#සිහිනයක_අතරමං_වී_සිහිනයකින්ම_පන_ලද_ඇගේ_කතාව
කෙටි කතාවක්
"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයි"
පිස්සු ද බං.....
එහෙම ආදරේ කරන උන් ඉන්නවාද....
එහෙම අයත් ඇති බං.....
ඇති...ඇති.... උඹ මේ පොළොවේ නෙමෙයිනේ ජිවත් වෙන්නේ...උඹ ජිවත් වෙන්නේ අහසේ...
හැමදාම මේ මාතෘකාවට ආවොත් මම කවින්දිගෙන් බැනුම් අහනවා සුවර් එකටම.එත් මගේ හිත කිවුවේම ජිවිතේ බෙදා ගන්න පුළුවන් ආදරණිය කෙනෙක් අනිවාර්යයෙන්ම මං වෙනුවෙන් ඉන්නවා කියලා. උසස් පෙල පන්තියට ඇතුල් වෙද්දී ම ලොකු වෙනසක් අළුත් හැඟිමක් හැම හිතට ම දැනෙනවා.පාසලේ කෙලි සෙල්ලම් පවා ටිකක් දුර ඈතට යනවා. අපි යාළුවෝ සෙට් එකම විද්‍යාව විෂයෙන් උසස් පෙල කරන්න පටන් ගත්තේ. ඉස්කෝලෙන් ලැබෙන අධ්‍යාපනය දැන් තිබෙන තරඟය එකක් මදී.ඒ නිසා ටියුෂන් යෑම කලාවක් වෙලා තිබුනා.
අපි කට්ටියම ක්ලාස් ගියේ එකට.. ක්ලාස් එකෙන් දෙදාහකට කිට්ටු වෙන්න ලමයි. සර්වත් දන්නේ නැතිව ඇති මුන් ඉගෙන ගන්නවාද නැද්ද කියලා. සර් නම් හොඳට පාඩම් කියලා දෙනවා. ඇත්තටම කිවුවොත් ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා.අනිත් උන් පිස්සු නටනවා. අපේ සෙට් එකේ නම් හැබැයි පිස්සු නටන උන් හිටියේ නෑ. හැමෝටම ඉගෙන ගන්න උවමනාව තිබුනා.
ඔහොම මාසයක් විතර අපි ක්ලාස් ගියා. දවසක් මට ක්ලාස් එකට යන්න පරක්කු වුනා. මම ක්ලාස් එකට යද්දි ක්ලාස් එක පටන් අරගෙන.ඒ නිසා පිටම පස්සේ බංකුවට බංකු දෙකක් ඉස්සරහින් මම වාඩි වුනේ. සර් පාඩම පටන් අරන් උගන්වන් යනවා. එත් මොන ඉගෙන ගැනිමක්ද...
පිටි පස්සේ ඉන්න සෙට් එකේ උන් සිංදු කියනවා. මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ සර් කියලා දෙන. ඒ අතර පිස්සුවෙන් වගේ සිංදු කියන සද්දයකුත් ඇහෙනවා. මාරම ලස්සනට කියනවා. එත් මේක මියුසිකල් ෂෝ එකක් නෙමෙයිනේ. මට කේන්ති හොඳටම. එක පාර මම හැරිලා බැලුවා.
මලා.... උන් ටික මං දිහා බැලුවා.
ලඳක් ලඳක් දුටිමි ලඳක්.....
එක පාරටම හර ලස්සන කටහඩින් ඒ සිංදුව පටන් ගත්තා...
දැන් ඒ කොල්ලා නවත්වන්නේම නෑ....
එක එක සිංදු කියනවා.තවත් බලන් ඉඳලා බෑ මම සර්ට චිට් එකක ලිවුවා. චිට් එක පාස් කලා. සර්ගේ අතට ගිය චිට් එක සර් කියෙවුවා.ඒ එකක්ම සර් කෝල් එකක් ගත්තා උගන්වන අතරේ. අරුන් දැන් තවත් සද්දේ වැඩි. මට මාරම තරහයි දැන් නම්. අම්මා තාත්තලාගේ සල්ලි අරන් ඇවිත් මුන් පිස්සු නටනවා.
නැගිටිනවා තමුස්සේලා......
සද්දේ එක පාරටම නැවතුනා. පිටිපස්සේ ඇහෙන ඇහෙන දුරින් පේලි වල හිටපු උන් එක පාරටම හැරුනා. මාත් හැරිලා බැලුවා.දෙවියනේ ක්ලාස් එකේ මැනේජර්. සර් මගේ චිට් එක දැකලා කෝල් කරලා තියෙන්නේ මැනේජර්ට.
නැගිටලා පංතියෙන් එලියට යනවා.....
මාත් දැන් බය වෙලා. අරුන් කට්ටියට මාර නෝන්ඩිය. මං ච්ට් එක යවපු නිසා කියලා දැන ගත්තෝත්.
සර් ක්ලාස් එකේ ඉන්ටර්වල් එකක් දුන්නා. මම ඉක්මනින් ඉස්සරහා අපේ සෙට් එක ලඟට ගියා.
-----------------------------------------------------------------------------
ක්ලාස් ඉවර වෙලා අපි කට්ටියම එලියට ආවා.දෙවියනේ අරුන් ටික ඈත ඉන්නවා. මාව ගැහෙනවා එකක්.අපි කට්ටිය උන් පාස් කරනකොට ම.
මිස් පහන්දි.....
මගේ කකුල් දෙක පැටලුනාද කොහේද. කවුද මගේ නම කියලා කතා කලේ.
මිස පහන්දි,තැන්ක්ස් හොදේ කරපු උදව්වට....
අර ලස්සනට සිංදු කියපු කොල්ලා මට එහෙම කිවුවා.
කාවි මාවත් ඇදගෙන එතැනින් ඉස්සරහාට ගියා.
එතැනින් පස්සේ හැමදාම ඒ කොල්ලා මගේ පස්සෙන් එන්න ගත්තා.පුදුම කරදරයක් වෙන තරමටම. පාරෙ යනකොට සමහර වෙලාවට කොල්ලෝ අා ආ සිතුම් කිය කියා කෑ ගහනවා. මට ඇත්තටම ඒක මානසික වදයක් වෙලා තිබුනේ.
දවසක් එදා හොඳටම වැස්ස දවසක් මම එදා තනියම ක්ලාස් එකට ආවේ..
පහන්දි......
මට ටිකක් කතා කරන්න පුළුවන් ද ඔයා එක්ක.
මේ හලෝ මට පාඩුවේ ඉන්න දෙනවා. මම කොහොමත් තමුසේට කතා කරන්න හිටියේ. තමුසේගේ යාළුවන්ටත් කියනවා මට කරදර කරන්න එපා කියලා. තේරුනාද
පහන්දි.... මම අැත්තටම ඔයාට ආදරේ පහන්දි....
ආදරේ හරි මහා ලොකු ආදරේ... ආදරේ කියන එකේ තේරුමවත් දන්නවාද.එහෙනම් මට මෙහෙම හිසරදයක් වෙනවාද.
එහෙම කියලා මම යන්න ක්ලාස් එකට ආවා.පුදුමයක් කියන්නේ එතැනින් එහාට සිතුම්වත් යාළුවෙක්වත් මට කරදර කලේ නෑ. ඒක නම් ලොකුම සහනයක් වුනා මට.
ඔය කාලේදී තමයි මං අභිෂේක්ව මුලින්ම දැක්කේ. මාරම අහිංසක පාටයි. හැමදාම ක්ලාස් එකේදී අභිෂේක්ව නොදැක ඉන්න බැරි තරමටම අභිෂේක් හිතේ ඇවිදිනවා. හීනෙන් පවා අභිෂේක්ව පේනවා. මගේ හිත දැන් එලියට පේන තරම්ම වෙලා. කෙල්ලෝ අභිෂේක් ගැන කියලා මට විහිළුත් කරනවා. ගර්ල් ස්කුල් වල එහෙමනේ ඉතිම්. පොඩ්ඩක් කොල්ලෙක් බැලුවත් ඇති ජොඩු කරන්න.
දවසක් ක්ලාස් එක ඉවර වෙලා යද්දී අභිෂේක් මා එකක් හිනා වුනා. මාව නම් ගල් ගැහුනාද කොහේද. ඔහොම ඔහොම අභිෂේක් මගේ හොඳ යාළුවෙක් වෙනකම් ම අපේ හිතවත්කම වැඩි වුනා.
අභිෂේක් කොච්චර හොඳද.මම නිතරම හිතුවා.
පහන්දී මං ඔයාට ආදරේ කෙල්ලේ...
මගේ හිතම නතර කරගෙන අභිෂේක් මට යෝජනාවක් කලා.මාත් මේ දවස එනකම් බලාගෙන හිටියේ. මගේ හීන කුමාරයා...
අපි දෙන්නාගේ ආදරේ ටිකින් ටික දැන් ගොඩ නැගෙනවා.අපිට අපි නැතිවම බෑ වගේ. අභිෂේක්ගේ ආදරේ,ආදරණිය වචන වල මං මත් වෙලා.
අපි නිතරම මුණ ගැහුනා.
කිසිම දවසක මගේ අභිෂේක් මට අයුතු යෝජනාවක් කලේ නෑ. දැන් මාස හයක් විතර අපේ අාදරේ පටන් අරන්. කාවිට මං කිවුවා මට නන්දාමාලනී කියපු සිංදුවේ කෙනා මුණ ගැහුණා කියලා.
දවසක් අපි ගියා නුවර දලාදා වදින්න. ඊට පස්සේ අපි පේරාදෙණිය ගාඩින් එක බලන්නත් ගියා. අපි හෙමින් හෙමින් ගාඩින් එකේ ඇතුලටම ගියා. ගොඩක් ලොකු ගහක් යට අපි ඉඳ ගත්තා. පුංචි වැස්සක් මල් වැස්සක් වගේ. මම නම් හරිම ආසයි. ටිකක් වෙලා යද්දී අභිෂේක් මාව තුරුල් කර ගත්තා. මට හිතා ගන්නවත් ඉඩක් ලැබුනේ නෑ. අභිෂේක් මාව අතොරක් නැතිව සිප ගන්න වුනා. ඒක මුලින්ම මට ආදරේ වගේ දැනුනාට පස්සේ ඒක මට ලොකු වේදනාවක් වගේ දැනුනා.ඒ අතර ම අභිෂේක් මගේ අැදුම් පවා ගලවන්න හැදුවා. මම විරුද්ධ වෙද්දී එයා මට දරදඬු වුනා. මං ගොඩක් අසරණ වුනා. එලිමහනේ මාව භාගෙට නිරුවත් වෙද්දී. මහා පිලිකුලක් මට අභිෂේක් ගැන ඇති වුනේ. අවසානයේදී මගේ අත අභිෂේක්ගේ කම්මුල හරහා ගියා. අඬ අඬම ඇදුම් ඇඳ ගත්තු මම එතැනින් දුවන් ආවා. අභිෂේක් පස්සෙන් ආවා. මම එතැනින්ම බස් එකට නැග්ගා.
"ප්‍රේමය නම් රාගයෙන් තොර නෑ"
-------------------------------------------------------------------------------
එදා එතැනින් ගෙදර ආවාට මට ජිවිතේම ලොකු කඩා වැටිමක් වගේ දැනුනා. අභිෂේක් මට දිගටම කෝල් ගන්නවා. මං ආන්ස්වර් කලේවත් නෑ. බොරු... හැමදේම බොරු. මට ආදරේ නම් දෙවියනේ අර මිනිස්සු ඉන්න තැනක එලිමහනේ මට එහෙම දෙයක් කරාවි ද හිතක් පපුවක් තියේ නම්. එයාටත් නංගි කෙනෙක් ඉන්නවා නේද. එයාගේ නංගිට එහෙම දෙයක් වුනා නම්...
මේ සිද්ධියෙන් පස්සේ මම සති දෙකක් විතර ක්ලාස් ගියේවත් නෑ. තුන් වෙනි සතියේ මම ක්ලාස් එකට යන්න ගියා. මං ක්ලාස් එකට යන්න කිට්ටුවේදී ක්ලාස් එකට ටිකක් මෙහා අභිෂේක් ඉන්නවා මට ඈත පේනවා.
මං අහක බලාගෙන එතැනින් යන්න හැදුවේ. යන්න වුනේ නෑ අභිෂේක් මාව ඇදලා එයා ලඟට ගත්තා.
ඒ එකක්ම මාව ත්‍රිවිල් එක ඇතුලට දා ගත්තා. සිහිය එද්දි මම හිටියේ දොරවල් වහලා දාපු කාමරයක් ඇතුලේ. එහා පුටුවක වාඩි වෙලා අභිෂේකුයි එයාගේ තව යාළුවෝ දෙන්නෙකුයි ඉන්නවා. අනේ
අභිෂේක් මට යන්න දෙන්න මහත්තයෝ.....
මොකා මහත්තයා... මං කවදාද උඹේ මහත්තයා වුනේ...බලපන්කෝ බං මේකි මගේ පස්සේන් ආවේ මේක කර ගන්න අමාරුව නිසා නේද.. එදා මං මේකිව ඉම්බා කියලා මට ගැහුවා....
මගේ කම්මුල රත් වෙන්න පාරක් අභිෂේක් ගැහුවා.
ඒ බිත්ති හතර මැද්දේ උන්ට ඕන ඕන විදිහට මාව උන් පාවිච්චි කලා. අනේ මගේ රත්තරං අම්මා තාත්තා මල්ලි මට දහස් වතාවක් මතක් වුනා. පුංචි කෙල්ලක් වගේ හිටපු මම එක පාරටම මහා ලොකු ගෑනියෙක් වුනා වගේ මට දැනුනා. ගෙදර මලක් වගේ හැදුව මම... කාවි කියන විදිහට පොලොවේ නෙමෙයි අහසේ ජිවත් වුනු මම අද පොලොවට ම කඩා වැටුනා.
-----------------------------------------------------------------------------
ටික දවසක ඔහොම ගියා. එදා දවස මතක් වෙනකොට මට බෙල්ලේ වැල දා ගන්න හිතෙනවා.
මම දැන අම්මාගේ දෝණි නෙමෙයි අම්මේ. අම්මාට කියන්න හිතෙනවා මට. අම්මා කොහොම දරා ගනීවිද....
මේ අතර ක්ලාස් යනකොට එක එක කොල්ලෝ මට විහිළු කරන්න ගත්තා. මහා ජරා විහිළු. මටවත් හිතා ගන්න බෑ ඒ මොකද කියලා. අවසානේදී මම දැන ගත්තේ මගේ ජිවිතේ විනාස කරපු උන් මගේ මුළු ආත්මයම නැති කරලා කියලා. එදා වුනු හැමදේම උන් විඩියෝ කරලා ඉන්ටර්නෙට් එකට දාලා. මට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදා වුනා. මගේම මල්ලි මගේ මුණවත් බැලුවේ නෑ. දෙවියනේ මං කැමැත්තෙන් කර ගත්තු දෙයක්ද මේ. කවුරු මාව පිලිගත්තේ නෑ.මගේ අසරණ තාත්තා බෙල්ලේ වැල දාගෙන මැරුනා. මගේ අම්මා පිස්සියෙක් වුනා.ගමේ මිනිස්සුත් ඇත්ත දැනගෙන අපේ ගෙදරට ගල් ගැහුවා.හු කිවුවා.ජිවිතයක් නැති වුනා. මම අම්මා මල්ලි එක්ක ඒ ගමෙන් පවා ආවා. එත් මල්ලි මා එකක් කතා කරන්නේවත් නෑ.
මේ අතර දවසක් අපි අළුතින් පදංචියට ආපු පුංචි ගෙදර ඉස්සරහා කාර් එකක් නැවැතුවා මං මල් පැල වඟයක් පැල කර කර හිටියේ.
සිතුම්......
මගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුනා.මුළු ලෝකේම අපහාස කලත් නොදැනුන ලැජ්ජාවක් හිතට දැනුනා.
පහන්දි.... මට ආදරේයිද...
සිතුම් මට විහිළු කරන්න එපා සිතුම්.ඔය මේ ආවේ ජිවිතේ වැරදුනු මට හිනා වෙලා යන්න නම් ඔයත් හිනා වෙලා යන්න සිතුම්.
පහන්දි මම හැමදේම දන්නවා. ඔයා එදා මාව කරදරයක් කියපු දවසේ ඉදන් මං ඔයාට කරදර කලේ නෑ පහන්දි. මම ලබන මාසේ අන්තිම ඇමරිකා යනවා. මට තනියම යන්න බෑ පහන්දී. මම කෙල්ලෙක්ට කියලා ආදරේ කලා නම් ඒ ඔයා විතරමයි පහන්දි....
සිතුම් ඔයා මොනවාද දන්නේ මම ගැන. දැන් මම එදා ඔයා අාදරේ කියපු පහන්දි නෙමෙයි. මම දැන්.... සිතුම් මම දැන්.....
මට ඕනා ඔයාගේ හිත,අර දඟකාරකම,අහිංසක හිනාව විතරයි. මගේ ලඟින් හැමදාම ඉන්න පහන්දී මාව විස්වාස කරන්න... මට කැමතිද පහන්දී....
මම මුකුත් කිවුවේ නෑ....
හරි ඔයා මට කැමති නම් හෙට උදේ අම්මා මල්ලි එකක් ලෑස්ති වෙලා ඉන්න. මම හෙට ඔයාව මැරි කරනවා උදේ...මගෙ අම්මා එකක් ම ඇවිත්. ඒහෙම කරලා අපි කෙලින්ම ගෙදර අය එකක් යන්නේ විදේශ සේවා එකට. අපි හැමෝටම පාස්පෝට් හදලා ඊලඟ මාසේ අපි....ඔයා මම,අම්මාලා දෙන්නා,මල්ලි ඇමරිකා යනවා. අපේ අප්පච්චි ලඟට.
එහෙම කියලා සිතුම් යන්න හැරුනා. ටික දුරක් ගියපු සිතුම්....
පහන්දි මම ඔයාව හැමදාම සතුටින් තියෙනවා.....
කියලා කාර් එකට නැගලා ගියා. මට මුකුත් හිතා ගන්නවත් බෑ.මේකත් බොරුවක්ද... ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක් වේවිද මට. එත් මේ ජිවිතේ වරදින්න දෙයක් නෑ මට. මේ ලංකාවම මට තිත්ත වෙලා තිබුනේ.
---------------------------------------------------------------------------------
අද මම මේ ලෝකේ සතුටින්ම ඉන්න බිරිඳ... අපිට පුංචි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. සිතුම් ඇත්තටම මිහිපිට ඉන්න දෙවි කෙනෙක්. එදා මම ජිවිතේ වරද්ද ගත්තා නේද සිතුම්ට බෑ කියලා. ඒත් මේ මගේ කරුමයක් වෙන්න ඇති. සිතුම් නිකම්වත්ලමගේ අතීතය මතක් කරන්නේවත් නෑ. එත්ලමට ඒ අමිහිරි මතකය අමතක වෙන්නේ නෑ.අම්මාටත් දැන් සනීපයි. මගේ රත්තරං තාත්තා තමයි මට නැති වුනේ... මල්ලිගේ ජිවිතේ සම්පුර්ණයෙන් ලස්සන වුනා.
අභිෂේක් ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා එකතැන් වෙලා කියලා කාවි මට කෝල් කරපු වෙලාවේ කිවුවා. කාවි නම් කියන්නේ ඕකාට කරපු පවු ඵල දුන්නා කියලා. මගේ ජිවිතේ හීන හැබැ වුනා. එත් හීන ලෝක වල ජිවත් වුනාම හැබැ ලෝකේ නොපෙනී යනවා කියලා මට ජිවිතේ තේරුම් කරලා දුන්නා.
කාවිට කිවුවා වගේම හොඳ අය මේ ලෝකේ ඉන්නවා. නමුත් අපිට හොඳ නරක තේරුම් ගන්න හරිම අමාරුයි. මොක මිනිස්සු මවා ගත්තු රෑප වලින් ජිවත් වෙනවා. ඒ නිසා හැමමොහොතේම පරිස්සම් වෙන්න ඕනා.
"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි"
...........නිමි............
මිහිරාවි
උපුටා ගැනීමකි
No comments:
Post a Comment