සෙබළ බිරිද

සෙබළ බිරිද....කෙටි කතාව.

එතකොට සුදු දුව කියන්නෙ...මේ කටයුත්ත කර ගන්නම ඕන ..කියලද..

අප්පච්චි ගේ ගැබුරු හඩ වියැකී යමින් තිබුනේ ...මා හෘද ස්පන්දන වේගය මදක් සංසුන් කරය..

ඔව්...ව්....අප්..පච්චී....මං බදිනව නම් බදින්නෙ...හංසල විතරයි..

ඒ ටික..කියා ගන්නට දිරි ලැබුනේ කොහෙන්දැයි ඉතිං මාවත් නොදනී ...

අප්පච්චි ලොකු අඩි පියවර තබ‍ා තම කාමරයට වදිද්දී ...මා අම්මාගේ නෙත් බැලුම්ද..මග හැර මා කාමරයට වැදිමි   ...

හංසල මට හමුවන්නේ සාමාන්‍ය පෙල...පංතියේදිය .....

සාවි ආදරෙයි හුගක්....හැබැයි මං මං වටේ තියෙ න.  දේවලට ආදරේ කරන්නෙ හරි  අඩුවෙන් ...

හංසල කියන්නේ එහෙමය...

ඇයි හංස එහෙම කියන්නෙ...

මං සෝල්ජර් කෙනෙක් ...මට මේ ජිවිතේ විශ්වාස නෑ ...සාවි..
ඉතිං මං වටේ ඉන්න අයට ඔනවට වඩා බැදිම් ඇති කරනෙක පව්...

එතකොට මං පව් නැද්ද..හංස..සාවි ට දුක නැද්ද ...

මා කලේ කදුලු ඉස්සර කල එකය....

පිස්සි...ඒත් මං ඔයාව දාලා කවදාවත් යන්නෑ...
ඒකනෙ..මේ තරම් ලොකු බැදීමක් හදා ගත්තෙ...
අපිට අපිව නැතිවෙන්නෑ සාවි ....

හංසලගේ සොදුරු උඩුකය ජායාරුව ..මේසය මතම තබා මා ඉතිං යහනට වුනෙමි...රෑ සිහිනෙක පැටලී හංසල...මා ලගම...හිදියාය ..

***

සුදු දුව...අප්පච්චි කියන්නෙ...අර ලමයගෙ...මව් දෙමව්පියන්ට මෙහෙ එන්ට කියල...

හිතේ දහසක් මල් පුබුදුවා අම්මා දෙඩුවේ එක් දහවලකය.....

ජංගම දුරකතනය කනේ රුවා මා ඉතිං වරුවක් හංසලට කතා කලෙමි..

අප්පච්චි කැමතියි හංස...ඉක්මනට අම්මල එක්ක..මෙහෙ එන්න..
මං බලන් ඉන්නව...
අනේ ...මට සතුට වාව ගන්න බෑ....

****
දින සති  මාස ගෙවුනේ හංසලගේත් මගේත් විවාහයට සියල්ල...ලක ලැහැස්තිවය .....

සොදුරු මනාලයෙක් ලෙස..නිළ ඇදුමින් සැරසි හංසල ලග තිබි තේජවන්ත කමට මා උන්නේ වසගවය...

මොකද..කන්න වගේ බලන්නෙ....
මනමාලියෙක් වුනාම ටිකක් ලැජ්ජ බයට ඉන්නෙපැයි  

හංසල..කොදුරන්නේ මා සවනටය....
මා හෙමිහිට ඒ අතක් අල්ලා දෑගිලි පොඩි කලෙමි....

ලෝබයි මට...

****

මොනවද...සාවි කල්පනා කරන්නෙ...

මා යහනේ වියලට හිස ගසා කල්පනාවේ උනිමි...හංසල නාන කාමරයේ හිද..ආවේ මගේ රෝස පැහැ ලොකු තුවායෙන් වතේ තෙත මාත්තු කරය..

මට හරි පාලුයි හංසල...ඔයා ගියාම මාස දෙක තුනේ එන්නෙ නෑ...
මට තනියි..

සාවි පුංචි දරුවකුසේ මුහුන හකුලා කියවයි...හංසලට සාවි ගැන දැනෙන්නේ දුකකි..ඒත් හමුදා නිලධාරියකු ලෙස..තමාට රාජකාරිය පැහැර හැර නොහැක...

මොනව කරන්නද...වස්තු ....මේ ඉතිං සෙබල...බිරිදක්නෙ..
බොලද..වෙන්නෙපා...

හංසල...සාවිව තුරුලට ගත්තේ එහෙමය...

****

මේ පාර ආපහු එද්දි ....නිවාඩු අරන් එන්න හංස...අඩු තරමේ සති දෙකක්වත්...
මට දැන් තනියම..මොනවත් කර ගන්නත් බෑ...
ක්ලිනික් යන්න ගියත් තනියම යද්දී දුක. .හිතෙනව..

සාවි තෙපලන්නේ මෝරා වැඩෙනා තම  දරු ගැබ යන්තමට පිරිමැදය...

ඇයි සාවි ක්ලිනික් යන්න..ඩොක්ටර් ලගට යන්න අම්ම ඉන්නෙ..

අම්මා හිටියට වැඩක්න නෑ ....එතන...හැමෝම එන්නෙ..හස්බන්ඩ් ලත් එක්ක..මට දුකයි...

සාවි දිගු නෙතට කදුලු පුරවා ගත්තීය...

අනේ මැනික..එයාල...වගේ නෙවෙයි ඔයා සෝල්ජර් කෙනෙක්ගෙ.වයිෆ් කෙනෙක්නෙ..
ඉතිං අපි සේවය කරන්නෙ..මුලු රටටම....
මගෙ...මැනික..වගේ දහස් ගානක් මිනිස්සු වෙනුවෙන්....
එහෙම හිතන්නෙපා සාවි....

මගෙන් වෙන අඩු පාඩු දරාගන්න...ඒ ගැන හිතල...

හංසල...හැමදාම සේ මා සෙබල බිරිදක් බව මතක් කලේය...

හැල්මේ ඉගිල ගිය කාලය...දරුවා ලැබෙන්නට දින ලං කරද්දි ....සාවිට අමාරුවී රෝහල් ගත කරනා දා...වත් හංසල ලග හිටියේ නැත...

සාවි ප්‍රාර්ථනා කලේ හැමදේටම ඇය ලග..රැදෙනා සැමියෙකි....ඒත් හංසලට රාජකාරි ය විනා පෞද්ගලික ජිවිතයට කැප කරන්නට කාලයක් තිබුනේම නැත...

රටේ බිහිසුනු යුධ කාලවකවානුවක් පහු කරමින් හිදි ඒ යුගය...හංසලලා වැනි විරුවන්ගේ රුධිරයෙන් පන නල රන්දා ගත්තේ   . අසීරුවටය .

**

හරියට හංසල...ලමය...වගේමයි...

බලන්නකො සුදු දුවගෙ ඇස් දෙක විතරයි...

අම්මා රෝහල් සයනය ලග...හිද...සිගිති පුතුව දෝතට ගෙන..අප්පච්චි ට කියන්නේ අපමන සතුටකින්ය...

අදවත් අයිය ඒවිද...නංගි ..

මා ඒ සියල්ල හැරදා හංසලගේ නංගි ගෙන් ඇහිමි ...

කෝල් කලා අක්කා ... අයිය කොහොමත් අද රෑ ඒවි....

ඒ වචන වලින් සාවි හිත සනසා ගත්තාය...

****
හරියටම රාත්‍රි දොලහ..පසුවී විනාඩි දෙක තුනක් ගතවද්දී ...සාවි නින්දෙන් පිබිදුනේ තිගැස්සිය...නපුරු හීනයක් ඇයව බියවද්දා තිබුනාය...

අනේ හංස...ඔයා හොදින් නේද...මට බයයි....

සාවි රෝහල් සයනයේ හිදම හංස මතක් කර කදුලක් සැලුවාය..

***
ඔව් ඒක   ...ඇත්ත...ඊයෙ...ඔපරේෂන් එක  සක්සස්...අපේ ටිම් එකේ නව දෙනාම කිසිම කරදරයක් නැතුව ආපහු එමින් ගමන හිටියෙ....

එකපාරටම කැලේ ඇතුලෙ ඉදල....කෑගහන සද්දයක් ඇහුන....අපි බලද්දි    .....වල් අලියෙක් පොඩි කිරි දරුවෙක්ව...හොඩවැලට අරන් උස්සනව...
මං හිතේ ටැමිල් ෆැමිලි එකක්....ඒ අම්මයි තාත්තා යි විලාප තියෙනව..

අපිට මොකුත් කර ගන්න  .  විදියක් නෑ.....
අපි දුර ඉදන් අලියට වෙඩි තියන්න හදල...ආයෙම දරුව බිම වැටුනොත් ඉතුරු වෙන්නැති නිසා ඒ අදහස අත් හැරිය...අලිය හිටියෙ ගල් පොත්තක් උඩ....

එකකොට සාජන් හංසල ජීප් එකෙන් බැස්ස ....
අපි කිව්ව යන්න එපා අලිය දරුනුයි දරුව බේරගන්න බැ කියල.

ඒත්  සාජන් කිව්වෙ...මගෙ..වයිෆ් හොස්පිට්ල් එකේ පුංචි පුතෙක්ව මේ ලෝකෙට ගෙනාපු දවසෙ...මට තව කිරි දරුවෙක් මරනව බලන් ඉන්න බෑ කියල..

සාජන් අපි නොහිතුව මොහොතක අලිය ලගට ගියා...දරුව...බේරගන්න හිතුවට ...වැඩක් වුන්නැ...අලිය එක.පාරටම දරුවවත් පොලවෙ ගහල...සාජන් වත් පෑගුව ....අපිට ලංවෙන් න..තියා හිතා ගන්න බැරි වුනා ....අපි වෙපන් අතට ගද්දි දෙවෙනි පාරත් අලිය සාජන්ව පෑගුව...

හංසලගේ කන්ඩායමේ සගයෙක් පෙරදා වූ සිද්ධිය විස්තර කලේය...

සාවි තම පුංචි පුතුව පෙන්වන්නට පෙරුමන් පුරා  බලාහිදි ස්වමියා සිව් රියනක..සැතපී දෑත් එකට බැද..දෑස් පියා ගෙදරට ආවේය   ....

සාවි....මං ඉක්මනට එනව..ඔයා ආස..මං හැමදාම ඔයා ලගට එනවටනෙ..
ඔව් මේ පාර නම් ඔයා ලගම ඉන්න  එනව හුග..කලෙකට...

සාවිට හංසලගේ වදන් ඇහෙන් නේ එහා ලෝකයෙන් සේය...උන්මත්තිකාවක් සේ හඩා වැලපී හෙම්බත්ව වුන් ඇය...හංසලගේ දෙන නිවසට ගෙන ආ මොහොතේ සිට හැඩිල්ල...නැවතුවාය...ඇහෙන් එකම කදුලක්නොවැට්ට වූ ඇය....හංසලගේ දෙන ලගට වී දින තුනක් ඇහි පිය නොහෙලා බලා හිටියාය....

සුදු දුව අඩන්න මේ දුක තුනි වෙනකල් අඩන්න...
පපුවෙ හිර කරන් ඔහොම ඉන්නෙපා මැනික...

ඒත් සාවි හැඩුවේ නැත...
****

ඒ ...හංසලගේ හත් දවසේ දානයට පසුදාය...

සුදු දුව කවුද..ඇවිත් ඔයාව හම්බෙන්න....මේ මූන ටිකක් තෙමාගෙන...ඔලුව පිරගෙන..එලියට යන්න පුතේ....

අම්මා කිව්වේ පිස්සියක නොවූ පිස්සියකටය.....මා ඇහි තටු උස්සා අම්මා දිහා බැලුවා විතරය ..

ඇවිත් උන්නේ එදා හංසල බේරාගන්නට ගිය දරුවාගේ දමිල මව්පිය යුවලය...

අනේ නෝනෙ .. මහත්තය  බුදු වෙන්න   එවෙලෙ..හැමෝම අහක බැලුව    මහත්තය තමයි අපේ දුක බලල එතනට ගියෙ...කොටි අස්සෙ...යන්තමට ජිවිතේ බේරගෙන...දරු පැටියත් අරන් අපි පැනගන්න බැලුවෙ ...

කොහෙද..වෙලාව තමයි...නෝනෙ...

දමිල කත හඩන්නට ගත්තාය...

ඔයාට නැතිවුනේ දරුව....මං දන්නව ඒක..දරාගන්න බැරි දුකක් ...
මට මගෙ මහත්තයව..
මං පිච්චෙනව විතරයි....

ඒත් ඔයාට තව දරුවෙක් හදා ගත්තැකි....

මා ඇගේ උර මතට අතක් තබා කිවෙමි...

ඇගේ ස්වාමියා මා දිහා බැලුවේ දුක් බරවය....

බැ  නෝන...අවුරුදු අටක් දුක් විදල...බාර හාර වෙලා හදා ගත්ත දරුව....
ආයෙ දරුවො හදන්න මෙයාට බෑ....මේක.අපෙ .කරුමෙ....
අපි කැලේ පැන්නට යමක් කමක් තියෙන...නෑදැයො මිත්‍රයො ඉන්නව නෝනා ....මටත් දෙයක් කරගන්න පුලුවන් වත්කමක් තියෙනව..එදා දරුවත් අරන් එලියට ඇවිත් කැනඩා යන්න අපි හිටියෙ..

ඒත් ඒත් අපෙ  ..දරුව....අපෙන් උදුර ගත්ත...
අපි තනිවුනා...

දෙදෙනාම කලේ හැඩූ එකය....සාවිට දැනුනේ හංසල ගැන හැමදාම දැනෙනා  ආඩම්බරයයි....එයා හොද දෙයක් කරන්න ගිහින් අපිට නැති වුනේ ....කමක් නෑ....

සාවි හිතුවාය...

එහෙනම් නෝන  අපි යනව . අපි හෙට කැනඩා යනව....නෝනට කියල යන්න ආවෙ..

කදුලු මැදින් මට සමුදුන් දමිල...යුවල...ආපහු හැරි පියවර මා නැවතිමි...

පොඩ්ඩක් ඉන්න....

ඉක්මනට කාමරයට ගිය මා නිල් පැහැ සුමුදු රෙදි කඩක එති සැපට නිදනා මගෙත්...හංසලගේත් පුතුව දෝතට ගතිමි ....තීරණය වෙනස් වන්නට ඉඩ නොතියා ඉක්මනට එලියට ආ මා පුතුව.....දමිල...කාන්තාව අත තැබිමි...

මෙයාව ගන්න...කවදාකවත් දරුවො හදන්න බැරි ඔය දෙන්නට මගෙ මහත්තය දුන්න තෑග්ගක් කියල...හිතන්න...

මා කිවේ බිදක්වත් කදුලු නොගැලූ නෙතිනි....

සුදු දුව .උබට පිස්සුද....

අම්මා අප්පච්චි ගේ වදන් නොතැකූ මා හිතෙන් හංසලව ඇද ගතිමි...ජිවිතය පුරා සෙබල බිරිදක් ලෙස..මා මගේ හැම සතුටම කැප කලෙමි....ජිවිතය සන්තක වටිනාම වස්තූන් දෙකද...මට දැන් අහිමිය..

ඒත් මා ගත් තිරනයට කොහේ සිට හෝ හංසල ආශිර්වාද කරනු ඇත...

මා සෙබල...බිරිදකි...මට වඩා අනුන් ගැන හිතන්නට හංසල පුරුදු පුහුනු කල..ගැහැනියකි....මට මා උමතුවෙන්දැයි ඉතිං අදටද.....නොතේරේ......

**

කහ සිවුරේ කොනක් අල්ලා දෝතට මැදි කර බෝ මලුවේ වට හතක් යද්දි.....අතිත මතක...හිතට එබී නොපෙනී ගියේ හංසලත් සමගම මැකී ගෙනය.....ඒත් දුර ඈතින් මට හැමදාම සේ හංසලගේ හඩ ඇසේ...

ඔයා හරි සාවි.....

නිමි.....

Janaka amila

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment