😍👇විදින්න තියන ජිවිතේ ? 💚
එයා දවසක් මට කොල්ලෙක් එක්ක ඉද්දි අහු වුණා. මම සමාව දුන්නා. එයාට මාව ඕනේ නැති වුණා.. මාව මඟ අරින්න ගත්තා. දවසට පැය බාගයක් පැයක් දොඩමලු වෙච්ච කෙල්ල, නිකමට විනාඩියක් උන්නාද මැරුණා ද කියලා හොයලා බැලුවේ නැහැ..
මම මුකූත් කෙරුවේ නැහැ..
මම වෙන දේ දිහා බලාගෙන හිටියා..
මගෙත් එක්ක වෙනදා අතේ එල්ලිලා බස් එකේ ගියපු කෙල්ල මගෙන් අඩියක් ඉස්සරහින් බස් ස්ටෑන්ඩ් එකට ගියා. මමත් මුකුත් නොවුණු ගානට වෙනසක් නැති ගානට එයාගේ පස්සෙන් ඇවිදින් බස් එකේ වාඩි වුණා. එයා මගේ ගාවින් වෙනදා වගේම ඉඳ ගත්තා. වෙනදා පැටලෙන අත වෙනුවට, එයා කවුළුවෙන් එහා බැලුවා. මම මුකුත් නොවිච්ච ගානට ෆෝන් එකට එබිලා ගේම් ගැහුවා.
දවසක් එයා මට මෙහෙම කිව්වා..
".. මට තනියම පාඩුවේ ඉන්න ඕනේ.."
".. හේතුව..?.."
".. ආදරේ හිතට මහා වදයක්.."
".. හොඳට හිතලා බලලා ගත්තු තීරණයක් ද..?.."
".. ඔව් ගොඩක් හිතුවා.."
".. හරි එහෙනං ඔයාගේ විදියට ඉන්න.."
දුක, මම තනියම වින්දා. රැයක් දවාලක් නැතුව ඇවිලෙන ගින්න.. මම තනියම නිවා ගත්තා.. ඉස්සරලාම කලේ මම එයාගේ නම්බර් එක ඩිලීට් කරපු එක, ඊට පස්සේ මම එයාගේ ෆොටෝස් ඔක්කොම අයින් කරලා දැම්මා.. ඒත්, මට අමතක කරන්න බැරි වුණා.. මම ෆෝන් එක විකුණලා දැම්මා.. හැමෝටම හොරෙන් වොෂ් රූම් එකේදී නාන ගමන් අඬලා දුක තුනී කර ගත්තා.. එයාව මතක් වෙනකොට, මම ෆිල්ම් එකක් බලන්න ගත්තා.. ඒත්, මට එයාව මතක් වුණා.. මම ඊට පස්සේ මගේ ජීවිතේ කාර්යබහුල කරගත්තා. මට එයාව මතක් කරන්න කාලයක් තිබ්බේ නැහැ. මොකද මම ගෙව්වේ කාර්යබහුල ජීවිතයක්.. එයාව මතක් කරනවට වඩා මට හුඟක් වැඩ පැවරිලා තිබ්බා..
වෙනදා නින්ද යන්නේ නැතුව ඇඳේ පැය ගණන් එහාට මෙහාට පෙරළෙනවාට වඩා මට මගේ වැඩ නිසා දැනුන මහන්සිය එක්ක හොඳට නින්ද ගියා. ඒත්, වෙනදා උදේට ඇහැරවපු එලාම් එක එයා වෙච්ච හින්දා මට උදේට මහා තනිකමක් දැනුණා.
ඒ දවස් වල මගෙත් එක්ක යාළුවෙක් විදියට හිටපු කෙනෙක් හිටියා. එයා ඒ අඩුව පුරවන්න ගත්තා. මගේ තනිකමත් හෙමින් හෙමින් ඈත් වෙලා ගියා.
තප්පරයක් තප්පරයක් ගානේ මතක් කර කර දුක් වෙච්ච මම, දවසට එක පාරක් දෙපාරක් මතක් කරලා දුක් වෙන තරමට හැමදේම වෙනස් කරගත්තා. ඒ අතරේ මම වැඩ කරපු තැනින් මට ලැබුනේ පැසසුම්.. මගේ පඩිය වැඩි කළා. මම කා අතරත් ප්රසිද්ධ හොඳ සේවකයෙක් විදියට ප්රචලිත වුණා.. හැමෝටම මාව නැතුවම බැරි කෙනෙක් වෙනකොට මට උසස්වීමකුත් ලැබුණා..
ඒ විතරක් නෙමෙයි, මම මටම කියලා වාහනයක් ගත්තා.. ගමන් බිමන් යන්න ඒ හින්දා මට ලෙහෙසි වුණා.. බස් එකක් දකිද්දී එයාව මතක් වෙලා කඳුළු පිරිච්ච ඇස් දෙකටනම් එකෙන් දැනුනේ ලොකු සහනයක්..
හැමෝම මගෙත් එක්ක කතා කළා. වෙනදා ප්රිය සම්භාෂණ වලට නොගිය මම අද ප්රිය සම්භාෂණයකට දොඩමලු වෙලා එනවා.. මට ඒ වෙලාවට හුඟක් හොඳ මිනිස්සු අඳුරගන්න ලැබුණා.. ඔවුන් මට හුඟක් වෙලාවට ඉදිරිය වෙනුවෙන් උපකාර කළා.
ඒත්, මම මඟ තොටේ ඇවිදිනකොට කපල් එකක් දකිද්දී එයාව මතක් වෙනවා. මට තාම මතකයි, එයාගේ කම්මුලට දුන්න පළවෙනි හාද්ද.. මගේ තොල් වලට දැනුණු එයාගේ උණුසුම.. මට හුඟක් වෙලාවට එයාගේ හුස්ම වැටෙන විදියත් ඇහෙනවා ඇහෙනවා වගේ දැනෙන්න ගත්තා..
මගෙත් එක්ක හැමදේම බෙදාගත්තු යෙහෙළියක් හිටියා. මම හුඟක් වෙලාවට එයාට මගේ ජීවිතේ අප්රිය තැන්, ප්රිය තැන් හැමදේම කිව්වා. එයා හොඳ යාලුවෙක් වගේ අහගෙන හිටියා.. සමහර වෙලාවට මම මගේ පෙම්වතිය මාව මඟ ඇරලා යාවි කියල බයෙන් හංගපු සමහර සිද්ධි මම එයාට දෙපාරක් හිතන්නේ නැතුව කියලා දැම්මා. මට ඒවාගෙන් දැනුනේ මොකක්දෝ අමුතුම මිහිරක්.. මම නිදහස් මිනිහෙක් කියලා දැනුණා.. එයා ඒවාට දුන්න උත්තරත් එක්ක එයා ගැන තිබ්බේ යාළුකමට එහා ගියපු ගෞරවයක්..
දවසක් හදිස්සියේම එයා මාව හම්බෙන්න ඕනේ කිව්වා. මම හම්බෙන්න තැනක් ගිවිස ගත්තා. අපි මුණ ගැහුනේ හරිම නිස්කලංක තැනක.. වැඩි ආටෝප නැති, සරල විදියට හදාපු පොඩි පහේ හොටලයකට අයිති වෙච්ච එළිමහන් මැටි බංකු පේළියකයි අපි ඉඳ ගත්තේ..
".. ඇයි හම්බෙන්න ඕනේ කිව්වේ..?.."
".. බඩුවක් තියෙනවා කියන්න.."
".. අපි මොනාහරි බොන ගමන් කතා කරමුද..?.."
".. හ්ම්.. අර ඔයා ආසම විදියේ ඒවා.. මට ආප්පයි, ලුණු මිරිසුයි.. කෝපියි ඕනේ.."
".. ඒවා කන්න ආස මමනේ මෝඩියේ.."
".. ඔයා ඒවා ගැන කියපු දවසේ ඉඳන් මමත් කාලම හුරු වෙලා.."
මම එයා ඉල්ලපු කෑම ඇණවුම් කළා.. මම එයා දිහා බලාගෙන හිටියේ, මොකක්ද මේ තරම්ම කියන්න හදන දේ කියලා.. එයාට ගෙදරින් කසාද බඳින්න අය හෙව්වා.. සමහරවිට හොඳ කෙනෙක් හම්බ වෙන්න ඇති.. ඒ ගැන කියන්න වෙන්න ඇති හදන්නේ, මම එහෙම හිතුවා..
".. ඉතිං, දැන් කියන්නකෝ.. කතාවත් ඔයාගේ.. ඒක කියන්න මගෙන් අල්ලස් ගත්තා නේද..?.."
".. නෑ.. අනේ ඕනේනම් මම බිල ගෙවන්නම්.."
".. එපා එපා.. කතාව කියන්න.."
".. මට ගෙදරින් බඳින්න අය හොයනවා.."
".. ඉතින් කෙනෙක් හොයා ගත්තා ද.. කොහොමද එයා.. කවුද මම දන්නා කොල්ලෙක් ද..?.."
".. මම කාටවත්ම කැමැති නැහැ.."
".. එහෙනං.. අපෝ.. ඔහොමනම් කෙල්ලේ කොල්ලෝ හොයන්න බෑ.."
".. හැබැයි, මම කැමැති එක්කෙනෙක් ඉන්නවා.."
".. එහෙමද.. කවුද අප්පඃ.. මම සෙට් කරලා දෙන්නම්.. කවුද කෙනා.. මම දන්නා කෙනෙක් ද..?.."
".. හ්ම්, ඔව්.."
".. කවුද ඒ.."
".. ඔයා.."
එයා මගේ ඇස් දෙක දිහා කෙළින් බලාගෙන හිටියා. මට ඒ දිහා බලන්න බැරි වුණා.. මම නොදැනුවත්ම ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටලා අහක බලාගත්තා. වෙන කරන්න දෙයක් නැතිකමට. මොකක්දෝ හේතුවකට මම අසරණ වුණා..
".. ඔයා මාව විහිළුවකට අරගෙන ද..?.."
".. නැහැ, ඇත්තමයි.. මම ඔයාට ආදරෙයි.."
".. ඔයාට බෑ එහෙම කරන්න.."
".. මොකද බැරි, මම ආදරෙයි.."
".. මම කැමැති නැහැ ඒකට.."
".. එහෙමද.. ඔයා කැමැති නැති උනාට කමක් නැහැ, මම ඔයාට ඇත්තටම ආදරෙයි.. අකැමැති වුණාට මට ආදරේ කරන්න පුළුවන් නේ.. මමනේ කරන්නේ.. දැන් හිටගෙන ඉන්නේ නැතුව මේවා කන්න.. නැත්නම් මම ඔක්කොම කනවා හරිද..?.."
මම ජීවිතේ කවදාවත්ම නැති විදියට කලබල වෙලා ඉද්දි, එයා සාන්ත විදියට ඉඳගෙන කෝපි එක බොනවා. එයාට මගේ අකැමැත්ත ගැන කිසිම හැඟීමක් තිබ්බේ නැහැ. එයා කොපි උගුරක් අරගෙන, ඇස් දෙක පියාගෙන රස විඳිනවා. මට ඒ දැකලා හිත ඇතුළෙන් හිනාවක් ආව.. පිස්සු හැදිච්ච හුරතල් කෙල්ලක් කවදා ඉඳන් ද මට ආදරය කරන්න ගත්තේ කියලා..
එදා මම ගෙදරට ආවේ බරක් හිතට අරගෙන.. මට එයා කල්පනා කරන්න වෙලාව දුන්නා.. මම වැඩ කරනවා වෙනුවට කල්පනා කළා. මට එදා රෑ එළි වෙනකන් නින්දක් ආවේ නැහැ.. පහුවදා උදේම ආයේ එයා මුණ ගැහුණා..
".. ඒ.. මේ.. දැක්කේ නෑ වගේ යන්න ඔට්ටු නැහැ.. මම ආදරේ විතරයි කරන්නේ.. ඒකට අපි හතුරෝ වෙන්නේ නැහැ හරිද..?.."
".. මම බිසී.."
".. එහෙමද.. හ්ම්ම්.."
එයා අමනාපයෙන් වගේ මූණ අකුලාගෙන බිම බලාගත්තා.. මොකක්දෝ දුකකින් වගේ අතේ තිබ්බ ෆයිල් එක පපුවට තුරුළු කරගෙන මගේ පස්සෙන් ආව..
".. ඇයි මගේ පස්සෙන් එන්නේ.."
".. මට ඕනේ හින්දා.."
".. ආයේ එන්න එපා කවදාවත්ම.."
මම එයාට එහෙම කියද්දී එයා මගේ අත තද කරලා අල්ල ගත්තා.. මට මුකූත්ම කිව්වේ නැහැ.. අත් දෙක අල්ලාගෙන ඒ දිහා බලාගෙන හිටියා.. මිට මොලවපු අත් වල ඇඟිලි දිග ඇරියා.. එයාගේ ඇස් වලින් වැටිච්ච කඳුළු, බින්දු දෙක තුනක් මගේ අත දිග දුවන්න ගත්තා.. එයා ආපහු හැරිලා වේගයෙන් වගේ දුවගෙන ගියේ කාර් පාක් එක දිහාට..
එදා ඉඳන් මාසයක් විතර යනකන් එයාව දකින්න ලැබුනේ නැහැ. එයාගේ අංකය වැඩ කලෙත් නැහැ. මට වෙනදට වඩා පාළුවක් දැනුණා.. තනිකමක් දැනෙන්න ගත්තා. මොන දේ තිබ්බත් හිස් බවක් දැනෙන්න ගත්තාම මට එක විදියකට ඉන්න බැරි වුණා.. මම එයාගේ ඇඩ්රස් එක හොයාගෙන ගෙදරට යන්න තීරණය කළේ ඒකයි.. ඇඩ්රස් එක හොයාගත්තු දවසෙම වාහනය සර්විස් එකට දාන්න සිද්ධ වුණත්, වාහනය එහෙම්ම තියෙන්න ඇරලා මම එයාව හොයාගෙන ගියා..
මම ඒ ගමන අවසන් කළේ, මාලිගාවක් වගේ ගෙයක් ඉස්සරහින්.. විශාල ගේට්ටුවක් තිබ්බා. සමහරවිට ඇඩ්රස් එක වරදින්න ඇති කියලා දෙපාරක්ම බැලුවත් ඒ ඇඩ්රස් එක ගානට ගැලපුණා. මොන දේ වෙන්න හරි කියලා හිතාගෙන මම ගේට්ටුවේ තිබ්බ බෙල් එක තද කරා.. විනාඩියකට විතර පස්සේ ගේට්ටුව ඇරුණත් කවුරුත්ම පේන්න හිටියේ නැහැ. මම ගේ දිහාවට ගියා.. ඇත්තටම ඒක, මාලිගාවක් වෙන්න ඕනේ.. මෙච්චර විශාල වෙන්න හදාපු ගෙයක් මම දැකලා නැහැ. සමහරවිට එයාගේ ගෙදර මේක නෙමෙයි වෙන්න ඇති, එයා මෙහෙ නැවතිලා ඉන්නවා ඇති.. මම එහෙම හිතුවා..
".. සඳලි කියලා කෙනෙක් මෙහෙ ඉන්නවද..?.."
මිදුලේ වැඩ කර කර හිටපු කෙනාගෙන් මම විස්තර අහද්දී, එයා මගේ දිහා බැලුවේ අමනුස්සයෙක් දිහා බලනවා වගේ.. උඩ ඉඳන් යටටත් යට ඉඳන් උඩටත් ඒ ඇස් එපා කරපු විදියටයි බැලුණේ.. එහෙම කරලා එයා ආයෙමත් වැඩේ කරන්න ගත්තා..
".. සඳලි මෙහෙ නෙමෙයි ද..?.. මේක මෙහෙ ඇඩ්රස් එක නෙමෙයි ද..?.."
මම කොළ කෑල්ල පෙන්නන ගමන් ආයෙමත් හයියෙන්ම ඇහුවා.. මිනිහාගේ මූණ කැත විදියටයි වෙනස් වුණේ.. හරියට මට ගහන්න හදන එකෙක් වගේ..
".. ඔහේට ඇස් පේන්නේ නැත්ද.. ගේට්ටුවේ ගහල ඇති විස්තරේ.. ආව මෙතැන මඟුලක් අහන්න.."
මම පුදුම විදියට අසරණ වුණා කිව්වොත් ඇත්තයි. මට හිතාගන්න බැරි වුණා මම මොකද කරන්නේ කියලා.. ආපහු යනවද නැත්නම් ගේ පැත්තට ආයේ යනවද කියලා හිතාගන්න බැරිව උඩ බිම බලනකොටයි මම බැල්කනි එක දැක්කේ.. සඳලි මම දිහා බලාගෙන ඉඳලා ආපහු ඇතුළට වේගෙන් දිව්වා..
ඒ ක්ෂණයෙන් එයා ඉස්සරහා දොරත් ඇරගෙන එළියට දුවගෙන ආව..
".. ඔයා මෙහෙ.. අනේ.. මෙහෙ එන්න ගේ ඇතුලට.."
එයා එහෙම කිව්වත් මම ආයෙම බැලුවේ අර වැඩ කරපු මනුස්සයා දිහා.. ඒ මනුස්සයට ගානක් නැතුවම වැඩ..
".. ඔය විදියට බලන්න එපා ඒ සීයා දිහා.. එයාට පොඩ්ඩක් ඔළුව අවුල්... මෙහෙ තමයි ඉන්නේ.. අපේ අප්පච්චි ඉන්න කාලේ ඉඳන් ඉන්නවා.."
".. මොකද නම්බර් වැඩ නැත්තේ.. දැක්කෙත් නැහැ.. බලන්න ආවේ ඒකයි.."
".. නිකං, අම්මා කිව්වා වැඩට යන්න එපා කියලා.."
".. මේ ඔයාගේ ගෙදරද..?.."
".. අපෝ නැහැ, අප්පච්චි හදාපු අප්පච්චි නැති උනාම කසාද උරුමෙන් අම්මට ලැබිච්ච ගෙදර.."
".. හ්ම්ම්.."
මම එයාව මුණගැහෙන්න ආවේ එයාට කැමැත්ත දෙන්න හිතාගෙනයි. ඒත්, මොකක්දෝ හේතුවකට මම ආයෙම හිර වුණා.. සමහරවිට මම එයාව ඒ වගේ විදියට දකින්න බලාපොරොත්තු නොවෙන්න ඇති..
මම එයාව බලලා ආපහු ගෙදරට එන අතවාරේ එයා නිසා හිතේ ඇතිවෙච්ච වෙනස නිකං ඇතිවෙච්ච දෙයක් විදියට මවා ගත්තා.. ඒත්, මට එහෙම වෙන්න බැරි වුනා..
".. අම්මත් ඔයාට කැමතියි.."
".. මම දුප්පත් වැඩියි.."
".. ඔයා දුප්පත් නැහැ, ඔයා හරි උත්සහාවන්තයි.."
".. විකාර.. ඕක අමතක කරන්න.."
".. ඇත්තමයි.. අපේ අම්මයි කිව්වේ.. ඔයා වැඩ කරන කම්පැණි එක අම්මාගේ යාලුවෙක්ගේ.. එයා ඔයාගේ බොස්ගෙන් ඔයා ගැන අහලා.. ඔයා හොඳ කෙනෙක් කිව්වා ලු.. අම්මෝ කතා ගොඩයි.."
".. මොකක්..?.."
".. මම දන්නවා එදා ඔයා ආවේ මට ආදරෙයි කියන්න. ඔයා ආපහු ගියේ, මගේ තත්ත්වය දැකලා.. ඔයා හුඟක් අවංකයි.. ඔයාට තිබ්බා කාර් එක සර්විස් එකෙන් අරගෙන මාව බලන්න එන්න.. ඒත් ඔයා පයින්ම ආව.. ඔයා හොඳ මහත්තයෙක්.. සොරි මහත්මයෙක්.. ඔයා ආපහු මුකුත්ම නොකියා ගියා. ඒ ඔයා තාමත් මොනවදෝ කුණු දේවල් ගැන හිතන නිසා.."
".. ඇති, මම ඔයාට ආදරෙයි තමයි.. ඒත් බඳින්න බෑ.. සම්බන්ධයකුත් නැහැ.."
එයා මට කීප සැරයක් කතා කළා. මගෙන් බලෙන්ම වගේ ආදරය ගත්තා. ලොකු සල්ලිකාර කෙල්ලෙක් උනත් එයා කවදාවත්ම ලොකුකම පෙන්නුවේනම් නැහැ. මගෙත් එක්ක බස් එකේ ගමන් ගියා... අපිට එයාගේ ගෙදරින් කැමැත්ත දුන්නා.. අපි දෙන්නා දැන් විවාහ වෙලා..
මම කියන්න හැදුවේ ඒ ගැන නෙමෙයි..
එදා මම ආදරේ කරපු කෙනා ගැන හිත හිත, අරක්කු සිගරට් ගංජා බිබී ජීවිතේට ඕනේ දෙයක් වෙච්චදෙන් කියලා හිටියානම්, සමහරවිට ඒ කෙල්ලගේ නොලැබෙන ආදරය වෙනුවෙන් අඬ අඬා බස් රැක රැක, මඟ බල බල හිටියානම් මම තවමත් පාරේ.. එහෙමත් නැත්නම් බෝක්කුවක් උඩ බීඩියක් උරණව..
එහෙමත් නැත්නම්, මම එයාට බැන බැන ලේ පුච්චාගෙන පලි ගන්න ගියානම් මගේ කාලය නිකරුනේ අපතේ යනවා. මම නිකම්ම නැති නාස්ති වෙනවා.. එක්කෝ අවුරුදු ගානකට හිරේ යන්න ඉඩ තිබ්බා.. නැත්නම්, මම කාගෙන් හෝ ගුටි කාලා ජීවිත කාලෙම අතක් පයක් කඩාගෙන දුක් විඳින්නත් තිබ්බා..
සමහරවිට, එහෙමත් නොවී මම එයාව නැති වෙච්ච දුකට එදා වහ ටිකක් බිව්වානම් මම මැරිච්ච තැන ගසුත් පැලවෙලා..අද මගේ අම්මට අප්පච්චිට සලකාගන්න කෙනෙක් නැති වෙනවා.
මම මහා හුඟක් ආදරේ කළා තමයි... එයා අදටත් දන්නේ නැහැ. මම මෙයාව බඳින දවසෙයි එයාව සදහටම අමතක කලේ කියලා.. මම එදත් පෝරුවට නගින්න මත්තෙන් කඳුළු පිහ දැම්මේ එයා වෙනුවෙන්.. මොකද මම මේ හැම හීනයක්ම දැක්කේ එයාව කරමත්තේ තියාගෙන.. මම දරුවන් හදන්න හීන දැක්කේ මෙයත් එක්ක නෙමෙයි එයත් එක්ක..
ඒත්, මගේ ආදරේ ගාව මම එයාව අමතක කරන්න හුඟක් දේවල් කළා.. මගේ දියුණුව මගේ ඉස්සරහා තිබ්බා. මට අත ඇරලා දාන්න බැරි උනත්, මම කොහොමහරි උත්සාහ කළා..
අද මම දන්නවා දෙයක්,
එයා මාව එහෙම දාලා ගියේ නැත්නම් මෙච්චර මාව තේරුම් ගත්තු සුන්දර බිරිඳක්, මගේ දරුවන්ට ආදරය කරන හොඳ අම්මා කෙනෙක් කවදාවත්ම ලැබෙන්නේ නැහැ. මට මෙච්චර ආදරේ කරන, මාව හුස්ම වගේ තියාගෙන ජීවත්වෙන කෙනෙක් ලැබෙන්නෙත් නැහැ..
ඒ වෙනුවට මට, හැමදාම රණ්ඩු වෙන මගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්ඩ
උපුටා ගැනීම තියරිය පේජ්
No comments:
Post a Comment