යකඩ කුමාරයා

👇👇👇👇👇👇👇👇👇👇කෙටි කතාවක්👇👇👇👇👇👇👇👇👇👇👇👇
💗💗💗යකඩ කුමාරයා💗💗💗
මං ගිහන් එන්නම් අප්පච්චි.
පරිස්සමෙන් දෝනී.
"මං සාරි පොට ⁣එහෙට මෙහෙට කර කර ඇද ඇරන ගමන් ගෙදරින් එළිය⁣ට බහිනකොට හැමදාම වගේ අප්පච්චී මම නොපෙනී යනකල්ම පාර දිහා බලාගෙන ඉන්නවා. අප්පච්චී ට ඉන්නේ මං විතරයි මට අප්පච්චී විතරයි. මේ ලෝකේ අපි දෙන්නා විතරක් ඒ විදිහට තනි වුනාට අප්පච්චී කවදාවත් කාටවත් ඔළුව පහත් කරලා නෑ. කාගෙන් වත් වචනයක් අහන්න මාව හදලත් නෑ. අප්පච්චී දැන් පෙන්ෂන් ඒ නිසා ගෙදරට වෙලා ඉන්නවා.මම මේ රස්සාවට යනවාට අප්පච්චී හැමදාම අකමැති උනා.අප්පච්චී කියන්නේ තවමත් දෝනි මට බරක් නෙවෙයි කියලා.මගේ නම නිදූෂා පාරමී. හැමෝම මට කතා ⁣කලේ නිදූ කියලා. හැමදාම ගෙදරින් හිනා වෙලා බැහැලා ආවට බස් හෝල්ට් එකට එනකොට තමයි මට ජීවිතේම එපා වෙන්නේ. ඒ දසුන්"
ආ...හ් සුදු පැටියෝ ගුඩ් මෝර්නිං වේවා.
"එයා ලොකු සල්ලි කාරයෙක්ගේ සෙල්ලක්කාර චණ්ඩි පුතෙක්. එයාට රස්සාවක් කියලා එකක් තිබුනේ නෑ.හැමදාම පස්සෙන් ඇවිල්ලා අව්රැද්දක විතර ඉඳන් මට කරදර කරන එක නම් මට හිසරසයක් වෙලා තිබුනේ"
අයියෝ පාන්දර ගුඩ් මෝනිං කිව්වාහම ඒකට ප්‍රතිචාර දක්වනවාකෝ හලෝ.
අනේ ප්ලීස් දසුන් යන්නකෝ මෙතනින් කරදර නොකර.
අනේ මේ තමුසෙට ඕනි නම් යනවා.
""ආදරේකටද කෑදරේකටද මේ තරම් මෙයා වද වෙන්නේ කියලා මං දන්නෑ ඒ කොහෙම උනත් එයා ගැන හොඳ චරිත සටහනක් කවදාවත් මගේ හිතේ ඇඳිලා තිබුනේ නෑ"
මේ යන්න එපා ඉතින්. හා ද???
"ඊලඟ මොහොතේ මං රවලා බැලුවහම.ඒත් එයා හිනා වෙනවා. ජීවිතේ ගැන කිසිම බරපතලකමක් නැති ඒ ජීවිතේ හුස්ම ගන්නවාට හුස්ම ගන්නවා වගේ ගෙවෙනවා ලොකු සද්දේ දාගන ඉගිල්ලෙන බයික් එකක් එයාට තිබුණා මං දන්න විදිහට එයාට හුඟක් වාහන තිබුනා ට ඔය බයික් එකට තමයි හුඟක් ආදරේ"
හෝ හෝ මේ ඊ්ලඟ බස් එකේ යමු ඔහොම ඉන්න.
" මං එතනට ආපු බස් එකේ නගින්න හදනකොට දසුන් මගේ අතින් අල්ලලා නවත්තනකොට බස් ⁣එකේ මිනිස්සුයි හොල්ට් එකේ මිනිස්සුයි ඇස් උඩ දාගෙන බලාගෙන හිටියහම මං බස් එක එතනින් යනකල්ම බිම බලාගෙන හිටියා"
ඇයි දසුන් මට මෙහෙම කරදර කරන්නේ.
ඉතින් මට වෙන වැඩකුත් නෑ නේ.
රස්සාවක් හොයාගෙන මනුස්සයෙක් වගේ ජීවත් වෙන්නකෝ හැටි බලන්න රස්තියාදු කාරයෙක් වගේ.
හී...හ්. අම්මා එහෙමද ආස ඔයා. පව් ඉතින්.මේ අද පොඩි චේන්ජ් එකකටත් එක්ක යමු මේ බයික් එකේ.
අනේ මට බෑ.
අපෝ මේ මෙන්න මෙහේ එනවා හලෝ
"ඊලඟ නිමේශයේ එයා මගේ අතින් ඇදලාම බලෙන් වගේ බයික් එකේ නග්ගගන්නයි ගියේ.වෙව්ලලා ගිය මගේ අත එකපාරටම එයාගේ කම්මුල හරහා ඉස්සුනහම මටත් හිතා ගන්න බැරි වුනා මං එයාට ගැහුවාද කියලා.දෙවියනේ.......දැන් එයා තමත් මට කරදර කරයි. මං ඉක්මනට ඒත් එක්කම ආපු බස් එකේ එල්ලුනා.ඔෆිස් එකට යනකල්ම මං ගියේ පුදුම තරහකින්"
ගුඩ් මෝර්නිං නිදූ.
මොනිං ටානියා.
"රිසෙප්ෂන් ටානියා ⁣හැමදාම වගේ ෆෝන් එකත් කනේ ගහගෙන හිටියා"
ගුඩ් මෝනිං නිදූ.
මෝනිං මෝනිං.
"හැමෝටම මෝනිං කිය කිය මං ටේබල් එකට ඇවිල්ලා ඉඳගන්නකොට මගේ ඔළුව පැලෙන්න තරම් කැක්කුමයි. පැනඩෝල් දෙකක් බීලා මං අමාරැවෙන් දවසේ වැඩ ටික යන්ත්ම් කොහොම හරි ඉවර කර ගත්තා"
නිදූ මොකද ළමයෝ අසනීපෙන්ද.
"මැනේජර් මිස් ලඟට එනකල්ම මං දැක්කේ නෑ"
ඔළුව ටිකක් රිදෙනවා මිස්.
මේ බලන්න ඔයාට හොඳටම උන නේ ළමයෝ
"මිස් මගේ ඔළුවට අත තියලා බලලා එහෙම කියනකොට මමත් ඔළුවට අත තියලා බැලුවහම තමයි දැනුනේ ගින්දර වගේ රස්නෙයි කියලා"
රෑ වෙනකල් ඉන්නේ නැතිව ගෙදර යන්න නිදූ.
හරි මිස් තැන්කියු.
"මං හැන්ඩ් බෑග් එකත් අරගෙන ඔ⁣ෆිස් එකෙන් එළියට ආවා. වෙලාව හය හමාරට විතර ඇති සටෑන්ඩ් එකට ආවාහම එක බස් එකක් වත් තිබුනේ.නෑ වෙනදා රෑ වෙනකල්ම බස් තියනවා.අමාරැවට මං එතන තිබුණ බෙන්ච් එකකින් ඉඳගෙන ඔළුව අත් දෙකෙන්ම අල්ලගෙන හිටියා"
අද බස් නෑ ළමයෝ මෙතන හිටියාට වැඩක් නෑ බස් ස්ට්‍රයික් එකක්.
"ටිකක් වයසක අංකල් කෙනෙක් එහෙම කියාගෙනම මාව පාස් කරලා ගියහම මං වෙලාව බැලුවේ එතකොට හතයි කාලයි. වීල් එකක හරි යන්න කියල හිතාගෙන මං අමාරැවෙන් නැගිටිනකොටම කව්ද මගේ උරිස්සෙන් අත තියනවා වගේ දැනුනාහම මං හැරිලා බැලුවා"
නංගි හයර් කරනවාද මේ වෙලාවේ.ගමනක් යමුද හොඳට සලකන්නම්.
"ඒ වැල් වටාරම් මට හරියට තේරැම් ගන්න ටිකක් වෙලා ගියා. චික් විතරක් මුන් නම් සත්තු වගේ ජාතියක් මං ඉක්මනට අඩිය තිය තිය ස්ටෑන්ඩ් එකෙන් එළියට යන්න ආවේ.ඒ මනුස්සයා ත් මගේ පස්සෙන්ම හයියෙන් හයියෙන් ආවා"
මේ ඔහොම ඉන්නකෝ නංගි මේ එක්ස් කියුස් මී
"එකපාරටම මං ගිහින් කාගෙද ඇඟේ හැප්පුනා කියලා දැනුනා"
නිදු.
"දෙයියනේ ඒ දසුන්"
අනේ මේ මනුස්සයා මගේ පස්සෙන් එනවා.
"ඒ මනුස්සයා දසුන්ව දැක්ක යමන් එතනින් ඉක්මනට යන්න ගියා"
ඒ ඒ ඔහොම හිටපන් ඒ.
එපා එපා.
කොහෙද මේ යන්නේ රෑ පිස්සු හැදීගෙන එනවද.
"දත් මිටි කාගෙන දසුන් මගේ ඇඟට ගොඩවෙනකොට මට බයත් හිතුනා.මෙච්චර වෙලා හංගගෙන හිටපු කඳුළු එයා ඉස්සරහා කඩාගෙන වැටුනේ හිතපුවත් නැති වෙලාවක"
මෙහේ එනවා යන්න.
"දසුන් මගේ අතින් ඇදගෙන යනකොට මං සද්ද නැතිව එයා එක්ක ගියා"
නගිනවා.
අනේ මට බෑ.
"ඇත්තටම මං හරි බයයි ඒ තරම් ලොකු බයික් වල නැගලා යන්න.කවදාවත් මං ඔහොම ගිහිල්ලාත් නෑ"
මොකද දැන් බැරි.
අනේ....
"මං ආයෙම ඔළුව අල්ල ගත්තේ ඔළුව තවත් කැක්කුම නිසා"
මෙකද???
ඔළුව රිදෙනවා.
"දසුන් මගේ නලලට අත තියලා බලලා.ටික වෙලාවක් බලාගෙන ඉඳලා ආයෙත්"
නගින්න නිදූ.
"මේ වෙලාවේ වෙන කරන්න දේකත් නැති හින්දා අමාරැවෙන් මං ඒ බයික් එකට නැග්ගා"
හෙමින් යන්න මාව වැටෙයි.
හොඳට අල්ලගෙන ඉන්න එතකොට වැටෙන්නේ නෑ.
"බයික් එකේ අල්ල ගන්න තැන් කොහෙද මං එයාගේ උරිස්සෙන් ලාවට අල්ල ගත්තා"
මොකද මාව ගෙවෙයි කියලාද ඔහොම අල්ලන් ඉන්නේ.
"මං සද්ද නැතිව හිටියා. එපා කියද්දි එයා මාව බලෙන්ම ඩොක්ටර් කෙනෙක් ලඟට අරන් ගිහින් බෙහෙතුත් අරගෙන දීලා මාව ගේ ලඟින්ම බැස්සුවා"
තැන්ක්යූ.....
ඇත්තද නෑ කමක් නෑ ඒකත් තියා ගන්නවා.
"එයා කෙන්තියෙන්ම මගේ මූණට එබුනේ උදේ මගේ අතින් එයා කම්මුල් පාරක් කෑව නිසා කියලා මට තේරැනා"
සොරි.....
අනේ මේ ඒකත් තමුසෙම තියා ගන්නවා.
"සමච්චලයට වගේ එයා මට හිනා වුනා"
මේ අන්තිම පාර නිදූ. ආය මං තමුසෙව හොයාගෙන එන්නේ මගේම මහන්සියෙන් හොඳ තැනකට ගිහින් තමුසේ අද මට කියලා දුන්නා නේ රස්තියාදු කාරයන්ට ලව් කරන්න බෑ කියලා.හැබැයි එදාට තමුසේ බෑ කිව්වෝත් නේ.මතක තියාගන්නවා නිදූ මාල වලලු දාලා කොණ්ඩ වවලා බොත්තම් ගලවගෙන හිටියත් ටයි කෝට් වලින් සර්වාංගය ලස්සන කරගෙන හිටියත් හැමෝගෙම පපුව ඇතුලේ ගැහෙන්නේ එකම හදවත කියලා
"දසුන් කියවන්නේ කේන්තියෙන් කියලා මට තේරැනා. මං එහෙම්මම ගෙදර ඇවිල්ලා ඇඳට වැටුනේ තිබුණ ඇඟේ අමාරැවට. පහුවදාත් මං ඔෆිස් ගියේ නෑ ඊට පස්සේ දවසේ සුපුරැදු විදිහට මං ඔෆිස් ගියත් එදා දසුන් හිටියේ නෑ හොල්ට් එකේ මට කරදර කරන්න. එදා ඉඳන් හැමදාම මං ඒ හොල්ට් එකේ බලාගෙන හිටියේ එයා එනකල් ඒත් කවමදාවත් එයා ආවේ නෑ.එයා නැති වුනහම ඒ අඩුව මට හුඟක් දැනුනා අව්රැදු එක හමාරක් විතර ගෙවිලා ගියා. එත් එයා කමදාවත් මං දැක්කේ වත් නෑ.එකපාරටම අපේ කම්පැනි එක ඕනර් විකුනන්න තීරණේ කරලා. එදා මං ගෙදර ආවේ ඒ රස්සාවක් ආපහු තියෙයිද නැද්ද කියන චකිතයෙන්"
කම්පැනි එක විකුණන්න හදනවා අප්පච්චී හෙට ඉඳන් අලුත් අයිතිකාරයෝ ඉන්නේ.
ඔය රස්සාව අත ඇරලා දාන්න පුතේ වැඩ කරන්න අමාරැ නම්.
බලමුකෝ අප්පච්චී.
"පහුවදා මං ඔෆිස් එකට යනකොට හුඟක් ඔෆිස් එක වෙනස් වෙලා තිබුනා වගේම මගේ ටේබල් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා තිබුණා"
නිදූ අලුත් අයිතිකාරයා ඔයාට ආපු ගමන් එන්න කිව්වා කැබින් එකට.
ඒ අයි නිලූ කෝ මගේ ටේබල් එක.
අලුත් බොස් ඒ ටේබල් එක අයින් කෙරෙව්වා නිදූ.
හම් මං ගිහින් බලන්නම්.
"කොහෙමත් සල්ලිකාරයන්ට කොහෙද පොඩි මිනිස්සුන්ගේ අගයක්. මං බොස් ගේ කැබින් එකට යනකොට රෝද පුටුව අනිත් අතට හරවගෙන ඒ පුටුවේ බොස් වාඩි වෙලා හිටියා"
එකස් කියුස් මී සර්.
යර්ස්.
"පුටුව කරකවගෙන මගේ පැත්ක හැරැන බොස් ව දැකලා මගේ ඇඟම සීතල වෙලා ගියා. ඇස් වලත් කඳුළු පිරෙන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ"
ඔයා දින්නා මහත්තයෝ.
"ඒ පුටුවේ අයිතිකාරයා වෙන කව්රැත් නෙවෙයි දසුන්. එදා මාල වලලු දාලා කොන්ඩේ වවලා හිටපු එයා අද ලස්සනට රැව්ල කොණ්ඩ කපලා ටයි කෝට් දාලා ඉන්නවා. එයා මොකත්ම නොකියා හිනා වෙලා මගේ ලඟට ඇවිල්ලා මගේ මූණට පහත් වුනා"
තෑන්ක්ස් නිදූ අද මම මෙතන ඉන්නේ ඔයා නිසා. මගේ ආදරේ නිසා දැන්වත් මාව පිලිගන්නවාද.
"ඇස් වල කඳුළු පිරිලා දෝරේ ගලාගෙන යන්නේ උතුරන සතුටක් එක්ක. මං එයාට තුරැළු වුනේ කවදාවත් නැති අමුතුම ආදරෙකින් බැඳිලා. ඔයා තමයි මට කියලා දුන්නේ රත්තරං හැම හදවතක්ම වටිනවා කියලා"
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

පුබුදු ජීවන්ත

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment