සමා වෙන්න

#සමා_වෙන්න
----------------
*හායි මැට්ටි

ම් හායි

මොකො කරන්නෙ

වැස්ස දිහා බලන් ඉන්නවා

එහෙමද..මැට්ටි වැඩක් දන්නවද

ම්ම් මොකක්ද

මන් හෙට ලන්කාවට එනවා

ම්ම්ම්

ම්ම් ගාන්නෙ..ඉස්සෙල්ලම එන්නෙ මගෙ මැට්ටි බලන්න..

මාව

නැතුව..මැට්ටි මට මතකයි මැට්ටිගෙ ගේ..

මැට්ටි..මැට්ටි...

මගෙ ඩේටා ඉවරයි..බුදු සරනයි පරිස්සමෙන් හෙට එන්න..

මම් බොරුවක් කියලා එෆ් බී එකෙන් ලොග් අවුට් උනා..

මන් සචිනි අමන්දා..උන්නෙ කටුනායක එයාර්පෝට් එක ලගමයි..එයාපෝට් එකට හැරෙන පාර පටන් ගන්නෙ අපෙ ගෙවල් ලගින්මයි...තාරුක දමිදු..මගෙ හොදම එෆ් බී යාලූවා...අවුරුදු දෙකක් තිස්සෙ අපි කතා කරනවා...

මගෙ ජීවීතෙ එකම සතුට තාරුක එක්ක කතා කරන එක..එෆ් බී එකෙන්..වට්ස් අප්..වයිබර්..ඉමො ..ස්කයිප් මේ හැම දේකින්ම අපි එකිනෙකාගෙ අදහස් හුවමාරු කරගත්තා..

හෙට එයා එනවලු..ඒත් මට එයා හම්බෙන්න බෑ..මන් එයාට ගොඩක් කැමතියි..ගොඩක් ආදරෙයි..

හැම උදයක්ම පටන් ගත්තෙ එයාගෙ ගුඩ් මෝනින් එකෙන්..හැම රැයක්ම ඉවර උනෙ එයාගෙ ගුඩ් නයිට් එකෙන්..එයා කොරියන් වල ශිපින් කම්පැනි එකක වැඩ කලෙ..

මම් එයාටත් එයා මටත් සමහර අවස්තාවන්වල එක එක දේවල් හුවමාරු කරගත්තා..අන්තිමට එයා මට එව්වෙ සුජාත දියනි කොරියන් ඩ්‍රාමා එකෙ චන්ගූමීලා අදින ඇදුමක්..

මගෙ කාමරෙ පුරා පුරෝලා තියෙන්නෙ අවුරුදු දෙකක් පුරාවට එයා මට එවුව මතක සටහන්..

පෝන් එක..මගෙ ඇද..පෑන..මගෙ ඩයරිය..එයා මට එවපු පුලුන් පුරෝපු ටුවිටි බර්ඩ් මගෙ යාලූවො..මගෙ කාලය මන් ගෙව්වෙ එයාලා එක්ක..මගෙ ලෝකේ මේ කාමරෙ..

ගොඩක් දැනෙනවා එයාගෙ ආදරෙ...ඒත් මට එයා දකින්න බෑ..එයා ඉස්සරහට යන්න බෑ..

හ්ම්ම් ඔය කීවට එන එකක් නෑ...එයා කොහෙන් හොයන්නද අපෙ ගෙ..දකින්න ආසයි..විදින්න ආසයි එයාගෙ ආදරෙ..උරහිසෙ ඔලුව තියන් ඉන්න ආසයි..ඒත් ආදරෙ මට උරුම නෑ...

ඊලග දිනෙ උදා වුනා..අද එයා ලන්කාවට එන දවස..මන් පෝන් එක ඕෆ් කරලම තිබ්බා..මට එයාට හැබහින් ආදරෙ දෙන්න උරුම නෑ...අනික මන් වගෙ කෙනෙක්..ඒ ලස්සන ජීවීතේට ඇතුල් උනොත් එයාගෙ සැහැල්ලු ජීවිතෙ එයාට නැති වෙයි..

ජීවිත කාලෙම මන් එයාට විතරයි ආදරෙ..මේ හිතෙ ආදරයක් ඉපදුනෙ එයා වෙනුවෙන් විතරයි...

සුදු බේබේ

මගෙ කල්පනා ලෝකෙ බිදලා දැම්මෙ නෝනි අම්මා..

ඇයි නෝනම්මා..

කවුද මහත්තයෙක් ඇවිත්

හ්ම්ම් මන් ටීවී එකෙන් බලන්නම්..ඉන්න

තාත්ති මුලු ගෙදරට සිසී ටීවී හයි කරලා තිබුනෙ..මගෙ පහසුවට...සාලෙ මගෙ පොටෝ එක බල බල උන්නෙ තාරුක...

දෙවියනෙ එයා ඇවිත් කීවා වගේම..ඒ ඇස් රුව දිහා මන් මොහොතක් බලන් උන්නා..මන් ආදරෙයි..ඔයත් එන්න ඇත්තෙ මන් ගැන තියෙන ආදරෙ නිසා බව දන්නවා....

ඒත් ඒත් ..නෑ මන් යන්නෙ නෑ...දැන් නොගියොත් එයාට චුට්ටයි දුක හිතෙන්නෙ..ඒත් මන් ගියොත් එයාට එයා ගැනම කලකිරෙයි..සමාවෙන්න තාරුක...

එයාට යන්න කියන්න

මන් නෝනම්මටකදුලු හන්ගන් කීවා

ඒත් බේබි මන් කීවනි ඉන්නවා කියලා..

කමක් නෑ..එයා බලන්න මන් කැමති නෑ කියන්න..

හ්ම්ම්

නෝනම්මා ගිහින් ඒ විසතර තාරුකට කියන විදියත් එයා ගොඩක් දුකින් යන හැටිත් මන් බලන් උන්නා...

හිත රිදෙන තරම්..හුම්ම්

මන් එෆ් බී ලොග් උනා..මගෙ චායාරූපයක් ඔහුට යැව්වා..මන් ඔහු වෙනුවෙන් ටයිප් කල අන්තිම මැසේජ් එක..

මට සමාවෙන්න තාරුක...මන් ආදරෙයි  ඔයාට...මටත් වඩා..ඔයා එක්ක කතා කරපු හැම මොහොතකටම මන් ආදරෙයි...මෙ ඉන්නෙ  මන්..ආයෙ කිසිම දාක මන් බලන්න එන්න එපා...එහෙම උනොත් මන් මොනාහරි කරගන්නවා..බුදු සරනයි..හැමදාම සතුටින් ඉන්න...

මන් මගෙ එෆ්බී එකවුන්ට් එක ඩිඇක්ටිව් කලා...

-----
හැමදාමත් මගෙ තනියට මේ වීල් චෙයා  එක ඉදියි..මැරෙන තුරාවටම..මන් වගෙ ඩ්සැබල් කෙනෙක්ට ආදරෙ  කරලා ඔයාගෙ අනාගතේම අදුරු වෙයි..දුරින් ඉදන් මන් ඔයාට ආදරෙ  කරන්නම්..

සමාවෙන්න..........

මන් කොච්චර බලාපොරොත්තු තියාගෙනද ලන්කාවට ආවෙ..එයා එයා මට එහෙම කලෙ කොහොමද ..මට කටින් ආදරෙ නොකියපු බව ඇත්ත..ඒත් අවුරුදු දෙකක් තිස්සෙ අපි අතර හුවමාරු උනෙ ආදරෙ නෙමීද..හුම් මන් ආදරෙ කලා එයාට..ඒත් එයා ඇයි මාව බලන්න අකමැතියි කීවෙ..

රට ඉදන් ආව සතුට එහෙම්ම දියාරු වෙලා ගියා .අම්මලා එක්ක වචනයක් දෙකක් කතා කරලා කාමරේට ඇවිත් ඒ ඇදුම් පිටින්ම ඇලවුනෙ ගතට දැනුනු මහන්සියටත් වඩා හිතට දැනුනු අසාමාන්‍ය විඩාබර කමටයි..

ටිකක් වෙලා ගිහින් අම්මා දොරට ගැහුවා..

බේරෙන්නම බැරි තැන මන් නැගිට්ටා..පව් අම්මා කැවිලි පිරිසියක් එක්ක තේ හදන් ඇවිත්..වෙනදා නම් ආව ගමන්ම අම්මගෙ කැවිලි වල තමයි රස බලන්නෙ ..ඒත් අද කන්න කිසිම ආසවක් දැනෙන්නෙ නෑ..ඒත් තෙහෙට්ටුව නිවෙන්න තේ හොද අවුසදයක්..මන් තෙ එක විතරක් අතට අරන් ඇදෙ ඉදගත්තා..

වෙනදා පුරුද්දටම ඩේටා ඔන් කරලා එෆ් බී ලොග් උනා..

මොනවා දෙයියනෙ මෙ ..මෙ මෙ කෙල්ලද..
හිත කඩා වැටුනු තරම්..මට තේරෙනවා කෙල්ල මාව මග ඇරියෙ ඇයි කියලා..දෙයියනෙ පව් අසරනි..ඒත් එයා මාව තේරුම් අරන් තියෙන හැටී..

----------
(කෙල්ලගෙ නිවසෙ..දින හතරකට පසු)
මොකො මෙ නෝනම්මා..උදේම කෑ ගහන්නෙ..

සුදු බේබි ලොකු මහත්තය කීවා සුදු බේබීව එක්කන් එන්න කියලා..මහත්තයගෙ යාලූවො වගයක් ඇවිත්

මට ඉන්න දෙන්න නෝනම්මා වෙනදටත් මම යන්නෙ නෑනි ඇයි අද විතරක්

බෑ..බෑ..යමු ලොකු මහත්තයාගෙන් විසුමක් වෙන්නෙ නෑ නොගියොත්

හරි..හුම්ම්

ඔහොම

නැතුව

බෑ බෑ ඉන්නකො

නෝනම්මා මට ලස්සන ටී ශර්ට් එකකුයි කලු ඩෙනිමකුයි දුන්නා..

අනෙ මන්දා මේ නෝනම්මත්..

නෝනම්මා මගෙ කොන්ඩෙ හොදට පීරලා..මගෙ මේකප් බොක්ස් එකත් මට ලන්කලා..අනෙ මන්දා තාත්තිගෙත් පිස්සු වැඩ...

අපි පහලට ගියා..කරුනාවන්ත පෙනුමක් තියෙන ආන්ටි කෙනෙකුත් අන්කල් කෙනෙකුත් මගේම වයසෙ යුවතියකුත් සාලෙ ඉදගෙන උන්නා

මේ මගෙ දුව..

තාත්ති මාව අදුන්නලා දුන්නා...

ඒත් එක්කම මිදුල පැත්තට හැරිලා උන්නු කෙනෙක් මගෙ දිහාට හැරුනා

දෙයියනෙ ඒ එයා

ඔ ඔයා

සුදු බේබී විල් යූ මැරී මී

මේ මොනාද වෙන්නෙ

තාත්තිත් ඔහුගෙ දෙමාපියනුත් බලන් ඉද්දි ඔහු මගෙ වමත ගෙන මුදුව පැලැන්දුවා...

--නිමි--
By-
     Tathsarani vithanage

(උපුටාගැනීමකි)

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment