#ආදරේ #සොඳුරු #කවියක්
නැගිටපන්කෝ යකෝ.උඹ කුම්බකර්ණේ වගේ නිදි මන් තනියම මේ මගුල එලවන්න ඕනේ.
අඩෝ...මනුරයා නැගිටපන්.
මොකක්ද බන් උඹගෙනුත් තියන කරදරේ නිදියන්න දියන්කෝ....
මාත් හරි එකෙක් තමා තනියට එක්කන් ආවේ.
හෝව්....හෝව්..නවත්තපන් නවත්තපන්.
මොකද යකෝ..උඹ හිතුවද කියපු ගමන් නවත්තන්න මේක ගොන් කරත්තයක් කියලා.
අර පේස්ටි ෂොප් එකෙන් මොනා හරි බඩට දාන් යමන්.
වාව්....බන් මේකෙ ලස්සන.
ඇත්තටම මනුරයා කිව්වත් වගේ මෙතන මොකක්දෝ අමුතු ලස්සනක් තියනවා.හැම ටේබල් එකකම නුවරඑළියේ පිපෙන නම් දන්නැති ගොඩක් මල් වලින් සරසලා තිබුනා.උදේම නිසාද කොහෙද අපි දෙන්නා ඇරෙන්න කිසි කෙනෙක් නෑ.ගෑනු ලමයි දෙන්නෙක් වගේ මේක කරන්නේ.
"සර් මොනාද ඕනේ" අපි ලඟ හිටිය ගෑනු ලමයා අහනවා.
"තෝස 5යි මසාලා තේ 2යි".
"සර් මේක සයිවර් කඩයක් නෙමේ."
ආ ඇත්තද නංගී ඔයාව දැක්කම මන් හිතුවා මේක සයිවර් කඩයක් කියලා.
කෙල්ලට මල පැන්නා වගේ...
මූට වැදගත් විදියට හැසිරෙන්න දනෑනේ.
නංගී අපිට සොසේජස් බන් එක්ක ටී 2ක් ගේන්න.
කෝල් එකක් ඇවිත් මනුරයා එලියට ගියා.
මන් නිකමට කැෂියර් එක පැත්ත බැලුවා.එතන වාඩිවෙලා හිටියේ ලස්සන කෙල්ලෙක්.පිටිපස්සෙන් පේන මන්දාරම් අහසත් එක්ක ඒ මූණ පේන්නේ පිංතූරයක් වගේ.බණ්ඩාරවෙල මෙච්චර ලස්සන කෙල්ලො ඉන්නවද කියලා මට හිතුනා.කැරලි ගැහුන දිග කොන්ඩේ ඒ මූණ තවත් හැඩවෙලා වගේ.මෙහෙම ගියොත්නම් පුතෝ අහස් කවිකාරයෙක් වෙනවා අනිවා...
කෙල්ල ඈත බලාගෙන ලොකු කල්පනාව.ලොකු දුකක් ඒ මූණේ තියනවා.
"අහස් උඹ මේක දිහා බලන් භාවනා කරනවද කන්නැතුව".
මුගේ හාලි පඩත්තර කටට කෙල්ලත් බයවෙලා මේ පැත්ත බැලුවා.
ඒ නිල් ඇස් මං එතකොට තමයි දැක්කේ.යන්තම් ඒවා තෙමිලා තිබුණා.
"යකෝ මේක උඹේ ගෙදර නෙමේ කට වහන් කාපන් බූරුවා".
ඒ සුදු මූණ ලඟට බලාගන්න ඕනා නිසා මන් ඉක්මනට කාලා සල්ලි ගෙවන්න ගියා.මන් සල්ලි දුන්නට කෙල්ල හරියට ඔලුව උස්සලා බැලුවේ නෑ.සල්ලි දෙද්දි ඒ රෝස පාට ඇඟිලි මන් යාන්තමට ඇල්ලුවා.කෙල්ල ගැස්සිලා ගියා කියලා මට තේරුනා.
හෙට ආපහු කොලඹ යන්න හිතන් ආවත් මට යන්න හිත දුන්නෑ.අර මූණ ආයෙම බලන්නමයි හිතෙන්නේ.
"පොඩි කඩේ හිටිය නගේ නුඹට හිත බැඳුනා මගේ..." කියගෙන ඇවිත් මනුරයා මගේ ඇඟට පැන්නා.
"පලයන් මුසලයෝ යන්න අලියා වගේ පොඩි එකා කියලා හිතන් ඉන්නේ"
"හා...හා...එහෙනම් සනා අපි මුසලයෝ අර පොඩි කඩේ ඉන්න ඇත්තේ සීදේවි ඇන්ටිගේ දුව වෙන්න ඇති".
කෙලලගේ විසත අදනම් කෝහොම හරි දැනගන්නවා කියලා මන් මනුරයත් එක්ක අදත් ෂොප් එකට ගියා.ඇවිත් පැය භාගෙකටත් වැඩි කෙල්ල පේන්නවත් නෑ.කියන්න බැරි දුකකුත් එක්ක මන් යන්න නැගිට්ටා.කෙල්ලගේ යාලුවා හිටිය නිසා මට හිතුනා එයගේන් විස්තර දැනගන්න.
"නංගී අර ඔයාගේ යාලුවගේ නම මොකක්ද?"
"මට හිතුන අදනම් අයියලා ආවේ කන්නම නමේ කිය්ලා..
එහෙන්ම් කෙල්ලට වැඩේ තේරිලා වගේ.
"ඒ මගේ නැන්දගේ දුව අයියේ,දහම්දී.අපි ඒ ලෙවල් කරන කාලේ කෙල්ලගෙ අම්මයි තාත්තයි ඇක්සිජන්ට් එකකින් නැති වුණා.කෙල්ලගේ..හ්ම්ම් මේ..නෑ
ඇයි නංගී කෙල්ලට ?
"නෑ අයියේ කෙල්ල තනියම කල්පනා කරන නිසා තමයි අපි මේක පටන් ගත්තේ.
හිතුවට වඩා ඒ සුදු කෙල්ලගේ ජීවිතේ දුකක්.
මන් එක පාරටම දැක්කේ ඒ ඇස් ඈත ඉන්දන් මන් දිහා බලන් ඉන්නවා.මොකක්ද අමුතු හැඟීමක් ඒ මූණෙ තිබුණා.
මන් හිමීට දහම්දී හිටිය තැනට ගියා.කෙල්ල මාව දැකලා බිම බලා ගත්තා.
"මාත් එක්ක කත කරන්න කැමති නැද්ද න්ංගී".
එහෙම නෑ.කෙල්ලගේ කට හඬ වෙවුලනවා.
මන් ගෙදර ආවේ රවිනිගෙන් කෙල්ලගේ නම්බර් එක ඉල්ලගෙනමයි.කෙල්ල ඒක දුන්නේ මගේ වදේටමයි.
මන් කෙල්ලගේ නම්බර් එක ඩයල් කරා.ඒ පැත්තෙන් ආන්සර් කරද්දිම මන් හලෝ කිවුවා.කෙල්ලෙගේ සද්දයක්වත් නෑ.රවිනි කියන්න ඇති මන් කෝල් කරයි කියලා.
"මන් කවුද කියලා දන්නවද නංගී".
මට ඇහුනේ කෙල්ල ඉකි ගහන සද්දේ.මගේ පපුව හිරි වැටිලා ගියා.
"අනේ ඇයි රත්තරන් අඬන්නේ.මන් ඔයාව අඬවන්න නේමේ නංගී කෝල් කරේ.ඔයා අඬනවනම් මන් තියන්නම් රත්තරන්".
"අනේ...එපා අයියේ..".
මට එක පාරටම හිනා ගියා මේකිනම් පිස්සු කෙල්ලෙක්.
"එහෙනම් කියන්නකෝ ඇයි රත්තරන් අඬන්නේ".
"දන්නෑ..".
"එහෙනම් මොනාද පිස්සියේ දන්නේ අඬන්නද ආ...".
"හ්ම්.....".
"මට ආදරෙයිද රත්තරන් ආ....මට කියන්න".
"හ්ම්ම්.....".
"හ්ම්ම්ම්ම්..කියනේ බස්සියෙක්ද ආ..කියන්නකො පන".
කෙල්ලට හිනා.
"ඔව් අයියේ..".
මන් ආයෙමත් කොළඹ ආවා.නිකන්ම නෙමේ මගේ කෙල්ලගෙ හිතත් අරගෙන.
හැමදාම මන් කෙල්ලට කෝල් කරා.එයාටත් මන් නැතුවම බෑ දැන්.
"මගේ සුදු බෝලේ කෑවද?"
"ඔව් මගේ මැණික.ඔයා කෑවා නේද.?"
අපේ ආදරේ හරි ලස්සනට ගලාගෙන ගිය මාස දෙකකුත් ගියා දැනුනෙවත් නෑ.ඔෆිස් එකේ වැඩත් එක්ක මට එදාට පස්සෙ තාම කෙල්ලව බලන්නත් බැරි වුණා.මන් හීන දැක්කේ මගේ පන ඉක්මනට මගේ ලඟට ගන්න.
"සුදු මැණික අපි එක්මනටම මැරි කරමුද?"
"ඇයි අයියේ එක පාරටම?"
"එකපාරටම නෙමේ මැණික ඔයාව ඉක්මනට මගේ කරගන්න ඔනේ.ඔයා කැමති නැද්ද?"
"හ්ම්....කෙල්ල හීල්ලුවා
"අනේ එහෙම නෑ අයියේ.."
වෙනදට උදෙන්ම මට කෝල කරන කෙල්ල අද කෝල් කරේ නෑ.මන් කෝල් කරාට වැද කරන්නෙත් නෑ.මට බයත් හිතෙනවා.
නිමාට ගත්තට එකී කතා කරන්නෙත් නෑ.
මගේ කෙල්ලට කරදරක්වත්ද දෙවියනේ...
මට මෙහෙම ඔෆිස් යන්න බෑ .මට පිස්සු වගේ..
ඕන එකක් වෙන්න කියලා මන් බණ්ඩාරවෙල යන්න පිටත් වුණා.
මන් කෙලින්ම ගිහින් නැවතුනේ දහම්දීගේ ෂොප් එක ඉස්සරහා.අද ෂොප් එක ඇරලත් නෑ.මගෙ පපුව ආයෙමත් සීතල වෙලා ගියා.
කෙල්ලක කියලා තිබුණ විදියට මන් නිමායගේ ගෙදර ගියා.මන් ගෙට ගොඩ වුනේම දහම්දී කියලා හයියෙන් කෑගහගෙන මගෙ ඇස් දෙකෙන් කඳුලු වැක්කෙරෙනවා කියලා මට තේරුනා.
කොහෙද හිටපු නිමායා මන් ලඟට දුවගෙන ආවා.කෙල්ල හොඳටම බයවෙලා.
"අයියේ ඔයා....මේ.."
"කෝ මගේ කෙල්ල නිමායා ඇයි එයා මාත් එක්ක කතා කරන්නැත්තේ?,එයාට මොකද වෙලා තියෙන්නෙ?"
නිමා මට මොනද කියන්න යද්දිම මන් එයාව තල්ලු කරන් දහම්දීගේ කාමරේට ගිය.
අනේ දෙවියනේ මගේ කකුල් පන නැති වුනා මන් දැකපු දෙයින් .මේ මගේ කෙල්ල එයාව මේ විදියට මන් කවදවත් දකින්න හිතුවේ නෑ. දහම්දී රෝද පුටුවක් උඩට වෙලා මන් දිහා බලන් හිටියේ ඇස් දෙකෙන් වැහි කැට වගේ කඳුලු වැක්කෙරෙද්දි.
"අනේ මට සමාවෙන්න මගේ රත්තරන් අයියේ..!"
දහම්දී මට එහෙම කියලා මට අත් දෙක එකතු කරලා වැන්දා.
නිමායා දුවන් ඇවිත් මගේ අතේ එල්ලුනා.
"අනේ අයියේ මගේ නංගී වැරදි නෑ.එයා මේ හැමදේම ඔයාට කියන්න ගියේ.මමයි ඒක කියන්න දුන්නැත්තේ.මාමායි නැන්දයි නැති වුන වේලේ මේ කෙල්ලත් එතන හිටියා.මේ අහිංසකීගේ ජීවිතේ බේරුණාට දෙවියෝ එයාට මුලු ජීවිතේම වින්ඳවන්න මෙහෙම කරා".
මන් කෙල්ලගේ සුදු කකුල් දෙක දිහා බලන් හිටියා.දහම්දී මගේ මූණවත් බලන්නෑ.
"එදා මන් අයියට කියන්න ගිහින් නැවෙත්තුවෙ මේක තමයි"
"මන් එහෙම කරේ මෙච්චර කාලයක් බලාපොරොතුවක් නැතුව හිටිය මගේ නංගිගේ මුණේ ඔයා ආව දවසේ ලොකු වෙනසක් තිබ්බා.මට ඒ සතුට නැති කරන්න හිත දුන්නෑ අයියෙ."
"ඔයාම කියන්න මගේ අසරණීට මුලු ජීවිත කාලෙටම ආදරේ කරන්න අයිතියක් නැදද අයියේ."
නිමායා හොඳටම අඬනවා .
දහම්දීගේ ඉකි ගැහිල්ලත් එක පාරට වැඩි වුණා.
මන් දහම්දී ලඟ දණ ගහගෙන ඒ සුදු මූණ මගේ අත් දෙකට ගත්තා.කෙල්ල අඬලම ඇස් ඉදිමිලා.
" මේ දේවල් දැනගත්තම මන් ඔයාව දාලා යයි කියලා හිතුවද රත්තරන්..ආ...ඔයා මන් ගැන එහෙමද හිතුවේ."
මන් කෙල්ලගේ මුණ මගේ මුණට ලං කරා.
" ඔයා කොයි විදියට හිටියත් මන් උඹට ආදරෙයි මගේ වස්තුවේ."
" අනේ අයියේ එත් මන් වගේ."
" නවත්තගන්න මැණික මට මොකුත් අහන්න ඔනේ නෑ.
මන් දහම්දිව උස්සලා හරහට අරගත්තා.කෙල්ල මගේ බෙල්ලේ එල්ලුනේ පොඩි එකෙක් වගේ.
"ඔයානම් දෙවියෙක් මගේ අයියේ."
දහම්දී කඳුලු අතරින්ම හිනාවේගන කිවුවා.මන් හිමිට කෙල්ලගේ සුදු මූණ හාදුවක් දුන්නා.කෙල්ල ඇස් දෙක වහගෙන මට තවත් තුරුල් වුණා.
නිමයා ඈත ඉඳන් ආදරෙන් හිනා වේගන අපි දිහා බලන් ඉන්නවා මන් දැක්කා.
-නිෂු ලියනගේ-
No comments:
Post a Comment