ආයේ එන්න පණ මාගේ

~~~ ආයේ එන්න පන මාගේ...~~~
-කෙටි කතාව-

    "ඉතින් සමාදි, අඩන්න එපා මැනික..
එන්න පුලුවන් වුනානම් මං නෑවිත් ඉන්නවද...
ඔයා ලගට එන්න තමා මාත් බලන් ඉන්නෙ...

  "ඒත් පහන් ඔයා ගිහින් කොච්චර කල්ද..
ඔයාට මතකද පහන්...
     සමාදි අඩ අඩ අහන දේවල් වලට කියන්න දේවල් උත්තර පහන්ට තිබුනෙ නෑ...
    "මං තියන්නම් පහන්... ඔයා පරිස්සමින් ඉන්න මහත්තයෝ... බුදු සරනයි....
   
   එහෙම කියලා සමාදි ෆෝන් එක කට් කරේ අඩන එක තවත් වැඩි වෙද්දි කියලා තේරුම් ගන්න පහන්ට අමාරු වුනේ නෑ...

       "මොකෝ අදත් අවුල්ද?
ලග හිටපු කොල්ලෙක් අහපු දේට පහන් උත්තර නොදී ලග තිබුන වැලි කොට්ටයක් උඩ ඉදගත්තා..
     "මොනවා කරන්නද මහේශ්,, සමාදි පවු.. එයා හැමදාම කතා කරොත් අඩලා ෆෝන් එක තියන්නේ...
   මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා බං....
       "හිතන්න එපා කොල්ලෝ... හැමදේම විසදෙයි ඉක්මනටම.. 
   එහෙම කියලා මහේශ් එතනින් නැගිටලා ගියේ මේ වෙලාවෙ පහන් තනියම ඉන්න ඕනේ කියලා හිතට දැනුන නිසා...
  
      *ඉන්න තැනම ඉදන් වට වෙලා තිබුන තහඩු ගොඩට ඔලුව තියාගත්ත පහන්ගෙ මතකෙට ආවේ එයාට සමාදි ව මුලින්ම හම්බවුන දවස...

    "පහන් කියන්නෙ යුද හමුදා සෙබලෙක්...
සරසවි අධ්‍යාපනය මග නවත්තලා රට රකින්න පෙරමුනට ආපු වීර පුතෙක්..
    පහන් වත් පොහොසත් කම් වලින් තැනක හිටපු පවුලක වැඩිමල් පුතා...
ඉගනීම නවත්තලා හමුදාවට බැදුන පහන් ගැන අම්මා තාත්තා නංගිගේ හිතේ තිබුනේ ආඩම්බරයක් වගේම ගෞරවයක්...
     
    "යුද සමය ආරම්භ වෙලා ටික කාලයක් යද්දි සතුරු සේනා රටේ ප්‍රසිද්ධ තැන් ඉලක්ක කරලා ප්‍රාහාර එල්ල කරමින් තිබුන කාලේ පහන් සේවයේ යෙදිලා හිටියෙ නුවර...

     "නුවර දලදා මාලිගාව අසල තිබුන කෑම්ප් ලගින් දවස ගානේ මිනිස්සු එහේ මෙහේ ගියේ හිතේ කිසිම බයක් නැතුව..
    
    "නුවර දලදා සමිදු වදින්න ආපු සමාදි ට පහන් හම්බවෙන්නෙ අහම්බෙන්...
   එදා පහන් සමාදි ට නම්බර් එක දුන්නත් ඒක ගන්නෙ සමාදිගෙ යාලුවෙක්..
    කාලයත් එක්ක සමාදි පහන් ආදර කතාව ගලාගෙන ගිහින් අවුරුදු 4ක මේ ආදර කතාවට අලුත් පිටුවක් ලියවෙන දවසත් උදා වුනා...
   

     සමාදි පවුලේ එකම දරුවා වුනත් ආමිකාරයෙක්ට දුව දෙන්න සමාදිගෙ දෙමාපියන් කැමති වුනා...
       මොකද වත්පොහොසත් කමින් වුනත් ඉගනිමෙන් වුනත් පහන් තැනක හිටපු නිසා..

      "බබා...
"ම්ම්ම්ම්ම්ම්...
   "මං හිතුවෙ නෑ අම්මලා අපිට කැමති වෙයි කියලා...
"ඇයි ආමිකාරයෙක්ට දුව දීලා වැන්දඹුවක් වෙයි කියලද??
  "අනේ මහත්තයෝ මොනවාද මේ කියන කතා... එකට ජීවත් වෙන්න හරි මැරෙන්න හරි දැනගෙනයි මං ඔයාට ආදරේ කලෙ...
"හරි හරි පන්ඩිත ආච්චි, දැන් ෆෝන් එක තියන්න. හෙටින් පස්සෙ ෆෝන් එකට නිවාඩු...
       එහෙම කියලා පහන් ෆෝන් එක කට් කලේ හෙට සමාදි ගෙයි පහන්ගෙයි විවාහය ගැන හීන දාහක් මව මවමයි...

     "හැමදේම ලස්සනට සිද්ද වෙද්දී, පහන් සමාදිගෙ අත ගත්තේ ජීවිත කාලෙම එකට ඉන්න පොරොන්දු දෙමින්...
      අවසානයේ පහන් සමාදි එක්ක මදු සමය ගත කරන්න යන්න තීරනය කලෙත් එයාලාව මුන ගැහුන දලාදා සමිදු ඇස් මානයෙ තියන නවාතැනකටමයි...

     "සතුටුද මැනික....
*ඔවු මහත්තයෝ හැමදේම ලස්සනට සිද්ද වුනා..
  "ආදරෙයිද??
*ගොඩාක් මහත්තයෝ මේ ජීවිතේ තරම්...
  සමාදි ඇස් වල කදුලු පුරවන් කියද්දි පහන් ඇයව පපුවට තද කරලා තුරුල් කරගත්තා...

-----------------------------------------------------------------
       "ට්‍රීං.....ට්‍රීං......ට්‍රිං......

ෆෝන් එක රිංග් වෙන සද්දෙට පහන්ටයි සමාදිටයි දෙන්නටම ඇහැරුනා...
  
     "හෙලෝ..... ඔවු සර්..  හරි සර්... හරි සර්..
ඕකේ සර්....
    එහා පැත්තෙන් කතා කරපු කෙනාට පහන් උත්තර දීලා එහෙමම ඇදේ වාඩි වෙලා කල්පනා කරන්න පටන් ගත්තා...
  
    "බබා ඇයි... මොකද වුනේ..  කවුද කතා කලේ....
   පහන් ගෙ වෙනස් වෙච්ච මූන දිහා බලන් සමාදි ඇහුවේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරිවුන නිසා...

    "කතා කලේ කෑම්ප් එකෙන්.. තව පැයකින් ඩියුටි ඉන්න ඕනේ.. වාහනයක් එවනවාලු..
    පහන් ඔලුව බිමට බර කරන් කියද්දි සමාදි කියාගන්න දෙයක් නැතුව පහන්ගෙ අතින් අල්ලගත්තා...
      *ඔයා නිවාඩු දැම්මා නේද මහත්තයෝ.. ඊයෙනෙ වෙඩින් එක ඉවර වුනේ... ඇයි මේ...
   
   ඔවු මැනික ඒත් කෑම්ප් එකේ ඉන්න අපේ යුනිට් එක අරන් යනවලු.
    අලුත් කට්ටියක් එයි..

"සමාදිගෙ ඇස් වලට කදුලු පිරෙන්න ගියේ තප්පරේටත් වඩා අඩු කාලයක්... පහන්ව බදාගෙන සමාදි අඩනකොට පහන් නිරුත්තර වෙලා ඔහේ බලාගෙන හිටියෙ කරන්න දෙයක් නැති නිසා...

    "ඕවා ඔහොම තමා මහත්තයෝ කෝ ඔයා වොශ් දාගන්න. මං ඇදුම් ලෑස්ති කරන්නම්"

කියාගෙන සමාදි නැගිටලා යද්දි පහන්ගෙ පපුව හෙල්ලිලා ගියේ සමාදි දුක හිතේ තද කරගෙන තමන්ගෙ හිත හදන්න හදන විදිය දකිද්දී....

      "එදා සමාදිගෙ කදුලු පිරිච්ච ඇස් මග ඇරලා ආපු ගමන අදටත් ආ තැනම නතර වෙලා..... මදු සමයවත් සතුටින් ගත කරන්න පිනක් නැති කාලකණ්ණි ජීවිතේ ගැන මතක් වෙද්දී පහන්ගෙ ඇස් අගින් ගලාගෙන ආපු කදුලු බිංදු දෙකක් ගිනියම් වෙච්ච වැලි පොලොව හංගගත්තා..    "පහන්..... මොකද කරන්නෙ කොල්ලෝ..
මහේශ්ගෙ කටහඩ ඇහිලා ගැස්සිලා වගේ ඇස් ඇරපු පහන් කදුලු පිහාගෙන නැගිට්ටා...
       "යමං... ට්‍රක් එක රෙඩි..
පහන්, මහේශ්, ඇතුලු කන්ඩායම රාත්‍රි මුර සංචාරය සදහා පිටත් වුනේ සියලුම ආයුද ද සන්නද්ධවයි....

        "ත්‍රස්තවාදී කොටි කන්ඩායම් යාපනය නගරය පුරා කදවුරු බැදගෙන සැගවී සිටියත් යුද හමුදා කන්ඩායම් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින්, ඉදිරියට ඇදෙමින් තිබුනා..."

      "පහන්, ඔයා කවද්ද එන්නෙ මහත්තයෝ...
මට පාලුයි රත්තරං...
      *හැමදාම වගේ සමාදි කතා කරලා ඇහුවෙ පුරුදු ප්‍රශ්නෙමයි... පහන් අසරන වෙන මොහොතක් මීට වඩා නැති තරම්...

    "අහන්න සමාදී,, එන්න පුලුවන් වුනානම් නෑවිත් ඉන්නෙ නෑ.. එන්නෙ කවද්ද අහන්න එපා අද රෑ මැරෙයිද කියලා කවුද දන්නෙ...

   "පහන් එහෙම කිව්වෙ කේන්තියටත් වඩා හිත රිදුන නිසා...
    "මොනවද දෙවියනේ මේ කියන්නෙ, ආහ් මහත්තයෝ..  ඔයා එන්න ඕනේ නෑ මට පුලුවන් ඉවසන්න.. ඒත් මැරෙන කතා කියන්න එපා මහත්තයෝ ඔයාට කලින් මං මැරෙයි...
     පහන්ගෙයි සමාදිගෙයි කතාව හැමදාම වගේ ඉවර වුනේ සමාදිගෙ කදුලු එක්කමයි...

-----------------------------------------------------------------
      ටික දවසක් ගෙවුනත් පහන්ගෙන් කතාවක් නැති වුනේ යාපනය කදවුරේ සිට පලාලි ත්‍රස්ත කදවුරට පහර දීමේ අරමුනෙන් ඔවුන් පලාලි බලා පිටත් වී ඇති බව මාධ්‍ය හරහා පලවූ තොරතුරු අනුව බව සමාදි ට මතක් වුනේ ඒ ගැන කලින් දවසක පහන් සමාදි එක්ක කියලා තිබුන නිසායි..

       රටේ ජනතාව පැය 24ම බලාගෙන හිටියේ කොයි වෙලේ යුද්දෙ ගැන නිව්ස් එකක් යයිද බලාපොරොත්තුවෙන්....

     *මෙන්න දැන් ලැබුනු පුවතක්....

"පලාලි ත්‍රස්ත කදවුරට පහර දීමේ අරමුනෙන් ඒ අසල කදවුරු බැදගෙන සිටි යුද හමුදා කදවුරට ඊයේ රාත්‍රියේ හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා...
     හමුදා කදවුරේ සිටි කිසිවෙක් දිවි ගලවාගෙන නැති බවට ආරංචි මාර්ග පවසා සිටිනවා... මේ ගැන වැඩි විස්තර ලද සැනින්.......

   "අම්මා..... අම්මා........ සමාදී අක්කට සිහි නැති වුනා....

    නිවුස් එක ඉවර වෙන්නත් කලින් මදූ ගෙ කටහඩ ඇහුනේ සමාදිගෙ කාමරය පැත්තෙන්.. අම්මයි තාත්තයි කාමරයට දුවන් එද්දී සමාදී බිම වැටිලා සිහිසුන් වෙලා හිටියා...

    විනාඩි 10ක් විතර යද්දි සමාදි ඇස් අරින්නෙ නැතුව අඩන්න පටන් ගත්තේ පහන්ගෙ නම කිය කිය.. ඒ තප්පරේ ඉදන් හැමෝම දෙවියන් යැද්දෙ පහන්ගෙ ජීවිතේ නමින්...
     නොකා නොබී බුදු පහන ඉස්සරහට වෙලා සමාදි, මදූ, අම්මා තාත්තා යැද්දෙ පහන්ගෙ ජීවිතේ...

    ටික වෙලාවකින් කට්ටියම නැගිටලා ඉස්සරහට ආවේ මිදුලේ වාහනයක් නවත්තන සද්දයක් ඇහුන නිසා...

    ආවේ යුද හමුදාවට අයිති වාහනයක් නිසා හැමෝගෙම ඇස් වල බලාපොරොත්තුව වුනේ ඒ පැමිණියේ පහන් වීමයි.
   
    "පහන්... ඔයා ආවාද මහත්තයෝ....
එහෙම කියාගෙන දුවගෙන ගිය සමාදි  ගියාටත් වඩා වේගයෙන් ආපස්සට ආවා..
   ඇවිත් බිම ඇදගෙන වැටුනා..
ඒ දැකපු දෙයින් කිසිම කෙනෙක්ට ඇස් අදහා ගන්න බැරි වුනා...
     වාහනය ඇතුලේ සීල් තියපු පහන්ගෙ මිනී පෙට්ටිය තිබුනා...
    පහන්ගෙ මිනිය ගෙදරට බාරදීලා ඔක්කොම වැඩ කටයුතු ඉවර වෙනකල් හමුදා කදවුරේ කොල්ලෝ උදවු වුනා...
   ඒ එදා බ්ලාස්ට් එකට අහු වුන අයගෙන් අදුරගන්න ලැබිලා තිබුනෙ පහන්ගෙ මිනිය විතරක් වුන නිසා...

    "සති දෙකක් ගෙවිලා ගියත් ගෙදර තිබුනේ මල ගෙයක් වගේ... වැටුන වැටුන තැන් වල හැමෝම හිටියෙ පහන්ගෙ ලෝකේ...
  
      සමාදි නොමැරී මැරුනා.. කාමරේට වෙලා දොර වහගත්තු සමාදි අඩන සද්දෙ විතරයි ඇහුනෙ...
    
    *මදූ මේ කිරි එක අක්කට ගිහින් දෙන්න..
පහන්ගෙ අම්මා දීපු කිරි එකත් අරන් මදූ සමාදිගෙ කාමරේ ලගට ගියත් ඇතුලෙන් කිසිම සද්දයක් තිබුනෙ නෑ....
 
     "තාත්තා..  අක්කා දොර අරින්නෙ නෑනේ...
  මදූගෙ සද්දෙට තාත්තා ඇවිත් දොරට ගැහුවත් වෙනසක් තිබුනෙ නෑ...
     'විජිතා... ඔය මිටිය ගේන්න...
ඇයි වජිර කියාගෙන අම්මා මිටියත් අරන් ආව ගමන් දොරේ ලොක් එකට ගහලා දොර ඇරගත්තත් වෙන්න තිබුන දේවල් සිද්ද වෙලා ඉවර වෙලා තිබුනා....

        පහන්ගේ මරනය දරාගන්න බැරි වුන සමාදි තම මංගල සාරියෙන්ම ගෙල වැලලාගෙන තිබුනා...
     හැමෝගෙම ඇස් ආයෙම අඩවමින් සමාදි පහන්ගෙ ලෝකෙට යන්න මෙලොවෙන් සමු අරන් තිබුනා...

-----------------------------------------------------------------
    මාස දෙකකට පසු,

    "ඩොක්.. ඩොක්..

දොරට කවුද තට්ටු කරන සද්දෙ ඇහිලා දොරi ඇරියත් දැකපු දේ හිතාගන්න බැරුව ගල් ගැහිලා හිටපු විජිතා පියවි සිහියට ආවේ ආපු කෙනා දැකලයි...

    "අම්මා... අම්මා..  මේ මම.. පහන්..
ඔයාගෙ පුතා..  අම්මා කතා කරන්නකෝ.....
   
     ඒ සද්දෙට ඇතුලෙ හිටපු මදූ වජිර දෙන්නත් එලියට ආවා...
      
   "නංගී,, තාත්තා,, අම්මේ මං ආවා..

හැමෝම පුදුම වෙලා බලන් හිටියෙ ඇස් වල කදුලු පුරෝගෙන..

     "ඔයා මැරුනා කිව්වෙ අයියේ.. අපි ඔයාව වල දැම්මා..
   මදූ පහන්ගෙ අතේ එල්ලිලා අඩන්න ගත්තා...

  'මං මැරුනෙ නෑ පොඩ්ඩියෙ, මට තුවාල වුනා..සිහි නැති වෙලා ඉද්දී උන් මාව හිර කරන් හිටියා..
අපේ කොල්ලො එහෙට ඊයෙ ගැහුවා..
ඒ වෙලේ මං පැනගත්තා... මං දන්නවා හැමෝම මං මැරිලා කියලා හිතාගෙන ඇති කියලා.. ඒකයි මං හොරෙන්ම පැනලා ගෙදර ආවෙ...
   මට දැන් මගෙ කෙල්ලයි ඔයාලයි එක්ක ජීවත් වෙන්න පුලුවන් අම්මේ....
   
   "එහෙම කියලා පහන් වට පිට බැලුවත් සමාදි පේන්න හිටියෙ නෑ...

     සමාදි.... සමාදි... කෝ මගෙ මැනික... මං ආවා... ඔයා එක්ක හැමදාම ඉන්න මං ආවා බබා...
    පහන් එහෙම කියාගෙන ගෙට යද්දි පහන්ගෙ ඇස් නතර වුනේ සාලේ බිත්තියෙ තිබුන පින්තූරෙ දිහාට...

      පහන්ගේ පින්තූරෙ ලගම මල් මාලාවක් දාලා එල්ලලා තිබුන සමාදිගෙ පින්තූරෙ දැකපු  පහන් ඒ දිහාම බලාගෙන හිටියා...

     සමාදි... සමාදි ඔයා කොහෙද ගියේ මැනික.. මං ආවානේ... ඔයා කෝ....
පහන් පිස්සුවෙන් වගේ ගේ පුරාම සමාදිව හොය හොය දිව්වා..

         *වෙච්ච හැමදේම පැහැදිලි කරලා දුන්නත් පහන් ඒ කිසිම දෙයක් විශ්වාස කරේ නෑ.. පහන් කෑ ගගහා සමාදි ට කතා කලා.. ඇඩුවා..
      ඒත් සමාදි  එන්නෙ නැති බව පහන් තේරුම් ගත්තා...
     

        එදා රෑ පහන් සමාදිගෙ පින්තූරෙ ලගට වෙලා ඉදගෙන හිටියා...
     එහෙම හිටපු පහන් එක පාරටම ගියා සමාදිගෙයි පහන්ගෙන් කාමරේට...
      ඒ හැමතැනම තිබුනෙ සමාදිගෙයි පහන්ගෙයි පින්තූර...
     

    "ඔයා කොහොමද බබා මාව දාලා ගියේ.. මං නැතුව කොහොමද ඔයා ඉන්නේ... ඇයි මං එනකල් හිටියේ නැත්තේ...

   පහන් පිස්සෙක් වගේ වැටිලා අඩන්න පටන් ගත්තා...
     පැය ගානක් අඩලා අඩලා පහන් කදුලු පිහන් නැගිට්ටෙ හිනාවක් එක්ක...

    "මැනික,, ඔයා මාව බලන්නනෙ එහෙට ගියේ... ඉතින් මං මෙහෙ ඉදන් මොනවා කරන්නද?? මං එනවා මගෙ බබා ලගට..

   එහෙම කියපු පහන් ලාච්චුව ඇරලා එලියට ගත්තේ කොටි කදවුරෙන් පැනලා එද්දි අරන් ආපු පිස්තෝලය...

     ඒක අතේ තියාගෙන සමාදිගෙ පින්තූරෙ දිහාට හැරිලා පහන් සමාදිගෙ පින්තූරෙ එක්ක හිනා වුනා....
  ආයේ එන්න කිව්වට ඔයා ආවේ නෑනේ...
  ඔන්න එහෙනම් මං එනවා....

     "මං එනවා මැනික......!!!!!
ඔයාගේ මහත්තයා ඔයා ලගට එනවා....

        ඒ වචන ටිකත් එක්කම "......ඩෝං...." හඩ නගමින්, එක උන්ඩයක් පහන්ගෙ පපුව විනිවිද ගියේ අවසාන හුස්මත් සමග පහන් සමාදි ආදර කතාවද වා තලයට මුසු කරමිනි.....

------------------------=නිමි=-----------------------------------------------=චනූ ඉශාන් නිර්මාණයක්=---------------------

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment