මිටින් මුදා හැර බැලුවෙමි

මිටින් මුදා හැර බැලුවෙමි. ..

'කොයි වෙලේ ඉඳලද ගන්නේ.. ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ නෙ.. මැසේජ් එකක්වත් නෑ... ඊයෙ කතා කළාට පස්සෙනෙ .... එපා වෙනවා..'

නිමා හිතින් බැනල බැනලා අන්තිමට වචන වලට පෙරළන්න පටන් ගත්තා..

'මොකෝ ඉබ්බියෙ කියවන්නෙ.. නින්ද යන්නෙ නැද්ද..'
ඇඳ ශෙයාර් කරගෙන ඉන්න කිසා ඇහුවෙ පොරෝණයෙන් ඔළුව එළියට දාන ගමන්..

'නෑ අක්කේ. බලන්නකො.. මම උදේ මෙයාට ගත්තා ආන්සර් කළේ නෑ.. ලන්ච් එකට හම්බුවෙන්නෙ පැය බාගයයි.......................... ඒකෙත් ඉක්මනට බත් කටවල් දෙකක් ගිලල මෙයාට ගත්තා ආන්සර් කරේ නෑ.................... උදේ නින්ද ගිහින් හිටියෙ හවස ගන්න කියලා මැසේජ් දාල තිබ්බ.. ............දැන් ආපු වෙලේ ඉඳල සිය පාරක් විතර ගත්තා .. ඒත් නෑ.. එක්කො කතා කරන්න එපා නම් කියන්න ඕනෙ..................... මොන මගුලක්ද..'

ෆෝන් එක ඇඳට විසික්කරලා නිමා බෝඩිමේ බාතෲම් එකට ගියෙ ඇහැට ආපු කඳුළු පිට පනින්න කළින් හෝදගන්න .

මූණ හෝදගෙන කණ්නාඩියෙන් බලද්දි දැකපු අඬලා හෙම්බත් උණු තමන්ගෙ මූණ දැකලා ආයෙම ආත්මානුකම්පාවේ කඳුළු කැට හැල්මෙ වැටෙන්න ගත්තා..

දමිත් නිමාට මුණ ගැහුණෙ මීට අවුරුදු පහකට කලින්.. යොවුන් සේනාකෙන්.. හිතේ තිබ්බ ආදරේ එළියට නොදා.. කෙල්ල අනිත් කොල්ලන්ගෙ ඇස්වලින් .................... හිත්වලින් ඈත් කරගෙන අවුරුදු දෙකක් කට්ට කාපු කොල්ලා යොවුන් සේනාංකෙ අන්තිම දවසෙ තමයි තමන්ගෙ හිතේ තියන ආදරේ කිව්වෙ.........
කටින් නොකියා හිටියට ඒ ආදරේ දැනිලා තිබ්බ නිසා බෑ කියන්න තරම් ලොකු හේතුවක් හොයන්න ඕනෙ උනෙත් නෑ නිමාලිට.. ටික කාලෙකින් කොල්ල එයාර් ෆෝස් ගියා.. යන්න කලින් නිමාගෙ ගෙදර අය හමු වෙලා අවසරෙත් අරගත්තා..

නිමාගෙ අම්මා තාත්තා ලමයි උස් මහත් කරලම මහපොළවට දිය උණාට ජීවිතේ ගොඩදාල දෙන්න ඉතුරු උණා මල්ලිගෙ .... ගෙදරම ඉන්නවට වඩා කණකර ටික දෑවැද්ද හදා ගන්නයි.. මල්ලිව පන්ති යවන්නයි නිමාලි ගමෙන් පිට ආවා රස්සාවට..

'නිමා.. නිමා.. නංගී කෝල්..' කිසා බෙරිහන්දෙන හඬට නිමා දුවන් ආවා..

'අම්මට සිරි ලව් පාට.. දෙපාරක් රිං උනා නංගි.. කතා කරලා ලයිට් නිවන..' කිසා අනිත් පැත්ත හැරුණා..

'මොකද නරියො... නෑ තාම නෑ..'

නිමා කතා කරේ වැඩපලේ යාලුවෙක්. කිව්වට කොල්ලෙක්.. නිමාට එයා කැමති උනත් දමිත් ඉන්නව කියල දැනගත්තම යාලු කමත් ප්‍රේමයත් අතර දෝලනය වෙන තැනක දිගටම කතාව ගෙනිච්චා.. ඒ සුරංග..

'සුරංග එක්ක කතාව යන අතරෙ දමිත් ගෙන් කෝල් ආවත් ආන්සර් කළේ නෑ.. සුරංගගෙ කෝල් එක ඉවර උණා..

'නංගි.. කවුද ඒ..'

යකෝ ඉබ්බ කට්ටට රිංගුවා වගේ නිද හිටියට කිසාගෙ මීටරේ වැඩ වගේ..

'යාලුවෙක් අක්ක...'

'සුරංගද..'

'හ්ම්ම්.. '

'ඕක හරි යන එකක් නෙමේ නංගි..'

'අනේ නැ අක්කා.. එයා දන්නවානෙ මම දමිත් බඳින්න ඉන්නෙ කියලා.. එයාගෙ ගෙදර ප්‍රශ්නලු.. අම්මත් අසනීපෙන්.. සල්ලි නෑලු පඩි ගන්නකන්.. මම කිව්වෙ.. මගෙ ෆොටෝ එකෙකුත් එහෙ සාලෙ තියනව.. ඒ අම්මා මට කෑමත් එවනවා..'

'ඒවා වැඩක් නෑ.. දැන් ඔයා එයාගෙ සල්ලි හිගේට ඔයාගෙ චේන් එක උකස් කරන්න පොරොන්දු උණේ නෑ නෙ..'

නිමා පුදුම උණේ කිසාගෙ ඉවට.. චේන් එක ගැන වචනයක්වත් දැන් කතා උණේ නෑ කියල නිමාට මතකයි..

'ඔයා නම් කිසා අක්කෙ..කොහොමද එහෙම කිව්වෙ..'

'නෑ ඕක උඹේ කරේ නෙමෙයිනෙ වැඩිපුර තියෙන්නෙ.. වැඩපලේ උන්ගෙ දුක නිමන්ඩ උකස් කඩේ නෙ ඒකයි.. මෝඩ වෙන්න එපා..'

'මම පොරොන්දු වෙලා ඉවරයි අක්කේ.. දැන් බෑ කියන්නෙ කොහොමද'

ආයෙම දමිත් ගන්නවා..

'ඇයි..' නිමා ගහන්න වගේ කියද්දි කොල්ලා මේස් වලට තැම්බුණු කකුල් දෙක තගාගත්තා..

'ඇයි සුදූ..'

'මුකුත් නැ.. දැන්ද ඇහුණෙ..'

'අනේ නෑ.. ඔයා කෝල් කරද්දි මම ඩියුටි.. . ෆෝන් එක කලිසමේ පොකට් එකේ තිබ්බෙ.. වයිබ්‍රේට් දාලා.. ආන්සර් කරන්න බැරි උණේ අපි තුන් දෙනෙක් ඩියුටි ඉද්දි මට ගන්න බෑ නෙ..'

'හ්ම්ම්..'

'ඔයා දන්නෙ නෑ. වයිබ්‍රේට් වෙලාම මගෙ කකුල හිරි වැටිලා...'

එක දිගට තිස් පාරක් විතර ගත්තා මතක් වෙද්දි නිමාට දුකත් හිතුණා..

'හ්ම්..'

'මම කතා කරද්දි ලයින් එක වෙයිටින් වැටුණනෙ..'

'ඔව්.සුරංග ගත්තා.. ගෙදර ප්‍රශ්නයක් කියන්න..'

දමිත්ගෙ එඩිතර සොල්දාදු පපුව උණත් මේ වගේ වෙලාවට මෝටාර් එකක් වැදුණා වගේ දෙදරන එක අහන්න දෙයක් නෑ..
නිමාට දවසක් සුරංග එක්ක කතා කරන්න එපා සුදූ කිව්වම දමිත්ට කිව්වෙ

'ඔයා මට කතා කරන්න බැරි තරම් බිසී නම් මට ආපු කෝල් එකක් ආන්සර් කළාම මොකද......... මම ඔයාට ඔයාගෙ යාලුවන්ට කෝල් ගන්න එපා කියනවද.. අනික ඒ මගෙ යාලුවෙක් විතරයි..' කියලා.

එදා විශ්වස නැත්නම් කතා කරල බලන්න කියලා දමිත්ට සුරංගගෙ ෆෝන් නම්බර් එක දුන්න දමිත්ට මතකයි..

ප්‍රශ්නෙ විසඳගන්න ඕනෙ විදිය දමිත් දැන් දන්නව...
කෙල්ලට බැනල වැඩක් නෑ.. ඒ නෝන්ජල් කමට නෙමේ. පිරිමි කම තියෙන්නෙ කෙල්ලෙක්ට බනින්න ගහන්න නෙමේ කියලා විනයානුකූල සෙබළෙක් විදියට දමිත් දැනගෙන හිටියා..

'එහෙනම් නිදා ගන්න.. බුදු සරනයි සුදූ. හෙට උදේ මට ගන්න..'

෴෴

'නිමා නිමා... '

'පිස්සුද අනේ.. මිනිස්සු මට තමයි අන්තිමට පද හදන්නේ..' නිමා නෝක්කඩු කිව්වෙ දෙතුන් දෙනෙක් නක්කලේට නිමා දිහයි සුරංග දිහයි බලගෙන යද්දි..

'මේ මට මාලේ එපා නිමා..'

'ඇයි .. සල්ලි හම්බ උණාද..'

'නෑ.. මේක අහන්නකො..'

'මොකක්ද...'

'ඊයෙ රෑ මට දමිත් කතා කළා..'

''එයා මාලෙ ගන්න එපා කිව්වද..'

'අපෝ නෑ... මේක අහන්නකො.. මම කෝල් එක රෙකෝඩ් කළා..'

'මල්ලි මචං.......................................................
මම මේ ජොබ් එකට ආවෙ ජීවිතේ වගේම තව වටින දේවල් ගොඩක් කැප කරන්න බලාගෙන............................ මට උඹලට වගේ නිතරම ආදරේ කරන කෙල්ල බලන්න වෙලාවක් නෑ.............     . ශොපින් කරන්න එක්ක යන්න වෙලාවක් නෑ............. ඒ ආදරේ නැතුව නෙමෙයි.........................
උඹත් කොල්ලෙක් මමත් කොල්ලෙක්.. මට කෙල්ලෙක් වෙනුවෙන් උඹ එක්ක ගහගන්න බැරි කමක් නෑ............ඒත් එහෙම ඕනෙ කමක් නෑ................. මම මගෙ කෙල්ලව රස්සවට යැව්වෙත් විශවාසෙන්......................
මට එක උදව්වක් කරපං.. මට හිතේ නිදහසින් මෙහෙ මැරෙන්න වත් දීපං.. කරන්න ඕනෙ දේ උඹම තීරණය කරපං.. බුදු සරණයි..'

නිමා කඳුළු පිරුණු ඇස් වලින් සුරංග දිහා බලුවා..

' කොල්ලෙක්ව තේරුම් ගන්න හොදාටම පුළුවන් කොල්ලෙක්ටමයි නිමා.. මම දමිත්ගෙ පැත්තෙ................. ඔයාගෙ මට මාලෙ එපා.......... මට උදව් කරන්න හිතුවටත් පින්........... අපි මේ බැදීමත් අත අරිමු..'

නිමාගෙ හිත ඇඬුවෙ සුරංග කියපු දේට නෙමේ........................
නිළ ඇඳුමින් වැහුණු ඒ උතුම් හිත අවුරුදු පහක් ගිහිල්ලත් තමන්ට තේරුම් ගන්න බැරි උණු එකට.....

නිමි.
මල්කාන්‍ති රණතුංග

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment