ප්‍රමාද වැඩී

කෙටි කතාව.
###### ප්‍රමාද වැඩී.######

"අනේ එපා මල්ල..මට ගොඩක් වැඩ තියනව ඔය ගිහින් ටෙඩී එක්ක බෝල් ගහන්න.මං මේ ටික ඉවර කරල එන්නම් මැනික.."

සදුනි එසේ පැවසුවෙ එයාගෙ අවුරුදු 10 උනු එකම මල්ලිටයි.මල්ලි පසිදු හුගක් වෙලා ඉදන් අක්කට කරදර කර කර හිටියෙ අක්කව සෙල්ලමට එකතු කරගන්න..ඒත් අක්ක අන්තිමට කියපු වචන හින්ද පසිදු ගියෙ මූන ඇබුල් කරගෙනයි.

සදුනි ඉපදිලා අවුරුදු 9 පස්සෙ ඉපදුනු පසිදු ගෙදර කාගෙත් හුරතලා වුනා...කවුරුත් එයාගෙ හිත රිදෙන වැඩක් කලේ නෑ...ඉතින් අදත් මල්ලිගෙ හිත රිද්දන්න බැරි හින්ද සදුනි කර කර හිටපු වැඩෙත් නවත්තල ගියෙ මල්ලි සනසල එයා එක්ක සෙල්ලම් කරන්න හිතාගෙන..

"මල්ලි පැට්ටෝ...මල්ලෝ කෝ ඔයා මං ආවා..අපි සෙල්ලම් කරමු...කො හැංගිලා ඉන්න තැනකින් එන්නකෝ..."

විනාඩි 5 ක් විතර හෙව්වත් මල්ලිව හොයාගන්න හම්බුන් නෑ...සුලු මොහොතකින් පසිදු ටෙඩීගේ කාමරේ ඉදල දුවගෙන ආවෙ දාඩිය පෙරාගෙන.ටෙඩී කියන්නෙ ගෙදර වතුවැඩ වලට ඉන්න සේවකයයි..අම්මත් තාත්තාත් දොස්තරල වෙච්චි හින්ද හුගක් වෙලාවට ගෙදර රැදෙනව අඩුයි..සදුනිත් උසස් පෙල හදාරන හින්ද ටිකක් කාර්යය බහුලයි..පසිදුගෙ තනි නොතනියට එයාගෙ ලග හුගක් රැදුනෙ කුස්සියෙ වැඩට උන්නු මේරී අම්මයි,පසිදුගෙයි,සදුනිගෙයි රියදුරු ට හිටිය විල්සනුයි,වතු වැඩවලට හිටපු ටෙඩී විතරයි....මේරි අම්මයි විල්සනුයි වයස හින්ද පසිදු හුගක් වෙලවට සෙල්ලම් කලේ ටෙඩී එක්කයි...ටෙඩී කිව්වට වයස 22ක් වගේ උනු කමලසිරිට ඔය නම දැම්මෙත් පසිදුමයි.

හැමදාම පසිදු ටෙඩී එක්ක සෙල්ලම් කලත් විනාඩි 5 ක් වගේ කෙටිකාලයට මල්ලි මෙ තරම් දාඩිය දැම්මෙ කොහොමද කියල සදුනිට සැක හිතුන..

"ඇයි මල්ල මොකද මේ..."

"පුංචි නෝනා බබා බෝලෙ ඇදයටට තල්ලු කලානෙ මං අරන් දෙන්න හදද්දි එපා කියල ඕන එයාම ගත්ත.එකයි ඔය දාඩිය දාගගෙන ඉන්නෙ.."

පසිදු වෙනුවට ටෙඩී උත්තර දුන්න අතර පසිදු ඒක හිසවනා අනුමත කලා..එහෙත් සදුනිගෙ හිතේ සැකේනම් දුරුවෙලාම ගියෙ නෑ..

ඔහොම ටික දවසක් ගෙවිල යනකොට සදුනිටත් ඒක එහෙමම අමතක වෙලා ගියෙ උසස් පෙල විබාගයට හුගක් මහන්සි උනු හින්දයි..

"වින්සන්ට ටිකක් සනීප මදිලු හෙක්ටර්.මෙයාලව කොහොමද දැං ස්කූල් දාන්නෙ.."

"ඒ මොකද ඔයා චෙක් කලාද විල්සන් ව"
"ඔව් මං බැලුව  උන තියනව.මන් ටැබ්ලට්ස් දුන්න...අඩු නැත්තම් හවසට අයේ බලමු මොකද කියල...ඒක නෙමේ දැං ඉතින් මෙයාලගෙ ස්කූල් යන වැඩ කව්ද කරන්නෙ.."

ඩොක්ටර් දර්ශනිට මෙය විසදාගත නොහැකි ගැටලුවක් වුනා....

"අම්ම මට අද ක්ලාස් නෑනෙ..මං අද ස්කූල් යන්නෙත් නැ .මං මල්ලව දාන්නම්."

විසදුමක් ලෙස සදුනිගෙ පිලිතුර ඇසුනු ගමන් දෙන්න දෙමහල්ලොන්ගෙ මුහුනු සතුටින් පිරුනා.

"ඕකේ දුව එහෙනම් මල්ලිවත් අරන් පරිස්සමින් drive කරන්න ඕන..."

හෙක්ටර් එහෙම කියල දර්ශනි එක්කම හොස්පිට්ල් ගියා..

"දුව ඔයා පසිදුගෙ සිස්ටර් නේද මට ටිකක් කතාකරන්න පුලුවන්ද.."

පසිදුගෙ ටීචර් සදුනිව දැකල එහෙම කිව්වාම සදුනි ගෙ හිත ටිකක් ගැස්සුනා...

"ඔව් ටීචර් පුලුවන්"

"පුතා ඔයා යන්න ක්ලාස් එකට ම්ං එන්නම්."

ටීචර් එහෙම කියල මල්ලිවත් යවල මේ මොනාද කියන්න හදන්නෙ..සදුනි කල්පනා කලා..

"දුව ඔයාලට පසිදුගෙ වෙනසක් මොකුත් පේන්නැද්ද ..."
"මොනවගේ එකක්ද ටීචර්."
"පසිදු දැං හුගක් වෙනස් වෙලා.හැමවෙලේම කල්පනා කරනව,වැඩි කතාවක් නෑ.මං කියන කිසිදෙයක් ඔලුවට ගන්නැ. සෙල්ලම් කරන්නත් වැඩි කැමැත්තක් නැ.ඒ විතරක් නෙමේ අදින්නෙත් මහ අමුතු චිත්‍ර..ඒ මොනාද කියල ඇහුවම බිමබලාගන්නව උත්තර දෙන්නෙත් නෑ...මංද මටනම් මහ අමුත්තක් දැනෙනව..දුව තේරෙන වයසක හින්ද මං මේ කියන්නෙ..දුව පේරන්ස්ලටත් කියල මේ ගැන ටිකක් බලන්න..."

සදුනි මෙ වදන් අහල කාර් එකට ගොඩ් උනේ හිනෙන් වගේ..මල්ලි මේතරම් වෙනස් උනේ කොහොමද..දෙමාපියන් ඉන්ටර්නැෂනල් ස්කූල් වලට දාල දරුවන් ගැන නොබලා ඉන්නඑක ගැන සදුනිට දැනුනෙ ලොකු තරහවක්.රටේම ඉන්න ලෙන්ඩුන්ට බේත් කරල හොද කලත්  නිවසේ දරුවන් ලෙඩුන් කර ඇතැයි කියා සදුනිට හිතුන..මල්ලිට ඇතිවෙලා තියන ප්‍රශ්නෙ මොකක්ද කියල අදම හොයන්න ඕන කියල සදුනි තීරණය කලා....

"ඇයි පුංචි මැනිකෙ මේ"
"ආ...ඇයි මේරීඅම්ම."
"පුංචි මැනිකෙ කැම කනව නෙමේ අතේ තියන් කල්පනා කරනවනෙ.."

මේරිඅම්ම සදුනිලගෙ ගෙදර හිටියෙ සදුනි ඉපදෙන්නත් කලින් ඉදලමයි..තමාගෙ හිතෙ තිබුනු දේවල අම්මටත් වඩා තක්කෙටම කියන්න පුලුවන් වුනේ මේරී අම්මටයි කියල සදුනිට මතක් වුනා .ඒ තරම් ලොකු සමීපබවක් ඒ දෙන්න අතර තිබුන.තමාගෙ ජිවිතේ හුගක් යහපත් වෙන්න හොද නරක කියා දුන්නෙ මේරී අම්මයි කියන්න දෙමාපියොනුත් දන්නව.ඉතින් මේ කාරනාව දෙමාපියන්ට නොකීවත් මේරි අම්මට කියන්න ඕන කියල  සදුනිට හිතුන...

"නොකිව්වට මටත් බේබිගෙ වෙනසක් පෙනුන මැනිකෙ..කොච්චරවත් මාව හොයන් කුස්සියට දුවන් එන බේබි දැං ටික දවසක ඉදන් මං ලගට ගියාමත් එලවනව.."

සියල්ල පැවසූ පසු මේරී අම්මා කිව් දෙයින් සදුනි තවත් කලබල වුනා...

"පුංච් මැනිකෙ"

කමලම්මා රහසින් කිසිවක් කීමට සැරසේ...

"ටෙඩිය එක්ක බේබිගෙ හිතවත් කමනම් බොහොම වැඩී..ඕක ඔය කාමරේට බේබිවත් එක්කන් නරක් වැඩක්වත් කොරනවද දන්නෑ....ඕක අපිටවත් ඔය කාමරෙට එන්න දෙන්නෑනෙ...කොයි වෙලෙත් වැඩ නැත්තම් ඔය කාමරේට රින්ගන් දොර වහන් ඉන්නව.."

මේරී අම්මා කිව් දෙයින් සදුනිගේ මුලු ඇගම හිරිවැටුනි.

වහාම ඇය නැගිට සිටියේ ටෙඩීගේ කාමරය සෝදිසි කිරීමේ අදහසිනි..

"ටෙඩී කෝ "
" ඒකව මං බඩු ගේන්න කඩේට ඇරිය.අනේ මැනිකෙ නෝනල මහත්තයල එනකන් මොකුත් කරන්න එපා...ඕව හොයන්න ගිහින් ඔය වසවර්තිය මැනිකෙට නරකක් කලොත් මටත් ජීවත් වෙලා වැඩක් නෑ.."

මේරී අම්මා අත් එකතු කරන් ඒ ටික  කීවත් සදුනි අදහස වෙනස් කලේ නෑ..
යතුරු කැරැල්ල අතට අරගෙන බැලුවෙ අමතර යතුර හොයාගන්න..ඒක දුටු ගමන් යතුරත් අරන් සදුනි ටෙඩීගෙ කාමරේට ගියෙ මේරීඅම්මත් කෑගහන් පස්සෙන් එද්දිමයි.

දොර ඇර ඇතුලත සොදිසි කලද් සැක හිතෙන දෙයක් හොයාගන්න පුලුවන් උනේ නැ..

"අපි දැං යමු මැනිකෙ.හෙව්වට මොකුත් හම්බුන් නෑනේ.."

එහෙම කියල ආපහු හැරෙනකොටම ටෙඩී ඒ පැත්තට බඩු මල්ලත් උස්සන් එනව මේරී දැක්ක..

"ස..සර්පය මේ පැත්තට ආවට නෑනේ මැනිකෙ..."

මේරීඅම්ම කියපු කතාවෙ අගක් මුලක් තේරුනෙ ආපසු හැරුනු සදුනිට ටෙඩීව දැක්කාමයි..

"ඇයි මොකෝ මේරි අක්කෙ.."

"නෑ බං කොලුවො..මොකෙක්දෝ සතෙක් ආවා..මේ කාමරේට එනව වගෙයි දැක්කෙ.ඉතින් අපි යතුර අරන් කාමරේ ඇරල බැලුවෙ ඒත් පේන්න නෑ...ඌ පැනගන්න ඇති."

මේරි අම්ම එහෙම කිව්වෙ ටෙඩි අතේ තිබුනු බඩුමල්ල අතට ගන්න ගමන්මයි.

"මං බලන්නම්..පුංචි මැනිකෙල යන්න."
ටෙඩී එහෙම කිව්වෙ සදුනිගෙ මුහුන නොබලයි.

"මාත් අල්ලගන්න බලන්නම්කො ඔය සර්පයව."
සදුනි එහෙම කිව්ව ස්වරූපයට ටෙඩීගෙ හිතට දැනුනෙ ලොකු කුතුහලයක්.ඒත් ඒ වග නොපෙන්වා වෙනද වගේම වැඩපල කරගෙන ටෙඩී ඉනන උත්සහ කලා.

"මල්ලා.."..
හවස පාසල් ඇරුනාම මල්ලිව ගේන්න ගිහින් එනකොට සදුනි එයාව කතාවට අල්ලගත්තෙ මොනාහරි දැනගන්න හිතාගෙන.
"ම්ම්ම්ම්."

"ඔයා දැං මට  සෙල්ලම් කරන්න අඩගහන් නැත්තෙ ඇයි.."
"අපො ඔයා එක්ක සෙල්ලම් කරන්න එපාවෙනවනෙ.ඔයා හරියට බෝල් කරන්නෙත් නෑ.."
"ඉතින් ඉස්සරත් මං එහෙමනෙ බෝල් කලේ එතකොට ඔයා එහෙම කිව්වෙ නෑනේ.."
"අපෝ මට ඔය සෙල්ලම් කරන එක හරි බෝරින් හලෝ."

මල්ලිගේ වචන වලට සදුනිට පුදුම හිතුන.මේ වයසෙ ලමයෙකුට සෙල්ලම් කරන එක බෝරීන් වෙලා.පසිදුට කුමක් හෝ සිදු වී ඇත.දෙමාපියන්ට මේ ගැන කිවයුතු යැයි සදුනි එවර සිතුවා.

"අද කම්මැලි හිතුන දුනූ.ඒකයි නාවෙ.නැත්තම් අසනීපයක් නෑ.."

සවස සදුනි එයාගේ යාලුව දිනූශ එක්ක කෝල් එකක හිටියෙ.ඒ ගමන්ම සදුනි දැක්ක පසිදු ටෙඩීගෙ කාමරේට යනව..

"දිනූ මං තව ටිකකින් ඔයාට ගන්නම්."
එහෙම කියල සදුනි උඩ තට්ටුවේ ඉදන් බිමට එන්න හදද්දිම නිවසේ ස්තාවර දුරකතන නාද උනා. ."

"මේකත් මෙ වෙලාවෙම වද දෙනව."

එහෙම හිතල දුරකතන ඇමතුමට පිලිතුරු දීල සදුනි ටෙඩිගේ කාමරේට් යනකොට විනාඩි 10 විතර පරක්කු වුනා..

ටෙඩීගේ කාමරේ දොර බාගෙට වැහිල තියෙන්නෙ කියල සදුනි ඈඅතටම දැක්ක.මේරී අම්මට නොපෙනෙන්නට සදුනි ඒ දෙසට ගියේ අද මේ රහස දැන ගන්නවමයි කියල හිතාගෙනයි.

විවර වී තිබූ දොරින් දුටු දෙයින් සදුනිගේ කකුල් පන නැතුවුනා සේ ඇයට හැගුන.

ටෙඩී දුරකතනයේ ඇසැබි විඩීයෝවක් බලමින් ,පසිදුගේ ලිංගික අවයව අල්ලාගෙන විකුර්ති ලිංගික ක්‍රියාවක නියලී සිටි අතර පසිදුද සිනාමුවින් සිටිනු සදුනි දුටුවෙ තරහවයි කදුලුයි පිරුනු දෙනෙතින්.

සදුනි එය බැලීමට නොහැකිව තදින් දෑස් පියා ගත්ත..මේ නරුමයා තම මලනුවන්ට කරන දේ සදුනිට ඉවසාගත නොහැකි වුනා.ඇස් ඇරපු සදුනි වටපිට  බලන විට දුටුවෙ ටෙඩී වතු වැඩවලට ගන්න කැත්තයි.එය ක්ශනිකව අතට ගත් සදුනි එයින් වැරෙන් පහරක් ටෙඩී වෙත එල්ල කලේ කරන්නේ කුමක්දැයි කිසිදු වැටහීමක් නැතුවයි.

සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීමටත් පෙරම ටෙඩී ලේ විලක් මැද වැටී සිටි අතර පසිදු කිසිදු ඇදුමක් නොමැතිවූ ශරීරයෙන්ම නිවස වෙත දිව ගියා..ඔහු සාලයටගිය විගසම දුටුවේ ,අම්මා විලසන්ගේ අසනීපය හේතුවෙන් ලබාදී ගිය බෙහෙත් පාර්සලයයි.සිදුවූ ලැජ්ජාවට විසදුම මේ යැයි සිතා පසිදු බෙහෙත් සියල්ල් උගුරට හලාගත්තේ ඇතැමුන් මෙවන් අව්ස්තාවල එසේ කරනු රූපවාහිනියෙන් දැකල තිබුනු හින්දයි.පසිදු  වතුර බිව් පසු බිම ඇද වැටුනු සද්දයට රෙදී හෝදමින් සිටි මේරි අම්මා එනවිට සියලල සිදුවී හමාරය.

කැගසා හඩමින්  විලාප දෙමින් පැමිනි විල්සන් පහල සිදුවී ඇති දෙය මේරීට පවසන විට ඇය සිහිවිකල්වී එතනට දිව ගියේ කරන්නේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිවයි..

පැය බාගයකය පමන පසු විල්සන්ගෙ දුරකතන ඇමතුමට දෙමා පියන් නිවසට එනවිට විය යුතු සියලු දේ සිදුවී හමාර වී තිබුනි.

බෙහෙත් පෙති බී පසිදු මුවින් සෙවලපෙරමින් සාලයේ වැතිර සිටි අතර ,ටෙඩීගේ මලමිනිය අසල සදුනි සිහිවිකල් වූවෙකු සේ හිදගෙන සිටියාය..

නිමි...

මෙයට වැරදි කරුවන් වන්නේ කවුරුන්ද..ඉක්මන් කෝපය නිසා මිනීමරුවෙකු වූ සදුනිද,ලැජ්ජාව නිසා බෙහෙත් බී දිවි තොර කරගත් පසිදුද.,මෙවන් අපරාද ක්‍රියා වකට සදුන්ව යොදාගත් ටෙඩීද..මල්ලිගේ හැසිරීම ගැන දැන්වූ ටීචර් ද,එයට අටුවාටිකා එකතු කල මේරිද.තමාට දුන් බෙහෙත් නිසි ලෙස පරිස්සමි තබා නොගත් විල්සන් ද එසේත් නැතිනම් මුදල් පසු පසුපස දිවගොස් තම දරුවන් දෙස නොබැලූ මව්පියනද..........තීරනය ඔබට බාරයි.

කුමක් වුවත් මෙය අපේ ජීවිතවල සිදු නොවෙන්නට අප වගබලා ගතයුතුය.එවිට ප්‍රමාද වැඩියි අප ඉදිරියේ පැවසීමට අපට ඉඩක් නොලැබෙනු ඇත.
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment