හිත නැවතුනදා

හිත නැවතුනදා.......කෙටි කතාව
________________________________

අහස්නා......උදව්වක් ඕන නංගි...

මොකක්ද ...

ඔයාගෙ යාලුව...අර....කොන්ඩෙ..මෙතෙන්ට තියෙන..බෝල ලස්සන ගෑනු ලමය..

ඉතිං ...

ඉතිං ..එයාට මේක දෙන්න ඕන..

අප්පෝ මට නම් බෑ ඕවා..අනික..මීදුම් කැමතිවෙන්නෑ..කොහොමත් ඔය හෝ තබුවන්ට..

මේක දෙනවකො..කැමති වෙයිද නැද්ද බලන්න..ප්ලීස් දෙනව නංගා ආ..

බිනර වදෙන් පොරෙන් මා අසීරු වෙන් මීදුම්ට ගැලපූ පෙම් කව...අහස්නා අත තැබීය...

දහම් පාසල් බිමේ සුදු වැලි කැටයක් පුරා..මා මගේ ආදරය තවරා බලා හිදියේ ඒ දිගු දෑස...මට පෙම් පුරන කල්මය...

මිදුම්....රැවැති කෙල්ලකි...අද තරම් තාක්ෂණය නොදියුනු..වසර කීපයකට එහා...අතීතය..ආදරය..හුවමාරු වූයේ...බොහෝවිට පෙම් පතකින්...මය..

ඒ ආදරයේ මිහිරියාව..මේ දැන් කෙටි පනිවිඩයක් කොටා ලබා ගන්නා යාන්තිුක..හැගීමකට එහාය..

ඒ....මුතු කැට අකුරක..සුවද කැවූ පෙම්පතක..වූ පේුමය..අනේකවරක් බලා රස විදින්නට එදා පෙම්වතුන් වාසනාවන්තය...

මාද..ඒ වාසනාව වින්දෙක්මි...

මීදුම් ...ඔයාට අහස්නා බඩ්ඩක් දුන්නද..

මගේ මිතුරා..බිනර...මීදුම් ගේ බිමට බර දිගු දෑස්..හොය හොයා ඇහුවාය..මා උන්නේ ඉට අඩි කීපයක් මෙහාය..ඒ දිගු නෙත් මට හිනහී...බිනරට හිස වැනුවාය..

එහෙනම් අපිට උත්තරයක් ඕන ඉක්මනට..

බිනර කීවද...මීදුම් ලග.වුන් මිතුරියවද ඇදගෙන...යන්නට ගියාය..

හැම ඉරිදාවකම...මා අවදිවන්නේ ඒ සුදු මුහුන බලා දුරින් හෝ හිද හිත සනසා ගන්නටය...ලමා සාරිය හැද..මල් වට්ටියත් පොත් දෙකතුනත් දෝත දරා ඇය යනෙන මග හරස් කරන්නට මා මෙන්ම...තවත් යෞවනයන් මග බලා වුන්නාය...

ඒ ඇගේ සුන්දරත්වයටම බව මා දනිමි....

දිනක්...ඇය යන මග.හරස් කල එකෙකු ...පසු පසම ආවේ...ඇගේ ආදරය ඉල්ලාය...

මාද  ලංවුනෙමි...

නංගි..
මොකද..කියන්නෙ..

ඔහු අසයි..

නංගි...මං ඔයාට ආදරෙයි..
මාව තේරැම් ගන්නකො...

මීදුම් ගමන ඉක්මන් කලාය..අර පසු පස ආ තරැනයා මග නතර වූ තැන..මා ඒ තැන ගතිමි ..මාද ඇය පස්සේ වැටිමි...

මිදුම්..මොකද.කියන්නෙ එදා මං,අහපු දේට..

ම්...

කියන්නකො...

නංගි...

කෙල්ල මා දවා හලු කරන බැල්මක් හෙලුවාය..

පිස්සු ද..
තමුසෙට විකාරද..
මට පාඩුවෙ ඉන්න දීල යනවද..

ඒ ඇස් නපුරු වූතරම...

මා ඇය නොපෙනෙනා තෙක් යන තුරැ බලා හිද..ආපසු හැරැනේ හිත.රිදවානය..

        🌸🌸🌸🌸🌸

ආ...  නංගි...

මොනාද..

ම් කාලම බලන්නකො...

එදවස...මා මිතුරැ මිතුරියන් රෑනක් පිරිවරා කතා බහක වුන් ඇයට මා අන් සියල්ලන්ටම බෙදූ රස කැවිල්ලක් පෑවෙමි..එය එපා නොකියා ගත් ඇය  ..අතට ගුලි කරම හිද රහසේ බිම හෙලනවා දුටු මහිත ආයෙම රිදිනි...

දහම්පාසල් දින තරග... අප කවුරැ ත් සතුටින් විනෝදයෙන් තැබූ කාලයකි...කුඩා බස් රියේ අනිකුත් සිසුන් ඈත් මෑත් කර මා ඈ ලගම ඉඩ හෙවීමි...

මට ඉදුරා වචනයක් නොදුන්නද..මට ආදරෙයි නොකීවද...තවත් යුවතියක් මා හා දොඩමලු වද්දී මට සමිප වද්දී ඒ දිගු නෙත් කලබල වන.බව මා දිටිමි..

පහන්අයියෙ... මටත් දෙන්නකො. 

දහම් පාසලේම දගකාර කටකාර යුවතියක් මා අත රැදි කුඩා කිට් කැට් වර්ගයේ චොක්ලට් ටුව ඉදිරිය..

ඒ දුටු මීදුම් නෙතු බර කර ගත්තාය...ඉතිං ආපහු එනතුරාම ඒ ඇස් කලේ මා මග.හැරි එකමය..

      🌸🌸🌸🌸🌸

පාසල් නිම වෙනා හෝරාවෙි ඇගේ පාසල් වෑන් රිය එනතුරා මාද..පොත් ටික තුරැලු කර මග රකින්නේ ඒ නෙතු දකින්නටය..හැමදාමත් එකම තැනක හිද..ඒ දිගු නෙත් දැක මා සැනහී යන්නෙමි....

දවසක් දෙකක් ඒ රැව නොදුටුව තැන..ඇගේ නිවස අසලින් මහ පාරේ,..ඇයව දකිනතුරා මගේ පා පැදිය එහා මෙහා රවුම් ගසන්නේ බයිසිකල් නලාවද හඩවාය...ඒ හඩට ඇය එබී දොර කවුලුවෙන් නොබලන්නේ ඉතිං එහෙමත් දවසකය..

පුරා මාස ගනනක්ම ඒ ආදරය ඉල්ලා පසු පස රැදුනු මහිත ආයෙමත් සුවද පත් ඉරැවක පෙම් පතක් ගැලපුවාය...කොනක...ඒ රැව සිතුවම් කලාය...

මට පිලිතුරැ ලැබිනි...

කරැනාකරල මට මගේ පාඩුවේ ඉන්න..ඉඩ දෙන්න...

පෙරැම්පුරා හතර පහට නැවූ සුදු කඩදාසිය දිගහැරි මා හිත තැවුනේ දස දහස්වරය..

හිතට තරවටු කර මා ටිකක් ඇයව නෙතින් දුරස් කර ගතිමි ..ඒත් හිත මටම අවනත නොවුනාය...

අවසන..ආයෙමත් මා ඒ දිගු නෙතුම ලුහු බැදිමි...

මට ඔයාව හම්බෙන්න ඕන..

හෙට මට ක්ලාස්....

කලකින් හිත හැදෙන...පිලිතුර ක් ලදිමි...

පසු දින..වෙනදාටත් වඩා හැඩව..මා ඇගේ පංතිය මුර කලෙමි...හවස..බස් රියේ....ඒ සුසුම් මා කොපුලේ වැදෙනා තරමට ලංව..ගියාය..

පුරා වසරක් ඇය පසු පසම පැන්නූ ආදර හිත..ඉතිං ජය ගත්තාය..හුස්මක දුරින් අප ආදරය
කරන්නට ගතිමු...

එක මගක..එකට යන්නට බියවූ ආදරය...එකම අසුනක..හිද ගමන් ගන්නට බියවූ හිත..එක කුඩය යට...එකට නොයා අව්වට මා කලු කල ආදරය...පසු කලෙක ඇය ඇගේ ජීවිතය ම කර ගත්තාය...

මගේ අතැගිලිවල එල්ලී පාර පනින්නට..අව්ව වැස්ස නැතත් ඒ මල් කුඩය යට මට ඉඩ තබන්නට...
මගේ උරහිසේ හිස තියා බස් රියේ හිද ඔහේ දොඩවන්නට ඉතිං ඇය පටන් ගත්තාය...

අයියෙ පහන්...මට බයයි...ගෙදරින්,දැන ගනියි...

මගේ පුට් සයාකලය යතුරු පරදියකට හැරී ...කාලය වේගයෙන් පියමං කල දා...මා ඇගේ නිවස ඉදිරි පිට දග දැම්මාය...

ඒහඩට පාරට දිව ආ ඇය වට පිට බලා මුවැත්තියක සේ බයව කීවාය..

මට ඔය මූන දකින්නැතුව එක දවසක් වත් ඉන්න බෑ...නංගා....

හ්ම් ඒත් මෙහෙම ගේ ලගට එන්නෙපා ප්ලීස් ..

ජංගම දුරකතන....එස් එම් එස් නොමැති ඒ ආදර ලෝකය...මුලින් අප ජය ගත්තේම..මිතුරෙකු හරහා හුවමාරු ව ගිය...පෙම් පතකිනි...එය..දහස් වරක් කියවා පපුවට තුරැලු කර සුවද විදි ඒ ආදරය ඇත්තටම පිවිතුරු ය...

වසර එක දෙක..තුන හතර අපේ ආදරයට ගෙවුනේ දහසකුත් බාදක..මැදමය...

ගෙදරින් කැමති නෑ..අයියෙ...මට පිස්සු වගේ..

ඔයා වෙනස්වෙනවද එහෙනම් ..

නෑ...කවදාවත්..

මාව නැතුව ඉන්න.පුලුවන්ද..

බෑ දෙයියනේ බෑ...

එහෙනම් එච්චර යි මං ඉක්මනට ගෙදර එන්නම්...
ඔයාව මං ලගට ගන්නම්...

ඒ ආදරයේ  පොරොන්දු පමනක් රැකී...අප හිතින් දහස් වර තැවුනාය..ආදරයට තරම් බාධා තව කොහිද....

ඒත් එක සිත් දරා හිදි අප ආදරය..මරන්නට කාටවත් බැරිවිය..පුරා වසර දහ හතරක් පෙම් පිරෑ....අපේ ආදරය...රන්හුයෙන් අතගිලි බැදී ජය ගත් දා...මා  වම් පසින් මගේ මව් පියන්ද...ඇගේ දකුනු පසින් ඇගේ මව් පියන්ද වූවාය...

දන්නවද..මේ මල අයිති කර ගන්න මං වින්ද දුකක්...කොච්චර කල් බලන් වුන්නද..මං..

කොහොම හරි සීයක් හිත් අතරෙ දාහක් ඇස් අතරෙ මං දිනුව...මං ඔයාව මගෙම කර ගත්තා රත්තරං ...මා හෙමිහිට මීදුම් ගේ සවනතට කෙදිරීමි..

ආදරය නාමයෙන් මා අපරිමිතව සැනසෙමි...එතරම් ආදරයක් ඉතිං මට මතු ආත්මයකද ඔබෙන්ම මිස නොලැබේ....

අද..මගේ නවීන ජංගම දුරකතන තිරය මත හිනහෙනා ඒ දිගු දෑස..එදා ...මට ඒ නෙත් පලමුවර දුටු දා තරමටම...සුන්දරය...හරියට එදා මා ඇයට සිතුවම් කර යැවූ..ඇගේම රැවෙහි දිගු දෑස තරමමය...ඉතිං රත්තරං මේ ආදරය ඔබමේමය...

නිමි......

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment