උපුටා ගැනීමකි

කෙටි කතාවක් <3

සමී...මේ අහන්න බබා.අපි අම්මට විරුද්ධ වෙලා එකතු වෙලා මොකටද.ටිකක් කල් ගමු.තාම අපට වයස තියෙනවනේ.මට විශ්වාසයි අම්මා අපට කැමති වෙයි කියලා.

මට තේරෙනවා හිරූ...ඒත් බලන්න,අපේ තාත්තිට අසනීපයි.එයා ආසයිලු මැරෙන්න ඉස්සර මං මනමාලියෙක් වෙනවා බලන්න.මට තේරෙන්නැ මං මොකද කරන්නේ කියලා.
අම්මා එක දිගට මාව බන්දවන්න කෙනෙක් හොයනවා.මට ඔයා ගැන කියන්නත් බෑ.

මට තේර‍ෙනවා වස්තු.මෙි වෙලාවේ අපි දෙන්නම අසරණයි නේද.අපි දෙන්නට දෙන්නා තේරුම්ගන්න ඕනා.තව ටික දවසක් දෙන්න මට.

හ්ම්ම්...ඔයාට විශ්වාසද තව ටික දවසකින් මේ පුශ්න විසඳෙයි කියලා.

ඔව් මං හිතනවා සමී...

මේ තවත් එක්තරා ආදරයක්.හිරූෂ සූරියබන්ඩාර.හොඳ වත්පොහොසත්කම් තිබ්බ පවුලක එකම පුතා.කොල්ල කැම්පස් ආවේ දෙමව්පියන්ගේ අකමැත්ත පිට.එයාලා වලවු පැලැන්තියේ.ඉතිං කොල්ලගේ දෙමව්පියෝ හිතුවෙම සල්ලි තියෙන නිසා කොල්ල ඉගෙන ගන්න උනන්දු වෙන එක මහ බොරුවක් කියලා.

එතකොට සමීරා සේනාපති.කෙල්ලා සාමාන්‍ය පවුලක එකම දු.ක‍ෙල්ලගේ තාත්තා කෙල්ල පොඩි කාලේ ඉදන්ම අසනීපෙන් උන්නේ.අම්මා තමන්ගේ දුවව නොවිදිනා දුක් විදලා හැදුවේ.කෙල්ල කැම්පස් තේරුන බව දැනගත්ත දවස තරම් ඒ අම්මට සතුටක් දැනනු දවසක් තවත් නෑ.

සමීරගේ තිබ්බ ඇස නටවන හිනාව හිරූෂගේ කොලු හිත කෙල්ල ලඟ නතර කරන්න සමත් උනා.කෙල්ලෙක්ට අඩුවෙන් පිහිටන කතා කරන ඇස් දෙකක් සමීරාට තිබ්බා.කොල්ලා කොයි තරම් පස්සෙන් ගියත් සමීරා හිරූෂට අකමැති උනේ හිරූෂ හොඳ වත් පොහොසත්කම් ඇති පවුලක කෙනෙක් කියලා දැනන් උන්න නිසා.කෙල්ල කැමති උනේ නෑ විරහ වේදනාවෙන් මිරිකිලා තමන් කැම්පස් ආව පුධාන හේතුවත් අතැරගන්න.

ඒත් හිරූෂ නෙවේ තමන්ගේ උත්සහය අතෑරියේ.අවසානයේදි සමීරා කොල්ලට මුළු හිතින්ම ආදරේ කරන්න ගත්තා.කෙල්ලට වැඩි කාලයක් ඒ ආදරේ හංගන් ඉන්න බැරි උනා.දෙන්නට දෙන්නා ආදරෙන් වෙලුනේ ආත්ම ගානක බැඳිමක් සිහයට නැගෙද්දි.

දවසක් අහම්බෙන් කැම්පස් එක ලඟට ආව හිරූෂ ගේ අම්මා දැක්කා හිරූෂ සහීරා එක්ක ඉන්නවා.එදා ඉදන් තමා මේ ආදරේට කන කොකා හඬන්න ගත්තේ.
හිරූෂ නම් කිව්වෙම කල් යද්දි අම්මා කැමැත්ත දෙයි කියලා.ඒත් හිරූෂගේ අම්මා නිතර කලේ සමීරට හිගන්නි කියලා බැනපු එක විතරයි.

"උඹ ඔය ගෑනි බඳිනවනම් මේ අම්මා මලා කියලා හිතා ගනින් පුතේ....උඹට ඕකිව මේ ගෙදරට ගේන්න වෙන්නේ මගේ මිනිය උඩින් තමා...."

සමීරා ගැන කතා වෙන හැම වෙලාවෙම කතාව ඉවර උ‍නේ ඔය වචන ටිකෙන්.

කාලය ගත වෙද්දි අකමැත්තෙන් උනත් මේ ආදර යුවලට වෙන් වෙන්න වෙනවා.තමන්ගේ අම්මට පිටුපාන්න බැරි කමට හිරූෂ වලවු පැලැන්තියේම කුමාරිහාමි කෙනෙක් බඳින්න කැමති වෙනවා.සමීරා තනි වෙද්දි හිරූෂ දීගෙක යනවා.

"හිරූ...මට නම් බෑ මේ වැඩේ කරන්න.බලන්න ඔයාගේ අම්මා හිතන් ඉන්නේ මං කවුරු කියලද.මං මොනරගල වලව්වේ එකම දුව.මට මේ පර වැඩ කරලා හුරු නෑ.ඔයාගේ අම්මට කියන්න මට පාඩුවේ ඉන්න දෙන්න කියලා.ඔයාට බඩගිනි නම් බෙදාගෙන කන්න.මං යනවා මට වැඩ වගයක් තියෙනවා."

හැමදාම ගෙදරින් තමන්ටම කියලා කෙහෙල් කොලේ බත් මුලක් බැදන් තමන් එනකන් බඩගාන්නේ ඉදලා ආදරෙන් අනලා කවන සමීරව මතක් වෙලා හිරූෂගේ දෑසින් කඳුළු කැට කඩා වැටෙනවා.

මෙහෙම කාලයක් යද්ද මානසික ආතතිය දරන්න බැරුව කොල්ලා දවසක් මොලේ නහරයක් පුපුරලා එක්තැන් වෙනවා.

"මේ මොන කරුමයක්ද....මට නම් බෑ මේ වැඩ කරන්න.චී...ජරාව.ඇත්තට ඔහේට බැරිද ටොයිලට් යන්න ඕන උනාම කියන්න.මගේ කරුමේ මේක.තම්සේ මාව කාලකන්නි කලා ඕයි.මං යනවා යන්න අපේ ගෙදර.මං ඩිවෝස් පේපර් ටික එවන්නම්.තම්සේ අත්සන් කරලා එවනවා.ඒකටක් ඔය අත් පන නැති නම් ඇඟිලි සලකුනක් හරි ගහලා එවනවා....පුහ්හ්හ්"

ඇඳක් උඩට වෙලා තමන්ගේ දේවල් කරකියාගන්න බැරුව ඉද්දි කුමාරිහාමි කොල්ලට සැලකුවේ එහෙම.හිතේ අමුතුවෙන් රිදෙන්න කියලා තැනක් තිබුනේ නෑ.ඒ නිසාමයි හිරූෂ ඔහේ පැත්තක් බලාන හිටියේ.

"අරකි තමා මේවට හේතුව.නැට්ටිච්චි වගේ නටලා මගේ කොල්ලව දැලේ දාගෙන අන්තිමට මගෙි කොල්ලව පිස්සෙක් කලා.අනේ...ඕකිට හෙන හතම වැදියන්.මගේ එකාව රවට්ට ගත්තට.කොහොම හිටිය දරුවෙක්ද මේ.අද අසරණයෙක් ගානට වැටිලා"

කුමාරිහාමි ලේලිගේ කොයි තරම් වැරදි තිබුනත් හිරුෂ අම්මා වැරදි කිව්වේ සමීරට.මෙිවට හේතුව සමීරා කියලයි එයා හිතුවේ.
අවුරුදු ගානක් ඇඳක් උඩට වෙලා දුක් වින්ද හරූෂ දවසක් උදේ හැමෝම පිබිදෙද්දි මේ ලෝකේ අත්හැරලා දාලා ගිහින් තිබ්බා.
හැමෝගේම ඇඬුම් මැද දේහයේ වැඩ කටයුතු සිදු කලත් හිරූෂ ගේ බිරිද අවසන් කටයුතු වලටවත් ආවේ නෑ.

***************************************

"අපේ මහත්තයා අද දානේ වැඩ කටයුතු හොඳට කෙරුනා නේද.මගේ පුතා අපිව දාලා ගිහින් අවුරුදු දහයක් ගෙවුනා.මට අද ඊයේ වගේ.අර කෙල්ල නෙවේනම් අදටත් මගේ දරුවා හොදට ඉන්නවා."

හිරූෂගේ අම්මයි තාත්තයි සුපිරි වෙලඳ සලක් රථය නැවැත්තුවේ අවශ්‍ය බඩු ගන්න.ඒ අසලම තවත් පිරිමියෙක් එක්ක දරුවෙකුත් වඩාගෙන සුදු සාරියකින් සැරසුන සමීරා දැක්ක හිරූෂගේ අම්මට තරහ ගියා.

"ඔ්කි තමා මේ හැමදේටම මුල.පෙනේද ඒකි හිනා වෙවී ඉන්න අපූරුව.ඔය තරම් අපේ එකාට ආදරේ නම් ඕකි බඳීවිද.අපේ එකා නිකන් මැරිලා ගියා.මේකි එකෙක් බැදලා සැප විදිනවා.

"ආහ් අම්මේ...."

දරුවත් අතින් අරන් හිරූෂගේ අම්මා ලඟට ආව සමීරා කතා කලා.

"මං කොහොමද දන්නැ එක එකාට අම්මා උනේ.අපේ එකාව මරාගත්තා.දැන් සතුටු ඇති නේ."

කතාව අවසන් කරනවත් එක්කම සුපිරි වෙලද සැලෙන් එලියට ආව කාන්තාවක් සමීරගේ දෑතේ උන්නු කිරිකැටියව අතට ගත්තා.මුව නොසෑහෙන්න ස්තුති කරපු යුවල රථය පන ගන්වන් යන්න ගියා.

"ඒ අපේ මල්ලි කෙනෙක්.ලගදි බැන්දේ.මුල්ම දරුවා.මල්ලිට දරුවා වඩාගන්න තාම හුර නෑ.මං ටිකක් උදව් කලා.අද හිරූෂ නැති වෙලා අවුරුදු දහයක් නේ.මං මේ පන්සලට දානේ අරන් ගිහින් එන ගමන්.යන්නම් අම්මා.බුදු සරණයි"

හිරූෂගේ අම්මගේ දෙපා වැන්ද සමීරා දෑස් අඟට නැගනු කඳුළු පිසදමමින් යන්න ගියා.
සමීරා කඳුළු පිසිනට ඔසවපු වම් අතේ හිස් වෙදඟිල්ල දැකපු හිරූෂගේ අම්මට තම වරද තේරෙද්දි සියල්ල සිදුවෙලා අවසන්.

උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment