පින්වත්තී

පින්වන්තී
................

පුන්චි කෙටි කතාවක්

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මතීස් අයියා ආයෙ මට කෝල් කරන්න එපා

මොකද රයිනි වෙලා තියෙන්නෙ තේරුම් ගන්නකො..මන් ඉන්න තත්වෙ

හහ් මට තේරෙනවා. ඔයාට මට වඩා ලොකු ඔයාගෙ පවුලෙ අය..හහ්..
ඇයි නන්ගි ඔයා දන්නවා අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් වයසයි..එ දෙන්නට ඉන්නෙත් මන් විතරයි..මන් නැතුව කවුද එයාලා බලන්න ඉන්නෙ

හා ඔයා එයාලව බල බල ඉන්නකො..මන් තියෙනවා

පෝන් එක කට් කරපු රයිනු මතීශ්ව හිතින් අයින් කරලම දැම්මා..

තරහා ගිහින් සැරට කතා කරාට මතීශ් රයිනිට ගොඩක් ආදරෙයි..ඒත් රයිනි  කලෙ හැමදාම මතීශ් එක්ක රන්ඩු කරපු එක...

අප්පච්චිගෙ ලෙඩත් එක්ක පවුලෙ එකම දරුවා උනු මතීශ්ට කරන්න වැඩ ගොඩයි..එක්තැන්උනු අප්පච්චිව බලාගන්න ගිහින් රයිනිව මග ඇරුනා තමයි  ඒත් ආදරෙ හිතෙ එහෙම්මයි..

කොච්චර රයිනිට කියන්න උත්සහ කලත් රයිනි කවදාවත් මතීශ්ගෙ තත්වෙ තේරුම් ගත්තෙ නෑ..

අන්තිමෙ මතීශ් හිත හදා ගත්තා..කොහොමත් කාව බැන්ඳත් මතීශ්ට ඕනි අම්මයි තාත්තයි බලාගෙන තමන්ගෙ දුප්පත් හිතට හයියක් වෙන කෙනෙක් මිසක් කෙක්කක් වගෙ වැරදි හොය හොය ඇමිනෙන කෙනෙක් නෙවෙ..

මතීශ් කියන්නෙ ගොඩක් දුප්පත් කොල්ලෙක්..එයාගෙ අම්මයි තාත්තයි දෙන්නා ගොඩාක් වයසට ගිහින් බැඳලා තියෙන්නෙ..ඉතින් තාත්තා ඔත්පල උනෙ මතීශ්ව් තවත් අසරන කරලා..

ඒ නිසාම ඉගෙන ගන්න එක නවත්තලා පවුලෙම වගකීම පුන්චි කාලේදිම මතීශ්ට ගන්න සිද්ද උනා..

අවුරුදු දාසයෙදි මතීශ්හමුදාවට බැඳෙන්නෙ..යුද්ද කරන්න තියා හරියට තුවක්කුව වත් අල්ලන්න බැරි මෙ චූටි කොල්ලව දැකලා හමුදාවෙ යාලුවො හිනා උනා..

ඒත් හැමෝවම පුදුම කරමින් මතීශ් එයාගෙ රෙජිමේන්තුවෙ උන්නු හොඳම වෙඩික්කාරයා උනා..

ටිකෙන් ටික යුද්දෙ දරුනු අතට හැරුනා..ඔහොම ඉද්දි තමයි මතීශ්ගෙ ඇස් ඉස්සරහා එයාගෙම සගයො මැරිලා වැටුනෙ..ගතින් දුබල උනත් මතිශ් කියන්නෙ ඕනම අබියෝගෙකට මූන දෙන්න පුලුවන් හිත හයිය කොල්ලෙක්..

මතීශ්ගෙ කකුලටත් වෙඩි වැදුනා...රෝහලෙ මාස ගානක් උන්නු මතීශ් ආයෙ ගෙදර එද්දි යුද්දෙත් ඉවරයි..පස්සෙ මතීශ් හමුදාවෙන් අයින් උනෙ ලෙඩ ඇඳෙ උන්නු තාත්තාවත් බලන් වෙන රස්සාවක් කරන්න හිතන්..

මෙ ප්‍ර්ශ්න මැද්දෙ රයිනිත් හිතට සැනසීමක් නොදි ජීවිතෙන් අයින් උනා..

මතීශ් තනිකමට හුරු වෙන්න ගත්තා...අම්මගෙත් තාත්තගෙත් වගකීම් හිසෙ දරන් ජීවිත් උනා..

ගිටාර් එක ඒ තනිවෙච්ච හිතට හොඳ සගයෙක් උනා..

කාලය හෙමින් ගත උනා..දැන් මතීශ්ට අවුරුදු 25ක්..මෙ ගෙවෙන්නෙ මතීශ්ගෙ හොඳම කාලේ...

දස්කම් විස්කම් ගොඩක් තියෙන මතීශ් ඔහෙ අහුවෙන රස්සාවකට ගියෙ බඩවල් තුනක් රකින්න ඕන නිසා..අම්මත් මතීශ්ට හයියක් උනා..

මතීශුයි අම්මයි එකතු වෙලා ඔත්පල වෙලා ලෙඩ ඇඳේ ඉන්න තාත්තව බලා ගත්තා..

ඔහොම ඉද්දි තමයි මතීශ්ට තරුලි මුන ගැහෙන්නෙ...

පොඩි හිතවත්කමකින් ඇරඹෙන මෙ යාලුකම දවසින් දවස අලුත් වුනෙ දෙන්නවම කියාගන්න බැරි අපූරු බැඳීමකින්..ඒත් මෙ ආදරෙ නෙවෙයි..

යාලුකමකුත් නෙවෙයි අනේ මන්දා...

දවසක් මතීශ්ට තරූ අපූරු යෝජනාවක් ගේනවා...තරු කියන්නෙ ගොඩක් සල්ලි තියෙන පවුලක කෙල්ලෙක්..හැබැයි අනිත් කෙල්ලො වගෙ පොලවට අඩි දහයක් උඩින් ගිය නෙවෙ පොලවෙ පය ගහලා ජීවත් උනු කෙල්ලෙක්..

තරූගෙ ආසම දේ තමයි මල්..හැබැයි තරූලා උන්නෙ පර්චස් පහක් වත් නැති පාරෙ අයිනෙ තිබ්බ ගේක..

මතීශ්ගෙ ඉඩම දැකලා තරූ මතීශ්ට අලුත් දෙයක් කියනවා..

ඒ මතීශ්ට මල් වගා කරන්න කියලා..සාමානෙයෙන් මතීස්ගෙවයසෙ කොල්ලෙක් නොකරන දෙයක් ඒ..ඒත් මතීශ් හුගක් කල්ප්නා කරනවා..හැමදාම රස්සාවට ගියත් වයසක අම්මයි තාත්තයි..එයාලගෙ කෑමයි ලෙඩ දුක් වලටයි වියදම් කරාම ඉතුරුවක් නැති තරම්..

තරූගෙ යෝජනාවයි මතීශ්ගෙ නොපසුබටඋත්සහයයි එකතු වෙලා හරිම ලස්සන මල් ව්‍යාපාරයක් ගොඩ නැගෙන්නෙ මතීශ්වත් පුදුම කරමින්..

අම්මගෙ ආශිර්වාදෙත් ,තරූගෙ හයියත් එක්ක දවසින් දවස ගොඩ නැගුනු තමන්ගෙ ඕකිඩ් මල් වගාව ගැන මතීශ් උන්නෙ කියන්න බැරි තරම් සතුටකින්..

අද මතීශ් වෙන රටවලටත් කැපුම් මල් යවන මල් වගා කරුවෙක්..

හැමදාමත් වගෙ ලගින් උන්නු තරූට මතීශ් හදවතින්ම පින් දුන්නා..දෙන්නට දෙන්නා නොදන්න අපූරු බැඳීමක දෙන්නම ගිලිලා...

මතීශ්ට හැමදාමත් තරූ "පින්වන්තියක්"

අපෙ ජීවිතවලට එක එක පුද්ගලයො එනවා යනවා..සමහරු මාලිගා හදන්න ආවට යන්නි තිබ්බ අතු පැලත් කඩලා..ජීවිතේකට ඕන සවියක් දෙන කෙනෙක් මිසක් රන්ඩු කර කර ඉල්ලීම් දිනාගන්න හදන කෙනෙක් නෙවෙ..

මේ කෙටිකතාව මෙතනින් නිමි..ඒත් තාමත් මතීශ්ගෙ තරූගෙ මෙ බැඳීමට නිමාවක් නෑ...සමහර විට දවසක මතීශ්ගෙ මල්වත්තෙ තරූ පායාවි..සමහර විට නොවෙන්නත් පුලුවන්..ඒත් ඒ මොනා උනත් නැතත් ඒ යාලුකම මල් අතර හැමදාම පිපි පිපි ලෝකෙ ලස්සන කරාවි..

දුක් විදින..කට්ට කාගෙන ඉහලට යන කොල්ලෙක්ට දිරියක් වෙන්න පුලුවන්..පින්වන්තියකටම විතරයි...

එහෙම කෙල්ලො විරලයි..ඒත් හෙව්වොත් නොලැබෙන එකක් නෑ...හොඳ දේවල් ලබාගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනි...

...නිමි....

🌲🌳🌸🌼🍁සවී🍁🌼🌸🌳🌲
උපුටා ගනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment