නුඹ අයිති මට

#නුබ_අයිති_මට..

මගේ පපුව හැමරෑකම වේගයෙන් ගැහෙන්නට විය.ඒ  මම  අවදිනවනවිට නුබ ගෙදරින් යන්නම යන්න ගොස් සිටීවී යන බියයි..මා අවදී මුලින්ම කරන්නෙ නුබ කාමරේ සිටීයයි බැලීමයි.

සැනසුසුම් සුසුම් හෙලීය..
නුබ දුව,තුලුරු කරගන සුවසේ නිදිය..නුබ ඇහැරවන්නට ලෝබ හිතුනි.සත්තමයි,මා නුබ දුටු කඩවසම්ම පිරිමියාය..නුබේ මූනේ රැවුල ලාවට වැවී තිබිනි.අක්කා අපේ ජීවිත වලින් යන්නම ගිය පසු නුබ රැවුල කැපුවේ එහෙමම දිනකය..නමුත් නුබ එහෙම සිටින විට වෙනදාට වඩා කඩවසම්ය..
අයියා , අපෙ අයියෙ..
හ්ම්ම් ...
නැගිටින්න ,වැඩට යන්න,පරක්කු වෙයි..

නුබට අපේ ගෙදරට පැමිනිදා සිට මා නුබට අමතන්නෙ අපෙ අයියා කියාය.සත්තමයි දිවුරා කියන්නම්,නුබ අපේ අක්කා සමග විවාහපත් ඌ දා සිට නුබට මගේ හිතේ පිරුණු ආදරයක් තිබිනි නමුත් ඒ නොකිලිටි සහොදර ප්‍රේමයකි..අක්කා විවාහ වී පිට ගෙදරකට  යාම තාත්තා අකමැති විය.ඒ නිසා නුබ අපේ ගෙදර නැවතිනි.එද සිට නුබ අපේ ගෙදර කොටසක් විය.අපේ අම්මාට තාත්තාට තවත් එක් දරුවෙක්,මට සහොදරයෙක්,අක්කාට දයාබර සැමියෙක් විය.නුබ දේවදූතයෙක් බදු විය..නුබ අපේ ගෙදරට පැමිනි දා සිට සතුට උතුරා ගියේය.ඒ සතුට දෙගුන කරන්නට අක්කා ගැබ් ගත්තාය .එහෙත් අපිට සතුට ගෙනෙන්නට අක්කා රෝහල් ගත කලත් ,පැමිනියේ කිරිකැටි දියනිය පමනි..අක්කා අප සැම තනිකර නොයන ගමන් ගියාය.
..................................................................

අම්මේ ....
ඔහු හඩ අවදි කලාය..
ඇත්තමයි ,මට චු බර දැනුනි..මේ තනන්නෙ නුබ අපෙන් යන්නටය.

ඇයි පුතා..
අම්මේ තවත් ඔයාලට,වද දිදී බෑ මේ ගෙදර ඉන්න..මම යන්නම් ..
අනේ පුතේ..ඇයි බැරි ඔයාට හැමදාම මේ ගෙදර ඉන්න ..ඔයාට ඕනෙ නම් වෙන කසාදයක් බැදගන්න මගෙ පුතේ ..එපා අපිව දාල යන්න..

මම හඩ අවදිකරන්නට තැනුවත්..වචන පිට නොවීය..උගුර හිරවිය..යලිත් උත්සහා කලාය.
අයියෙ..අපෙන් වැරදක් උනාද..
නෑ.චූටි නංගි...
එහෙනම් යන්නෙ ඇයි..
ඔයාට පද හැදෙයි චූටි නංගි..දැනටමත් මිනිස්සු ඒවා මේවා කියනවා.අක්කා මැරුනාම නංගි තියන් ඉන්නවලු..

මට සියුම් සතුටක් දැනුනි.පිට උන් හරි නුබ සම්බන්ද කර පදයක් තැනුව එක මට සැපයකි.
පුතේ ඕනෙ එකෙක් ඕනෙ දෙයක් කියපුවාවෙ..පුතා ඉන්න,අපි එක්ක ,ඔයා මේ ගෙදරින් ගියාම කොහොමද පොඩි දරුවා බලාගන්නෙ..

පුතා..චූටි දුවටයි ඔයාටයි පද හැදෙන්නෙ මම ඉඩ තියන්නෙ නැ මම ..මම දුවට කටයුත්තක් ලෑස්ති කරන්න ඉන්නෙ..

තාත්තගේ කතාවෙන් මගෙ ඇගවෙවුලා ගියේය..ඇග බිත්තියට වාරුකගත්තෙමි.

තාත්තෙ..අනේ මට බෑ දැම්ම බදින්න..අනේ තාත්තෙ ..

ඇයි...කවුරුහරි ඉන්නවද දූට..
නෑ,තාත්තෙ ..අනේ නෑ..ඒත් බෑ ..මට අක්කගෙ පැටිය බලාගන තවකාලයක් ඉන්න දෙන්න.

මට බැරි පැටියයි පැටියගෙ තාත්තයි දෙන්නම දාලා යන්න.මම මටම කියාගත්තෙමි...........................

වෙලාව රෑ එකත් පසුවී තිබිනි..නින්ද අහලකටවත් නොයෙයි..මගේ හිතට නිවනක් නොවීය..නුබ අපේ ගෙදරින් යාවි කියන බය පමනක් මුලින් තිබුනි,,ඒත් දැන් තව බයකි..ඒ තාත්තා මාව කෙනෙකුට බන්දාවි කියන බයය.මට නුබව අහිමි කරගන්නට බැරිය..ඒ තරමට නුබට ආදරය කරමි..හෙමීට ඇදෙන් බැස්සෙමි..හොරෙන් අඩිතබා නුබේ කාමරයට එබුනි..
පොඩි දුව තුරුලු කරන් නුබ හොදටම නිදිය..නුබේ පපුවෙ මුහුන හොවා නුබව බදාගන නිදන්නට පෙරේතකමක් ඇතිවිය.උබගේ මූන දෙස බලාගන සිටියෙමි.කොතරම් බලාසිටියත් මට එපා වෙන්නේ නම් නැත.නුබේ පය,පාමුලින් ඉදගතිමි..මට කවදාවත් නුබත් සමග වෙලී නිදන්නට නොහැකිවනු ඇත..පය පාමුල වැටී ඉදගන සැනසෙන්නට මම වෙරදැරුවෙමි..එක්වරම නුබ අවදි විය

චූටි නංගි..ඇයි මේ..
පොඩ්ඩි අඩනවා ඇහුනා එකයි ආවෙ අයියෙ..මම යන්නම්.

මම දොරලගට ආවෙමි.යලිත් එක වතාවක් නුබ බලන්නට සිතුනි යලිත් හැරුනි...
චූටි නංගි ඇයි..
අයියෙ ඔයා,යනවද අපිව දාලා..
...........................................................
වෙලාව 5.45යි.නුබ තාම නැත..වෙනදා නුබ ඔපීස් ඇරී ඇවිත්ය.හිත පුදුම නොසන්සුන්ය.ඇයි නුබ නැත්තෙ.නුබට කෙල්ලක් වත් ඇද්ද..නෑ වෙන්න බෑ නුබ එහෙම කෙනෙකු නොවීය..මම හිත සමග තර්ක කර හිතහදා ගත්තෙමි.ඒත් නුබ පුදුම කඩවසම්ය..එය මට පුදුම බියකි.ඇත්තමයි නුබ වෙන එකියක් සොයාගත්තොත් මම මැරෙන්නෙමි..
කෝ පැටියෝ තාත්ති...තාම නෑනෙ..පොඩි එකා සිනාසුනි..
ඔයාගෙ තාත්ති මෝඩයි..ඒකෙනෙ පුන්චියා මේතරම් ආදරේ කලත් දැනෙන්නෙ නැත්තෙ.තාත්තිව කාටවත් දෙන්නෙ නෑ මම..මගෙනෙ තාත්ති..

වෙලාව රෑ 10 පසුවිය .නුබ තාම නැත..මම කීවරක් බාත් රූම් ගියාදැයි මතක නැත.හිතට බියක් ආවිට මට චූබර ඒම පොඩිකල සිට පුරුද්දකි..තත්තා..අම්මා .මම එලියට විත් පාර බලාසිටියෙමි..
චූටි දුව ගන්න බලන්න කෝල් එකක් ආයෙත් .
වැඩ නෑ තාත්තෙ පෝන් වැඩ නෑ..ඊයෙ රැ ලයිට් තිබ්බෙ නෑනෙ චාජ් තියෙන්නෙ නැති වෙන්න ඇති.
මම බුදු පහන ලගට ගියෙමි.අනේ බුදු හාමුදුරුවනේ ..අනේ අක්කත් මට නැති උනා..අනේ අයියට කරදරයක් නම් වෙන්න එපා..අනේ එක්මනට ගෙදර එවන්න අයියව..මම කන්නෙ නැතිව් දවස් දෙකක් ඒ කෑම සතුන්ට දාන්නම් අනේ අයියට කරදරයක් නොවී ඉක්මනට ගෙදර එවන්න.

වේලාව රෑ 12,30යි නුබ තාම නැත.මම ඉකිබිද හැඩුවෙමි.අම්මාට ඇහෙන නිසා කොට්ටයට මූන ඔබා ගත්තෙමි.රත්තරනේ ..නුබ අපි දමා ගියාද.ඇයි මම ආදරේ බව චුට්ටක් වත් දැනුනෙ නැද්ද.

චුටි...............චූටි ....
අම්මේ ...අයියා ආවද.
නෑ...ඇයි මේ අඩන්නෙ..
අම්මේ අයියට කරදරයක්ද..
නෑ..එහෙම නැතිව ඇති.ඇයි අඩන්නෙ ඔයා...
අම්මේ බයයි අම්මේ මට..
චුටි දෙයක් අහන්නම්..ඔයයි අයියයි අතර සම්බන්දයක් තියේද..
නෑ අම්මේ..නෑ..
එහෙනම් අඩන්නෙ මෙහෙම..අපිටත් බයයි තමා ඒත්..
අම්මේ ..අම්මේ ....මම අයියට ආදරෙයි ..අනේ අම්මේ මට බයයි එයා අපිව දාලා ගියාද..අම්මේ ..එයා වෙන කෙනෙක් එක්ක යාලුවෙලා ඉදලා අපිව දාලාගියාවත්ද..මට බයයි අම්මේ ..මගෙයි වැරැද්ද මම මෝඩියක් මහ.මම කීවෙ නෑ එයාට ආදෙරෙයි කියලා..

සාලයෙන් අඩි සද්දයක් ඇහුනි..මම ඇදෙන් නැගිට දිවෙමි සාලයට..නුබ කෙලින් ඉන්න බැරි තරම් බී සිටියෙමි..මම මගේ කර වටින් ඔහුගේ අත දමා ඔහුගේ බද වටා යවා වත්කම් කරගන කාමරයෙට ගියෙම්..නුබව ඇද උඩින් ඉන්දවුවේය.නුබ පන රහිත ඌවෙකු මෙන් ඇදේ ඇද වැටිනි.මම නුබගේ සපත්තු මේස් ගලවා දැමුවේය.
ඇයි අයියෙ මෙහෙම බීවෙ..
නුබට පිලිතුරු දෙන්නට තරම් සිහියක් නොවීය.
මම නුබගේ සියලු ඇදුම් උනා දමා සරමක් ඇන්දවීය.
මහත්තයෝ ...අක්කාමට කොහෙහරි ඉදන් සාප කරයි..ඒත් මම උබට ආදරෙයි මහත්තයෝ .මම මටම කියමින් පපුවට තුරුල් විය.නුබේ පපුතුලින් සංසාර ගත සුවදක් හැමීය.
.............................................................
පාන්දර යාමේ මට ඇහරුනි.නුබ කුඩා දරුවෙකු මෙන් මගේ සිරුරට තුරුලු වී නිදාසිටියේය.මට නුබේ තුරුලින් මිදීමට ලෝබ සිතුනි ඒත් මට නුබ මා පිලිබද වේසියෙකු මෙන් සිතනවාට මම ඇකමැතිය.
..............................................
හසැරැල් පුතා...
තාත්තෙ
ඔෆීස් යන්නද..
ඔවු  තාත්තෙ..
පොඩ්ඩක් කතාකරන්න පුලුවන් ද.
පුලුවන් තාත්තෙ ..
ඇයි ඊයෙ පරක්කු උනේ..
යාලුවෙක්ගෙ ගෙදර ගියා..

මම කාමරයේ සිට සංවාද අසා සිටියෙමි.යාලුවෙක් ගේ ගෙදර කියද්දී මගේ පපුව පැලෙන්නට මෙන් විය..යාලුවා ගැහැනියක්ද.

පුතා ඊයෙ ඩ්‍ර්න්ක් අරන් නේද ..හිටියෙ ප්‍රර්ශනයක් ද.
නෑ තාත්තෙ ..තාත්තෙ දෙයක් අහන්න තියෙනවා.....
මොකක්ද පුතා..
මම මෙහෙ තව ඉන්න එකෙන් නංගිට කතා හැදිලා හැම තැනම..ඒ හින්දා...

මගේ ඇස්වලින් කදුලු ගලා ගියේය..ඊයෙ රෑ මා ඔහුගේ තුරුලට වී ගතකර පැය කීපය සිහිවිය..මේ ඔහු සැරසෙන්නේ යන්නටය.ඔහු ගියොත් ..මට ඔහු ගියොත් ජීවත්වෙන හැටි සිතාගත නොහැක.

කියන්න පුතා.මොකක්ද පුතා කරන්න හදන්නෙ..
තාත්තලා මේක කීවාම මොකක් හිතයිද දන්නෙ නෑ..
පුතා අයේ බදින්නද..
ඔවු තාත්තෙ ..

මට එවර ඉකිබිදුම නවත්වාගන්නට නොහැකිවිය ..ඇයි  මම මේතරම් පව්කාර.නුබ කසාද බැද අපේ ගෙදරින් ගියහොත්.දුව බලාගැනීමට කියාහෝ නුබේ ගෙදරට විත් වහලියක් මෙන් වැඩකරමින් නුබේ රුව දකිමි..

ඔවු පුතා ඒක හොදයි .
තාත්තෙ තාත්තලා කැමතිනම් ,මම නංගිව කසාද බදිනවා

මට ඒ වචන ඇහෙද්දී කුමක් කරන්නදැයි සිතා ගත නොහැකිවිය.බුදුපහන ලගට ගොස් වැදගන  හැඩුවෙමි.එයා මගෙ බුදුසාදු එයා මගෙ..මම දන්නවා බුදු හාමුදුරුවෝ මා දිහා බලනවා කියලා..

දුවලගෙ අම්මේ අපේ නම් කිසිම අකමැත්තක් නැ.ඒත් දුවගෙන් අහල ඉමු නේද ..

ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවෙ කියයි.
අම්මා සිනාසී උත්‍තර දුන්නේය..

නුබ මගේ කාමරය ඇවිත් දොරලග නතර විය..මම නුබට හිසින් කතා කෙලෙමි.
ඇයි ඊයෙ බීවෙ.
තාත්තා කීවනෙ ඔයාව බන්දනවා කියලා..

ඒ කියන්නෙ මට ආදරේ කලාද...
හ්ම්ම් ..
ඇයි කීවෙ නැත්තෙ..
ඔයා කීවෙත් නැනෙ..
ඉතින් ඔයාට තේරුනේ නනෙ
මොනවද
මෝඩයා...ඊයෙ මම කෙනෙක්ගෙ තුරුලෙ හිටියෙ..
හ්ම්ම් ..මම බොරුවට නිදිවගේ හිටියෙ..
මරන්න හිතයි .ආයෙ බොන්න එපා දෙයියො ..ආදරෙයි මහත්තයෝ ගොඩක්
මමත්.
ඔහු මගේ හිසසිම්බෙමි.එය දුටු චුටි පැටියා සිනාසුනි.
පැටියා බලාන ලැජ්ජයි,(නිමි)

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment