වා දුරස්ථපාලකයෙන්  ගේට්ටුව වසා දැම්මා....

දැන්වත් හිනා වෙන්නකෝ සුදූ... මං ඉතින් ඇදුම් බෑග් ටික හැදුවේ අන්තිම මොහොතෙන‍ේ... නවෝදී පමාවට හේතු කාරණා ගොනු කර දක්වන්න පටන් ගත්තා...

අපි මේ ගමන යනවා කියලා මං ඔයාට කිව්ව‍ේ ඊයේ... අද අන්තිම මොහොත වෙනකල් මොනා කලාද මන්දා... දේවක කෝපයෙන් නවෝදී දෙස බලා අතුරැ පාරේන් ප්‍රධාන පාරට කාර් එක දාගන්න හදද්දීම බයික් කාරයෙක් ලගටම ඇවිත් විශාල සද්දයක් නගමින් අමාරැවෙන් බයික් එක නවත්තගෙන දේවකගේ පරම්පරාව මතක් කරන්න පටන් ගත්තා...

තෝ බලන්න‍ේ නැතුව කඩාගෙන ආවට මං පලිද යකෝ... නහර උලුප්පාගෙන දේවකත් කෑ ගහගෙන කාර් එක වේගයෙන් ඉදිරියට ගනිද්දි නවෝදී දේවකගේ අතින් අල්ල ගත්තා....

මහත්තයෝ ... හෙමින් යමු... නවෝදී වෙන කිසිවක් නොපවසා එහෙම කිව්ව‍ේ දේවක එක පාරට මේන් රෝඩ් එකට දාපු එක වැරදියි කිව්වා නම් තවත් අහගන්න වෙන්න‍ේ තමන්ට නිසයි....

හෙමින් යන්න... හෙමින් යන්න තිබුනා... මේ එහා පැත්ත‍ේ තිබුනා නම් අරැන්ගේ ගෙවල්....

බම්බුව තමා... පාගන්න එපැයි කිලෝමීටර් ගානක්...මට...මට නේද.... දේවක තවමත් කෝපයෙන් වෙවුලනවා....

අනේ ... දැන් ඇති වස්තු... එක්ක‍ෝ නැත්තම් මාව මගින් දාලා යන්න.. මං යන්නම් ගෙදර ආපහු... මෙහෙම මූණ එල්ලගෙන පුලුවන්ද ගමනක් යන්න... ඒ පාර නම් නවෝදිටත් තරමක් කේන්ති ගියා.....

හම්ම්... දිගු හුස්මක් පිට කරලා දේවක සංසුන් වුනා...

අරැන් පුදුම අමාරැවකින් ලූ ඕක අරගත්ත‍ේ... පරණ වුනත් නැවතිලා ඉන්න පුලුවන් ලස්සන විලා එකක් කිව්වා....

කෝල් එකක් දාලා බලන්න ශ්‍යාමලා කොයි හරියේද කියලා දැන්... දේවක සන්සුන්ව පවසද්දි නම් , නවෝදිට සිහින් සිනහාවක් පහල වුනා...

දේවක තවත් වේගය වැඩි කරද්දි නවෝදි හෑන්ඩ් බෑග් එක ඇදලා මොබයිල් එක එලියට ගත්තා...

ආහ් ශ්‍යාමා... ඔව්... ඔයාලා එන ගමන්ද... ඔව් සුදෝ.... අපිත් පිටත් වුනා... දැන් නම්... ඉන්න බලන්න... අපි කොයි හරියේද බබා... නවෝදි ආදරණීය විදියට දේවක දිහා බලා ඇහුවා...

කියන්න කලුඅග්ගල හංදිය පහු කලා කියලා.... කෙලින්ම මහියංගනය පැත්තට ඇවිත් ආපහු කෝල් කරන්නම් කියන්න...

දේවක එහෙම කියද්දි , නවෝදි හිනා වෙලා මොබයිල් එක නැවත කනේ තියාගත්තා...

අපි කලුඅග්ගලලු සුදෝ.... ඔව් ඔයාලා කෙලින්ම එන්න එතනට... ඔව් අප්පා... ගොඩකලෙකින්න‍ේ... ආපෝ කියලා වැඩක් නැහැ... මතකද ගිය පාර... එයත් එනවාද... අපොයි.... කොහොමද අර සාරි එක එයාගේ... හාහාහා... මොකට කියනවාද... නවෝදි උස් හඩින් හිනා වෙවි දිගු කතාවකට මුල පිරැවත් දේවකගේ රවා බැලීමත් සමග කතා ශෛලයය වෙනස් කරගත්තා...

ආහ්... හරි සුදෝ... අපි ඇවිත් කතා කරමුකෝ...හම්මම්..එහෙනම් තිබ්බා සුදෝ...

කෝල් එක කට් කරලා දේවක දිහා බල බල නවෝදි බෑග් එකෙන් පොඩි අත් කන්නාඩියක් අරගෙන හැඩ බල බලා තොල් ආලේපන සකසා ගත්තා...

නවෝදිගේ විකාර දෙස වරක් බලා දේවක කාර් එකේ රේඩියෝ එක ක්‍රියාත්මක කොට ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් යන චැනලයක නවත්වා ඉදිරිය දෙස බලාගෙනම යොමා ගත් කන් වලින්, වේගය වැඩි කරමින්ම ඉදිරියට ඇදුනා.....

#############################

ආහ්...මේ මොකද බබා.. අපි ඉන්නවා කිව්වා නේද අරගොල්ල‍ෝ එනකල්...

නවෝදී වට පිට බලා යන්තමින් මහියංගණය කියලා නම් කරලා තිබුනු බෝඩ් එකක් කියවගත්ත‍ේ අදුරැ වී ගෙන එන පරිසරය හේතු කොට ගෙන බල්බ් දල්වා තිබුනු කඩයක් වේගයෙන් පසු කරමින් යද්දීය...

එයාලා යන්නත් ඇති දැන් ... අනික අපිට මොකටද කවුරැවත්.. මට මතකයි , අරැන් මට කලින් දවසක කිව්වා එන්න ඕන පාර ගැන...

කාගෙන්වත් අහ අහ ඉන්න බැහැ.. දේවක රවමින්ම කඩාගෙන ඉස්සරහාට ඇදුනා... ක්‍රමයෙන් නාගරික ප්‍රදේශය පහු කරමින් , කැලෑබඳ ප්‍රදේශය වැඩි වෙත්ම හාත්පසම අදුරැ බවින්ද වැඩි වුනා... තවත් දුර ඉදිරියට ගිහින් දේවක අතුරැ පාරකට හැරවුවා කාර් එක...

ම්හ්හ්.. මේ පාර වෙන්න ඕනේ... සිතුවිලි එක්ක තර්ක කරමින්ම දේවක ඉදිරියටම ඇදුනා...

අතුරැ පාරේ තරමක් දුර ගිහින් දේවක තවත් අතුරැ පාරකට හැරෙව්වා...

බබා... ඔයා... මේ යන පාරවල් හරිද.... මං අහන්නද එක්ක‍ෝ ශ්‍යාමට කෝල් කරලා... මේවා මේ කැළැ පාරවල් වගෙනේ... ලයිට් එලියක්වත් නැහැ... නවෝදී පුදුමයෙන් වගේ වට පිට බලලා කියද්දි දේවකගේ රතු කට්ටත් පැන්නා...

මං කට කැඩෙනකල් කිව්වානේ... යන්න පිටත් වෙන්න ඕනේ වෙලාව... පැය දෙකකට කලින් හරිනම් අපි ඉන්න තිබුනේ අරැන්ගේ ගෙදර... තමුන්... තමුන් නිසා තමා පරක්කුව... නවෝදීට බැන වදිමින්ම දේවක එක ලග වංගු කීපයක් හරවමින් තවත් අතුරැ පාරවල් ඔස්ස‍ේ කැලෑව අැතුලටම ඇදුනා...

දේවක... ඒ ගමන නවෝදිටත් මල පැනලා... මේ කැලෑවල් අස්ස‍ේ කොහේද යන්න‍ේ?? එයාලගේ ගෙවල් කැලෑව මැද්දේ ද තියෙන්න‍ේ??

කැලෑව මැද්ද‍ේ ඇති මගුල් ගෙයක් නැහැ... බම්බුව... එයාලා මට එන්න කියපු විදියට තමා මං යන්න‍ේ මතකෙන්...මිනිහාගේ විලා  එක නම් කැලෑව මැද්දෙනේ...දේවක තරමක් කෝපයෙන් කෑ ගහද්දී , දේවක දිහා රවලා බලපු නවෝදී මොබයිල් එක අතට ගත්තා...

මං ශ්‍යාමට කතා කරනවා දැන්...

නවෝදී මොබයිල් එක දිහා බලාගෙන සුසුමක් හෙලුවා...

ශිට්.. මට අමතක වුනානේ මොබයිල් එක චාර්ජ් කරගන්න.. කේබල් එක ගෙනල්ලත් නැහැ... නවෝදී වරදක් කර හසු වූ දැරිවියක මෙන් දේවක දිහා බැලුවා...

ඕකනේ... ඕකනේ... දැන් කොහොමද අරැන්ව කන්ටැක් කරගන්න‍ේ වත්... හොදටම දන්නවා මං මේ වගේ ගමන් එද්දි ඔය බම්බු මොබයිල් උස්සන් එන්න‍ේ නැහැ කියලා...

චික් විතරක්... පාර තමන්ට වැරදුනු බව තේරැම් ගත්ත දේවක දැන් පෙරටත් වඩා කේන්තියෙන්....

මං ඉතින් මොනා කරන්නද?? අපි ආපහු හරවගෙන මේන් රෝඩ් එකට ගිහින් අහලා බලමු දේවක... අරැන් කිව්ව‍ේ ප්‍රසිද්ධ තැනක් කියලනේ ඒ විලා එක...

අපි පොඩ්ඩක් ටවුන් එකෙන් අහලා බලමු... නවෝදිගේ කතාවත් එක්ක දේවක පටු මාර්ගයේ අයින් කර වාහනය නවත්වා , රිවස් කරන්න පටන් ගත්ත‍ේ ඒ පාරේ වාහනය දකුණට හෝ වමට හරවන්න ඉඩක් නොතිබුනු නිසා....

ඒත් එක් වරම, දඩ බඩ සද්දයක් නගමින් එංජිම ගැහෙන්න ගත්තා... එක්වරම එංජිම ක්‍රියා විරහිත වෙද්දි දේවක නැවතත් යතුරැ කරකවා කාර් එක ස්ටාර්ට් කර ගන්න  උත්සාහ කලා...ශිට්... කාර් එකේ වතුර බෝතලයක්වත් නැති බව දැකලා දේවක මූණ තවත් රකුසු කරගත්තා...

මොකද වුනේ දේවක?? නවෝදී කලබලයෙන් මෙන් විමසද්දි දේවකටත් හීන් දාඩිය දැම්මා...

මලමගුලයි... කාර් එක කැඩිලා වගේ නවෝදී... දේවක තව දුරටත් යතුරැ දමා කාර් එක පණගන්වන්න උත්සාහ කිරීම නවත්වා දමා , කාර් එකෙන් බැහැලා ඉස්සරහාට ගිහින් වට පිට බැලුවා...

නවෝදී...නවෝදී.... දේවකගේ කෑ ගැසීමත් සමඟ නවෝදීද කාර් එකෙන් එලියට බැහැලා දේවක ගාවට ඇවිදගෙන ගියා...

අ..ඇයි බබා....

නවෝදී... අර බලන්න.. අර අතන කැලෑව අස්සෙන් එලියක් පේනවා නේද?? කවුරැහරි ඉන්නවා වගේ එතන... මං... මං ඉක්මනට බලලා එන්නම්... උදව්වක් ඉල්ලගන්න පුලුවන් කවුරැ හරි ඉන්නවාද කියලා...දේවක කලුවරේම ඈත පෙනෙන ගින්දර එලිය දෙස බලද්දී නවෝදී බියෙන් මෙන් වට පිට බැලුවා...

මං...ම..මං කොහොමද මෙතන ඉන්න‍ේ තනියම... මාත් එන්නම් බබා ඔයත් එක්ක... නවෝදී දේවකට තුරැල් වෙලා කියද්දි දේවක සිනහාවක් පහල කලා...

හම්ම්ම්... එහෙනම් යමු.. දෙන්නාම ගිහින් බලමු... කාර් එක පිටිපස්ස‍ේ තිබුනු විදුලි පන්දමක් අතට අරගෙන දේවක ඉස්සර වුනා ගස්වැල් අතරින් ආල‍ෝකය ආ දිසාවට යන්න... දේවකගේ අතින්ම අල්ලගෙන හෑන්ඩ් බෑග් එකත් අනිත් අතින් තද කරගෙන අල්ලගෙන නවෝදීත් ඉස්සරහාට ඇදුනා...

################################

ක්‍රමයෙන් ඔවුන් ගිනිගොඩ දැල්වුනු තැනට කිට්ටු වුනා... දිරාගිය පැරණි ගොඩනැගිල්ලක් අසල , ඉස්සරහාටම වෙන්න අලුතින්ම දැල්වු හොදට වියලුනු දර ගොඩකින් දැල්වෙන ගිනි ගොඩ දෙසට දේවක ටෝච් එලිය එල්ල කල‍ා...

කවුරැ හරි ඉන්නවාද?? හෙලෝ...කවුද ඉන්න‍ේ මෙතන... කීප වරක්ම දේවක උස් හඩින් කතා කලත් ප්‍රතිචාරයක් තිබුනේ නැහැ...

කවුරැවත් නැහැ වගේ බබා.. අපි ආපහු යමු... නවෝදි වට පිට බලලා දේවකගේ ඇගට තුරැල් වුනා...

කවුරැවත් නැත්තම් ගිනිගොඩක් පත්තු වෙන්න විදියක් නැහැනේ... අපි ටිකක් ඉමු මෙතන... කවුරැ හරි ඉදලා එහාට මෙහාට වෙලා වෙන්නැති... ආපහු එන්න පුලුවන් මෙතනට....

දේවක වටපිට බලමින් කියද්දි , නවෝදී දිරා ගිය   පරණ ගොඩනැගිල්ල ඉදිරිපිට තිබුනු පඩිපෙල උඩින් වාඩි වුනා...

එක්වරම ඇසී ගියේ කන් බිහිරි කරවන ආකාරයේ අමුතු කෑ ගැසීමකි...

දෙවියනේ බබා... ඒ සද්ද‍ෙ මොකක්ද?? ඉදගෙන හිටපු තැනින් ඉද්ද ගැසුවාක් මෙන් පැන නැගිටගත් නවෝදී දේවක ගාවටම පැන ගත්තා...

දේවකත් කලබලයෙන් වට පිට බැලුවා... මං... මං හිතන්න‍ේ ඒ... ඒ සද්ද‍ේ උලමෙක්ගේ වෙන්න ඕනේ නවෝදී... අ..අපි මේ ගොඩනැගිල්ල ඇතුලට යමු... කවුරැහරි ආව‍ොත් එන්න වෙන්න‍ේ මෙතනටන‍ේ...අවට සමහර විට දරැනු සතුන් සිටිය හැකිදැයි කලබල වෙමින් දේවක නවෝදීවත් ඇදගෙන පරණ ගොඩනැගිල්ල‍ේ දිරාපත් වී තිබුනු ප්‍රධාන දොරට ටෝච් එලිය යොමු කර අමාරැවෙන් දොර තල්ලු කර ඇතුලට ඇතුල් වුනා...

ඒත්...ඒත්..බබා...මේක ඇතුලේ සර්පයෝවත් ඉන්නවා ද දන්න‍ේ නැහැ... නවෝදී අකැමැත්තෙන් මෙන් දේවකගේ අතින් අල්ලගෙන පිටිපස්සෙන්ම ගොඩනැගිල්ලට ඇතුල් වුනා...

දෙවියනේ... බබා ... අර බලන්න... ටෝච් එලිය යන්තමින් වැටුනු පැත්තක තිබුනු යමක් දෙසට අත දික් කරමින් නවෝදී කෑ ගැහුවා...

දේවක කලබලයෙන් ඒ දෙසට ටෝච් එක හරවද්දි දැක්ක‍ේ , විශාල මකුලුවෝ රාශියක් එක පෙලට ගොඩනැගිල්ල ඇතුලේ සිට අඩි තුනක් පමණ උඩින් පිහිටි පොලවට සමාන්තරව සවි කර තිබුනු දිරා ගිය ජනේලයකින් එලියට ඇදී යන ආකාරයයි...

බබා.... අපි .... අපි ආපහු කාර් එකට යමු.. මේක සත්තු විමානයක්ද කොහෙද... නවෝදී බියෙන් වගේ පවසද්දි දේවක සිනාවක් පහල කොට නවෝදි දිහා බැලුවා...

මේක කැලෑවක්නේ නවෝදී... පුංචි පුංචි සත්තු ඉන්නවා තමා...ඒත් කොටි වලස්සු මේවාගේ කොහෙද...

කාර් එක ඇතුලට ගියත් මොනා කරන්නද... අපිට පාරට යන්න විදියක් නැහැනේ... මෙතන කවුරැ හරි ඉන්නවා නම් ඒ මනුස්සයා එක්ක අඩුම තරමේ කාර් එක තල්ලු කරගන්නවත් පුලුවන් වෙයි ... අපි ඉදලා බලමු ටිකක්...

දේවකගේ අස්වැසීමත් සමඟ දේවකගේ අතින් ටෝච් එක අරන් නවෝදී වටේටම ටෝච් එක අල්ලගෙන ගියා...

ගොඩනැගිල්ල ඇතුලේ බිත්ති තැන් තැන් වලින් කැඩිලා බිම ගඩොල් කොටස් දක්නට ලැබුනත් , පරණ ලක්ෂණ වලින් දක්නට , තේරැම් ගන්නට පුලුවන් උනේ අඩුම තරමේ කාමර තුනක් සහිත , බාත්රෑම් එකක් මේ ගොඩනැගිල්ල‍ේ තියෙන්නට ඇති බවත්.... සියලුම බිත්ති , ගොඩනැගිල්ල ගින්නට අසු වී දැවි ග‍ොස් ඇති බවත්ය...

නවෝදී , අර අතන බිත්තියේ පින්තූරයක් තියෙනවා වගේ නේද?? නවෝදීගේ අතින් ටෝච් එක අරගෙන සම්පූර්ණයෙන්ම ගොඩනැගිල්ල ඇතුලටම ඇතුල් වෙලා දේවක පින්තූරයට ටෝච් එක එල්ල කලා...

නවෝදී ... මේ බලන්න.... ටෝච් එලියෙන් ආලෝකමත් වෙච්ච පින්තූරේ දිහා බලලා කලබල වෙච්ච දේවක නවෝදීට ලගට කතා කලා....

නවෝදීත් දේවක ලගට ගමන් කරද්දීම ක්ලික් හඩින් අගුලක් වැටෙන හඩ ඇහුනත් , දේවකගේ හඩ ගැසීමට දේවක ලගට ගිය නවෝදීට ඒ සද්දය කල්පනාවකට ආවේ නැහැ....

දෙවියනේ , බබා.... මේ .... මේ.... අපේ වෙඩින් ෆොටෝ එකනේ... එ්ක කොහොමද.... දෙවියනේ ඒක කොහොමද මෙතනට ආවේ?? නවෝදීගේ මේකප් දිය වෙන්න පටන් ගත්ත‍ේ , බියටද වෙන යම් හේතුවකටද මන්දා... නමුත් දේවකගේ නම් හිත තරමක් සැලුනා....

අපි....අපි මෙතනින් යමු.... ඉක්මනට යමු දේවක... නවෝදී දේවකගේ අතේ එල්ලුනා...

ඉන්න ... මේක මෙතනට ආව විදිය හොයා ගන්න ඕනේ නවෝදී....

දේවක තොල් පෙරලමින් නැවත වටපිට බැලුවා...

##############################

එක්වරම දෙදෙනාටම ඇසුනේ බල්ලෙකු කන්පට ගහනවා වගේ සද්දයක්... ඒත් එක්කම බිම දිගේ යමක් ඇදීගෙන යන සද්දයකුත් නිකුත් වුනේ ග‍ොඩනැගිල්ලට එලියෙන්...

මං...මං... හිතන්න‍ේ කවුරැ හරි ඇවිත්... අර ගිනිගොඩ ගහපු කෙනා වෙන්නැති... දේවක ඉදිරි දොර දෙසට ගියේ එලියට බැහැලා සද්ද‍ේ ආපු දිහාවට යන්න...

එ්ත්... ඒ වන විටත් ඉදිරිපස දොර අගුල් වැටිලා තිබුනා...

මේ මොන මගුලක්ද උනේ... අපිට මේක ඇරගන්න අමාරැ උනා නේද... ඒත් අපි වහන්න‍ේත් නැතුව මේක කොහොමද වැහුනේ... දේවක පුදුමයෙන් විසල් වුනු දෑස් නවෝදී දෙසට හැරෙව්වා...

එතකොටම වගේ යටි ගිරියෙන් කෑ ගහන හඩක් දෙන්නාවම හිටපු තැන් වලම ගල් කලා...

ඉන් අනතුරැව ඇතුල් බිත්තියක් පැත්තෙන් ඇහුනේ කවුරැන් හෝ බිත්තියක් හූරන හඩක්... නවෝදි , ඉක්මනටම දේවක ලගට ඇවිත් බියෙන් ගැහෙන අත් දෙකෙන් දේවකව අල්ල ගත්තා...

බ..බ...බබා...ඔ..ඔ..ඔයා...ඔයා‍ට.... ඇහෙනවාද... ඒ .... ඒ සද්ද‍ේ... නවෝදී වචන පටලමින් කොදුරන්න පටන් ගත්තා...

නවෝදී ට කතා කරගැනීමටත් අපහසු බව තේරැම් ගත්ත දේවක , යන්තමින් සිනහා මුහුණක් මවා ගෙන නවෝදීගේ අත දැඩිව අල්ලාගෙන ටෝච් එක සද්දය නැගුනු බිත්තිය පැත්තට අල්ලාගෙන හෙමිහිට ඉදිරියට ඇදුනා...

බිත්තිය පැත්තට වෙන්න තිබුනු කුඩා ගඩොලක් උඩට නැගලා බිත්තියේ හිටපු මකුලුවෙක්ට ඉව අල්ලමින් , බිත්තිය පහුරැ ගාමින් හිටියේ කලු පැහැති විශාල පූසෙක්...

අපොයි... මේ ජරා පූසාටද බය වුනේ ඔයා... දේවක මහ හඩින් හිනා වෙමින් පූසාට වැරෙන් ප්‍රහාරයක් එල්ල කලා , කකුල දිග ඇරලා...

පූසාගේ කෙදිරියත් සමඟම ඇසුනේ සිහින් හිනා හඩක්... ක්‍රමයෙන් හිනා හඬ වැඩිවී ගෙන විත් අවසානයේ ගෙරවිල්ලකට පරිවර්තනය වුනා....

කවුද... කවුද ඉන්න‍ේ?? දේවක නවෝදීව තුරැල් කරගෙන ටෝච් එක හතර වටේට කරකැවුවා....

ඒත් ක්‍රමයෙන් ටෝච් එලිය , අවපැහැ ගැන්විලා ගිහින් නැත්තටම නැති වෙලා ගියා කිසිම ආලෝකයක්....

මුලු පලාතම පට්ට කලුවරයි... නවෝදිගේ හද ගැස්ම දේවකට ඇසෙන තරම් මුලු පලාතම සම්පූර්ණයෙන්ම කිසිම සද්දයක් නැතුව නිස්කලංක බාවයට පත් වුනා...

නවෝදී හෙමිහිට දේවකට අතෙන් තට්ටු කරලා ජනේලය දිහාවට , දෑස් යොමු කලා... තරමක් වේලා ගිහින් අදුරට දෑස් හුරැවු බැවින් දේවක නවෝදිවත් අල්ලගෙන ජනේලය අසලට ගියේ පැරණි ජනේලයක් බැවින් කඩා ඉවත් කොට හෝ මින් පිට විය හැකිද බලන්න...

දේවක හෙමිහිට කලින් මකුලුවන් පිටවන ස්ථානය දුටු පැත්තට දෑස් යොමු කරගෙනම යම් කිසි චලනයක් තිබේ දැයි පරීක්ෂා කලා...

කකුලට පෑගුණු කුඩා ගඩොල් කැබැල්ලක් අහුලා ගෙන දේවක උත්සාහ කලේ ජනේලය සහ රාමුව අතරට ගඩොල් කැබැල්ල රිංගවා තද කරගැනීමටයි...

ඒත් ගඩොල් කැබැල්ල කුඩු වී යද්දි උස් හඩින් ඇසුනු සිනා හඩක් නිසා දෙන්නාම නැවතත් ගල් වුනා...

සිනා හඩ පැමිණි බාත්රෑම් එක පැත්ත‍ේ බිත්ති දෙසට අදුරේම හැරැනු දේවක , බියෙන් ගැහෙන  නවෝදිව තුරැල් කරගෙන ඉදිරියට ඇදුනත් , එක් වරම යමක් සිහිපත් වුනා වගේ සාක්කුවට අත දැම්මා...

සිගරට්ටු දැල්වීමට බාවිතා කරන පොකට් ලයිටරය එලියට අැදලා ගත්ත දේවක අමාරැවෙන් ලයිටරය දැල්වුව‍ේ වරක් , දෙවරක් උත්සාහ කලාට පසුවයි....

දෙවියනේ.... ලයිටරයේ මද ආලෝකයෙන් ආලෝකමත් වූ බාත්රෑම් බිත්තිය ඉදිරිපිට ඔවුන් දුටුවේ අමුතුම දර්ශනයක්....

බිත්තියේ තිබුනු පිච්චුනු ගඩොල් අතුරින් උකු දියරයක් නොනවත්වා එලියට ගලමින් තිබුනා...

ඒ උකු දියරය රස කරමින් දිවෙන් ලෙව කමින් සිටියේ දේවක පා පහරක් එල්ල කල පූස් තඩියයි...

බ...බ...බබා... ඒ... ඒ... ලේ.... ලේ... නේද... වෙවුලන හඩින් නවෝදී කොදුරද්දි දේවකගේ හිතද ගැහෙන්න පටන් ගත්තා...

පූස් තඩියා දිලිසෙන ඇස් වලින් දෙදෙනා දිහාම බලද්දි , දේවක ලයිටරය රදවා ගත් අත පැති කිහිපයකටම හරවා බිම තිබුනු දිරා ගිය කඩදාසි , කොල ගොඩක් ලගට ගිහින් කොල ටික එකතු කොට ගෙන ගිනි ගොඩක් දැල්වුවා....ලයිටරය ඒ අසලම බිම දමා වට පිට බලමින් දේවක විමිසිලිමත් වුනා...

ගිනි ගොඩ දැවී ප්‍රදේශය ආලෝකමත් වෙද්දී , දේවක දුටුවේ බිත්තයේ පසෙකට වන්න සවි කර තිබුනු දින දර්ශනයක්... නමුත් එම දින දර්ශනය 2037 වර්ෂයේ නවතම දින දර්ශනයක් වුනා...

දේවක වහා ඉදිරියට පැන දින දර්ශනයද ගලවා රෝල් කරගෙන නිවි යාමට ආසන්නව තිබු ගිනිගොඩට අල්ලා පත්තු කරගෙන ජනේලය අසලට දුවගෙන ගිහින් , තවමත් ජනේලය අසල රැදී සිටි මකුලුවෙකු පලවා හැර ජනේලයට කිට්ටුව තිබුනු කුඩා ප්‍රමාණයේ කොටයක් උස්සා ජනේලයට වැරෙන් ප්‍රහාරයක් එල්ල කලා..

පන්දම නිවි යන්න මොහොතකට කලින් දිරා තිබුනු ජනේලය කඩා ඉවත් කරගන්න දේවකට හැකි වුනා...

නවෝදී... එන්න ... අපි යමු... පන්දම නිවෙනවාත් සමගම නවෝදී හිටපු පැත්තට හැරිලා දේවක කතා කලත් , නැවතත් අදුරැ වුනු ගොඩනැගිල්ල‍ේ නවෝදිව පැහැදිලිව පෙනුනේ නැහැ....

නවෝදී... නවෝදී... දෙපාරක්ම කතා කලත් නවෝදීගෙන් ප්‍රතිචාරයක් නැහැ... ඒ වෙනුවට දේවකට ඇසුනේ කවුරැන් හෝ රස කෑමක් තලුමරමින් කන හඩක් වගේ සද්දයක්...

නවෝදී... මේ විහිලු කරන වෙලාවක් නෙමේ... කතා කරනවා... කොහෙද ඉන්න‍ේ... එනවා යන්න කාර් එක ලගට... දේවක කේාපයෙන් කෑ ගැසුවත් කිසිම ප්‍රතිචාරයක් නැහැ නැවතත්....

යන්තමින් නිවී යන්නට දගලන රත් පැහැති කුඩා ගිනි පුපුරැ නලියන කඩදාසි ගොඩ දෙස බලා බිම බඩගාගෙන දේවක ඒ අසල සෙව්ව‍ේ තමන්ගේ ලයිටරය...

වාසනාවකට දේවකට ලයිටරය අතට අහුවුනා... වෙවුලන දෑතින් සහ කෝපාග්නිය මිශ්‍ර වූ දෑසින් යුක්තව දේවක ලයිටරය දැල්වුවා...

දෙවියනේ..... ලේ ගලන බිත්තිය අතර හතර ගාතෙන් බිම බඩ ගාමින් ලේ උරා බොමින් හිටියේ නවෝදී... කට දෙපැත්තෙන් ලේ පෙරමින් දැල්වුනු ආලෝකයත්.සමඟ නවෝදී හිස ඔසවා දේවක දිහා බැලුවේ කට දෙපැත්තෙන් ලේ පෙරමින්... නවෝදි අසලම බිම දගලමින් හිටියේ පපු ප්‍රදේශයේ විශාල තුවාලයක් සමගම අර විශාල කලු පූසා...

නවෝදී වගේම පූසාත් ලේ වලින් නැහැවිලා තිබුනා..

න...න..වෝ...දී... දෙ..දෙයියනේ.... ඔයාට... ඔයාට... මේ මොකද වුනේ නවෝදී...

වෙවුලන ස්වරයෙන් දේවක විමසද්දි නවෝදීගේ  දෑස් බබලන්න පටන් ගත්තා.. අත් වල ගෑවුනු ලේ දිවෙන් ලෙව කමින් නවෝදී හතරගාතේන් බඩගාමින් දේවක අසලට ඇදී ආවා...

නවෝදී... එන්න එපා.... එන්න එපා ලගට... නවෝදී... මොකක්ද දෙයියනේ මේ උනේ... නවෝදී.... දේවක මහ හඩින් හඩා වැලපෙමින් පස්සෙන් පස්සට ඇවිදගෙන ගියා...

ලේ සුවදට දැඩි ගිජු කමින් මෙන් නවෝදී කට වටා ඇති.ලේ දිවෙන් ලෙව කමින් ඉදිරියටම ඇදුනා....

ඒත් සමගම ඇසුනේ කන් බිහිරි කරවන කෑ ගැසීමක හඩක්... දේවකගේ කන් දෙපැත්තෙන් ෂවර් එකක් ඇරියා වගේ දාඩිය ගලාගෙන යන්න පටන් ගත්තා...

නවෝදී.... නවෝදී.... දේවක අඩමින්ම නවෝදිගේ නම කොදුරමින් ජනේලය දෙසට ගියා... නවෝදී නැවතී දේවක දෙස බලා ක්‍රමයෙන් ඉදිරි අත් බිම තබා බිම ඔබා ගෙන සිටින දණහිස් උස්සා ඉදිරි අත් වලට වාරැ දී උඩු අතට හිස පිටුපසට වෙන සේ අත්වලින් හිට ගත්තා...

දේවක වෙවුලමින් බලා සිටිද්දීම නවෝදිගේ හිස අනිත් පැත්තට හැරිලා දේවකගේ මූණ දිහාවට මූණ ලා දේවකට රත් පැහැ ගැන්වුනු දිව දික් කරන්න පටන් ගත්තා...

දේවක බියෙන් ගැහෙමින්ම ජනේලය මතට නැග ගත්තා....

නවෝදී.... දෙවියනේ.... නවෝදී.... අවසන් වරට නවෝදී දෙස බලා ජනේලයෙන් එලියට පැනගත්ත දේවක නිමා දැමු ලයිටරය සාක්කුවේ දාගෙන හැල්මේ දුවන්න පටන් ගත්ත‍ේ කාර් එක නවත්තලා තිබුනු දිහාවට...

ගස්වැල් පීරමින් , කටු පදුරැ වලට තුවාල කරගනිමින් , දේවක වැටි වැටී දිව්වා...

දේවකගේ මතකයේ පරිදි කාර් එක ඇති පැත්තටම දේවක දුවගෙන ගියා... ඒත් කාර් එකක් දකින්න තිබුනේ නැහැ...

දේවක හති හෙලමින් පටු පාර දිගේ ආපස්සටම   ඇවිදගෙන ගියා...මතක හැටියට ප්‍රධාන පාරකට වැටෙන පරිදි...

#########################

දේවක....මගේ රත්තරනේ... එන්න මං ලගට...

කන ගාවින්ම වගේ ඇහුනු සද්ද‍ේට ගල් වෙලා මොහොතක් හිටපු දේවක පිටිපස්සට හැරැනේ වෙවුලන දෑත් එකට බැදගෙන ..වියලී ගිය තොලකට .... තෙමා ගැනීමට අපහසු උත්සාහයක යෙදෙමින්...

දේවක පිටිපස්සෙන්ම දේවකට හරි කෙලින් පටු පාර මැද්ද‍ේ හිටගෙන හිට්යේ නවෝදී...

කැලෑවේ අදුර පහ කරමින් වැටී තිබුනු සඳ එලියෙන් නවෝදිගේ සුන්දර මුහුණ බැබලෙන්න පටන් ගත්තා...

නවෝදීගේ පෙනුමේ කිසිම වෙනසක් තිබුනේ නැහැ... හෑන්ඩ් බෑග් එකත් එල්ලගෙන , කිසිදු ලේ පැල්ලමක් පේන්නවත් නොතිබුනු දෑත් දිගු කරමින් නවෝදී දේවකට ආදරණීය වැලදගැනීමකට ආරාධනා කලා...

න..නවෝදී... ඔ..ඔ..ඔයාට දැන් හොදයිද... මො...මොකක්ද වුනේ ඔයාට...

දේවක , විමතියෙන් විසල් වුනු දෑස් සහිතව හති හෙලමින්ම නවෝදී ගාවට දිව ගියා....

ඒත් සමගම නවෝදී පටු මාර්ගයේ පිහිටි මට්ටමේ සිට අඩි කිහිපයක් ඉහලට එසවුනේ වියරැ සිනහවක් නගමින්....

සිටි තැනම ගල් ගැසී දේවක බලාගෙන ඉද්දීම වේගයෙන් කඩාගෙන ආපු කාර් එකක් දේවකව  යට කරගෙන ගිහින් තරමක් ඉස්සරහින් නැවැත්තුවා.....

############################

ඕ.. ශිට්...බම්බුව... ඒ ගමන සතෙක් අහුවුනාද මන්දා රෝදෙට....

ඉස්සරහා දොර ඇරගෙන එලියට ආපු දේවක වට පිට බලාගෙන  කෑ ගැහුවා...

මොකෙක්වත් පේන්න නැහැ බබා... නවෝදී ටෝච් එක පත්තු කරලා වට පිට බැලුවා....

ගහක මුලක්වත් වෙන්න ඇති ලමයෝ... අපි යමු...

ඉස්සරහින් දකුණට නේද... ශ්‍යාමා මැසේජ් එකක් දාලා...

කාමර තුනක් තියෙනවාලු... අනේ මාත් හරි ආසයි කැලේ මැද්ද‍ේ ඉන්න... අරැන් කිව්ව‍ේ එයා ගිනි ගොඩක් ගහලා තියන්නම් අපි බාබකියු එකක් දාමු කියලා...

නවෝදී මේකප් තැවරෑ මුහුණ පේපර් සර්වියට් එකකින් පිහිදන ගමන් දේවකගේ අතින් අල්ලගෙන කාර් එක දිහාට ගියා...

ආනේ... හරි ෂෝක්... අර කලු පාට පූසෙක්...

දැන්  නම් අරැන්ගේ විලා එක ලග ඇති...

අපි ඉක්මනටම යමු...

නවෝදී ආදරයෙන් දේවකට තුරැල් වුනා....

#############################

නිමි
සුපුන් තාරක වීරකෝන්

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment