: මෙය ජීවත් වන හෝ මිය ගිය කිසිවෙකු නියෝජනය නොකරන ලේකිකාවගේ හිතලුවක් පමනක් බව දන්වමි...
🌼🌼🌼🌼🌼🌼🌼
පාලුව ට ගිය නිවසට ගොඩ වූ නන්දන දොරවත් නොහැරම අසල වූ පුටුවට බරවිය...
ජීවිතය ම එපා වූ සෙයකින් හේ දෙකකුල් බිම දිගේ රූටා යවමින් පුටුවේ ඇලවිනි...
ත්‍රී රෝද රතයට මුදල් ගෙවන්න ගත් ගමන් මුදල් පසුම්බිය තාමත් අතේය ...
ඔහු එය අසල ටීපෝව මතට විසි කලේ ඕනෙ වට එපාවට...
ටීපෝවෙන් ලිස්සා ගිය පසුම්බිය දිගහැරී පසෙකට වැටිනි...
විවර වූ එහි තිබෙන සිය මන්ගල චායා රූපය නන්දන ගේ නෙතට හසුවුනි...
රසිකාගේ හිනාව තමා ට නක්කලේට පාන්නාක් මෙන් ඔහුට පෙනිනි...
ඇගෙ ලොකු දෑස අද උදෙත් කදුලු පිරි තිබිනි...
එහෙත් නන්දන ට මීට පැය කිහිපයකට පෙර ඒ කදුලු නොපෙනිනි..
ඒත් දැන් ...
🌿🌿🌿🌿🌿🌿🌿🌿
"ගයනි නන්ගී උදව්වක් කරන්න ..."
"මොකකද අයියා ..."
"මේ මල්ලි ව අර චාමර ලගෙ ගෙදර ට ඇරලවන් යන්න ....කුඩයක් නෑ අතේ..."
පිළිමතලාව නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්ලයේ වැඩ කරපු නන්දන ගේ හොදම යාලුවා චාමර ....
දින කිහිපයක් ම අසනීප වී ඔහු සේවයට නොපැමිණීම නිසා නන්දන එදින ගියේ ඔහුගේ සැප දුක් බලන්න ..
එහෙත් කදුකරයට පුරුදු වැස්ස කඩා වැටෙන්න උනේ නන්දන බසයට නැගුනු වෙලේ සිටයි...
කුඩයක් නොගෙන ආ නිසා චාමර ගේ නිවසට යන බස් නැවතුම අසල වූ කඩයට නන්දන දුව ගියේ තෙමෙද්දිමයි...
ටික වෙලාවකින් මුදලාලි සමග කුලුපග වූ ඔහුට දෙන්න කුඩයක් මුදලාලි සතුව නොතිබිනි...
ඒ අතර කඩයට ගොඩවූ තරුනිය අමතා මුදලාලි පෙර කී ඉල්ලීම කලේය...
ඇස් කරකවා කෝලම් බැල්මක් නන්දන දෙසට හෙලූ ගයනි හා කියන්න ට හිස සැලුවා...
ගයනි සමග ඇගේ හැපෙමින් භාගයක් වැස්ස ට තෙමෙමින් ඒ අදුරු කදුකර පාරේ ගිය ගමන නන්දන ගේ යුවතියක් සමග එක කුඩයක් යටින් ගිය පලමු ගමනයි
: චාමර ගෙ නිවසට මෙපිටින් පිහිටා තිබූ ගයනිගෙ නිවස අසල දී....
"අයියා කුඩේ අරන් යන්න ...පස්සෙ ගෙනත් දෙන්න ..දැන් ඉතින් යන්න ත් කුඩයක් නෑනේ ..."
ඇගෙ සොදුරු සිහින් හඩින් ඇය පවසද්දී නනදන ගොඩක් ස්තූති කරලා කුඩෙත් අරන් යාලුවා බලන්න ගියා...
ගයනි නම් කිවුවෙ චාමර අතේ ආයෙ කුඩේ එවන්න කියලා ...
ඒ උනාට අලුත් කුඩයක් අරන් පසුදා නන්දන චාමර බලන්න යන මුවාවෙන් ගයනි බලන්න ගියා...
චාමර බැලීම කෙසේ වෙතත් ගයනිගෙ නිවසට ගොඩ වැදිලා තේ කෝප්පයක් එහෙම සප්පායම් වෙලා ගයනි එක්ක කතා කරන්න නන්දන ට හැකි උනා...
ගයනි කියන්නේ අසරණ වුනු අහිංසක කෙල්ලෙක් බව නන්දන දැන ගත්තේ එහිදී...
දෙමාපියන් කුඩා කලම අකුනක් වැදී මියගොස් බව ඇය කිවුවා ..
සහෝදර සහෝදරියක් වත් නැති ඇගෙ පිහිට උනේ පියාගෙ අම්මා ...
ඇයත් බොහොම වයසට පත්වෙලා උන්නා...
මේ අහිංසක සුන්දර කෙල්ල ලග ඉස් ඉස්සෙල්ලා ම නන්දන ගේ හිත නතර උනා...
කාටවත් අත නොපෑ ගයනි තනිව ඇදුම් මසා ඒවා නගරයේ කඩවල් වලට තොග පිටින් විකුනා ජීවිතය සරි කර ගත්ත දිරිය කෙල්ලෙක් ...
කාලයත් එක්ක දෙන්න ගේ ප්‍රේමය දලු ලා වැඩුනා...
ගයනිගෙ ජීවිතේ බර සිය අතට ගත් නන්දන ඇයව ආදරෙන් බලා ගත්තා ...
නන්දන ගේ පවුල ට සිටිය එකම පිරිමි දරුව උනේ නන්දන පමනයි...
සම්ප්‍රදායික පවුලක් වූ ඔහුගේ නිවැසියන් නන්දන ට විවාහ යෝජනා ගෙනෙන්න ට උනේ මේ කාලය මයි....
"මන් ඔයා ගැන අපෙ අම්මලා ට කියනවා ගයනි..."
"අම්මලා මොකක් කියයිද ..."
"අකමැති වෙන්න හේතුවක් නෑනේ ..."
"ඒත් මන් වගේ කාත් කවුරුත් නැති...දෑවැද්ද ක්..."
"ඇති ඇති....ඔයා ඒවා හිතන්න එපා...මන් අද ම ගෙදර එක්ක මේ ගැන කතා කරනවා ..."
ගයනිව තුරුළු කරන් නන්දන කීවේය ..
ඔහු පැවසූ ලෙසට ම ගයනි ගැන නිවසේ වැඩිහිටියන් සමග සාකච්ඡා කරන්න ට ඔහුට හැකි විනි...
"දුප්පත් පෝසත් කම් අපිට වැඩක් නෑ...කෙල්ල හොඳයි නම්...පුතා කැමති නම් එච්චරයි ..."
"ඒ විතරක් ඇද්ද ...පොරොන්දම්...අනිවාර්යයෙන් බලන්න ඕනෙ ..."
කාලය ගෙවිලා ගියෙ චාමර විවාහ දිවියට පත් වෙමින්..
ඔහුගේ මගුල් ගෙදර ගියපු නන්දන බොහෝ මත්පැන් පානය කලා....
ගෙදර යන්න තබා හිටගෙන ඉන්න තරම් වත් සිහියක් නැ...
"ම්ම්..මාව..ග්.ගය්..නි...ගෙ..ගෙදර ට ද් දා..පන්..."
ඔහු මිතුරන් ට ගොත ගහ ගහ කිවුවා ..
හොදට ම බීමතින් සිටි සිය පෙම්වතා ව බාර ගත් ගයනි සිය සයනයේ ඔහු නිදි කරවා සපත්තු ගලවා දැම්මා ...
දෙහි බෑයක් ගෙනත් හිසෙත් යටි පතුලෙත් ඇතුල්ලුවේ මත් බව යන්න ....
හොදට ම දහඩිය නිසා ඇය ඔහුගේ කමිසය උනා දැමුවා...
රෝම විසිරුනු ඒ පිරිමි පපුවේ උනුසුම ට ගයනි ගෙ හිත ඇදීගියේ නොදැනිම..
ගයනි ගේ දෙතොල් පහසින් වෙරි මතින්ම පිබිදුනු නන්දන ගේ ආශාවන් එදා රාත්‍රියේ නිවිලා යනකොට ගයනි ගැහැනිය ක් වෙලා අවසන්....
එහෙත් පසුදා උදේ අනෙක් ගැහැනු වගේ නන්දන ට ශාප කර කර ගයනි හැඩුවේ නැ...
"කවදා හරි මේ දේවල් ඔයාට නම් දෙන්න ඉන්නේ ...ඇයි මන් අඩන්නෙ ..."
ගයනි කියද්දි ඇය තමා ගැන තබා ඇති විශ්වාසය ගැන නන්දන බොහෝ පැහැදුනා...
ඒක තමා සැබෑ ආදරය.....
ඔහු සිතුවා....
🍁🍁🍁🍁🍁🍁
"පුතා දෙයක් කියන්නේ තේරුමක් ඇතිව....ඔය දෙන්න ගෙ පොරොන්දම් ගැලපෙන්නේ නෑ....."
නොහිතපු විදියට ගෙදරින් ගයනි ගෙ සම්බන්ධය ට විරුද්ධ උනා...
පොරොන්දම් වගේ නොවෙයි දැන් ඇගේ හැමදේම තමන්ට ගැලපී අවසන් බව නන්දන සිතුවාය ....
එහෙත් දෙමාපියන් ටද විරුද්ධ විය නොහැක ...
තමා එකම දරුවා ය....
කුඩාකල සිට ඔවුන් ඔහු ගැන කොපමණ බලාපොරොත්තු තබා ඇද්ද ...
"මන් තරහා නෑ....ඔයා ගෙදරින් ගේන දේකට කැමති වෙන්න ..."
ගයනි කිවුවෙ සිද්දිය අහලා නන්දන ගේ නිරුවත් පපුවේ හිස තියන්....
දැන් ඉතින් සියල්ල හමාර නිසා ඔවුන්ට අහිමි වී තිබුනේ අත්සන් කල සහතිකය පමණි ...
මේ අවුල නිසාම නන්දන සිය මස්සිනා කෙනෙක් සොයා ගියේ කුමක් කරන්න දැයි උපදෙස් ගන්න ය.....
"ඔය පොරොන්දම් බලනවා කියනෙක හරියට ම හරි පුතෝ....ඕවා අද කාලේ කවුරුත් ගනන් නොගන්නා හින්දා තමා ඔය උසාවි වල ඔච්චර ඩිවොස් නඩු..."
"ඒත් මොකක්ද කරන්නේ කියපන් ....ඒකි මන් හින්දා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ ..."
"හුටා......ඒක නම් කේස්...!"
: "මට නැන්දම්මා කිවුවා විස්තර ...පොරොන්දම් ම තමා අවුල...එකක් වත් ගැලපෙන්නේ නෑ කියනවනේ.....දැන් බලපන්...උදාහරණයක් ගත්තොත්....ඒකිගෙ යෝනී මොකක්ද ...අශ්ව යෝනී....උබේ මොකක්ද ..සැවුල් යෝනී...උවමනා ම එක ගැලපෙන්නේ නෑනේ සහෝදරයා...."
"දැන් නොගැලපුන නිසාද ඒකි බඩ උනේ..."
"මේකයි මල්ලි ...ඕක බලපාන්නේ පස්සට....ලැජ්ජා ව ඇරලම උබ ට කිව්වොත් උබ විනාඩි පහෙන් උබේ වැඩේ කරන් අයින් වෙන්න පුලුවන් ..මොකද උබට තියෙන්නේ කුකුලෙකුගෙ වගේ ලින්ගික ආශාවක් ...ඒත් ඒකිට එහෙම බෑ....උබෙන් තෘප්තියක් නොලැබෙන කොට එක්කො ඒකී පිට යනවා ...එක්කො මුලු ජීවිතේ ම විදවනවා..."
"ඒත් දැන් හැරෙන්න බෑනේ බන්...මොකක් හරි කරපන්..."
"මන් බලන්න ම්...ඒත් දන්නවා නේ නැන්දම්මා ගේ හැටි..."
ඔහු එහෙම කිව්වත් ඔහුට ද කරන්න කිසිවක් තිබුනේ නෑ....
අන්තිමට ගයනිම ඒක ට විසදුම ගෙනාවා ...
"කඩදාසියක අත්සන් නොකල ට ඔයා තමා මගෙ මහත්තය ...මේ දරුවගෙ තාත්තා ...ඔයා එයා බදින්න ...ඒත් ඔයා මගෙ ..."
කදුලු ගලන ඇස් වලින් ගයනි කියද්දි නන්දන ඇයව සිප ගත්තේ නොනිම් සෙනෙහසින්....
හරියට ම ගයනිට බබා ලැබෙන්න රෝහල් ගත කරපු දවසෙ නන්දන රසිකා කැන්දන් ඇවිත් මහනුවර ලස්සන හෝටලේක මදුසමයට ගියා....
ගයනි ට වඩා බෙහෙවින්ම සුන්දර කෙල්ලෙක් වූ නන්දන ගයනිගෙන් බලන්න ට පවා මතකයේ වත් නොතිබුනු පිරිසිදු කන්‍යාවියකගේ පතිවත දුටුවා...
රසිකා සමග විවාහ වුවත් ගයනි ගෙ අඩුපාඩු සොයා බලන්න නන්දන නිතරම කැප උනා...
මේ අතරෙ ගයනිට දෙවෙනි දරුවත් ලැබුනා...
දැන් නම් ලැබෙන සොච්චම් පඩිය පවුල් දෙකක් නඩත්තු කරන්න නොහැකි තරම් උනා....
ආයේ දරුවන් නොහදන්නට ගයනි මෙන්ම නන්දන ත් වග බලා ගත්තා ...
නමුත් ඔවුන් කොපමණ පරෙස්සම් වුවත් ගයනිට තුන් වෙනි දරුවත් කුසට ආවා...
"ගයනි ඔයා ටැබ්ලට් හරියට ගන්න නැතිව ඇති ..."
"මන් මොනා කරන්න ද...ඔයා ත් දැන ගන්න එපැයි ..."
දෙන්න අතර බහින් බස් වීම් ඇති උනා...
මේ අතර අම්මා තවත් කතන්දරයක් අරන් ආවා...
!"දැන් ඉතින් මදෑ....අවුරුදු කීයක් ගියාද ...දරුවෙක් මල්ලෙක් හදන්නේ කවද්ද ..."
"අරහෙ දරුවො වැඩි වෙලා ...මෙහෙ දරුවෝ මදිවෙලා ..."
නන්දන සිතුවේ කෝපයෙන් පුටුවකටත් පයින් ගසන ගමන්....
දැන් ඉතින් රසිකා ට දරුවෙක් හැදුනු පසු දරුවන් සිව් දෙනෙකි....
රසිකා එකෙක් හදා නතර වෙයිද....
මෙහෙම ගියොත් ගෙල වැල ලා ගන්න ට සිදුවන බව නම් සහතිකය...
🌲🌲🌲🌲🌲🌲🌲
"දැන් කොච්චර කල් උනාද ...අපි යමු ඩොක්ටර් කෙනෙක් බලන්න ..."
රසිකා හැම මාසෙම ඔසප් දිනය තෙක් බලන් ඉදලා බලාපොරොත්තු බිද වැටෙන් කොට එහෙම කියන්නේ දැන් මාස ගනනක ඉදලා ....
"ඔයා ගිහින් බලන් එන්න ..."
නන්දන කියන්නේ ඕනෙ වට එපාවට ....
ඉන්න උන්ට කන්න දෙන්න දහ අතේ සිතන ඔහුට රසිකා වද ගැහැනිය ක් වුවොත් හොදයි කියා යටි හිතට නරුම පැතුමක් ආවා...
ඒ සුපුරුදු ඉල්ලීම රසිකා අවසන් වතාවට කලේ අද උදේ....
"තමුසෙ මට වද නොදී ගිහින් චෙක් කරන මගුලක් චෙක් කර ගන්නවා...."
නන්දන කෑ ගැසුවේ ඔහුගේ තිබුනු ප්‍රශ්න ත් එක්ක රසිකා ගේ කෙදිරීය ත් වදයක් වූ නිසා.....
"එහෙම මන් විතරක් චෙක් කරලා මදි....ඔයත් ඕනෙ ..."
"මට අමුතුවෙන් චෙක් කරන්න දෙයක් නෑ....මන් ඒක අත් දැකීමෙන් කියන්නේ .....ඇස් ඉදිරියේ දැකලා කියන්නේ ..."
කාර්‍ය්ලයේ බෑගය ත් අරන් නන්දන එසේ කියා පාරට බැස්සේ එක්කො ඉදී....එක්කො යයි කියලා හිතන ගමන්.......
හදිසියේ ම අම්මා ගෙන් ඇමතුමක් ආවේ රසිකා ඇයට ඇමතුමක් මගින් පවසා සිය නිවසට ගිය බව නන්දන ට කියන්න ....
එවෙලේම කෙටි නිවාඩු ක් ගෙන සිය නිවසට ගියෙ නන්දන ඇය ආපසු යෑම නන්දන ගේ වරද නිසා බව අම්මා බොහෝ දොස් පරොස් කියමින් පැවසූ නිසයි ..:
අද උදේ මේ ටීපෝව මත නන්දන එද්දී තිබුනේ රසිකා විසින් තබා යන ලද ලිපියක් සහ අවුරුදු පහක් ඇතුලත ඇය සහභාගි වූ වෛද්‍ය සායනවල වාර්තා මිටියක්...
"හිතවත් නන්දන ....
අද ඔබ ගැන තිබූ මගෙ අන්තිම ආදර පොදත් අන්තිම අනුකම්පා වත් ඉවරෙටම ඉවර උනා...
මන් ඔයාගේ බිරිද ....
මේ ගෙදර ට ආ දා ඉදලා ඔයාගේ වෙනසක් මන් දැක්ක ...
ඒත් අද ඔයා කියන තුරු මන් ඔයාට තවත් පවුලක් තියෙන බව හීනෙන් වත් හිතුවෙ නෑ....
නමුත් නන්දන ...
ඔබ බොහෝ කලෙක සිට රැවටී ඇති බව කණගාටු වෙන් උනත් කියන්න සිදු වෙනවා...
මේ තියෙන්නේ මගෙ රිපෝට් ...මට කිසිම දරුපල අහිමි වෙන්න හේතුවක් නැ...මන් ඔයාට ආදරෙ සහ ගෞරවය කරපු නිසා ඔයා වෙනුවෙන් හැමදේම ඉවසලා හිටියා....නමුත් අද ඒ හැමදේම විනාශ උනා..."
ලිපිය කියවූ නන්දන ඊට යටින් වූ වෛද්‍ය වාර්තා මිටිය අරන් බැලුවා...
රසිකා අවුරුදු පහම එක එක වෛද්‍ය වරු ලග කරපු පරීක්ෂණ වල වාර්තා වන් එහි....
කිසිම ප්‍රශ්නයක් නෑ...
"එතොකට කාගෙද අවුල...මගෙ....නෑ එහෙම වෙන්නෙ කොහොමද ...ගයනි ට දරුවො ඉන්නේ ..."
වහාම යමක් සිහි වූ නන්දන සිය පවුලේ වෛද්‍ය වරයා හමුවට ගියා....
සියල්ල අමතක කල ඔහු දහවල් සිට බලා හිද හවස හය වෙද්දී ආ වාර්තා ව අරගෙන එතැනින් ම බැලුවේ තවත් ඉවසිය නොහැකි නිසා....
"දෙයියනේ...."
: ආපසු එන තුරුම මස්සිනා විසින් කියූ කතාව ඔහුට ඇසෙන්නට විය...
"ඒකී අශ්ව යෝනී....උබ සැවුල්....එක්කො ඒකී පිටින් ඒකිට ඕනේ දේ ගන්න වා...නැති නම් මුලු ජීවිතේ ම විදවනවා ..."
හරියට ම ඇය සමග එක් වූ දා ඔහු සිටියේ බීමතින් නිසා අදටත් ඇගෙ පතිවත ඔහුට රහසකි...
රසිකා වන් කුල ස්ත්‍රී රතනයක් ලැබුනත් අනුන්ගේ දරුවන් පෝෂණය කරන්න ගොස් දැන් ඇය අහිමි වී අහවරය...
තමා චුට්ටක් හෝ ඇයට අනුකම්පා කලා නම් ඇගේ මහත් වූ සෙනෙහස නිසා ඇය මේ අවුරුදු පහ ඉවසුවා සේ මුලු ජීවිතය ම ඉවසන්න ඉඩ තිබුනි....
තුන් වෙනි දරුවා කුසේ හොවන් සිටින ගයනිගෙ අඩවන් දෑස නන්දන ගේ සිතේ මැවේ....
"දෙයියනේ...මන් කොච්චර මෝඩයෙක්ද...."
නන්දන අසල ටීපෝව මත හිස හොවන් දරුවෙකු සේ හඩන්නට විය....
(අතීතයේ මිනිසුන් යම් දෙයක් කලෝද...එය නිවැරැදි ම දෙයයි...එයට විරුද්ධ ව නවීකරණය සොයා ගොස් අද තරුණ ජීවිත උසාවි වල ගතු කියා ගනිමින් සිටිති....)
🍀🍀🍀🍀🍀🍀🍀🍀
කුමාරි ඉහළගෙදර නිර්මාණයක්
No comments:
Post a Comment