වෙන් වීම...(කෙටි කතාව)
ආදරය යනු මෙයද???....
"මැට්ටෝ.. මෙච්චර වෙලා මොකක්ද කලේ.
ඔයා කෝල් කරනකල් මන් කීයෙ ඉදලද බලන් ඉන්නෙ"
"අනේ වස්තු,
වැඩ ගොඩක් තිබ්බා. දැන් තමයි නාල වොශ් එකක් දා ගත්තේ"
"ඔයා රට ගියාට පස්සෙ අපිට හරියට කතා කරන්නවත් වෙලාවක් නෑ..
අනේ මන්දා" 😞😞
"මොනව කරන්නද රත්තරන් ,
දුප්පත් වෙලා ඉපදුනාම "
"ඉතින් අයියෙ.
මට පුලුවන් ජොබ් එකක් කරල ඔයාව බලාගන්න"
"මන් ඔයාව බදින්නෙ ඔයාගෙන් ජීවත් වෙන්න නෙවෙයි ,
තේරුනාද මැට්ටි"
"ඒයි කසුන් වරෙන්කො බන් කන්න"
කසුන්ගේත් මයුරිගේත් ආදර සන්වාදයට බාදා කරමින් කසුන්ගේ යාලුවෙක් කඩා පනී.
"හරි හරි මන් එන්නම්, උබ පලයන්"
"වරෙන්කො බන්,
කට්ටියත් එක්ක එකට කන්න.
නන්ගිට කියහන්"
"හරි හරි"
------
"බට්ටිච්චෝ..."
"බට්ටිච්චී...."
"කවුද ඒ..."
"අරුන් කන්න කතා කරනව සුදු
කන්න යන්න.."
"අනේ.. දැන්ම..😕😕"
"ඔවු සුදු උදේට කන්නෙත් නෑනෙ.
බඩකිනියි."
"තා චුට්ටෙන් යන්නකෝ..
අද අපි අනාගතේ ගැන ප්ලෑන් කරමු...
හොදේ........."
මයුරි ගිරවියක් මෙන් තමාගේත් කසුන්ගේත් අනාගතය පිලිබද කියවමින් යයි.
"සුදු මන් කාල එන්නම්කෝ "
"හ්ම්ම් හා"😓😓
තමා කියූ කිසිවක් ඔහු ගානකට නොගත් බව සිතෙහි රදවාගත් මයුරිගෙන් අවසර ලද සැනින් කසුන් ඉගිල යයි.
පැයකට පමන පසු..
"සුදු..."
"කියන්න"
( connection failed )
"මැසේජ් කරන්නකෝ"
"මැනික"
කසුන් මයුරිට මැසේජ් යවන අතර මයුරි තම දුරකතනයේ කනෙක්ෂන් ෆේල්ඩ් වීම නිසා දුකට පත් වෙයි.
"තමුසෙ කාටද මැසේජ් කරන්නේ" 😠😠
"අනේ රත්තරන් ,
සිග්නල් නැහැ "😓😓
( connection failed )
"උබ කාටද කියපන් මැසේජ් කරන්නෙ.
උබ වෙනුවෙන් මන් මෙහේ දුක් විදිනවා.
උබ හොර වැඩ කරනවා.
මැසේජ් කරපන්"
"ඇයි හලෝ තමුසෙ මෙහෙම කරන්නේ.
ඔන්ලයින් ඉන්නවා මට මැසේජ් නෑ"
කසුන් මයුරිට බැන වදිමින් මැසේජ් කරන අතර ඇය පෝන් එක ඕෆ් කර නින්දට යන්නේ කසුන් එවපු මැසේජ් මොනවද කියලවත් දන්නෙ නැතුව,
කප්පරක් හීන ඔලුවෙ තියාගෙන
මයුරි පාන්දර අවදි වෙලා පෝන් එක ඔන් කරනවා.
සිග්නල් තීන තැනකට පෝන් එක අරන් ගියපු කෙල්ලට කොල්ලගෙන් ආපු මැසේජ් නිසා කදුලු කැට බේරුනා.
ඔය විදියට දවස් ගනන් ගත වුනා.
මයුරිගේ ලෝකෙන් කසුන්ව ඈත් වෙන්න ගත්තා
"මට තමුසෙගෙ ෆ්බී පාස්වර්ඩ් ඕන. දීපන් "😠😠
උබ මගේ ෆොටෝ එකක්වත් දාන් නෑ"
"කසුන් කියන දේ අහන්න.
මතකනෙ කලිනුත් පාස්වර්ඩ් දීල නටපු නාඩගම්.
ඔයා හැමදේම බලන්නෙ වැරදියට මට බෑ"
"එහෙනම් උබ දෙන් නෑනේ.
එහෙනම් මගෙ ෆොටෝ එකක් දාපන්"
"ඒක මම නියම වෙලාව ආවම දාන්නම්.
මන් තාම ස්කූල් ලමයෙක්"
"දැන් තමුසෙ ස්කූල් ගිහින් ඉවරයිනෙ"😠😠
" ඒ වුනාට තාම අස්වීම අරන් නෑනෙ "😟😟
"එහෙනම් මට පාස්වර්ඩ් එක ඕන"
කසුන්ගේ හැටි දන්න නිසාම මයුරි පාස්වර්ඩ් නොදුන්නාය.
කසුන් නිතර ෆ්බී යූස් නොකල අතර කසුන්ගේ ගිනුමට මසකට සැරයක් හෝ මයුරි පිවිසෙන්නේ පුරුද්ද්ට මෙනි
දිනක් මයුරි මෙසේ කසුන්ගේ ෆ්බී ගිනුමට පිවිසුනාය.
"කසුනි.. සුදාරි, හර්ශනී, අහින්සා, කාවි, නිමාලි,පවනි, ගයානි......."
(you are now connected on messengr )
😡😡😡😡😡
"මූ කෙල්ලොන්ට රික්වස්ට් යවලා..
එකක්ද දෙකක්ද කීයකට යවලද?"
කෙල්ලො ටිකත් පෝලිමට ඇසෙක්ප්ස් කරපු රික්වස්ට් ටික දැකපු මයුරිට යකා නැග්ගා.
"මන් මෙච්චර විශ්වාස කලා.
කතාව නම් වෙන එකෙක් දිහා බලන්නෙවත් නෑ කියලා"😡😡
රික්වස්ට් දාපු එක ප්‍රශ්නයක් නෙවෙයි මට බොරු කල එකයි ප්‍රශ්නේ.
ෆ්බී යන්නෙවත් නෑ කිවුවා.. බලනකොට ඔන්ලය්න්මයි
නැත්තම් කොහොමද මේ වෙලාවෙ මේ ෆ්ටෝ එකට කමෙන්ට් කරල තීන්නෙ"
"තමුසෙනම් මහ ජරා කොල්ලෙක් අයියේ"
ඔතනින් පටන් අරගෙන මයුරි තමන්ගේ යාලුවන්ගෙ පෙම්වතුන් වර්නනා කරන්න ගත්තා.
කසුන් ෆ්බී ගියත් මයුරිට ප්‍රශ්නයක් වුනේ නැහැ.
ඒත් වෙන කෙල්ලන්ට චැට් කිරීම කෙල්ලට දරා ගන්න බැරි වුනා.
කසුන්ගෙත් මයුරිගෙත් අතරට වෙන වෙන ප්‍රශ්න එන්න ගත්තා.
මයුරිට කසුන්ව එපා වුනා.
ඒත් කසුන් මයුරිට නතර වෙන්න ඉඩ දුන්නෙ නෑ.
ඒත් දිගින් දිගටම කසුන් වැරදි වැඩ කරන්න ගත්තා
"මට තමුසෙව එපා අයියේ"
ඒ වෙද්දි මයුරිට කසුන් පිලිබද තිබුනෙ ලොකු කලකිරීමක්.
"මට තමුසෙව ඕන.
මන් එහෙම කරේ තමුසෙ මට පාස්වර්ඩ් දුන් නැති නිසා"
"ඒ කියන්නෙ මගේ අතින් වරදක් වුනාම තමුසෙ පලි ගන්නෙ මෙහෙමයි.
අද නම් මට තමුසෙව තිත්ත වුනා අයියෙ😓😓😓"
මයුරිගෙත් කසුන්ගෙත් අවුරුදු ගානක ආදරය මේ විදියට කැඩිල බිදිල ගියා.
දෙන්නට දෙන්න පන වගේ එකිනෙකාට ගරු කලා.
කසුන්ගෙන් වෙන වැරදි වලට සමාව දීලම මයුරිට කසුන් ගැන කල කිරුනා.
"උබට මන් හොදින් ඉන්න දෙන් නෑ" 😡😡
කසුන් තරහෙන් පුපුරු ගහන්න ගත්තා.
මයුරි අවසාන තීරනේ ගත්තෙ කසුන් දිගින් දිගටම නවත්තන්න එපා කිය කිය බල කරද්දි.
ඒත් ඒ වෙද්දි කසුන්ව කල කිරිල ඉදපු මයුරි කසුන්ගෙ ලෝකෙන් ගොඩක් ඈත් වුනා..
වැරදි වැටහීම් මත ලස්සනට ඉදපු කුරුලු ජෝඩුව දෙපැත්තකට ඉගිල ගියා..
- Saduni dilhara -
No comments:
Post a Comment