ඉතින් නුඹ මගේය

.......ඉතින් නුබ මගේමය....
හසරැල් ...
හ්ම්ම්ම්..කියපන්.
මොකක්ද ...
පකෝ..දැන් උබනෙ හසරැල් කීවේ ..නම පාඩම් කරනවද..
පාඩම් කරන්නම වැඩේ..හසරැල් රංගන විජේසුන්දර බලපන් නිකන් නමේ හැටි..නිකන් පාමසි හා හාඩ්වෙයාර් වගේ...
අම්මෝ උබේ නම..දසුන්..අපේ සීයා කෙනෙක්ටත් තිබ්බ ඔය නම..
හසරැල් ..
කියපන් බන්...මොකක්ද
මොකුත් නැ...
ආච්චිට හාල් ගරන්න ඇයි එහෙනම්..හසරැල් හසරැල් ගාන්නෙ..
ආච්චිට හාල් ගරන්න ඕඔනෙ නැ තමා ...හා කියපන් ඇයි කියලා..
ඉතින් පකෝ...ආච්චිගෙ දත් නෑනෙ..මොකට හාල් ගරන්නද ගල් කොහෙ හැපෙන්නද..
හසරැල් ..
කියපන් යකෝ.....
බියර් එකක් වත් බොමුද...
බොමු..අරන් වරෙන්
සල්ලි...
නෑ බන්
මම ලග නෑ..මාසෙ අන්තිමනෙ බන්..
අපි සපත්තු දාලා..සර්ට් යට කරල ..බෙල්ට් දාලා අත් දිගට දාලා..ගිහින් මාසෙ අන්තිමට ගන්න පඩිය දන්නවනම් පාරෙ ඉන්න බල්ලොත් නරි වගේ හූ කියනව....
සිරා බන්.....
කවද අපිට ඉරපායයිද.....
රස්සාවට අමතරව මොකක් හරි කරමු බන් ගොඩ යන්න...
මේ කරන්නෙ ..
මොකක්ද කරන්නෙ
ෆ්බ් යන්නෙ වැඩ ඇරිල ආපු වෙලාවෙ ඉදන්..බලපන් දවසක මම ෆ්බ් එකෙන් අල්ලනව දල ඇති මෝරියක්..
අල්ලයි.....
මේන් බලපන් ...කොහොමද කෑල්ල..අනිවා vipපැමිලි එකක කෙල්ලක්..බලපන් චැට් කරන අපූරුව...
මීට් වෙන්න දවසක් දාගන්නව අද ....ඔන්න බලපන්...
යේ......යුරේකා.......
ඇයි බන් කෑගහන්නෙ..
ඒකි එන්නම්ලු හෙට හවස මාව බලන්න ඕනැලු..
යකෝ ඔය තරම් රෙක්ස්පෙක්ට් කෙල්ලො
ඔහොම එයිද..
එහෙම තමයි යකෝ උන් සෝසල්..
පකේ සෝසල්......
................................
දසුනො .......
ඉක්මනට ලෑසති වෙයන්....අරකි එනව කීවෙ 5ට..
කැබ් සර්ව්ස් එකට ගිහින් කාර් එක ගන්නත් ඕනෙ හිගන්නො වගේ බස් එකේ යන්න බෑනෙ..
පරක්කුනම් උබ පලයන් හසරැල් ...
පිස්සුද ..මට ලැජ්ජයි බන්..
අනික ඒකි යාලුව එක්කන් එනව කීවෙ..
ලැජ්ජනම් ලැජ්ජෙ බිකර් ගාන් යමන්..
ඒ කීවේ..
ලැජ්ජෙ බිකර් අනිත් පැත්ත හරෝපන් ...
ආ............ඒකේ ලැකර් ගෑවත් නැතත් ලස්සනයි යකෝ..
අම්මෝ මම දැකල තියේ ,ඒක හොදයි අලුතෙන් හදන ගෙවල්වල යටලීයේ එල්ලන්න ..වස් දොස් යන්න ...
උබ කොහොමද ඒක දකින්නෙ..
ඇයි රෑට නිදියද්දි උබෙ සරම කරේ...
උබ බලන් ඉන්නව ..නේද ...
ඔවු..බලන් පිලිකුල් භාවනාව වඩනව.බලන්නම වටින ඇට දෙක..
......................
කෝ බන් මේකි නෑනෙ..
ම්ස්ටර් හසරැල් රංගන විජේසුන්දර ,,උබ ගිල්ලා ලනුවක් නෙමේ තඩි කබයක් ..වෙලාව බලපන්..6යි..පහට එනව කීවෙ..
ඔන්ලයිනුත් නැ මැසේජ් එකක්වත් දාන්න ..
මොකාද බන් අර අපි ආවා වෙලේ ඉදන් අපි දිහා බලන එකා...
මමත් දැක්කා කොන්ඩෙත් ටින් කරල සමනලයෙක් වගේ..
අයිය ......අයියල ආවෙ කෙනෙක් මීට් වෙන්නද.

මූ..පොන්නයෙක් ද සාස්තර කාරයෙක්ද...
ඇයි එහෙම ඇහුවෙ....
ගොඩක් සොරි අයිය ....මම ඔයාට ඒ මැසේජ් කලේ අයිය ....අයිය ...තරහද....

දසුනො .....වර යන්න හුත්තො ..

හූඋ.......හුහූ......අම්මෝ.....උබේ vip කෑල්ල පට්ට බන්...අම්මෝ.....
කාටවත් කියන්න එපා බන්....
අම්මෝ.....කොහොමද කියන්නෙ දෙයියො කිට මරල...සග දාලා ..කාර් එකක් රෙන්ට් එකට අරන් පොන්නයෙක් හම්බෙන්න ආව කියල ..ඕක තමයි කියන්නෙ ..එකවුන්ට් එකේ කෙලි පොටෝ තිබ්බ පමනින්..සියල්ලෝම කෙල්ලො නොවේ කියල ...
.............................
මේ හැමදාම රෑට පුඩ්සිටි එමු..බන් ..බලපන් බහින කෑලි...මේන්  vip කැලි..

දසුනො ..
බලපන් අර කෙල්ල..
කොයි එකද..ඉස්සර ඉන්න එක
අම්මෝ vip නෙමේ ජේවීපී කෙල්ලක් උනත් කමක් නැ..අතේ පෑඩ් පැකට් එකක්..මෙන්සන් ..
එපා පකෝ ඔහොම ...උබේ නංගිටත් හැදෙනව..මචන් අර සමනලයගෙ එකවුන්ට් එකෙ පොටෝ තිබ්බෙ මේ කෙල්ලගෙ බන්..
සුවර්ද....
උබට මොන්ගල් කියල මට සුවර් තරම්ම මට මේ ඒ කෙල්ල කියල සුවර්..

ඔන්න බලාගනින් හසරැල්ගෙ වැඩ..
දැක්ක මචන් කලින්..පොන්නයෙක් බලන්න කාර් රෙන්ට් එකට අරන් ගියෙ.
වහපන් කට..
Excuseme ..මැඩම්..
Yes ....
මෙ පොටෝ වල ඉන්නෙ ඔයාද..
ඕ මයි ගෝඩ්..
මොකැ බන් මේකි එලුවෙක් ගැන කියන්නෙ ...
නැ හරකෝ ..එ විස්මයාර්ථය ..
ඔයාලට ..කොහෙන්ද මේ..
මේ එකවුන්ට් එකේ තිබ්බෙ...එත් පස්සෙ දැනගත්ත ඒ පිරිමියෙක් කියල ..
පිරිමියෙක් කීවාට පිරිමියෙක්මත් නෙමේ
දසුනො කට..

Thanks ...මම මේකට action එකක් ගන්නම්..
මේ....ඔයාලා කෙල්ලක්ගෙ පොටෝ එකක් දැක්ක ගමන් හැම එකවුන්ට් එකටම චැට් කරනවද...
නෑ...මොංගල් පෙනුම තියන උන්ට විතරයි ...දසුනො වර යන්න..කෙල දීලා ඇර ගන්නව කියන්නෙ මේකට....
..................

හසරැල් ..මේන්...උබේ ආදරේ චැට් කරනව...
කවුද ..
අර සමනලයා.
වෙන්න බෑ...ඌව බ්ලොක් කලා මම ..
නැත්තෙ නැ..මේ අර කෙල්ලගෙ පොටෝ  වැටිල තියෙන්නෙ ..
මොකක්...
මචන් ....අරකි මේ..
ඒ‍ත් ඒකි කොහොමද උබේ ෆ්බ් දන්නෙ..
අර පේක් එකෙන් හිටපු සමනලය දාන් හිටපු එයාගෙ පොටෝ පෙන්නන්න මම ෆ්බ් ගියානෙ..ඉතින් දකින්න ඇති මගෙ නේම් එක ...
...........................................................
හසරැල් ...කෙල දීලා ඇරෝ ගන්නව කීවෙ මොකක්ද ...ඔයා තරහෙන් යද්දී කීවේ..
මට මගෙ කට ගැන ජීවිතේ පලවෙනි පාරට ලැජ්ජ හිතුනි.
ස්තුති හසරැල් ...
  මම මැසේජ් එක ආයෙ කියෙවුවෙමි..

හිතුව තරම් කෙල්ල ආඩම්බර නැත..
ජීවිත පුදුමය .සමහරවිට නුබ බනීවි මට හිතක් නැ කියාවි ඒත් මට මගේ යාලුව වෙනුවෙන්..එක බෝඩිමේ එක බත් එක බෙදා ගත් එකා වෙනුවෙන් කරන්න වෙන කිසිත් නොතිබුනි..

මචන් හසරැල් මම ගෙදර යනව..තාත්තට හොදටම අමාරුලු..පිය සෙනසහ යනු කුමක්ද,එහි අහිමිවීම මොන තරම් දුකක්ද යන්න හොදින් දැනෙන දැනුනු මට ,,යලිත් තාත්තා අහිමිවීම දැනෙන්නට විය..
............................................
හසරැල් ...
පෝන් එකේ තිරය මත ඇගේ මැසේජ් එකක් ඇදුනි...
ඉතින් ..
තාමත් කෙල්ලන්ගෙ එකවුන්ට් වලට ගිහින් බලනවද..
ඔවු ..කලටි වගේ නම් ගිහින් බලනව..
ඊයා.මමත් කලටි වගේද පෙනුනෙ..
කුරුබ වගේ..
හසරැල් ඔයා ජොබ් කරනවද..
ඔව්‍...
කොහෙද ..
ෆිනෑන්ස් කොම්පැනි එකක..ඒ කරන ගමන් ඉගන ගන්නව..
හ්ම්.සෝක් අපේ ඩැඩීගේ කොම්පැනි එකක් තියේ..ඕකේ පඩි මදිනම් මට කියන්න ..
ඒ කියන්නෙ ඔයා සල්ලි ගහක්..
අනේ නැ.අපේ ඩැඩාට තියේ මට නැ..මම ඉල්ලනෙ නැ..වෙලාවකට මට පෝන් කාඩ් දාන්න සල්ලිත් නැ..මම ඉල්ලන්නෙ නැ..මම අසායි හසරැල් සාමාන්‍ය කෙල්ලක් වෙන්න ..බස් එකේ යන්න..යාලුවො එක්ක පාරේ අයිනෙ ටේස්ට් කඩේකින් ටේස්ට් කන්න...දෙමල කඩේකින් තෝස කන්න..බාල්දිවලින් ගේන සාම්බාරු හොදි එක්ක..
ඒත් තාත්තාට හොද නැ කියල මට ඒවා තහනම්..
හසරැල් ...මම යන්නම්...ආයේ ෆ්බ් ආවොත් මම ඔන්ලයින් හිටියොත් මැසේජ් දාන්න..
හ්ම්ම් ..
පෝන් එක රින්විය...
දසුනො ..
කියපන් තාත්තට මොකද..
මචන් තාත්තට වකුගඩුවක් බද්ධ කරන්න ඕනෙ ඉක්මනින් ..ඒත් වකුගඩුවක් හොයන එක ලේසි නෑ..මචන් දැන් වකුගඩු සල්ලි වලට විකුනන සීන් එකක් තියේ..මට එකෙක් කන්ටැක් උනා..ඒත් ලක්ෂ 20ක් වත් ඔනේ..මට මේවෙලාවෙ ලොකු ගානක් ඒක..පුලුවන් නම් මට සල්ලි ටිකක් දීපන්
හරි මචන් ..කොහොම හරි දෙන්නම්...
මම කීවාට මම අතේ රුපියල් විසිදාහක් වත් නැත.දහ අතේ කල්පනා කලෙමි..ඒත් අදහසක් එන්නේම නැත..හොරකන් කරන්න තිබ්බානම් හොරකන් කරන්න තරම් හිතක් ආවේය...
....
හසරැල් ...ඒ ඇයයි..
ඉතින් ...ඔන්ලයින් මයි නේද...
අනෙ නැ ..මම ෆ්බ් වලට ආස නෑ..එත් එනව කම්මැලී...මම එදා ඔයාව මීට් උනෙ තැනට අද රෑ එනව..එහාපැත්තෙ තියන යේල්යා
එකට..
තනියමද එන්නෙ..
ඔවු යාලුවට බෑ කිවා..
මම එන්නම් බලන්න.
හා...එත් හසරැල් වැරදියට හිතන්න එපා..මම එහෙම කාවවත් හම්බ වෙන්න එන්නෙ නැ.එත් මට කෙනෙක් දැක්කාම කියන්න පුලුවන් හොදයි ද නරකයි ද කියලා..

ඉතින් මම හොදද..
හොදයි ..ඒත් කට හොද නැ ...
..........................
ඉතින් ..මම වෙනදා මෙන් හැඩ උනේ නැත ඇන්දේ ටී එකක් සහ සෝට් එකකි..යාලුවාගේ කා කැබ් එකෙන් පොඩි මරුටියක් ඉල්ලා ගතිමි..
..................................
හසරැල් ඔයා කො...
මට ඔයා පේනව..එන්න ඉස්සරහට ..
අනේ ඔයා එන්න...
වඩෙ කන්න අසද..හ්ම්.ගොඩක් ..
එන්න එහෙනම් ඉස්සරහට..
ඔය කා එක ලග ඉන්නෙ ඔයාද..
හ්ම්ම්..
සෝට් එකට ටී එකට කොල්ල ලස්සනයි ...
පොන් චැට් ඇති .එක්මනින් එන්න..
........................................
මට හිතට එකගම නැත එහෙත් කල  යුතුය ..ඇය මට ලන්වෙත්ම හිතන්නටවත් බැරි ලෙස ඈව කාර් එකට තල්ලු කර දොරවැසුවේය..
හසරැල් ....අනේ.ඇයි ..මේ..
මට පැලෙන්න දුක හිතුනි..මම ලේන්සුව ගෙන ඇගේ අත් බැන්දෙමි..
හසරැල් ..ඔයාට බෑ මෙහෙම ...
පුලුවන් ...මේ අහන්න කෑගහන්න එපා කරදරයක් කරන්නෙ නැ...මගෙ යාලුවගෙ තාත්තට ගොඩක් අමාරුයි.එයාට ලක්ෂ 20ක් ඕනෙ..ප්ලාස් ඔයාගෙ තාත්තට කියන්න ..ඔයාව කවුද අරන් යනව..බේරගන්න සල්ලි ඉල්ලනව කියල ...
...........................
මම රෑ වෙනතුරු ඇය කාරයේ තියාගෙන උන්නෙමි..
හසරැල් ..යන්න දෙන්න..මම තාත්තිට කියල සල්ලි ඉල්ලල දෙන්නම්..
මම ඇය කාමරයට ගෙන ගොස් ඇදට තබා බැන්දෙමි..

මම කාර් එක කැබ් සර්විස් එකකින් ගෙනාවෙ දිලා එන්නම්..සමාවෙන්න මට..මට වෙන කරන්න දෙයක් නැ..මම පැල්න් කරල කලා නෙමේ.
හසරැල් මට බයයි යන්න එපා..
තනියම ඉන්න බැ..
පපුව දැවී ගියේය..ඇ තවමත් මාව විස්වාස කරයි..ඒ ඇයිදැයි නොදනිමි..ඇය බය මට නම් මම යනවාට කැමති විය යුතුය..
........................
මම පුලුවන් වේගයෙන් කැබ්සර්විස් එකට ගොස් ආටා එකක ආපසු  ආවේය..එන ගමන් තෝසේ ගෙන ආවෙමි ..
මම එනවිට ඇයට පුටුවෙම නින්ද ගොසිනි ..මම ඈත සිට ඇය කියවීය..ඇත්තටම ඇය හොද කෙල්ලකි...මූන දිගටිය..මූන දුටු පමනින් ඇය හොද එකියක් බව කාටත් හැගේ...ඇය කුඩා මුවපොවුවෙකු තරමට අහිංසකය...මගේ අඩි සද්දයට ඇය අවදිවිය...
ඇය අතින් කට බැද ඇති රෙදි කඩ ඉවත් කරන ලෙස ඉල්ලීය....
හසරැල් ...කැ ගහන්නෙ නෑ මම කට බදින්න එපා..
ඇගෙ සුදු අත් බැමි වල්ට ලක්වී රතු වි තිබිනි.
මට අඩන්නට තරම් දුක හිතුනි..ඇගෙ අත්වල බැමි ගලවා දැමිනි...
දම්සරනි...මේ අහන්න..මම ඔයාට කීවෙ ඇත්තම ඇත්ත ..මහෙ යාලුවගෙ හැමදේම තාත්තා ..එයා ගොඩක් අසරණ වෙලා තාත්තගෙන් සල්ලි ඉල්ල දෙන්න..ඉක්මනින් දෙන්න කියන්න නැත්නම් ඔයා මරයි කියන්න..
හසරැල් .දන්නෙ නැ..අපේ තාත්තා ගැන.එයා ඔයාව හොයා ගනි..දැනටමත් පෝන් එකෙන් සිග්නල් එන තැන හොයන් ඇති.ප්ල්ස් ඔයා අමාරුවෙ වැටෙන්න එපා...මාව යවන්න...
.....
අපි කෝල් ගත්තෙ ගොඩක් එහාදි..එකපාර හොයන්න බෑ..කාලා ඉන්න..
තෝසේ...
ඔයා ආසාද..
ගොඩක් .එත් කන්න බැ ..
ඇයි .
ඇයි මේ තරම් හොද ඔයා මෙහෙම කලේ හසරැල් ...ඇය හඩාවැටුනි..
කන්නකො...හෙට යවන්නම්...කෝ කන්න...
ඇය අහිංසක ලෙස කුරුල්ලෙක් ලෙස කුඩා කැලි කනවිට පපුව ඇවිලී ගියේය..
ඔයත් කන්න..
මට වාවාගත නොහැකි විය.මට ඇඩිනි.සමාවෙන්න දම්සරනි ...මම නරක වැඩක් මෝඩ වැඩක් කලේ..ඔයාට මෙහෙම දෙයක් කරපු මට ඔයා තාමත් කන්න කතාකරනව..
හසරැල් මට බය නෑ..ඒත් දුකයි..රහයි තෝසෙ..තව එකක් කන්නම්..
සේරම ඔයාට ගෙනාවෙ...කන්න...
...................
මම මගේ දුප්පත් ඇද ඇයට නිදාගන්න දුන්නෙමි...
හසරැල් ඔයා..
බිම..
කමක් නැද්ද .
මට මැරෙන්නට තරම් දුක හිතුනි...

මට නින්ද ගියේම නැත..
හසරැල් ...බාත්රූම් යන්න
ඕනෙ...කොහෙද බාත් රූම්

එලියෙ..ඒත් බාත්රූම් නෙමේ..
කමක් නැ..මම දුවන්නෙ නැ...
අර තියෙන්නෙ යන්න..
හසරැල් තව ටිකක් එන්න..මට බයයි...

හසරැල් ..ඔයාලග ඔයාගෙ නමට නැති සිම් නැද්ද ...
අහුලපු එකක් තියෙ..
ඒක පොන් එකට දාලා තාත්තගෙ මේ නම්බර් එකට කෝල් ගන්න .අරන් කියන්න හෙට උදේ ගම්පහ ගාඩර් එක ලගට සල්ලි ගේන්න කියල ..
ඔයා මාව අහුකරන්නද යන්නෙ..
පිස්සුද හසරැල් ,,එහෙම කරනෙ නැ මම ..සැරෙන් සැරේ කෝල් කරල ඊට පස්සෙ තැන වෙනස් කරන්න ...ඊට පස්සෙ බස් එකකට නැගල ඒකෙන් තියල බහින්න කියමු..එතකොට ලේසියෙන් අල්ලන්න බෑ..
අම්මෝ..ඔයා ඉස්සර කප්පන් ගත්තද.ඔය තරම් හොදට දන්නෙ ..
නෑ..ෆ්ලිම් බලල හසරැල් ..මගෙ වැඩේ ඉන්ගීල්ස් ෆිල්ම් බලනව..
මම වගේ...
ඔයත් එහෙමද...
හ්ම්ම්..
ආසම ෆ්ලිම් එක මොකක්ද ..
දෙකක් තියේ..
ඇවටර්..ඇපකැලිප්ටෝ...
මමත්...
බෝඩිමේ බල්ල බුරනව ගොඩක් ...
දෙයියනේ පොලිසියෙන්..

දොර අරින්න අපි පොලිසියෙන්     දම්සරනි ...මාව පවල දෙන්න එපා...ප්ලස්..

හිතාගන්නත් බැරි විය..ඇය බ්‍රා එක ඉතුරු වෙන්නට උඩ ඇදුම ගැලෙවුවේය..මුලුකොන්ඩයම අවුල් කරගත්තේය..
හසරැල් දැන් දොර අරින්න..
මම දොර ඇරියෙමි..
ඇය මගේ ඇගේ දැවටී මුවා උනෙමි..
පොලිසිය අඩනිරුවතින් මෙන් සිටි ඇය දැක බිම්බලා ගත්තෙමි..
සොරි..කරදර කලාට..අපි ආවේ මේ පැත්තෙදි ගෑනු ලමෙක් කික්නැප් කරල ..මේ පොටෝ එකේ ග්ල්‍ර් දැක්කොත් කියන්න ...
.................................
ඇයි මාව බේරුවේ...
ඔයා හොදයි ...
නෑ.ඔයාට මේතරම් දේ කරලත්.
හසරැල් අපේ අම්ම වෙන කෙනෙක් එක්ක පැනල ගියා පොඩිකාලේ මම ..ඒත් මම ආදරේ මම කවදවත් හරියට නොදැකපු අම්මට..මොකද තාත්තා කියන්නෙ මනුස්සෙයෙක් නෙමේ සල්ලි හොයන මැසිමක්..සමහර මිනිස්සු ලෝකෙට වැරදි උනාට හරි...
....................................
අපි අද රෑ කොහහරි යන්.පොලිසියෙන් ආයෙ ආවොත් ...කොහෙද යන්නෙ හසරැල් ...
අපි කෝච්චියෙ යන්..එතකොට අපි තාත්තා කෝල් ගත්තට පොලිසියට බෑ අපිව හොයන්න ..කෝච්චිය යනවනේ...
සෝයි ..
ඇයි  ..
හසරැල් මම කවදාවත් කෝච්චියෙ ගිහින් නැ...
ඇත්තටම ..
.......
මහ රැ අපි ගම්පහින් බදුලු කෝච්චියට නැග්ගෙමු..
හසරැල් ..ඔයාට පිං
ඇයි ..කෝච්චියෙ එක්කන් ආවට..
හසරැල් ..සෝයිඅනේ..බින්ගෙයක් අස්සෙන් යද්දි හූ කියමු...
හා..
ඇය කෝච්චිපෙට්ටියෙ පොඩි උන් සමග තරගෙට බිම්ගෙවල් තුලෙදි හූ කීවෙමි..
මම ඇය වින්දෙමි.ඇය කවියකි..
හසරැල් ...දැන්නම් සීතයි...ඉන්න බෑ..
දත් මේ..ටක ටක ටක ටක..එකට වදිනව..
ලගට එන්න...
ඇය මගේ මුන දෙස බැලීය..
හසරැල් ඔයාට තියෙන්නෙ අපේ අම්මගෙ මුන...ඔයාට කෙල්ලක් ඉදලම නැද්ද ...
නෑ..මම ස්කූල් යද්දී ගොඩක් කැතයි..
දැනුත් කැතනෙ.
ඒකනෙ කෙල්ලක් නැත්තෙ..
ඔයාට...
මට අම්මගෙයි තාත්තගෙයි ජීවිත බලල බැදීම එපා වෙලා..
..................
ඇය ගිරවියක් මෙන් කියවා මගේ උරපත්ත උඩ නින්ද ගියේය..කවදාවත් පැහැරගත් කෙල්ලත් පැහරගත් එකාගෙ උරපත්තේ නිදා නොමැති විය හැක..
දියතලාව පනිනවිට ඇය ගුලිවනට විය.මම අතක් දමා ඇය ගුලි කරගත්තෙමි...
හසරැල් ...
යාලුවට සල්ලි ඕනෙමද.
ඔවු ඇයි ..
නිකන් ....
සීත හින්ද බදා ගන්නම්..
හ්ම්ම්..
සීත හින්ද..සීත නැතිඋන ගමන් අත අරිනව.
.................................
හසරැල් තිබහයි...ඊලග ස්ටේසන් එකෙන් බොන්න දෙයක් ගමු...
හ්ම්ම්.
නැවැත්තුව නේද ....
ඉක්මනින් අරන් එන්නම් ඉන්න..
අනේ ඉක්මනින් එන්න..

කෝච්චිය අද්දමින් තිබිනි...මම දිව ගොස් එල්ලුනෙමි..
ඇය වෙවුලමින් කදුලුපුරවා සිටියාය..
හසරැල් ..
මම බය උනා..
ඇයි ..ඔයා නැග්ගෙ නැ කියල..
ඉතින් හොදනෙ..ඔයාට ගෙදර ගියෑකිනෙ..
හසරැල් මට ගෙදර යන්න බෑ..ප්ල්ස්..
තුරුල්කරගන්න මාව..ප්ල්ස් ...
මගෙ එකවුන්ට් එකක සල්ලි වගයක් තියෙ ඒක අරන් දෙමු යාලුවට..අනෙ මම ඉන්නම් ඔය එක්ක..
මට ඉකිගසා හැඩිනි..මම පුලුවන් තරම් හයියෙන් ඇය බද ගතිමි..
හසරැල් .පුලුවන්ද ලක්ස විස්සකට මාව විකුනන්න..
බෑ...බැ රත්තරනේ බෑ..
එහෙනම් මාව අරන්‍ යන්න ඈතකට..ගොඩක් ඈතකට..
මම උයන්න පුරුදු වෙන්නම්..පුරුදු වෙනකම් රහ නැති වෙයි ..ඊට පස්සේ රහට උයන්නම්..උයල එක පිගානකට දාලා රස්නෙම් කමු..මම කවන්නෙ..මම ඔයගෙ තුරුල්ලෙ ඉදන් මේව හිතුවෙ..එපා මෙ හිහන්නිගේ හීන බිදින්න.එපා මාව ලක්ස විස්සකට විකුනන්න..
නැ..රත්තරනේ නෑ..ආදරේද මට.
ගොඩක් හසරැල් ..මුලිනම දැක්කදා ඉදන් ඔයා ගැන හිතුව..මම එද බොරු කීවේ ..ආවෙ ඔයා දකින්න..
මම ආදරේ මහත්තයො .එපා මාව විකුනන්න..
මගේ උරපත්තට අතක් තබනු දැනුනි..අපි පොලිසියෙන් නැගිට්න්න කරුනාකරල...
අනේ දෙයියනේ ....
මේ කෙල්ල ගන්න සාජන්...
සර් මෙක පැහැරහැනිමක්ද...
ආදරේ පැහැර අරන් වගේ...

අනේ ..අනෙ .සර් අපිට යන්න දෙන්න..වදින්නම් යන්න දෙන්න...
බහිනවල දෙන්නම..
සර් ...මගෙ තාත්තට මාව දෙන්න එපා අනේ යන්න දෙන්න..පිං ගොඩක් ..අපිට යන්න දෙන්න..

පිස්සුද ..මේක පැහැර ගැනීමක්..
ඔවු සර් මේ හිගන කොල්ල මගෙ ජීවිතේම පැහැරගත්ත යන්න දෙන්න  අපිට..

කමක් නැ සර් ...මාව තාත්තාට බාර දෙන්න එහෙනම්.ඒත් මෙයාට යන්න දෙන්න..කකුල් දෙක අල්ලල වැන්ද සර්..මෙයාට යන්න දෙන්න..හිරෙ දාන්න එපා..අනේ මගෙ පන හිරේ දාන්න එප...

මම පොලිස් ජිප්රියට නග්ගන විට ඇයට සිහිසුන් විය..මම කෑගස පැන ඇය බදාගත්තෙමි...
පුතා..නැගපන් ජිප් එකට උබල මේතරම් ආදරේ නම් සක්‍රරයටවත් බෑ වෙන්කරන්න...
පොලිස් ජිප්රියට මා රැගෙන පිටත් වෙන විට යලිත් ඈ සිහිය විත් විලාප තියා සිහිසුන් විය..මේ කතාව කවුරුත් විස්වාස නොකරනු ඇත..ඒත් අපි දින හතරට ඒතරම් බැදුනි..ඒ මන්ද යත් සසර පුරා අපි බැදීඇති බැවිනි...ඉතින් හිර ගෙවල් සීයක දැමුවත් මම යලි එන්නෙ ඇය සොයාගනය..ඇයත් එසේ මා එනතුරු රැදි සිටිනු ඇත....

හසරැල් රංගන විජේසුරේන්ද්‍රගේ නිරමාණයක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment