සමාවෙන්න රත්තරන්

සමාවෙන්න රත්තරන්   - කෙටිකතාව

"දැන් ඔය ටී.වී බැලුවා ඇති නේද අනේ. ..මගේ ඔළුවත් රිදෙනවා ඕක දැක්කම....."

"අද ඉන්දියා - ලංකා ක්‍රිකට් මැච් එක සදුනි. ..ඔයාගෙ ඔළුව රිදෙනවා නං කාමරේට වෙලා ඉන්න. ..මට මේක බලන්නම ඕනේ"

"ඔව්...ඔයා ඔය ටීවී එකම බදං ඉන්න. ..බලන්න  පුතත් ඈනුම් ඇර ඇර ඕක දිහා බලං ඉන්නවා. ..ඔය මැච් එක බැලුවයි කියල අපේ බඩ පිරෙනවා ද ...කවුරු දින්නත් අපිට මොකද. ..දැන් හොඳටම රෑ වෙලා. ...තාම තාත්තයි පුතයි කෑවෙත් නෑ...දැන් හෙට උදේට දෙන්නම ගොරව ගොරව නිදා ගනී...මට තමා මොන්ටිසෝරියටයි වැඩටයි යන්න වෙන්නෙ "

මං ටීවී එක ඕෆ් කරලා කෑම මේසේ ලගට ආවා. .නැත්නම් සදුනිගේ බයිලාව මුලු දවසම අහන්න වෙයි. ..මට නං දැන් මේක ඇති වෙලා තියෙන්නෙ. ...මොකක් කරත් වැරදියි. ..මනුස්සයෙක් කසාද බදින්නේ සතුටෙන් ඉන්න මිසක් මේ වගේ ජීවිතේ එපා කරගන්න නෙමේ...මං හයියෙන් කෑම මේසේ පුටුව ඇදලා වාඩි උනා

"මගෙත් එක්ක තියෙන තරහා ඔය පුටුවට පෙන්නන්න එපා...ඕක කැඩුනොත් අලුතින් එකක් ගන්න බොරුවට සල්ලි වියදම් කරන්න වෙයි "

"ඉතින් වියදම් කරන්න වෙන්නෙ මට නේ. ..ඔයා පාඩුවේ ඉන්න "
මං මූණ දෙක කරගෙනම පිඟානට බත් බෙදා ගත්තා. ..සදුනිත් මගේ දිහා බල බල පුතාට බත් කටක් කැව්වා. .

මේ තමයි මගේ නසරානි ජීවිතේ...අම්මායි තාත්තයි එකතු වෙලා මේ සදුනි කියන මූසලීව මගේ බෙල්ලේ එල්ලුවා. ..මුලදී නං මේකි හොඳට හිටියා ...ඒත් ලගකදී ඉදලා හෙණට පාට් දානවා. ...මාත් කොච්චර නං ඉවසන්න ද

"ද....තුක්. ...තු....තූ..මේ මොන ජරාවක් ද උයලා තියෙන්නෙ. ..ආ.."

"මේ කරවිල නේ මහත්තයො...මං ආසයි කරවිල කන්න. .ඒකයි ඉව්වේ "
සදුනි බිම බලාගෙන කිව්වා

"ඉතින් තමුසේ ආස නං තමුසේ විතරක් කනවා. ..මොකටද මටයි පුතාටයි මේ දහ ජරාව  කවන්න හදන්නේ"

"අම්මී...මේවා ගොදාක් තිත්තයි නේ ...මට එපා.."
පුතාත් මට සප් එක දුන්නා. ..ඉතින් මගේ හැම තරහක් ම පිට කරන්න මේක තමා මරු චාන්ස් එක...

"දැක්ක නේ. ...පුතාත් කැමැති නෑ...වෙනදාට කට ගෙවෙන කං කියනවා නේද පුතා වෙනුවෙන් අරක කරනවා මේක කරනවා කියල. ..දැන් මොකෝ උනේ...පුතා වෙනුවෙන් නේද ටීවී එක ඕෆ් කරන්න කිව්වෙ. ..දැන් පුතාට බත් කටක් වත් කාගන්න බෑ තමුසේ නිසා. ..තමුසේ නිසා අපි  දෙන්නට කිසි සැකසීමක් නෑ මේ ගෙදර. ...තමුසෙ දන්නවා නේ කරවිල කන්න මං ආස නෑ කියල. ..ඒත් තමුසේ ඉව්වා කියන්නෙ මට කිසි සැලකිල්ලක් නෑ මෙහේ. ..යකෝ හම්බ කරලා දෙන මනුස්සයට මේ ගෙදර කිසි සැනසීමක් නෑනේ...මට නං මේවා ඇති වෙලා. ..තමුසෙ ආස නිසා නේ ඉව්වේ. ..දැන් මේවා තමුසෙම කනවා..."

මං පුතාවත් අරගෙන ඇදට ආවා. ...මේ කසාදේ කරගත්තට වඩා හොදයි මූදට පැන්නා නං...මායි සදුනියි කසාද බැඳලා දැන් අවුරුදු හතරයි. ..දැන් අවුරුදු දෙකක් තිස්සේ මට මේ කිව පේන්න බෑ..තමන්ගේ හිතුමතේට වැඩ කරන්නේ...ඒකි කැමති කෑම අපිත් කන්න ඕනී. ..රෑ හයෙන් පස්සේ ටීවී බලන්න බෑ...නිදහසේ ෂොට් එකක් වත් ගාන්න බෑ...අඩුම තරමේ සිගරට්ටුවක් වත් කටේ තියන්න බෑ..තිත්ත කෑම ජාතිම කාලා මගේ දිවත් මැරිල තියෙන්නෙ. .හැමදාම උදේට මෙලෝ රහක් නැති   කැද බොන්න වෙන්නෙ. .තේ එකක් වත් මේ ගෑණි හදන්නේ නෑ..මට එන කේන්තියට මේකිගෙ බෙල්ල මිරිකලා මරන්න හිතෙනවා. ....මං මේකි කියන දෙයක් කරේ නැත්නම් අම්මාට කේලම කියනවා. ...ඊට පස්සේ දෙන්නා එකතු වෙලා මට දෙහි කපනවා. .....මේකිව දකින හැම වෙලේම මට මතක් වෙන්නෙ කුණුහරප..දැන් නං මං ගෙදර එන්නත් කැමැති නෑ ....පුතා නිසයි ඉවසන් ඉන්නේ...ඒත් තව කොච්චර කාලෙකට මේවා ඉවසන්න ද....මාත් පිරිමියෙක්. ...

මේ වෙනකොට තමා ඔෆිස් එකට නතාෂා කියන කෙල්ල වැඩට ආවේ....මං ඒ කෙල්ලට කාන්දමක් වගේ ඇදිලා ගියා. ..ඒකි නං සැප කදක්... ..ඔෆිස් එකේ හැම කොල්ලෙක්ම වගේ කතා උනා. . ඇගේ ගෑවෙන නොගෑවෙන ගානට ඇදුම් ඇදලා නලව නලව යද්දි නතාෂා අඹපු පිලියමක් වගේමයි ..මේ අවුරුදු දෙක ඇතුලේ මං සදුනිගේ අතින් වත් ඇල්ලුවෙ නෑ...මං ලගට යද්දිම මොකක් හරි මගුලක් කියල මගෙන් ඈත් වෙනවා...මට සදුනිව එපාම උනේ මේ නිසා. ..අනික නතාෂා එක්ක  බලද්දි සදුනි අහසට පොලව වගේ..හැම කොල්ලෙක්ම කසාද බදින්නේ පවුල් කන්න. ...ඒත් මේකි මගේ ජීවිතේම කනවා. ...නතාෂාව දකින හැම මොහොතකම මගේ හැගීම් ඇවිස්සෙන්නේ නැත්නම් පුදුමයක්. ...මාත් හොඳට ඇඟපත තිබ්බ කොල්ලෙක්. ..මූණත් අවුල් නෑ....ඔෆිස් එකෙත් හැන්ඩියා මම තමා ඉතින්. ...නතාෂාත් මගේ ඇගට වශී උනා. ..

මගෙයි නතාෂාගෙයි සම්බන්ධෙ දුර දිග ගියා. ...මං හැම ඉරිදාවකම නතාෂාගේ ගෙදර සැප විදිනවා...නතාෂා මටම මවපු කෙල්ලෙක් කියලයි හිතුනේ. ...මං කැමති ජාතියේ අරක්කු හැම ඉරිදාකම නතාෂාගේ අතින් මට පොවනවා. ...ඊට පස්සෙයි මං එයා එක්ක හුරතල් වෙන්නෙ. ..මං කැමති සැර කෑම කඩෙන් ගෙන්නලා ටීවී බල බල මට කවනවා. ..ඇත්තටම නතාෂා දෙව්දුවක් වගේ ...මට ගෙදර යන්න ඕන උනේම නෑ...ඒ නිසා මං ඉරිදා විතරක් නෙමේ. ..දිගටම නතාෂාගේ ගෙදර නැවතුනා...පුතාව බලන්න හිතුනොත් යනවා. ..ඒත් සදුනි නං කෝල් කර කර මාව මරං කන්නමයි හැදුවෙ. ..ගෙදර ගියත් මගේ ඇගට කඩං පැන්නා...මාත් ඉතින් රණ්ඩු වෙලා ආයේ නතාෂා ලගටම ගියා

නතාෂාගේ උකුළ ස්වර්ගයක් වගේ...මං නතාෂා එක්ක ඉද්දී සදුනිව නිකමටවත් දැනුනෙ නෑ...ඇත්තටම සදුනි කියන පරාල ඇණේ අයින් කරලම දාන්න ඕනේ...නතාෂාත් කැමති නෑ මං තව සදුනිගේ හස්බන්ඩ් වෙලා ඉන්නවාට. ...ඉතින් මට ඕන උනේ සදුනිගෙන් ඩිවෝස් වෙන්න....

මං සෙනසුරාදා දවසක උදෙන්ම ගෙදර ගියා. ...පුතා සෝපාව උඩ සදුනිව බදාගෙන නිදං හිටියේ. ...දොරත් ඇරලා තිබිච්ච නිසා මං ඇතුලට ගියා. ..මගේ අඩි සද්දෙ ඇහුණ ගමන් පුතයි සදුනියි නැගිට්ටා

"තාත්ති. .කොහෙද ගියේ. ...මං ගොදාක් පාලුවෙන් හිතියේ තාත්ති නැතුව "

පුතා මාව බදාගත්තා....ඇත්තටම මට පුතා ගැන දුක හිතුනා...මං සදුනිගෙන් ඩිවෝස් උනත් පුතාව එයාට දෙන්නේ නෑ...මගේ ලගම තියා ගන්නවා

"මහත්තයො ඔයා ආවද...මං දන්නවා ඔයා එයි කියල. ...අනේ...ඔයා ඇදිලා ගිහිල්ලනේ...මේ බලන්න ඔයාගෙ ඇග දිහා "

"ඔව්. .. මං දැනුයි මගේ ජීවිතේ සතුටෙන් ගෙවන්නේ. ...තමුසෙට මං ඇදිලා ගිහිල්ල වගේ පෙනුනට මං කොච්චර සතුටක් විදිනවාද කියල තමුසෙට හිතාගන්න වත් බැරි වෙයි "

"අනේ..මහත්තයො....මං ආයේ ඔයාට මුකුත් කියන්නෑ...සත්තයි..අනේ ඔයා ගෙදර එන්නැතුව ඉන්න එපා ..."
සදුනි මගේ ෂර්ට් එක බදාගෙන ඇඩුවා
මං කට කොණෙන් හිනාවුණා. ..පුතාව කාමරේට යවලා මං සදුනි එක්ක ඩීවෝස් එක ගැන කතා කරා...සදුනිගේ මූණ රතු වෙලා ඇස් වලින් කදුලූ කැට බිමට වැටෙනවා මං බලං හිටියේ. ..ඒත් මෙයාගෙ කිඹුල් කදුලූ දැකලා නතාෂාව අතාරින්න බෑ...එහෙම කලොත් මං තමා මේ රටේම මහ බූරුවා වෙන්නෙ. ..අන්තිමට මං නතාෂා ගැනත් කිව්වා. ...සදුනිගේ මූණ අදුරු වෙද්දී මට පුදුම ආඩම්බරයක් ආවේ. ..මේකි මාව තුට්ටුවකට නේ ගණන් ගත්තේ. ...දැන් තේරෙන්න ඇති මගේ අරුමේ. ...

අන්තිමට සදුනි කදුලූ පිහිදගෙන මං කියපු දේට කැමති උනා. ...මට නං රටක් රාජ්යක් ලැබුනා වගේ. ...අම්මෝ ....ඇති යන්තං. ...සදුනි කියන කූඩැල්ලා විහින්ම අයින් වෙනවා. ..මං පුතාව සදුනිට දෙන්නෑ කියලත් කිව්වා. ...සදුනි විනාඩි දෙක තුනක් කල්පනා කරලා කිව්වෙ මාස හයකින් විතර ඩිවෝස් එක දෙනවා කියල. ..ඒත් එතකං මං ගෙදර ඉන්න ඕනේලු...පිට කොහේවත් නවතින්න එපාලු ...ඕනේ නං නතාෂාවත් එක්ක එන්න කිව්වා. ...මේක නං මට ඉර පෑව්වා වගේ. ..මං නතාෂා එක්ක හුරතල් වෙද්දී සදුනි ඉරිසියාවෙන් පැලෙයි. ...ඒක තමා මට බලන්න ඕන උනේ...

මාත් ඊලග දවසෙම නතාෂාව ගෙදෙට්ට එක්ක ආවා. ..නතාෂාත් හිටියේ කුලී ගේක නිසා ඒකිත් ගෙදර එන්න කැමති උනා. ..මට සද්ද දාපු සදුනි දැන් පූසියෙක් වගේ. ...නතාෂාත් සදුනිට කියල එයාගෙ වැඩ ටික කරගත්තා...මටත් ඕන උනේ සදුනිව මට්ටු කරලා තියාගන්න ..මගෙයි නතාෂාගෙයි යට ඇදුම් පවා හේදුවේ සදුනි. ..අපි දෙන්නට වැඩකාරියෙක් හම්බුනා කිව්වොත් හරි. ..ඒකත් සල්ලි ගෙවන්නැතුව....කල කම් පලදේ කියන එක ඇත්ත නේ යකූ. ..ඒත් සදුනි තිත්ත කෑම හදන එකනං නැවැත්තුවේ නෑ...ඒ දවස් වලට නතාෂා අපි දෙන්නට කඩෙන් කෑම ගෙන්නනවා. ..නතාෂාගේ කටේ සැරට සදුනි කැලේ...ඒත් නතාෂා නං පුතාව බාරගන්න කැමති උනේ නෑ...මටත් නතාෂාව නැති කරගන්න බැරි නිසා පුතාව සදුනිටම දෙන්න හිතාගත්තා. ..

"පුතාව මං බලාගන්නං මහත්තයො...මේ ඔයා මට දීපු ලෝකෙ වටිනාම තෑග්ග...ඔයා නැති උනත් මං පුතාව බලාගන්නං...ඔයා මට දීපු මේ පණ ටික  මං ආරක්ෂා කරනවා. ...පුතාගේ ඇස් වල මං ඔයාව දකිනවා රත්තරන් "

සදුනි කිව්වෙ එහෙමයි. ...මගේ හිතට ටිකක් විතර  ඒ කතාව වැදුනත් මං ඒක  සදුනිට දැනෙන්න දුන්නේ නෑ...

මගෙයි සදුනිගෙයි කාමරේ දැන් නිදාගන්නෙ මායි නතාෂායි...සදුනි පුතා එක්ක වෙනම කාමරෙක නිදාගන්නවා. ...පුතා නතාෂා ගැන අහන හැම වෙලේම සදුනි මොකක් හරි කියල කතාව මගහරිනවා...මටත් නතාෂා ගැන පුතාට කියන්න ලැජ්ජ හිතුනා. ...මං කොහොමද අවුරුදු  තුනක පොඩි කොල්ලට කියන්නෙ නතාෂා මගේ හොර ගෑණි කියල. ..

කාලේ වේගෙන් ගෙවිලා ගියා. ..මටයි නතාෂාටයි පොඩි පොඩි ප්රශ්න තිබුනත් නතාෂාගේ ඇග දැක්කම මගේ කට වැහෙනවා. ..නතාෂාත් මාව පාලනය කරේ ඇග පෙන්නලා ..මං ගෙදර හිටියාට වැඩිය කාලේ ගතකළේ නතාෂා එක්ක කාමරේට වෙලා. ...දවසක් මට හොඳටම උණ ගත්තා. ..ඇවිදගන්නත් බැරි උනා. ...මං ඇදට වෙලා නතාෂාව බදාගත්තා සීතල දරාගන්න බැරුව. ..

"මොකද මේ ඔයාගෙ ඇග රත් වෙලා. .."

"ම..ට...උ...ණ...බ...බී"
මං කෙදිරි ගගා කිව්වා

"අනේ ඔයා මගේ ලගින් ඈත් වෙන්න...මටත් උණ බෝ වෙයි. ..ඊට පස්සේ මං කොහොමද ඔෆිස් යන්නේ...මට බිම නිදාගෙන පුරුදුත් නෑ...දැන් ඔයා ලග ඇදේ නිදාගන්නත් බෑනේ. ..ඔය එක එක වෛරස් උණ බෝවෙන නිසා ඔයා ලගට එන්න බයයි. ..ඊටපස්සේ මටත් ඔය ලෙඩ  හදාගන්න වෙයි "

නතාෂා නොකියා කිව්වේ කාමරෙන් එලියට යන්න කියලා... මං බැරිම තැන කාමරෙන් එලියට ආවා. ..සදුනි සැටිය උඩට වෙලා මොකක්ද කොල කෑලි වගයක් බල බල හිටියේ. ..මාව දැක්ක ගමන් දුවගෙන ලගට ආවා. ..ඊට පස්සේ මාව පුතාගෙයි සදුනිගෙයි කාමරේට එක්ක ගිහින් නිදි කෙරෙව්වා. ..පුතාත් බයවෙලා තාත්ති මොකෝ උනේ කිය කිය අහනවා...සදුනි මොකක්දෝ බෙහෙත් පෙති වගයක් පොවලා කටට සීනි ටිකක් දැම්මා. ..මං තිත්ත කෑම ජාති කන්න කැමති නෑ කියල සදුනි දන්නවා. ..උණුවතුර එකක් ගෙනල්ලා මගේ නලලේ තෙත රෙදි කඩක් තියලා බාම් එකක් ගාලා සදුනි බිම පැදුරක් එලලා නිදාගත්තා. .

සදුනි නිදාගන්න හදද්දීම මං ඇදේ වමනේ දැම්මා. ..පුතාගේ ඇගෙත් වමනෙ දාලා. ...පුතා නං මූණ ඇඹුල් කරගත්තා...සදුනි දුවගෙන ඇවිත් ඔක්කොම අස්කරල පුතාවත් හෝදලා මගේ ඇගත් පිරිසිදු කරා...මුලු දවසම මං වමනෙ දාලා සදුනිට නිදාගන්න දුන්නේ නෑ...මටම සදුනි ගැන දුක හිතුනා

උදේ පාන්දරම මාව චෙක් කරන්න ඩොක්ට කෙනෙක් ආවා. ..එයත් මාව බලලා සදුනිට මොනවද මන්දා කියල ගියා. ..සදුනි මගේ ලගට ආවේ තිත්ත කැඳකුත් අරගෙන. ..මට පණ එපා උනා. ..මං හෙව්වෙ නතාෂාව . ...මොකද මාව බේරගන්න පුළුවන් එයාට විතරයි. ..ඒත් නතාෂා ඔෆිස් ගිහිල්ල. ..මුලු දවසම සදුනි මගේ ලගින් හෙල්ලුනේ වත් නෑ...ඒත් නතාෂා ගෙදර ආපු ගමන් කාමරේට ගියා. ..මගේ ලගට ආවේ වත් නෑ..බැරිම තැන මං නතාෂාව හොයන් කාමරේට ගියා. .එතකොට එයා ඔෆිස් එකේම කොල්ලෙක් එක්ක වීඩියෝ චැට් එකක්. ..මේකි කතාකරන විදිහට නං හොර සම්බන්ධයක් වගේ. ...මං ඒ ගැන අහද්දී නතාෂා තමන්ගේ හොර වැඩේ පිළිගත්තා. ..මං තාම සදුනිව ඩිවෝස් කලේ නැති නිසා එයාට මාව ෂුවර් නෑලු...ඒ හින්දලු වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තේ. ..

මට සදුනිව ඩිවෝස් කරන්න හිතක් තිබ්බෙත් නෑ..ඒත් නතාෂාව අතාරින්නත් කැමැත්තක් තිබ්බෙ නෑ...මගේ ඇගටත් මේ දවස් ටිකේම පණ නෑ වගේ. ..මං වැඩටත් යන්නැතුව ගෙදර නැවතුනා. ..නතාෂා එයා කන කෑම වලටත් සල්ලි දුන්නේ නෑ..ඒ නිසා නතාෂාටත් එක්ක උයන්න උනේ සදුනිට...මට සල්ලි ගැන සදුනි මුකුත් කිව්වෙත් නෑ..මටත් පුදුමයක් දැනුනෙ සදුනි ගෙදර උයලා පුතාව මොන්ටසෝරිත් යවලා මගේ බෙහෙත් වලටත් වියදම් කරන්නේ කොහොමද කියල. ..අන්තිමට අල්මාරියේ තිබිලා සදුනිගේ මාලේ උකස් කරපු රිසීට් එක හම්බුනා. ..ඒ මාලේ එයාගෙ අම්මා මැරෙන්න කලින් දීපු එකක්. ..අම්මාව මතක් වෙන්න හැම වෙලේම එයා ඒක දාගෙන හිටියේ. ..ඒත් සදුනි මට ඒ ගැන වචනයක් වත් කිව්වෙ නෑ...මට සදුනි ගැන මේ අවුරුදු දෙක තුනට පස්සේ ආදරයක් දැනුනා. ..

දවසින් දවස ගත වෙද්දී මං ගොඩක් දුර්වල වුනා. .මගේ හෙවනැල්ල වගේ හිටියේ සදුනි. ..නතාෂා ගෙදර එන්නේ මහ රෑ එක එක වෙලාවට. ..මගේ ලෙඩේ ගැන සදුනිගෙන් ඇහුවාට මුකුත් කිව්වේ නෑ...මාව චෙක් කරපු ඩොක්ට දුන්නු රිපෝට් එක සදුනි උයන කොට අල්මාරිය පීරලා බැලුවා. ..සදුනි ඒක එයාගෙ රෙදි අස්සේ හංගලයි තිබුණේ..මේක  තමා එදා සදුනි සැටිය උඩට වෙලා  බලං හිටියේ. ..ඒ රිපෝට් එක බැලුවාට පස්සේයි තේරුනේ කල කම් පල දෙනවා කියල. ..මගේ ලේවල කැන්සර් එකක් ...මං රිපෝට් එක අරගෙන කෙලින්ම ගියේ සදුනි ගාවට

සදුනි මාව බදාගෙන ගොඩක් වෙලා ඇඩුවා ..මගේ අත් දෙකත් සදුනිගේ ඉණ වටේ එතුනා. ..මාත් සදුනිව තද කරලා බදාගත්තා. ..මගේ ලේවල කැන්සර් එකක් තියෙනවා කියල සදුනි දැනගත්තේ අවුරුදු තුනකට කලින් මං බ්ලඩ් ඩොනේෂන් කෑම්ප් එකකට ලේ දුන්නු වෙලේ..මගේ ලේ චෙක් කරපු ඩොක්ට මේ ගැන සදුනිට කියල. ..ඒ හන්දයි සදුනි මට තිත්ත කෑම දුන්නේ. ...මගේ කෑම වල බෙහෙත් කලවම්  කරලා මට කන්න දෙනවාලු..රෑ වෙනකං ටීවී බැලුවොත් මං ගොඩක් මහන්සි වෙයි කියලයි සදුනි මට සැර කලේ...මං ගොඩක්  මහන්සි වුනොත්  මගේ බ්ලඩ් කැන්සර් එක මොලේට බලපායි කියල ඩොක්ට කිව්ව නිසා ලු සදුනි මගෙන් ඈත් උනේ.. සදුනි එයා මට කරපු හැමදේටම සමාව ඉල්ලුවා.. .ඒත් ඇත්තටම හැම  වැරැද්දක්ම කලේ මම ..දවස් දෙක තුනක් ගතවෙද්දි මගේ කෙස් අහුරක් ගානේ ගැලවිලා අතට ආවා. ..මට ඇවිදගන්නත් බැරි උනා. ..සදුනි තමා මට කවන එකේ ඉදලා ඇග හෝදන එකත් කරේ...දවසින් දවස මගේ ඇග වේලිච්ච ගහක් වගේ උනා. ...මටම මගේ මූණ බලලා අප්පියාවක් ඇති උනේ...ඒත් සදුනිගේ ආදරේ අඩුවක් උනේ නෑ...එයා මාව බබෙක් වගෙයි බලාගත්තේ
සදුනි නතාෂා මේ ගැන මුකුත් කියන්න එපා කියල මට කිව්වා. ..ඒත් මට නතාෂාට කිසිම දෙයක් හංගන්න ඕන උනේ නෑ....මං දෙව්දුවක් කියල හිතපු නතාෂා මගේ ලෙඩේ දැනගත්ත ගමන් මාව දාලා ගියා... .ලෙඩෙක් එක්ක ඉන්න බෑ කියල. ...මට කිසි දුකක් තිබ්බේ නෑ..සදුනි මට කිසි අඩුවක් දැනෙන්න දුන්නෙත් නෑ...මාව බේරගන්න සදුනි නොකල දෙයක් නෑ..කනේ තිබ්බ කරාබුව පවා විකුණලා මට බෙහෙත් කලා

සදුනි මට දුන්නු මාස හයේ අන්තිම  දවස ආවා. ..මගේ මුලු ඇගම හිරිවැටිලා වගෙයි තිබුණේ. ..මගේ නහයෙන් කටෙන් ලේ වැක්කෙරුනා..ඔලුව කැක්කුමයි දරාගන්න බෑ...සදුනි මගේ ලගට වෙලා අඩනවා. ...අනේ මාව දාලා යන්න එපා රත්තරන් කියල. .පුතාත් මාව බදාගෙන අඩනවා. ..මං සදුනිව කූඩැල්ලෙක් වගේ අයින් කරලා දාන්නයි හැදුවෙ. ..ඒත් උඩ ඉන්න කෙනා මාව මේ ලෝකෙන්ම අයින් කරලා දාන්න හදනවා. .මං මැරෙන්න කලින් සදුනි ගැන දැනගත්තු එක පිනක්. ..මට ඔයත් එක්ක  ජීවත් වෙන්න ආසයි රත්තරන්..ඒත් මට ලැබීමක් නෑ...මං සදුනිගෙන් ඉල්ලුවේ එක දෙයයි. ..ඒ මට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න කියල. ..මං සදුනිට දුන්නු මගේ පණ ටික ආරක්ෂා කරන්න. ...මගේ පුතාව හොදට බලාගන්න කියලයි...මගේ හුස්ම හිරවෙනවා වගේ දැනුනා. ..මං ඉක්මනට සදුනිගේ උකුළේ ඔලුව තියාගත්තා. .ඇත්තටම ඒක ස්වර්ගයක් කියල මට දැනුනා. ..මගේ ඇස් දෙක පියවෙනකං බලං හිටියේ සදුනිගේ ඇස් දිහා. ....අපේ මධුසමයයෙදී තිබිච්ච ඒ දීප්තියම  අදත් තිබුනා. ..වෙනසකට තිබ්බේ කදුලූ විතරයි. ..ඒ ඇස්වල අදටත් ආදරය උතුරනවා...මේ ආදරේ දරාගන්න බැරි නිසාද කොහේද දෙයියෝ මාව එයා ලගට ගන්නේ..මට අන්තිම වෙනකං සදුනිගෙන් සමාව ඉල්ලන්න බැරි උනා..ඒත් ඒ ඇස් වල කිසි තරහක් තිබ්බෙ නෑ...මගේ ඇස් පියවුනේ මගේ  දෙව්දුවගේ ඇස් දිහා බලං ඉද්දීමයි

සමාවෙන්න රත්තරන්
නිමි

ඉෂිගේ නිර්මාණයකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment